Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආයුෂ_අඩුවෙන්_උපත_ලබන්නට_හේතු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයුෂ_අඩුවෙන්_උපත_ලබන්නට_හේතු

බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩසිටින කල්හි බුදු රජාණන් වහන්සේ වෙත පැමිණි සුබ මානවකයා උන්වහන්සේ අමතා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි අඩු ආයුෂ ඇත්තෝ වෙති. වැඩි ආයුෂ ඇත්තෝ වෙති. බොහෝ ආබාධ ඇත්තෝ වෙති. ලෙඩ රෝග ඇත්තෝ වෙති. විරූපී ඇත්තෝ ද වෙති. රූප සම්පත් ඇත්තෝ ද වෙති. මහත් පිරිවර ඇත්තෝ ද වෙති. මහත් පිරිවර නැත්තෝ ද වෙති. වස්තු සම්පත් ඇත්තෝ ද වස්තු සම්පත් නැත්තෝ ද වෙති. පහත් කුල ඇත්තෝ ද, අඥානයෝ ද වෙති. මේ අයුරින් සත්ත්වයාගේ උස් පහත් භේදයට හේතුව නම් කුමක්ද? “

එවිට බුදු රජාණන් වහන්සේ විසින් කර්මයම සත්ත්වයාගේ උස් පහත් බවට හේතු වන්නේ යැයි දක්වමින් කර්මය අනුව සත්ත්වයා ආකාර දහ හතරකට බෙදා වඳාළ සේක.

සත්ත්වයා ආයුෂ අඩුවෙන් උපත ලබන්නට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් කිසිදු අනුකම්පාවක් දයාවක් නැතිව සත්ත්ව ඝාතනය සිදු කරන්නේ ද හෙතෙම ඒ අකුසල කර්මයේ බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණිය ද අඩු ආයුෂ ඇත්තෙක් වන්නේය.

සත්ත්වයා දීර්ඝායුෂ ලැබීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සත්ත්ව ඝාතනයෙන් වළකින්නේ ද, සියලු සතුන් කෙරෙහි දයාව අනුකම්පාව දක්වයි ද ඒ තැනැත්තා ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියෙහි නම් උපදින උපදින සෑම භවයක දීම දීර්ඝායුෂ ඇත්තෙක් වන්නේය.

සත්ත්වයා බොහෝ ලෙඩ රෝග ඇත්තෙක් වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් පයින් හෝ දඩු මුගුරු වලින් හෝ ආයුධ වලින් හෝ සත්ත්වයන්ට හිංසා පීඩා කරන්නේ ද හෙතෙම අකුසල කර්මය බලයෙන් අපායෙහි උපත ලබා දුක් විඳින්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියහොත් උපදින උපදින භවයක් පාසා බොහෝ ලෙඩ රෝග ඇත්තෙක් වන්නේය.

සත්ත්වයා නිරෝගී වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් පයින් හෝ දඩු මුගුරු වලින් හෝ ආයුධ වලින් හෝ සත්ත්වයන්ට හිංසා පීඩා නොකරන්නේ ද ඒ තැනැත්තා ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියේ ද උප නුපන් භවයන්හි නීරෝගි වූවෙක් වන්නේය.

සත්ත්වයා දුර්වර්ණ වීමට හේතුව

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ක්‍රෝධ කරන්නේ වේද, බලවත් සිත් තැවුලෙන් පෙලෙන්නේ වේද, සුළු වරදක් පෙන්වා දුන් විට පවා කිපෙන්නේ වේද, තරහව උපදවන්නේ ද, කෝපය, ද්වේශය, නොසතුටු බව ප්‍රකාශ කරන්නේ වේද ඒ තැනැත්තා ඒ අකුසල කර්මයෙහි බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයෙහි උපදින්නේ නම් උපදින උපදින භවයක් පාසා විරූප වූයේ වෙති.

සත්ත්වයා ලස්සන වීමට හේතුව

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ක්‍රෝධ නොකරන්නේ වේද, සිත් තැවුලෙන් යුක්ත නො වන්නේද, වරද පෙන්වා දුන් විට නො කිපෙන්නේ වේද, කෝපය, ද්වේශය, නොසතුට බව ප්‍රකාශ නො කරන්නේ වේද හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපත ලබන්නේ ය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියේ නම් උපදින උපදින භවයක් පාසා ලස්සන වන්නේය. රූප සම්පත්තියෙන් යුක්ත වන්නේය.

සත්ත්වයා අල්පේ ශාක්‍ය වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා කරන්නේ වේද, අන්‍යයන්ගේ ලාභ සත්කාර, ගරු කිරීම්, වැදීම්, පිදීම් ආදීන් හි ඊර්ෂ්‍යා කරන්නේ වේද හෙතෙම ඒ අකුසල කර්මයේ බලයෙන් අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයට පැමිණියේ නම් උපදින උපදින භවයක් පාසා අල්පේ ශාක්‍ය වන්නේය. පිරිවර ජනයා නොමැත්තෙක් වන්නේය.

සත්ත්වයා මහේ ශාක්‍ය වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා නොකරන්නේ වේද, එසේම අනුන්ගේ ලාභ සත්කාර, ගරු සත්කාර, වැඳීම් පිදීම්, ආදීන්හි ඊර්ෂ්‍යා නොකරන්නේ වේද හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයට පැමිණියේ නම් උපදින භවයක් භවයක් පාසා මහේ ශාක්‍ය වන්නේය. බොහෝ පිරිවර ඇත්තෙක් ද වන්නේය.

සත්ත්වයා මහා භෝග සම්පත් ඇත්තෙක් ව උපත ලබන්නට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන්ට දස දාන වස්තුවෙන් සංග්‍රහ කරන්නේ වේද ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් හෙතෙම මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවේ නම් උපනුපන් හැම භවයකදීම මහා භෝග සම්පත් ඇත්තෙක් වන්නේය. බොහෝ ධනයෙන් යුක්ත වූවෙක් වන්නේය.

සත්ත්වයා අඥාන වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන් වෙත පැමිණ ස්වාමීනි, කුසල් නම් කවරේද? අකුසල් නම් කවරේද? නිවැරදි දේ කවරේද? ඇසුරු කළ යුතු නොකළ යුතු අය කවරේද? මා හට බොහෝ කාලයක් හිත සුව පිණිස කළ යුතු දෑ කවරේද? ආදී වශයෙන් නොඅසන්නේ නම් හෙතෙම ඒ අකුසල කර්මයේ විපාකයෙන් මරණින් මතු දුගතියෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයකට පැමිණියේ නම් භවයක් භවයක් පාසා අඥානයෙක්ම වන්නේය. මෝඩ පුද්ගලයෙක් වන්නේය.

සත්ත්වයා ප්‍රඥාාවන්ත වීමට හේතු

මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන් වෙත පැමිණ ස්වාමීනි , කුසල් නම් කවරේද? අකුසල් නම් කවරේද? නිවැරදි දේ කවරේද? ඇසුරු කළ යුතු නොකළ යුතු අය කවරේද? මා හට බොහෝ කාලයක් හිත සුව පිණිස කළ යුතු දෑ කවරේද? ආදී වශයෙන් අසන්නේ නම් හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භවයකට පැමිණියේ නම් උපදින භවයක් භවයක් පාසා ප්‍රඥාවන්තයෙක්ම වන්නේය.

චුල්ල කම්ම විභංග සුත්‍රය - මඡ්ඣිම නිකාය

අද අද එයි මරු පින් කර ගන්නේ

කෙලෙස ද සෙට මරු නේති සිතන්නේ

කිකලද මහසෙන් මරු ඇප වන්නේ

කුමට ද කුසලට කම්මැලි වන්නේ

මාවුස්සාගොල්ලේ මුදිත හිමි

(දිනමින පුවත්පත)

facebook එකේදී දැකලා තමයි මේ දැම්මේ

[QUOTE="kavindagk, post: 14619163, member: 153528"] [b]ආයුෂ_අඩුවෙන්_උපත_ලබන්නට_හේතු[/b] [IMG]http://img825.imageshack.us/img825/6728/37456360249068644704221.jpg[/IMG] [SIZE="5"]බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩසිටින කල්හි බුදු රජාණන් වහන්සේ වෙත පැමිණි සුබ මානවකයා උන්වහන්සේ අමතා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි අඩු ආයුෂ ඇත්තෝ වෙති. වැඩි ආයුෂ ඇත්තෝ වෙති. බොහෝ ආබාධ ඇත්තෝ වෙති. ලෙඩ රෝග ඇත්තෝ වෙති. විරූපී ඇත්තෝ ද වෙති. රූප සම්පත් ඇත්තෝ ද වෙති. මහත් පිරිවර ඇත්තෝ ද වෙති. මහත් පිරිවර නැත්තෝ ද වෙති. වස්තු සම්පත් ඇත්තෝ ද වස්තු සම්පත් නැත්තෝ ද වෙති. පහත් කුල ඇත්තෝ ද, අඥානයෝ ද වෙති. මේ අයුරින් සත්ත්වයාගේ උස් පහත් භේදයට හේතුව නම් කුමක්ද? “ එවිට බුදු රජාණන් වහන්සේ විසින් කර්මයම සත්ත්වයාගේ උස් පහත් බවට හේතු වන්නේ යැයි දක්වමින් කර්මය අනුව සත්ත්වයා ආකාර දහ හතරකට බෙදා වඳාළ සේක. සත්ත්වයා ආයුෂ අඩුවෙන් උපත ලබන්නට හේතු මානවකය, මෙලොව යම් ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් කිසිදු අනුකම්පාවක් දයාවක් නැතිව සත්ත්ව ඝාතනය සිදු කරන්නේ ද හෙතෙම ඒ අකුසල කර්මයේ බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණිය ද අඩු ආයුෂ ඇත්තෙක් වන්නේය. සත්ත්වයා දීර්ඝායුෂ ලැබීමට හේතු මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සත්ත්ව ඝාතනයෙන් වළකින්නේ ද, සියලු සතුන් කෙරෙහි දයාව අනුකම්පාව දක්වයි ද ඒ තැනැත්තා ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියෙහි නම් උපදින උපදින සෑම භවයක දීම දීර්ඝායුෂ ඇත්තෙක් වන්නේය. සත්ත්වයා බොහෝ ලෙඩ රෝග ඇත්තෙක් වීමට හේතු මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් පයින් හෝ දඩු මුගුරු වලින් හෝ ආයුධ වලින් හෝ සත්ත්වයන්ට හිංසා පීඩා කරන්නේ ද හෙතෙම අකුසල කර්මය බලයෙන් අපායෙහි උපත ලබා දුක් විඳින්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියහොත් උපදින උපදින භවයක් පාසා බොහෝ ලෙඩ රෝග ඇත්තෙක් වන්නේය. සත්ත්වයා නිරෝගී වීමට හේතු මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් පයින් හෝ දඩු මුගුරු වලින් හෝ ආයුධ වලින් හෝ සත්ත්වයන්ට හිංසා පීඩා නොකරන්නේ ද ඒ තැනැත්තා ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියේ ද උප නුපන් භවයන්හි නීරෝගි වූවෙක් වන්නේය. සත්ත්වයා දුර්වර්ණ වීමට හේතුව මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ක්‍රෝධ කරන්නේ වේද, බලවත් සිත් තැවුලෙන් පෙලෙන්නේ වේද, සුළු වරදක් පෙන්වා දුන් විට පවා කිපෙන්නේ වේද, තරහව උපදවන්නේ ද, කෝපය, ද්වේශය, නොසතුටු බව ප්‍රකාශ කරන්නේ වේද ඒ තැනැත්තා ඒ අකුසල කර්මයෙහි බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයෙහි උපදින්නේ නම් උපදින උපදින භවයක් පාසා විරූප වූයේ වෙති. සත්ත්වයා ලස්සන වීමට හේතුව මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ක්‍රෝධ නොකරන්නේ වේද, සිත් තැවුලෙන් යුක්ත නො වන්නේද, වරද පෙන්වා දුන් විට නො කිපෙන්නේ වේද, කෝපය, ද්වේශය, නොසතුට බව ප්‍රකාශ නො කරන්නේ වේද හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපත ලබන්නේ ය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියේ නම් උපදින උපදින භවයක් පාසා ලස්සන වන්නේය. රූප සම්පත්තියෙන් යුක්ත වන්නේය. සත්ත්වයා අල්පේ ශාක්‍ය වීමට හේතු මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා කරන්නේ වේද, අන්‍යයන්ගේ ලාභ සත්කාර, ගරු කිරීම්, වැදීම්, පිදීම් ආදීන් හි ඊර්ෂ්‍යා කරන්නේ වේද හෙතෙම ඒ අකුසල කර්මයේ බලයෙන් අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයට පැමිණියේ නම් උපදින උපදින භවයක් පාසා අල්පේ ශාක්‍ය වන්නේය. පිරිවර ජනයා නොමැත්තෙක් වන්නේය. සත්ත්වයා මහේ ශාක්‍ය වීමට හේතු මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා නොකරන්නේ වේද, එසේම අනුන්ගේ ලාභ සත්කාර, ගරු සත්කාර, වැඳීම් පිදීම්, ආදීන්හි ඊර්ෂ්‍යා නොකරන්නේ වේද හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයට පැමිණියේ නම් උපදින භවයක් භවයක් පාසා මහේ ශාක්‍ය වන්නේය. බොහෝ පිරිවර ඇත්තෙක් ද වන්නේය. සත්ත්වයා මහා භෝග සම්පත් ඇත්තෙක් ව උපත ලබන්නට හේතු මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන්ට දස දාන වස්තුවෙන් සංග්‍රහ කරන්නේ වේද ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් හෙතෙම මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවේ නම් උපනුපන් හැම භවයකදීම මහා භෝග සම්පත් ඇත්තෙක් වන්නේය. බොහෝ ධනයෙන් යුක්ත වූවෙක් වන්නේය. සත්ත්වයා අඥාන වීමට හේතු මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන් වෙත පැමිණ ස්වාමීනි, කුසල් නම් කවරේද? අකුසල් නම් කවරේද? නිවැරදි දේ කවරේද? ඇසුරු කළ යුතු නොකළ යුතු අය කවරේද? මා හට බොහෝ කාලයක් හිත සුව පිණිස කළ යුතු දෑ කවරේද? ආදී වශයෙන් නොඅසන්නේ නම් හෙතෙම ඒ අකුසල කර්මයේ විපාකයෙන් මරණින් මතු දුගතියෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයකට පැමිණියේ නම් භවයක් භවයක් පාසා අඥානයෙක්ම වන්නේය. මෝඩ පුද්ගලයෙක් වන්නේය. සත්ත්වයා ප්‍රඥාාවන්ත වීමට හේතු මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන් වෙත පැමිණ ස්වාමීනි , කුසල් නම් කවරේද? අකුසල් නම් කවරේද? නිවැරදි දේ කවරේද? ඇසුරු කළ යුතු නොකළ යුතු අය කවරේද? මා හට බොහෝ කාලයක් හිත සුව පිණිස කළ යුතු දෑ කවරේද? ආදී වශයෙන් අසන්නේ නම් හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භවයකට පැමිණියේ නම් උපදින භවයක් භවයක් පාසා ප්‍රඥාවන්තයෙක්ම වන්නේය. චුල්ල කම්ම විභංග සුත්‍රය - මඡ්ඣිම නිකාය අද අද එයි මරු පින් කර ගන්නේ කෙලෙස ද සෙට මරු නේති සිතන්නේ කිකලද මහසෙන් මරු ඇප වන්නේ කුමට ද කුසලට කම්මැලි වන්නේ මාවුස්සාගොල්ලේ මුදිත හිමි (දිනමින පුවත්පත)[/SIZE] facebook එකේදී දැකලා තමයි මේ දැම්මේ :yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom