ඇත්ත ප්‍රශ්න

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    228586566_10158315807683364_5729589308982025127_n.jpg



    230631574_10158315807723364_1628950211291335853_n.jpg

    මුහුණු පොතෙන්​

    Pubudu Rangana Ariyadasa


    විදුලි ඒකක මිල ජාතික ආර්ථිකයට සෘජුව බලපාන අයුරු..!
    වර්ෂ 2011 සිට 2020 දක්වා විදුලි ඒකක නිෂ්පාදන වියදම්, ආදායම් හා ඊට අනුරූපව ලංකා විදුලි බල මණ්ඩලය වෙත වන සමස්ථ ලාභ දල වශයෙන් සංශිප්තව මෙසේ දක්වා සිටිය හැක..
    ඔබ විවෘත මනසකින් දකින්නේ නම් ලංවිම ලබන ලාභය/ අලාභය සෘජුවම ලංවිම විසින් පාලනය කෙරෙන අඩු මිල විදුලි බලාගාර දායකත්වය ඉහල/ අවම තත්ත්වයන්හිදී බව පෙනෙනු ඇත..
    තවද කාලයක සිට විදුලි විකුණුම් මිලද වැඩි නොවී ඇති බව පෙනෙනු ඇත..
    එමෙන්ම කාලයක සිට ක්‍රමිකව වැඩිමිල පුද්ගලික බලාගාර ප්‍රභවයන්ට නතුවෙමින් පවතින බවත් ක්‍රමයෙන් ඒකක මිල වැඩි වෙන බවත් පෙනෙනු ඇත.
    සාම්පූර් විදුලි බලාගාරය අවුරුදු 5ක ශක්‍යතා අද්‍යනයකින් අනතුරුව ගොඩ නැගීම පටන්ගැනීමට මොහොතකට පෙර එය මොහොතින් නැවැත්වීමේ අනිටු විපාක අපි ක්‍රමයෙන් මුහුණ දෙනු ඇත. ඉදිරියේදී තවත් ගැටළු වනු ඇත..
    විදුලි ඒකක මිල අඩු කිරීම රුපියල් බිලියන ගණනින් රටට ඉතිරි කර දෙනු ඇත. ඉතිරි වන මුදලින් පඩි ඉල්ලා මහමග දුක් විදින ගුරු භවතුන්ට නොමිලයේ සහනයක් ගෙන දිය හැක. ඇතැම්විට ගොවීන්ගේ පොහොර සහනාධාරය බලාපොරොත්තු වූ අයුරින් ලබා දිය හැකි වනු ඇත..
    (ඔබ පිළිගත්තත් නැතත්) ඒකක මිල අඩු කිරීමට හොදම හැකියාව ඇත්තේ ඊට නිත්‍යානුකූල හිමිකම පවතින ලංකා විදුලි බල මණ්ඩලයටයි..! ජනන සැලැස්ම එහි පදනමයි..!
    රටේ සාරය උරා බොන්නන් / අවස්ථාවාදීන් එය නොදන්නවා නොවේ..! ඔවුන් ජනන සැලැස්ම අනුමත නොකිරීමට නොකරන දෙයක් නොමැත..!
    අපි ලංවිම ලෙස ජනන සැලැස්ම වෙනුවෙන් සටන් කරන්නෙමු. නමුත් ලංවිමට මෙය තනියෙන් කල නොහැක.. (කල හැකිව තිබුනේ නම් සැලැස්මේ පරිදි මුල්ම ගල් අගුරු බලාගාරය 1996 දී සදා මේ වනවිට රටට රුපියල් බිලියන දහස් ගණනින් ඉතිරි කර දෙනු ඇත)
    ...................................................
    ඔබේ විදුලි රැහැන් මග වෙනස් කරවීමට, කණුව වැටුන තැන වෙනස් කරවීමට ඔබ ලංවිමට එරෙහිව කෙතරම් නම් නඩු මගට බැස ඇතිද..!? පාරිභෝගික අයිතීන් වෙනුවෙන් යැයි කියාගන්නා පිරිස් කෙතරම් නම් ලංවිමට එරෙහිව නඩු මගට ගොස් ඇතිද..!? වරක පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් යැයි කියමින්, වරක ලංවිම විසින්ම සූර්ය ව්‍යාපෘති සිදු කිරීමට යාමේදී පරිසරය ඈදා ඊටත් එරෙහි වෙමින්...!?
    කවදාද ඔබ අඩු මිලට විදුලිය මිලට ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ..!? මොන පාරිභෝගික සංගමයද පාරිභෝගිකයාගේ අයිතිය වෙනුවෙන් අඩු මිල විදුලිය ඉල්ලා හඩක් නගන්නේ.. !?
    විදුලි විකුණුම් මිල වැඩි නොකිරීම ඔබ සිතන්නේ නම් සහනයක් කියා එය විශාල මුලාවකි..! එක්තරා ඇස් බැන්දුමකි..! එය ඔබ විදුලි ඒකක වියදම ඉහල යෑම සිතින් අමතක කරවයි.. අවසනදී ඔබට නොදැනිම ලොකු මුදලක් ඔබෙන් ගිලිහී ගොස් ඇත..
    ....................................................
    ලංවිම සේවක පිරිස් දැනට 30,000 ට වඩා අධිකය. ඉන් 1000 කට ආසන්න ප්‍රමාණයක් ඉන්ජිනේරුවෝම වෙති.. වෙන අය නැතත් ලංවිම සේවක පිරිස් / නිලධාරී පිරිස් තමන් දන්නා පිරිස් වෙත මෙම යථාර්තය පැහැදිලි කරන්නේ නම්, එකා වගේ තනි මතයක සිටින්නේ නම් ලංවිම අනාගතය, රටේ අනාගතය මෙයිට වඩා සුන්දර වනු ඇත..
    කරුමයක මහත.. මෙම ගැටලුව අපේ නොවේ, උන්ගේ ලෙස සැවොම අනුන් මත පටවා තම වගකීමෙන් මිදී ඇත..! කල්ලි වාදයෙන් මිරිකුණු තැන පරාර්ථයට අවකාශයක් නොමැත..
     
    • Like
    Reactions: SLBro

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙවා ඉතින් ලොකු ප්‍රශ්න නෙවේ.

    ගුරුවරු ඉල්ලන පඩි ප්‍රශ්න ඉවර කරන්න පුලුවන් මේවට විසදුම් දුන්නොත්