ආපහු එල්ටීටීඊය අලුතින්

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ආපහු එල්ටීටීඊය අලුතින්

    ජිනිවා ජගත් මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරෙන යෝජනාව සහ බස්නාහිර දකුණු පළාත් සභා මැතිවරණය ඉලක්ක කරමින් රාජපක්ෂ රෙජීමය හනි හනිකට එල්ටීටීඊයක් නිර්මාණය කිරීමේ නවතම ප්‍රචාරක කටයුත්ත අද(23) පාන්දර 1.00 ට පමණ ක්‍රියාත්මක කරමින් වඩුක්කොඩේ පොලිස් වසමේ ගම්මාන වටලා දෙමළ වැසියන් 200 කට අධික පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ. වැටලීමට යුද හමුදාව යුද හමුදාවේ විශේෂ බලකාය, යුද හමුදා විමර්ශන බුද්ධි ඒකකය, යාපනය නගර අණදෙන යුද හමුදා ඛන්ඩය, සහ පොලිසියේ 500 ක පමණ පිරිසක් සහභාගී වූහ. අත් අඩංගුවට ගත් පිරිස අතර පිරිමින් කාන්තාවන් සහ කුඩා දරුවන්ද වෙති. ඔවුන්ගෙන් 179 ක් පොලිසිය විසින් රඳවා ගෙන ඇති අතර අනෙක් පිරිස යුද හමුදාව සහ යුද හමුදා බුද්ධි අංශ විසින් රැගෙන ගොස් ඇත. එම පිරිස කොතෙක්දැයි නිල වශයෙන් නොදනී.

    මෙම වැටලීමට හේතුව ලෙස රෙජීමය පැවසීමට යන්නේ සාලියපුර සිලාවතුරේ උපන් වඩුක්කොඩෙයි පදිංචි ජා.හැ.අං.-792324690 වී දරණ කරුප්පන් මානික්කනාදන් (35) නමැත්තෙකු අත් අඩංගුවට ගැනීමෙන් පසුව හෙළි වූ තොරතුරු මත මෙකී වැටලීම සිදුකළ බවකි. රෙජීමයට එල්ටීටීඊයක් නිර්මාණය කිරීම කෙතරම් හදිසි දැයි තේරුම් ගත හැක්කේ මෙකී පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත්තේ 22 දා එනම් ඊයේ සවස වන අතර එදින මධ්‍යම රාත්‍රියේදීම පැය කිහිපයක් ඇතුලත හමුදාව සහ පොලිසිය එක්ව වඩුක්කොඩෙයි පොලිස් වසමම වටලා පුද්ගලයන් 200 කට අධිකව අත් අඩංගුවට ගත් නිසාවෙනි.

    හෙට දවසේ රාජපක්ෂ රෙජීමය ප්‍රචාරය කිරීමට යන්නේ මේ පිරිස සමග නව එල්ටීටීඊයේ නියෝජ්‍ය නායකයා අත් අඩංගුවට ගත් බවකි. ආණ්ඩුව නිර්මාණය කරන එල්ටීටීඊයේ නියෝජ්‍ය නායකයාගේ නම මානික්කල් කාන්දන් හෙවත් කාන්දනාලයාන් වේ. ඔහු සමග 9 දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලද බවත් ඔවුන් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ප්‍රශ්න කරගෙන යනු ලබන බවත් ප්‍රචාරය කිරීමට නියමිතය.

    ප්‍රචාරය අනුව එල්ටීටීඊ නියෝජ්‍ය නායකයා මෙසේ කියනු ලැබේ. පුදුකුඩි ඉරිප්පු, යාපනය, වවුනියාව, මානිපායි, සිලාවතුර ප්‍රදේශ වල එල්ටීටීඊය රහසිගතව ක්‍රියාත්මක වන බවත් දෙමළ ඩයස්පෝරාව විසින් දැනටමත් ආයුධ එවා ඇති බවත් ඒවා කැලෑවේ සඟවා ඇති බවත් පවසනු ඇත. තමාගේ නායකයා ගෝබි නමැත්තෙකු බවත් නියෝජ්‍ය නායකයා පවසනු ඇත.

    කැලෑවේ සඟවා තිබී සොයා ගැනීමට නියමිත අවි මේ වන විටත් රෙජීමයේ ආරක්ෂක හමුදාව විසින් කැලෑවේ සඟවා තිබේ. එය ක්‍රියාත්මක කරන ලද්දේ මීට දින කිහිපයකට පෙර ගෝඨාභය රාජපක්ෂගේ නියෝග අනුව යාපනය නගර සහ මුරපොල අණදෙන නිලධාරී මේජර් ආර්.සී.ඩී. පතිරණ නමැති නිලධාරියා විසිනි. ඔහු යුද හමුදාවට අයත් යුහ-5081 දරණ ඩබල් කැබ් රථය භාවිතා කරමින් අවි සහ බෝම්බ කිලිනොච්චිය නල්ලුර් ආදී ප්‍රදේශ වල කැලෑ තුල මේ වන විට සඟවා අහවරය.

    වාර්තා වන අන්දමට මෙකී නිලධාරියා මගින් ක්ලේමෝ බෝම්බ 30 ක් කැලෑව තුල සඟවා ඇත. තවත් නිලධාරීන් ලවා තවත් අවි සඟවා ඇතැයි සැක කෙරේ. මේ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයට (එස්අයිඑස්) අයත් දිස්ත්‍රික් අපරාධ විමර්ශන බියුරෝව හෙවත් ඩීසීඩීබී ය විසින් එස්අයිඑස් මූලස්ථානයට රහසිගතව යැවූ පණිවුඩයක සියළු තොරතුරු ලංකා ඊ නිව්ස් සතුව පවතී.
    එල්ටීටීඊ නව නායකයා නිර්මාණය කිරීමේදී කියන පරස්පර කතා
    කටුගෙයි කඩු සොරකමකට කන්ගැට්ටෙක් නිර්මාණය කළ රෙජීමයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා මගින් මේ වන විටත් 31 හැවිරිදි පොන්නයියා සෙල්වනායකම් කජීබන් හෙවත් ගෝබි හෙවත් කාසියන් නමැත්තෙකු නව එල්ටීටීඊ නායකයා ලෙස කිරුළු පලන්දා තිබේ.

    අද නිකුත් කරන පොලිස් නිවේදනය අනුව,

    ''කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ගෙන් පසු යළි කොටි සංවිධානයට පණදීම බාර කර ඇති පොන්නයියා සෙල්වනායගම් කජීබන් හෙවත් ගෝබි (31) බර වාහන රියැදුරෙකි. 2009 යුද්ධ අවසානයේදී රජයේ හමුදාවට බාරවී පූන්තෝට්ටම් කඳවුරෙන් පැන කටාර් රැකියාවකට ගොස් යුරෝපයේ ද සංචාරය කර දෙමළ කොටි ඩයස්පෝරාවේ නායකයා බව කියන පෙරම්පනායගම් සිවබරන් හෙත් නිදීයාවන් නොර්වේ රාජ්‍යයේදී හමුවී උපදෙස් ලබා ගෙන ශ්‍රී ලංකාවට පැමිණි අයෙකි. කොටි සංවිධානයේ ඔත්තු අංශයේ නායකයා වූ ෂම්මුලිංගම් ශිවශංකර් හෙවත් පොට්ටු අම්මාන් යටතේ පුහුණුව ලබූ කජීබන් පසුගිය මාර්තු 13 වැනි දා මූසලම්පොක්කනෙයි ජයකුමාරි බාලේන්ද්‍රන් (50) වැන්දඹු කතගේ නිවසේ දී ඇඳ යට සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනීම මග හැරුණි. ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය නිරායුධව ගිය පොලිස් කොස්තාපල් ගේ බඩට හා පාදයට වෙඩි තබා ඔහු නිවසින් පැන ගියේය. උදරයට හා කකුලකට වෙඩි වැදුණු පොලිස් කොස්තාපල් (රත්නකුමාර) රෝහල් ගත කැරිණි. ගෝබි එම ගෙදර සිටින බවට ත්‍රස්ත විමර්ශන අංශයට තොරතුරු ලැබී තිබිණි.''

    වෙඩි තැබීම 13 දා සිදුවන නමුත් මෙවැන්නෙක් පොලිසියට අවශ්‍ය බව පවසා නිවේදනයක් නිකුත් කරන්නේ ඊට දින දෙකකට පෙර පසුගිය 11 වෙනිදා ය. එහි මෙසේ දැක්වේ.

    ''ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය මගින් සිදුකරන ලබන විමර්ශන කටයුත්තක් සදහා පහත සඳහන් ඡායාරූපය සහිත සැකකරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ඇත.
    සම්පුර්ණ නම- කජීබන් පොන්නයියා සෙල්වනායගම් නොහොත් කෝබි නොහොත් කාසියෙන්
    වයස - අවුරුදු 31 යි. උස අඩි 06 යි
    රූප විස්තර මෙසේය- තලෙළු සිරුර, වම් තොලේ උඩ කොටසේ කැපුම් තුවාලයක් ඇත.''

    13 වෙනිදා වෙඩි වැදුනු පොලිස් නිලධාරියෙක් ගැන සඳහන් වුවද ඒ ගැන රෙජීමය කියන කතා පරස්පරය. 13 තම පොලිස් නිලධාරියෙකුට වෙඩි වැදුනා කීවද ඒ ගැන කිසිදු නිල පොලිස් නිවේදනයක් නිකුත් කරන්නේ නැත. 14 දා ආන්ඩුවේ නිල පුවත් පත වන දිණමින මෙකී පුවත ඉතා කුඩා ප්‍රාදේශීය පුවතක් ලෙස පළ කරන අතර එහි දැක්වෙන්නේ උප පොලිස් පරීක‍ෂකයෙකුට වෙඩි තැබූ බවකි. නමක් සඳහන් නොකරන අතර එහිදී වෙඩි තැබූ ප්‍රදේශය ලෙස සඳහන් කරන්නේ ඉරණමඩු ය. උදරයට සහ කකුලකට වෙඩි වැදුනු නිලධාරියා අද දක්වා නිවැරදිව කව්දැයි හෙළි නොකරන අතර මාධ්‍යයට සේයාරුවක් හෝ නිකුත් කර නැත. ත්‍රස්වාදී සැකකරුවෙක් අත් අඩංගුවට ගැනීමට නිරායුධව ගිය බවද පොලිසිය කියයි.

    අත් අඩංගුවට ගන්නා ලද ජෙයකුමාරි වැන්දඹු කතගේ අවුරුදු 13 ක් වයසැති දුව කියන්නේ වෙනත් කතාවකි. ඇයත් මවත් නිවසේ සවස 3.00 පමණ සිටියදී එක්වරම ටී ෂර්ට් එකක් සහ කලූ පාට කලිසමකින් සැරසුනු පුද්ගලයෙක් නිවසට කඩා වැදී ඇති අතර කෑ ගැසුවොත් මරණවා යි පවසා ඇත. මව සහ දුව නිවසින් එලියට පැන ආධාර ඉල්ලා කෑ ගසනවාත් සමග ගෙට කඩා වැදුනු පුද්ගලයා පසුපස නිල ඇඳුම් ඇඳ ගත් පොලිසියෙන් පිරිසක්ද කඩා වැදී ඇති අතර පිරිසක් මව සහ දුව අල්ලා ගනිද්දී පිරිසක් නිවසට ඇතුළු වී ඇත. නිවස තුලින් වෙඩි හ~ක් ඇසී ඇත. ඉන්පසුව පළමුවෙන් ගෙට කඩා වැදුනු පුද්ගලයා සමග වැඩි කලබලයක් නොමැතිව පොලිසියේ දෙදෙනෙක් එලියට පැමිණි නමුත් වෙඩි වැදුනු කිසිවෙක් සිට නැත. ඉන්පසුව බලද්දී තම නිවස වටාම විශාල හමුදා පිරිසක් වටලා තිබී ඇත. මව සහ දියණිය අත් අඩංගුවට ගෙන ඇත. නිවස වසා පැමිණීමට අවසර දී ඇත අතර නිවසට ඇතුළු වී බලද්දී මුළු නිවසම අවුස්සා තිබී ඇත. මවගේ බැංකු පොත් සහ දුරකථන අත් අඩංගුවට ගෙන දෙදෙනාවම කිලිනොච්චි පොලිසියට ගෙන ගොස් මවට පහර දී ඇති අතර දුව වෙන් කර ඇත. පසුදා අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග යටතේ මව රඳවා ගෙන දුව ළමා නිවාසයකට බාර දී ඇත.