Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්තටම කවුද මේ සජින් වාස්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම කවුද මේ සජින් වාස්?

ඇත්තටම කවුද මේ සජින් වාස්?

බොහෝ විට කෙනෙකුව මැනෙන්නේ, එම පුද්ගලයා පවත්වන ඇසුරුකම් ආශ්රයෙනි. මහින්ද රාජපක්ෂ එහි දී වෙනස් නොවේ. දැනටමත්, අජිත් නිවාඞ් කබ්රාල් සමග පවත්වන ඇසුර ගැන බොහෝ දෙනා ජනාධිපතිවරයාව දැඩි විවේචනයට ලක්කරති.

මෑතකදී එම අජිත් නිවාඞ් කබ්රාල්ව ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති තනතුරට ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීම නිසා, කබ්රාල්ගේ විවිධ ව්‍යාපාරික ගනුදෙනු ගැනත්, ඒවා කුමන ආකාරයකින් ලංකාවේ ආර්ථිකයට බලපෑම් ඇති කරනු ලැබේ ද යන්න ගැනත්, ප්‍රශ්න මතුවෙමින් තිබේ.

ඒ මදිවාට දැන් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හුරතලා සහ අතීසාර මහජන සම්බන්ධතා ලේකම්වරයා වන සජින් වාස් ගුණවර්ධනගේ පරණ කෙරුවාවත්, රක්ෂිත බන්ධනාගාරගතව සිටීම, වංචා විමර්ශනවල සැකකරුවෙකු වී සිටීම, ලබා ගත් ණය නොගෙවා පැහැර හැරීම සහ විවිධ පොරොන්දු කඩ කිරීම වැනි දුරාචාර රැසක එකතුවක් සේ පෙනෙන්ට තිබේ.ජනාධිපති රාජපක්ෂ මෙසේ තමන්ගේ උපදේශකයන් සහ කිට්ටුවන්තයන් තෝරාගන්නා විලාසිතාව වඩාත් ප්රශ්නකාරී වන තවත් හේතුවක් තිබේ. රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දරණ කාලයේ මේ සජින් වාස් ගුණවර්ධනම ඔහුගෙන් යම් නිලයක් බලාපොරොත්තු වූ අවස්ථාවේ, සජින් වාස් ගුණවර්ධනගේ අතීත අපරාධ පිළිබඳ වාර්තාව රනිල් වික්‍රමසිංහට සැලවිය.

එම තනතුර ලබා ගැනීමට නම්, අතීතයේ කළා යැයි කියන ඇතැම් අපරාධවලට ගෑවී ඇති තම නාමය පිරිසුදු කරගෙන එන්නැ යි කියා රනිල් වික්‍රමසිංහ මේ සජින් වාස් ගුණවර්ධන තරුණයාව එදා හරවා යවා තිබේ.ට්‍රයිකෝ සමාගමේ රැකියාවක් සඳහා සජින් ඩුබායි බලා ගියේ මේ සිද්ධියෙන් පසුවයි. එහි දී පවා එම සමාගමේ පාලනාධිකාරියේ හොඳ හිත ඔහු නැති කරගත් බව සැළයි. කෙසේ වෙතත් වාසනාවන්ත ඉරණමකින් මෙන් එහි දී ඔහුට එදා ලංකාවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂව මුණගැසුණි. ඒ මහින්ද රාජපක්ෂ ඩුබායි රටේ සංචාරයකට ගොස් සිටි අවස්ථාවයි. මෙහි දී මහින්ද රාජපක්ෂට රටතොට පෙන්නීමට එක්කරගෙන ගියේ සජින් වාස් ගුණවර්ධන ය.ගමේගොඬේ ආරයේ ඉතා සරළ පුද්ගලයෙකු වන මහින්ද රාජපක්ෂට චතුර ලෙසින් ඉංග්‍රීසි භාෂාව වහරණල පරිගණක නිපුණත්වය සහිත මේ තරුණයාව හොඳින් හිතට ඇල්ලූවේය. සජින් නම් නියම බඩුවක් යැයි මහින්දට සිතුණි. ඇයි ලංකාවට ඇවිල්ලා මගෙත් එක්ක වැඩ කරන්නේ නැත්තේ? එදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේ තරුණයාට ආරාධනා කෙළේය. ඒ ගැන දෙපාරක් සිතීමේ අවශ්‍යතාවක් සජින්ට නොවුණි. මුළු ජීවිත කාලයේම ඔහුගේ ආශාව වුණේ දේශපාලනයට පිවිසීමයි. එසේ වන විටල මේ පෑදෙන්ට යන අවස්ථාව මහඟු එකකි.

ඉතිං අද විධායක ජනාධිපතිවරයාට මෙතරම් කිට්ටුවෙන් සිටින මේ තරුණයා කවුරුන් ද?

33 වියැති සජින් වාස් ගුණවර්ධන දැනටමත් ජනාධිපති මහේන්ද්‍ර පර්සි රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ය. මේ ප්‍රියමනාප තරුණයා ගැන බොහෝ අය වර්ණනා කරති. එසේම නිශ්චිත තනතුරක් නැතත්ල රාජපක්ෂගේ සාම ක්‍රියාවලිය තුළ දල මොහු ප්‍රධාන චරිතයකි.මේ වසරේ ෙබරවාරි මාසයේ ජිනීවා නුවර ෂැතෝ දෙ බොසි නැමැති ස්ථානයේ දී කොටි සංවිධානය සහ ලංකාවේ ආණ්ඩුව අතර පැවති සාම සාකච්ඡුාවේ පළමු වටයේ දී සජින් වාස් ගුණවර්ධන එම සාකච්ඡුා ශාලාවට කූට ලෙසින් රිංගා ගත්තේය. සාකච්ඡුා සභාවට ආණ්ඩුව පැත්තෙන් සහභාගී වන්නන්ගේ නම් ලැයිස්තුවේ ඔහුගේ නම නොතිබුණි.

මහ බක්කා

ශ්‍රී ලංකා ආණ්ඩුවේ සාකච්ඡා කණ්ඩායමල එච්. එල්. ද සිල්වා, ගෝමින් දයාසිරි, පාලිත කොහොන සහ ජෝන් ගුණරත්න වැනි ප්‍රකට පුද්ගලයන්ගෙන් සමන්විත විය. සජින් වාස් පැමිණියේ මේ කණ්ඩායම පැමිණීමෙන් දවසකට පසුවයි. ඔහුව එහි යවන ලද්දේ සාකච්ඡා ක්‍රියාවලිය ගැනත් සාකච්ඡා කණ්ඩායම ගැනත් සොයා බැලීමට සහ කේලාම් කීමට පත්කෙරුණු විශේෂ ජනාධිපති නියෝජිතයෙකු වශයෙනි. දැන් මහ බක්කෙකු වී සිටින මේ සොක්කා ගැන දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයන් වන ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ සහ මංගල සමරවීර වැන්නන්ගේ සිත් තුළ ඒ වන විටමත් අප්‍රසාදය ලියලමින් තිබුණි.

අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ සාම සාකච්ඡා දෙවන වටයත් පැවැත්විණි නම්, සජින් වාස් ගුණවර්ධන නැවත වරක්, තමන්ගේ විදේශ පාරාදීසයකට යනවා නොඅනුමානයි. කෙසේ වෙතත් ජුනි මාසය වන විට සාම ක්‍රියාවලිය තුළ ඔහු රඟපෑ භූමිකාවල වඩාත් පැහැදිළි වන්නටත් වඩාත් බලසම්පන්න වීමටත් විය. විවිධ හේතු යටතේ සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කළ එල්.ටී.ටී.ඊ, සංවිධානය කෙසේ වෙතත් ඔස්ලෝ නුවරදී නැවත හමු වී, ශ්‍රී ලංකා නිරීක්ෂණ කණ්ඩායම ගැන වන සීමිත සාකච්ඡාවකට එකඟ විය.එවැන්නකට සහභාගී වීම ගැන ඒ මේ අත වැනෙමින් සිටි ආණ්ඩුව අවසානයේ දී තුන්වැනි මට්ටමේ නියෝජිත කණ්ඩායමක් ඔස්ලෝ නුවරට පිටත් කර හැරීමට තීරණය කෙළේය. ජුනි 8 සහ 9 යන දෙදිනයන්හි පැවැත්වීමට නියමිත එම සාකච්ඡාව සඳහා ආණ්ඩුවේ පාර්ශ්වයේ නායකත්වය පැවරුණේ එවක සාම ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වූත් ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූත් පාලිත කොහොනටයි. ඔහුට සහාය වීමට තරුණ සජින් වාස් ගුණවර්ධනල සාම ලේකම් කාර්යාලයේ ෂානක ජයසේකර සහ නීතිඥ ගෝමින් දයාසිරිව පත්කෙරුණි.

සුපිරි තරුව

ඉතිං මේ සජින් කවුද? ජනාධිපති රාජපක්ෂව සිය වසඟයට ගැනීමටත්, සිරස සුපිරි තරුවක් සේ මෙසේ මුදුනට ඒමටත් හේතු වන්නට ඇති කාරණා කවරේද?

සජින් යනු 1994 චන්ද්‍රිකා බලයට පත්වීමෙන් පසු ව්‍යවසාය මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල් වශයෙන් සිටි ඒ. ඩී. ද වාස් ගුණවර්ධනගේ පුතා ය. ලොකු වාස් ගුණවර්ධනල පේ‍්‍රමදාස යුගයේ නෂ්ටාවශේෂයකි. කෙසේ වෙතත් චන්ද්‍රිකාගේ ප්රියතමයෙකු වන තිලාන් විජේසිංහව ව්‍යවසාය මණ්ඩලයේ සභාපති තනතුරට පත්කරන තෙක් එහි සභාපතිත්වය දැරුවේ ඔහු ය.

‘ගේ‍්‍ර ලයින් ගෲප්’ නැමැති සමාගම සමග එදා සැකයට භාජනය වූ ව්‍යාපාරික කටයුතුවලට අදාළව සජින් වාස් ගුණවර්ධන ගැන හාහෝවක් ඇති වුණේ ඔහුගේ පියා ව්‍යවසාය මණ්ඩලයේ සභාපතිත්වය දරමින් සිටි 1995 දී ය. ලාල් විජේරත්නට හිමි ගේ‍්‍ර ලයින් සමාගමේ ව්‍යාපෘති සංවර්ධන කළමනාකරු වශයෙන් පත්කරගෙන සිටි සජින් වාස් ගුණවර්ධන, ව්‍යවසාය මණ්ඩලයේ සභාපතිවරයා ඔහුගේ පියා වීම හේතු කොටගෙන, ගේ‍්‍ර ලයින් සමාගමට ඉතා ප්‍රයෝජනවත් පුද්ගලයෙකු විය.

මේ කාලයේ ඔහු වයස 22 ක තරුණයෙකි. ඔහුව එදා දැන සිටි අය කියන පරිදි ඔහු ඉතා උද්යෝගීමත් නාහෙට නාහනල කතාවෙන් අනුන්ගේ සිත් ගන්නා චාටුකාරයෙකි. මේ නිසාල පහසුවෙන් අහුවෙන බොහෝ දෙනා මුදල්හදල්වලින් ඔහුට රැවටුණි. ඔහුගේ එක දුර්වලතාවක් තිබුණි. එනම් ණය ගැනීම සහ ණය නොගෙවා සිටීමේ පුරුද්දයිග ඒ නිසාල පොලීසිය බොහෝ විට ඔහුගේ නිවසේ දොරට තට්ටු කෙළේයග කෙසේ වෙතත්ල වැඩි කල් නොගොස්ල විවිධ හේතු නිසා ඔහු ගේ‍්‍ර ලයින් සමාගමෙන් ඉවත් විය.

ණය

මෙසේ සිටියදී ඔහු බියගම නිදහස් වෙළඳ කලාපයේ ව්‍යාපාරවලට අත ගැසීමට සිතුවේය. ඒ අනුවල 1994 ඔක්තෝබර් 11 වැනි දා ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම නමින් ඔහු ව්‍යාපාරයක් පිහිටුවා ගති. මේ සමාගමේ ව්‍යාපාරික අරමුණ වුණේ් ඇලවීම සඳහා පාවිච්චි කරන මැලියම් ටේප් පටිල සෙලෝටේප් පටිල සිලිකන් ආලේපිත කඩදාසිල ඇලූමීනියම් ආලේපිත කුඩා මලූ සහ අතුරු නිෂ්පාදන බෙදාහරින්නන් සහ නිෂ්පාදකයන් වශයෙන් කටයුතු කිරීමයි.

මේ සමාගම ආරම්භ කිරීම සඳහා ඔහු අංක 14, ග්‍රෙගරි පාර, කොළඹ 7 නැමැති ලිපිනයේ විසූ විමලසිරි ප්‍රනාන්දු සහ ශිරානී ප්‍රනාන්දු යන යුවළගෙන් රුපියල් මිලියන 2.5 ක ණයක් ලබාගත්තේය. ඒ මුදල සඳහා චෙක්පතක් නිකුත් කෙරුණු අතර ගනුදෙනුවේ සාක්ෂිකාරයන්ගෙන් කෙනෙකු වුණේ ඔහුගේ පියා වන ඒ. ඞී. ද වාස් ගුණවර්ධනයි. කෙසේ වෙතත් මාස කිහිපයකින් පසු මාසික පොලිය ගෙවීම සජින් වාස් ගුණවර්ධන මගහරිමින් සිටි විට ප්‍රනාන්දු යුවළ තමන්ගේ ණය සහ ඊට ලැබිය යුතු පොලිය ද සහිතවල රුපියල් මිලියන 3.5 ක් සජින්ගෙන් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පැවරූහ.මේ ගැන ශිරානී ප්‍රනාන්දු මහත්මියගෙන් මේ පුවත්පත විමසා සිටි අවස්ථාවේ දැන් ඒ නඩුව අවසන් බවත් එම පරිච්ෙඡ්දය වසා දමා ඇති බවත් කීවාය.

මොහුගේ සමාගමේ සෙසු පාර්ශ්වකරුවන් වුණේ විය යුතු පරිද්දෙන්ම බොරලැස්ගමුව එගොඩවත්ත පාරේ හතරවැනි පටුමගේ අංක 4/1 නැමැති ස්ථානයේ පදිංචි සජින් වාස් ගුණවර්ධන එම ලිපිනයේම පදිංචි ඔහුගේ සහෝදරයා වන රොහාන් ද වාස් ගුණවර්ධන සහ කලූබෝවිල පන්සල පාරේ ජයා මාවතේ අංක 117/18 පදිංචි සජින්ගේ ප්‍රථම බිරිඳ වූ චාරිනී විලක්ෂණා ද සිල්වා ය.

චාටු බසට රිසි සජින් වාස් ගුණවර්ධන දැන් සිටින්නේ ඔහුගේ තුන්වැනි විවාහයේ ය. ඒ ගැන මෙහි දී සඳහන් කිරීම අවශ්‍ය කරන්නේ ඔහුගේ දෙවැනි බිරිඳට සම්බන්ධ තවත් මූල්‍ය ගනුදෙනුවක් මෙහි දී වැදගත් වන නිසා ය.1997/01/14 වැනි දා සමාගමේ වාර්ෂික ප්රතිලාභ ගණනය කරන අවස්ථාවේදී සජින් වාස් ගුණවර්ධන එහි ප්‍රධාන කොටස් හිමියා වු අතර අනිත් කොටස් හිමියා වුණේ ‘සීගඑෆ්ගවෙන්චර් ෆන්ඞ්’ නැමැති සමාගමකි.

නිදහස් වෙළඳ කලාපයේ සිය ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා මුදල් සපයා ගැනීමට සජින් කිට්ටු කළ මූල්‍ය ආයතනය වුණේ මෙකී සීගඑෆ්ග වෙන්චර් ෆන්ඞ් නැමැති සමාගමයි. හිනිදුම ලක්ප්‍රිය මනෝහරන් නානායක්කාර නැමැත්තෙක් මේ මූල්‍ය සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සිටියේය. මේ මූල්‍ය සමාගමට සජින්ව පෙනුණේ යමක් කමක් කළ හැකි ප්‍රියමනාප තරුණයෙකු වශයෙනි. ඉතිං ඔහුගේ ව්‍යාපාරයට මෙම සමාගමත් රුපියල් මිලියන 2-3 අතර ප්‍රමාණයක් සපයා දුන්නේය.

මේ කාලයේ මෙකී ව්‍යාපාරයට යොදා තිබූ අරමුදල්වලින් සියයට 40 ක් එම සමාගමට අයත් වූ අතර දළ වශයෙන් සියයට 20 ක් ජාතික සංවර්ධන බැංකුවට අයත් වියත ඉතිරි අරමුදල් සැපයුණේ සජින් විසින්මයිත

අරමුදල් යටිමඩි ගැසීම

‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ’ ගිණුමෙන් පෞද්ගලික බැංකු ගිණුමකට සජින් විසින් මුදල් මාරු කිරීමක් සිදුව ඇති බව හෙළි වීමට වැඩි කල් ගියේ නැත. අධ්යක්ෂ මණ්ඩලයේ යෝජනා සම්මතයෙන් යැයි කියා සහතික පත් නිකුත් කිරීමක් සිදුව තිබුණත් එසේම සමාගම් ගිණුමෙන් මුදල් ඉවත් කරගෙන තිබුණත් අධ්යක්ෂ මණ්ඩලය කිසි විටෙක රැස්වී තිබුණේවත් එවැනි ගනුදෙනුවලට අනුමැතිය දී තිබුණේවත් නැත.

1996 ජුනි 21 වැනි දාල සජින් සිය පියා වන ඒ. ඞී. ද වාස් ගුණවර්ධනව සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වශයෙන් පත්කර ගත්තේය. ඒ සමගම ඔහුගේ මාමා කෙනෙකු වන පසුගිය දා විල්පත්තුවේ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකින් මරණයට පත්ල නන්දන අබේසූරියවත් ඔහු සිය අධ්යක්ෂ මණ්ඩලයට පත්කර ගත්තේය.

ඒවා කෙසේ වෙතත් සරත් ද කොස්තා නැමැති ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකුට රුපියල් මිලියන 5 කට ආසන්න මුදලක් සජින් විසින් ගෙවා ඇති බව අධ්යක්ෂ මණ්ඩලය සොයා ගත්තේය. මේ කාලය වන විට සජින්ගේ කිට්ටුවන්ත මිත්රයෙකුව සිටි මනෝහරන් නානායක්කාර ඔහුගේ සමාගමේ ප්‍රධාන කොටස් හිමියා බවට පත්ව තිබුණි. එහෙත් වැඩි කල් නොගොස් දෙන්නා විරසක වූහ. එහි දීල ‘සී.එෆ්. වෙන්චර්‘ සමාගමේ නානායක්කාරගේ කාර්යාල කාමරයට ගිය සජින් ඔහුට අපහාසයෙන් බැණ වැදී තිබුණි.

1996 ඔක්තෝබර් 29 වැනි දා මනෝහරන් නානායක්කාර ‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම්’ අධ්යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්විය.

මනෝ නානායක්කාර වශයෙන් ප්‍රසිද්ධ මේ මනෝහරන් 1997 ජනවාරි මාසයේ සිය කොටස් විකුණා දැම්මේය. එම කොටස් මිළ දී ගත්තේල බියගම නිර්යාත සැකසුම් කලාපයේ පිහිටි කොරියානු සමාගමක් වන ‘යුං ඈන් ලංකා පෞද්ගලික සමාගමයි.’ ඒ අනුව එම සමාගම මගින් චූන් ජෝකිම්ල සැං හියොං ලීල හින් ජුන් ලී යන අයවල ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට 1997 පෙබරවාරි 5 වැනි දා පත්කෙරුණි. එදාමල සජින්ගේ ප්‍රථම බිරිඳ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාලයිල් සිල්වාගේ දියණිය, චරිනී විලක්ෂණී ද සිල්වා ඉල්ලා අස්වූවාය.

අනතුරුවල සජින් වාස් ගුණවර්ධනගේ මූල්‍ය කටයුතු ගැන කොරියානු සමාගම ද සැක කරන්ට පටන් ගත්තේය. එහි දී වහාම ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ නීතිවේදීන්ගේ ද සහයෝගය ඇතිව ඇමරිකාවෙන් ද නීතිවේදීන් ගෙන්වා තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට කොරියානු සමාගම සූදානම් විය.

මේ වන විට මූල්‍යමය අර්බුදයක ගිලී සිටි ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමට මුදලින් ආධාර කිරීම සඳහා ඉන්දියානු සම්භවයෙන් යුත් ෂර්මා නැමැත්තෙකු ඉදිරිපත් වන්නේ මේ කාලයේ ය. සජින්ට ෂර්මාව හඳුන්වා දෙන්නේ සජින්ගේ මාමා වන ගාමිණී අබේසූරියයි. ඔහුව ෂර්මාට හඳුන්වා දෙන ලද්දේල ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමට බැඳී සිටි ඩබ්ස් කනගරත්නම් ය.

1999/2000 කාලය වන විට සජින් සහ ෂර්මා අතර සබඳතා පලූදු වන්නට විය. එහි දී ෂර්මා විසින් කරන ලද පැමිණිල්ලක් උඩල වංචා විමර්ශන ඒකකය සජින්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරීය. මේ නඩුවේ දී සජින්ව දින දහයක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණිග කෙසේ වෙතත්ල නැවතත් පුතාගේ ගැලවීමට පියා ඉදිරිපත් විය. වංචාකරුවෙකැ යි කියන තම පුතාව එතැනින් බේරාගෙනල තමන්ගේ පෞද්ගලික සම්බන්ධතා හරහා මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ගැනීමට පියාට හැකි විය. මේ නඩුවේ දී ඔහුට ඇප දීමට ඉදිරිපත් වුණේ ඔහුගේ මාමා කෙනෙකු වනල නැසී ගිය නන්ද අබේසූරියත්ල තවත් මාමා කෙනෙකු වන ශ්‍රී ලංකා සිංගර් සමාගමේ හිටපු අධ්යක්ෂ ගාමිණී අබේසූරියත් ය. පසුවල ගංගොඩවිල විජේරාම මාවතේ පිහිටි සිය නිවස විකුණා ෂර්මාගේ ණය පියවීමෙන් නඩුව එකලසක් කර ගැනීමට පියාට හැකි විය. ඉන් පසු ඔහු බත්තරමුල්ලේ වෙනත් නිවසක පදිංචියට ගියේය.

බැංකු ගිණුම සුද්ද කිරීම

සජින් සඳහා පෙනී සිටි නීතිඥයා වුණේ ලක්ෂ්මන් රණසිංහ ය.නොගෙවන ලද තවත් ණයක් ඉල්ලා සජින්ට විරුද්ධව හැටන් නැෂනල් බැංකුවත් තවත් නඩුවක් පවරා තිබුණි. එය කොළඹ සිවිල් අධිකරණයේ විභාග වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් ෂර්මා සමග ඇති කරගත් හුටපටයෙන් වැඩි කලක් ගියේ නැත. සජින් ට්‍රයිකෝ සමාගමේ සේවය සඳහා ඩුබායි බලා පිටත් විය.

මෙකී දේවල් ටික විතරක් වුණත් කෙනෙකුට ඕනෑවටත් වැඩි ප්‍රශ්න ගොන්නකි. එහෙත් සජින් වාස් ගුණවර්ධනගේ නොපනත්කම් නතර නොවුණි. මෙවර මේ චාටුකාර තරුණයාගේ ගොදුර වන්නේ ඔහුගේ පළමු බිරිඳ වන චරිනීගේ පියා ය. තමන්ට සුපුරුදු තවත් මගඩියකින් ගොඩ ඒම සඳහා රුපියල් 600,000 ක් අවශ්‍ය වූ අවස්ථාවකල සජින් බෑනා ගියේ මාමා වෙතටයි. කරුණාබර මාමා කෙනෙකු වූ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාලයිල් සිල්වා සිය අත්සන සහිත හිස් චෙක්පතක් බෑනාට දුන්නේය. එම චෙක්පතට වහාම රුපියල් 2,000,000 ක මුදලක් ලියාගෙන මාමාගේ බැංකු ගිණුම බෑනා හිස් කෙළේය. ජනාධිපතිවරයාගේ සහෝදරයා වන චමල් රාජපක්ෂ හිටපු පොලිස් නිලධාරියෙකි. කාලයිල් සිල්වා ඔහුගේ දීර්ඝ කාලීන මිතුරෙකි. තමන්ට සිදුවූ අබැද්දියත් සජින්ගේ සටකපට කමත් ඔහු චමල් රාජපක්ෂට විස්තරාත්මකව ලියා දැන්නුවේය.

මෝටර් රථය විකිණීම

මෝටර් රථයක් පිළිබඳ තවත් පරහක් ද තිබුණි. ඒ 1996 මුල් කාලයයි. එකල ඔහුගේ ව්‍යාපාරික සගයා වූ මනෝ නානායක්කාරට මේ සජින් තමන්ට හිමි නැති වාහනයක් ඉතා සාර්ථකව විකිණුවේය. මේ දක්වාමත් මනෝ නානායක්කාර මේ චාටුකාර තරුණයාට වසඟ වී සිටියා විය හැකිය. එනිසා 1996 පෙබරවාරි හෝ මාර්තු මාසයේ යම් දවසක කළු පාට අළුත්ම පාහේ මිට්සුබිෂි ලාන්සර් රථයකින් සජින් පැමිණ එය විකිණීමට අවශ්‍ය බව කී විට නානායක්කාර එය මිළදී ගැනීමට කැමති විය. වාහනය පදවා තිබුණේ සැතපුම් 2000 ක දුරක් පමණි. ඒ තත්වයේ වාහනයක් සාමාන්‍යයෙන් රුපියල් 950,000 ක් පමණ විය හැකි නිසා මෙම වාහනය රුපියල් 850,000 කට මිළදී ගැනීමට නානායක්කාර කැමැත්ත පළ කෙළේය. ඒ මුදල භාරගත් බවට සජින් කුවිතාන්සියක් ද අත්සන් කොට නානායක්කාරට දුන්නේය.

අශූචි ගොඩ විදුලි පංකාවේ වැදුණේ එවිටයි. දවසක් නානායක්කාරගේ මහළු රියැදුරා එම වාහනයෙන් යුනයිටඞ් මෝටර්ස් ආයතනයට ඇතුළු වන විට එය නතර කළ සමාගම එය තමන්ගේ වාහනයක් බව කීය. මේ වාහනය සජින් වාස් ගුණවර්ධන යුනයිටඞ් මෝටර්ස් ආයතනයෙන් බද්දට ගත් වාහනයකි. සජින් වාස් ගුණවර්ධන තුන්වැනි පාර්ශ්වයකට විකුණා තිබුණේ තමන්ගේ නමට අයිතියක් නැති එකී වාහනයයි. එසේම යුනයිටඞ් මෝටර්ස් ආයතනයට ගෙවිය යුතු මාසික වාරිකයත් ඒ වන විට ඔහු මාස හතරකින් පැහැර හැර තිබුණි.

දැන් යුනයිටඞ් මෝටර්ස් ආයතනය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුවල පොලිස් නිලධාරීන් පිරිසක් නානායක්කාරගේ තලාහේන නිවසට ගොස් මුල්ලේරියාව පොලිස් ස්ථානයට වාර්තා කරන්නැ යි දැන්වූහ. දැනට ඔස්ටේ්රලියාවේ බි්රස්බේන් නුවර වාසය කරන නානායක්කාර පවුලට සමීප ආරංචි මාර්ග මේ පුවත්පතට දන්වන පරිදිබ කෙලින්ම සජින් වාස් ගුණවර්ධනව අල්ලාගෙන තමන්ගේ රුපියල් 850,000 නානායක්කාර ඉල්ලා ඇත්තේ මේ අවස්ථාවේ ය. එසේම වාහනය ආපසු යුනයිටඞ් මෝටර්ස් ආයතනයට ගෙන ගොස් ඔහු විසින්ම භාර දීමත් අනිවාර්ය කෙරුණි. එසේ නොවුණොත් හිරේ තපින්ට වන බව මනෝ සිය මිතුරාට පැහැදිළි කර දුනි. අවසානයේ එම අයථා ගනුදෙනුව සමථයකට පත්කර ගැනුණේ එයාකාරයෙනි.

කෙළවරක් නැති ලැයිස්තුව

කලින් ද අප කී පරිදිල ලැයිස්තුවේ ඉවරයක් නැත. දැන් ඔහු පැටලෙන්නේ බි්රතාන්ය ජාතික විදේශ ගමන් බලපත්‍ර අංක 022542371 සහිත විදේශ කාන්තාවක් සමගයි. ඇගේ නම පෝලින් එඞ්විනා විලියම්ස් ය. ඇය සිටියේ ලොකු කරදරයකයි. 2002 සැප්තැම්බර් හරියේ ට්‍රාන්ස් ඒෂියා හෝටලයේ කාමර අංක 242 ඈ ලැගුම්ගෙන සිටියාය. ඈට ක්‍රොෆ්ට් ඔරිජිනල් නැමැති විනෝද යාත්‍රාවක් තිබුණි. මේ කියන කාලයේ එම යාත්‍රාව කලම්බු එන්ජිනියරින් එන්ටප්‍රයිස් අංගනයේ ගාල් කොට තිබුණි.

මේ යාත්‍රාවේ සිදු කළ යුතුව තිබූ ඇතැම් අළුත්වැඩියා කටයුත්තක් ඈ භාර දී තිබුණේල ජා-ඇල ඇලෙක්සැන්ඩි්රයා එස්ටේට්හි 7 වැනි පටුමගේ අංක 6 දරණ නිවසේ පදිංචි ෆ්රෑන්ක් විල්ෆ්රඞ් පෙරේරා නැමැත්තෙකුටයි. අදාළ අළුත්වැඩියාව සඳහා වන ස්ටර්ලින් පවුම් 9500 ක මුදලක් 2002 අපේ‍්‍රල් 24 වැනි දාල විල්ෆ්රඞ් පෙරේරාගේ ජා-ඇල කොමර්ෂල් බැංකු ගිණුමට 8810002051 පෝලින් එඞ්විනා විලියම්ස් ගෙවා තිබුණි.

කිසි අළුත්වැඩියාවක් කිරීමට පෙර 2002 ජුනි 10 වැනි දා විල්ෆ්රඞ් පෙරේරා අභාවප්‍රාප්ත විය. තමන් ගෙවූ මුදල ආපසු ලබා ගැනීමට එඞ්විනා විලියම්ස් තෙස්තමේන්තු නඩුකරයකට බැස්සාය. මේ අතර මියගිය විල්ෆ්රඞ් පෙරේරාගේ සම්බන්ධතාවත් අපූරුයි. චරිනී ද සිල්වාගෙන් දික්කසාද වී දැන් සජින් වාස් ගුණවර්ධන විවාහ වී සිටියේ ගුවන් සේවිකාවක වූ දිල්රුක්ෂි සමගයි. ඇය මියගිය විල්ෆ්රඞ් පෙරේරාගේ දියණියයිග. එසේම තවත් ඇමරිකානු ඩොලර් 11,000 ක මුදලක් 2000 ඔක්තෝබර් මාසයේදී තමා විසින් විල්ෆ්රඞ් පෙරේරාට දුන් බවත් එඞ්විනා විලියම්ස් කියා සිටියාය. එහෙත් විනෝද යාත්‍රාවේ කිසි අළුත්වැඩියාවක් විල්ෆ්රඞ් පෙරේරාගේ පැත්තෙන් කෙරී තිබුණේ නැත.

මීට අමතරව පෝලින් එඞ්විනා විලියම්ස්ගේ තවත් දුක්ගැනවිල්ලකුත් තිබුණි. මේ කාලය වන විට සජින් වාස් ගුණවර්ධන විනෝද යාත්‍රා අළුත්වැඩියාවට අතගසමින් සිටියේය. සමහර විට රනිල් වික්‍රමසිංහගේ අගමැති කාලයේදී සජින්ගේ පියා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති තනතුර ඉල්ලා සිටියේ මේ නිසා විය හැකිය. එහෙත් රනිල් වික්‍රමසිංහ ඔහුගේ ඉල්ලීමට කන්දුන්නේ නැත.

ඒ කරුණු කෙසේ වෙතත් තමාගේ යාත්‍රාව අළුත්වැඩියා කිරීම සඳහා සජින් වාස් ගුණවර්ධනත් ඇමරිකානු ඩොලර් 8000 ක් තමාගෙන් ලබා ගත් මුත් කිසි අළුත්වැඩියාවක් නොකළ බවට පෝලින් එඞ්වින් විලියම්ස් වංචා විමර්ශන අංශයට පැමිණිලි කළාය. ඇය දැන් ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බැවින් විශේෂ ඇටර්නි බලය පවරමින් තමා වෙනුවෙන් කටයුතු කිරීමට කෙනෙකු හල්ෆ්ට්ස්ඩෝප් වීදියේ අංක 218 ස්ථානයේ පිහිටි කේ. පී. ලෝ ඇසොසියේට්ස් හරහා ඈ පත්කළාය. සජින් වාස් ගුණවර්ධනට එරෙහිව කරන ලද ඇගේ පැමිණිල්ල ගැන කොළඹ වංචා විමර්ශන අංශයේ හෝ වෙනත් පොලිස් ස්ථානයක කෙරෙන ඕනෑම පරීක්ෂණයක දී ඇය වෙනුවෙන් පෙනී සිටීමට ඒ අනුව එම තැනැත්තාට බලය පැවරුණි.

ඇත්තෙන්මල වංචා විමර්ශන අංශය පොලිස් පරීක්ෂක දැන් සහකාර පොලිස් අධිකාරී පිල්ලේ හරහා සජින් වාස් ගුණවර්ධනව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබාගත් බවත් දැන් තමන් ඔහුව සොයමින් සිටින බවත් ඇටර්නි බලය සහිත තැනැත්තාට වංචා විමර්ශන අංශය මගින් දැනුම් දෙන ලදි. අනතුරුව වංචා විමර්ශන අංශය ජා-ඇල නිවසට ගියේය. සජින් දැන් ට්‍රයිකෝ ආයතනයේ සේවය කරන බව එහිදී ඔවුන්ට දැනුම්දෙන ලදි. පොලීසිය ට්‍රයිකෝ ආයතයනට ගියේයග ඔහු ඩුබායි කාර්යාලයට මාරු වී ගොස් ඇති බව එහි දී දැනුම්දෙන ලදි.

එතැන් සිට වැඩි කාලයක් ගියේ නැත. සජින් වාස් ගුණවර්ධන විල්ෆ්රඞ් පෙරේරාගේ දියණියගෙන් ද දික්කසාද විය.

ඉතිං රාජපක්ෂ විසින් සිය සේවාව සඳහා දැන් බඳවාගෙන ඇත්තේල අයහපත් කල්ක්‍රියාව නිසා රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කරන ලද පුරුද්දට මගඩිකම් කරන මේ තරුණයාව ය. සමහර විට ඒ ඉංග්‍රීසි හරඹය තමාටත් ලස්සණක් වෙතැ යි සිතීම නිසා විය හැකිය.

මග නැගුම

ඩුබායිහිදී දුන් පොරොන්දුව පරිදි 2003 දී ආපසු ලංකාවට පැමිණීමෙන් පසු සජින් කෙලින්ම මහින්ද සමග වැඩට බැස්සේය. 2004 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කොට මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට සහ මහාමාර්ග අමාත්‍ය ධුරයට පත්වූ පසුල මග නැගුම ව්‍යාපෘතියේ සාමාන්‍යාධිකාරී වශයෙන් සජින් වාස් ගුණවර්ධනව පත්කෙරුණි. කෙසේ වෙතත් ෂර්මා නඩුවේ දී ඔහුට ඇප දුන් එක් මාමා කෙනෙකුට අයත් සමාගමකට මග නැගුම ව්‍යාපෘතිය හරහා වැඩියෙන් මුදල් ගෙවා තිබීම පිළිබඳ ප්‍රශ්නයක් මත එම තනතුරින් ඔහුව ඉවත් කොට පසුව පලාලි ගුවන් පථය සහ කන්කසන්තුරේ දියකඩනය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිවල උපදේශකයෙකු වශයෙන් පත්කරන ලදි.

කෙසේ වෙතත් එවක අගමැති මහින්ද රාජපක්ෂ සමග පැවති සමීප සම්බන්ධතාව හේතුවෙන් සීමාසහිත මග නැගුම මාර්ග ඉදිකිරීම් සම්පාදන සමාගමේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම්වලට පවාල එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු නොවුණද ඔහුව කැඳවුණි.

මොන හේතුවක් නිසා හෝ විපක්ෂ නායක මහින්දට සහ අගමැති මහින්දට නැතුවම බැරි කෙනෙකු වූ ඔහුල ගිය වසරේ 2005 ජනාධිපතිවරණයේ දී තවදුරටත් ප්‍රයෝජනවත් පුද්ගලයෙකු බවට විය.

චින්තනය

මහින්ද චින්තන ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා සජින් වාස් ගුණවර්ධන තරු පහේ සිනමන් ග්රෑන්ඞ් හෝටලයේ කාමර 25 ක් තම නමින් රාජපක්ෂ කඳවුර සඳහා වෙන් කෙළේය. ඒ සඳහා වන යෝධ බිල් වරින් වර හෝටලයට පැමිණ ඔහු නිතිපතා ගෙව්වේය. එයින් එක කාමරයක් ඔහුට වෙන් විය.

කෙසේ වෙතත් 2005 නොවැම්බර් මාසයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු තත්වය තරමක් අප්‍රසන්න විය. ඉහත කී කාමරවල පදිංචිව සිටි සියල්ලන්ම පාහේ ජයග්රහණයෙන් පසු කාමර හැර ගියහ. එහෙත් හෝටලයට පියවිය යුතු රුපියල් මිලියන 2 ක බිලක් ඉතිරිව තිබුණි.

මේ ගැන කලබලයට පත් හෝටලය ප්‍රාණ ඇපකරුවෙකු තියාගත්තේය. ඔවුන්ගේ වාසනාවට අනිත් සියල්ලන්ම කාමර හැර යද්දී එක් අයෙක් පමණක් කාමරයක ඉතිරිව සිටියේය. ඒ වෙන කිසිවෙකු නොවල ජනාධිපති උපදේශකයෙකු වන දයාන් ජයතිලකයි.

දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ. සමහර විට හෝටල් කාමරේ දැන් සිටියා ඇතැ යි සිතූ දයාන් ජයතිලක යන්ට සැරසෙද්දීල ඉතිරිව ඇති සම්පූර්ණ බිලම නොගෙවන්නේ නම් ඔහුට යාමට ඉඩදිය නොහැකි බව හෝටල් පරිපාලනය දන්වා සිටියේය. බෙහෙවින් ආචාරශීලීව සමාව භජනය කරමින් හෝටලය කියා සිටියේථ අපිට බොහොම කණගාටුයි. අපේ සල්ලි අය කරගන්න තියෙන්නේ ඔබතුමාගෙන් විතරයි.

එවිට ජයතිලක සැරවුණි "මගෙන් අහන්න එපා ඒක සජින්ගෙන් අහනවා. බිල් ගෙවන්න ඕනේ එයා."

ඉතිං දවස් දෙකක් තිස්සේම සජින් වාස් ගුණවර්ධනව සොයා ගැනීමට හෝටලය අසමත් වූ නිසා ඒ කාලයත් රක්ෂණයක් වශයෙන් හෝටලයේම රැඳී සිටීමට දයාන්ට සිදු විය. කෙසේ වෙතත් අවසානයේ හෝටලය විසින් සජින්ව සොයාගත් විට පැය භාගයක් ඇතුළත අවශ්‍ය මුදල රැගෙන එන බවට ඔහු පෙරොන්දු විය. පොරොන්දු වූ පරිදිම රුපියල් මිලියන 2.5 කට කිට්ටු මුදලක් ගෙවා හෝටල් අඩස්සියෙන් දයාන් ජයතිලකව එදා බේරා ගැනුණි.

එතරම් මුදලක් පැය භාගයක් ඇතුළත සජින් සොයාගත්තේ කෙසේද යන්න ප්රශ්නයකි. මේ මුදල ඔහු ආදායම් බදු දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කොට තිබේද? ඊටත් වඩා නරක තත්වයක් වන්නේ ජනාධිපතිවරයාගේ දැනුම ඇතිව හෝ නැතිව මේ මුදල් ඔහු මහජන අරමුදල්වලින් සපයා ගත්තේ ද යන්නයි.අවසාන විග්රහයේ දී මතුවන ප්රශ්නය මෙයයි. මෙවැනි අතීත කැරැට්ටුවක් සහිත කෙනෙකු රජයේ තනතුරක් දැරීමට සුදුසු වන්නේද? ඊටත් වඩා රාජ්‍ය නායකයාගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන්? රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඇස්තමේන්තු තුළ ඔහු සුදුස්සෙකු වෙතැ යි අපි අනුමාන කරමු.

2006 ලීඩර් පුවත්පතේ පළවූ ලිපියක සිංහල පරිවර්තනය : "යහපාලනය ශ්‍රී ලංකා" හා විකල්ප වෙබ් අඩවිය.

[QUOTE="toiya, post: 17455343, member: 15009"] [b]ඇත්තටම කවුද මේ සජින් වාස්?[/b] [COLOR="Red"][B][SIZE="7"]ඇත්තටම කවුද මේ සජින් වාස්?[/SIZE][/B][/COLOR] [COLOR="DarkRed"][B][SIZE="5"]බොහෝ විට කෙනෙකුව මැනෙන්නේ, එම පුද්ගලයා පවත්වන ඇසුරුකම් ආශ්රයෙනි. මහින්ද රාජපක්ෂ එහි දී වෙනස් නොවේ. දැනටමත්, අජිත් නිවාඞ් කබ්රාල් සමග පවත්වන ඇසුර ගැන බොහෝ දෙනා ජනාධිපතිවරයාව දැඩි විවේචනයට ලක්කරති. මෑතකදී එම අජිත් නිවාඞ් කබ්රාල්ව ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති තනතුරට ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීම නිසා, කබ්රාල්ගේ විවිධ ව්‍යාපාරික ගනුදෙනු ගැනත්, ඒවා කුමන ආකාරයකින් ලංකාවේ ආර්ථිකයට බලපෑම් ඇති කරනු ලැබේ ද යන්න ගැනත්, ප්‍රශ්න මතුවෙමින් තිබේ. ඒ මදිවාට දැන් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හුරතලා සහ අතීසාර මහජන සම්බන්ධතා ලේකම්වරයා වන සජින් වාස් ගුණවර්ධනගේ පරණ කෙරුවාවත්, රක්ෂිත බන්ධනාගාරගතව සිටීම, වංචා විමර්ශනවල සැකකරුවෙකු වී සිටීම, ලබා ගත් ණය නොගෙවා පැහැර හැරීම සහ විවිධ පොරොන්දු කඩ කිරීම වැනි දුරාචාර රැසක එකතුවක් සේ පෙනෙන්ට තිබේ.ජනාධිපති රාජපක්ෂ මෙසේ තමන්ගේ උපදේශකයන් සහ කිට්ටුවන්තයන් තෝරාගන්නා විලාසිතාව වඩාත් ප්රශ්නකාරී වන තවත් හේතුවක් තිබේ. රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දරණ කාලයේ මේ සජින් වාස් ගුණවර්ධනම ඔහුගෙන් යම් නිලයක් බලාපොරොත්තු වූ අවස්ථාවේ, සජින් වාස් ගුණවර්ධනගේ අතීත අපරාධ පිළිබඳ වාර්තාව රනිල් වික්‍රමසිංහට සැලවිය. එම තනතුර ලබා ගැනීමට නම්, අතීතයේ කළා යැයි කියන ඇතැම් අපරාධවලට ගෑවී ඇති තම නාමය පිරිසුදු කරගෙන එන්නැ යි කියා රනිල් වික්‍රමසිංහ මේ සජින් වාස් ගුණවර්ධන තරුණයාව එදා හරවා යවා තිබේ.ට්‍රයිකෝ සමාගමේ රැකියාවක් සඳහා සජින් ඩුබායි බලා ගියේ මේ සිද්ධියෙන් පසුවයි. එහි දී පවා එම සමාගමේ පාලනාධිකාරියේ හොඳ හිත ඔහු නැති කරගත් බව සැළයි. කෙසේ වෙතත් වාසනාවන්ත ඉරණමකින් මෙන් එහි දී ඔහුට එදා ලංකාවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂව මුණගැසුණි. ඒ මහින්ද රාජපක්ෂ ඩුබායි රටේ සංචාරයකට ගොස් සිටි අවස්ථාවයි. මෙහි දී මහින්ද රාජපක්ෂට රටතොට පෙන්නීමට එක්කරගෙන ගියේ සජින් වාස් ගුණවර්ධන ය.ගමේගොඬේ ආරයේ ඉතා සරළ පුද්ගලයෙකු වන මහින්ද රාජපක්ෂට චතුර ලෙසින් ඉංග්‍රීසි භාෂාව වහරණල පරිගණක නිපුණත්වය සහිත මේ තරුණයාව හොඳින් හිතට ඇල්ලූවේය. සජින් නම් නියම බඩුවක් යැයි මහින්දට සිතුණි. ඇයි ලංකාවට ඇවිල්ලා මගෙත් එක්ක වැඩ කරන්නේ නැත්තේ? එදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේ තරුණයාට ආරාධනා කෙළේය. ඒ ගැන දෙපාරක් සිතීමේ අවශ්‍යතාවක් සජින්ට නොවුණි. මුළු ජීවිත කාලයේම ඔහුගේ ආශාව වුණේ දේශපාලනයට පිවිසීමයි. එසේ වන විටල මේ පෑදෙන්ට යන අවස්ථාව මහඟු එකකි. [COLOR="Olive"][B][SIZE="6"]ඉතිං අද විධායක ජනාධිපතිවරයාට මෙතරම් කිට්ටුවෙන් සිටින මේ තරුණයා කවුරුන් ද?[/SIZE][/B][/COLOR] 33 වියැති සජින් වාස් ගුණවර්ධන දැනටමත් ජනාධිපති මහේන්ද්‍ර පර්සි රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ය. මේ ප්‍රියමනාප තරුණයා ගැන බොහෝ අය වර්ණනා කරති. එසේම නිශ්චිත තනතුරක් නැතත්ල රාජපක්ෂගේ සාම ක්‍රියාවලිය තුළ දල මොහු ප්‍රධාන චරිතයකි.මේ වසරේ ෙබරවාරි මාසයේ ජිනීවා නුවර ෂැතෝ දෙ බොසි නැමැති ස්ථානයේ දී කොටි සංවිධානය සහ ලංකාවේ ආණ්ඩුව අතර පැවති සාම සාකච්ඡුාවේ පළමු වටයේ දී සජින් වාස් ගුණවර්ධන එම සාකච්ඡුා ශාලාවට කූට ලෙසින් රිංගා ගත්තේය. සාකච්ඡුා සභාවට ආණ්ඩුව පැත්තෙන් සහභාගී වන්නන්ගේ නම් ලැයිස්තුවේ ඔහුගේ නම නොතිබුණි. [COLOR="Olive"][B][SIZE="6"]මහ බක්කා[/SIZE][/B][/COLOR] ශ්‍රී ලංකා ආණ්ඩුවේ සාකච්ඡා කණ්ඩායමල එච්. එල්. ද සිල්වා, ගෝමින් දයාසිරි, පාලිත කොහොන සහ ජෝන් ගුණරත්න වැනි ප්‍රකට පුද්ගලයන්ගෙන් සමන්විත විය. සජින් වාස් පැමිණියේ මේ කණ්ඩායම පැමිණීමෙන් දවසකට පසුවයි. ඔහුව එහි යවන ලද්දේ සාකච්ඡා ක්‍රියාවලිය ගැනත් සාකච්ඡා කණ්ඩායම ගැනත් සොයා බැලීමට සහ කේලාම් කීමට පත්කෙරුණු විශේෂ ජනාධිපති නියෝජිතයෙකු වශයෙනි. දැන් මහ බක්කෙකු වී සිටින මේ සොක්කා ගැන දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයන් වන ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ සහ මංගල සමරවීර වැන්නන්ගේ සිත් තුළ ඒ වන විටමත් අප්‍රසාදය ලියලමින් තිබුණි. අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ සාම සාකච්ඡා දෙවන වටයත් පැවැත්විණි නම්, සජින් වාස් ගුණවර්ධන නැවත වරක්, තමන්ගේ විදේශ පාරාදීසයකට යනවා නොඅනුමානයි. කෙසේ වෙතත් ජුනි මාසය වන විට සාම ක්‍රියාවලිය තුළ ඔහු රඟපෑ භූමිකාවල වඩාත් පැහැදිළි වන්නටත් වඩාත් බලසම්පන්න වීමටත් විය. විවිධ හේතු යටතේ සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කළ එල්.ටී.ටී.ඊ, සංවිධානය කෙසේ වෙතත් ඔස්ලෝ නුවරදී නැවත හමු වී, ශ්‍රී ලංකා නිරීක්ෂණ කණ්ඩායම ගැන වන සීමිත සාකච්ඡාවකට එකඟ විය.එවැන්නකට සහභාගී වීම ගැන ඒ මේ අත වැනෙමින් සිටි ආණ්ඩුව අවසානයේ දී තුන්වැනි මට්ටමේ නියෝජිත කණ්ඩායමක් ඔස්ලෝ නුවරට පිටත් කර හැරීමට තීරණය කෙළේය. ජුනි 8 සහ 9 යන දෙදිනයන්හි පැවැත්වීමට නියමිත එම සාකච්ඡාව සඳහා ආණ්ඩුවේ පාර්ශ්වයේ නායකත්වය පැවරුණේ එවක සාම ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වූත් ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූත් පාලිත කොහොනටයි. ඔහුට සහාය වීමට තරුණ සජින් වාස් ගුණවර්ධනල සාම ලේකම් කාර්යාලයේ ෂානක ජයසේකර සහ නීතිඥ ගෝමින් දයාසිරිව පත්කෙරුණි. [COLOR="Olive"][B][SIZE="6"]සුපිරි තරුව[/SIZE][/B][/COLOR] ඉතිං මේ සජින් කවුද? ජනාධිපති රාජපක්ෂව සිය වසඟයට ගැනීමටත්, සිරස සුපිරි තරුවක් සේ මෙසේ මුදුනට ඒමටත් හේතු වන්නට ඇති කාරණා කවරේද? සජින් යනු 1994 චන්ද්‍රිකා බලයට පත්වීමෙන් පසු ව්‍යවසාය මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල් වශයෙන් සිටි ඒ. ඩී. ද වාස් ගුණවර්ධනගේ පුතා ය. ලොකු වාස් ගුණවර්ධනල පේ‍්‍රමදාස යුගයේ නෂ්ටාවශේෂයකි. කෙසේ වෙතත් චන්ද්‍රිකාගේ ප්රියතමයෙකු වන තිලාන් විජේසිංහව ව්‍යවසාය මණ්ඩලයේ සභාපති තනතුරට පත්කරන තෙක් එහි සභාපතිත්වය දැරුවේ ඔහු ය. ‘ගේ‍්‍ර ලයින් ගෲප්’ නැමැති සමාගම සමග එදා සැකයට භාජනය වූ ව්‍යාපාරික කටයුතුවලට අදාළව සජින් වාස් ගුණවර්ධන ගැන හාහෝවක් ඇති වුණේ ඔහුගේ පියා ව්‍යවසාය මණ්ඩලයේ සභාපතිත්වය දරමින් සිටි 1995 දී ය. ලාල් විජේරත්නට හිමි ගේ‍්‍ර ලයින් සමාගමේ ව්‍යාපෘති සංවර්ධන කළමනාකරු වශයෙන් පත්කරගෙන සිටි සජින් වාස් ගුණවර්ධන, ව්‍යවසාය මණ්ඩලයේ සභාපතිවරයා ඔහුගේ පියා වීම හේතු කොටගෙන, ගේ‍්‍ර ලයින් සමාගමට ඉතා ප්‍රයෝජනවත් පුද්ගලයෙකු විය. මේ කාලයේ ඔහු වයස 22 ක තරුණයෙකි. ඔහුව එදා දැන සිටි අය කියන පරිදි ඔහු ඉතා උද්යෝගීමත් නාහෙට නාහනල කතාවෙන් අනුන්ගේ සිත් ගන්නා චාටුකාරයෙකි. මේ නිසාල පහසුවෙන් අහුවෙන බොහෝ දෙනා මුදල්හදල්වලින් ඔහුට රැවටුණි. ඔහුගේ එක දුර්වලතාවක් තිබුණි. එනම් ණය ගැනීම සහ ණය නොගෙවා සිටීමේ පුරුද්දයිග ඒ නිසාල පොලීසිය බොහෝ විට ඔහුගේ නිවසේ දොරට තට්ටු කෙළේයග කෙසේ වෙතත්ල වැඩි කල් නොගොස්ල විවිධ හේතු නිසා ඔහු ගේ‍්‍ර ලයින් සමාගමෙන් ඉවත් විය. [COLOR="Olive"][B][SIZE="6"]ණය[/SIZE][/B][/COLOR] මෙසේ සිටියදී ඔහු බියගම නිදහස් වෙළඳ කලාපයේ ව්‍යාපාරවලට අත ගැසීමට සිතුවේය. ඒ අනුවල 1994 ඔක්තෝබර් 11 වැනි දා ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම නමින් ඔහු ව්‍යාපාරයක් පිහිටුවා ගති. මේ සමාගමේ ව්‍යාපාරික අරමුණ වුණේ් ඇලවීම සඳහා පාවිච්චි කරන මැලියම් ටේප් පටිල සෙලෝටේප් පටිල සිලිකන් ආලේපිත කඩදාසිල ඇලූමීනියම් ආලේපිත කුඩා මලූ සහ අතුරු නිෂ්පාදන බෙදාහරින්නන් සහ නිෂ්පාදකයන් වශයෙන් කටයුතු කිරීමයි. මේ සමාගම ආරම්භ කිරීම සඳහා ඔහු අංක 14, ග්‍රෙගරි පාර, කොළඹ 7 නැමැති ලිපිනයේ විසූ විමලසිරි ප්‍රනාන්දු සහ ශිරානී ප්‍රනාන්දු යන යුවළගෙන් රුපියල් මිලියන 2.5 ක ණයක් ලබාගත්තේය. ඒ මුදල සඳහා චෙක්පතක් නිකුත් කෙරුණු අතර ගනුදෙනුවේ සාක්ෂිකාරයන්ගෙන් කෙනෙකු වුණේ ඔහුගේ පියා වන ඒ. ඞී. ද වාස් ගුණවර්ධනයි. කෙසේ වෙතත් මාස කිහිපයකින් පසු මාසික පොලිය ගෙවීම සජින් වාස් ගුණවර්ධන මගහරිමින් සිටි විට ප්‍රනාන්දු යුවළ තමන්ගේ ණය සහ ඊට ලැබිය යුතු පොලිය ද සහිතවල රුපියල් මිලියන 3.5 ක් සජින්ගෙන් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පැවරූහ.මේ ගැන ශිරානී ප්‍රනාන්දු මහත්මියගෙන් මේ පුවත්පත විමසා සිටි අවස්ථාවේ දැන් ඒ නඩුව අවසන් බවත් එම පරිච්ෙඡ්දය වසා දමා ඇති බවත් කීවාය. මොහුගේ සමාගමේ සෙසු පාර්ශ්වකරුවන් වුණේ විය යුතු පරිද්දෙන්ම බොරලැස්ගමුව එගොඩවත්ත පාරේ හතරවැනි පටුමගේ අංක 4/1 නැමැති ස්ථානයේ පදිංචි සජින් වාස් ගුණවර්ධන එම ලිපිනයේම පදිංචි ඔහුගේ සහෝදරයා වන රොහාන් ද වාස් ගුණවර්ධන සහ කලූබෝවිල පන්සල පාරේ ජයා මාවතේ අංක 117/18 පදිංචි සජින්ගේ ප්‍රථම බිරිඳ වූ චාරිනී විලක්ෂණා ද සිල්වා ය. චාටු බසට රිසි සජින් වාස් ගුණවර්ධන දැන් සිටින්නේ ඔහුගේ තුන්වැනි විවාහයේ ය. ඒ ගැන මෙහි දී සඳහන් කිරීම අවශ්‍ය කරන්නේ ඔහුගේ දෙවැනි බිරිඳට සම්බන්ධ තවත් මූල්‍ය ගනුදෙනුවක් මෙහි දී වැදගත් වන නිසා ය.1997/01/14 වැනි දා සමාගමේ වාර්ෂික ප්රතිලාභ ගණනය කරන අවස්ථාවේදී සජින් වාස් ගුණවර්ධන එහි ප්‍රධාන කොටස් හිමියා වු අතර අනිත් කොටස් හිමියා වුණේ ‘සීගඑෆ්ගවෙන්චර් ෆන්ඞ්’ නැමැති සමාගමකි. නිදහස් වෙළඳ කලාපයේ සිය ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා මුදල් සපයා ගැනීමට සජින් කිට්ටු කළ මූල්‍ය ආයතනය වුණේ මෙකී සීගඑෆ්ග වෙන්චර් ෆන්ඞ් නැමැති සමාගමයි. හිනිදුම ලක්ප්‍රිය මනෝහරන් නානායක්කාර නැමැත්තෙක් මේ මූල්‍ය සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සිටියේය. මේ මූල්‍ය සමාගමට සජින්ව පෙනුණේ යමක් කමක් කළ හැකි ප්‍රියමනාප තරුණයෙකු වශයෙනි. ඉතිං ඔහුගේ ව්‍යාපාරයට මෙම සමාගමත් රුපියල් මිලියන 2-3 අතර ප්‍රමාණයක් සපයා දුන්නේය. මේ කාලයේ මෙකී ව්‍යාපාරයට යොදා තිබූ අරමුදල්වලින් සියයට 40 ක් එම සමාගමට අයත් වූ අතර දළ වශයෙන් සියයට 20 ක් ජාතික සංවර්ධන බැංකුවට අයත් වියත ඉතිරි අරමුදල් සැපයුණේ සජින් විසින්මයිත [COLOR="Olive"][B][SIZE="6"]අරමුදල් යටිමඩි ගැසීම[/SIZE][/B][/COLOR] ‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ’ ගිණුමෙන් පෞද්ගලික බැංකු ගිණුමකට සජින් විසින් මුදල් මාරු කිරීමක් සිදුව ඇති බව හෙළි වීමට වැඩි කල් ගියේ නැත. අධ්යක්ෂ මණ්ඩලයේ යෝජනා සම්මතයෙන් යැයි කියා සහතික පත් නිකුත් කිරීමක් සිදුව තිබුණත් එසේම සමාගම් ගිණුමෙන් මුදල් ඉවත් කරගෙන තිබුණත් අධ්යක්ෂ මණ්ඩලය කිසි විටෙක රැස්වී තිබුණේවත් එවැනි ගනුදෙනුවලට අනුමැතිය දී තිබුණේවත් නැත. 1996 ජුනි 21 වැනි දාල සජින් සිය පියා වන ඒ. ඞී. ද වාස් ගුණවර්ධනව සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වශයෙන් පත්කර ගත්තේය. ඒ සමගම ඔහුගේ මාමා කෙනෙකු වන පසුගිය දා විල්පත්තුවේ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකින් මරණයට පත්ල නන්දන අබේසූරියවත් ඔහු සිය අධ්යක්ෂ මණ්ඩලයට පත්කර ගත්තේය. ඒවා කෙසේ වෙතත් සරත් ද කොස්තා නැමැති ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකුට රුපියල් මිලියන 5 කට ආසන්න මුදලක් සජින් විසින් ගෙවා ඇති බව අධ්යක්ෂ මණ්ඩලය සොයා ගත්තේය. මේ කාලය වන විට සජින්ගේ කිට්ටුවන්ත මිත්රයෙකුව සිටි මනෝහරන් නානායක්කාර ඔහුගේ සමාගමේ ප්‍රධාන කොටස් හිමියා බවට පත්ව තිබුණි. එහෙත් වැඩි කල් නොගොස් දෙන්නා විරසක වූහ. එහි දීල ‘සී.එෆ්. වෙන්චර්‘ සමාගමේ නානායක්කාරගේ කාර්යාල කාමරයට ගිය සජින් ඔහුට අපහාසයෙන් බැණ වැදී තිබුණි. 1996 ඔක්තෝබර් 29 වැනි දා මනෝහරන් නානායක්කාර ‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම්’ අධ්යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්විය. මනෝ නානායක්කාර වශයෙන් ප්‍රසිද්ධ මේ මනෝහරන් 1997 ජනවාරි මාසයේ සිය කොටස් විකුණා දැම්මේය. එම කොටස් මිළ දී ගත්තේල බියගම නිර්යාත සැකසුම් කලාපයේ පිහිටි කොරියානු සමාගමක් වන ‘යුං ඈන් ලංකා පෞද්ගලික සමාගමයි.’ ඒ අනුව එම සමාගම මගින් චූන් ජෝකිම්ල සැං හියොං ලීල හින් ජුන් ලී යන අයවල ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට 1997 පෙබරවාරි 5 වැනි දා පත්කෙරුණි. එදාමල සජින්ගේ ප්‍රථම බිරිඳ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාලයිල් සිල්වාගේ දියණිය, චරිනී විලක්ෂණී ද සිල්වා ඉල්ලා අස්වූවාය. අනතුරුවල සජින් වාස් ගුණවර්ධනගේ මූල්‍ය කටයුතු ගැන කොරියානු සමාගම ද සැක කරන්ට පටන් ගත්තේය. එහි දී වහාම ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ නීතිවේදීන්ගේ ද සහයෝගය ඇතිව ඇමරිකාවෙන් ද නීතිවේදීන් ගෙන්වා තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට කොරියානු සමාගම සූදානම් විය. මේ වන විට මූල්‍යමය අර්බුදයක ගිලී සිටි ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමට මුදලින් ආධාර කිරීම සඳහා ඉන්දියානු සම්භවයෙන් යුත් ෂර්මා නැමැත්තෙකු ඉදිරිපත් වන්නේ මේ කාලයේ ය. සජින්ට ෂර්මාව හඳුන්වා දෙන්නේ සජින්ගේ මාමා වන ගාමිණී අබේසූරියයි. ඔහුව ෂර්මාට හඳුන්වා දෙන ලද්දේල ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමට බැඳී සිටි ඩබ්ස් කනගරත්නම් ය. 1999/2000 කාලය වන විට සජින් සහ ෂර්මා අතර සබඳතා පලූදු වන්නට විය. එහි දී ෂර්මා විසින් කරන ලද පැමිණිල්ලක් උඩල වංචා විමර්ශන ඒකකය සජින්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරීය. මේ නඩුවේ දී සජින්ව දින දහයක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණිග කෙසේ වෙතත්ල නැවතත් පුතාගේ ගැලවීමට පියා ඉදිරිපත් විය. වංචාකරුවෙකැ යි කියන තම පුතාව එතැනින් බේරාගෙනල තමන්ගේ පෞද්ගලික සම්බන්ධතා හරහා මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ගැනීමට පියාට හැකි විය. මේ නඩුවේ දී ඔහුට ඇප දීමට ඉදිරිපත් වුණේ ඔහුගේ මාමා කෙනෙකු වනල නැසී ගිය නන්ද අබේසූරියත්ල තවත් මාමා කෙනෙකු වන ශ්‍රී ලංකා සිංගර් සමාගමේ හිටපු අධ්යක්ෂ ගාමිණී අබේසූරියත් ය. පසුවල ගංගොඩවිල විජේරාම මාවතේ පිහිටි සිය නිවස විකුණා ෂර්මාගේ ණය පියවීමෙන් නඩුව එකලසක් කර ගැනීමට පියාට හැකි විය. ඉන් පසු ඔහු බත්තරමුල්ලේ වෙනත් නිවසක පදිංචියට ගියේය. [COLOR="Olive"][B][SIZE="6"]බැංකු ගිණුම සුද්ද කිරීම[/SIZE][/B][/COLOR] සජින් සඳහා පෙනී සිටි නීතිඥයා වුණේ ලක්ෂ්මන් රණසිංහ ය.නොගෙවන ලද තවත් ණයක් ඉල්ලා සජින්ට විරුද්ධව හැටන් නැෂනල් බැංකුවත් තවත් නඩුවක් පවරා තිබුණි. එය කොළඹ සිවිල් අධිකරණයේ විභාග වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් ෂර්මා සමග ඇති කරගත් හුටපටයෙන් වැඩි කලක් ගියේ නැත. සජින් ට්‍රයිකෝ සමාගමේ සේවය සඳහා ඩුබායි බලා පිටත් විය. මෙකී දේවල් ටික විතරක් වුණත් කෙනෙකුට ඕනෑවටත් වැඩි ප්‍රශ්න ගොන්නකි. එහෙත් සජින් වාස් ගුණවර්ධනගේ නොපනත්කම් නතර නොවුණි. මෙවර මේ චාටුකාර තරුණයාගේ ගොදුර වන්නේ ඔහුගේ පළමු බිරිඳ වන චරිනීගේ පියා ය. තමන්ට සුපුරුදු තවත් මගඩියකින් ගොඩ ඒම සඳහා රුපියල් 600,000 ක් අවශ්‍ය වූ අවස්ථාවකල සජින් බෑනා ගියේ මාමා වෙතටයි. කරුණාබර මාමා කෙනෙකු වූ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාලයිල් සිල්වා සිය අත්සන සහිත හිස් චෙක්පතක් බෑනාට දුන්නේය. එම චෙක්පතට වහාම රුපියල් 2,000,000 ක මුදලක් ලියාගෙන මාමාගේ බැංකු ගිණුම බෑනා හිස් කෙළේය. ජනාධිපතිවරයාගේ සහෝදරයා වන චමල් රාජපක්ෂ හිටපු පොලිස් නිලධාරියෙකි. කාලයිල් සිල්වා ඔහුගේ දීර්ඝ කාලීන මිතුරෙකි. තමන්ට සිදුවූ අබැද්දියත් සජින්ගේ සටකපට කමත් ඔහු චමල් රාජපක්ෂට විස්තරාත්මකව ලියා දැන්නුවේය. [COLOR="Olive"][B][SIZE="6"]මෝටර් රථය විකිණීම[/SIZE][/B][/COLOR] මෝටර් රථයක් පිළිබඳ තවත් පරහක් ද තිබුණි. ඒ 1996 මුල් කාලයයි. එකල ඔහුගේ ව්‍යාපාරික සගයා වූ මනෝ නානායක්කාරට මේ සජින් තමන්ට හිමි නැති වාහනයක් ඉතා සාර්ථකව විකිණුවේය. මේ දක්වාමත් මනෝ නානායක්කාර මේ චාටුකාර තරුණයාට වසඟ වී සිටියා විය හැකිය. එනිසා 1996 පෙබරවාරි හෝ මාර්තු මාසයේ යම් දවසක කළු පාට අළුත්ම පාහේ මිට්සුබිෂි ලාන්සර් රථයකින් සජින් පැමිණ එය විකිණීමට අවශ්‍ය බව කී විට නානායක්කාර එය මිළදී ගැනීමට කැමති විය. වාහනය පදවා තිබුණේ සැතපුම් 2000 ක දුරක් පමණි. ඒ තත්වයේ වාහනයක් සාමාන්‍යයෙන් රුපියල් 950,000 ක් පමණ විය හැකි නිසා මෙම වාහනය රුපියල් 850,000 කට මිළදී ගැනීමට නානායක්කාර කැමැත්ත පළ කෙළේය. ඒ මුදල භාරගත් බවට සජින් කුවිතාන්සියක් ද අත්සන් කොට නානායක්කාරට දුන්නේය. අශූචි ගොඩ විදුලි පංකාවේ වැදුණේ එවිටයි. දවසක් නානායක්කාරගේ මහළු රියැදුරා එම වාහනයෙන් යුනයිටඞ් මෝටර්ස් ආයතනයට ඇතුළු වන විට එය නතර කළ සමාගම එය තමන්ගේ වාහනයක් බව කීය. මේ වාහනය සජින් වාස් ගුණවර්ධන යුනයිටඞ් මෝටර්ස් ආයතනයෙන් බද්දට ගත් වාහනයකි. සජින් වාස් ගුණවර්ධන තුන්වැනි පාර්ශ්වයකට විකුණා තිබුණේ තමන්ගේ නමට අයිතියක් නැති එකී වාහනයයි. එසේම යුනයිටඞ් මෝටර්ස් ආයතනයට ගෙවිය යුතු මාසික වාරිකයත් ඒ වන විට ඔහු මාස හතරකින් පැහැර හැර තිබුණි. දැන් යුනයිටඞ් මෝටර්ස් ආයතනය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුවල පොලිස් නිලධාරීන් පිරිසක් නානායක්කාරගේ තලාහේන නිවසට ගොස් මුල්ලේරියාව පොලිස් ස්ථානයට වාර්තා කරන්නැ යි දැන්වූහ. දැනට ඔස්ටේ්රලියාවේ බි්රස්බේන් නුවර වාසය කරන නානායක්කාර පවුලට සමීප ආරංචි මාර්ග මේ පුවත්පතට දන්වන පරිදිබ කෙලින්ම සජින් වාස් ගුණවර්ධනව අල්ලාගෙන තමන්ගේ රුපියල් 850,000 නානායක්කාර ඉල්ලා ඇත්තේ මේ අවස්ථාවේ ය. එසේම වාහනය ආපසු යුනයිටඞ් මෝටර්ස් ආයතනයට ගෙන ගොස් ඔහු විසින්ම භාර දීමත් අනිවාර්ය කෙරුණි. එසේ නොවුණොත් හිරේ තපින්ට වන බව මනෝ සිය මිතුරාට පැහැදිළි කර දුනි. අවසානයේ එම අයථා ගනුදෙනුව සමථයකට පත්කර ගැනුණේ එයාකාරයෙනි. [COLOR="Olive"][B][SIZE="6"]කෙළවරක් නැති ලැයිස්තුව[/SIZE][/B][/COLOR] කලින් ද අප කී පරිදිල ලැයිස්තුවේ ඉවරයක් නැත. දැන් ඔහු පැටලෙන්නේ බි්රතාන්ය ජාතික විදේශ ගමන් බලපත්‍ර අංක 022542371 සහිත විදේශ කාන්තාවක් සමගයි. ඇගේ නම පෝලින් එඞ්විනා විලියම්ස් ය. ඇය සිටියේ ලොකු කරදරයකයි. 2002 සැප්තැම්බර් හරියේ ට්‍රාන්ස් ඒෂියා හෝටලයේ කාමර අංක 242 ඈ ලැගුම්ගෙන සිටියාය. ඈට ක්‍රොෆ්ට් ඔරිජිනල් නැමැති විනෝද යාත්‍රාවක් තිබුණි. මේ කියන කාලයේ එම යාත්‍රාව කලම්බු එන්ජිනියරින් එන්ටප්‍රයිස් අංගනයේ ගාල් කොට තිබුණි. මේ යාත්‍රාවේ සිදු කළ යුතුව තිබූ ඇතැම් අළුත්වැඩියා කටයුත්තක් ඈ භාර දී තිබුණේල ජා-ඇල ඇලෙක්සැන්ඩි්රයා එස්ටේට්හි 7 වැනි පටුමගේ අංක 6 දරණ නිවසේ පදිංචි ෆ්රෑන්ක් විල්ෆ්රඞ් පෙරේරා නැමැත්තෙකුටයි. අදාළ අළුත්වැඩියාව සඳහා වන ස්ටර්ලින් පවුම් 9500 ක මුදලක් 2002 අපේ‍්‍රල් 24 වැනි දාල විල්ෆ්රඞ් පෙරේරාගේ ජා-ඇල කොමර්ෂල් බැංකු ගිණුමට 8810002051 පෝලින් එඞ්විනා විලියම්ස් ගෙවා තිබුණි. කිසි අළුත්වැඩියාවක් කිරීමට පෙර 2002 ජුනි 10 වැනි දා විල්ෆ්රඞ් පෙරේරා අභාවප්‍රාප්ත විය. තමන් ගෙවූ මුදල ආපසු ලබා ගැනීමට එඞ්විනා විලියම්ස් තෙස්තමේන්තු නඩුකරයකට බැස්සාය. මේ අතර මියගිය විල්ෆ්රඞ් පෙරේරාගේ සම්බන්ධතාවත් අපූරුයි. චරිනී ද සිල්වාගෙන් දික්කසාද වී දැන් සජින් වාස් ගුණවර්ධන විවාහ වී සිටියේ ගුවන් සේවිකාවක වූ දිල්රුක්ෂි සමගයි. ඇය මියගිය විල්ෆ්රඞ් පෙරේරාගේ දියණියයිග. එසේම තවත් ඇමරිකානු ඩොලර් 11,000 ක මුදලක් 2000 ඔක්තෝබර් මාසයේදී තමා විසින් විල්ෆ්රඞ් පෙරේරාට දුන් බවත් එඞ්විනා විලියම්ස් කියා සිටියාය. එහෙත් විනෝද යාත්‍රාවේ කිසි අළුත්වැඩියාවක් විල්ෆ්රඞ් පෙරේරාගේ පැත්තෙන් කෙරී තිබුණේ නැත. මීට අමතරව පෝලින් එඞ්විනා විලියම්ස්ගේ තවත් දුක්ගැනවිල්ලකුත් තිබුණි. මේ කාලය වන විට සජින් වාස් ගුණවර්ධන විනෝද යාත්‍රා අළුත්වැඩියාවට අතගසමින් සිටියේය. සමහර විට රනිල් වික්‍රමසිංහගේ අගමැති කාලයේදී සජින්ගේ පියා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති තනතුර ඉල්ලා සිටියේ මේ නිසා විය හැකිය. එහෙත් රනිල් වික්‍රමසිංහ ඔහුගේ ඉල්ලීමට කන්දුන්නේ නැත. ඒ කරුණු කෙසේ වෙතත් තමාගේ යාත්‍රාව අළුත්වැඩියා කිරීම සඳහා සජින් වාස් ගුණවර්ධනත් ඇමරිකානු ඩොලර් 8000 ක් තමාගෙන් ලබා ගත් මුත් කිසි අළුත්වැඩියාවක් නොකළ බවට පෝලින් එඞ්වින් විලියම්ස් වංචා විමර්ශන අංශයට පැමිණිලි කළාය. ඇය දැන් ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බැවින් විශේෂ ඇටර්නි බලය පවරමින් තමා වෙනුවෙන් කටයුතු කිරීමට කෙනෙකු හල්ෆ්ට්ස්ඩෝප් වීදියේ අංක 218 ස්ථානයේ පිහිටි කේ. පී. ලෝ ඇසොසියේට්ස් හරහා ඈ පත්කළාය. සජින් වාස් ගුණවර්ධනට එරෙහිව කරන ලද ඇගේ පැමිණිල්ල ගැන කොළඹ වංචා විමර්ශන අංශයේ හෝ වෙනත් පොලිස් ස්ථානයක කෙරෙන ඕනෑම පරීක්ෂණයක දී ඇය වෙනුවෙන් පෙනී සිටීමට ඒ අනුව එම තැනැත්තාට බලය පැවරුණි. ඇත්තෙන්මල වංචා විමර්ශන අංශය පොලිස් පරීක්ෂක දැන් සහකාර පොලිස් අධිකාරී පිල්ලේ හරහා සජින් වාස් ගුණවර්ධනව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබාගත් බවත් දැන් තමන් ඔහුව සොයමින් සිටින බවත් ඇටර්නි බලය සහිත තැනැත්තාට වංචා විමර්ශන අංශය මගින් දැනුම් දෙන ලදි. අනතුරුව වංචා විමර්ශන අංශය ජා-ඇල නිවසට ගියේය. සජින් දැන් ට්‍රයිකෝ ආයතනයේ සේවය කරන බව එහිදී ඔවුන්ට දැනුම්දෙන ලදි. පොලීසිය ට්‍රයිකෝ ආයතයනට ගියේයග ඔහු ඩුබායි කාර්යාලයට මාරු වී ගොස් ඇති බව එහි දී දැනුම්දෙන ලදි. එතැන් සිට වැඩි කාලයක් ගියේ නැත. සජින් වාස් ගුණවර්ධන විල්ෆ්රඞ් පෙරේරාගේ දියණියගෙන් ද දික්කසාද විය. ඉතිං රාජපක්ෂ විසින් සිය සේවාව සඳහා දැන් බඳවාගෙන ඇත්තේල අයහපත් කල්ක්‍රියාව නිසා රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කරන ලද පුරුද්දට මගඩිකම් කරන මේ තරුණයාව ය. සමහර විට ඒ ඉංග්‍රීසි හරඹය තමාටත් ලස්සණක් වෙතැ යි සිතීම නිසා විය හැකිය. [COLOR="Olive"][B][SIZE="6"]මග නැගුම[/SIZE][/B][/COLOR] ඩුබායිහිදී දුන් පොරොන්දුව පරිදි 2003 දී ආපසු ලංකාවට පැමිණීමෙන් පසු සජින් කෙලින්ම මහින්ද සමග වැඩට බැස්සේය. 2004 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කොට මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට සහ මහාමාර්ග අමාත්‍ය ධුරයට පත්වූ පසුල මග නැගුම ව්‍යාපෘතියේ සාමාන්‍යාධිකාරී වශයෙන් සජින් වාස් ගුණවර්ධනව පත්කෙරුණි. කෙසේ වෙතත් ෂර්මා නඩුවේ දී ඔහුට ඇප දුන් එක් මාමා කෙනෙකුට අයත් සමාගමකට මග නැගුම ව්‍යාපෘතිය හරහා වැඩියෙන් මුදල් ගෙවා තිබීම පිළිබඳ ප්‍රශ්නයක් මත එම තනතුරින් ඔහුව ඉවත් කොට පසුව පලාලි ගුවන් පථය සහ කන්කසන්තුරේ දියකඩනය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිවල උපදේශකයෙකු වශයෙන් පත්කරන ලදි. කෙසේ වෙතත් එවක අගමැති මහින්ද රාජපක්ෂ සමග පැවති සමීප සම්බන්ධතාව හේතුවෙන් සීමාසහිත මග නැගුම මාර්ග ඉදිකිරීම් සම්පාදන සමාගමේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම්වලට පවාල එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු නොවුණද ඔහුව කැඳවුණි. මොන හේතුවක් නිසා හෝ විපක්ෂ නායක මහින්දට සහ අගමැති මහින්දට නැතුවම බැරි කෙනෙකු වූ ඔහුල ගිය වසරේ 2005 ජනාධිපතිවරණයේ දී තවදුරටත් ප්‍රයෝජනවත් පුද්ගලයෙකු බවට විය. චින්තනය මහින්ද චින්තන ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා සජින් වාස් ගුණවර්ධන තරු පහේ සිනමන් ග්රෑන්ඞ් හෝටලයේ කාමර 25 ක් තම නමින් රාජපක්ෂ කඳවුර සඳහා වෙන් කෙළේය. ඒ සඳහා වන යෝධ බිල් වරින් වර හෝටලයට පැමිණ ඔහු නිතිපතා ගෙව්වේය. එයින් එක කාමරයක් ඔහුට වෙන් විය. කෙසේ වෙතත් 2005 නොවැම්බර් මාසයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු තත්වය තරමක් අප්‍රසන්න විය. ඉහත කී කාමරවල පදිංචිව සිටි සියල්ලන්ම පාහේ ජයග්රහණයෙන් පසු කාමර හැර ගියහ. එහෙත් හෝටලයට පියවිය යුතු රුපියල් මිලියන 2 ක බිලක් ඉතිරිව තිබුණි. මේ ගැන කලබලයට පත් හෝටලය ප්‍රාණ ඇපකරුවෙකු තියාගත්තේය. ඔවුන්ගේ වාසනාවට අනිත් සියල්ලන්ම කාමර හැර යද්දී එක් අයෙක් පමණක් කාමරයක ඉතිරිව සිටියේය. ඒ වෙන කිසිවෙකු නොවල ජනාධිපති උපදේශකයෙකු වන දයාන් ජයතිලකයි. දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ. සමහර විට හෝටල් කාමරේ දැන් සිටියා ඇතැ යි සිතූ දයාන් ජයතිලක යන්ට සැරසෙද්දීල ඉතිරිව ඇති සම්පූර්ණ බිලම නොගෙවන්නේ නම් ඔහුට යාමට ඉඩදිය නොහැකි බව හෝටල් පරිපාලනය දන්වා සිටියේය. බෙහෙවින් ආචාරශීලීව සමාව භජනය කරමින් හෝටලය කියා සිටියේථ අපිට බොහොම කණගාටුයි. අපේ සල්ලි අය කරගන්න තියෙන්නේ ඔබතුමාගෙන් විතරයි. එවිට ජයතිලක සැරවුණි "මගෙන් අහන්න එපා ඒක සජින්ගෙන් අහනවා. බිල් ගෙවන්න ඕනේ එයා." ඉතිං දවස් දෙකක් තිස්සේම සජින් වාස් ගුණවර්ධනව සොයා ගැනීමට හෝටලය අසමත් වූ නිසා ඒ කාලයත් රක්ෂණයක් වශයෙන් හෝටලයේම රැඳී සිටීමට දයාන්ට සිදු විය. කෙසේ වෙතත් අවසානයේ හෝටලය විසින් සජින්ව සොයාගත් විට පැය භාගයක් ඇතුළත අවශ්‍ය මුදල රැගෙන එන බවට ඔහු පෙරොන්දු විය. පොරොන්දු වූ පරිදිම රුපියල් මිලියන 2.5 කට කිට්ටු මුදලක් ගෙවා හෝටල් අඩස්සියෙන් දයාන් ජයතිලකව එදා බේරා ගැනුණි. එතරම් මුදලක් පැය භාගයක් ඇතුළත සජින් සොයාගත්තේ කෙසේද යන්න ප්රශ්නයකි. මේ මුදල ඔහු ආදායම් බදු දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කොට තිබේද? ඊටත් වඩා නරක තත්වයක් වන්නේ ජනාධිපතිවරයාගේ දැනුම ඇතිව හෝ නැතිව මේ මුදල් ඔහු මහජන අරමුදල්වලින් සපයා ගත්තේ ද යන්නයි.අවසාන විග්රහයේ දී මතුවන ප්රශ්නය මෙයයි. මෙවැනි අතීත කැරැට්ටුවක් සහිත කෙනෙකු රජයේ තනතුරක් දැරීමට සුදුසු වන්නේද? ඊටත් වඩා රාජ්‍ය නායකයාගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන්? රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඇස්තමේන්තු තුළ ඔහු සුදුස්සෙකු වෙතැ යි අපි අනුමාන කරමු. 2006 ලීඩර් පුවත්පතේ පළවූ ලිපියක සිංහල පරිවර්තනය : "යහපාලනය ශ්‍රී ලංකා" හා විකල්ප වෙබ් අඩවිය. [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom