Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇඟිලි 999ක් කපන මිනිසා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඟිලි 999ක් කපන මිනිසා

එළැඹෙන 11 වැනිදා රාත්‍රිය වනවිට රටෙහි දැනට උද්ගතව පවතින සකල දෝෂ හෙවත් දේශපාලන අර්බුදය මුළුමනින්ම නිවාරණය කර දමන බව ජනාධිපතිවරයා 04 වැනිදා ශ්‍රීලනිප විශේෂ නියෝජිත සමුළුවේදී කීවේය. ඔහු එහිදී වැඩිදුරටත් කීවේ පවතින අර්බුදය නිර්මාණය කළේ රනිල් වික්‍රමසිංහ බවය.

දින හතකින් අර්බුදය විසඳන ආකාරය ඔහු පැහැදිලි කළේ නැත. එසේ නම් ඔහු එය කියා ඇත්තේ හොර කට්ටඩීන් දින හතකින් භූත දෝෂ නිවාරණය කර දෙන බව කියන ආකාරයටමය. කොහොමද අර්බුදය අවසන් කරන්නේ කියා කිසිවෙක් ජනපතිගෙන් නොවිමසති. එසේ බලන විට මේ මොහොතේදී ලංකාව යනු රටේ ජනාධිපති හොර කට්ටඩියාටත්, ජනතාව ආතුර භූමිකාවටත් ප්‍රවිෂ්ට රටකි.

එමෙන්ම ජනපති කියන පරිදි රනිල් අර්බුදය ඇති කළා යන්න සාවද්‍යය දැන් එය රටේ නොව ලංකාව ගැන දන්නා ලෝකයේ හැම කෙනෙක්ම දනිති. ඔක්. 26 වැනිදා ව්‍යවස්ථා විරෝධී ආකාරයට හිටපු අගමැති ඉවත් කර නව අගමැතිවරයකු පත්කිරීමේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීම දක්වා ජනාධිපතිවරයා රටෙහි මූලික නීතිය උල්ලංඝනය කරමින් ක්‍රියා කර තිබෙන බව ඉතිහාසයෙන් මකා දැමිය නොහැකිය. රනිල් අගමැති ලෙස රටවැසියාගේ ජන ජීවිතය පැත්තෙන් බිංදුවේ පාලනයක් ගෙන ගිය බව සැබෑය. එහෙත් බිංදුවේ මිනිසා වුව අගමැතිකමින් ඉවත් කරන ක්‍රමය මෙය නොවන බව ජනපතිට කොතෙක් කිව්වත් නොතේරීම ඔහු කළ මහත් වූ පාපයක ප්‍රතිඵලයක්ම විය හැකිය. ඊළඟට පාර්ලිමේන්තුවේ 225ම අත්සන් කොට විශ්වාසය පළ කළත් රනිල් අගමැතිකමට පත් නොකර සිටිය නොහැකිය යන්න ගැන ජනාධිපති නොතැකීමත් ඔහු කෙතරම් අභිමතානුසාරී බලය අභ්‍යාස කරන්නෙක්ද යන්න පිළිබිඹු කරන්නකි. පුද්ගලයකු හැටියට රනිල් අගමැතිවීමෙන් රටවැසියාට සුගතියක් අත් නොවේ යන්න මූලික නීතියට පටහැනි තර්කයකි. රනිල් අදක්ෂ පාලකයකු නිසා ඔහු පත් නොකිරීම යෙහෙකැයි කෙනකු සිතන්නට පුළුවන. එහෙත් මෙය හුදෙක් රනිල්ගේ ප්‍රශ්නයක් නොවේ. රනිල්ගෙන් වැඩක් නැත යන උපකල්පනය මත පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත් පුද්ගලයා කවුද, ඔහු අගමැති ලෙස පත්කිරීම නම් වූ ව්‍යවස්ථානුකූල ක්‍රියාවෙන් ජනපතිට වියුක්තව ක්‍රියා කළ නොහැකිය. රනිල් පත්කිරීමෙන් ජනතාවට සුගතියක් අත් නොවන බව කිවහැක්කේ මෛත්‍රී මේ ඇබැද්දියටම මුහුණ දී ඔහු යළි පත්කිරීමෙන්ද මහජන කේන්ද්‍රීය අර්ථයක් නැත යන්න හා සමාන්තරවය.

මේ කිසිවෙක් ජනතාවට වගනොකියන වගකීම් විරහිත නායකයෝ වෙති. එහෙත් නියෝජිත ප්රජාතන්ත්රවාදය යන්න බලවත් ආකෘතියක් ලෙස පවතින්නක් නිසා ජනපති පත්කිරීම මෙන්ම අගමැතිගේ පත්වීම රටවැසියන් නිශ්චිත කාරණා ලෙස පිළිගත යුතු වෙයි. අනතුරුව ඔවුන් ව්‍යවස්ථානුකූලව ක්‍රියාකරනවා මිස, ව්‍යවස්ථා විරෝධීව ක්‍රියාකරනවා බලා සිටීමට ජනතාව රිසි නැත. අප ඔවුන්ට ව්‍යවස්ථාව රකින්නට කියන්නේත්, නීති ප්‍රකාරව ක්‍රියාකරන ලෙස කියන්නේත් පවතින ක්‍රමය ඉතාම යහපත් ක්‍රමය නොවුණත් එය තවත් ව්‍යසනයට පත් වනු නොදකින රිසියෙනි. ජනපති කොහෙන් හෝ මතු කරගෙන සිටින ව්‍යාජ ආඩම්බරකම මගින් මේ සියලු ආචාර ධර්ම හා නීති පද්ධතීන් වසා දමා තිබේ. ජනපති වාසය කරන්නේ යකඩ තීරයක් පසුපස නොවන බව ඔහු කල්පනා කළ යුතුය. ජනපතිගේ මෙම අත්තනෝමතික හැසිරීම රටේ අනාගතය සම්බන්ධයෙන් අතිභයානක ප්‍රතිඵල ගෙන දිය හැකි තත්ත්වයකි.

නීතිය අතට ගැනීම

ජනපති රටේ මූලික නීතිය නොතකා කටයුතු කිරීමෙන් එහි ප්‍රතිඵල සමාජයේ මතු මහලේ සිට පහළ ස්ථරය වෙත ගලා යා හැකිය. පළමුව ජනපතිගේ අනුගාමිකයන් අද වන විට ඉහත කී සිදුවීම් පිළිබඳව මත පළ කරන ආකාරය දෙස බලන්න. මහින්ද රාජපක්ෂ කීවේ අගමැති ධුරය හා ආණ්ඩුවේ කටයුතු අත්හිටුවීමට දුන් අභියාචනාධිකරණ තීන්දුව පිළිනොගන්නා බවය. ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ ප්‍රශ්නයක් නැත. එහෙත් ව්‍යවස්ථානුකූල තත්ත්වය ඉක්මවා පත් කළ අගමැති ධුරය හා ආණ්ඩුව ගැන වැරදිකාර හැඟීමක් මහින්ද රාජපක්ෂට තිබුණේම නැත. වරදකාරී හැඟීමක් තිබෙනවා නම් අභියාචනාධිකරණ තීන්දුව කෙරෙහි මීට වඩා සැලකිල්ලක් ඔහු දැක්විය යුතුව ඇත. යම් හෙයකින් මෙම තීන්දුව ලබා දුන්නේ රාජපක්ෂලාට හා ඔහුගේ ආණ්ඩුව නීත්‍යනුකූල යැයි පිළිගනිමින් නම් ඔවුන් අභියාචනාධිකරණ තීන්දුව ගෞරව පූර්වකව පිළිගනු ඇත. දැන් තරම් හාස්‍යයෙන් ඒ දෙස නොබලනු ඇත. ජනපති ව්‍යවස්ථාව උල්ලංඝනය කරන, මහින්ද රාජපක්ෂ අන්තේවාසිකයන්ගේ ඝෝෂාව මහජන තීන්දුවක් බවට පත්කරගෙන සිටින තත්ත්වය පැහැදිලිවම ඉතා නරක පූර්වාදර්ශ රටට සපයයි. මහින්දානන්දලා පමණක් නොව මේවා ගැන අවබෝධයක් ඇති වාසු, දිනේෂ්, සුසිල් වැනි අය දක්වා පිරිස් ජනපති නිවැරදියි කියන මතය දරති. ඉන් පෙනීයන්නේ ඔවුන් නීතිය ඉක්මවා ගොස් හුදු බලය පිළිබඳ මඬනා ලද හැඟීමෙන් ක්‍රියාකරන බවය. එම තත්ත්වය පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් නොනැවතී පළාත් සභාව පළාත් පාලනය දක්වාම කාන්දු විය හැකිය. ඉනුත් නොනැවතී සාමාන්‍ය ජනයා නීතිය අතට ගෙන ක්‍රියාකරන තත්ත්වයක් ලංකාවේ ජන සමාජය තුළ ඇතිවුවහොත් ඊට ජනපති වගකියනවාද? මරලා හරි නොගන්නේ ඇයි යනුවෙන් මහින්දගෙන් අසන ජනතාවක් ඔහුට සිටිති. අද මෛත්‍රීගේ ශක්තිය වී තිබෙනුයේද මරලා හරි බලය ගැනීමට තම නායකයන් මෙහෙයන පාදඩ කොටස්ය. මෛත්‍රීගේ හරයක් නැති විමුක්තිකාමී වදන් මාලාව තව ටික දිනක් මහින්දගේ ජනයා ඉවසනු ඇත.

රනිල් පත් කිරීම

ජනපති කියන පරිදි රනිල් අගමැති ලෙස පත් නොකරන්නේ ඔහු සමග වන පුද්ගලික ප්‍රශ්නයක් නිසා නොව ඔහු රටට නොගැළපෙන නායකයෙක් වන නිසාය. එසේ සිතන්නේ ජනතාව නොව, මෛත්‍රීය. රනිල්ගේ නොගැළපීම ගැන මෛත්‍රී තීරණය කරන්නේ කෙසේද? රනිල් නොගැළපෙන නායකයෙක් ලෙස රටවැසියා පිළිගෙන මෛත්‍රී ගැළපෙන නායකයෙක් ලෙස ඔවුන් පිළිගතයුත්තේ කවර මානයක් මතද? ඇත්ත තත්ත්වය නම් කළ හා කරන වැඩ අනුව මේ දෙදෙනාම රටට නොගැළපෙන නායකයන් වීමය. මෛත්‍රී පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණයෙන් දිනුවේ එජාපයේ ඡන්ද බලයෙනි. 2015 වන විට මෛත්‍රී වසර හතළිස් පහක් දේශපාලනය කර තිබුණි. රනිල් ඒ වනවිට වසර 40ක් දේශපාලනයෙහි නිරත වූවෙකි. අඩුම තරමින් 77 පාර්ලිමේන්තුවේ සිට මහජන නියෝජිතයකු ලෙස සිටි රනිල් ගැන මෛත්‍රීට 2015 වනවිටත් අවබෝධයක් නොතිබුණිද? නොගැළපෙන මිනිසා සමග එක් නොවී මෛත්‍රීට මහින්ද සමගම ඉන්නට තිබුණි. අපට සිතන්නට වන්නේ එදා මෛත්‍රීට කන්න ඕනෑ වූ විට කබරගොයාත් තලගොයා වූ බවය. රනිල් එපා වූ විට මෛත්‍රී වනන්තරේ කපටියාට අඳියි.

තීරණය රට වෙනුවෙන්ද?

ඉකුත් 04 වැනිදා ශ්‍රීලනිප විශේෂ සමුළුවේ තේමාව ‘තීරණය රට වෙනුවෙන්’ යන්නය. රට වෙනුවෙන් කියා මේ සා මුග්ධ තීරණ ගන්නා නායකයන් සිටින රටක තත්ත්වය කෙබඳු වෙයිද? ඒ පිළිබඳව ශ්‍රීලනිප පාක්ෂිකයන් සිය විමර්ශනාක්ෂිය යොමු කිරීම වැදගත්ය. මෛත්‍රී ආසන්න දිනවල සියලු තීරණ ගෙන ඇත්තේ රට වෙනුවෙන් නොව, තමා වෙනුවෙන්ම බව පෙනේ. මෛත්‍රී සිය අනුහස් නායකයා යැයි සිතන බණ්ඩාරනායකත් මේ ආකාරයටම අනතුර බදා වැලඳ ගත්තෙකි. සිංහල රාජ්‍ය භාෂාව කිරීම, කඩඉම් විභාගය, එය සමනය කිරීමට ද්‍රවිඩ භාෂා විධි විධාන පනත ගෙන ඒම යනාදී සියල්ල මගින් බණ්ඩාරනායක තව තවත් සිරවූවා මිස ඔහුට ලිහිල් පසුබිමක් ඇතිවූයේ නැත. බණ්ඩාරනායකගේ ගෝලයා මුහුණ දෙන්නේ ඊටත් වඩා නරක තත්ත්වයකටය. ඒ අනුව ඔහුට දින හතකින් කට්ටඩියාගේ කාර්යය කිරීමට නොහැකි වනු ඇත.

රට වෙනුවෙන් තීරණ ගන්නා පුද්ගලයකු මේ ආකාරයට ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ නැත. රට වෙනුවෙන් තීරණ ගන්නා පුද්ගලයකු නීතියට හා ආචාර ධර්මවලට ගරු කරයි. අභියාචනාධිකරණ තීන්දුව ගැන පවා මෛත්‍රී කියා තිබුණේ එය අතුරු තහනම් නියෝගයක් මිස අවසාන තීන්දුවක් නොවන බවය. එය සැබෑවක් වුවත් ඔහු එම තීන්දු කෙරෙහි දැක්වූ සාහසික ආකල්පය බරපතළය. ඔහු ඒ ගැන කීවේ නායක හිමි නමක් දිය යුතු තීන්දුව පන්සලේ නායක හාමුදුරු කෙනෙක් දී ඇති බවය. ඉන් ඔහු අභියාචනාධිකරණයට දෙන ප්‍රහාරය සුළු පටු නැත. එය තනිකරම සාහසික ප්‍රශ්නයක් බව මෛත්‍රීගේ අනුගාමිකයන් අවබෝධ කරගත යුතුය. මෙම නඩු පිළිබඳ අධිකරණය දෙන තීන්දු තමා ගෞරවයෙන් පිළිගන්නා බව කීවද ඔහු ඒවා ගෞරවයෙන් පිළිනොගන්නා බව පෙනේ. 225ම අත්සන් කළත් රනිල්ට දෙන්නේ නැහැ වැනි ප්‍රකාශ ඔස්සේ හෙතෙම රටේ මූලික නීතිය නොතකන ඒකාධිපතියකුගේ මට්ටමට රූපාන්තරණයවෙමින් සිටියි.

දැන් ජනපතිට ඇති ප්රශ්නය වන්නේ ආපසු හැරෙන්න නොහැකිවීමය. 07 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දෙන තීන්දුව මගින් ජනපතිට අවසාන ඇණය වදින්නටද පුළුවන. අප ජනපතිට කියන්නේ ඔබ වැරදි යැයි දැන්වත් තේරුම් ගන්නවා නම් ආපසු හැරෙන්නට හැකි බවය. අංගුලිමාල පවා සත්‍ය අවබෝධ කරගත්තේ ඇඟිලි 999ක් කැපුවාට පසුවය. තමා දැනට ඇඟිලි කීයක් කපා දමා ඇත්දැයි බලා ජනපතිට නැවත හැරෙන්නට පුළුවන. අනෙක් අතට රනිල් වික්‍රමසිංහටත් කිවයුත්තේ ඔබ ඇදගෙන නාගත් බවය. මහ බැංකු මංකොල්ලයට ගජ මිතුරන්ට ඉඩ හදා ඉන් නොනැවතී රටේ කිසිම කටයුත්තක් සක්‍රීය කිරීමට නොහැකි වූ සිය නිරර්ථක ගමන රනිල් ජනපති සේ ම ආපසු හැරී බැලිය යුතුය. තමන්ම මිනී වළ කපන්නන්ගෙන් මිදී මේ නායකයන් දෙදෙනාම රටට මිනීවළ කපන එක දැන් නතර කළ යුතුව ඇත. තමාට ඡන්දය දුන් සියලුදෙනා ප්රබුද්ධ ජනයා යැයි ජනපති ඉහත සමුළුවේදී කීවේය. ඔවුන් ප්රබුද්ධ යැයි දැන් ඒ ජනතාව නම් සිතන්නට විදියක් නැත. ඔවුන් දැන් සිතනු ඇත්තේ ඔවුන්ගේ ප්රබුද්ධකම වෛශ්‍යා වෘත්තියේ යෙදවූ ජනපති කෙනකුට තමන් හසුවූ බව විය හැකිය. 26 වැනිදා මහින්ද අගමැති ධුරයට පත් කර තබා රනිල් පෙරළාගෙන යා හැකි පුද්ගලයකු තෝරා ගත් බව කීමෙන් ජනපති කළේ එම ප්රබුද්ධ ජනයා කවර නම් පරිභවයකට පත්කිරීමක්ද? මේ අනුව ජනපති ගැන එකක් කිව හැකිය. එය නම් ඔහු ලෝකයේ විශ්වාස කළ නොහැකිම ජනාධිපති වන බවය. එම වාර්තාව වෙන කිසිවකුට බිඳීමට නොහැකි වනු ඇත.

විමලනාත් වීරරත්න ....

http://ravaya.lk/?p=173793

[QUOTE="AEG, post: 24012027, member: 407630"] [b]ඇඟිලි 999ක් කපන මිනිසා[/b] [SIZE="5"]එළැඹෙන 11 වැනිදා රාත්‍රිය වනවිට රටෙහි දැනට උද්ගතව පවතින සකල දෝෂ හෙවත් දේශපාලන අර්බුදය මුළුමනින්ම නිවාරණය කර දමන බව ජනාධිපතිවරයා 04 වැනිදා ශ්‍රීලනිප විශේෂ නියෝජිත සමුළුවේදී කීවේය. ඔහු එහිදී වැඩිදුරටත් කීවේ පවතින අර්බුදය නිර්මාණය කළේ රනිල් වික්‍රමසිංහ බවය. දින හතකින් අර්බුදය විසඳන ආකාරය ඔහු පැහැදිලි කළේ නැත. එසේ නම් ඔහු එය කියා ඇත්තේ හොර කට්ටඩීන් දින හතකින් භූත දෝෂ නිවාරණය කර දෙන බව කියන ආකාරයටමය. කොහොමද අර්බුදය අවසන් කරන්නේ කියා කිසිවෙක් ජනපතිගෙන් නොවිමසති. එසේ බලන විට මේ මොහොතේදී ලංකාව යනු රටේ ජනාධිපති හොර කට්ටඩියාටත්, ජනතාව ආතුර භූමිකාවටත් ප්‍රවිෂ්ට රටකි. එමෙන්ම ජනපති කියන පරිදි රනිල් අර්බුදය ඇති කළා යන්න සාවද්‍යය දැන් එය රටේ නොව ලංකාව ගැන දන්නා ලෝකයේ හැම කෙනෙක්ම දනිති. ඔක්. 26 වැනිදා ව්‍යවස්ථා විරෝධී ආකාරයට හිටපු අගමැති ඉවත් කර නව අගමැතිවරයකු පත්කිරීමේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීම දක්වා ජනාධිපතිවරයා රටෙහි මූලික නීතිය උල්ලංඝනය කරමින් ක්‍රියා කර තිබෙන බව ඉතිහාසයෙන් මකා දැමිය නොහැකිය. රනිල් අගමැති ලෙස රටවැසියාගේ ජන ජීවිතය පැත්තෙන් බිංදුවේ පාලනයක් ගෙන ගිය බව සැබෑය. එහෙත් බිංදුවේ මිනිසා වුව අගමැතිකමින් ඉවත් කරන ක්‍රමය මෙය නොවන බව ජනපතිට කොතෙක් කිව්වත් නොතේරීම ඔහු කළ මහත් වූ පාපයක ප්‍රතිඵලයක්ම විය හැකිය. ඊළඟට පාර්ලිමේන්තුවේ 225ම අත්සන් කොට විශ්වාසය පළ කළත් රනිල් අගමැතිකමට පත් නොකර සිටිය නොහැකිය යන්න ගැන ජනාධිපති නොතැකීමත් ඔහු කෙතරම් අභිමතානුසාරී බලය අභ්‍යාස කරන්නෙක්ද යන්න පිළිබිඹු කරන්නකි. පුද්ගලයකු හැටියට රනිල් අගමැතිවීමෙන් රටවැසියාට සුගතියක් අත් නොවේ යන්න මූලික නීතියට පටහැනි තර්කයකි. රනිල් අදක්ෂ පාලකයකු නිසා ඔහු පත් නොකිරීම යෙහෙකැයි කෙනකු සිතන්නට පුළුවන. එහෙත් මෙය හුදෙක් රනිල්ගේ ප්‍රශ්නයක් නොවේ. රනිල්ගෙන් වැඩක් නැත යන උපකල්පනය මත පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත් පුද්ගලයා කවුද, ඔහු අගමැති ලෙස පත්කිරීම නම් වූ ව්‍යවස්ථානුකූල ක්‍රියාවෙන් ජනපතිට වියුක්තව ක්‍රියා කළ නොහැකිය. රනිල් පත්කිරීමෙන් ජනතාවට සුගතියක් අත් නොවන බව කිවහැක්කේ මෛත්‍රී මේ ඇබැද්දියටම මුහුණ දී ඔහු යළි පත්කිරීමෙන්ද මහජන කේන්ද්‍රීය අර්ථයක් නැත යන්න හා සමාන්තරවය. මේ කිසිවෙක් ජනතාවට වගනොකියන වගකීම් විරහිත නායකයෝ වෙති. එහෙත් නියෝජිත ප්රජාතන්ත්රවාදය යන්න බලවත් ආකෘතියක් ලෙස පවතින්නක් නිසා ජනපති පත්කිරීම මෙන්ම අගමැතිගේ පත්වීම රටවැසියන් නිශ්චිත කාරණා ලෙස පිළිගත යුතු වෙයි. අනතුරුව ඔවුන් ව්‍යවස්ථානුකූලව ක්‍රියාකරනවා මිස, ව්‍යවස්ථා විරෝධීව ක්‍රියාකරනවා බලා සිටීමට ජනතාව රිසි නැත. අප ඔවුන්ට ව්‍යවස්ථාව රකින්නට කියන්නේත්, නීති ප්‍රකාරව ක්‍රියාකරන ලෙස කියන්නේත් පවතින ක්‍රමය ඉතාම යහපත් ක්‍රමය නොවුණත් එය තවත් ව්‍යසනයට පත් වනු නොදකින රිසියෙනි. ජනපති කොහෙන් හෝ මතු කරගෙන සිටින ව්‍යාජ ආඩම්බරකම මගින් මේ සියලු ආචාර ධර්ම හා නීති පද්ධතීන් වසා දමා තිබේ. ජනපති වාසය කරන්නේ යකඩ තීරයක් පසුපස නොවන බව ඔහු කල්පනා කළ යුතුය. ජනපතිගේ මෙම අත්තනෝමතික හැසිරීම රටේ අනාගතය සම්බන්ධයෙන් අතිභයානක ප්‍රතිඵල ගෙන දිය හැකි තත්ත්වයකි. නීතිය අතට ගැනීම ජනපති රටේ මූලික නීතිය නොතකා කටයුතු කිරීමෙන් එහි ප්‍රතිඵල සමාජයේ මතු මහලේ සිට පහළ ස්ථරය වෙත ගලා යා හැකිය. පළමුව ජනපතිගේ අනුගාමිකයන් අද වන විට ඉහත කී සිදුවීම් පිළිබඳව මත පළ කරන ආකාරය දෙස බලන්න. මහින්ද රාජපක්ෂ කීවේ අගමැති ධුරය හා ආණ්ඩුවේ කටයුතු අත්හිටුවීමට දුන් අභියාචනාධිකරණ තීන්දුව පිළිනොගන්නා බවය. ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ ප්‍රශ්නයක් නැත. එහෙත් ව්‍යවස්ථානුකූල තත්ත්වය ඉක්මවා පත් කළ අගමැති ධුරය හා ආණ්ඩුව ගැන වැරදිකාර හැඟීමක් මහින්ද රාජපක්ෂට තිබුණේම නැත. වරදකාරී හැඟීමක් තිබෙනවා නම් අභියාචනාධිකරණ තීන්දුව කෙරෙහි මීට වඩා සැලකිල්ලක් ඔහු දැක්විය යුතුව ඇත. යම් හෙයකින් මෙම තීන්දුව ලබා දුන්නේ රාජපක්ෂලාට හා ඔහුගේ ආණ්ඩුව නීත්‍යනුකූල යැයි පිළිගනිමින් නම් ඔවුන් අභියාචනාධිකරණ තීන්දුව ගෞරව පූර්වකව පිළිගනු ඇත. දැන් තරම් හාස්‍යයෙන් ඒ දෙස නොබලනු ඇත. ජනපති ව්‍යවස්ථාව උල්ලංඝනය කරන, මහින්ද රාජපක්ෂ අන්තේවාසිකයන්ගේ ඝෝෂාව මහජන තීන්දුවක් බවට පත්කරගෙන සිටින තත්ත්වය පැහැදිලිවම ඉතා නරක පූර්වාදර්ශ රටට සපයයි. මහින්දානන්දලා පමණක් නොව මේවා ගැන අවබෝධයක් ඇති වාසු, දිනේෂ්, සුසිල් වැනි අය දක්වා පිරිස් ජනපති නිවැරදියි කියන මතය දරති. ඉන් පෙනීයන්නේ ඔවුන් නීතිය ඉක්මවා ගොස් හුදු බලය පිළිබඳ මඬනා ලද හැඟීමෙන් ක්‍රියාකරන බවය. එම තත්ත්වය පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් නොනැවතී පළාත් සභාව පළාත් පාලනය දක්වාම කාන්දු විය හැකිය. ඉනුත් නොනැවතී සාමාන්‍ය ජනයා නීතිය අතට ගෙන ක්‍රියාකරන තත්ත්වයක් ලංකාවේ ජන සමාජය තුළ ඇතිවුවහොත් ඊට ජනපති වගකියනවාද? මරලා හරි නොගන්නේ ඇයි යනුවෙන් මහින්දගෙන් අසන ජනතාවක් ඔහුට සිටිති. අද මෛත්‍රීගේ ශක්තිය වී තිබෙනුයේද මරලා හරි බලය ගැනීමට තම නායකයන් මෙහෙයන පාදඩ කොටස්ය. මෛත්‍රීගේ හරයක් නැති විමුක්තිකාමී වදන් මාලාව තව ටික දිනක් මහින්දගේ ජනයා ඉවසනු ඇත. රනිල් පත් කිරීම ජනපති කියන පරිදි රනිල් අගමැති ලෙස පත් නොකරන්නේ ඔහු සමග වන පුද්ගලික ප්‍රශ්නයක් නිසා නොව ඔහු රටට නොගැළපෙන නායකයෙක් වන නිසාය. එසේ සිතන්නේ ජනතාව නොව, මෛත්‍රීය. රනිල්ගේ නොගැළපීම ගැන මෛත්‍රී තීරණය කරන්නේ කෙසේද? රනිල් නොගැළපෙන නායකයෙක් ලෙස රටවැසියා පිළිගෙන මෛත්‍රී ගැළපෙන නායකයෙක් ලෙස ඔවුන් පිළිගතයුත්තේ කවර මානයක් මතද? ඇත්ත තත්ත්වය නම් කළ හා කරන වැඩ අනුව මේ දෙදෙනාම රටට නොගැළපෙන නායකයන් වීමය. මෛත්‍රී පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණයෙන් දිනුවේ එජාපයේ ඡන්ද බලයෙනි. 2015 වන විට මෛත්‍රී වසර හතළිස් පහක් දේශපාලනය කර තිබුණි. රනිල් ඒ වනවිට වසර 40ක් දේශපාලනයෙහි නිරත වූවෙකි. අඩුම තරමින් 77 පාර්ලිමේන්තුවේ සිට මහජන නියෝජිතයකු ලෙස සිටි රනිල් ගැන මෛත්‍රීට 2015 වනවිටත් අවබෝධයක් නොතිබුණිද? නොගැළපෙන මිනිසා සමග එක් නොවී මෛත්‍රීට මහින්ද සමගම ඉන්නට තිබුණි. අපට සිතන්නට වන්නේ එදා මෛත්‍රීට කන්න ඕනෑ වූ විට කබරගොයාත් තලගොයා වූ බවය. රනිල් එපා වූ විට මෛත්‍රී වනන්තරේ කපටියාට අඳියි. තීරණය රට වෙනුවෙන්ද? ඉකුත් 04 වැනිදා ශ්‍රීලනිප විශේෂ සමුළුවේ තේමාව ‘තීරණය රට වෙනුවෙන්’ යන්නය. රට වෙනුවෙන් කියා මේ සා මුග්ධ තීරණ ගන්නා නායකයන් සිටින රටක තත්ත්වය කෙබඳු වෙයිද? ඒ පිළිබඳව ශ්‍රීලනිප පාක්ෂිකයන් සිය විමර්ශනාක්ෂිය යොමු කිරීම වැදගත්ය. මෛත්‍රී ආසන්න දිනවල සියලු තීරණ ගෙන ඇත්තේ රට වෙනුවෙන් නොව, තමා වෙනුවෙන්ම බව පෙනේ. මෛත්‍රී සිය අනුහස් නායකයා යැයි සිතන බණ්ඩාරනායකත් මේ ආකාරයටම අනතුර බදා වැලඳ ගත්තෙකි. සිංහල රාජ්‍ය භාෂාව කිරීම, කඩඉම් විභාගය, එය සමනය කිරීමට ද්‍රවිඩ භාෂා විධි විධාන පනත ගෙන ඒම යනාදී සියල්ල මගින් බණ්ඩාරනායක තව තවත් සිරවූවා මිස ඔහුට ලිහිල් පසුබිමක් ඇතිවූයේ නැත. බණ්ඩාරනායකගේ ගෝලයා මුහුණ දෙන්නේ ඊටත් වඩා නරක තත්ත්වයකටය. ඒ අනුව ඔහුට දින හතකින් කට්ටඩියාගේ කාර්යය කිරීමට නොහැකි වනු ඇත. රට වෙනුවෙන් තීරණ ගන්නා පුද්ගලයකු මේ ආකාරයට ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ නැත. රට වෙනුවෙන් තීරණ ගන්නා පුද්ගලයකු නීතියට හා ආචාර ධර්මවලට ගරු කරයි. අභියාචනාධිකරණ තීන්දුව ගැන පවා මෛත්‍රී කියා තිබුණේ එය අතුරු තහනම් නියෝගයක් මිස අවසාන තීන්දුවක් නොවන බවය. එය සැබෑවක් වුවත් ඔහු එම තීන්දු කෙරෙහි දැක්වූ සාහසික ආකල්පය බරපතළය. ඔහු ඒ ගැන කීවේ නායක හිමි නමක් දිය යුතු තීන්දුව පන්සලේ නායක හාමුදුරු කෙනෙක් දී ඇති බවය. ඉන් ඔහු අභියාචනාධිකරණයට දෙන ප්‍රහාරය සුළු පටු නැත. එය තනිකරම සාහසික ප්‍රශ්නයක් බව මෛත්‍රීගේ අනුගාමිකයන් අවබෝධ කරගත යුතුය. මෙම නඩු පිළිබඳ අධිකරණය දෙන තීන්දු තමා ගෞරවයෙන් පිළිගන්නා බව කීවද ඔහු ඒවා ගෞරවයෙන් පිළිනොගන්නා බව පෙනේ. 225ම අත්සන් කළත් රනිල්ට දෙන්නේ නැහැ වැනි ප්‍රකාශ ඔස්සේ හෙතෙම රටේ මූලික නීතිය නොතකන ඒකාධිපතියකුගේ මට්ටමට රූපාන්තරණයවෙමින් සිටියි. දැන් ජනපතිට ඇති ප්රශ්නය වන්නේ ආපසු හැරෙන්න නොහැකිවීමය. 07 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දෙන තීන්දුව මගින් ජනපතිට අවසාන ඇණය වදින්නටද පුළුවන. අප ජනපතිට කියන්නේ ඔබ වැරදි යැයි දැන්වත් තේරුම් ගන්නවා නම් ආපසු හැරෙන්නට හැකි බවය. අංගුලිමාල පවා සත්‍ය අවබෝධ කරගත්තේ ඇඟිලි 999ක් කැපුවාට පසුවය. තමා දැනට ඇඟිලි කීයක් කපා දමා ඇත්දැයි බලා ජනපතිට නැවත හැරෙන්නට පුළුවන. අනෙක් අතට රනිල් වික්‍රමසිංහටත් කිවයුත්තේ ඔබ ඇදගෙන නාගත් බවය. මහ බැංකු මංකොල්ලයට ගජ මිතුරන්ට ඉඩ හදා ඉන් නොනැවතී රටේ කිසිම කටයුත්තක් සක්‍රීය කිරීමට නොහැකි වූ සිය නිරර්ථක ගමන රනිල් ජනපති සේ ම ආපසු හැරී බැලිය යුතුය. තමන්ම මිනී වළ කපන්නන්ගෙන් මිදී මේ නායකයන් දෙදෙනාම රටට මිනීවළ කපන එක දැන් නතර කළ යුතුව ඇත. තමාට ඡන්දය දුන් සියලුදෙනා ප්රබුද්ධ ජනයා යැයි ජනපති ඉහත සමුළුවේදී කීවේය. ඔවුන් ප්රබුද්ධ යැයි දැන් ඒ ජනතාව නම් සිතන්නට විදියක් නැත. ඔවුන් දැන් සිතනු ඇත්තේ ඔවුන්ගේ ප්රබුද්ධකම වෛශ්‍යා වෘත්තියේ යෙදවූ ජනපති කෙනකුට තමන් හසුවූ බව විය හැකිය. 26 වැනිදා මහින්ද අගමැති ධුරයට පත් කර තබා රනිල් පෙරළාගෙන යා හැකි පුද්ගලයකු තෝරා ගත් බව කීමෙන් ජනපති කළේ එම ප්රබුද්ධ ජනයා කවර නම් පරිභවයකට පත්කිරීමක්ද? මේ අනුව ජනපති ගැන එකක් කිව හැකිය. එය නම් ඔහු ලෝකයේ විශ්වාස කළ නොහැකිම ජනාධිපති වන බවය. එම වාර්තාව වෙන කිසිවකුට බිඳීමට නොහැකි වනු ඇත. [SIZE="6"]විමලනාත් වීරරත්න .... [/SIZE] [/SIZE] [URL="http://ravaya.lk/?p=173793"]http://ravaya.lk/?p=173793[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom