Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආශ්වාදය දිය බිඳකි ආදීනව මහ සයුරකි.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආශ්වාදය දිය බිඳකි ආදීනව මහ සයුරකි.....

ආශ්වාදය දිය බිඳකි ආදීනව මහ සයුරකි

ස්වල්ප වූ ද හීන වූ ද කාමාස්වාදය, බියකරු ආදීනව රාශියකට හේතු වන අයුරු පැහැදිලි කැරෙන ලිපියකි.

විදර්ශනා භාවනාවෙහි යෙදෙන යෝගාවචරයාට දුක පිරිසිඳ දැකගන්නට යෝග්‍ය උතුම් භාවනාමය කමටහනෙකි මජ්ඣිම නිකායේ එන මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය. බුදු රජාණන් වහන්සේ මෙහිදී පංචකාමයෙහි ආස්වාදය දක්වන්නේ මෙසේ ය:

‘මහණෙනි, කාමයන්ගේ ආස්වාදය නම්, චක්ඛු විඤ්ඤාණයෙන් රූප දැක, රූප කාමයේ ආස්වාදය විඳ, සෝත විඤ්ඤාණයෙන් ශබ්ද අසා, ශබ්ද කාමයේ ආස්වාදය විඳ, ඝාන විඤ්ඤාණයෙන් ගඳ සුවඳ විඳ, ගන්ධ කාමයේ ආස්වාදය විඳ, ජිව්හා විඤ්ඤාණයෙන් රස විඳ, රස කාමයේ ආස්වාදය විඳ, කාය විඤ්ඤාණයේ පහස විඳ, ස්පර්ශ කාමයේ ආස්වාදය විඳ කාම සැප ලබන්නේ නම් එය කාමයාගේ ආස්වාදය යි.’

කාමයේ ආස්වාදය ස්වල්පයකි; ආදීනව නම් මහා භයානක ය. එහෙත් ඒ බිඳක් වූ කාම ආස්වාදය මිනිසා අන්ධයකු කරයි; අපාගාමී කරයි. ඕලාරික වූ කාම ආස්වාදයෙන් නොමඟ යා නොදී, මනස ලෝකෝත්තර වූ වේදනාවේ ආස්වාදයෙන් නිවා ලනු පිණිස මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය බුදු පියාණන් වහන්සේ දේශනා කළ සේක.

“මහණෙනි, කාමයාගේ ආස්වාදය, ආදීනවය සහ නිස්සරණය මනා කොට විඤ්ඤාණයෙන් පිරිසිඳ නොදකී නම් ඔහුට ජීවිතය විදසුන් නැණින් අවබෝධ කොටගත නොහැක්කේ ය.

“මහණෙනි, රූපයාගේ ආස්වාදය නම් කවරේ ද? සොළොස් හැවිරිදි වූ, ඉතා උස් නොවූ, ඉතා මිටි නොවූ, කෙට්ටු නොවූ, මහත් නොවූ, ඉතා කළු නොවූ, ඉතා සුදු නොවූ ක්ෂත්රිය හෝ බ්‍රාහ්මණ හෝ ගහපති හෝ කන්‍යාවක් වේ ද ඇයගේ ඒ ලස්සන රූපය නිසා සැපයෙක් සොම්නසෙක් උපදී ද ඒ රූපයාගේ ආස්වාදය යි.’

මේ සුළු ආස්වාදය ද අනිත්‍ය ය; එනම් වෙනස් වනසුලු ය; දුකට ම හේතු වෙයි. බුදු හිමියන් දක්වා වදාළ මේ ආස්වාදයේ දුර්-විපාක ජාතියේ විනාශය දක්වා ම විහිදී ගොස් ඇත. විශ්ව ගම්මාන නමැති මිථ්‍යා සංකල්පයක විපාක වශයෙන් ඒඩ්ස් නමැති මරළතෝනියෙන් මිනිසා ඔත්පළ ව සිටී. මේ අනිත්‍ය වූ ද දුක්ඛ වූ ද ආස්වාදයේ අමිහිරි කථාවක් 2012 දෙසැම්බර් මාසයේ ‘නමස්කාර’ සඟරාවේ පළ වී තිබිණි. ඒ ගැන විමසා බලන්නට පෙර මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේ දේශිත කාමයේ ආදීනව අපි දකිමු.

නැවැත බුදු රජාණන් වහන්සේ රූපයාගේ ආදීනව මෙසේ දක්වන සේක:

“මහණෙනි, රූපයෙන් පැහැපත් ආස්වාදනීය වූ එම නැගණිය ම සැත්තෑ, අසූ හැවිරිදි වයස්ගත වූවා, ජරා ජීරණ භාවයෙන් වැසුණි, වක් වූ කොන්දෙන් පීඩිත ව සැරයටියෙන් යන්නී දකින්නා තුළ කුමන නම් සිතිවිල්ලක් හට ගන්නේ ද? තව ද ඇඟ රැලි වැටී ඇති, පෙර වූ යොවුන් බව තුරන් වී ඇති ඒ නැගණිය කෙරේ පෙර හටගත් ඒ ආස්වාදය දැන් පවතින්නේ ද?

“නැවත ද මහණෙනි, දැඩි ලෙස ගිලන් වූ, තමන්ගේ ම මල මූත්‍රයෙහි ගැලී හොවින, අනුන් විසින් නැගිටුවනු ලබන එම නැඟණිය ම දකින්නේ ද කුමක් නම් සිතේ ද?

“මහණෙනි, මැරී දවසක්, දෙකක්, තුනක් ගත වී ගිය ඉදිමී නිල් වූ සොහොනෙහි දැමූ මළ සිරුරක් වූ එම නැඟණිය ම දක්නේ නම් හට ගන්නේ පිළිකුල ම ය. එය ද රූපයේ ආදීනවය වෙයි.

“එම නැගණියගේ ම වූ, කපුටන්, හිවලුන් කාදමන්නා වූ, සොහොනෙහි ලූ කුණු වී ගිය මළ සිරුර දක්නේ; එය ද රූපයේ ආදීනවය යි.

“මහණෙනි, නැවත ද ඇටසැකිල්ලක් වූ නහරවැලින් බැඳී ඇති මස් නැති ලේ නැති එම නැඟණියගේ ම සිරුර දක්නේ ද එය ද රූපයාගේ ආදීනවය යි. තව ද විසිර ගිය හිස් කබල එක් තැනක ය, අත් ඇට තව තැනක ය, පා ඇට තව තැනක ය. උකුල් ඇට තව තැනක ය. මෙසේ විසුරුණු ඇට ඇති, සොහොනෙහි දමන ලද එම නැඟණියගේ ම සිරුර දක්නේ, කුමක් හඟිණේ ද? මෙය ද රූපයාගේ ආදීනවය යි. අවුරුදු ගණන් ගෙවී ගිය හෙයින් සුදුවන් පැහැගත්, දිරාගිය එම ඇට කැබැලි දක්නේ, එය ද රූපයේ ආදීනවය යි.” (මජ්ඣිම නිකාය 1 - මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය, බුද්ධ ජයන්ති සිංහල පරිවර්තනය ඇසුරෙනි).

බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආස්වාදය සහ ආදීනවය පිළිබඳ ව යමක් සංවේදී මනසින් දකින්නට කවුරුන් හෝ සමත් වෙති යි මම සිතමි. අද බොහෝ දේශනා සිදු කැරෙන්නේත්, අසන්නේත් පරමාර්ථ ධර්මය අනුව නොවන නිසා ය. එහෙත් අපි මේ ගැන මඳක් සාකච්ඡා කරමු. දෙසැම්බර් මාසයේ ‘නමස්කාර’ සඟරාවේ 69 පිටුවේ ‘මට හිතෙන හැටි’ ලිපිය ගැන මට හිතෙන හැටි ය මේ. මේ සිදුවීම සත්‍යයක් ම යැ යි මම සිතමි. එසේ නම් එය ආස්වාදයේ තවත් පැතිකඩෙකි; වෙනත් ලෙසකින් කීවොත් මිනිස් සිතෙහි ජඩ ස්වභාවය කියා පෑමෙකි. සිහි නුවණින් මිදුණ මිනිස් සතා නන්දි රාගයෙන් මත් වූ කල ආදීනවය තුළින් ආස්වාදය ලබයි. කාමයෙන් ඔද්දල් වූ සිත ඕනෑ ම කසළ ගොඩක ම අමිහිරි සුවය ආස්වාදය කරයි; රස විඳියි.

“ඒ ගැහැනිය මෙසේ හඬා, දොඩයි: “අනේ! බුදු මහත්තයෝ... ගෙදර මාස එකහමාරක කිරි දරුවෙක් ඉන්නවා. දරුවො තුන් දෙනෙක් ඉස්කෝලෙ යනවා. මගෙ අම්මගෙ ඇස් පේන්නෙ නැහැ. මිනිහා දාල ගිහින්... මට අච්චු කරන්න එපා. බුදු බව ලැබෙයි. වඳින්නම්...”

ලොව පැරැණිතම වෘත්තියේ යෙදීමේ වරදට (ආස්වාදයට නො වේ) තෙමසකට බන්ධනාගාරගත වූ මැදිවියේ ස්ත්‍රියකගේ විලාපයේ කොටසකි ඒ උපුටා දැක්වූයේ.

දැන් දකින්න යෝනිසෝමනසිකාරයෙන්, දුක්ඛ වේදනාවේ ‘සැපය’ ලබන්නට සිරස් ව යන මිනිස් සතා ‘තිරස් ව යන සතකු’ වූ සැටි:

“රජ, සිටු, මැති, ඇමැති මන් කලඹවාලූ අනගි වස්ත්‍රාභරණයෙන් සැරැසුණු සුරූපී ලාලිත සිරුරෙන් හෙබි නගරශෝභිනියන් ගැන බණ කථා මම අසා ඇත්තෙමි. මම මඳකට මේ අසරණ ස්ත්‍රිය පිරික්සීමි. ගොමස්කඩ කඩමාලු හැට්ටයකින් හා කිලිටි රෙදි කඩෙකින් වැසුණ ඇයගේ සිරුර කුමන නම් ජීවියකු තුළ කාමෝද්දීපනයක් ඇති කළා දෝ යි මට නොවැටැහිණි.”

ඉන් නොනවතින ලේඛිකාව මිනිසාගේ කාමාස්වාදයේ අන්ධස්වභාවය මෙසේ ද තහවුරු කරයි:

“බුලත් කහටින් දුර්වර්ණ වී ගිය දෙතොල ද දින කීපයකින් සබන් වතුර නොපෙන්වූ මුහුණ ද, අවුල් වී ගිය හිසකෙස් ද, යාර කීපයක් දුරට විහිදුණ ඩහදිය කුයිල ද, කොයි ආකාරයකින් නම් පිරිමියකු වසඟ කෙරේ දැ යි යන්න ගැන අංශු මාත්‍රයක සේයාවකින් හෝ අදහාගැනීමට මම අපොහොසත් වීමි.”

මිනිස් සිතේ හටගන්නා ඕලාරික වූ ආස්වාදය නම් වූ පංචකාම තණ්හාව, විටෙක කොතරම් ගිනියම් වූයේ ද යත්: ඒ නිසා ම බුදු රජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේ අරභයා දැඩි විනය නීති පවා පනවන්නට සිදු විය. මිය ගිය ස්ත්‍රී ශරීරය පවා කාමෝද්දීපනය සඳහා සුන්දර වස්තුවක් වෙද්දී උපසම්පදා භික්ෂුත්වයෙන් පාරාජික වීමේ විනය නීතියක් ද එදා පැනැවිණි.

එසේ බලන විට මිනිසාගේ කාමාස්වාද අන්ධභාවය අද මෙන් ම එදා ද නොතිබුණා නො වේ. ශික්ෂණය නොවූ මිනිසාගේ චක්ඛු විඤ්ඤාණය අන්ධ ය; සෝත විඤ්ඤාණය බිහිරි ය; ඝාණ විඤ්ඤාණය දුබල ය; ජිව්හා විඤ්ඤාණය කුණු රස ය; කාය විඤ්ඤාණය ගොරෝසු ය; මනස විකෘති වී ඇත.

අර අහිංසක ස්ත්‍රිය එය කර ඇත්තේ මා සිතන සේ නම් ආස්වාදය පිණිස නො වේ; කාමාතුර පේ‍්‍රතයකුගේ නීච රස වින්දනය සපුරා, අහිංසකයන් කීප දෙනකුගේ කුසගින්න නිවීමේ අභිප්‍රායයෙනි. එහෙත් මෝහයෙන් මුළාවට ගියවුන්ගේ කාම ආස්වාදය නම් ඉතා පහත් ය.

අසුභය වඩා නිවන් අවබෝධය ලබන්නට සිතා සොහොනේ දමන ලද මිනී කුණක් සොයා ගිය භික්ෂුවක පණුවන් ගැවැසුණු ගැහැනු සිරුරක් දැක විදසුනෙන් මිදුණේ තමන්ගේ ගිහි කල යෙහෙළියගේ රූසපුව සිහිපත් වූ හෙයිනි.

තව ද භික්ෂුවක් සොහොන් පාලිකාව අමතා මෙසේ කී සේක: “නැගණිය, විදසුන් වඩන්නට නිසි මළ කුණක් දුටු දා මට කියන්න.” ඇයට දිනක් එබන්දක් හමු විය. ඒ හිමියනට ගොස් කාරණය දැන්විණි. උන් වහන්සේ රූමතියකගේ ඒ මළ කුණ දැක, “නැඟණිය, අසුභය දකින්නට සුදුසු විටක මට දන්වන්න” යි කී සේක. ඇය නුවණ ඇත්තියකි. ඕතොමෝ එම දේහය දර සොහොනක තබා ගිනි දල්වා භික්ෂූන් වහන්සේට දැන්වූවා ය. උන් වහන්සේ රූපස්කන්ධයාගේ ආදීනවය විදසුන් කොට ලොවුතුරු ආස්වාදයෙන් සැනැසී නිවීගිය සේක.

පුරුෂයකුට ස්ත්‍රියක නිසා හටගන්නා පංචකාම රසයත් ස්ත්‍රියකට පුරුෂයා නිසා හටගන්නා පංචකාම රසයත් තරම් ඕලාරික වූ සුඛ වේදනාවක් නැති බව බොහෝ සූත්‍ර දේශනාවන්හි බුදු හිමියන් දේශනා කර ඇත.

මිනිසා මුළා වූ සිහියෙන් තණ්හාව උපාදානය කරගෙන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයෙහි ඇලී සිටින තාක් ඔහු දුක නො දකී. හේ මාරයාගේ ග්රහණයෙන් නොමිදෙනු ඇත. පටිච්ච සමුප්පන්න ව (හේතු ඵල න්‍යායයෙන්) භවගත වූ මේ සම්මුති සත්ත්වයා අවිද්‍යාවෙන් හා තෘෂ්ණාවෙන් නොමිදුණේ නම් ඒකාන්තයෙන් ම ජරාව ව්‍යාධිය සහ මරණය උරුම කරගත්තේ අනන්ත වූ සංසාරයේ සැරි සරනු නියත ය. දෙතිස් කුණපයක් වූ තම කයට, තවත් කුණපගොඩක ස්පර්ශයෙන් ලබන ස්වල්ප වූ ද හීන වූ ද කාමාස්වාදය මාරයාගේ ආශීර්වාදය පිණිස ම වනු නියත ය.

දුසිරිත සහ සුසිරිත යන සංකල්ප දෙක ලෝකයේ විද්‍යමාන ය. ලෝකයේ ආගම් පහළ වූයේ මිනිසා දුසිරිතින් මුදනු පිණිස ය. සුසිරිතෙහි ඇලුණ අය ස්වර්ග සම්පත්ති ලබන බවත් දුසිරිතේ යෙදුණ අය අපා දුක් විඳින බවත් ඒ ඒ ශාස්තෲහු පෙන්වා දුන්හ.

එහෙත් පරමාර්ථ වශයෙන් සත්ත්වයකු නො ව, නාමරූප දෙකක එක් වීමත් බිඳීයෑමත් පටිච්ච සමුප්පාද න්‍යායය ඇසුරෙන් ප්රත්යක්ෂ ඥානයෙන් අවබෝධ කළ බුදුහිමියෝ චේතනාව කර්මය වශයෙන් දේශනා කළ සේක. බුදු දහම ප්‍රඥාවෙන් දකින්නා ඒකාන්ත වශයෙන් මෙසේ දකිනු ඇත: නාම - රූප දෙකකි. ‘ඇය’ ධාතු මාත්‍රයක් පමණි

Niwan maga (f.b.)

[QUOTE="Iron Monger, post: 16407724, member: 349634"] [b]ආශ්වාදය දිය බිඳකි ආදීනව මහ සයුරකි.....[/b] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-ash4/t1.0-9/q71/s480x480/998433_641405239260135_2105232056_n.jpg[/IMG] [SIZE=5] ආශ්වාදය දිය බිඳකි ආදීනව මහ සයුරකි ස්වල්ප වූ ද හීන වූ ද කාමාස්වාදය, බියකරු ආදීනව රාශියකට හේතු වන අයුරු පැහැදිලි කැරෙන ලිපියකි. විදර්ශනා භාවනාවෙහි යෙදෙන යෝගාවචරයාට දුක පිරිසිඳ දැකගන්නට යෝග්‍ය උතුම් භාවනාමය කමටහනෙකි මජ්ඣිම නිකායේ එන මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය. බුදු රජාණන් වහන්සේ මෙහිදී පංචකාමයෙහි ආස්වාදය දක්වන්නේ මෙසේ ය: ‘මහණෙනි, කාමයන්ගේ ආස්වාදය නම්, චක්ඛු විඤ්ඤාණයෙන් රූප දැක, රූප කාමයේ ආස්වාදය විඳ, සෝත විඤ්ඤාණයෙන් ශබ්ද අසා, ශබ්ද කාමයේ ආස්වාදය විඳ, ඝාන විඤ්ඤාණයෙන් ගඳ සුවඳ විඳ, ගන්ධ කාමයේ ආස්වාදය විඳ, ජිව්හා විඤ්ඤාණයෙන් රස විඳ, රස කාමයේ ආස්වාදය විඳ, කාය විඤ්ඤාණයේ පහස විඳ, ස්පර්ශ කාමයේ ආස්වාදය විඳ කාම සැප ලබන්නේ නම් එය කාමයාගේ ආස්වාදය යි.’ කාමයේ ආස්වාදය ස්වල්පයකි; ආදීනව නම් මහා භයානක ය. එහෙත් ඒ බිඳක් වූ කාම ආස්වාදය මිනිසා අන්ධයකු කරයි; අපාගාමී කරයි. ඕලාරික වූ කාම ආස්වාදයෙන් නොමඟ යා නොදී, මනස ලෝකෝත්තර වූ වේදනාවේ ආස්වාදයෙන් නිවා ලනු පිණිස මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය බුදු පියාණන් වහන්සේ දේශනා කළ සේක. “මහණෙනි, කාමයාගේ ආස්වාදය, ආදීනවය සහ නිස්සරණය මනා කොට විඤ්ඤාණයෙන් පිරිසිඳ නොදකී නම් ඔහුට ජීවිතය විදසුන් නැණින් අවබෝධ කොටගත නොහැක්කේ ය. “මහණෙනි, රූපයාගේ ආස්වාදය නම් කවරේ ද? සොළොස් හැවිරිදි වූ, ඉතා උස් නොවූ, ඉතා මිටි නොවූ, කෙට්ටු නොවූ, මහත් නොවූ, ඉතා කළු නොවූ, ඉතා සුදු නොවූ ක්ෂත්රිය හෝ බ්‍රාහ්මණ හෝ ගහපති හෝ කන්‍යාවක් වේ ද ඇයගේ ඒ ලස්සන රූපය නිසා සැපයෙක් සොම්නසෙක් උපදී ද ඒ රූපයාගේ ආස්වාදය යි.’ මේ සුළු ආස්වාදය ද අනිත්‍ය ය; එනම් වෙනස් වනසුලු ය; දුකට ම හේතු වෙයි. බුදු හිමියන් දක්වා වදාළ මේ ආස්වාදයේ දුර්-විපාක ජාතියේ විනාශය දක්වා ම විහිදී ගොස් ඇත. විශ්ව ගම්මාන නමැති මිථ්‍යා සංකල්පයක විපාක වශයෙන් ඒඩ්ස් නමැති මරළතෝනියෙන් මිනිසා ඔත්පළ ව සිටී. මේ අනිත්‍ය වූ ද දුක්ඛ වූ ද ආස්වාදයේ අමිහිරි කථාවක් 2012 දෙසැම්බර් මාසයේ ‘නමස්කාර’ සඟරාවේ පළ වී තිබිණි. ඒ ගැන විමසා බලන්නට පෙර මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේ දේශිත කාමයේ ආදීනව අපි දකිමු. නැවැත බුදු රජාණන් වහන්සේ රූපයාගේ ආදීනව මෙසේ දක්වන සේක: “මහණෙනි, රූපයෙන් පැහැපත් ආස්වාදනීය වූ එම නැගණිය ම සැත්තෑ, අසූ හැවිරිදි වයස්ගත වූවා, ජරා ජීරණ භාවයෙන් වැසුණි, වක් වූ කොන්දෙන් පීඩිත ව සැරයටියෙන් යන්නී දකින්නා තුළ කුමන නම් සිතිවිල්ලක් හට ගන්නේ ද? තව ද ඇඟ රැලි වැටී ඇති, පෙර වූ යොවුන් බව තුරන් වී ඇති ඒ නැගණිය කෙරේ පෙර හටගත් ඒ ආස්වාදය දැන් පවතින්නේ ද? “නැවත ද මහණෙනි, දැඩි ලෙස ගිලන් වූ, තමන්ගේ ම මල මූත්‍රයෙහි ගැලී හොවින, අනුන් විසින් නැගිටුවනු ලබන එම නැඟණිය ම දකින්නේ ද කුමක් නම් සිතේ ද? “මහණෙනි, මැරී දවසක්, දෙකක්, තුනක් ගත වී ගිය ඉදිමී නිල් වූ සොහොනෙහි දැමූ මළ සිරුරක් වූ එම නැඟණිය ම දක්නේ නම් හට ගන්නේ පිළිකුල ම ය. එය ද රූපයේ ආදීනවය වෙයි. “එම නැගණියගේ ම වූ, කපුටන්, හිවලුන් කාදමන්නා වූ, සොහොනෙහි ලූ කුණු වී ගිය මළ සිරුර දක්නේ; එය ද රූපයේ ආදීනවය යි. “මහණෙනි, නැවත ද ඇටසැකිල්ලක් වූ නහරවැලින් බැඳී ඇති මස් නැති ලේ නැති එම නැඟණියගේ ම සිරුර දක්නේ ද එය ද රූපයාගේ ආදීනවය යි. තව ද විසිර ගිය හිස් කබල එක් තැනක ය, අත් ඇට තව තැනක ය, පා ඇට තව තැනක ය. උකුල් ඇට තව තැනක ය. මෙසේ විසුරුණු ඇට ඇති, සොහොනෙහි දමන ලද එම නැඟණියගේ ම සිරුර දක්නේ, කුමක් හඟිණේ ද? මෙය ද රූපයාගේ ආදීනවය යි. අවුරුදු ගණන් ගෙවී ගිය හෙයින් සුදුවන් පැහැගත්, දිරාගිය එම ඇට කැබැලි දක්නේ, එය ද රූපයේ ආදීනවය යි.” (මජ්ඣිම නිකාය 1 - මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය, බුද්ධ ජයන්ති සිංහල පරිවර්තනය ඇසුරෙනි). බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආස්වාදය සහ ආදීනවය පිළිබඳ ව යමක් සංවේදී මනසින් දකින්නට කවුරුන් හෝ සමත් වෙති යි මම සිතමි. අද බොහෝ දේශනා සිදු කැරෙන්නේත්, අසන්නේත් පරමාර්ථ ධර්මය අනුව නොවන නිසා ය. එහෙත් අපි මේ ගැන මඳක් සාකච්ඡා කරමු. දෙසැම්බර් මාසයේ ‘නමස්කාර’ සඟරාවේ 69 පිටුවේ ‘මට හිතෙන හැටි’ ලිපිය ගැන මට හිතෙන හැටි ය මේ. මේ සිදුවීම සත්‍යයක් ම යැ යි මම සිතමි. එසේ නම් එය ආස්වාදයේ තවත් පැතිකඩෙකි; වෙනත් ලෙසකින් කීවොත් මිනිස් සිතෙහි ජඩ ස්වභාවය කියා පෑමෙකි. සිහි නුවණින් මිදුණ මිනිස් සතා නන්දි රාගයෙන් මත් වූ කල ආදීනවය තුළින් ආස්වාදය ලබයි. කාමයෙන් ඔද්දල් වූ සිත ඕනෑ ම කසළ ගොඩක ම අමිහිරි සුවය ආස්වාදය කරයි; රස විඳියි. “ඒ ගැහැනිය මෙසේ හඬා, දොඩයි: “අනේ! බුදු මහත්තයෝ... ගෙදර මාස එකහමාරක කිරි දරුවෙක් ඉන්නවා. දරුවො තුන් දෙනෙක් ඉස්කෝලෙ යනවා. මගෙ අම්මගෙ ඇස් පේන්නෙ නැහැ. මිනිහා දාල ගිහින්... මට අච්චු කරන්න එපා. බුදු බව ලැබෙයි. වඳින්නම්...” ලොව පැරැණිතම වෘත්තියේ යෙදීමේ වරදට (ආස්වාදයට නො වේ) තෙමසකට බන්ධනාගාරගත වූ මැදිවියේ ස්ත්‍රියකගේ විලාපයේ කොටසකි ඒ උපුටා දැක්වූයේ. දැන් දකින්න යෝනිසෝමනසිකාරයෙන්, දුක්ඛ වේදනාවේ ‘සැපය’ ලබන්නට සිරස් ව යන මිනිස් සතා ‘තිරස් ව යන සතකු’ වූ සැටි: “රජ, සිටු, මැති, ඇමැති මන් කලඹවාලූ අනගි වස්ත්‍රාභරණයෙන් සැරැසුණු සුරූපී ලාලිත සිරුරෙන් හෙබි නගරශෝභිනියන් ගැන බණ කථා මම අසා ඇත්තෙමි. මම මඳකට මේ අසරණ ස්ත්‍රිය පිරික්සීමි. ගොමස්කඩ කඩමාලු හැට්ටයකින් හා කිලිටි රෙදි කඩෙකින් වැසුණ ඇයගේ සිරුර කුමන නම් ජීවියකු තුළ කාමෝද්දීපනයක් ඇති කළා දෝ යි මට නොවැටැහිණි.” ඉන් නොනවතින ලේඛිකාව මිනිසාගේ කාමාස්වාදයේ අන්ධස්වභාවය මෙසේ ද තහවුරු කරයි: “බුලත් කහටින් දුර්වර්ණ වී ගිය දෙතොල ද දින කීපයකින් සබන් වතුර නොපෙන්වූ මුහුණ ද, අවුල් වී ගිය හිසකෙස් ද, යාර කීපයක් දුරට විහිදුණ ඩහදිය කුයිල ද, කොයි ආකාරයකින් නම් පිරිමියකු වසඟ කෙරේ දැ යි යන්න ගැන අංශු මාත්‍රයක සේයාවකින් හෝ අදහාගැනීමට මම අපොහොසත් වීමි.” මිනිස් සිතේ හටගන්නා ඕලාරික වූ ආස්වාදය නම් වූ පංචකාම තණ්හාව, විටෙක කොතරම් ගිනියම් වූයේ ද යත්: ඒ නිසා ම බුදු රජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේ අරභයා දැඩි විනය නීති පවා පනවන්නට සිදු විය. මිය ගිය ස්ත්‍රී ශරීරය පවා කාමෝද්දීපනය සඳහා සුන්දර වස්තුවක් වෙද්දී උපසම්පදා භික්ෂුත්වයෙන් පාරාජික වීමේ විනය නීතියක් ද එදා පැනැවිණි. එසේ බලන විට මිනිසාගේ කාමාස්වාද අන්ධභාවය අද මෙන් ම එදා ද නොතිබුණා නො වේ. ශික්ෂණය නොවූ මිනිසාගේ චක්ඛු විඤ්ඤාණය අන්ධ ය; සෝත විඤ්ඤාණය බිහිරි ය; ඝාණ විඤ්ඤාණය දුබල ය; ජිව්හා විඤ්ඤාණය කුණු රස ය; කාය විඤ්ඤාණය ගොරෝසු ය; මනස විකෘති වී ඇත. අර අහිංසක ස්ත්‍රිය එය කර ඇත්තේ මා සිතන සේ නම් ආස්වාදය පිණිස නො වේ; කාමාතුර පේ‍්‍රතයකුගේ නීච රස වින්දනය සපුරා, අහිංසකයන් කීප දෙනකුගේ කුසගින්න නිවීමේ අභිප්‍රායයෙනි. එහෙත් මෝහයෙන් මුළාවට ගියවුන්ගේ කාම ආස්වාදය නම් ඉතා පහත් ය. අසුභය වඩා නිවන් අවබෝධය ලබන්නට සිතා සොහොනේ දමන ලද මිනී කුණක් සොයා ගිය භික්ෂුවක පණුවන් ගැවැසුණු ගැහැනු සිරුරක් දැක විදසුනෙන් මිදුණේ තමන්ගේ ගිහි කල යෙහෙළියගේ රූසපුව සිහිපත් වූ හෙයිනි. තව ද භික්ෂුවක් සොහොන් පාලිකාව අමතා මෙසේ කී සේක: “නැගණිය, විදසුන් වඩන්නට නිසි මළ කුණක් දුටු දා මට කියන්න.” ඇයට දිනක් එබන්දක් හමු විය. ඒ හිමියනට ගොස් කාරණය දැන්විණි. උන් වහන්සේ රූමතියකගේ ඒ මළ කුණ දැක, “නැඟණිය, අසුභය දකින්නට සුදුසු විටක මට දන්වන්න” යි කී සේක. ඇය නුවණ ඇත්තියකි. ඕතොමෝ එම දේහය දර සොහොනක තබා ගිනි දල්වා භික්ෂූන් වහන්සේට දැන්වූවා ය. උන් වහන්සේ රූපස්කන්ධයාගේ ආදීනවය විදසුන් කොට ලොවුතුරු ආස්වාදයෙන් සැනැසී නිවීගිය සේක. පුරුෂයකුට ස්ත්‍රියක නිසා හටගන්නා පංචකාම රසයත් ස්ත්‍රියකට පුරුෂයා නිසා හටගන්නා පංචකාම රසයත් තරම් ඕලාරික වූ සුඛ වේදනාවක් නැති බව බොහෝ සූත්‍ර දේශනාවන්හි බුදු හිමියන් දේශනා කර ඇත. මිනිසා මුළා වූ සිහියෙන් තණ්හාව උපාදානය කරගෙන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයෙහි ඇලී සිටින තාක් ඔහු දුක නො දකී. හේ මාරයාගේ ග්රහණයෙන් නොමිදෙනු ඇත. පටිච්ච සමුප්පන්න ව (හේතු ඵල න්‍යායයෙන්) භවගත වූ මේ සම්මුති සත්ත්වයා අවිද්‍යාවෙන් හා තෘෂ්ණාවෙන් නොමිදුණේ නම් ඒකාන්තයෙන් ම ජරාව ව්‍යාධිය සහ මරණය උරුම කරගත්තේ අනන්ත වූ සංසාරයේ සැරි සරනු නියත ය. දෙතිස් කුණපයක් වූ තම කයට, තවත් කුණපගොඩක ස්පර්ශයෙන් ලබන ස්වල්ප වූ ද හීන වූ ද කාමාස්වාදය මාරයාගේ ආශීර්වාදය පිණිස ම වනු නියත ය. දුසිරිත සහ සුසිරිත යන සංකල්ප දෙක ලෝකයේ විද්‍යමාන ය. ලෝකයේ ආගම් පහළ වූයේ මිනිසා දුසිරිතින් මුදනු පිණිස ය. සුසිරිතෙහි ඇලුණ අය ස්වර්ග සම්පත්ති ලබන බවත් දුසිරිතේ යෙදුණ අය අපා දුක් විඳින බවත් ඒ ඒ ශාස්තෲහු පෙන්වා දුන්හ. එහෙත් පරමාර්ථ වශයෙන් සත්ත්වයකු නො ව, නාමරූප දෙකක එක් වීමත් බිඳීයෑමත් පටිච්ච සමුප්පාද න්‍යායය ඇසුරෙන් ප්රත්යක්ෂ ඥානයෙන් අවබෝධ කළ බුදුහිමියෝ චේතනාව කර්මය වශයෙන් දේශනා කළ සේක. බුදු දහම ප්‍රඥාවෙන් දකින්නා ඒකාන්ත වශයෙන් මෙසේ දකිනු ඇත: නාම - රූප දෙකකි. ‘ඇය’ ධාතු මාත්‍රයක් පමණි [SIZE=5][SIZE=1]Niwan maga (f.b.)[/SIZE][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom