ආනන්ද ස්ථවිරගාථා

hpalpola

Well-known member
  • පස්විසි වසක් මුළුල්ලෙහි මෛත්‍රිකායකර්‍මයෙන් යුක්ත වැ නො හැරැ සිටුනා සේයාවක් මෙන් භාග්‍යවතුන් වහන්සේට උවැටන් කෙළෙමි.

    පස්විසි වසක් මුළුල්ලෙහි මෛත්‍රීවාක්කර්‍මයෙන් යුක්ත වැ නො හැරැ සිටුනා සේයාවක් මෙන් භාග්‍යවතුන් වහන්සේට උවැටන් කෙළෙමි.

    පස්විසි වසක් මුළුල්ලෙහි මෛත්‍රීමනඃකර්‍මයෙන් යුක්ත වැ නො හැරැ සිටුනා සේයාවක් මෙන් භාග්‍යවතුන් වහන්සේට උවැටන් කෙළෙමි.

    සක්මන් කරන බුදුන් වහන්සේගේ පිටුපසින් අනුසක්මන් කෙළෙමි, දහම් දෙසනු ලබන කල්හි මට (ශෛක්ෂභූමිය පිළිබඳ) ඥානය පහළ වී.

    මම කළයුතු කිස ඇතියෙමි, ශෛක්ෂයෙමි. නො පත් රහත් බව ඇතියෙමි, යමෙක් මට අනුකම්පක නම් (ඒ) ශාස්තෲන් වහන්සේගේ ද පිරි නිවන එළඹියේ යි.

    සියලු ආකාරවරයෙන් යුක්ත වූ සම්බුදුහු පිරිනිවියහ. එකල්හි යම් හිංසනකයෙක් (සෙණහඬ ආදී බිය අරමුණක්) වී නම් එකල්හි ලොමුදහ ගැන්ම වී.

    බහුශ්‍රැත වූ ධර්‍මධර වූ මහර්ෂිහු (බුදුන්) ගේ ධර්‍මභාණ්ඩාගාරික වූ මුළුලොවට ඇසක් වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේ පිරිනිවියහ.

    ------------ ආනන්ද ස්ථවිරගාථා, ඛුද්දක නිකාය - ථෙරගාතාපාලිය ---------