Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ආදි සිරිලක ආහාර පාන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදි සිරිලක ආහාර පාන

ප්‍රධාන ආහාරවේලක් සඳහා පිළියෙල කරගත් ආහාර වර්ග පහක් පිළිබඳව මූලාශ්රයන් හි සඳහන් වේ. ඕදන (බත්), කම්මාස (කොමපිඩු), මංස (මස්), සත්තු (අග්ගලා), මච්ඡ (මාළු) යනාදියයි. ඒ අනුව අනුරාධපුර යුගයේ ජනයා මුං, මෑ ආදී නොයෙක් වර්ගයේ මාංශ භෝගයන් සිය ඉඩම්වල වගා කළ බවත් එවැනි ධාන්‍යවලින් පිළියෙල කරණ ලද ආහාර "කුම්මාස" ලෙස හැඳින් වූ බවත් සඳහන් වේ. එසේ පිළියෙල කරගත් ආහාරය බොහෝ විට සාමාන්‍ය ජනයාගේ රාත්‍රි ආහාරය වූ අතර මෙවැනි ධාන්‍ය තම්බා සකසා ගත් කැඳ උදැසන ආහාරය සඳහා යොදා ගන්නා ලදී. (ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, 1 කොටස 211 පිටුව)

ප්‍රධාන ආහාර වේලක් සඳහා බත් ආහාරයට ගැනීමේදී වර්තමානයේ මෙන් ම අතීතයේ ද ඒ හා ගැලපෙන එළවළු, මස්, මාංශ, හොදි, සකසා ගෙන ඇත. ප්‍රභූන් මෙන් ම භික්ෂුන් වහන්සේ හට ද හොඳ තත්ත්වයේ ආහාර වේලක් ලැබුණු බව පෙනේ. ප්‍රණීත ආහාර වේලක් සකස් කරගත් ආකාරය පිළිබඳව සාහිත්‍ය මූලාශ්‍රවලින් විවිධ වූ තොරතුරු අනාවරණය වේ.

කාවන්තිස්ස රජු භික්ෂුන් උදෙසා සුවඳ ඇල් හාලේ බත් රසවත් වෑංජන සමඟ දන් දී ඇත. (ධා. ව. පරි(4, 66 පිට)

අනුරාධපුර යුගයේ දී මෙරට ගැමි ජනයා විසින් ආහාර සඳහා අවශ්‍ය එළවළු වර්ග තම තමන්ගේ ගෙවතුවල වගා කරන්නට ඇත. එසේම මෙකල හේන් ගොවිතැන ද දියුණු තත්ත්වයෙන් පවතින්නට ඇත. ඒ අනුව කැකිරි, පුහුල්, දෙල්, රත්තම්පලා, තියඹරා, තිබ්බටු, (පූජාවලිය, 165 පිටුව) ලබු (සද්ධර්ම රත්නාකරය. 391 පිට) වැටකොළු, අලු පුහුල් ආදිය මෙකල වෑංජන ලෙස සකස් කරගන්නට ඇත. මෙම වෑංජන පිසීමේ දී තෙම්පරාදු කළ බව "දුවාපු" යනුවෙන් සඳහන් වීමෙන් පැහැදිලි වේ. ප්‍රමාණවත් තරම් ලුණු, ඇඹුල්, යොදා ඒවා පිළියෙල කරගත් අතර ඒ සඳහා විවිධ කුළුබඩු වර්ග ද භාවිත කළ බවට තොරතුරු ලැබේ. ඒ අනුව ආහාර රසවත් කිරීම සඳහා යොදා ගත් කුළුබඩු වර්ග අතර මිරිස්, දුරු, අබ, සිද්ධිඟුරු, වහපුල් ආදිය වූ බව සඳහන් වේ. (පූජාවලිය, 407 පිටුව)

විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල (මලය රට) මේ සඳහා අවශ්‍ය කහ, ඉඟුරු, ගම්මිරිස් ආදිය වගා කරන්නට ඇති බව සිතිය හැකිය. රුවන්මැලි සෑය ඉදිකිරීමට අවශ්‍ය රිදී ලැබුණු ආකාරය පිළිබව දක්වන මහාවංස විස්තරයෙහි අනුරපුර එක් වෙළෙන්දෙකු හිඟුරු ගෙන ඒමට මලය රටට ගිය බව සඳහන් වීමෙන් අපට එසේ අනුමාන කළ හැකිය. (ම. ව. පරි( 28, 20-21) එසේම දුටුගැමුණු රජුගේ දානාදී කටයුතු පිළිබඳව තොරතුරු දක්වන සද්ධර්මාලංකාරයේ එතුමන් විසින් ගර්භනී ගැහැනුන්ට දුරු, මිරිස්. ද ලුණු ද දුන් බව සඳහන් කරයි. (සද්ධර්මාලංකාරය, 450 පිටුව)

තුන්වන මිහිඳු රජු විසින් පාංශුකූලික භික්ෂුන් වහන්සේ හට බෙහෙත් පිණිස ගම්මිරිස්, තිප්පලි, හිඟුරු, තිපල් ආදිය පාත්‍රයන් පුරවා දන් දුන් බව සඳහන් වේ. (ම. ව. පරි( 54, 22-26 ගාථා) මෙවන් කුළුබඩු භෝගයන් ආහාර රසවත් කිරීම සඳහා මෙන්ම ඖෂධ සඳහා භාවිත කර ඇති බව මෙමගින් පැහැදිලි වේ.

සාහිත්‍ය මූලාශ්රයන්ගෙන් අනාවරණය වන පරිදි පුරාණ ලංකාවේ භාවිත වූ තවත් උසස් ආහාරයක් වන්නේ "ක්ෂීර පායාස" හෙවත් කිරිබත් ය. බොහෝ අවස්ථාවලදී සඟුන් උදෙසා කළ දානමාන කටයුතුවලදී කිරිබත් පිදූ බවට තොරතුරු ලැබේ.

කිරිබත් සකසා ගැනීමේදී එය ආකාර කීපයකට සකස් කරගත් බවට තොරතුරු හමුවේ. ක්ෂීර පායාසය බොහෝ විට උදැසන ආහාරයක් ලෙස යොදා ගත්තා විය හැකිය.

දුටුගැමුණු කුමරුට නම් තැබීමේ උත්සවයේදී කාවන්තිස්ස රජු විසින් වැඩම කළ සංඝයා වහන්සේ හට කිරිබත් පිදූ බව මහාවංසයේ සඳහන් වේ.

"සියලු නිමිති දැක තුටු සිත් ඇති මිහිපල් තෙමේ සංඝයාට කිරිබත් දන් දී පුතුට නම් තබන්නේ......" (ම. ව. (සිංහල) පරි. 22,70 ගාථාව)

එසේම ගැමුණු හා තිස්ස යන කුමාරවරුන් දෙදෙනාට බත් කවන උළෙලේදී ද කාවන්තිස්ස රජු විසින් භික්ෂුන්ට කිරිබත් පිදූ බවත් උන්වහන්සේලා අඩක් අනුභව කළ විට ඉන් ටික ටික ගෙන කුමාරවරුන්ට ද ඒවා කැවූ පුවතක් මහාවංසයේ සඳහන් වේ. (ම. ව. පරි( 22, 72-85) මෙමගින් පැහැදිලි වන එක් කරුණක් වන්නේ මහා සංඝයා විෂයෙහි පිදූ ආහාර පාන ම රජ පවුලේ අයගෙත් ආහාරයක් වූ බවයි. කිරිබත් පිළියෙල කිරීමේදී අක් සකුරු හා ගිතෙල් එක් කොට පිස ගත් බව පෙනේ. සලමෙවන් රජු එසේ සකසා ගත් කිරිබත් සංඝයා වහන්සේට පිදූ බව සඳහන් වේ. (ම. ව. පරි( 42, 66-63)

පාලි සාහිත්‍යයේ සඳහන් වන අම්බිල යාගු හා අම්බිල පායාස ඇඹුල් රසට පිළියෙල කරගත් ආහාරයන් ය. අම්බිල පායාස යනු ඇඹුල් රසට පිළියෙල කරගත් කිරිබත් ය. මෙම කිරිබත් සාදා ගැනීමේදී ඇඹුල් රස ඇතිවීම පිණිස ගිතෙල් යොදා ගන්නට ඇත. පැසිබත් (ඇඹුල් බත්) (සද්ධරාමාලංකාරය, 754 පිටුව) යනුවෙන් ද හඳුන්වා ඇත්තේ මෙම අම්බිල පායාසය විය හැකිය.

දුටුගැමුණු රජු විසින් කරන ලද පිංකම් අතර කොළඹ නම් මලය රට බුළු කෑ සායේහි දී පන්සියයක් මහ තෙරුන් හට ඇඹුල් සහිත තණ සාලේ බත් පිණ්ඩපාතය ලෙස පිළිගන්වා ඇත.

"දිනෙනො පසන්න විත්තෙන

කංගු අම්බිල පිණ්ඩකො " (ම.ව. පරි( 32, 30 ගාථාව)

එසේම මෙම රජු විසින් ගිලනුන්ට ගිලන් බත් හා බෙහෙත් බත් පිදූ බව ද සඳහන් වේ. (ම. ව. පරි( 32, 38 ගාථාව) මෙම ගිලන් බත් හා බෙහෙත් බත් රෝගීන්ට සුදුසු ආකාරයෙන් සකසා ගත් ඒවා විය හැකිය. ඇතැම් විට බෙහෙත් බත් සඳහා ඒ ඒ රෝගියාට නියමිත බෙහෙත් වර්ගද මුසු කොට පිස ගත්තා විය හැකිය. මීට අමතරව (සඬඛතං මධු පායාස) නම් වූ කිරිබත් ද ලබාදුන් බව සඳහන් වේ. මෙම සඬඛත මධුපායාසය සකස් කර ගන්නා ලද්දේ සීනි, මී පැණි, වෙඬරු හා තෙල් සංයෝග කිරීමෙන් බව පැවසේ. (Culture of Ceylon in Medeval Times (1960) චග 41)

එසේම තැඹිලි ගෙඩියෙන් ලබාගත් කිරි හා වෙඬරු තුනපහ මිශ්‍රකර බත් සකසා ගත් බවට තොරතුරු ලැබේ. බත් පිසීමේදී සහල්, ගිතෙල්, පැණි, මී පැණි හා සකුරු එක් කොට පිසගත් බවත් එසේ සකස් කළ ආහාරය භික්ෂුන් වහන්සේට පිදූ බවත් සීහලවත්ථුප්පකරණයේ හරිතාලතිස්සගේ කතා වස්තුවේ සඳහන් වේ. (සීහලවත්ථුප්පකරණය, (සි. අනු.) 5 පිට)

සීහලවත්ථුප්පකරණයේ මහානාග තෙරුන්ගේ කතා වස්තුවෙන්ද ආහාරය සඳහා සුදුසු පරිදි බත සකස් කරගත් ආකාර කිහිපයක් පිළිබඳව සඳහන් වේ. එහිදී භික්ෂුන් වහන්සේ උදෙසා දන් දීම සඳහා ඇල් සහලෙන් බත් උයා මස් මාළු ද පිලියෙල කර ගිතෙල් වත්කර පිළිගන්වා ඇත. එසේම සාමාන්‍ය ජනයා බත් කොස් හා මුසුකොට අනුභව කළ බවත්, රාත්‍රියේ අනුභව කොට ඉතිරි වූ බත් (හීල් බත්) උදැසන ආහාරයට ගැනීමට ගැමියා පුරුදුව සිටි බව ද මෙමගින් පැහැදිලි වේ. (සීහලවත්ථුප්පකරණය, (සි.අනු.) 75 පිටුව)

උසස් කුලවතුන් භික්ෂුන් සඳහා දානය පිරිනැමීමේ දී ගිතෙල් උක් සකුරු වැනි දැ සමඟ පිරිනැමුව ද සාමාන්‍ය ජනතාව හට එවැනි දැ සඳහා වත්කමක් නොවූ නිසා තමන්ට ඇති හැකි පමණින් භික්ෂුන් වහන්සේට දන් පිරිනමා ඇත. සීහලවත්ථුප්පකරණයට අනුව හරිතාලතිස්සගේ කතා වස්තුවෙහි සුමනාව විසින් ලුණුවිල කොළ සමඟ බත් සකස් කර භික්ෂු දානයක් පිදූ බව සඳහන් වේ. (සීහලවත්ථුප්පකරණය, (සි. අනු) 5 පිටුව)

මීට අමතරව විසුද්ධිමග්ගයේ කුළුපග තිස්ස තෙරුන්ගේ කථා පුවතේ අනුරාධපුර යුගයේ සාමාන්‍ය ජනයා භාවිත කරන්නට ඇතැයි සිතිය හැකි ආකාරයේ ආහාර වේලක් පිළිබඳව තොරතුරු සඳහන් වේ.

එසේම සද්ධර්මාලංකාරයේ පූවපබ්බතවාසී තිස්ස තෙරුන්ගේ කතා වස්තුවේ පූගලුතිස්ස තෙරුන් වහන්සේ හට එක් අමාත්‍ය පුත්‍රයෙක් විසින් දුන් දානයක් පිළිබඳව සඳහන් වේ. එයට අනුව එම අමාත්‍යවරයා විසින් සිය බිරිඳට පවසා සිටින්නේ,

"තෙරුන් වහන්සේ මෙතැනට වැඩි කල්හි. නිමුඩු (නිවුඩු) සාලින් කුඩුමුසු කැඳ පිස වළඳවා වේලා ආසන්න වූ කල්හි පලා මාලුවක් හා කාඩි ඇඹුල් දෙවනු කොට නිමුඩුසාලේ බත් වළඳවාලව....." (සද්ධර්මාලංකාරය, 415 පිටුව) යනුවෙනි. මෙමගින් ද මෙරට මුල් කාලීනව සාමාන්‍ය ආහාර වේලක් සකස් කර ගත් ආකාරය පිළිබඳව පැහැදිලි තොරතුරුක් අනාවරණය වේ.

උපුටාගැනීම එලකිර්.com

[USER=580685]@pitiye.appu[/USER] අයියේ මොකද මේ ගැන කියන්නේ.

[QUOTE="Pusek, post: 29248024, member: 584739"] [B]ආදි සිරිලක ආහාර පාන[/B] [IMG]https://th.bing.com/th/id/OIP.CpQ09s_g2Gs5e_yr34h06wHaE8?pid=ImgDet&rs=1[/IMG] ප්‍රධාන ආහාරවේලක් සඳහා පිළියෙල කරගත් ආහාර වර්ග පහක් පිළිබඳව මූලාශ්රයන් හි සඳහන් වේ. ඕදන (බත්), කම්මාස (කොමපිඩු), මංස (මස්), සත්තු (අග්ගලා), මච්ඡ (මාළු) යනාදියයි. ඒ අනුව අනුරාධපුර යුගයේ ජනයා මුං, මෑ ආදී නොයෙක් වර්ගයේ මාංශ භෝගයන් සිය ඉඩම්වල වගා කළ බවත් එවැනි ධාන්‍යවලින් පිළියෙල කරණ ලද ආහාර "කුම්මාස" ලෙස හැඳින් වූ බවත් සඳහන් වේ. එසේ පිළියෙල කරගත් ආහාරය බොහෝ විට සාමාන්‍ය ජනයාගේ රාත්‍රි ආහාරය වූ අතර මෙවැනි ධාන්‍ය තම්බා සකසා ගත් කැඳ උදැසන ආහාරය සඳහා යොදා ගන්නා ලදී. (ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, 1 කොටස 211 පිටුව) ප්‍රධාන ආහාර වේලක් සඳහා බත් ආහාරයට ගැනීමේදී වර්තමානයේ මෙන් ම අතීතයේ ද ඒ හා ගැලපෙන එළවළු, මස්, මාංශ, හොදි, සකසා ගෙන ඇත. ප්‍රභූන් මෙන් ම භික්ෂුන් වහන්සේ හට ද හොඳ තත්ත්වයේ ආහාර වේලක් ලැබුණු බව පෙනේ. ප්‍රණීත ආහාර වේලක් සකස් කරගත් ආකාරය පිළිබඳව සාහිත්‍ය මූලාශ්‍රවලින් විවිධ වූ තොරතුරු අනාවරණය වේ. කාවන්තිස්ස රජු භික්ෂුන් උදෙසා සුවඳ ඇල් හාලේ බත් රසවත් වෑංජන සමඟ දන් දී ඇත. (ධා. ව. පරි(4, 66 පිට) අනුරාධපුර යුගයේ දී මෙරට ගැමි ජනයා විසින් ආහාර සඳහා අවශ්‍ය එළවළු වර්ග තම තමන්ගේ ගෙවතුවල වගා කරන්නට ඇත. එසේම මෙකල හේන් ගොවිතැන ද දියුණු තත්ත්වයෙන් පවතින්නට ඇත. ඒ අනුව කැකිරි, පුහුල්, දෙල්, රත්තම්පලා, තියඹරා, තිබ්බටු, (පූජාවලිය, 165 පිටුව) ලබු (සද්ධර්ම රත්නාකරය. 391 පිට) වැටකොළු, අලු පුහුල් ආදිය මෙකල වෑංජන ලෙස සකස් කරගන්නට ඇත. මෙම වෑංජන පිසීමේ දී තෙම්පරාදු කළ බව "දුවාපු" යනුවෙන් සඳහන් වීමෙන් පැහැදිලි වේ. ප්‍රමාණවත් තරම් ලුණු, ඇඹුල්, යොදා ඒවා පිළියෙල කරගත් අතර ඒ සඳහා විවිධ කුළුබඩු වර්ග ද භාවිත කළ බවට තොරතුරු ලැබේ. ඒ අනුව ආහාර රසවත් කිරීම සඳහා යොදා ගත් කුළුබඩු වර්ග අතර මිරිස්, දුරු, අබ, සිද්ධිඟුරු, වහපුල් ආදිය වූ බව සඳහන් වේ. (පූජාවලිය, 407 පිටුව) විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල (මලය රට) මේ සඳහා අවශ්‍ය කහ, ඉඟුරු, ගම්මිරිස් ආදිය වගා කරන්නට ඇති බව සිතිය හැකිය. රුවන්මැලි සෑය ඉදිකිරීමට අවශ්‍ය රිදී ලැබුණු ආකාරය පිළිබව දක්වන මහාවංස විස්තරයෙහි අනුරපුර එක් වෙළෙන්දෙකු හිඟුරු ගෙන ඒමට මලය රටට ගිය බව සඳහන් වීමෙන් අපට එසේ අනුමාන කළ හැකිය. (ම. ව. පරි( 28, 20-21) එසේම දුටුගැමුණු රජුගේ දානාදී කටයුතු පිළිබඳව තොරතුරු දක්වන සද්ධර්මාලංකාරයේ එතුමන් විසින් ගර්භනී ගැහැනුන්ට දුරු, මිරිස්. ද ලුණු ද දුන් බව සඳහන් කරයි. (සද්ධර්මාලංකාරය, 450 පිටුව) තුන්වන මිහිඳු රජු විසින් පාංශුකූලික භික්ෂුන් වහන්සේ හට බෙහෙත් පිණිස ගම්මිරිස්, තිප්පලි, හිඟුරු, තිපල් ආදිය පාත්‍රයන් පුරවා දන් දුන් බව සඳහන් වේ. (ම. ව. පරි( 54, 22-26 ගාථා) මෙවන් කුළුබඩු භෝගයන් ආහාර රසවත් කිරීම සඳහා මෙන්ම ඖෂධ සඳහා භාවිත කර ඇති බව මෙමගින් පැහැදිලි වේ. සාහිත්‍ය මූලාශ්රයන්ගෙන් අනාවරණය වන පරිදි පුරාණ ලංකාවේ භාවිත වූ තවත් උසස් ආහාරයක් වන්නේ "ක්ෂීර පායාස" හෙවත් කිරිබත් ය. බොහෝ අවස්ථාවලදී සඟුන් උදෙසා කළ දානමාන කටයුතුවලදී කිරිබත් පිදූ බවට තොරතුරු ලැබේ. කිරිබත් සකසා ගැනීමේදී එය ආකාර කීපයකට සකස් කරගත් බවට තොරතුරු හමුවේ. ක්ෂීර පායාසය බොහෝ විට උදැසන ආහාරයක් ලෙස යොදා ගත්තා විය හැකිය. දුටුගැමුණු කුමරුට නම් තැබීමේ උත්සවයේදී කාවන්තිස්ස රජු විසින් වැඩම කළ සංඝයා වහන්සේ හට කිරිබත් පිදූ බව මහාවංසයේ සඳහන් වේ. "සියලු නිමිති දැක තුටු සිත් ඇති මිහිපල් තෙමේ සංඝයාට කිරිබත් දන් දී පුතුට නම් තබන්නේ......" (ම. ව. (සිංහල) පරි. 22,70 ගාථාව) එසේම ගැමුණු හා තිස්ස යන කුමාරවරුන් දෙදෙනාට බත් කවන උළෙලේදී ද කාවන්තිස්ස රජු විසින් භික්ෂුන්ට කිරිබත් පිදූ බවත් උන්වහන්සේලා අඩක් අනුභව කළ විට ඉන් ටික ටික ගෙන කුමාරවරුන්ට ද ඒවා කැවූ පුවතක් මහාවංසයේ සඳහන් වේ. (ම. ව. පරි( 22, 72-85) මෙමගින් පැහැදිලි වන එක් කරුණක් වන්නේ මහා සංඝයා විෂයෙහි පිදූ ආහාර පාන ම රජ පවුලේ අයගෙත් ආහාරයක් වූ බවයි. කිරිබත් පිළියෙල කිරීමේදී අක් සකුරු හා ගිතෙල් එක් කොට පිස ගත් බව පෙනේ. සලමෙවන් රජු එසේ සකසා ගත් කිරිබත් සංඝයා වහන්සේට පිදූ බව සඳහන් වේ. (ම. ව. පරි( 42, 66-63) පාලි සාහිත්‍යයේ සඳහන් වන අම්බිල යාගු හා අම්බිල පායාස ඇඹුල් රසට පිළියෙල කරගත් ආහාරයන් ය. අම්බිල පායාස යනු ඇඹුල් රසට පිළියෙල කරගත් කිරිබත් ය. මෙම කිරිබත් සාදා ගැනීමේදී ඇඹුල් රස ඇතිවීම පිණිස ගිතෙල් යොදා ගන්නට ඇත. පැසිබත් (ඇඹුල් බත්) (සද්ධරාමාලංකාරය, 754 පිටුව) යනුවෙන් ද හඳුන්වා ඇත්තේ මෙම අම්බිල පායාසය විය හැකිය. දුටුගැමුණු රජු විසින් කරන ලද පිංකම් අතර කොළඹ නම් මලය රට බුළු කෑ සායේහි දී පන්සියයක් මහ තෙරුන් හට ඇඹුල් සහිත තණ සාලේ බත් පිණ්ඩපාතය ලෙස පිළිගන්වා ඇත. "දිනෙනො පසන්න විත්තෙන කංගු අම්බිල පිණ්ඩකො " (ම.ව. පරි( 32, 30 ගාථාව) එසේම මෙම රජු විසින් ගිලනුන්ට ගිලන් බත් හා බෙහෙත් බත් පිදූ බව ද සඳහන් වේ. (ම. ව. පරි( 32, 38 ගාථාව) මෙම ගිලන් බත් හා බෙහෙත් බත් රෝගීන්ට සුදුසු ආකාරයෙන් සකසා ගත් ඒවා විය හැකිය. ඇතැම් විට බෙහෙත් බත් සඳහා ඒ ඒ රෝගියාට නියමිත බෙහෙත් වර්ගද මුසු කොට පිස ගත්තා විය හැකිය. මීට අමතරව (සඬඛතං මධු පායාස) නම් වූ කිරිබත් ද ලබාදුන් බව සඳහන් වේ. මෙම සඬඛත මධුපායාසය සකස් කර ගන්නා ලද්දේ සීනි, මී පැණි, වෙඬරු හා තෙල් සංයෝග කිරීමෙන් බව පැවසේ. (Culture of Ceylon in Medeval Times (1960) චග 41) එසේම තැඹිලි ගෙඩියෙන් ලබාගත් කිරි හා වෙඬරු තුනපහ මිශ්‍රකර බත් සකසා ගත් බවට තොරතුරු ලැබේ. බත් පිසීමේදී සහල්, ගිතෙල්, පැණි, මී පැණි හා සකුරු එක් කොට පිසගත් බවත් එසේ සකස් කළ ආහාරය භික්ෂුන් වහන්සේට පිදූ බවත් සීහලවත්ථුප්පකරණයේ හරිතාලතිස්සගේ කතා වස්තුවේ සඳහන් වේ. (සීහලවත්ථුප්පකරණය, (සි. අනු.) 5 පිට) සීහලවත්ථුප්පකරණයේ මහානාග තෙරුන්ගේ කතා වස්තුවෙන්ද ආහාරය සඳහා සුදුසු පරිදි බත සකස් කරගත් ආකාර කිහිපයක් පිළිබඳව සඳහන් වේ. එහිදී භික්ෂුන් වහන්සේ උදෙසා දන් දීම සඳහා ඇල් සහලෙන් බත් උයා මස් මාළු ද පිලියෙල කර ගිතෙල් වත්කර පිළිගන්වා ඇත. එසේම සාමාන්‍ය ජනයා බත් කොස් හා මුසුකොට අනුභව කළ බවත්, රාත්‍රියේ අනුභව කොට ඉතිරි වූ බත් (හීල් බත්) උදැසන ආහාරයට ගැනීමට ගැමියා පුරුදුව සිටි බව ද මෙමගින් පැහැදිලි වේ. (සීහලවත්ථුප්පකරණය, (සි.අනු.) 75 පිටුව) උසස් කුලවතුන් භික්ෂුන් සඳහා දානය පිරිනැමීමේ දී ගිතෙල් උක් සකුරු වැනි දැ සමඟ පිරිනැමුව ද සාමාන්‍ය ජනතාව හට එවැනි දැ සඳහා වත්කමක් නොවූ නිසා තමන්ට ඇති හැකි පමණින් භික්ෂුන් වහන්සේට දන් පිරිනමා ඇත. සීහලවත්ථුප්පකරණයට අනුව හරිතාලතිස්සගේ කතා වස්තුවෙහි සුමනාව විසින් ලුණුවිල කොළ සමඟ බත් සකස් කර භික්ෂු දානයක් පිදූ බව සඳහන් වේ. (සීහලවත්ථුප්පකරණය, (සි. අනු) 5 පිටුව) මීට අමතරව විසුද්ධිමග්ගයේ කුළුපග තිස්ස තෙරුන්ගේ කථා පුවතේ අනුරාධපුර යුගයේ සාමාන්‍ය ජනයා භාවිත කරන්නට ඇතැයි සිතිය හැකි ආකාරයේ ආහාර වේලක් පිළිබඳව තොරතුරු සඳහන් වේ. එසේම සද්ධර්මාලංකාරයේ පූවපබ්බතවාසී තිස්ස තෙරුන්ගේ කතා වස්තුවේ පූගලුතිස්ස තෙරුන් වහන්සේ හට එක් අමාත්‍ය පුත්‍රයෙක් විසින් දුන් දානයක් පිළිබඳව සඳහන් වේ. එයට අනුව එම අමාත්‍යවරයා විසින් සිය බිරිඳට පවසා සිටින්නේ, "තෙරුන් වහන්සේ මෙතැනට වැඩි කල්හි. නිමුඩු (නිවුඩු) සාලින් කුඩුමුසු කැඳ පිස වළඳවා වේලා ආසන්න වූ කල්හි පලා මාලුවක් හා කාඩි ඇඹුල් දෙවනු කොට නිමුඩුසාලේ බත් වළඳවාලව....." (සද්ධර්මාලංකාරය, 415 පිටුව) යනුවෙනි. මෙමගින් ද මෙරට මුල් කාලීනව සාමාන්‍ය ආහාර වේලක් සකස් කර ගත් ආකාරය පිළිබඳව පැහැදිලි තොරතුරුක් අනාවරණය වේ. උපුටාගැනීම එලකිර්.com [USER=580685]@pitiye.appu[/USER] අයියේ මොකද මේ ගැන කියන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom