ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ

topkollek

Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,482
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වෙමින් පැවතියත් ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේය.එසේම ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය විශාල ජනතාවක් වෙත තවමත් ළඟා වී නොමැති බවද ඒ මහතා පැවැසුවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාජ්‍ය අදායම වැඩිකර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා දේපල බද්ද ශ්‍රී ලංකාවට සහාය වනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 11 ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් ආරම්භ කළ අතර එහිදී සතියක් පුරා මෙරට බලධාරීහු සමඟ සාකච්ඡාවල නිරත වූහ. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ පළමු සමාලෝචනයට අනුමැතිය ලබා දීමෙන් පසු ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව එම නිලධාරීහු කණ්ඩායම අධ්‍යනය කළේය.

    https://divaina.lk/රටේ-ආර්ථිකය-ගැන-imf-තක්සේරුව/

    @monson
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලක්ශ විස්සක් සමෘද්ධි නිකම්මු
    ඒකියන්නේ ජනගහනයෙන් 10% ක් මුකුත් කරන්නේ නෑ වැටෙනකම් බලාගෙන ඉන්නවා.
    තව ලක්ෂ පහලවක් රාජ්ය සේවයේ බුදි.

    දළදා පිහිටයි