ඇත්තටම අද කාලයේ ප්ලාස්ටික් බෝතල් භාවිතය...

arun1987

Member
Aug 27, 2008
1,142
113
0
ඇත්තටම අද කාලයේ ප්ලාස්ටික් බෝතල් භාවිතය...

ඇත්තටම අද කාලයේ ප්ලාස්ටික් බෝතල් භාවිතය

ඇත්තටම අද කාලයේ ප්ලාස්ටික් බෝතල් භාවිතය නම් අධිකයි ගියපු ගියපු තැන ප්ලාස්ටික් බෝතල් ඒත් මේ ප්ලාස්ටික් බෝතල් වල අවධානම කුමක්ද යන්න මධ්‍යය විසින් මෑතකදි තමයි මිනිසුන් දැනුවත් කරන්න පටන් ගත්තේ ඒ නි සා මටත් හිතුණා ඒ ගැන දන්න දේ හැමෝ එක්කම බෙදාගත්තොත් හොඳයි කියල.... බෝතල් නිපදවීමට ගන්නා ප්ලාස්ටික් වර්ග කිහිපයක්ම තියෙනව ඉන් බහුලව භාවිතා කරන වර්ගය තමයිPolyethylene Terephthalate (PET or PETE) කියල කියන්නේ ඒවායින් හදපු බෝතල් පෙනුමෙන් මේන්න මේ වගේ

16486103.jpg


හදුනාගන්න තියෙන ක්‍රමය තමයි බෝතලයේ හෝ එම ප්ලාස්ටික් වස්තුව මත තබා ඇති ත්‍රිකේණයක් සහිත සලකුණ. මේ ත්‍රිකෝණය තුල අංක එක (1) සඳහන්වනවානම් එය Polyethylene Terephthalate (PET or PETE)වර්ගයට අයත් ප්ලාස්ටික් වලින් නිපදවූවක්

58407137.png



එසේම මේවා එක්වරකට වඩා භාවිතය සුදුසු නොමැති බව අවධාරණයෙන් සඳහන් කලයුතුයි මෙහි ඇති තුනී බවත් නිෂ්පාදිත ජලයේ දියවන යම් යම් රසායනික අමුද්‍රව්‍ය නිසාත් එක්වරකට වඩා භාවිතය සුදුසු නැති බව විද්වතුන්ගේ අදහසයි ඒබව මධ්‍යම පරිසර අධිකාරිය විසින්ද අනුමත කොට ඇත.
එසේම මීළඟට බහුල වශයෙන් භාවිතා කරන ප්ලාස්ටික් වර්ගයHigh Density Polyethylene (HDPE) වශයෙන් හදුන්වයි එම වර්ග හදුනාගැනීමට ඇති ක්‍රමය නම් ත්‍රිකෝණය සහිත සලකුණ මත අංක දෙක (2) සටහන් කොට තිබීමයි

35438168.png


එම ප්ලාස්ටික් වර්ගයෙන් සාදන ලද බෝතල් පහත ආකාරයෙන් දැකිය හැකිය

91416816.jpg


මේවා කෙටි කාලයක් භාවිතා කිරීමට සුදුසු වුවත් දීර්ගකාලීනව පරිහරණයට නුසුදුසුබව පෙන්වා දෙයි
දිර්ඝ කාලීනව වුවත් භාවිතා කළ හැකි එමෙන් කාලයක් ජලය ගභඩාකොට පවා තබාගත හැකි ප්ලාස්ටික් වර්ග ද කිහිපයක් ඇත ත්‍රිකෝණය සහිත සලකුණේ මැද අංක තුන හෝ තුනට වඩා වැඩි අගයක් සටහන් කර ඇත්නම් එම බෝතල් දීර්ඝ කාලීන පරිහරණයට වුවත් සුදුසු ඒවාය.ඒම බෝතල් භාවිතයෙන් ශරීරයට හානියක් නොවන බවද පවසයි අංක තුනට වඩා අඩු අගයන් සටහන් කර ඇති බෝතල් දීර්ඝ කාලීන භාවිතයෙන් ඉවත් කිරීමට අප වගබලා ගත යුතුය.

69385961.jpg


12181238.jpg


(01) PETE Polyethylene Terephthalate (PET or PETE)
(02) HDPE

High Density Polyethylene (HDPE)
(03) PVC

Polyvinyl Chloride (PVC)
(04) LDPE

Low Density Polyethylene (LDPE)
(05) PP

Polypropylene (PP)
(06) PS

Polystyrene (PS)
(07) Other Plastics


KATTIYA MEKA KIYAVALA NIKAN YANNA EPAA... COMMENT EKAK DALA YANNA HODEE... :):):):)