Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්ත මෙන්න..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]106667[/ATTACH]

ආචාර්ය නලින් ද සිල්වා විසින් ලියන ලද ලිපියක් පහත දැක්වෙයි.

එක දෙවියයි එක දැනුමයි විය යුතු නැහැ!

ධම්මික වෙද මහතාගේ පැණිය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වුණේ ඒ ගැන ප්‍රසිද්ධියක් ලැබුණු දිනයේ දී ම බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ සම්බන්ධ යම් ආකාරයක නිල නොවන අයුරකින් හරි සම්පරීක්ෂණයක් කර ඇති බවට පළ වූ වාර්තා ප්රශ්නයේ මුලයි. කොවිඩ් 19 සම්බන්ධයෙන් මෙරට දේශීය වෙදකමේ බහු ප්‍රතිකාර ඇති නමුත් ඒ එකටවත් ප්‍රසිද්ධියක් නොලැබුණේ අවශ්‍ය බටහිර වෛද්‍ය සහතික නොතිබූ නිසයි.

එහෙත් ධම්මික වෙද මහතාගේ පැණියට යම් බටහිර වෛද්‍ය සහතිකයක් ලැබීම නිසා ජනමාධ්‍ය ප්‍රසිද්ධියක් ලැබුණා. ඒ සමග ම ඒ වටා පිරිස් එකතු වීම මෙන් ම එයට විරුද්ධ ව ජනමතයක් ගොඩ නැගීම ද ඇරඹුණා. අර පසුව එකතු වූ පිරිස් අතර තක්කඩියන් ද ඉන්න පුළුවන්. ඔවුන් මුල සිට ම සිටි අය නො වෙයි. ඔවුන්ට වෙනත් දෙයක් අවශ්‍ය වන්න පුළුවන්. පැණියට විරුද්ධ ව ජනමතයක් ගොඩ නැගීමට විවිධ දේශපාලන කොටස් එකතු වුණා. බටහිර අධ්‍යාපනයෙන් එන්නත් කරනු ලැබූ මතවාද දෘෂ්ටිවාද (අල්තුසර් ද දෘෂ්ටිවාදයකින් මිදුණ අයකු නොවෙයි) සහිත ව ධම්මික වෙදමහතාගේ සුදූුසුකම් සාකච්ඡාවට ගැණුනා. කපු මහතකු බව මේසන් බාසුන්නැහැ කෙනකු බව ආදිය වැදගත් වුණා. කාලි අම්මාගෙන් දැනුම ලැබුණු බව ප්‍රශ්නයක් වුණා. රාමනුජන්ට එය ප්‍රශ්නයක් වුණේ නැහැ. බටහිර උගතුන් එකලත් රාමනුජන් වෙනත් ගණිතඥයන් මෙන් යැයි කීමට තැත් කළත් එය සාර්ථක වුණේ නැහැ.

බටහිර විද්‍යාව (වෛද්‍ය විද්‍යාව විශේෂයෙන්) ධනපති ක්‍රමය සමග ඇති අවියෝජනීය (ඔවුන්ගේ වචන) සම්බන්ධකම් විවිධ පුද්ගලයන් සමාගම් මගින් පෙන්නුම් කෙරුණා. බටහිර විද්‍යාව ධනපති ක්‍රමයෙන් වෙන් කරන්න බැරි ඒ දෙක ම එක ම චින්තනයක් මත පදනම් වෙන නිසා. බටහිර විශ්වවිද්‍යාල වැඩවසම් සම්බන්ධකම් මත ඇති වූ ආයතන. ඔක්ස්ෆඩ් කේම්බ්‍රිජ් එයට හොඳ ම උදාහරණ. එහෙත් අද වන විට ඒ විශ්වවිද්‍යාල ධනේශ්වරය සමග සම්බන්ධකම් ඇති කරගෙන වැඩවසම් නෂ්ටාවශේෂත් සමග. හරියට වින්ඩ්සර් රජපවුල වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව සමග සම්බන්ධකම් ඇති කර ගෙන තියෙන විධියට. බටහිර වෛද්‍ය විද්‍යාව ඖෂධ සමාගම් එක්ක ඇති සම්බන්ධයේ අංශු මාත්‍රයක් පමණයි මෙරට ඖෂධ නියෝජිතයන් බටහිර වෙදමහතුන් සමග ඇති සම්බන්ධයේ තියෙන්නෙ.

පැණියේ සාර්ථකත්වය මනින්න පුළුවන් රෝගීන් සුව වෙනව ද බලීමෙන්. එය බටහිර ඊනියා සායනික නැහැසුම් ක්‍රමයට ම සිිදු විය යුතු නැහැ. එහෙත් අද ඇති දැනුම් යටත්විජිතවාදය නිසා පරක්ෂාව බටහිර ක්‍රමයට සිදු කරන්න වෙලා. ඒ අතර ආයුර්වේද කමිටුවකුත් තියෙනවා. මෙරට ඉන්න සහතික උගතුන්ට සහතිකය හැර වෙනත් දෙයක් නැහැ. ඔවුන්ට දැනුමක් අලුතෙන් දෙන්න බැහැ. වැඩිම වුණොත් කළ හැක්කේ වැමෑරීම පමණයි. මෙරට නිර්මාණාත්මක හැකියාවක් ඇතියවුන් වැඩිය දකින්න පුළුවන් සාමාන්‍ය පෙළෙන් එහාට උගත් නැති අය අතර. උසස් පෙළ අධ්‍යාපනයෙන් නිර්මාණාත්මක හැකියාවන් නැත්තට ම මෙන් නැති කරනවා. මෙරට අවුරුදු 150ක බටහිර වෛද්‍ය අධ්‍යාපනය එයට හොඳ ම උදාහරණයයි.

අද උදේ එක් කමිටුවක වාර්තාවක් නිකුත් වෙලා. බටහිර විද්‍යාව අනුව කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ පැණියේ විෂක් නැති බවයි. ඒ වාර්තාව ආයුර්වේද කමිටුවට යොමු කරලා. ආයුර්වේද කමිටුව තවම එයට ප්‍රතිචාරයක් දක්වා නැති බවයි පේන්න තියෙන්නෙ. ඔවුන් ඉක්මණින් ඒ කටයුත්ත කරනවා නම් හොඳයි. මේ ආයුරවේදය හා හෙළ වෙදකම අතර ප්‍රශ්න ඇති කරගන්න වෙලාවක් නො වෙයි.

අද විවිධ අය කාලිඅම්මා ගැන විවිධ කතා කියනවා. ඇගේ සම්භවය පිළිබඳ ව ඇත්තේ එක් කතාවක් පමණක් නොවෙයි. ඒ තමයි පෙරදිග දැනුමේ එක් ලක්ෂණයක්. බ්‍රහ්මන් ඒක දේව සංකල්පය බිහිවන්න පෙර මේ රටවල තිබුණේ බහුදේවවාදයක්. අප එක් දෙවියකු පමණක් ගැන විශ්වාස කෙළේ නැහැ. ලංකාවේ කොහාමටවත් තිබුණේ නැහැ. මෙරට බ්‍රහ්මන් සංකල්පයක් නැහැ. මහා බ්රහ්මයත් තවත් දෙවියකු (බ්‍රහ්මයකු) පමණයි. කාලිඅම්මා භද්‍රකාලි මෑණියන් නමිනුත් හැඳින්වෙනවා. ඒ යහපත් අරුතෙන්. කෙසේ වෙතත් මට කියන්න තියෙන්නෙ අපේ සංස්කෘතියෙහි එකම කතාවක් නොව විවිධ කතා තියෙන බවත් විවිධ දෙවියන් ඉන්න බවත් විවිධ දැනුම් විවිධ ප්‍රතිකාර තිබෙන බවත්.

බටහිර ක්‍රිස්තියානි හා මුස්ලිම් සංස්කෘතිවල ඉන්නේ එක් දෙවියන් පමණයි. අද ඔය එක් දැනුමක් අනන්‍ය දැනුමක් ආදී සංකල්ප පැන නගින්නේ ඒ ඒක දේව සංකල්පයෙන්. සිංහල බෞද්ධයන්ට බහු දේව සංකල්පයක් තියෙන්න. ඒක දේව සංකල්පයක් නැත කියන එකෙන් බහු දේව සංකල්පයක් නැත කියා කියැවෙන්නෙ නැහැ. බටහිර දැනුම ලෝකයේ එක ම දැනුම විය යුතු නැහැ. බහුදේව වගේ ම බහු පද්ධති තියෙනවා. ක්‍රිස්තියානි හා මුස්ලිම් සංස්කෘතීන්ට ඒ බව පිළිගැනීමේ අපහසුතාවක් තියෙනවා. මේ ගැන තවත් විස්තර පසුවට.

අද කිවයුතු වැදගත් කරුණක් තියෙනවා. පඬියන් පඬි නැට්ටන් ධම්මික වෙද මහතා අටමස්ථානාධිපති නායක හාමුදුරුවන්ට සැරෙන් කතා කිරීම ප්‍රශ්නයක් කර ගෙන. මේ අය ඒ කරන්නේ ශ්‍රද්ධාවකින් නොවෙයි. ශ්‍රී මහා බෝධින් වහන්සේ මුළ ඉඳගෙන අරක්කු බීමට කතා කෙළේ ඒ වර්ගයේ අය. මේ හුදෙක් වෙද මහතාට හා ඒ මගින් හෙළ වෙදකමටත් අවසානයේ දී සඟ සසුනටත් සිංහල බෞද්ධ සංස්කෘතියටත් පහර ගැසීම සඳහා කෙරෙන්නක්.

මට දැන ගන්නට ලැබී ඇති තොරතුරු අනුව දැනට දශක දෙකක පමණ කාලයක් තිස්සේ ධම්මික වෙද මහතා අටමස්ථානාධිපති හාමුදුරුවන්ට වෙදකම් කරනවා. උන්වහන්සේ දන්නවා වෙද මහතා දැනුම ලබා ගන්නේ භද්‍රකාලි මැණියන්ගෙන්, කාලි අම්මගෙන් බව. නායක හාමුදුරුවන් එ නිසා වෙද මහතා අමතන්නේ මෑණියන් කීයා. වෙද මහතා හාමුදුරුවන් සමග සාකච්ඡාචේ දී මා ඔබ වහන්සේගේ මෑණියන් කියන්නේ ඒ අරුතෙන්. ඒ සාකච්ඡාචේ ඉතිරි කොටස් ද ප්‍රචාරය කරන්න පුළුවන් නම් හොඳයි. ඒ සාකච්ඡාව හොඳින් දන්නා හඳුනන අය අතරයි.

විවිධ බලවේග හෙළ වෙදකමට විරුද්ධව ක්‍රියා කරනවා. ඔවුන්ට රෝගීන්ට මොනව වුණත් කමක් නැහැ. හෙළ වෙදකමට පහර දෙන්න පුළුවන් නම්. අද අපට අවශ්‍ය රෝගීන් සුවපත් කිරීමටයි. එහි දී අප එක දැනුමක් පමණක් යන්න බැහැර කරනවා. බහු දේවා බහු විජ්ජා මිස ඒක දේව ඒක විජ්ජා නොවෙයි

https://emanisa.lk/%e0%b6%85%e0%b6%a7%e0%b6%b8%e0%b7%83.../

[QUOTE="caltonhp, post: 25974648, member: 557464"] [ATTACH type="full"]106667[/ATTACH] ආචාර්ය නලින් ද සිල්වා විසින් ලියන ලද ලිපියක් පහත දැක්වෙයි. එක දෙවියයි එක දැනුමයි විය යුතු නැහැ! ධම්මික වෙද මහතාගේ පැණිය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වුණේ ඒ ගැන ප්‍රසිද්ධියක් ලැබුණු දිනයේ දී ම බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ සම්බන්ධ යම් ආකාරයක නිල නොවන අයුරකින් හරි සම්පරීක්ෂණයක් කර ඇති බවට පළ වූ වාර්තා ප්රශ්නයේ මුලයි. කොවිඩ් 19 සම්බන්ධයෙන් මෙරට දේශීය වෙදකමේ බහු ප්‍රතිකාර ඇති නමුත් ඒ එකටවත් ප්‍රසිද්ධියක් නොලැබුණේ අවශ්‍ය බටහිර වෛද්‍ය සහතික නොතිබූ නිසයි. එහෙත් ධම්මික වෙද මහතාගේ පැණියට යම් බටහිර වෛද්‍ය සහතිකයක් ලැබීම නිසා ජනමාධ්‍ය ප්‍රසිද්ධියක් ලැබුණා. ඒ සමග ම ඒ වටා පිරිස් එකතු වීම මෙන් ම එයට විරුද්ධ ව ජනමතයක් ගොඩ නැගීම ද ඇරඹුණා. අර පසුව එකතු වූ පිරිස් අතර තක්කඩියන් ද ඉන්න පුළුවන්. ඔවුන් මුල සිට ම සිටි අය නො වෙයි. ඔවුන්ට වෙනත් දෙයක් අවශ්‍ය වන්න පුළුවන්. පැණියට විරුද්ධ ව ජනමතයක් ගොඩ නැගීමට විවිධ දේශපාලන කොටස් එකතු වුණා. බටහිර අධ්‍යාපනයෙන් එන්නත් කරනු ලැබූ මතවාද දෘෂ්ටිවාද (අල්තුසර් ද දෘෂ්ටිවාදයකින් මිදුණ අයකු නොවෙයි) සහිත ව ධම්මික වෙදමහතාගේ සුදූුසුකම් සාකච්ඡාවට ගැණුනා. කපු මහතකු බව මේසන් බාසුන්නැහැ කෙනකු බව ආදිය වැදගත් වුණා. කාලි අම්මාගෙන් දැනුම ලැබුණු බව ප්‍රශ්නයක් වුණා. රාමනුජන්ට එය ප්‍රශ්නයක් වුණේ නැහැ. බටහිර උගතුන් එකලත් රාමනුජන් වෙනත් ගණිතඥයන් මෙන් යැයි කීමට තැත් කළත් එය සාර්ථක වුණේ නැහැ. බටහිර විද්‍යාව (වෛද්‍ය විද්‍යාව විශේෂයෙන්) ධනපති ක්‍රමය සමග ඇති අවියෝජනීය (ඔවුන්ගේ වචන) සම්බන්ධකම් විවිධ පුද්ගලයන් සමාගම් මගින් පෙන්නුම් කෙරුණා. බටහිර විද්‍යාව ධනපති ක්‍රමයෙන් වෙන් කරන්න බැරි ඒ දෙක ම එක ම චින්තනයක් මත පදනම් වෙන නිසා. බටහිර විශ්වවිද්‍යාල වැඩවසම් සම්බන්ධකම් මත ඇති වූ ආයතන. ඔක්ස්ෆඩ් කේම්බ්‍රිජ් එයට හොඳ ම උදාහරණ. එහෙත් අද වන විට ඒ විශ්වවිද්‍යාල ධනේශ්වරය සමග සම්බන්ධකම් ඇති කරගෙන වැඩවසම් නෂ්ටාවශේෂත් සමග. හරියට වින්ඩ්සර් රජපවුල වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව සමග සම්බන්ධකම් ඇති කර ගෙන තියෙන විධියට. බටහිර වෛද්‍ය විද්‍යාව ඖෂධ සමාගම් එක්ක ඇති සම්බන්ධයේ අංශු මාත්‍රයක් පමණයි මෙරට ඖෂධ නියෝජිතයන් බටහිර වෙදමහතුන් සමග ඇති සම්බන්ධයේ තියෙන්නෙ. පැණියේ සාර්ථකත්වය මනින්න පුළුවන් රෝගීන් සුව වෙනව ද බලීමෙන්. එය බටහිර ඊනියා සායනික නැහැසුම් ක්‍රමයට ම සිිදු විය යුතු නැහැ. එහෙත් අද ඇති දැනුම් යටත්විජිතවාදය නිසා පරක්ෂාව බටහිර ක්‍රමයට සිදු කරන්න වෙලා. ඒ අතර ආයුර්වේද කමිටුවකුත් තියෙනවා. මෙරට ඉන්න සහතික උගතුන්ට සහතිකය හැර වෙනත් දෙයක් නැහැ. ඔවුන්ට දැනුමක් අලුතෙන් දෙන්න බැහැ. වැඩිම වුණොත් කළ හැක්කේ වැමෑරීම පමණයි. මෙරට නිර්මාණාත්මක හැකියාවක් ඇතියවුන් වැඩිය දකින්න පුළුවන් සාමාන්‍ය පෙළෙන් එහාට උගත් නැති අය අතර. උසස් පෙළ අධ්‍යාපනයෙන් නිර්මාණාත්මක හැකියාවන් නැත්තට ම මෙන් නැති කරනවා. මෙරට අවුරුදු 150ක බටහිර වෛද්‍ය අධ්‍යාපනය එයට හොඳ ම උදාහරණයයි. අද උදේ එක් කමිටුවක වාර්තාවක් නිකුත් වෙලා. බටහිර විද්‍යාව අනුව කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ පැණියේ විෂක් නැති බවයි. ඒ වාර්තාව ආයුර්වේද කමිටුවට යොමු කරලා. ආයුර්වේද කමිටුව තවම එයට ප්‍රතිචාරයක් දක්වා නැති බවයි පේන්න තියෙන්නෙ. ඔවුන් ඉක්මණින් ඒ කටයුත්ත කරනවා නම් හොඳයි. මේ ආයුරවේදය හා හෙළ වෙදකම අතර ප්‍රශ්න ඇති කරගන්න වෙලාවක් නො වෙයි. අද විවිධ අය කාලිඅම්මා ගැන විවිධ කතා කියනවා. ඇගේ සම්භවය පිළිබඳ ව ඇත්තේ එක් කතාවක් පමණක් නොවෙයි. ඒ තමයි පෙරදිග දැනුමේ එක් ලක්ෂණයක්. බ්‍රහ්මන් ඒක දේව සංකල්පය බිහිවන්න පෙර මේ රටවල තිබුණේ බහුදේවවාදයක්. අප එක් දෙවියකු පමණක් ගැන විශ්වාස කෙළේ නැහැ. ලංකාවේ කොහාමටවත් තිබුණේ නැහැ. මෙරට බ්‍රහ්මන් සංකල්පයක් නැහැ. මහා බ්රහ්මයත් තවත් දෙවියකු (බ්‍රහ්මයකු) පමණයි. කාලිඅම්මා භද්‍රකාලි මෑණියන් නමිනුත් හැඳින්වෙනවා. ඒ යහපත් අරුතෙන්. කෙසේ වෙතත් මට කියන්න තියෙන්නෙ අපේ සංස්කෘතියෙහි එකම කතාවක් නොව විවිධ කතා තියෙන බවත් විවිධ දෙවියන් ඉන්න බවත් විවිධ දැනුම් විවිධ ප්‍රතිකාර තිබෙන බවත්. බටහිර ක්‍රිස්තියානි හා මුස්ලිම් සංස්කෘතිවල ඉන්නේ එක් දෙවියන් පමණයි. අද ඔය එක් දැනුමක් අනන්‍ය දැනුමක් ආදී සංකල්ප පැන නගින්නේ ඒ ඒක දේව සංකල්පයෙන්. සිංහල බෞද්ධයන්ට බහු දේව සංකල්පයක් තියෙන්න. ඒක දේව සංකල්පයක් නැත කියන එකෙන් බහු දේව සංකල්පයක් නැත කියා කියැවෙන්නෙ නැහැ. බටහිර දැනුම ලෝකයේ එක ම දැනුම විය යුතු නැහැ. බහුදේව වගේ ම බහු පද්ධති තියෙනවා. ක්‍රිස්තියානි හා මුස්ලිම් සංස්කෘතීන්ට ඒ බව පිළිගැනීමේ අපහසුතාවක් තියෙනවා. මේ ගැන තවත් විස්තර පසුවට. අද කිවයුතු වැදගත් කරුණක් තියෙනවා. පඬියන් පඬි නැට්ටන් ධම්මික වෙද මහතා අටමස්ථානාධිපති නායක හාමුදුරුවන්ට සැරෙන් කතා කිරීම ප්‍රශ්නයක් කර ගෙන. මේ අය ඒ කරන්නේ ශ්‍රද්ධාවකින් නොවෙයි. ශ්‍රී මහා බෝධින් වහන්සේ මුළ ඉඳගෙන අරක්කු බීමට කතා කෙළේ ඒ වර්ගයේ අය. මේ හුදෙක් වෙද මහතාට හා ඒ මගින් හෙළ වෙදකමටත් අවසානයේ දී සඟ සසුනටත් සිංහල බෞද්ධ සංස්කෘතියටත් පහර ගැසීම සඳහා කෙරෙන්නක්. මට දැන ගන්නට ලැබී ඇති තොරතුරු අනුව දැනට දශක දෙකක පමණ කාලයක් තිස්සේ ධම්මික වෙද මහතා අටමස්ථානාධිපති හාමුදුරුවන්ට වෙදකම් කරනවා. උන්වහන්සේ දන්නවා වෙද මහතා දැනුම ලබා ගන්නේ භද්‍රකාලි මැණියන්ගෙන්, කාලි අම්මගෙන් බව. නායක හාමුදුරුවන් එ නිසා වෙද මහතා අමතන්නේ මෑණියන් කීයා. වෙද මහතා හාමුදුරුවන් සමග සාකච්ඡාචේ දී මා ඔබ වහන්සේගේ මෑණියන් කියන්නේ ඒ අරුතෙන්. ඒ සාකච්ඡාචේ ඉතිරි කොටස් ද ප්‍රචාරය කරන්න පුළුවන් නම් හොඳයි. ඒ සාකච්ඡාව හොඳින් දන්නා හඳුනන අය අතරයි. විවිධ බලවේග හෙළ වෙදකමට විරුද්ධව ක්‍රියා කරනවා. ඔවුන්ට රෝගීන්ට මොනව වුණත් කමක් නැහැ. හෙළ වෙදකමට පහර දෙන්න පුළුවන් නම්. අද අපට අවශ්‍ය රෝගීන් සුවපත් කිරීමටයි. එහි දී අප එක දැනුමක් පමණක් යන්න බැහැර කරනවා. බහු දේවා බහු විජ්ජා මිස ඒක දේව ඒක විජ්ජා නොවෙයි [URL='https://emanisa.lk/%e0%b6%85%e0%b6%a7%e0%b6%b8%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8a/?fbclid=IwAR2TagdKiEGPBPFqDibBHTO5qYfZidZSKNFo4iEHQrO-Ilos5xoORTFD96M']https://emanisa.lk/%e0%b6%85%e0%b6%a7%e0%b6%b8%e0%b7%83.../[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom