Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇඟට නිකං මහන්සියි වගේ දැනෙනවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඟට නිකං මහන්සියි වගේ දැනෙනවද ?

ඇඟපතේ පණ නැතිකම, ඈලි මෑලි දුබල ගතිය වැඩි දෙනෙක් පෙළන අපහසුකාරී තත්ත්වයක්. මේ වෙහෙසකාරී බවට එසේත් නැතිනම් තෙහෙට්ටුවට හේතුව බොහෝවිට වැඩපළ අධිකකම සහ නිදිවැරීමයි. තවත් සමහර කෙනකුට මානසිකව ඇතිවන අවපීඩනය හෝ කාන්සාව ඇඟපතේ වෙහෙසකර බව ඇති කරයි. ජීවත්වන පරිසරය හා ජීවන රටාව ද මීට හේතු වෙයි.

දෛනික රාජකාරී කටයුතු මෙන්ම ගෙදර දොර වැඩපළ අතපසු කරන මේ වෙහෙසකාරී බවින් අත්මිදෙන්නට පුළුවන්ද? ඊට බලපාන වෙනත් හේතු සාධක මොනවාද? අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ ඒ පිළිබඳවයි.

01.නිතර ඇතිවන විඩාබර ස්වභාවයට බලපාන කායික රෝග තිබෙනවා ද?

ඔව්. රෝගාබාධ කීපයක්ම ඊට හේතු විය හැකියි. ඇඟ වෙහෙසවා වැඩක් නොකළ ද, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු නම් ඇඟට තෙහෙට්ටු ගතියක් දැනෙන්නට පුළුවන්. විවිධ වෛරස් ආසාදන මෙන්ම රක්ත හීනතාවය නිසා ද ශරීරය තළා පෙළා දැමුවා වැනි ස්වභාවයක් දැනිය හැකියි. එම රෝගීන් තමන්ට ඇති රෝගය හඳුනාගෙන ඊට ප්‍රතිකාර ලබා ගැනීමෙන් සිරුරට ඇතිවන එවැනි අපහසුතා මඟ හරවා ගත හැකියි.

02.රක්තහීනතාවය නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවා ද?

නිතර ඇතිවන ක්ලාන්තය මෙන්ම ඇඟ සුදුමැලි ස්වභාවයක් ගැනීම සමඟම විඩාබර ගතියක් දැනේ නම් ඊට හේතුව රක්තහීනතාවය විය හැකියි. අප ගන්නා ආහාරයෙහි යකඩ, විටමින් බී - 12 හෝ ෆෝලික් අම්ලය අඩුවීම රක්ත හීනතාවයට බලපාන හේතු සාධක. මෙහිදී රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීමක් සිදුවන නිසා රුධිර මඟින් පෙණහලුවල සිට සිරුරේ නොයෙක් පටක කරා ගෙන යන ඔක්සිජන් ප්‍රමාණය ද අඩුවී යයි.

එම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා හිමොග්ලොබින් අඩු රුධිරය සිරුර පුරා වේගයෙන් ගෙන යාම සඳහා හෘදය වස්තුවට වේගයෙන් ගැහෙන්නට සිදු වේ. සුළු වැඩක් පළක් කළ ද මහන්සි ගතියක් ඇතිවන්නේ ඒ නිසයි.

03.දිගින් දිගට සිදුවන රුධිර වහනයත් රක්තහීනතාවයට බලපානවා ද?

ඔව්. සිරුරෙන් දිගින් දිගටම රුධිර වහනයක් වේ නම් එය ද රක්තහීනතාවයට හේතු විය හැකියි. සමහර කාන්තාවන්ට ආර්තවය නිසා අධික ලෙස රුධිර වහනය වෙනවා. එවැනි තත්ත්වයක දී ද රක්ත හීනතාවය ඇතිවිය හැකියි. කොකු පණු රෝගය ද තවත් හේතුවක්. තමන් රක්ත හීනතාවයෙන් පෙළෙනවා ද යන්න සරල රුධිර පරීක්ෂාවක් මඟින් හඳුනා ගත හැකියි. ඉන්පසු එය ඇතිවීමට බලපෑ හේතුවට ප්‍රතිකාර ගැනීමෙන් හා නිසි ආහාර රටාවකට හුරුවීමෙන් රෝගය මෙන්ම විඩාබර ස්වභාවය ද මඟ හරවා ගත හැකියි.

04.තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගයක් නිසා සිරුරට වෙහෙසකර බවක් තෙහෙට්ටුවක් ඇතිවන බව හඳුනාගන්නේ කෙසේ ද?

සිරුරේ බර වැඩිවීම, සම හා කටහඬ ගොරෝසු වීම, හිසෙහි කෙස් තුනී වේගන යාම, නිතර සීතල ගතිය දැනීම ආදී රෝග ලක්ෂණ සමඟ ඇඟට තෙහෙට්ටුවක් දැනේ නම් එම පුද්ගලයාට හටගෙන ඇත්තේ බොහෝ විට තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගයක් විය හැකියි.

අපගේ සිරුරේ උෂ්ණත්වය සහ ක්‍රියාකාරිත්වයේ වේගය උදාහරණ ලෙස හෘද වේගය සහ නාඩි වේගය වැනි දේ පාලනය කෙරෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් නිපදවන තයිරොක්සීන් නම් හෝමෝනය මඟින්. එම හෝමෝන ශ්‍රාවය අඩු වී විට නාඩි වේගය සහ ස්වසන වේගය අඩු වී යයි. මලබද්ධය ඇතිවෙයි. හිසෙහි කෙස් තුනී වී යයි. ඒ සමඟම සීතල දරා ගැනීමේ හැකියාව ද අඩු වී යයි. සිරුරට විඩාබර ස්වභාවයක් ඇතිවෙයි. රෝගය හඳුනාගෙන ප්‍රතිකාර ගැනීමෙන් එම තත්ත්වයන් මඟ හරවා ගත හැකියි. නිවැරැදිව රෝගය හඳුනා ගත්තා නම් ප්‍රතිකාරය ද ඉතා සරලයි. දිනපතා තයිරොක්සින් පෙති ගැනීමෙන් රෝගය සුවකළ හැකියි.

05.වෛරස් ආසාදන හා සිරුරේ තෙහෙට්ටු ගතිය සමඟ ඇති සම්බන්ධතාවය කුමක් ද?

බෝවන සෙංගමාලය වෛරස් රෝගයක්. කාමලකාව හෙවත් බෝවන සෙංගමාලය ඇති වීමේ මුල් අවස්ථාවේ දී සිරුරට විඩාබර ගතියක් ඇතිවෙයි. කෑම අරුචිය, ඇඟ සහ ඇස් කහපාට වීම, මුත්‍රා තද කහ පැහැවීම වමනය සහ උණ ඇති වන්නේ ඉන් පසුවයි.

සෙම්ප්‍රතිශ්‍යාව හා වෙනත් වෛරස් උණ සෑදීමෙන් පසුව ද ඇඟට තෙහෙට්ටුව දැනිය හැකියි. රෝගය සුව වුවද ඉන් සම්පූර්ණයෙන් සුවය නොලැබුවා සේ රෝගියාට දැනෙයි. මාංශපේශීන් ගේ වේදනාව, හිසරදය, ක්ලාන්තය හා කරකැවිල්ල මෙන්ම මානසික අවපීඩනයක් ද වෛරස් උණකට සති දෙකකට පමණ පසුව රෝගියාට දැනෙන්නට පුළුවන්. මීට අමතරව අප සිරුරෙහි උෂ්ණත්වය වැඩි කරන ඕනෑම ආකාරයේ ආසාදනයක් නිසා සිරුරට විඩාබර ගතියක් දැනිය හැකියි.

පෙණහලුවල සැරව ගෙඩි හෝ ක්ෂය රෝගය වැලඳුණ රෝගීන්ට, නියුමෝනියාව වැලඳුණ රෝගීන්ට අධික තෙහෙට්ටුවක් දැනෙයි. මීට අමතරව කැස්ස ආහාර අරුචිය, සහ හුස්ම ගන්නා විට පපුවේ වේදනාව ද ඇතිවෙයි. එම රෝගයන්ට ද නිවැරැදි ප්‍රතිකාර ලබා ගැනීමෙන් සිරුරේ වෙහෙසකර බව මඟ හරවා ගත හැකියි.

06.දියවැඩියා රෝගීන්ට නිතර විඩාබර බවක් දැනෙනවා කියන්නේ ඇයි?

දියවැඩියා රෝගයේ දී අග්න්‍යාශයෙන් ශ්‍රාවය කරන, ඉන්සියුලින් හෝමෝනය අඩු වෙනවා. රුධිරයේ සීනි මට්ටම වැඩි වී, මුත්‍රා සමඟ සීනි පිට වෙනවා. එවිට ශරීරය කෙට්ටු වී අධික විඩාබර ගතියක් දැනෙනවා. මෙම රෝගී තත්ත්වයන් කලින් හඳුනාගෙන ප්‍රතිකාර ගත්තේ නම් ඉදිරියේ දී ඇතිවිය හැකි අයහපත් සංකූලතාවන් ගෙන් වැළකී සිටිය හැකිය. මෙම රෝගී තත්ත්වය ද සරල රුධිර පරීක්ෂාවක් මඟින් හඳුනාගත හැකියි.

07.මානසික අවපීඩන රෝගීන්ට නිතර නිතර සිරුරේ වෙහෙසකර බවක් දැනෙනවා කියන්නේ ඇත්ත ද?

ඔව්. මානසික අවපීඩන හෙවත් විශාදයේ ප්‍රධාන රෝග ලක්ෂණයන් වන්නේ තෙහෙට්ටුව, ආහාර අරුචිය, නින්ද නොයාම හෝ අධික නිදිමත වැනි තත්ත්වයන්. ඊට අමතරව මනසේ ඒකාග්‍රතාව නැතිවී යාම, ජිවිතය එපා වූවා සේ දැනෙන හැඟීම, හිසරදය, කාන්සාව සහ හැඬීම මානසික අවපීඩනයේ අනෙකුත් රෝග ලක්ෂණයන්. ඇතැම් රෝගීන්ට පේශි විඩාව සහ වේදනාව, මලබද්ධය, පපුවේ සහ උදරයේ වේදනාව ද ඇතිවිය හැකියි. සුදුසු මනෝ වෛද්‍යවරයකු වෙත යොමු වී ප්‍රතිකාර ගැනීමෙන් රෝගය සහ ඒ නිසා හටගන්නා තෙහෙට්ටුව ආදි රෝග ලක්ෂණයන් මඟ හරවා ගත හැකියි.

08.ඇඟට දැනෙන විඩාවට කාන්තාවන්ගේ ආර්තවහරණයත් බලපානවා ද?

සාමාන්‍යයෙන් කාන්තාවක් අවුරුදු 45 - 50 අතර කාලයේ දී ආර්තවහරණයට ලක්වෙනවා. ඒ සමඟම ඩිම්බ කෝෂවලින් ‘ඊස්ට්‍රජන්’ හෝමෝනය නිෂ්පාදනය කිරීම ද ඇනහිටිනවා. සිරුරේ තෙහෙට්ටුව හේතුව එයයි. සමහර කාන්තාවන්ට ආර්තවය ඇතිවීමට සති දෙකකට හෝ දින කීපයකට පෙර සිටම සිරුරේ විඩාබර ගතියක් දැනිය හැකියි. එය Premenstrual Syndrome නමැති රෝගී තත්ත්වය නිසා ඇතිවන ස්වභාවයක්. රෝග ලක්ෂණ මතුවන කාලයේ දී සිරුරට අඩු වී ඇති හෝමෝනය ලබා දීමෙන් රෝග ලක්ෂණවලින් මිදිය හැකියි. ඊට අමතරව කාන්තාව වයස්ගත වීමත් සමඟම රෝග ලක්ෂණ ක්‍රමයෙන් මඟ හැරී යයි.

09.ගර්භණී බව නිසාත් සිරුරට විඩාබර ගතියක් දැනෙනවා ද?

කෙනෙකුගේ සිරුරෙහි ඇති හෝමෝන මට්ටම ඉහළ පහළ යාම එසේත් නැතිනම් අඩු වැඩි වීම නිසා සිරුරට තෙහෙට්ටුවක්, වෙහෙසකර බවක් ඇතිවන බව සොයා ගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් පළමු මාස තුනේ දී ගැබිනි මවකගේ සිරුරෙහි ප්‍රධාන වශයෙන් ඇතිවන්නේ හෝමෝන ප්‍රමාණයන්ගේ වෙනස් වීම්. එය සිරුරෙහි තෙහෙට්ටු ගතියට බලපානවා. ඇතැම් විට කාන්තාවක් ගැබ් ගෙන ඇති ද යන්න මුත්‍රා පරීක්ෂාවක් මඟින් ස්ථිර කිරීමට පෙර සිටම වුවද ඒ තත්ත්වය ඇතිවිය හැකියි.

10.සමහර රෝග සඳහා ගන්නා ඖෂධ වර්ග නිසා සිරුරට තෙහෙට්ටු ගතියක් දැනෙනවා කියන්නේ ඇත්ත ද?

ඔව්. පෙති, දියර හෝ එන්නත් මඟින් ලබා ගන්නා බොහෝ ඖෂධ වර්ගවල අතුරු ප්‍රතිඵලයක් ලෙස තෙහෙට්ටුව ඇතිවිය හැකියි. සමහර වේදනා නාශක මෙන්ම අධි රුධිර පීඩනය භාවිත කරන ඖෂධ නිසා සිරුරට විඩාබර බවක් ඇතිවෙයි. මානසික අවපීඩනයෙන් පෙළෙන රෝගීන්ට ලබා දෙන ඖෂධ මෙන්ම කාන්සාව පාලනය කිරීමට දෙන (Tranquillizers) ඖෂධ නිසාත් තෙහෙට්ටු ගතිය හා නිදිමත ස්වභාවයක් ඇතිවෙයි.

එමෙන් ම නිර්වින්දන තත්ත්වයන් යටතේ ශල්‍යකර්මයකට භාජනය වූයේ නම් එම ඖෂධ නිසා ද සති තුන හතරක් යනතුරු සිරුරට තෙහෙට්ටු ගතියක් දැනෙන්නට පුළුවන්. ඒ සඳහා විශේෂ ප්‍රතිකාරයක් අවශ්‍ය නොවේ. දින කිහිපයක් ගතවීමේදී එම තත්ත්වය ක්‍රමයෙන් මඟ හැරී යයි.

11.කෙටි කාලයක් තුළ සිරුරේ බර අඩුවී, කෙට්ටු වී යාම නිසාත් වෙහෙසකර බවක් ඇතිවනවා ද?

ඔව්. අපගේ ශරීරයෙහි බර පාලනය වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ අන්තරාසර්ග පද්ධතියයි. මොළයෙහි පිහිටි පිටුයටරි ග්‍රන්ථිය මඟින් අන්තරාසර්ග පද්ධතිය අයත් ග්රන්ථීන් වන තයිරොයිඩ් ග්‍රන්ථිය සහ ලිංගික හෝමෝන නිෂ්පාදන ග්රන්ථීන් පාලනය කරයි. හෝමෝන ශ්‍රාවය කරන ග්රන්ථීන්හි රෝගී තත්ත්වයන් නිසා කෙටි කාලයක් තුළ එසේ බර අඩු වැඩි වීමට පුළුවන්. එමෙන් ම අධික විඩාව ද දැනිය හැකියි. මීට අමතරව අධිවෘක්ක ග්‍රන්ථියේ ක්‍රියාව අඩු වී ගිය විට සිරුරෙහි ස්ටීරොයිඩ් නමැති හෝමෝන ශ්‍රාවය අඩු වී විඩාව ඇති විය හැකියි.

12.ඉගෙනුම ලබන දරුවන් පමණට වඩා නිදි වැරීමත් ශාරීරික විඩාවට හේතුවක් ද?

ඔව්. එය අනිවාර්ය හේතුවක්. විශේෂයෙන් කුඩා දරුවන්ට පවා (ශිෂ්‍යත්වය සඳහා සූදානම් වන) ප්‍රමාණවත් නින්දක් නොලැබීම දැකිය හැකි කනගාටුදායක තත්ත්වයක්. මවුවරුන්ගේ බල කිරීමට දරුවන් නිදි වරාගෙන පාඩම් කරනවා. එහෙත් එය පල රහිත ක්‍රියාවක් වන්නේ එසේ පාඩම් කරන කිසිවක් දරුවන්ගේ සිතෙහි ධාරණය නොවන නිසයි. මේ වයසේ දරුවකුට පැය දහයක දොළහක තරම් නින්දක් ලැබිය යුතුයි. සාමාන්‍ය පෙළ කරන දරුවකු නම් අඩුම තරමේ දිනකට පැය 8 - 10 ක් අතර නින්දක් හා උසස් පෙළ හදාරන දරුවකු පැය 6 - 8 ක් අතර නින්දක් ලැබිය යුතුයි. කඩින්කඩ නිදා ගැනීම ද ප්‍රශ්නයක් නොවේ.

හොඳ නින්ද කායික මෙන්ම මානසික නිරෝගී බවට ද හේතුවක්. ප්‍රමාණවත් නින්දකින් ධාරණ ශක්තිය වැඩිවන අතර සිරුරෙහි තෙහෙට්ටු ගතිය ද මඟ හැරී යයි. නිදාගන්නා කාලය තමන්ට සුදුසු පරිදි වෙන්කර ගත හැකි අතර දහවල් නිදා ගැනීම ද ගැටලුවක් නොවේ.

13.මත් වතුර පානය හා දුම්පානය කරන අයට සිරුරේ විඩාබර ගතිය වැඩි ද?

දුම්පානය කරන අයට වඩා එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි වන්නේ මත් වතුර බොන අයටයි. මත් වතුරට ඇබ්බැහි වූ අය මත් වතුර නොබී සිටින අවස්ථාවල ඇඟපත වේදනාව ගැන නිරන්තරයෙන් මැසිවිලි නඟනවා. ඒ නිසාම නැවතත් එම ක්‍රියාවට පෙලඹෙනවා. ඇඟපතේ වේදනාව සමනය කිරීමට යැයි කියමින් මත් වතුරට ඇබ්බැහි වීමෙන් සිදු වන්නේ තව තවත් සෞඛ්‍ය තත්ත්වය පිරිහීමයි. විවිධ රෝගාබාධයන්ට ගොදුරු වීමයි.

එමෙන්ම අධික ලෙස මත්පැන් පානය නිසා ද, සිරුරට අවශ්‍ය ආහාර නිසි ලෙස නොලැබී යයි. එමඟින් ද පෝෂණ ඌණතා ඇතිවී ඈලිමෑළි දුබල ගති ඇතිවිය හැකියි. අක්මාව රෝගාතුර වීමත්, ආමාශයේ රුධිර වහනයත් නිසා මත් වතුර පානය කරන අයගේ තෙහෙට්ටුව තවත් වැඩිවෙයි. එම ප්‍රශ්නයට එකම විසඳුම මත්පැනින් තොරවීම හා සමබල ආහාර අනුභවයකට හුරු වීමයි.

14.රුධිර පීඩනය වැඩි අයටත් තෙහෙට්ටු ස්වභාවයක් දැනෙනවා ද?

එවැනි රෝගීන්ට විඩාබර ගතියක් දැනෙනවා නම් ඊට හේතුව ඖෂධවල බලපෑමක් විය හැකියි. රුධිර පීඩනය වැඩි වූ පමණින් විඩාබර ස්වභාවයක් ඇති නොවෙයි.

15.සිරුරේ වෙහෙසකර බව සහ අප ගන්නා ආහාර අතර සම්බන්ධතාවක් තිබෙනවා ද?

සුවිශේෂී සම්බන්ධතාවක් තිබෙනවා. ශරීරයේ ශක්තිය නිෂ්පාදනය සඳහා ආහාර අවශ්‍ය වෙයි. ආහාර නොගත් විට ශක්තිය ලබාගත යුතු වන්නේ සිරුරේ තැන්පත් කර ඇති ආහාර (තෙල් ස්ථරය) දියර ශක්තිය බවට පත් කිරීමෙන්. මෙය ඉතා සෙමෙන් සිදුවන ක්‍රියාවලියක් නිසා එමඟින් ශක්තිය ලබා ගැනීමට යාමේ දී සිරුරට විඩාව එසේත් නැතිනම් තෙහෙට්ටුව ඇතිවෙයි.

අපගේ සිරුරට අවශ්‍ය ශක්තිය ඉක්මනින් ලබාගත හැක්කේ සීනි හා පිටි වර්ග අනුභව කිරීමෙන්. ඊට අමතරව තෙල් වර්ග, ප්‍රෝටීන, ලවණ වර්ග සහ විටමින් ද අවශ්‍ය වෙයි. යකඩ සහ විටමින් ඌනතාව නිසා හටගන්නා රක්තහීනතාවය නිසා ද පෙර සඳහන් කළ පරිදි විඩාබර බව ඇතිවිය හැකියි.

ප්‍රෝටීන අධික එහෙත් කාබෝහයිඩ්රේට් අඩු ආහාර වැඩිපුර අනුභවය කිරීම නිසා ද වෙහෙසකර බවක් ඇතිවිය හැකියි.

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

SOURCE

[QUOTE="keshara, post: 16714061, member: 4704"] [b]ඇඟට නිකං මහන්සියි වගේ දැනෙනවද ?[/b] [SIZE="4"]ඇඟපතේ පණ නැතිකම, ඈලි මෑලි දුබල ගතිය වැඩි දෙනෙක් පෙළන අපහසුකාරී තත්ත්වයක්. මේ වෙහෙසකාරී බවට එසේත් නැතිනම් තෙහෙට්ටුවට හේතුව බොහෝවිට වැඩපළ අධිකකම සහ නිදිවැරීමයි. තවත් සමහර කෙනකුට මානසිකව ඇතිවන අවපීඩනය හෝ කාන්සාව ඇඟපතේ වෙහෙසකර බව ඇති කරයි. ජීවත්වන පරිසරය හා ජීවන රටාව ද මීට හේතු වෙයි. දෛනික රාජකාරී කටයුතු මෙන්ම ගෙදර දොර වැඩපළ අතපසු කරන මේ වෙහෙසකාරී බවින් අත්මිදෙන්නට පුළුවන්ද? ඊට බලපාන වෙනත් හේතු සාධක මොනවාද? අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ ඒ පිළිබඳවයි.[/SIZE] [IMG]http://mirrorgirl.lk/images/imagegallery/2014_images/Health/tiredness.jpg[/IMG] [B][SIZE="4"] 01.නිතර ඇතිවන විඩාබර ස්වභාවයට බලපාන කායික රෝග තිබෙනවා ද?[/SIZE][/B] [SIZE="4"]ඔව්. රෝගාබාධ කීපයක්ම ඊට හේතු විය හැකියි. ඇඟ වෙහෙසවා වැඩක් නොකළ ද, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු නම් ඇඟට තෙහෙට්ටු ගතියක් දැනෙන්නට පුළුවන්. විවිධ වෛරස් ආසාදන මෙන්ම රක්ත හීනතාවය නිසා ද ශරීරය තළා පෙළා දැමුවා වැනි ස්වභාවයක් දැනිය හැකියි. එම රෝගීන් තමන්ට ඇති රෝගය හඳුනාගෙන ඊට ප්‍රතිකාර ලබා ගැනීමෙන් සිරුරට ඇතිවන එවැනි අපහසුතා මඟ හරවා ගත හැකියි.[/SIZE] [B][SIZE="4"]02.රක්තහීනතාවය නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවා ද?[/SIZE][/B] [SIZE="4"]නිතර ඇතිවන ක්ලාන්තය මෙන්ම ඇඟ සුදුමැලි ස්වභාවයක් ගැනීම සමඟම විඩාබර ගතියක් දැනේ නම් ඊට හේතුව රක්තහීනතාවය විය හැකියි. අප ගන්නා ආහාරයෙහි යකඩ, විටමින් බී - 12 හෝ ෆෝලික් අම්ලය අඩුවීම රක්ත හීනතාවයට බලපාන හේතු සාධක. මෙහිදී රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීමක් සිදුවන නිසා රුධිර මඟින් පෙණහලුවල සිට සිරුරේ නොයෙක් පටක කරා ගෙන යන ඔක්සිජන් ප්‍රමාණය ද අඩුවී යයි. එම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා හිමොග්ලොබින් අඩු රුධිරය සිරුර පුරා වේගයෙන් ගෙන යාම සඳහා හෘදය වස්තුවට වේගයෙන් ගැහෙන්නට සිදු වේ. සුළු වැඩක් පළක් කළ ද මහන්සි ගතියක් ඇතිවන්නේ ඒ නිසයි.[/SIZE] [B][SIZE="4"]03.දිගින් දිගට සිදුවන රුධිර වහනයත් රක්තහීනතාවයට බලපානවා ද?[/SIZE][/B] [SIZE="4"]ඔව්. සිරුරෙන් දිගින් දිගටම රුධිර වහනයක් වේ නම් එය ද රක්තහීනතාවයට හේතු විය හැකියි. සමහර කාන්තාවන්ට ආර්තවය නිසා අධික ලෙස රුධිර වහනය වෙනවා. එවැනි තත්ත්වයක දී ද රක්ත හීනතාවය ඇතිවිය හැකියි. කොකු පණු රෝගය ද තවත් හේතුවක්. තමන් රක්ත හීනතාවයෙන් පෙළෙනවා ද යන්න සරල රුධිර පරීක්ෂාවක් මඟින් හඳුනා ගත හැකියි. ඉන්පසු එය ඇතිවීමට බලපෑ හේතුවට ප්‍රතිකාර ගැනීමෙන් හා නිසි ආහාර රටාවකට හුරුවීමෙන් රෝගය මෙන්ම විඩාබර ස්වභාවය ද මඟ හරවා ගත හැකියි.[/SIZE] [B][SIZE="4"]04.තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගයක් නිසා සිරුරට වෙහෙසකර බවක් තෙහෙට්ටුවක් ඇතිවන බව හඳුනාගන්නේ කෙසේ ද?[/SIZE][/B] [SIZE="4"]සිරුරේ බර වැඩිවීම, සම හා කටහඬ ගොරෝසු වීම, හිසෙහි කෙස් තුනී වේගන යාම, නිතර සීතල ගතිය දැනීම ආදී රෝග ලක්ෂණ සමඟ ඇඟට තෙහෙට්ටුවක් දැනේ නම් එම පුද්ගලයාට හටගෙන ඇත්තේ බොහෝ විට තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගයක් විය හැකියි. අපගේ සිරුරේ උෂ්ණත්වය සහ ක්‍රියාකාරිත්වයේ වේගය උදාහරණ ලෙස හෘද වේගය සහ නාඩි වේගය වැනි දේ පාලනය කෙරෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් නිපදවන තයිරොක්සීන් නම් හෝමෝනය මඟින්. එම හෝමෝන ශ්‍රාවය අඩු වී විට නාඩි වේගය සහ ස්වසන වේගය අඩු වී යයි. මලබද්ධය ඇතිවෙයි. හිසෙහි කෙස් තුනී වී යයි. ඒ සමඟම සීතල දරා ගැනීමේ හැකියාව ද අඩු වී යයි. සිරුරට විඩාබර ස්වභාවයක් ඇතිවෙයි. රෝගය හඳුනාගෙන ප්‍රතිකාර ගැනීමෙන් එම තත්ත්වයන් මඟ හරවා ගත හැකියි. නිවැරැදිව රෝගය හඳුනා ගත්තා නම් ප්‍රතිකාරය ද ඉතා සරලයි. දිනපතා තයිරොක්සින් පෙති ගැනීමෙන් රෝගය සුවකළ හැකියි.[/SIZE] [B][SIZE="4"]05.වෛරස් ආසාදන හා සිරුරේ තෙහෙට්ටු ගතිය සමඟ ඇති සම්බන්ධතාවය කුමක් ද?[/SIZE][/B] [SIZE="4"]බෝවන සෙංගමාලය වෛරස් රෝගයක්. කාමලකාව හෙවත් බෝවන සෙංගමාලය ඇති වීමේ මුල් අවස්ථාවේ දී සිරුරට විඩාබර ගතියක් ඇතිවෙයි. කෑම අරුචිය, ඇඟ සහ ඇස් කහපාට වීම, මුත්‍රා තද කහ පැහැවීම වමනය සහ උණ ඇති වන්නේ ඉන් පසුවයි. සෙම්ප්‍රතිශ්‍යාව හා වෙනත් වෛරස් උණ සෑදීමෙන් පසුව ද ඇඟට තෙහෙට්ටුව දැනිය හැකියි. රෝගය සුව වුවද ඉන් සම්පූර්ණයෙන් සුවය නොලැබුවා සේ රෝගියාට දැනෙයි. මාංශපේශීන් ගේ වේදනාව, හිසරදය, ක්ලාන්තය හා කරකැවිල්ල මෙන්ම මානසික අවපීඩනයක් ද වෛරස් උණකට සති දෙකකට පමණ පසුව රෝගියාට දැනෙන්නට පුළුවන්. මීට අමතරව අප සිරුරෙහි උෂ්ණත්වය වැඩි කරන ඕනෑම ආකාරයේ ආසාදනයක් නිසා සිරුරට විඩාබර ගතියක් දැනිය හැකියි. පෙණහලුවල සැරව ගෙඩි හෝ ක්ෂය රෝගය වැලඳුණ රෝගීන්ට, නියුමෝනියාව වැලඳුණ රෝගීන්ට අධික තෙහෙට්ටුවක් දැනෙයි. මීට අමතරව කැස්ස ආහාර අරුචිය, සහ හුස්ම ගන්නා විට පපුවේ වේදනාව ද ඇතිවෙයි. එම රෝගයන්ට ද නිවැරැදි ප්‍රතිකාර ලබා ගැනීමෙන් සිරුරේ වෙහෙසකර බව මඟ හරවා ගත හැකියි.[/SIZE] [B][SIZE="4"]06.දියවැඩියා රෝගීන්ට නිතර විඩාබර බවක් දැනෙනවා කියන්නේ ඇයි?[/SIZE][/B] [SIZE="4"]දියවැඩියා රෝගයේ දී අග්න්‍යාශයෙන් ශ්‍රාවය කරන, ඉන්සියුලින් හෝමෝනය අඩු වෙනවා. රුධිරයේ සීනි මට්ටම වැඩි වී, මුත්‍රා සමඟ සීනි පිට වෙනවා. එවිට ශරීරය කෙට්ටු වී අධික විඩාබර ගතියක් දැනෙනවා. මෙම රෝගී තත්ත්වයන් කලින් හඳුනාගෙන ප්‍රතිකාර ගත්තේ නම් ඉදිරියේ දී ඇතිවිය හැකි අයහපත් සංකූලතාවන් ගෙන් වැළකී සිටිය හැකිය. මෙම රෝගී තත්ත්වය ද සරල රුධිර පරීක්ෂාවක් මඟින් හඳුනාගත හැකියි.[/SIZE] [B][SIZE="4"]07.මානසික අවපීඩන රෝගීන්ට නිතර නිතර සිරුරේ වෙහෙසකර බවක් දැනෙනවා කියන්නේ ඇත්ත ද?[/SIZE][/B] [SIZE="4"]ඔව්. මානසික අවපීඩන හෙවත් විශාදයේ ප්‍රධාන රෝග ලක්ෂණයන් වන්නේ තෙහෙට්ටුව, ආහාර අරුචිය, නින්ද නොයාම හෝ අධික නිදිමත වැනි තත්ත්වයන්. ඊට අමතරව මනසේ ඒකාග්‍රතාව නැතිවී යාම, ජිවිතය එපා වූවා සේ දැනෙන හැඟීම, හිසරදය, කාන්සාව සහ හැඬීම මානසික අවපීඩනයේ අනෙකුත් රෝග ලක්ෂණයන්. ඇතැම් රෝගීන්ට පේශි විඩාව සහ වේදනාව, මලබද්ධය, පපුවේ සහ උදරයේ වේදනාව ද ඇතිවිය හැකියි. සුදුසු මනෝ වෛද්‍යවරයකු වෙත යොමු වී ප්‍රතිකාර ගැනීමෙන් රෝගය සහ ඒ නිසා හටගන්නා තෙහෙට්ටුව ආදි රෝග ලක්ෂණයන් මඟ හරවා ගත හැකියි.[/SIZE] [B][SIZE="4"]08.ඇඟට දැනෙන විඩාවට කාන්තාවන්ගේ ආර්තවහරණයත් බලපානවා ද?[/SIZE][/B] [SIZE="4"]සාමාන්‍යයෙන් කාන්තාවක් අවුරුදු 45 - 50 අතර කාලයේ දී ආර්තවහරණයට ලක්වෙනවා. ඒ සමඟම ඩිම්බ කෝෂවලින් ‘ඊස්ට්‍රජන්’ හෝමෝනය නිෂ්පාදනය කිරීම ද ඇනහිටිනවා. සිරුරේ තෙහෙට්ටුව හේතුව එයයි. සමහර කාන්තාවන්ට ආර්තවය ඇතිවීමට සති දෙකකට හෝ දින කීපයකට පෙර සිටම සිරුරේ විඩාබර ගතියක් දැනිය හැකියි. එය Premenstrual Syndrome නමැති රෝගී තත්ත්වය නිසා ඇතිවන ස්වභාවයක්. රෝග ලක්ෂණ මතුවන කාලයේ දී සිරුරට අඩු වී ඇති හෝමෝනය ලබා දීමෙන් රෝග ලක්ෂණවලින් මිදිය හැකියි. ඊට අමතරව කාන්තාව වයස්ගත වීමත් සමඟම රෝග ලක්ෂණ ක්‍රමයෙන් මඟ හැරී යයි.[/SIZE] [B][SIZE="4"]09.ගර්භණී බව නිසාත් සිරුරට විඩාබර ගතියක් දැනෙනවා ද?[/SIZE][/B] [SIZE="4"]කෙනෙකුගේ සිරුරෙහි ඇති හෝමෝන මට්ටම ඉහළ පහළ යාම එසේත් නැතිනම් අඩු වැඩි වීම නිසා සිරුරට තෙහෙට්ටුවක්, වෙහෙසකර බවක් ඇතිවන බව සොයා ගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් පළමු මාස තුනේ දී ගැබිනි මවකගේ සිරුරෙහි ප්‍රධාන වශයෙන් ඇතිවන්නේ හෝමෝන ප්‍රමාණයන්ගේ වෙනස් වීම්. එය සිරුරෙහි තෙහෙට්ටු ගතියට බලපානවා. ඇතැම් විට කාන්තාවක් ගැබ් ගෙන ඇති ද යන්න මුත්‍රා පරීක්ෂාවක් මඟින් ස්ථිර කිරීමට පෙර සිටම වුවද ඒ තත්ත්වය ඇතිවිය හැකියි.[/SIZE] [B][SIZE="4"]10.සමහර රෝග සඳහා ගන්නා ඖෂධ වර්ග නිසා සිරුරට තෙහෙට්ටු ගතියක් දැනෙනවා කියන්නේ ඇත්ත ද?[/SIZE][/B] [SIZE="4"]ඔව්. පෙති, දියර හෝ එන්නත් මඟින් ලබා ගන්නා බොහෝ ඖෂධ වර්ගවල අතුරු ප්‍රතිඵලයක් ලෙස තෙහෙට්ටුව ඇතිවිය හැකියි. සමහර වේදනා නාශක මෙන්ම අධි රුධිර පීඩනය භාවිත කරන ඖෂධ නිසා සිරුරට විඩාබර බවක් ඇතිවෙයි. මානසික අවපීඩනයෙන් පෙළෙන රෝගීන්ට ලබා දෙන ඖෂධ මෙන්ම කාන්සාව පාලනය කිරීමට දෙන (Tranquillizers) ඖෂධ නිසාත් තෙහෙට්ටු ගතිය හා නිදිමත ස්වභාවයක් ඇතිවෙයි. එමෙන් ම නිර්වින්දන තත්ත්වයන් යටතේ ශල්‍යකර්මයකට භාජනය වූයේ නම් එම ඖෂධ නිසා ද සති තුන හතරක් යනතුරු සිරුරට තෙහෙට්ටු ගතියක් දැනෙන්නට පුළුවන්. ඒ සඳහා විශේෂ ප්‍රතිකාරයක් අවශ්‍ය නොවේ. දින කිහිපයක් ගතවීමේදී එම තත්ත්වය ක්‍රමයෙන් මඟ හැරී යයි.[/SIZE] [B][SIZE="4"]11.කෙටි කාලයක් තුළ සිරුරේ බර අඩුවී, කෙට්ටු වී යාම නිසාත් වෙහෙසකර බවක් ඇතිවනවා ද?[/SIZE][/B] [SIZE="4"]ඔව්. අපගේ ශරීරයෙහි බර පාලනය වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ අන්තරාසර්ග පද්ධතියයි. මොළයෙහි පිහිටි පිටුයටරි ග්‍රන්ථිය මඟින් අන්තරාසර්ග පද්ධතිය අයත් ග්රන්ථීන් වන තයිරොයිඩ් ග්‍රන්ථිය සහ ලිංගික හෝමෝන නිෂ්පාදන ග්රන්ථීන් පාලනය කරයි. හෝමෝන ශ්‍රාවය කරන ග්රන්ථීන්හි රෝගී තත්ත්වයන් නිසා කෙටි කාලයක් තුළ එසේ බර අඩු වැඩි වීමට පුළුවන්. එමෙන් ම අධික විඩාව ද දැනිය හැකියි. මීට අමතරව අධිවෘක්ක ග්‍රන්ථියේ ක්‍රියාව අඩු වී ගිය විට සිරුරෙහි ස්ටීරොයිඩ් නමැති හෝමෝන ශ්‍රාවය අඩු වී විඩාව ඇති විය හැකියි.[/SIZE] [B][SIZE="4"]12.ඉගෙනුම ලබන දරුවන් පමණට වඩා නිදි වැරීමත් ශාරීරික විඩාවට හේතුවක් ද?[/SIZE][/B] [SIZE="4"]ඔව්. එය අනිවාර්ය හේතුවක්. විශේෂයෙන් කුඩා දරුවන්ට පවා (ශිෂ්‍යත්වය සඳහා සූදානම් වන) ප්‍රමාණවත් නින්දක් නොලැබීම දැකිය හැකි කනගාටුදායක තත්ත්වයක්. මවුවරුන්ගේ බල කිරීමට දරුවන් නිදි වරාගෙන පාඩම් කරනවා. එහෙත් එය පල රහිත ක්‍රියාවක් වන්නේ එසේ පාඩම් කරන කිසිවක් දරුවන්ගේ සිතෙහි ධාරණය නොවන නිසයි. මේ වයසේ දරුවකුට පැය දහයක දොළහක තරම් නින්දක් ලැබිය යුතුයි. සාමාන්‍ය පෙළ කරන දරුවකු නම් අඩුම තරමේ දිනකට පැය 8 - 10 ක් අතර නින්දක් හා උසස් පෙළ හදාරන දරුවකු පැය 6 - 8 ක් අතර නින්දක් ලැබිය යුතුයි. කඩින්කඩ නිදා ගැනීම ද ප්‍රශ්නයක් නොවේ. හොඳ නින්ද කායික මෙන්ම මානසික නිරෝගී බවට ද හේතුවක්. ප්‍රමාණවත් නින්දකින් ධාරණ ශක්තිය වැඩිවන අතර සිරුරෙහි තෙහෙට්ටු ගතිය ද මඟ හැරී යයි. නිදාගන්නා කාලය තමන්ට සුදුසු පරිදි වෙන්කර ගත හැකි අතර දහවල් නිදා ගැනීම ද ගැටලුවක් නොවේ.[/SIZE] [B][SIZE="4"]13.මත් වතුර පානය හා දුම්පානය කරන අයට සිරුරේ විඩාබර ගතිය වැඩි ද?[/SIZE][/B] [SIZE="4"]දුම්පානය කරන අයට වඩා එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි වන්නේ මත් වතුර බොන අයටයි. මත් වතුරට ඇබ්බැහි වූ අය මත් වතුර නොබී සිටින අවස්ථාවල ඇඟපත වේදනාව ගැන නිරන්තරයෙන් මැසිවිලි නඟනවා. ඒ නිසාම නැවතත් එම ක්‍රියාවට පෙලඹෙනවා. ඇඟපතේ වේදනාව සමනය කිරීමට යැයි කියමින් මත් වතුරට ඇබ්බැහි වීමෙන් සිදු වන්නේ තව තවත් සෞඛ්‍ය තත්ත්වය පිරිහීමයි. විවිධ රෝගාබාධයන්ට ගොදුරු වීමයි. එමෙන්ම අධික ලෙස මත්පැන් පානය නිසා ද, සිරුරට අවශ්‍ය ආහාර නිසි ලෙස නොලැබී යයි. එමඟින් ද පෝෂණ ඌණතා ඇතිවී ඈලිමෑළි දුබල ගති ඇතිවිය හැකියි. අක්මාව රෝගාතුර වීමත්, ආමාශයේ රුධිර වහනයත් නිසා මත් වතුර පානය කරන අයගේ තෙහෙට්ටුව තවත් වැඩිවෙයි. එම ප්‍රශ්නයට එකම විසඳුම මත්පැනින් තොරවීම හා සමබල ආහාර අනුභවයකට හුරු වීමයි.[/SIZE] [B][SIZE="4"]14.රුධිර පීඩනය වැඩි අයටත් තෙහෙට්ටු ස්වභාවයක් දැනෙනවා ද?[/SIZE][/B] [SIZE="4"]එවැනි රෝගීන්ට විඩාබර ගතියක් දැනෙනවා නම් ඊට හේතුව ඖෂධවල බලපෑමක් විය හැකියි. රුධිර පීඩනය වැඩි වූ පමණින් විඩාබර ස්වභාවයක් ඇති නොවෙයි.[/SIZE] [B][SIZE="4"]15.සිරුරේ වෙහෙසකර බව සහ අප ගන්නා ආහාර අතර සම්බන්ධතාවක් තිබෙනවා ද?[/SIZE][/B] [SIZE="4"]සුවිශේෂී සම්බන්ධතාවක් තිබෙනවා. ශරීරයේ ශක්තිය නිෂ්පාදනය සඳහා ආහාර අවශ්‍ය වෙයි. ආහාර නොගත් විට ශක්තිය ලබාගත යුතු වන්නේ සිරුරේ තැන්පත් කර ඇති ආහාර (තෙල් ස්ථරය) දියර ශක්තිය බවට පත් කිරීමෙන්. මෙය ඉතා සෙමෙන් සිදුවන ක්‍රියාවලියක් නිසා එමඟින් ශක්තිය ලබා ගැනීමට යාමේ දී සිරුරට විඩාව එසේත් නැතිනම් තෙහෙට්ටුව ඇතිවෙයි. අපගේ සිරුරට අවශ්‍ය ශක්තිය ඉක්මනින් ලබාගත හැක්කේ සීනි හා පිටි වර්ග අනුභව කිරීමෙන්. ඊට අමතරව තෙල් වර්ග, ප්‍රෝටීන, ලවණ වර්ග සහ විටමින් ද අවශ්‍ය වෙයි. යකඩ සහ විටමින් ඌනතාව නිසා හටගන්නා රක්තහීනතාවය නිසා ද පෙර සඳහන් කළ පරිදි විඩාබර බව ඇතිවිය හැකියි. ප්‍රෝටීන අධික එහෙත් කාබෝහයිඩ්රේට් අඩු ආහාර වැඩිපුර අනුභවය කිරීම නිසා ද වෙහෙසකර බවක් ඇතිවිය හැකියි.[/SIZE] [B][COLOR="Blue"][SIZE="3"]විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ[/SIZE][/COLOR][/B] [B][SIZE="5"][COLOR="Red"][URL="http://mirrorgirl.lk/healthy-life/healthy-living/2516-2014-05-25-04-54-08"]SOURCE[/URL] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom