Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආවර්ජනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙ.ව 4.00

වීරවර්ධන අමාත්‍ය නිවස

හන්තාන

වීරවර්ධන ඇමතිතුමා සිටියේ ජීවිතයේ කෙදිනකවත් නොවූ තරම් කලබලයට පත්වය. තම නිවසේ වෙඩි තැබීමක් සිදුවීම ඔහුට අදහාගත නොහැක්කකි විය. දේශපාලනය ආරම්භ කල කාලයේ සිටම හිතට එකඟව වැඩ කල හෙතෙම කිසිම විටෙක තම නම පාතාලය සමග හෝ වෙනත් අයතා කටයුතු වලට ගාවා නොගන්නට බෙහෙවින් ප්‍රවේසම් විය. දේශපාලනයට පැමිණෙන බොහෝ දෙනෙක් තම ජීවිතය අවුල් කරගන්නේ මෙවන් දේවලට සම්බන්ධ වීමෙන් බව හෙතෙම හොඳාකාරව අත්දැක සිටියේය. එමෙන්ම පරම්පරාගත ධනවතුන් වූ වීරවර්ධන ඇමතිතුමාට අයතා මාර්ගවලින් මුදල් සෙවීමට උවමනාවක්ද නොවීය. දුප්පතුන්ගේ දුක හොඳහැටි හඳුනාගත් ඔහුට තම පාක්ෂිකයිනගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම හිමිවිය. හැකි සෑම විටෙකම නැති බැරි අය වෙනුවෙනුත්, තම ආසනයේ දියුණුවටත් ඇප කැප වී ක්‍රියාකල අමාත්‍යවරයාගේ දේශපාලන ගමන දිනෙන් දින දියුණු වූයේ හෙතෙම ආණ්ඩු පක්ෂයේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ තත්වයට ඔසවා තබමිණි.

කිසිදිනෙක ගිනි අවි සමග ගනුදෙනුවක් නොපැවැත්වූ ඔහුට හදිස්සියේ මේ නිවසේ සිදුවූ සිදුවීම මහත් පසුතැවිල්ලක් ගෙනදෙන්නක් විය. හෙට දිනයේදී මෙය අනිවාර්යයෙන්ම ප්‍රධාන පුවත්පත් කීපයකම මුල්පිටු සරසන බව සක්සුදක් සේ ඔහුට පැහැදිලිය. එහෙත් ඔහු කණගාටුවට පත්වූයේ වෙඩි වැදුන මිනිසා පිළිබඳවය. ස්වභාවයෙන්ම උණුවෙන හදවතක් ඇති ඔහුට, මේ සිදුවීම නිසා දැඩි පසුතැවිල්ලක් දැනෙන්නට විය.

ගෙදර සිදුවූ සිද්ධිය පිළිබඳව දැනගන්නා විට ඔහු සිටියේ හදිසි පක්ෂ රැස්වීමකට කොළඹ ගොස් නැවත නුවර බලා එමිනි. නිවසේ ප්‍රධාන ආරක්ෂක නිළධාරීවරයා ලබාදුන් දුරකතන ඇමතුමෙන් ඔහුට පැවසූ දෙය හරිහැටි පැහැදිලිව අවබෝධ නොවුනත්, වහාම තුවාලකරු රෝහලට ගෙනගොස් අවශ්‍ය සෑම ප්‍රතිකාරයක්ම යුහුසුලුව ලබාදෙන්නට ඔහු විධාන කළේය.

වීරවර්ධන අමාත්‍යවරයා තම හිස අතගාමින් නිවසේ සාලයේ ඉහළටත් පහළටත් ගමන් කළේය. ඔහුගේ බිරිඳත්, ආරක්ෂක නිළධාරීන් තිදෙනෙකුත් පසෙකට වී බලා සිටියේ ඔහුම කතාව ආරම්භ කරන තෙක්ය.

“එතකොට ජයවර්ධන මට උනේ මොකක්ද කියලා කියන්න“ ඉහළ පහළ ගමන් කිරීම නැවැත්වූ ඇමතිවරයා තම ප්‍රධාන ආරක්ෂක නිළධාරියා වෙත හැරෙමින් පැවසීය.

“එතකොට වෙලාව පාන්දර එකහමාරට වෙන්න ඇති සර්. ඉස්සරහ පැත්තේ ගේට්ටුවේ මුරට හිටියේ කොස්තා. මනුස්සයාට සද්දයක් ඇහිලා තියෙනවා සුදු බේබිගේ කාමරේ තියෙන හරියෙන්. ඊට පස්සේ මනුස්සයා ටෝච් එකත් ඇරගෙන අනිත් පැත්තේ හිටපු සිල්වාත් එක්ක ගිහින් තියෙනවා ඒ පැත්තට. එතකොට තමයි දෙන්නා දැකලා තියෙන්නේ කවුද මනුස්සයෙක් දෙවෙනි තට්ටුවේ බේබිගේ කාමරේ ජනේලේ ගාව ඉන්නවා. ඊට පස්සේ දෙන්නා කෑ ගහලා තියෙනවා පහලට බහින්න නැත්තම් වෙඩි තියෙනවා කියලා. එතකොටම උඩ හිටිය මනුස්සයා බයවෙලා දුවන්න පටන් ඇරන් තියෙනවා.....“

“හෝව් හෝව්... දුවන්න? වහලේ උඩ?“ ඇමතිවරයා තම නළල රැළි ගස්වමින් කතාවට බාධා කළේය..

“ඔව් සර්. කොස්තා කියන්නේ හරියට ඉංග්‍රීසි ෆිල්ම් එකක් වගේ කියලා. මිනිහා වහලෙන් අනිත් වහලෙට මාරු වුනේ හිතාගන්නවත් බැරි වුන විදිහටලු. ඒ පාර තමා සිල්වා ආයෙත් නවතින්න කියලා කෑ ගහලා තියෙන්නේ. ඒ පාරත් නැවතුනේ නැතිවුනාම කොස්තා වෙඩි තියලා. ඒත් වදින්න කියලා හිතාගෙන නෙවෙයි. ඒත් ඒ මනුස්සයාට ඒක වැදිලා. වහලේ දිගේ පෙරලිලා ආපු මිනිහා ඉස්සරහා තියෙන ලොකු මල් පඳුර උඩට වැටුනා. ඒ වෙලාවේ සද්දේ ඇහිලා මමයි, කුස්සියේ පැත්තෙ ඉඳලා ජයන්ත මල්ලියි දෙන්නම දුවගෙන ආවා. ඊට පස්සේ තමා අපි සර්ට කෝල් එකක් ගත්තේ. වෙඩි සද්දෙට මැඩම්ලත් ඇහැරිලා දුවගෙන ආවත් මම ගිහින් මැඩමුයි බේබිවයි දෙන්නව නැවැත්තුවා.“

“හම්.... එතකොට දැන් මනුස්සයට කොහොමද?“

“සර් කියපු ගමන් අපි වාහනේක දාගෙන ටක් ගාලා මිනිහව ඇරන් ගියා හොස්පිට්ල් එකට. ගන් ෂොට් එක වැදිලා තියෙන්නේ බඩටලු. ටිකක් සීරියස් වගේ. ගියපු ගමන් ඔපරේෂන් එකට ගත්තා. එතන ජයන්ත මල්ලියි, සිල්වයි දෙන්නම ඉන්නවා. කොස්තාව මම රිලීස් කරා ගෙදර යන්න කියලා. මිනිහා ටිකක් ෂොක් වෙලා වගේ හිටියේ.“

“පොලිසියට ඉන්ෆෝම් කලාද?“

“අපේ ස්ටේට්මන්ට් එකක් හොස්පිටල් එකෙන් ගත්තා සර්. මම එස්.පී මහත්තයටත් කෝල් එකක් ඇරන් සිටුවේෂන් එක ඉන්ෆෝම් කලා. එයා කිවුවා එයත් බලන්නම් කියලා.“

“වැලිපැන්නට ඉන්ෆෝම් කරපු එක හොඳයි. එයා ඒ පැත්තෙන් මේක බලාගනී. එළිය වැටුනට පස්සේ මාත් ගිහින් පොඩ්ඩක් මිනිහව හම්බවෙලා එන්නම්. මේක හරිම ප්‍රශ්නයක් ජයවර්ධන. හොරු හැමතැනම බෝවෙලා. ඒත් මේ උන වැඩේ එච්චර හොඳ නෑ. ඒ මනුස්සයට වෙඩි වැදුන එක අහම්බයක් තමා. ඒත් ඒ වෙලාවේ ඒක නොවිය යුතු දෙයක්.“

“ඔව් සර් මටත් ඒක තේරෙනවා. එතනදී කොස්තා ටිකක් කලබල වුනා වැඩියි.“

“හ්ම්... මිනිහට පොඩ්ඩක් අවවාද කරන්න. තදින් මොනවත් කියන්න යන්න එපා. සති දෙකක් විතර ලීව් දෙන්න. මැණිකේ... දුව බයවෙලාද?“ ඇමතිවරයා තම බිරිඳ දෙසට හැරුනි.

“අනේ ජයවර්ධන මේ ටික කියනකන් මොකද වුනේ කියලා මමයි දුවයි දෙන්නම දැනන් හිටියේ නෑ. මටත් දැන්නම් බයයි. හදිස්සියේවත් ඒ මනුස්සයා දුවගේ කාමරේට ඇතුල් වුනානම් එහෙම? සඳුනිත් වෙඩි සද්දේ නිසා හොඳටම බයවෙලා හිටියේ. ඊටපස්සේ මං කිවුවා සිරියාවතීටත් ගිහින් කාමරේ නිදාගන්න කියලා. දැන්නම් නිදි ඇති.“

“හොඳයි. මැණිකෙත් නිදාගන්න ගිහින්. දැං මට ඇහැ පියවන්න වෙලාවක් නෑ. තව ටික වෙලාවකින් එළියත් වැටෙයි. උදේ පාන්දරම කරන්න වැඩ වගයක් තියෙනවා. ජයවර්ධන... මීට පස්සේ කට්ටියට පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න කියලා කියන්න. සල්ලි නැතිවුනා වගේ නෙවෙයි මනුස්සයෙක්ගේ ජීවිතයක් නැති වුනොත්. ආ... ඒ වගේම උදේම ගිහින් අර හොස්ලිට්ල් එකේ ඉන්න දෙන්නව රිලීස් කරන්න. මං ඩොක්ටර් කෙනෙක්ට කෝල් කරලා සිටුවේෂන් එක බලන්නම්.“ ඇමතිවරයා තම බිරිඳටත්, ආරක්ෂක නිළධාරීන්ටත් යෑමට අවසර දුන්නේය.

සියලු දෙනාම පිටව ගියත් ප්‍රධාන ආරක්ෂක නිළධාරී ජයවර්ධන නැවතුනේ ය. ඔහුට යමක් පෞද්ගලිකවම ඇමතිවරයා සමග කතාබස් කරන්නට උවමනා විය.

“ජයවර්ධන.. මොකක් හරි ප්‍රශ්නයක්ද?“ ආරක්ෂක නිළධාරියාගේ හැසිරීම වටහා ගත්තාක් මෙන් ඇමතිවරයා ඇසුවේය.

“සර්... මං හිතන්නේ අද ආපු මනුස්සයා හොරකමකට ආව කෙනෙක් නෙවෙයි සර්. ඒ මනුස්සයාගේ එහෙම පෙනුමක් තිබුණේ නෑ. ඒ වගේම තව දෙයක් සර්... මේක මැඩම් ඉන්න තැන පෙන්නන්න බැරුව හිටියේ. මේක බලන්නකෝ...“ ජයවර්ධන ඔහුගේ සාක්කුවෙන් ඇදගත් කුඩා ප්‍රමාණයේ ඡායාරූපයක් ඇමතිවරයාගේ අතේ තැබීය.

එය දෙස බැලූ ඇමතිවරයා හිඳ සිටි පුටුවෙන් නැගිටුනේ ඉබේටමය. සැනකින් වම් අත නළල දෙසට ගියේ ඔහු ඉතාමත් කලබලයට පත්වූ බවක් පෙන්වමිනි.

“දෙයියනේ... මේ සඳුනි නේද? කවුද මේ ෆොටෝ එකේ ඉන්න අනිත් කොල්ලා“ ඇමතිවරයාට ඉබේම ඇසුණි. ඔහු අත වූ අවපැහැ දුඹුරු ගැන්වුනු ඡායාරූපයේ සිටියේ අවරුදු විසි දෙකක පමණ තරුණියකුත්, අවුරුදු විසි හයක් හෝ හතක් පමණ වන තරුණයෙකුත්ය. දෙදෙනාම අත් අල්ලාගෙන සිනා සෙමින් සිටිනා ඡායාරූපයේ පසුබිමෙන් වූයේ විශාල ගොඩනැගිල්ලකි.

“නෑ සර්... මේ සඳුනි බේබි නෙවෙයි. මාත් ෆොටෝ එක දැක්ක ගමන් හොඳටම ගැස්සිලා ගියා. සර් ෆොටෝ එකේ අනිත් පැත්ත බැලුවොත් ඔය සඳුනි මිස් නොවෙයි කියලා කන්ෆර්ම් කරගන්න පුලුවන්“ ජයවර්ධන පැවසුවේය.

වීරවර්ධන ගැහෙන හදින් යුතුව ඡායාරූපයේ අනිත් පැත්ත බැලුවේය. එහි සටහන්ව තිබුණු අත් අකුරින් ලියැවුණු දිනයක් හෙතෙම ඉතා අපහසුවෙන් කියවා ගත්තේය.

“1941!!! දෙයියනේ... එතකොට මේ ගෑණු ළමයා කවුද? කිසිම වෙනසක් නෑ... සඳුනි වගේමනේ? මේ ෆොටෝ එක කොහෙන්ද හම්බවුනේ?“

“සර්... ඒකත් එක ප්‍රශ්නයක් තමයි. ඒත්.... සර්.... මට පිස්සුද කියලා හිතෙනවා.....“ ජයවර්ධන යමක් කියන්නට ගොස් ගොත ගසන්නට වූයේ අසරණ වූ විලාසයෙන්ය.

“කියනවා මනුස්සයෝ කියන්න ගියපු එක...!“ වීරවර්ධනගේ ඉවසීමේ සීමාව පැන තිබුණි.

“සර්... අද අපි වෙඩි තිබ්බේ ඔය ෆොටෝ එකේ ඉන්න කොල්ලට සර්!!! ඔය ෆොටෝ එක තිබුණෙත් මිනිහා ගාවමයි“

“මොකක්!! ජයවර්ධන කියන්නේ එතකොට අද වහලෙට බඩගෑවේ අවුරුදු අසූවක විතර වයසක මනුස්සයෙක් කියලද? මොනවද මනුස්සයෝ මේ කියන්නේ?“

“නෑ සර්.... මටත් මේක තාම හිතාගන්න බෑ. ඒත් මට සියට දෙසීයක් ෂුවර්... මේ කොල්ලමයි අද හිටියේ. හැබැයි ඔය ෆොටෝ එකේ ඉන්න විදිහටම. කිසිම වෙනසක් නෑ. දවසක්වත් වයසට ගිහින් හිටියේ නෑ සර්. මම මගේ ඇස් දෙකටම දැක්ක නිසයි කිවුවේ.“

ජයවර්ධනගේ වදන් හමුවේ වීරවර්ධන නිහඬ වූයේ ඔහු ජයවර්ධන පිළිබඳව හොඳින් දැන සිටි නිසාය. ඔහු ආවාට ගියාට යමක් පවසන්නෙක් නොවීය. මෙතරම් දැඩිව ඔහු යමක් පවසන්නේනම් මෙහි කුමක් හෝ යමක් තිබිය යුතුය. එහෙත් මේ සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබඳව කිසිම අදහසක් ඔහු වෙත නොවීය.

පෙ.ව 4.15

මහනුවර ශික්ෂණ රෝහල

පැය තුනකට ආසන්න කාලයක් සිදු කළ ශල්‍යකර්මය නිමාවට පත්විය. උදරයේ තිබූ වෙඩි උණ්ඩය ඉවත් කලත් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුවූ හානිය නිසා රෝගියාගේ ජීවිතය ඇත්තේ දැඩි අවධානමක බව ශල්‍ය වෛද්‍යවරයාගේ නිගමනය විය. අධික වේදනාව නැති කිරීම පිණිස විශාල ප්‍රමාණයක මෝෆීන් ප්‍රමාණයක් රෝගියා වෙත එන්නත් කෙරුණු අතර, සෑම පැය භාගයකටම වරක් ඔහුගේ තත්වය පරීක්ෂා කරන ලෙස දන්වා ඔහුව දැඩි සත්කාර ඒකකය වෙත යොමු කරන ලදී.

[QUOTE="dakshinasd, post: 20105430, member: 82737"] [SIZE=4][B]පෙ.ව 4.00 වීරවර්ධන අමාත්‍ය නිවස හන්තාන[/B] වීරවර්ධන ඇමතිතුමා සිටියේ ජීවිතයේ කෙදිනකවත් නොවූ තරම් කලබලයට පත්වය. තම නිවසේ වෙඩි තැබීමක් සිදුවීම ඔහුට අදහාගත නොහැක්කකි විය. දේශපාලනය ආරම්භ කල කාලයේ සිටම හිතට එකඟව වැඩ කල හෙතෙම කිසිම විටෙක තම නම පාතාලය සමග හෝ වෙනත් අයතා කටයුතු වලට ගාවා නොගන්නට බෙහෙවින් ප්‍රවේසම් විය. දේශපාලනයට පැමිණෙන බොහෝ දෙනෙක් තම ජීවිතය අවුල් කරගන්නේ මෙවන් දේවලට සම්බන්ධ වීමෙන් බව හෙතෙම හොඳාකාරව අත්දැක සිටියේය. එමෙන්ම පරම්පරාගත ධනවතුන් වූ වීරවර්ධන ඇමතිතුමාට අයතා මාර්ගවලින් මුදල් සෙවීමට උවමනාවක්ද නොවීය. දුප්පතුන්ගේ දුක හොඳහැටි හඳුනාගත් ඔහුට තම පාක්ෂිකයිනගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම හිමිවිය. හැකි සෑම විටෙකම නැති බැරි අය වෙනුවෙනුත්, තම ආසනයේ දියුණුවටත් ඇප කැප වී ක්‍රියාකල අමාත්‍යවරයාගේ දේශපාලන ගමන දිනෙන් දින දියුණු වූයේ හෙතෙම ආණ්ඩු පක්ෂයේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ තත්වයට ඔසවා තබමිණි. කිසිදිනෙක ගිනි අවි සමග ගනුදෙනුවක් නොපැවැත්වූ ඔහුට හදිස්සියේ මේ නිවසේ සිදුවූ සිදුවීම මහත් පසුතැවිල්ලක් ගෙනදෙන්නක් විය. හෙට දිනයේදී මෙය අනිවාර්යයෙන්ම ප්‍රධාන පුවත්පත් කීපයකම මුල්පිටු සරසන බව සක්සුදක් සේ ඔහුට පැහැදිලිය. එහෙත් ඔහු කණගාටුවට පත්වූයේ වෙඩි වැදුන මිනිසා පිළිබඳවය. ස්වභාවයෙන්ම උණුවෙන හදවතක් ඇති ඔහුට, මේ සිදුවීම නිසා දැඩි පසුතැවිල්ලක් දැනෙන්නට විය. ගෙදර සිදුවූ සිද්ධිය පිළිබඳව දැනගන්නා විට ඔහු සිටියේ හදිසි පක්ෂ රැස්වීමකට කොළඹ ගොස් නැවත නුවර බලා එමිනි. නිවසේ ප්‍රධාන ආරක්ෂක නිළධාරීවරයා ලබාදුන් දුරකතන ඇමතුමෙන් ඔහුට පැවසූ දෙය හරිහැටි පැහැදිලිව අවබෝධ නොවුනත්, වහාම තුවාලකරු රෝහලට ගෙනගොස් අවශ්‍ය සෑම ප්‍රතිකාරයක්ම යුහුසුලුව ලබාදෙන්නට ඔහු විධාන කළේය. වීරවර්ධන අමාත්‍යවරයා තම හිස අතගාමින් නිවසේ සාලයේ ඉහළටත් පහළටත් ගමන් කළේය. ඔහුගේ බිරිඳත්, ආරක්ෂක නිළධාරීන් තිදෙනෙකුත් පසෙකට වී බලා සිටියේ ඔහුම කතාව ආරම්භ කරන තෙක්ය. “එතකොට ජයවර්ධන මට උනේ මොකක්ද කියලා කියන්න“ ඉහළ පහළ ගමන් කිරීම නැවැත්වූ ඇමතිවරයා තම ප්‍රධාන ආරක්ෂක නිළධාරියා වෙත හැරෙමින් පැවසීය. “එතකොට වෙලාව පාන්දර එකහමාරට වෙන්න ඇති සර්. ඉස්සරහ පැත්තේ ගේට්ටුවේ මුරට හිටියේ කොස්තා. මනුස්සයාට සද්දයක් ඇහිලා තියෙනවා සුදු බේබිගේ කාමරේ තියෙන හරියෙන්. ඊට පස්සේ මනුස්සයා ටෝච් එකත් ඇරගෙන අනිත් පැත්තේ හිටපු සිල්වාත් එක්ක ගිහින් තියෙනවා ඒ පැත්තට. එතකොට තමයි දෙන්නා දැකලා තියෙන්නේ කවුද මනුස්සයෙක් දෙවෙනි තට්ටුවේ බේබිගේ කාමරේ ජනේලේ ගාව ඉන්නවා. ඊට පස්සේ දෙන්නා කෑ ගහලා තියෙනවා පහලට බහින්න නැත්තම් වෙඩි තියෙනවා කියලා. එතකොටම උඩ හිටිය මනුස්සයා බයවෙලා දුවන්න පටන් ඇරන් තියෙනවා.....“ “හෝව් හෝව්... දුවන්න? වහලේ උඩ?“ ඇමතිවරයා තම නළල රැළි ගස්වමින් කතාවට බාධා කළේය.. “ඔව් සර්. කොස්තා කියන්නේ හරියට ඉංග්‍රීසි ෆිල්ම් එකක් වගේ කියලා. මිනිහා වහලෙන් අනිත් වහලෙට මාරු වුනේ හිතාගන්නවත් බැරි වුන විදිහටලු. ඒ පාර තමා සිල්වා ආයෙත් නවතින්න කියලා කෑ ගහලා තියෙන්නේ. ඒ පාරත් නැවතුනේ නැතිවුනාම කොස්තා වෙඩි තියලා. ඒත් වදින්න කියලා හිතාගෙන නෙවෙයි. ඒත් ඒ මනුස්සයාට ඒක වැදිලා. වහලේ දිගේ පෙරලිලා ආපු මිනිහා ඉස්සරහා තියෙන ලොකු මල් පඳුර උඩට වැටුනා. ඒ වෙලාවේ සද්දේ ඇහිලා මමයි, කුස්සියේ පැත්තෙ ඉඳලා ජයන්ත මල්ලියි දෙන්නම දුවගෙන ආවා. ඊට පස්සේ තමා අපි සර්ට කෝල් එකක් ගත්තේ. වෙඩි සද්දෙට මැඩම්ලත් ඇහැරිලා දුවගෙන ආවත් මම ගිහින් මැඩමුයි බේබිවයි දෙන්නව නැවැත්තුවා.“ “හම්.... එතකොට දැන් මනුස්සයට කොහොමද?“ “සර් කියපු ගමන් අපි වාහනේක දාගෙන ටක් ගාලා මිනිහව ඇරන් ගියා හොස්පිට්ල් එකට. ගන් ෂොට් එක වැදිලා තියෙන්නේ බඩටලු. ටිකක් සීරියස් වගේ. ගියපු ගමන් ඔපරේෂන් එකට ගත්තා. එතන ජයන්ත මල්ලියි, සිල්වයි දෙන්නම ඉන්නවා. කොස්තාව මම රිලීස් කරා ගෙදර යන්න කියලා. මිනිහා ටිකක් ෂොක් වෙලා වගේ හිටියේ.“ “පොලිසියට ඉන්ෆෝම් කලාද?“ “අපේ ස්ටේට්මන්ට් එකක් හොස්පිටල් එකෙන් ගත්තා සර්. මම එස්.පී මහත්තයටත් කෝල් එකක් ඇරන් සිටුවේෂන් එක ඉන්ෆෝම් කලා. එයා කිවුවා එයත් බලන්නම් කියලා.“ “වැලිපැන්නට ඉන්ෆෝම් කරපු එක හොඳයි. එයා ඒ පැත්තෙන් මේක බලාගනී. එළිය වැටුනට පස්සේ මාත් ගිහින් පොඩ්ඩක් මිනිහව හම්බවෙලා එන්නම්. මේක හරිම ප්‍රශ්නයක් ජයවර්ධන. හොරු හැමතැනම බෝවෙලා. ඒත් මේ උන වැඩේ එච්චර හොඳ නෑ. ඒ මනුස්සයට වෙඩි වැදුන එක අහම්බයක් තමා. ඒත් ඒ වෙලාවේ ඒක නොවිය යුතු දෙයක්.“ “ඔව් සර් මටත් ඒක තේරෙනවා. එතනදී කොස්තා ටිකක් කලබල වුනා වැඩියි.“ “හ්ම්... මිනිහට පොඩ්ඩක් අවවාද කරන්න. තදින් මොනවත් කියන්න යන්න එපා. සති දෙකක් විතර ලීව් දෙන්න. මැණිකේ... දුව බයවෙලාද?“ ඇමතිවරයා තම බිරිඳ දෙසට හැරුනි. “අනේ ජයවර්ධන මේ ටික කියනකන් මොකද වුනේ කියලා මමයි දුවයි දෙන්නම දැනන් හිටියේ නෑ. මටත් දැන්නම් බයයි. හදිස්සියේවත් ඒ මනුස්සයා දුවගේ කාමරේට ඇතුල් වුනානම් එහෙම? සඳුනිත් වෙඩි සද්දේ නිසා හොඳටම බයවෙලා හිටියේ. ඊටපස්සේ මං කිවුවා සිරියාවතීටත් ගිහින් කාමරේ නිදාගන්න කියලා. දැන්නම් නිදි ඇති.“ “හොඳයි. මැණිකෙත් නිදාගන්න ගිහින්. දැං මට ඇහැ පියවන්න වෙලාවක් නෑ. තව ටික වෙලාවකින් එළියත් වැටෙයි. උදේ පාන්දරම කරන්න වැඩ වගයක් තියෙනවා. ජයවර්ධන... මීට පස්සේ කට්ටියට පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න කියලා කියන්න. සල්ලි නැතිවුනා වගේ නෙවෙයි මනුස්සයෙක්ගේ ජීවිතයක් නැති වුනොත්. ආ... ඒ වගේම උදේම ගිහින් අර හොස්ලිට්ල් එකේ ඉන්න දෙන්නව රිලීස් කරන්න. මං ඩොක්ටර් කෙනෙක්ට කෝල් කරලා සිටුවේෂන් එක බලන්නම්.“ ඇමතිවරයා තම බිරිඳටත්, ආරක්ෂක නිළධාරීන්ටත් යෑමට අවසර දුන්නේය. සියලු දෙනාම පිටව ගියත් ප්‍රධාන ආරක්ෂක නිළධාරී ජයවර්ධන නැවතුනේ ය. ඔහුට යමක් පෞද්ගලිකවම ඇමතිවරයා සමග කතාබස් කරන්නට උවමනා විය. “ජයවර්ධන.. මොකක් හරි ප්‍රශ්නයක්ද?“ ආරක්ෂක නිළධාරියාගේ හැසිරීම වටහා ගත්තාක් මෙන් ඇමතිවරයා ඇසුවේය. “සර්... මං හිතන්නේ අද ආපු මනුස්සයා හොරකමකට ආව කෙනෙක් නෙවෙයි සර්. ඒ මනුස්සයාගේ එහෙම පෙනුමක් තිබුණේ නෑ. ඒ වගේම තව දෙයක් සර්... මේක මැඩම් ඉන්න තැන පෙන්නන්න බැරුව හිටියේ. මේක බලන්නකෝ...“ ජයවර්ධන ඔහුගේ සාක්කුවෙන් ඇදගත් කුඩා ප්‍රමාණයේ ඡායාරූපයක් ඇමතිවරයාගේ අතේ තැබීය. එය දෙස බැලූ ඇමතිවරයා හිඳ සිටි පුටුවෙන් නැගිටුනේ ඉබේටමය. සැනකින් වම් අත නළල දෙසට ගියේ ඔහු ඉතාමත් කලබලයට පත්වූ බවක් පෙන්වමිනි. “දෙයියනේ... මේ සඳුනි නේද? කවුද මේ ෆොටෝ එකේ ඉන්න අනිත් කොල්ලා“ ඇමතිවරයාට ඉබේම ඇසුණි. ඔහු අත වූ අවපැහැ දුඹුරු ගැන්වුනු ඡායාරූපයේ සිටියේ අවරුදු විසි දෙකක පමණ තරුණියකුත්, අවුරුදු විසි හයක් හෝ හතක් පමණ වන තරුණයෙකුත්ය. දෙදෙනාම අත් අල්ලාගෙන සිනා සෙමින් සිටිනා ඡායාරූපයේ පසුබිමෙන් වූයේ විශාල ගොඩනැගිල්ලකි. “නෑ සර්... මේ සඳුනි බේබි නෙවෙයි. මාත් ෆොටෝ එක දැක්ක ගමන් හොඳටම ගැස්සිලා ගියා. සර් ෆොටෝ එකේ අනිත් පැත්ත බැලුවොත් ඔය සඳුනි මිස් නොවෙයි කියලා කන්ෆර්ම් කරගන්න පුලුවන්“ ජයවර්ධන පැවසුවේය. වීරවර්ධන ගැහෙන හදින් යුතුව ඡායාරූපයේ අනිත් පැත්ත බැලුවේය. එහි සටහන්ව තිබුණු අත් අකුරින් ලියැවුණු දිනයක් හෙතෙම ඉතා අපහසුවෙන් කියවා ගත්තේය. “1941!!! දෙයියනේ... එතකොට මේ ගෑණු ළමයා කවුද? කිසිම වෙනසක් නෑ... සඳුනි වගේමනේ? මේ ෆොටෝ එක කොහෙන්ද හම්බවුනේ?“ “සර්... ඒකත් එක ප්‍රශ්නයක් තමයි. ඒත්.... සර්.... මට පිස්සුද කියලා හිතෙනවා.....“ ජයවර්ධන යමක් කියන්නට ගොස් ගොත ගසන්නට වූයේ අසරණ වූ විලාසයෙන්ය. “කියනවා මනුස්සයෝ කියන්න ගියපු එක...!“ වීරවර්ධනගේ ඉවසීමේ සීමාව පැන තිබුණි. “සර්... අද අපි වෙඩි තිබ්බේ ඔය ෆොටෝ එකේ ඉන්න කොල්ලට සර්!!! ඔය ෆොටෝ එක තිබුණෙත් මිනිහා ගාවමයි“ “මොකක්!! ජයවර්ධන කියන්නේ එතකොට අද වහලෙට බඩගෑවේ අවුරුදු අසූවක විතර වයසක මනුස්සයෙක් කියලද? මොනවද මනුස්සයෝ මේ කියන්නේ?“ “නෑ සර්.... මටත් මේක තාම හිතාගන්න බෑ. ඒත් මට සියට දෙසීයක් ෂුවර්... මේ කොල්ලමයි අද හිටියේ. හැබැයි ඔය ෆොටෝ එකේ ඉන්න විදිහටම. කිසිම වෙනසක් නෑ. දවසක්වත් වයසට ගිහින් හිටියේ නෑ සර්. මම මගේ ඇස් දෙකටම දැක්ක නිසයි කිවුවේ.“ ජයවර්ධනගේ වදන් හමුවේ වීරවර්ධන නිහඬ වූයේ ඔහු ජයවර්ධන පිළිබඳව හොඳින් දැන සිටි නිසාය. ඔහු ආවාට ගියාට යමක් පවසන්නෙක් නොවීය. මෙතරම් දැඩිව ඔහු යමක් පවසන්නේනම් මෙහි කුමක් හෝ යමක් තිබිය යුතුය. එහෙත් මේ සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබඳව කිසිම අදහසක් ඔහු වෙත නොවීය. [B]පෙ.ව 4.15 මහනුවර ශික්ෂණ රෝහල[/B] පැය තුනකට ආසන්න කාලයක් සිදු කළ ශල්‍යකර්මය නිමාවට පත්විය. උදරයේ තිබූ වෙඩි උණ්ඩය ඉවත් කලත් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුවූ හානිය නිසා රෝගියාගේ ජීවිතය ඇත්තේ දැඩි අවධානමක බව ශල්‍ය වෛද්‍යවරයාගේ නිගමනය විය. අධික වේදනාව නැති කිරීම පිණිස විශාල ප්‍රමාණයක මෝෆීන් ප්‍රමාණයක් රෝගියා වෙත එන්නත් කෙරුණු අතර, සෑම පැය භාගයකටම වරක් ඔහුගේ තත්වය පරීක්ෂා කරන ලෙස දන්වා ඔහුව දැඩි සත්කාර ඒකකය වෙත යොමු කරන ලදී. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom