Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආහාර වැළඳිය යුතු ආකාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආහාරය” යනුවෙන් හඳුන්වනු ලබන්නේ කෑයුතු හා අනුභව කළ යුතු යන අර්ථ ගැන්වෙන වචනයකි. එමෙන්ම රූප ධර්මයන්ගේ පෝෂණය පිළියෙල කරන රස ඕජාව ලෙසින් ද ආහාරය සැලකේ. ආහාරය වනාහි මිනිසාට ජීවත්වීමට පමණක් නොව මිනිසාගේ චර්යාත්මක හැඩගැසීම කෙරෙහි හා ආත්ම සංවරත්වය පිණිස ද බලපානු ලබන එක් කාරකයක් බව පැහැදිලි කරුණකි. ශාසනික ප්‍රතිපදාව ආරක්ෂා කරනු ලබන භික්ෂුව සිය ආත්ම සංවරත්වය පිණිස ආහාරය ලබාගත යුතු බවත් එය කෙසේ පවත්වාගත යුතුද? යන්න දක්වන තැනින් ආහාර ගැනීමේ බෞද්ධ ප්‍රතිපදාව කවරේද? යන්න දැනගත හැකිය.

ආහාරය අනුභව කළ යුත්තේ විනෝදය පිණිස, පුරුෂ මේදය වඩවා ගැනීම පිණිස, සිරුර තරකර ගැනීම පිණිස, සිරුර පැහැපත් කර ගැනීම පිණිස නොව ශරීරයත් ජීවිතයත් පවත්වාගෙන යාම පිණිසත්, කුසගිනි වේදනාව නැතිකර ගැනීම පිණිසත් ආහාරය ලබාගත යුතු බව දක්වයි. ආහාර ප්රත්යවේක්ෂා කොට වැළඳිය යුතු යැයි භික්ෂූන්ට බුදුරදුන් වදාළේ ආහාරයට ඇති රුචිය ආශාව රසය පිළිබඳ ඇතිවන ගිජු බවින් උන්වහන්සේලා මුදවා ගෙන ශාසනික අරමුණු මුදුන්පත් කර ගැනීමට අවකාශදීම කේන්ද්‍ර කෙටගෙනය. දිනක් භාගින්‍යෙය සංඝරක්ඛිත හාමුදුරුවන්ට පිණ්ඩපාතය වශයෙන් රසවත් ඇල් හාලේ බතක් ලැබුණි. උන්වහන්සේ ඒ රසයෙන් යුතුව දන්පිලේ දන් වළදන අයුරු දකින ගුරු හාමුදුරුවන් ඇවැත්නි “උනු උනුවේ වළඳා කට පුච්චා ගන්න එපා” යැයි අවවාද කළහ. ගුරු හිමියන් මෙසේ වදාළේ ඇයි ද? යන්න පිළිබඳ භාගින්යෙ හාමුදුරුවන් කල්පනා කළේ ය. එවිට උන්වහන්සේට වැටහුනේ තමන් ආහාරය කෙලෙස් සහිතව ගිජු සිතින් යුතුව වැළඳූ ආකාරයයි. ආහාරය ගැන පසුව ප්රත්යවේක්ෂා කොට දන් පිලේදීම උන්වහන්සේ රහත් බවට පත් වූ සේක. ආහාරය ගැන ආහාර පටිකුල සඤ්ඤාවෙන් බැලීම හරහා භාවනාමය අරමුණක් වෙත ප්‍රවේශගත වීමට ද පුළුවන් මඟක් ලෙසින් බුදුදහමින් අවධාරිතය.

ආයු වඩ්ඩන සූත්‍රය

බෞද්ධ ආහාර සංස්කෘතියට අනුව භික්ෂුවගේ සිවු පසයට අයත් ආහාරය සුවිශේෂිතය. කුසගින්න වනාහි බරපතළම රෝගය (ජිගච්ඡා පරමා රෝගා) ලෙසින්ද සෑම සත්වයෙකුම ආහාරයෙන් ජීවත් වන බව ද ( සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා) වේදනාව නැති කර ගැනීමට ද පහසුවිහරණයට ද ආහාරය අවශ්‍ය බව ද බුදු දහමින් පෙන්වා දෙයි. ජීවිතයක ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන පඤ්ච බලයම ආදි රැඳී ඇත්තේ ආහාරය මතය. සෑම ජීවිතයක ඉපදීම හා ජීවිතය රඳා පවතිනුයේ ආහාරය පදනම්කරගෙනය. බුදුදහම ආහාරයේ තුලිත බව හා යෝග්‍යත්වය ගැන විශේෂ සැලකික්ලක් දක්වා ඇති අතර රෝග නිවාරණ පාර්ශ්වයක් ලෙසින් ද ආහාරය පෙන්වා දී ඇත. ආහාර ගැනීම හා පාලනය බොහෝ රෝගයනට පිළියමක් ලෙසින් ද ආයුවඩ්න සූත්‍රයට අනුව සඳහන් කළ හැකි වේ. ඉන් දුක් වේදනා නැති වේ. ආහාර පහසුවෙන් දිරවීම ආයුෂ පාලනයට පිටිවහලක් වන බව ද එම සූත්‍රය පෙන්වා දෙන අතර ශරීරයට යෝග්‍ය ආහාර ගැනීම පමණ දැන ගැනීම හා කලින් ගත් ආහාර දිරවීමෙන් පසුව ගැනීම තුළින් ආයුෂයේ ද වර්ධනයක් වන බව තවදුරටත් එම සූත්‍රයේ සඳහන් ය.

මිනිසාට ලෝකයේ ලැබෙන උතුම් ලාභය නිරෝගී බව යැයි දේශනා කළ බුදුරදුන් නීරෝගී බව නිරතුරුව රැක ගැනීම පිණිස අපගේ පැවැත්ම කෙසේ සකස් කර ගත යුතු ද යන කරුණ සිය දේශනා මඟින් ලෝකයාට අවධාරණය කළ සේක. ව්‍යාධිය වනාහි සත්වයා කෙරෙහි එළඹෙන දුක්ඛ මූලයක් බව පළමුවැනි ධර්ම දේශනාවේදී ම බුදුරදුන් විසින් පැහැදිලි කළහ. ජීවිතය රෝගයනට ආකරයක් බඳුවේ යැයි දේශනා කරමින් ජීවිතය හා රෝගය අතර ඇති සමීප බව ලෝකයාට වටහා දුන් සේක. දිවියක පැවැත්මට අවශ්‍ය ප්‍රධාන ප්‍රත්‍ය හතර අතරට බෙහෙත් පරිෂ්කාරය ඇතුළත් කරමින් නීරෝගී බව රැක ගැනීම ගැන විශේෂ අවධානය නිරතුරුව තිබිය යුතු කරුණක් බව ද අනාවරණය කළ සේක. සෞඛ්‍ය රැක ගැනීම හා ඊට අදාළ දේශනා බොහෝ විට භික්ෂූන් වෙත දේශනා කළ බව විනය පිටකයෙන් පැහැදිලිය. එබැවින් ආහාරයේ සරල බව හා අනුභව කළ යුතු ආකාරයත් එක් අතකින් නිරෝගී දිවියට ඉවහල්වන කරුණක් බව ද අවධාරණය කර තිබේ. උදරය පුරණය අරමුණු කරගත් පැවිද්ද වනාහි කුම්භිල බයක් ලෙස එනම් කිඹුල් බියක් ලෙසින් බුදුදහම පෙන්වා දෙයි. මෙයින් අදහස් කරනුයේ කිඹුලන් වෙසෙන විලකට බට කෙනෙකු ඔවුන් විසින් කා දමන්නාක් මෙන් කෑදරකමින් යුතුව ආහාර ගනු ලබන භික්ෂුව වහා පිරිහෙන බවය. මෙම ඔවදන අංග කීපයකින් භික්ෂුනට පමණක් නොව ගිහියනට ද වැදගත්ය. රසය පදනම්කොට අසහනයට පත් ජනයා එහි ගැලී තමනට රස බොජුන් නොලැබේය යන ශෝකයෙන් කල්යවන අතර ඇතැම් පිරිස් එම භෝජනයේ ගැලී අතෘප්තිමත්ව අසහනයට මෙන්ම විවිධ ව්‍යාධීනට ලක්ව අපමණ දුක් විඳිති.

සෞඛ්‍යය සංරක්ෂණයට හිතකර සාධක

ආහාරය නිසි කලට ලබාගත යුත්තක් වන අතර එමඟින් ආහාරයෙන් ලබාගත හැකි වාසිය ද අත්කර ගැනීමට හැකියාව ලැබේ. කාල යනු ආහාරයට ගනු ලබන කාලය ලෙසත් නොගන්නා කාලය විකාලය ලෙසත් සැලකේ. මජ්ක්‍ධිම නිකායේ කාකචුප සහ භද්දාලි යන සූත්‍රවල ඒකාසන භෝජනයේ එක් වේලක් (පෙරබත්) වැළඳීමෙහි අනුසස් මෙසේ දක්වන ලදී. එනම් ආබාධ රහිත බව (අප්පා බාධකං) නිදුක් බව (අප්පාතං කථං), ශරීරයෙහි සැහැල්ලු බව (ලහුට්ඨානං), කාය බලය (කාය බලං) සුඛ විහරණය ( සුඛ විහරණය) යන කරුණු පහයි. ආහාරය පමණ දැන වේලාව දැන ගැනීම මින් අදහස් කෙරේ. බුදුරදුන් ආහාරය පිළිබඳ දක්වන ලද අදහස් අතුරින් වැදගත් ප්‍රකාශයක් වන්නේ ආහාරයේ පමණ දැන වැළඳීමයි. එහි කරුණු කීපයක් දක්වයි. එනම් බොජුන් සෙවිය යුත්තේ තමන්ට සෑහෙන පමණටය, (පරියෙසන මත්ත), පිළිගත යුත්තේ සෑහෙන ප්‍රමාණයටය. (පටිග්ගහන මත්ත) අනුභව කළ යුත්තේ තමාට දිරවන ප්‍රමාණයටය. (පරිභෝග මත්තන) වැළඳිය යුත්තේ නුවණින් මෙනෙහි කොටගෙනය. (පච්චවෙක්ඛන මත්ත), අන්අයට දීම ගැන සැලකීම (විස්සජ්ජන මත්ත) යන මෙම කරුණු පස නොදන්නා වූ පුද්ගලයා ආහාරයේ පමණ නොදනී යැයි වදාළහ. ආහාරයේ පමණ දැන ආහාර ගැනීම (භොජනම්හි ච මත්තඤ්ඤුං) මිනිසාගේ සෞඛ්‍ය සංරක්ෂණයට හිතකර සාධකයක් වේ. ආහාර අනුභවයේ දී ද අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් පෙන්නුම් කරයි. එනම් හතර පස් පිඩක් වැළඳීමට ඉඩ තබා ජලය පාලනය කළ යුතු බවත් එය භික්ෂුවකට සුඛ විහරණයට හේතුවක් බවත් අනුදැන වදාරා තිබේ. ඒ අනුව පුද්ගලයෙකු ආහාර ගැනීමේ දී කුසෙන් අඩකට වැඩි ප්‍රමාණයක් බත් ද ඉතිරි කොටස වැඩි ප්‍රමාණයක් ජලයෙන් ද ඉතිරිය සෙස්ස වාතයේ සංසරණය පිණිස ද ඉඩ තැබිය යුතු වේ.

අපගේ ආහාරයට යෝග්‍ය ආහාර වර්ග පහක් පාචිත්තිය පාලියේ මෙසේ පෙන්වා දෙයි. එනම් ඔදන නම් සහල් තම්බාගත් බත්ය. කුම්මාස හෙවත් මෑ ඇට යව මුං ආදියෙන් සකස් කළ පිට්ටු වැනි ආහාරයකි. සත්තු යනු විළඳ මී පැණියේ ලා සකස් කළ අග්ගලා විශේෂයකි. ආහාර අනුභවයේ දී අනුගමනය කළ යුතු අනුභව නොකළ යුතු ආහාර වර්ග ද පෙන්වා ඇත. නිදසුන් ලෙසින් මාංශ අනුභවය දැක්විය හැකිය. පාචිත්තිය පාලියේ දී මිනීමස් නොබුදිය යුතු බව දක්වයි එමෙන්ම කිසිදු මාංසයක් නොවිචාරා නොවැළඳිය යුතු බවත් දක්වයි. බුදුරදුන් විසින් අනුභවයට ගත යුතු නොවන මාංස වර්ග කීපයක් ගැන පෙන්වා දී ඇත. නමුත් අනුභවයට සුදුසු මාංස ත්‍රිකෝටික පාරිශුද්ධියට යටත් අනුභවයට අනුදැන වදාරා තිබේ. එනම් භික්ෂූන් උදෙසා මරනු නොදුටු භික්ෂූන් වෙනුවෙන් මරණ ලදැයි නොඇසු භික්ෂූන් උදෙසා මරණ ලදැයි සැකයක් නැති මස් අනුභවය ත්‍රිකෝටික පාරිශුද්ධි මාංසය ලෙසින් සැලකේ. මිහිරි පානයන් ලෙසින් අඹ යුෂ, ජම්බු යුෂ, ඇටි කෙහෙල් යුෂ, මස් කෙහෙල් යුෂ, මී යුෂ, මිදි යුෂ, ඕලු යුෂ, උගුරැස්ස යුෂ (අම්බපානං ජම්බුපානං චොච පානං මොච පානං මුධු පානං මුද්දික පානං සාලුක පානං ඵරුසක පානංයන අෂ්ට විධ පාලන වර්ග අනුදැන වදාළහ. එමෙන්ම දෙහි දොඩම් සියඹලා බෙලි දෙළුම් ආදියෙන් සකසන ලද පැන් වර්ග සහ අව්වේ පැසවා ගන්නා ලද දේ යාවකාලික ගණයේ ලා සැලකේ. ගිතෙල් වෙඬරු තල ලෙසින් සැලකේ. තෙල්, පොල් තෙල් ආදි තෙල් වර්ග ද උක් සකුරු උක් පැණි ආදිය සත්තාහකාලික ආහාර ගණයට අයත් වේ.

ශික්ෂණයෙන් ආහාර ගැනීම

ආහාර අනුභවයේ දී අනුගමනය කළ යුතු සංවරත්වය කවරේ ද ? යන්න සේඛීයාවලින් පැහැදිලි වේ. ආහාර අනුභවයේ දී මුව තුළට සම්පූර්ණයෙන් අත ඇතුළු නොකළ යුතු බවත්. මුව තුළ ආහාර ඇති විට කතා නොකළ යුතු බවත්. බත් පිඩු මුව තුළට විසිකරමින් අනුභව නොකළ යුතු බවත්, අත් පා විසිකරමින් ආහාර නොගත යුතු බවත්, දිව තොලෙන් පිටත ගනිමින් ආහාර නොගත යුතු බවත්. බත්සුළු විසුරුවමින් ආහාර නොගත යුතු බවත්, චපු චපු යන ශබ්ද නඟා නොගත යුතු බවත්. අතලෙව කමින් ආහාර නොගත යුතු බවත්, ඉඳුල් අතින් පැන් පිළිනොගත යුතු බවත් දක්වන ශික්ෂා පද භික්ෂුනට පමණක් නොව සැමට ආහාර ශික්ෂණයක් ඇතිව ගැනීමටත් අන් අයට අවහිරයක් හෝ අප්‍රසන්න බවක් ඇති නොවීමට හේතුවක් බවත් පැහැදිලි කරුණකි. ආහාරය සම්බන්ධව භික්ෂූන් විෂයෙහි බොහෝ කරුණු දේශනා කොට ඇතිමුත් එම දේශනාවන් ගිහි පිරිසට ද අවශ්‍ය පරිදි අදාළ කරගත හැකි වනවා පමණක් නොව මානව සංවරත්වය හා සදාචාරය වඩාත් අර්ථවත් කර ගැනීමට ද ඉවහල්වන කරුණක් බව ද සඳහන් කළ යුතු ය.

[QUOTE="asliyanage, post: 29492131, member: 8764"] ආහාරය” යනුවෙන් හඳුන්වනු ලබන්නේ කෑයුතු හා අනුභව කළ යුතු යන අර්ථ ගැන්වෙන වචනයකි. එමෙන්ම රූප ධර්මයන්ගේ පෝෂණය පිළියෙල කරන රස ඕජාව ලෙසින් ද ආහාරය සැලකේ. ආහාරය වනාහි මිනිසාට ජීවත්වීමට පමණක් නොව මිනිසාගේ චර්යාත්මක හැඩගැසීම කෙරෙහි හා ආත්ම සංවරත්වය පිණිස ද බලපානු ලබන එක් කාරකයක් බව පැහැදිලි කරුණකි. ශාසනික ප්‍රතිපදාව ආරක්ෂා කරනු ලබන භික්ෂුව සිය ආත්ම සංවරත්වය පිණිස ආහාරය ලබාගත යුතු බවත් එය කෙසේ පවත්වාගත යුතුද? යන්න දක්වන තැනින් ආහාර ගැනීමේ බෞද්ධ ප්‍රතිපදාව කවරේද? යන්න දැනගත හැකිය. ආහාරය අනුභව කළ යුත්තේ විනෝදය පිණිස, පුරුෂ මේදය වඩවා ගැනීම පිණිස, සිරුර තරකර ගැනීම පිණිස, සිරුර පැහැපත් කර ගැනීම පිණිස නොව ශරීරයත් ජීවිතයත් පවත්වාගෙන යාම පිණිසත්, කුසගිනි වේදනාව නැතිකර ගැනීම පිණිසත් ආහාරය ලබාගත යුතු බව දක්වයි. ආහාර ප්රත්යවේක්ෂා කොට වැළඳිය යුතු යැයි භික්ෂූන්ට බුදුරදුන් වදාළේ ආහාරයට ඇති රුචිය ආශාව රසය පිළිබඳ ඇතිවන ගිජු බවින් උන්වහන්සේලා මුදවා ගෙන ශාසනික අරමුණු මුදුන්පත් කර ගැනීමට අවකාශදීම කේන්ද්‍ර කෙටගෙනය. දිනක් භාගින්‍යෙය සංඝරක්ඛිත හාමුදුරුවන්ට පිණ්ඩපාතය වශයෙන් රසවත් ඇල් හාලේ බතක් ලැබුණි. උන්වහන්සේ ඒ රසයෙන් යුතුව දන්පිලේ දන් වළදන අයුරු දකින ගුරු හාමුදුරුවන් ඇවැත්නි “උනු උනුවේ වළඳා කට පුච්චා ගන්න එපා” යැයි අවවාද කළහ. ගුරු හිමියන් මෙසේ වදාළේ ඇයි ද? යන්න පිළිබඳ භාගින්යෙ හාමුදුරුවන් කල්පනා කළේ ය. එවිට උන්වහන්සේට වැටහුනේ තමන් ආහාරය කෙලෙස් සහිතව ගිජු සිතින් යුතුව වැළඳූ ආකාරයයි. ආහාරය ගැන පසුව ප්රත්යවේක්ෂා කොට දන් පිලේදීම උන්වහන්සේ රහත් බවට පත් වූ සේක. ආහාරය ගැන ආහාර පටිකුල සඤ්ඤාවෙන් බැලීම හරහා භාවනාමය අරමුණක් වෙත ප්‍රවේශගත වීමට ද පුළුවන් මඟක් ලෙසින් බුදුදහමින් අවධාරිතය. ආයු වඩ්ඩන සූත්‍රය බෞද්ධ ආහාර සංස්කෘතියට අනුව භික්ෂුවගේ සිවු පසයට අයත් ආහාරය සුවිශේෂිතය. කුසගින්න වනාහි බරපතළම රෝගය (ජිගච්ඡා පරමා රෝගා) ලෙසින්ද සෑම සත්වයෙකුම ආහාරයෙන් ජීවත් වන බව ද ( සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා) වේදනාව නැති කර ගැනීමට ද පහසුවිහරණයට ද ආහාරය අවශ්‍ය බව ද බුදු දහමින් පෙන්වා දෙයි. ජීවිතයක ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන පඤ්ච බලයම ආදි රැඳී ඇත්තේ ආහාරය මතය. සෑම ජීවිතයක ඉපදීම හා ජීවිතය රඳා පවතිනුයේ ආහාරය පදනම්කරගෙනය. බුදුදහම ආහාරයේ තුලිත බව හා යෝග්‍යත්වය ගැන විශේෂ සැලකික්ලක් දක්වා ඇති අතර රෝග නිවාරණ පාර්ශ්වයක් ලෙසින් ද ආහාරය පෙන්වා දී ඇත. ආහාර ගැනීම හා පාලනය බොහෝ රෝගයනට පිළියමක් ලෙසින් ද ආයුවඩ්න සූත්‍රයට අනුව සඳහන් කළ හැකි වේ. ඉන් දුක් වේදනා නැති වේ. ආහාර පහසුවෙන් දිරවීම ආයුෂ පාලනයට පිටිවහලක් වන බව ද එම සූත්‍රය පෙන්වා දෙන අතර ශරීරයට යෝග්‍ය ආහාර ගැනීම පමණ දැන ගැනීම හා කලින් ගත් ආහාර දිරවීමෙන් පසුව ගැනීම තුළින් ආයුෂයේ ද වර්ධනයක් වන බව තවදුරටත් එම සූත්‍රයේ සඳහන් ය. මිනිසාට ලෝකයේ ලැබෙන උතුම් ලාභය නිරෝගී බව යැයි දේශනා කළ බුදුරදුන් නීරෝගී බව නිරතුරුව රැක ගැනීම පිණිස අපගේ පැවැත්ම කෙසේ සකස් කර ගත යුතු ද යන කරුණ සිය දේශනා මඟින් ලෝකයාට අවධාරණය කළ සේක. ව්‍යාධිය වනාහි සත්වයා කෙරෙහි එළඹෙන දුක්ඛ මූලයක් බව පළමුවැනි ධර්ම දේශනාවේදී ම බුදුරදුන් විසින් පැහැදිලි කළහ. ජීවිතය රෝගයනට ආකරයක් බඳුවේ යැයි දේශනා කරමින් ජීවිතය හා රෝගය අතර ඇති සමීප බව ලෝකයාට වටහා දුන් සේක. දිවියක පැවැත්මට අවශ්‍ය ප්‍රධාන ප්‍රත්‍ය හතර අතරට බෙහෙත් පරිෂ්කාරය ඇතුළත් කරමින් නීරෝගී බව රැක ගැනීම ගැන විශේෂ අවධානය නිරතුරුව තිබිය යුතු කරුණක් බව ද අනාවරණය කළ සේක. සෞඛ්‍ය රැක ගැනීම හා ඊට අදාළ දේශනා බොහෝ විට භික්ෂූන් වෙත දේශනා කළ බව විනය පිටකයෙන් පැහැදිලිය. එබැවින් ආහාරයේ සරල බව හා අනුභව කළ යුතු ආකාරයත් එක් අතකින් නිරෝගී දිවියට ඉවහල්වන කරුණක් බව ද අවධාරණය කර තිබේ. උදරය පුරණය අරමුණු කරගත් පැවිද්ද වනාහි කුම්භිල බයක් ලෙස එනම් කිඹුල් බියක් ලෙසින් බුදුදහම පෙන්වා දෙයි. මෙයින් අදහස් කරනුයේ කිඹුලන් වෙසෙන විලකට බට කෙනෙකු ඔවුන් විසින් කා දමන්නාක් මෙන් කෑදරකමින් යුතුව ආහාර ගනු ලබන භික්ෂුව වහා පිරිහෙන බවය. මෙම ඔවදන අංග කීපයකින් භික්ෂුනට පමණක් නොව ගිහියනට ද වැදගත්ය. රසය පදනම්කොට අසහනයට පත් ජනයා එහි ගැලී තමනට රස බොජුන් නොලැබේය යන ශෝකයෙන් කල්යවන අතර ඇතැම් පිරිස් එම භෝජනයේ ගැලී අතෘප්තිමත්ව අසහනයට මෙන්ම විවිධ ව්‍යාධීනට ලක්ව අපමණ දුක් විඳිති. සෞඛ්‍යය සංරක්ෂණයට හිතකර සාධක ආහාරය නිසි කලට ලබාගත යුත්තක් වන අතර එමඟින් ආහාරයෙන් ලබාගත හැකි වාසිය ද අත්කර ගැනීමට හැකියාව ලැබේ. කාල යනු ආහාරයට ගනු ලබන කාලය ලෙසත් නොගන්නා කාලය විකාලය ලෙසත් සැලකේ. මජ්ක්‍ධිම නිකායේ කාකචුප සහ භද්දාලි යන සූත්‍රවල ඒකාසන භෝජනයේ එක් වේලක් (පෙරබත්) වැළඳීමෙහි අනුසස් මෙසේ දක්වන ලදී. එනම් ආබාධ රහිත බව (අප්පා බාධකං) නිදුක් බව (අප්පාතං කථං), ශරීරයෙහි සැහැල්ලු බව (ලහුට්ඨානං), කාය බලය (කාය බලං) සුඛ විහරණය ( සුඛ විහරණය) යන කරුණු පහයි. ආහාරය පමණ දැන වේලාව දැන ගැනීම මින් අදහස් කෙරේ. බුදුරදුන් ආහාරය පිළිබඳ දක්වන ලද අදහස් අතුරින් වැදගත් ප්‍රකාශයක් වන්නේ ආහාරයේ පමණ දැන වැළඳීමයි. එහි කරුණු කීපයක් දක්වයි. එනම් බොජුන් සෙවිය යුත්තේ තමන්ට සෑහෙන පමණටය, (පරියෙසන මත්ත), පිළිගත යුත්තේ සෑහෙන ප්‍රමාණයටය. (පටිග්ගහන මත්ත) අනුභව කළ යුත්තේ තමාට දිරවන ප්‍රමාණයටය. (පරිභෝග මත්තන) වැළඳිය යුත්තේ නුවණින් මෙනෙහි කොටගෙනය. (පච්චවෙක්ඛන මත්ත), අන්අයට දීම ගැන සැලකීම (විස්සජ්ජන මත්ත) යන මෙම කරුණු පස නොදන්නා වූ පුද්ගලයා ආහාරයේ පමණ නොදනී යැයි වදාළහ. ආහාරයේ පමණ දැන ආහාර ගැනීම (භොජනම්හි ච මත්තඤ්ඤුං) මිනිසාගේ සෞඛ්‍ය සංරක්ෂණයට හිතකර සාධකයක් වේ. ආහාර අනුභවයේ දී ද අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් පෙන්නුම් කරයි. එනම් හතර පස් පිඩක් වැළඳීමට ඉඩ තබා ජලය පාලනය කළ යුතු බවත් එය භික්ෂුවකට සුඛ විහරණයට හේතුවක් බවත් අනුදැන වදාරා තිබේ. ඒ අනුව පුද්ගලයෙකු ආහාර ගැනීමේ දී කුසෙන් අඩකට වැඩි ප්‍රමාණයක් බත් ද ඉතිරි කොටස වැඩි ප්‍රමාණයක් ජලයෙන් ද ඉතිරිය සෙස්ස වාතයේ සංසරණය පිණිස ද ඉඩ තැබිය යුතු වේ. අපගේ ආහාරයට යෝග්‍ය ආහාර වර්ග පහක් පාචිත්තිය පාලියේ මෙසේ පෙන්වා දෙයි. එනම් ඔදන නම් සහල් තම්බාගත් බත්ය. කුම්මාස හෙවත් මෑ ඇට යව මුං ආදියෙන් සකස් කළ පිට්ටු වැනි ආහාරයකි. සත්තු යනු විළඳ මී පැණියේ ලා සකස් කළ අග්ගලා විශේෂයකි. ආහාර අනුභවයේ දී අනුගමනය කළ යුතු අනුභව නොකළ යුතු ආහාර වර්ග ද පෙන්වා ඇත. නිදසුන් ලෙසින් මාංශ අනුභවය දැක්විය හැකිය. පාචිත්තිය පාලියේ දී මිනීමස් නොබුදිය යුතු බව දක්වයි එමෙන්ම කිසිදු මාංසයක් නොවිචාරා නොවැළඳිය යුතු බවත් දක්වයි. බුදුරදුන් විසින් අනුභවයට ගත යුතු නොවන මාංස වර්ග කීපයක් ගැන පෙන්වා දී ඇත. නමුත් අනුභවයට සුදුසු මාංස ත්‍රිකෝටික පාරිශුද්ධියට යටත් අනුභවයට අනුදැන වදාරා තිබේ. එනම් භික්ෂූන් උදෙසා මරනු නොදුටු භික්ෂූන් වෙනුවෙන් මරණ ලදැයි නොඇසු භික්ෂූන් උදෙසා මරණ ලදැයි සැකයක් නැති මස් අනුභවය ත්‍රිකෝටික පාරිශුද්ධි මාංසය ලෙසින් සැලකේ. මිහිරි පානයන් ලෙසින් අඹ යුෂ, ජම්බු යුෂ, ඇටි කෙහෙල් යුෂ, මස් කෙහෙල් යුෂ, මී යුෂ, මිදි යුෂ, ඕලු යුෂ, උගුරැස්ස යුෂ (අම්බපානං ජම්බුපානං චොච පානං මොච පානං මුධු පානං මුද්දික පානං සාලුක පානං ඵරුසක පානංයන අෂ්ට විධ පාලන වර්ග අනුදැන වදාළහ. එමෙන්ම දෙහි දොඩම් සියඹලා බෙලි දෙළුම් ආදියෙන් සකසන ලද පැන් වර්ග සහ අව්වේ පැසවා ගන්නා ලද දේ යාවකාලික ගණයේ ලා සැලකේ. ගිතෙල් වෙඬරු තල ලෙසින් සැලකේ. තෙල්, පොල් තෙල් ආදි තෙල් වර්ග ද උක් සකුරු උක් පැණි ආදිය සත්තාහකාලික ආහාර ගණයට අයත් වේ. ශික්ෂණයෙන් ආහාර ගැනීම ආහාර අනුභවයේ දී අනුගමනය කළ යුතු සංවරත්වය කවරේ ද ? යන්න සේඛීයාවලින් පැහැදිලි වේ. ආහාර අනුභවයේ දී මුව තුළට සම්පූර්ණයෙන් අත ඇතුළු නොකළ යුතු බවත්. මුව තුළ ආහාර ඇති විට කතා නොකළ යුතු බවත්. බත් පිඩු මුව තුළට විසිකරමින් අනුභව නොකළ යුතු බවත්, අත් පා විසිකරමින් ආහාර නොගත යුතු බවත්, දිව තොලෙන් පිටත ගනිමින් ආහාර නොගත යුතු බවත්. බත්සුළු විසුරුවමින් ආහාර නොගත යුතු බවත්, චපු චපු යන ශබ්ද නඟා නොගත යුතු බවත්. අතලෙව කමින් ආහාර නොගත යුතු බවත්, ඉඳුල් අතින් පැන් පිළිනොගත යුතු බවත් දක්වන ශික්ෂා පද භික්ෂුනට පමණක් නොව සැමට ආහාර ශික්ෂණයක් ඇතිව ගැනීමටත් අන් අයට අවහිරයක් හෝ අප්‍රසන්න බවක් ඇති නොවීමට හේතුවක් බවත් පැහැදිලි කරුණකි. ආහාරය සම්බන්ධව භික්ෂූන් විෂයෙහි බොහෝ කරුණු දේශනා කොට ඇතිමුත් එම දේශනාවන් ගිහි පිරිසට ද අවශ්‍ය පරිදි අදාළ කරගත හැකි වනවා පමණක් නොව මානව සංවරත්වය හා සදාචාරය වඩාත් අර්ථවත් කර ගැනීමට ද ඉවහල්වන කරුණක් බව ද සඳහන් කළ යුතු ය. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom