Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්ත ෂර්ලොක් හොල්ම්ස්ගේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත ෂර්ලොක් හොල්ම්ස්ගේ කතාව

ෂර්ලොක් හොල්ම්ස් කියන්නේ හැමෝම කැමති අපූරු මනඃකල්පිත චරිතයක්. තවමත් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ ලන්ඩනයේ බේකර් විදියේ අංක 221 B නිවසේ ඔහුව සැබවින්ම ජිවත් වුණා කියලයි. ලොව වැඩිම දෙනෙක් ආදරය කරන මේ රහස් පරීක්ෂකයා නිර්මාණය වුණේ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ සිතේයි.

sherlockian-sherlock.com

පුළුල් දැනුම, සියුම් නිරීක්ෂණ හැකියාව සහ තර්කානුකූල ලෙසින් උපකල්පන වලට එළැඹීමේ හැකියාවත් ෂර්ලොක්ගේ චරිතයේ සුවිශේෂී ලක්ෂණ ලෙසට සැලකෙනවා. ඒ හේතුවෙන්ම ඔහු සදාකාලිකව වැළලී යාමට ඉඩ තිබුණු බිහිසුණු සහ ගුප්ත සිදුවීම ගණනාවක්ම අනාවරණය කර ගන්නේ පාඨකයා විස්මයෙන් මුසපත් කරමිනුයි. මිනිස් මොළයකින් සිතිය නොහැකි ආකාරයේ හැකියාවලින් යුතු බැවින් හෝම්ස් වැනි සැබෑ චරිතයක් ලොව ජීවත් වනවාද යන්නත් බොහෝ දෙනෙකුට ඇති ගැටලුවක්.

මහාචාර්ය ජෝසෆ් බෙල්

සැබවින්ම ෂර්ලොක් හොල්ම්ස් චරිතය ඩොයිල්ගේ සිතේ පිළිසිඳගත්තේ එක් සුවිශේෂී පුද්ගල චරිතයක් හේතුවෙනුයි. ඔහු තමයි ඩොයිල්ගේ වෛද්‍ය විද්‍යා ගුරුවරයකු වූ මහාචාර්ය ජෝසෆ් බෙල්.

en.wikipedia.org

ජෝසෆ් බෙල් උපත ලැබුවේ 1827 වසරේ දෙසැම්බර් දෙවැනිදා යි. ඔහුගේ පියා ද වෛද්‍යවරයකු වූ අතර ඔහු හැඳින්වුණේ බෙන්ජමින් බෙල් යන නමෙනුයි. එනමින්ම යුතු ඔහුගේ සීයා බෙල් පරම්පරාවේ වඩාත්ම ප්‍රකට තැනැත්තා ලෙස සැලකෙන්නේ පළමු ස්කොට්ලන්ත පිළිගත් විද්‍යාත්මක ශල්‍ය වෙද්‍යවරයා වීම හේතුවෙනුයි.

සිය රෝගීන් නිරීක්ෂණයෙන් නිගමන වලට එළැඹීමට විශේෂ හැකියාවක් ඔහුට පැවතුණු අතර ඇතැමුන් ගේ අදහසට අනුව පසුකලෙක ජෝසෆ් බෙල් වෙත හිමිව ඇත්තේ ද එම හැකියාවයි. සිය සීයාගේ සහ පියාගේ අඩි පාරේ යමින් වෙද්‍ය වෘත්තිය සිය අනාගතය ලෙස තෝරා ගත් ජෝසෆ් ඒ පිළිබඳව විධිමත් ලෙස හැදෑරුවේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙනුයි.1859 වසරේ සිට වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීම ඇරඹූ ඔහු සිය උපාධිය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇතැම් ලේඛන තවමත් එරට රාජකීය වෛද්‍ය සංගමය සතුව පවතිනවා.

cosmos-magazine.imgix.net

විශිෂ්ට දැනුම සහ ඥානය

විශිෂ්ට මට්ටමේ දැනුමක් සහ ඥානයකින් හෙබි වූ ජෝසෆ් බෙල් කෙටි කලකින්ම සිය වෘත්තියේ ඉහළටම නැගීමට සමත් වූ අතර බ්‍රිතාන්‍ය මහ රැජින ස්කොට්ලන්තයේ සංචාරය කරන අවස්ථා වලදී ඇගේ රාජකීය වෙද්‍යවරයා ලෙස කටයුතු කළේද ඔහුයි. එමෙන්ම එඩින්බරෝහි රාජකීය ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රධානියා ලෙසටද ඔහු වරක් කටයුතු කරනු ලැබුවා. එසේම ඔහු වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් පොත් ගණනාවක්ද පල කළ තැනැත්තෙක්.

ෂර්ලොක් හොල්ම්ස් සතුව ඇති ආකාරයේ අසාමාන්‍ය නිරීක්ෂණ ශක්තියක් ජෝසෆ් බෙල් සතුව තිබූ අතර ඔහු තමා වෙත එන රෝගියා හොදින් නිරීක්ෂණය කිරීමෙන් පමණක්ම ඔහුගේ රෝගය පිළිබඳව සාර්ථක නිගමනයකට පැමිණීමේ හැකියාවක් තිබූ වෙද්යවරයකු බව පැවසෙනවා. තාක්ෂණය එතරම් දියුණුව නොතිබූ යුගයක පවා ඔහුගේ අපරාධ සහ එවන් සිදුවීම් සම්බන්ධ නිරීක්ෂණ බොහෝ දුරට සාර්ථක ප්‍රතිපල ගෙන දුන්නේ එවකට සිටි අනෙක් වෛද්‍යවරුන් පවා විස්මයට පත් කරමින්.

simanaitissays.com

මහාචාර්ය බෙල්ට තිබූ අසාමාන්‍ය හැකියාව

වෛද්‍ය විද්‍යා ආචාර්යවරයකු ලෙසටද සිය දැනුම අනාගත පරපුර වෙත ලබා දුන් බෙල්, එවන් දේශන වලදී සිය සියුම් නිරීක්ෂණ ශක්තිය සහ තර්ක බුද්ධිය යොදා ගනිමින් සිය සිසුන් පුදුම කළේ විවිධ පුද්ගලයන් ගැන විස්මිත අනාවරණ සිදු කරමින්. වරෙක් යම් සෙලරුවකුගේ සිරුරේ තිබූ පච්චා වලින් ඔහු සංචාරය කළ නගර පැවසූ ඔහු තවත් විටෙක පුද්ගලයකුගේ උච්චාරණ ශෛලිය අනුව ඔහුගේ උපත පිළිබඳවද හෙළි කළ බව පැවසුනා. බෙල් පිළිබඳ ප්‍රකට එක්තරා පුවතකට අනුව, ඔහු එක්තරා පුද්ගලයකු මත්පැන් පානයට නැඹුරු බවත්, ඔහු නිරන්තරයෙන් සිය ඇඳුම තුළ මත්පැන් බෝතලයක් රැගෙන යන බවත් පවසා තිබුණේ එම තැනැත්තා ගැන කිසිවකු නොදත් රහසක් අනාවරණය කරමින්. එසේම ජෝසෆ් බෙල් හමුවට පැමිණි කිසිවකුට ඔහුට බොරුවක් කීමට නොහැකි වූවේ ඔහු එවන් සලකුණු සියල්ල මනාව දැන සිටි බැවිනුයි.

ජෝසෆ් බෙල් සහ ආතර් කොනන් ඩොයිල් එකට මුණගැසී ඇත්තේ 1877 වසරේදීයි. ඒ එවකට ඩොයිල් නම් වෛද්‍ය ශිෂ්‍යයාගේ එක් ගුරුවරයකු ලෙස බෙල් නමැති ආචාර්යවරයා කටයුතු කළ අතර එම හඳුනා ගැනීම සම්බන්ධයෙන් දෙදෙනාගේ සිතේ ඇති වූ පැහැදීම කෙළවර වුණේ ඔහු බෙල්ගේ සහායකයකු බවට පත් වීමෙන්. එම සමයේදී ඩොයිල් බෙල් සතු අසාමාන්‍ය හැකියාව මනාව වටහා ගත් අතර එය පසුකලෙක ෂර්ලොක් හොල්ම්ස් චරිතයට එක් කිරීමටද තීරණය කර තිබෙනවා. ඒ හේතුවෙන් සැබෑ හොල්ම්ස් සහ වොට්සන් යනු බෙල් සහ ඩොයිල් දෙදෙනා යි.

තමාගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි එක්තරා සොල්දාදුවකුගේ අතීතය සහ ගති ලක්ෂණ ආදිය පිළිබඳව බෙල් විසින් සිය සිසුන්ට නිරීක්ෂණ ඇසුරෙන් පැහැදිලි කරනු ලැබූ අවස්ථාවක ඩොයිල්ද ඔහුගේ සිසුන් අතර සිටි බව ඩොයිල්ගේ සහ බෙල්ගේ පළමු හමුව පිළිබඳ කතා පුවතේ දැක්වෙනවා.

හොල්ම්ස් ගේ ගතිගුණ පමණක් නොව ඔහුගේ ඇඳුම් විලාසිතාව සහ හැසිරීම් ආදියටද ඩොයිල් විසින් පාදක කරගෙන ඇත්තේ සිය ගුරුවරයායි. නවකතා වල විස්තර වන පරිදි හොල්ම්ස් පළඳින ආකාරයේ හිස් වැසුම් සහ කබා බෙල් ගේ සාමාන්‍ය ඇඳුම් පැළඳුම් වලට බොහෝ දුරට සමාන බවද දෙදෙනා සංසන්දනය කිරීමේදී ප්රකටව පෙනී යන්නක්.

holmesjapan.jp

එසේම පසුකලෙක ඩොයිල් විසින් ෂර්ලොක් හොල්ම්ස් සඳහා තමා පාදක කරගත්තේ බෙල් ගේ චරිතය බව පිළිගනිමින් සහ ඒ සඳහා බෙල් වෙත සිය ස්තූතිය පල කරමින් ලිපියක් යවා තිබෙනවා. සැබෑ ෂර්ලොක් හොල්ම්ස් හෙවත් ජෝසෆ් බෙල් 1911 වසරේ ඔක්තෝම්බර් හතර වැනිදා මිය ගිය අතර ඔහුගේ දේහය එඩින්බරෝහි ඩීන් සුසාන භූමියේ මිහිදන් කළ බවත් පැවසෙනවා.

[QUOTE="Idias, post: 23448395, member: 556682"] [b]ඇත්ත ෂර්ලොක් හොල්ම්ස්ගේ කතාව[/b] [SIZE=4]ෂර්ලොක් හොල්ම්ස් කියන්නේ හැමෝම කැමති අපූරු මනඃකල්පිත චරිතයක්. තවමත් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ ලන්ඩනයේ බේකර් විදියේ අංක 221 B නිවසේ ඔහුව සැබවින්ම ජිවත් වුණා කියලයි. ලොව වැඩිම දෙනෙක් ආදරය කරන මේ රහස් පරීක්ෂකයා නිර්මාණය වුණේ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ සිතේයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/03/135.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]sherlockian-sherlock.com[/SIZE] [SIZE=4]පුළුල් දැනුම, සියුම් නිරීක්ෂණ හැකියාව සහ තර්කානුකූල ලෙසින් උපකල්පන වලට එළැඹීමේ හැකියාවත් ෂර්ලොක්ගේ චරිතයේ සුවිශේෂී ලක්ෂණ ලෙසට සැලකෙනවා. ඒ හේතුවෙන්ම ඔහු සදාකාලිකව වැළලී යාමට ඉඩ තිබුණු බිහිසුණු සහ ගුප්ත සිදුවීම ගණනාවක්ම අනාවරණය කර ගන්නේ පාඨකයා විස්මයෙන් මුසපත් කරමිනුයි. මිනිස් මොළයකින් සිතිය නොහැකි ආකාරයේ හැකියාවලින් යුතු බැවින් හෝම්ස් වැනි සැබෑ චරිතයක් ලොව ජීවත් වනවාද යන්නත් බොහෝ දෙනෙකුට ඇති ගැටලුවක්.[/SIZE] [B][SIZE=4][B]මහාචාර්ය ජෝසෆ් බෙල්[/B][/SIZE][/B] [SIZE=4]සැබවින්ම ෂර්ලොක් හොල්ම්ස් චරිතය ඩොයිල්ගේ සිතේ පිළිසිඳගත්තේ එක් සුවිශේෂී පුද්ගල චරිතයක් හේතුවෙනුයි. ඔහු තමයි ඩොයිල්ගේ වෛද්‍ය විද්‍යා ගුරුවරයකු වූ මහාචාර්ය ජෝසෆ් බෙල්.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/03/240-513x720.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]en.wikipedia.org[/SIZE] [SIZE=4]ජෝසෆ් බෙල් උපත ලැබුවේ 1827 වසරේ දෙසැම්බර් දෙවැනිදා යි. ඔහුගේ පියා ද වෛද්‍යවරයකු වූ අතර ඔහු හැඳින්වුණේ බෙන්ජමින් බෙල් යන නමෙනුයි. එනමින්ම යුතු ඔහුගේ සීයා බෙල් පරම්පරාවේ වඩාත්ම ප්‍රකට තැනැත්තා ලෙස සැලකෙන්නේ පළමු ස්කොට්ලන්ත පිළිගත් විද්‍යාත්මක ශල්‍ය වෙද්‍යවරයා වීම හේතුවෙනුයි.[/SIZE] [SIZE=4]සිය රෝගීන් නිරීක්ෂණයෙන් නිගමන වලට එළැඹීමට විශේෂ හැකියාවක් ඔහුට පැවතුණු අතර ඇතැමුන් ගේ අදහසට අනුව පසුකලෙක ජෝසෆ් බෙල් වෙත හිමිව ඇත්තේ ද එම හැකියාවයි. සිය සීයාගේ සහ පියාගේ අඩි පාරේ යමින් වෙද්‍ය වෘත්තිය සිය අනාගතය ලෙස තෝරා ගත් ජෝසෆ් ඒ පිළිබඳව විධිමත් ලෙස හැදෑරුවේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙනුයි.1859 වසරේ සිට වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීම ඇරඹූ ඔහු සිය උපාධිය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇතැම් ලේඛන තවමත් එරට රාජකීය වෛද්‍ය සංගමය සතුව පවතිනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/03/333.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]cosmos-magazine.imgix.net[/SIZE] [B][SIZE=4][B]විශිෂ්ට දැනුම සහ ඥානය[/B][/SIZE][/B] [SIZE=4]විශිෂ්ට මට්ටමේ දැනුමක් සහ ඥානයකින් හෙබි වූ ජෝසෆ් බෙල් කෙටි කලකින්ම සිය වෘත්තියේ ඉහළටම නැගීමට සමත් වූ අතර බ්‍රිතාන්‍ය මහ රැජින ස්කොට්ලන්තයේ සංචාරය කරන අවස්ථා වලදී ඇගේ රාජකීය වෙද්‍යවරයා ලෙස කටයුතු කළේද ඔහුයි. එමෙන්ම එඩින්බරෝහි රාජකීය ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රධානියා ලෙසටද ඔහු වරක් කටයුතු කරනු ලැබුවා. එසේම ඔහු වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් පොත් ගණනාවක්ද පල කළ තැනැත්තෙක්.[/SIZE] [SIZE=4]ෂර්ලොක් හොල්ම්ස් සතුව ඇති ආකාරයේ අසාමාන්‍ය නිරීක්ෂණ ශක්තියක් ජෝසෆ් බෙල් සතුව තිබූ අතර ඔහු තමා වෙත එන රෝගියා හොදින් නිරීක්ෂණය කිරීමෙන් පමණක්ම ඔහුගේ රෝගය පිළිබඳව සාර්ථක නිගමනයකට පැමිණීමේ හැකියාවක් තිබූ වෙද්යවරයකු බව පැවසෙනවා. තාක්ෂණය එතරම් දියුණුව නොතිබූ යුගයක පවා ඔහුගේ අපරාධ සහ එවන් සිදුවීම් සම්බන්ධ නිරීක්ෂණ බොහෝ දුරට සාර්ථක ප්‍රතිපල ගෙන දුන්නේ එවකට සිටි අනෙක් වෛද්‍යවරුන් පවා විස්මයට පත් කරමින්.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/03/429.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]simanaitissays.com[/SIZE] [B][SIZE=4][B]මහාචාර්ය බෙල්ට තිබූ අසාමාන්‍ය හැකියාව [/B][/SIZE][/B] [SIZE=4]වෛද්‍ය විද්‍යා ආචාර්යවරයකු ලෙසටද සිය දැනුම අනාගත පරපුර වෙත ලබා දුන් බෙල්, එවන් දේශන වලදී සිය සියුම් නිරීක්ෂණ ශක්තිය සහ තර්ක බුද්ධිය යොදා ගනිමින් සිය සිසුන් පුදුම කළේ විවිධ පුද්ගලයන් ගැන විස්මිත අනාවරණ සිදු කරමින්. වරෙක් යම් සෙලරුවකුගේ සිරුරේ තිබූ පච්චා වලින් ඔහු සංචාරය කළ නගර පැවසූ ඔහු තවත් විටෙක පුද්ගලයකුගේ උච්චාරණ ශෛලිය අනුව ඔහුගේ උපත පිළිබඳවද හෙළි කළ බව පැවසුනා. බෙල් පිළිබඳ ප්‍රකට එක්තරා පුවතකට අනුව, ඔහු එක්තරා පුද්ගලයකු මත්පැන් පානයට නැඹුරු බවත්, ඔහු නිරන්තරයෙන් සිය ඇඳුම තුළ මත්පැන් බෝතලයක් රැගෙන යන බවත් පවසා තිබුණේ එම තැනැත්තා ගැන කිසිවකු නොදත් රහසක් අනාවරණය කරමින්. එසේම ජෝසෆ් බෙල් හමුවට පැමිණි කිසිවකුට ඔහුට බොරුවක් කීමට නොහැකි වූවේ ඔහු එවන් සලකුණු සියල්ල මනාව දැන සිටි බැවිනුයි.[/SIZE] [SIZE=4]ජෝසෆ් බෙල් සහ ආතර් කොනන් ඩොයිල් එකට මුණගැසී ඇත්තේ 1877 වසරේදීයි. ඒ එවකට ඩොයිල් නම් වෛද්‍ය ශිෂ්‍යයාගේ එක් ගුරුවරයකු ලෙස බෙල් නමැති ආචාර්යවරයා කටයුතු කළ අතර එම හඳුනා ගැනීම සම්බන්ධයෙන් දෙදෙනාගේ සිතේ ඇති වූ පැහැදීම කෙළවර වුණේ ඔහු බෙල්ගේ සහායකයකු බවට පත් වීමෙන්. එම සමයේදී ඩොයිල් බෙල් සතු අසාමාන්‍ය හැකියාව මනාව වටහා ගත් අතර එය පසුකලෙක ෂර්ලොක් හොල්ම්ස් චරිතයට එක් කිරීමටද තීරණය කර තිබෙනවා. ඒ හේතුවෙන් සැබෑ හොල්ම්ස් සහ වොට්සන් යනු බෙල් සහ ඩොයිල් දෙදෙනා යි.[/SIZE] [SIZE=4]තමාගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි එක්තරා සොල්දාදුවකුගේ අතීතය සහ ගති ලක්ෂණ ආදිය පිළිබඳව බෙල් විසින් සිය සිසුන්ට නිරීක්ෂණ ඇසුරෙන් පැහැදිලි කරනු ලැබූ අවස්ථාවක ඩොයිල්ද ඔහුගේ සිසුන් අතර සිටි බව ඩොයිල්ගේ සහ බෙල්ගේ පළමු හමුව පිළිබඳ කතා පුවතේ දැක්වෙනවා.[/SIZE] [SIZE=4]හොල්ම්ස් ගේ ගතිගුණ පමණක් නොව ඔහුගේ ඇඳුම් විලාසිතාව සහ හැසිරීම් ආදියටද ඩොයිල් විසින් පාදක කරගෙන ඇත්තේ සිය ගුරුවරයායි. නවකතා වල විස්තර වන පරිදි හොල්ම්ස් පළඳින ආකාරයේ හිස් වැසුම් සහ කබා බෙල් ගේ සාමාන්‍ය ඇඳුම් පැළඳුම් වලට බොහෝ දුරට සමාන බවද දෙදෙනා සංසන්දනය කිරීමේදී ප්රකටව පෙනී යන්නක්.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/03/518-680x499.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]holmesjapan.jp[/SIZE] [SIZE=4]එසේම පසුකලෙක ඩොයිල් විසින් ෂර්ලොක් හොල්ම්ස් සඳහා තමා පාදක කරගත්තේ බෙල් ගේ චරිතය බව පිළිගනිමින් සහ ඒ සඳහා බෙල් වෙත සිය ස්තූතිය පල කරමින් ලිපියක් යවා තිබෙනවා. සැබෑ ෂර්ලොක් හොල්ම්ස් හෙවත් ජෝසෆ් බෙල් 1911 වසරේ ඔක්තෝම්බර් හතර වැනිදා මිය ගිය අතර ඔහුගේ දේහය එඩින්බරෝහි ඩීන් සුසාන භූමියේ මිහිදන් කළ බවත් පැවසෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom