Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආසන ක්‍රමය ආවොත් හාන්සි වෙන්නේ කවුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආසන ක්‍රමය ආවොත් හාන්සි වෙන්නේ කවුද?

copyright: Mawbima newpaper

"අපි තැටිය රත් කරලා දුන්නේ රොටිය පුච්ච ගන්න. ඒත් මේ ආණ්ඩුව රොටිය පුච්චන්නේ නැතිව රත් වෙච්ච තැටිය ළඟ ගිනි තපිනවා."මාදුළුවාවේ සෝභිත හිමි.

"මේ ආණ්ඩුව වැඩ කරන විදිය ගැන මම ඉන්නෙ කලකිරීමෙන් හා කනස්සල්ලෙන්."

අතුරලියේ රතන හිමි.

සෝභිත හිමි හා රතන හිමි කියන්නේමෛත්රිපාලව දිනවන්න, යහපාලනය ගෙනෙන්න මුලින්ම පාරට බැහැපු දෙන්නාය. යහපාලන සටනේ පෙරගමන්කරුවන් දෙන්නාය. හැබැයි මේ දෙන්නත් යහපාලන ආණ්ඩුව ගැන දැන් ඉන්නේ කලකිරිලාය. බුලත් පයියටත් හෙණ ගැහුවා නම් හුනු කිල්ලෝටය ගැන කවර කතාද කියලා කියන්නේ මෙන්න මේ වාගේ වෙලාවටය. සෝභිත හාමුදුරුවනුත්, රතන හාමුදුරුවනුත් යහපාලනය ගැන කලකිරිලා නම් හුදී ජනයා ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැත.

අද දින 100 පොරොන්දු ගැන කාටවත් මතක නැත. දින 100 කාලසටහනේ තිබ්බ ඒවා මොකවත් වෙලාත් නැත. වැඩකට ඇති දේකට වෙලා තියෙන්නේ තෙල් අඩු කරපු එක විතරය. අල්ලපු හොරෙකුත් නැත. හොයාගත්ත දූෂණයකුත් නැත. කුඩුකාරයන්, එතනෝල්කාරයන් ගැන කිසිම කතාවක් නැත. විමල් වීරවංශගේ නෝනාගේ උපන් දිනයේ අවුලක් හොයා ගත්තා කියලා නම් යහපාලන ආණ්ඩුව ලොකු සද්දයක් දමයි. ඊට අමතරව අරලියගහ මන්දිරයේ තාප්පයේ තිබුණු මල් පෝච්චි වගයක් ඉවත් කිරීමෙන් ලොකු ගාණක් ඉතිරි කරගත් බව පවසයි. හැබැයි හිටපු ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් සිය දෙනකුට අමාත්‍යංශවලින් වාහන දෙක බැගින් දෙන්නත්, ඒ වාහනවලට තෙල් දෙන්නත්, වැඩිපුර ආරක්ෂකයන් දෙන්නත් ජනතා මුදල් නාස්ති කිරීම ගැන යහපාලන ආණ්ඩුව වචනයක්වත් කතා නොකරයි.

යහ පාලනය ක්‍රමයෙන් ගව පාලනය වෙමින් පවතිද්දී මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබේ. මෛත්‍රිපාල දින 100 වැඩපිළිවෙළ හරහා ජනතාවට පොරොන්දු වුණේ සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනුවට, මනාප ක්‍රමය වෙනුවට ආසන ක්රමයේ හා සමානුපාතික ක්රමයේ මිශ්‍රණයක් සහිත අලුත් මැතිවරණ ක්‍රමයක් ගේනවා කියලාය. හැබැයි මේ පොරොන්දුව පහුගිය දවස්වල හැමෝටම අමතක වුණේය. එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මේ පොරොන්දුව හිතා මතාම අමතක කරන්න උත්සාහ ගත්තේය. මොකද ආසන ක්‍රමය ආපහු ආවොත් ඒකෙන් ලොකුම අවාසිය සිද්ධ වෙන්නේ එක්සත් ජාතික පක්ෂයටත්, ජනතා විමුක්ති පෙරමුණටත්ය. ආසන ක්‍රමය ආවොත් ජනතා විමුක්ති පෙරමුණට එකම ආසනයක්වත් දිනාගන්න බැරි වෙන බව අමුතුවෙන් කියන්න ඕනෑ නැත. මොකද ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ කිසිම මැතිවරණයකදී මැතිවරණ කොට්ඨාසයක් හෙවත් ආසනයක් දිනලා නැත. අඩුම තරමේ ජවිපෙ තමන්ගේ බලකොටුව වුණු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසනයක දෙවැනි තැනටවත් ඇවිල්ලා නැත. ඉතින් එහෙම බලනකොට ආසන ක්‍රමය ආවොත් ජනතා විමුක්ති පෙරමුණ හාන්සිය.

ආසන ක්‍රමය ආවොත් ඊළඟට හාන්සි වෙන්නේ එක්සත් ජාතික පක්ෂයය. මැතිවරණ ක්‍රමය වෙනස් කරනවාට එක්සත් ජාතික පක්ෂය මාරාන්තික විරෝධයක් දක්වන්නේ ඒ නිසාය. අනුර දිසානායකට වාගේම රනිල්ටත් ඕනෑ වෙලා තියෙන්නේ තියෙන මැතිවරණ ක්‍රමය වෙනස් නොකර මහ මැතිවරණයට යන්නය. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඕනෑ මැතිවරණ ක්‍රමය වෙනස් කරලා ඉවර වෙලා මහ මැතිවරණයට යන්නය. ඒකට ලොකු හේතුවක් තිබේ.

පහුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලය දෙස අවධානය යොමු කළොත් උතුර හා නැඟෙනහිර පළාත් දෙකේ හැර අනෙක් පළාත් හතේ් මැතිවරණ කොට්ඨාස 136න් 88ක් දිනලා තියෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයය. හංසයාට දිනන්න පුළුවන් වෙලා තියෙන්නේ මැතිවරණ කොට්ඨාස 48ක් විතරය. ඉතින් එහෙම බලනකොට කොට්ඨාස ක්‍රමයට මහ මැතිවරණය තිබ්බොත් එක්සත් ජාතික පක්ෂයට අබ සරණය. පහුගිය ජනාධිපතිවරණයේදී හංසයා මැතිවරණ කොට්ඨාස 48ක් දින්නේ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, ප්රජාතන්ත්රවාදී පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය, කඳුරට ජනතා පෙරමුණ හා දිගම්බරම්ගේ පක්ෂය එකට එකතු වෙලා හංසයා ලකුණ යටතේ තරගයට ඉදිරිපත් වුණු නිසාය.

මේ අය බෙදිලා වෙන වෙනම ඉල්ලුවා නම් හංසයාට මේ මැතිවරණ කොට්ඨාස 48වත් දිනා ගන්න ලැබෙන්නේ නැත. ඉදිරි මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය හා ප්රජාතන්ත්රවාදී පක්ෂය වෙන වෙනම ඉල්ලන නිසා එක්සත් ජාතික පක්ෂයට දිනාගන්න පුළුවන් මැතිවරණ කොට්ඨාස ගණන 48ටත් වඩා අඩු වන එක ෂුවර්ය. ඉතින් එහෙම බලනකොට ආසන ක්‍රමය ගේනවා කියන්නේ එක්සත් ජාතික පක්ෂය අතින් අරන් කටේ පස් දාගන්නවා වාගේ වැඩකි. ආසන ක්‍රමය ආවොත් උතුර හා නැඟෙනහිර දෙපළාතේ දෙමළ හා මුස්ලිම් ජනතාව වැඩිපුර ඉන්න ආසන ටික දිනන්නේ දෙමළ සන්ධානය හා මුස්ලිම් කොංග්රසයය. සිංහල ජනතාව වැඩිපුර ඉන්න සේරුවිල හා අම්පාර යන ආසන දෙක දිනන්නේ් සන්ධානයය. එහෙම බැලුවාම මුළු රටෙන්ම වැඩිම ආසන ගණනක් දිනාගන්න පුළුවන් වෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටය. ආසන ක්‍රමය ගෙනෙනවාට එක්සත් ජාතික පක්ෂය අකැමැති ඔන්න ඔය නිසාය. ආසන ක්‍රමය ගේනවාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැමැති ඔන්න ඔය නිසාය.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි අතර ගැටුම ඇතිවෙලා තියෙන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන්ය. හැබැයි පහුුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කළේ විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීම හා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම එක පාර කරන්න ඕන කියලාය. හැබැයි රනිල් කියන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කල් මදි කියලාය. ඊළඟ ඡන්දය සමානුපාතික ක්‍රමය යටතේම තියලා ඊට පසුව එන ඡන්දය අලුත් ක්‍රමයට තියමු කියලාය. හැබැයි දැන් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමයි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි දෙකම එකට කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කරලා ඉවරය. දැන් රනිල්ට වෙන්නේ අකුළාගෙන ඉන්නය.

පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැතිව පිනා චාන්ස් එකකට අගමැති වුණාම වෙන කරන්න දෙයක් නැත.

ඉවසාගෙන ඉන්න වෙනවාය. බහුතරය නැති අගමැතිකමත් වලිගය නැති ගොනා වාගේය.

හැබැයි ඇත්තටම ගත්තොත් වඩා ප්රජාතන්ත්රවාදී ක්‍රමය වන්නේ සමානුපාතික මැතිවරණ ක්රමයය. ජනතාවගේ සැබෑ කැමැත්ත හොඳින් නිරූපණය වන්නේ සමානුපාතික මැතිවරණ ක්‍රමයේදීය. ඒත් ජනතාව කැමැති ආසන ක්රමයටය. වඩාත් ප්රජාතන්ත්රවාදී මනාප ක්රමයය. මනාප ක්‍රමය තියෙන විට ජනතාවට තමන් කැමැති අපේක්ෂකයා කවුද කියලා තෝරා ගන්න පුළුවන්ය. හැබැයි ආසන ක්‍රමයේදී තමන්ගේ ආසනයට තමන්ගේ පක්ෂය දාන අපේක්ෂකයාට තමන් කැමැති වුණත් අකැමැති වුණත් ඡන්දය දෙන්න ඡන්ද දායකයාට සිදුවේ. සමානුපාතික නියෝජන ක්‍රමයේදී තමන් අකැමැති අපේක්ෂකයන්ට මනාප නොදී කැමැති අපේක්ෂකයන්ට විතරක් මනාප දෙන්න පුළුවන්කම තිබේ. ඒත් ආසන ක්‍රමයේදී එහෙම බැරිය. ඒ කොහොම වුණත් රටේ බහුතර ජනතාවගේ කැමැත්ත තියෙන්නේ තමන්ගේ ආසනයට මන්ත්‍රි කෙනකු පත්වන ආසන ක්රමයටය.

අලුතෙන් ගේන්න යන්නේ අන්න ඒ වාගේ සෑම ආසනයකටම මන්ත්‍රිවරුන් පත්වෙන ක්රමයකි. එය ආසන ක්‍රමයේත් සමානුපාතික ක්‍රමයේත් මිශ්‍රණයක් ලෙස සැලැකේ. කොහොම වුණත් මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ පොරොන්දුව ගැන යහපාලන ආණ්ඩුව ඇතුළේ අර්බුද රැසක් ඇතිවෙලා තිබේ. ඊළඟ මහ මැතිවරණයට කලින් මැතිවරණ ක්‍රමය වෙනස් කර අලුත් මැතිවරණ ක්‍රමය යටතේ ඊළඟ මහ මැතිවරණය තියන්න තීන්දු කළොත් ඒක රනිල්ට ගහන තෙවැනි දේශපාලන කනේ පාරය. රනිල්ගේ ඥාති සොහොයුරා වූ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධනගේ ත්‍රිවිධ හමුදාව ඉවත් කර ජනාධිපතිවරයා යටතට ගැනීම රනිල්ට ගැසූ පළමු දේශපාලන කනේ පාරය. ජාතික ආණ්ඩු යෝජනාවක් ගෙන ඒම රනිල්ට ගැසූ දෙවැනි දේශපාලන කනේ පාරය. දැන් මැතිවරණය ක්‍රමයත් විධායක ජනාධිපති ක්‍රමයත් එකවර වෙනස් කිරීමට තීරණයක් ගැනීමෙන් රනිල්ට තෙවැනි දේශපාලන කනේ් පාරත් ගහලා තිබේ.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ගත් තීරණය රනිල්ට වාගේම අනුර දිසානායකටත් ගැසූ දේශපාලන කනේ පාරකි. ඒ කනේ පාරේ සැරට රනිල්ට කලන්තේ හැදෙනකොට අනුර දිසානායක සිහි නැතිව බිම ඇදගෙන වැටෙන එක පුදුමයක් නොවේ.

දේශපාලනයේ සදාකාලික හතුරන් වාගේම සදාකාලික මිතුරන් නැහැ කියලා රනිල්ටත් අනුර දිසානායකටත් දැන් තවත් පාරක් තේරුම් ගිහිල්ලා ඇති බවට සැකයක් නැත.

සඳුන් ජීවන්ත

[QUOTE="BINGU_PUTHA, post: 18017216, member: 469273"] [b]ආසන ක්‍රමය ආවොත් හාන්සි වෙන්නේ කවුද?[/b] [SIZE="4"] copyright: Mawbima newpaper "අපි තැටිය රත් කරලා දුන්නේ රොටිය පුච්ච ගන්න. ඒත් මේ ආණ්ඩුව රොටිය පුච්චන්නේ නැතිව රත් වෙච්ච තැටිය ළඟ ගිනි තපිනවා."මාදුළුවාවේ සෝභිත හිමි. "මේ ආණ්ඩුව වැඩ කරන විදිය ගැන මම ඉන්නෙ කලකිරීමෙන් හා කනස්සල්ලෙන්." අතුරලියේ රතන හිමි. සෝභිත හිමි හා රතන හිමි කියන්නේමෛත්රිපාලව දිනවන්න, යහපාලනය ගෙනෙන්න මුලින්ම පාරට බැහැපු දෙන්නාය. යහපාලන සටනේ පෙරගමන්කරුවන් දෙන්නාය. හැබැයි මේ දෙන්නත් යහපාලන ආණ්ඩුව ගැන දැන් ඉන්නේ කලකිරිලාය. බුලත් පයියටත් හෙණ ගැහුවා නම් හුනු කිල්ලෝටය ගැන කවර කතාද කියලා කියන්නේ මෙන්න මේ වාගේ වෙලාවටය. සෝභිත හාමුදුරුවනුත්, රතන හාමුදුරුවනුත් යහපාලනය ගැන කලකිරිලා නම් හුදී ජනයා ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැත. අද දින 100 පොරොන්දු ගැන කාටවත් මතක නැත. දින 100 කාලසටහනේ තිබ්බ ඒවා මොකවත් වෙලාත් නැත. වැඩකට ඇති දේකට වෙලා තියෙන්නේ තෙල් අඩු කරපු එක විතරය. අල්ලපු හොරෙකුත් නැත. හොයාගත්ත දූෂණයකුත් නැත. කුඩුකාරයන්, එතනෝල්කාරයන් ගැන කිසිම කතාවක් නැත. විමල් වීරවංශගේ නෝනාගේ උපන් දිනයේ අවුලක් හොයා ගත්තා කියලා නම් යහපාලන ආණ්ඩුව ලොකු සද්දයක් දමයි. ඊට අමතරව අරලියගහ මන්දිරයේ තාප්පයේ තිබුණු මල් පෝච්චි වගයක් ඉවත් කිරීමෙන් ලොකු ගාණක් ඉතිරි කරගත් බව පවසයි. හැබැයි හිටපු ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් සිය දෙනකුට අමාත්‍යංශවලින් වාහන දෙක බැගින් දෙන්නත්, ඒ වාහනවලට තෙල් දෙන්නත්, වැඩිපුර ආරක්ෂකයන් දෙන්නත් ජනතා මුදල් නාස්ති කිරීම ගැන යහපාලන ආණ්ඩුව වචනයක්වත් කතා නොකරයි. යහ පාලනය ක්‍රමයෙන් ගව පාලනය වෙමින් පවතිද්දී මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබේ. මෛත්‍රිපාල දින 100 වැඩපිළිවෙළ හරහා ජනතාවට පොරොන්දු වුණේ සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනුවට, මනාප ක්‍රමය වෙනුවට ආසන ක්රමයේ හා සමානුපාතික ක්රමයේ මිශ්‍රණයක් සහිත අලුත් මැතිවරණ ක්‍රමයක් ගේනවා කියලාය. හැබැයි මේ පොරොන්දුව පහුගිය දවස්වල හැමෝටම අමතක වුණේය. එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මේ පොරොන්දුව හිතා මතාම අමතක කරන්න උත්සාහ ගත්තේය. මොකද ආසන ක්‍රමය ආපහු ආවොත් ඒකෙන් ලොකුම අවාසිය සිද්ධ වෙන්නේ එක්සත් ජාතික පක්ෂයටත්, ජනතා විමුක්ති පෙරමුණටත්ය. ආසන ක්‍රමය ආවොත් ජනතා විමුක්ති පෙරමුණට එකම ආසනයක්වත් දිනාගන්න බැරි වෙන බව අමුතුවෙන් කියන්න ඕනෑ නැත. මොකද ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ කිසිම මැතිවරණයකදී මැතිවරණ කොට්ඨාසයක් හෙවත් ආසනයක් දිනලා නැත. අඩුම තරමේ ජවිපෙ තමන්ගේ බලකොටුව වුණු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසනයක දෙවැනි තැනටවත් ඇවිල්ලා නැත. ඉතින් එහෙම බලනකොට ආසන ක්‍රමය ආවොත් ජනතා විමුක්ති පෙරමුණ හාන්සිය. ආසන ක්‍රමය ආවොත් ඊළඟට හාන්සි වෙන්නේ එක්සත් ජාතික පක්ෂයය. මැතිවරණ ක්‍රමය වෙනස් කරනවාට එක්සත් ජාතික පක්ෂය මාරාන්තික විරෝධයක් දක්වන්නේ ඒ නිසාය. අනුර දිසානායකට වාගේම රනිල්ටත් ඕනෑ වෙලා තියෙන්නේ තියෙන මැතිවරණ ක්‍රමය වෙනස් නොකර මහ මැතිවරණයට යන්නය. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඕනෑ මැතිවරණ ක්‍රමය වෙනස් කරලා ඉවර වෙලා මහ මැතිවරණයට යන්නය. ඒකට ලොකු හේතුවක් තිබේ. පහුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලය දෙස අවධානය යොමු කළොත් උතුර හා නැඟෙනහිර පළාත් දෙකේ හැර අනෙක් පළාත් හතේ් මැතිවරණ කොට්ඨාස 136න් 88ක් දිනලා තියෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයය. හංසයාට දිනන්න පුළුවන් වෙලා තියෙන්නේ මැතිවරණ කොට්ඨාස 48ක් විතරය. ඉතින් එහෙම බලනකොට කොට්ඨාස ක්‍රමයට මහ මැතිවරණය තිබ්බොත් එක්සත් ජාතික පක්ෂයට අබ සරණය. පහුගිය ජනාධිපතිවරණයේදී හංසයා මැතිවරණ කොට්ඨාස 48ක් දින්නේ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, ප්රජාතන්ත්රවාදී පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය, කඳුරට ජනතා පෙරමුණ හා දිගම්බරම්ගේ පක්ෂය එකට එකතු වෙලා හංසයා ලකුණ යටතේ තරගයට ඉදිරිපත් වුණු නිසාය. මේ අය බෙදිලා වෙන වෙනම ඉල්ලුවා නම් හංසයාට මේ මැතිවරණ කොට්ඨාස 48වත් දිනා ගන්න ලැබෙන්නේ නැත. ඉදිරි මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය හා ප්රජාතන්ත්රවාදී පක්ෂය වෙන වෙනම ඉල්ලන නිසා එක්සත් ජාතික පක්ෂයට දිනාගන්න පුළුවන් මැතිවරණ කොට්ඨාස ගණන 48ටත් වඩා අඩු වන එක ෂුවර්ය. ඉතින් එහෙම බලනකොට ආසන ක්‍රමය ගේනවා කියන්නේ එක්සත් ජාතික පක්ෂය අතින් අරන් කටේ පස් දාගන්නවා වාගේ වැඩකි. ආසන ක්‍රමය ආවොත් උතුර හා නැඟෙනහිර දෙපළාතේ දෙමළ හා මුස්ලිම් ජනතාව වැඩිපුර ඉන්න ආසන ටික දිනන්නේ දෙමළ සන්ධානය හා මුස්ලිම් කොංග්රසයය. සිංහල ජනතාව වැඩිපුර ඉන්න සේරුවිල හා අම්පාර යන ආසන දෙක දිනන්නේ් සන්ධානයය. එහෙම බැලුවාම මුළු රටෙන්ම වැඩිම ආසන ගණනක් දිනාගන්න පුළුවන් වෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටය. ආසන ක්‍රමය ගෙනෙනවාට එක්සත් ජාතික පක්ෂය අකැමැති ඔන්න ඔය නිසාය. ආසන ක්‍රමය ගේනවාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැමැති ඔන්න ඔය නිසාය. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි අතර ගැටුම ඇතිවෙලා තියෙන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන්ය. හැබැයි පහුුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කළේ විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීම හා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම එක පාර කරන්න ඕන කියලාය. හැබැයි රනිල් කියන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කල් මදි කියලාය. ඊළඟ ඡන්දය සමානුපාතික ක්‍රමය යටතේම තියලා ඊට පසුව එන ඡන්දය අලුත් ක්‍රමයට තියමු කියලාය. හැබැයි දැන් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමයි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි දෙකම එකට කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කරලා ඉවරය. දැන් රනිල්ට වෙන්නේ අකුළාගෙන ඉන්නය. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැතිව පිනා චාන්ස් එකකට අගමැති වුණාම වෙන කරන්න දෙයක් නැත. ඉවසාගෙන ඉන්න වෙනවාය. බහුතරය නැති අගමැතිකමත් වලිගය නැති ගොනා වාගේය. හැබැයි ඇත්තටම ගත්තොත් වඩා ප්රජාතන්ත්රවාදී ක්‍රමය වන්නේ සමානුපාතික මැතිවරණ ක්රමයය. ජනතාවගේ සැබෑ කැමැත්ත හොඳින් නිරූපණය වන්නේ සමානුපාතික මැතිවරණ ක්‍රමයේදීය. ඒත් ජනතාව කැමැති ආසන ක්රමයටය. වඩාත් ප්රජාතන්ත්රවාදී මනාප ක්රමයය. මනාප ක්‍රමය තියෙන විට ජනතාවට තමන් කැමැති අපේක්ෂකයා කවුද කියලා තෝරා ගන්න පුළුවන්ය. හැබැයි ආසන ක්‍රමයේදී තමන්ගේ ආසනයට තමන්ගේ පක්ෂය දාන අපේක්ෂකයාට තමන් කැමැති වුණත් අකැමැති වුණත් ඡන්දය දෙන්න ඡන්ද දායකයාට සිදුවේ. සමානුපාතික නියෝජන ක්‍රමයේදී තමන් අකැමැති අපේක්ෂකයන්ට මනාප නොදී කැමැති අපේක්ෂකයන්ට විතරක් මනාප දෙන්න පුළුවන්කම තිබේ. ඒත් ආසන ක්‍රමයේදී එහෙම බැරිය. ඒ කොහොම වුණත් රටේ බහුතර ජනතාවගේ කැමැත්ත තියෙන්නේ තමන්ගේ ආසනයට මන්ත්‍රි කෙනකු පත්වන ආසන ක්රමයටය. අලුතෙන් ගේන්න යන්නේ අන්න ඒ වාගේ සෑම ආසනයකටම මන්ත්‍රිවරුන් පත්වෙන ක්රමයකි. එය ආසන ක්‍රමයේත් සමානුපාතික ක්‍රමයේත් මිශ්‍රණයක් ලෙස සැලැකේ. කොහොම වුණත් මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ පොරොන්දුව ගැන යහපාලන ආණ්ඩුව ඇතුළේ අර්බුද රැසක් ඇතිවෙලා තිබේ. ඊළඟ මහ මැතිවරණයට කලින් මැතිවරණ ක්‍රමය වෙනස් කර අලුත් මැතිවරණ ක්‍රමය යටතේ ඊළඟ මහ මැතිවරණය තියන්න තීන්දු කළොත් ඒක රනිල්ට ගහන තෙවැනි දේශපාලන කනේ පාරය. රනිල්ගේ ඥාති සොහොයුරා වූ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධනගේ ත්‍රිවිධ හමුදාව ඉවත් කර ජනාධිපතිවරයා යටතට ගැනීම රනිල්ට ගැසූ පළමු දේශපාලන කනේ පාරය. ජාතික ආණ්ඩු යෝජනාවක් ගෙන ඒම රනිල්ට ගැසූ දෙවැනි දේශපාලන කනේ පාරය. දැන් මැතිවරණය ක්‍රමයත් විධායක ජනාධිපති ක්‍රමයත් එකවර වෙනස් කිරීමට තීරණයක් ගැනීමෙන් රනිල්ට තෙවැනි දේශපාලන කනේ් පාරත් ගහලා තිබේ. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ගත් තීරණය රනිල්ට වාගේම අනුර දිසානායකටත් ගැසූ දේශපාලන කනේ පාරකි. ඒ කනේ පාරේ සැරට රනිල්ට කලන්තේ හැදෙනකොට අනුර දිසානායක සිහි නැතිව බිම ඇදගෙන වැටෙන එක පුදුමයක් නොවේ. දේශපාලනයේ සදාකාලික හතුරන් වාගේම සදාකාලික මිතුරන් නැහැ කියලා රනිල්ටත් අනුර දිසානායකටත් දැන් තවත් පාරක් තේරුම් ගිහිල්ලා ඇති බවට සැකයක් නැත. සඳුන් ජීවන්ත [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom