Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත් සොහොන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී පාද අඩවිය ගෞතම ශ්‍රී සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය පිහිටා ඇතිවා සේම ගුප්ත අබිරහස්වලින් සැඟවී ගිය ස්ථානයකි. එහි නිතිපතා අලුත් යමක් සිදුවෙයි. අප විසින් දක්වා සිටින්නේ එවැනි අභිරහසක් පිළිබදවයි.

1940 ට ආසන්න කාලයේ ශ්‍රී පාද අඩවියට ඉහළින් පියාසර කරමින් තිබූ ගුවන්යානයක් කාර්මික දෝෂයක් නිසා කඩා වැටිණි. යානයේ ගමන් කළ තිදෙනෙක් අනතුරේදී මිය ගියහ. අනතුරින් කම්පනයට පත්ව සිටි නියමුවා පැය කිහිපයකට පසු යානයෙන් බිමට බැස ගන වනාන්තරය මැදින් මිනිස් පුළුටක් සොයා ගමන් කරන්නට විය. කම්පනය හා තද පිපාසය ඔහු දුරු කර ගත්තේ ඉදුණු පලතුරු කෑමෙන් හා නිතර ගලාගිය සීතල පවිත්‍ර ඇළ දොළවලින් ජලය පානය කිරීමෙනි. අරමුණක් නැතිව අසීරුවෙන් ඇවිද යන ඔහුට එක් තැනිතලා බිමක අක්කර ගණනාවක් විහිද ගිය අලි ඇටකටු, ඇත්දත් විසිර ගිය භූමියක් දක්නට ලැබිණි. ඒ වටා තිබුණේ සරුවට ගහකොළ වැඩී ගිය ගන වනාන්තරයයි. වනාන්තරය කෙළවර තැනිතලා සම භූමිය පැතිර තිබිණි. ඒ අසල ගලායන ජල පහරක් ද විය.

තැනිතලාව පුරා විසිර තිබූ ඇටසැකිලි, දිරාගිය ඇටසැකිලි හා ඇත්දළ අනුව එය ඇතුන්ගේ සුසානයක් බව ඔහුගේ සිතට අවබෝධ විය. ඔහු බොහෝ වේලා එය නිරීක්ෂණය කළේය.

දින ගණනාවක් ඉබාගාතේ කැලෑවේ ඇවිද ගිය ඔහුට ජනාවාසයට යා හැකි වූයේ තවත් දින ගණනාවකට පසු ඉතා වෙහෙසකර දිගු දුරක් පයින් ඇවිදීමෙනි. ගම්මුන්ගෙන් කෑමබීම, ප්‍රතිකාර, අත්උදව් ලැබී සුවපත් වූ ඔහු පසුව තම අත්දැකීම් ගැමියන්ට හා පුවත්පතකට කියා සිටියත් ආපසු එම ඇත් සොහොන සොයා යෑමට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ භූමිය පිහිටි ස්ථානයට යන ගමන් මාර්ගයද සිතේ අවුල් තත්ත්වය නිසා මඟහැරී ගොස් තිබිණි. කාලය සමඟ ඔහු දුටු අත්දැකීම යටපත් වී ගියේය. ශ්‍රී පාද අඩවියේ අලි ඇතුන්ට සීමා වූ ගුප්ත සුසාන භූමියක් ඇති බවත් වියපත්ව මරණ ඉව දැනෙන අලි ඇතුන් ඒ සුසාන භූමිය කරා පැමිණ ඇද වැටී මිය යන බවත් ශ්‍රී පාද අඩවිය අවට පැරැණි ගැමි කතා හා ජනකතාවල කියැවෙයි. ඒ අනුව එය ඇතුන්ට සීමා වූ රහසක්ම විය.

ශ්‍රී පාද අඩවිය අති පූජනීය පවිත්‍ර ගුප්ත භූමියකි. සමන් දෙවිඳුන්ගේ වාහනයද ඇළි ඇතෙකි. වනාන්තර සරුවට වැඩී වන විනාශයක් නොතිබුණු එකල ලංකාව පුරා විසිර සිටි හෝ මැදරට හා ඒ අවට පැතිර සිටි දහස් ගණන් ඇතුන්ට ජීවත්වීම, අලිමංකඩ පිළිබඳ ගැටලු මතුවූයේ නැත. ගන වනාන්තරය මැද අවශ්‍ය තරම් ආහාර ඇතිව නිරෝගී ඇත්තු දීර්ඝායුෂ වින්දාහ. වනයට හානි, ගහකොළ කැපීම්, අලිමංකඩ ඇහිරීම් සිදුවූයේ නැත. ඒ නිසා සුවසේ ජීවත්ව ආයුෂ නිමාවී ගෙන එන බවට ඉව වැටෙන විට තමන්ගේ පරපුරේ සොහොන් බිම වෙත තනිව පැමිණීම හෝ රැළේ අත් උදවුකරුවන් සමඟ පැමිණීම සිදුවිය. ඒ සොහොන් බිම අවටද ආරක්ෂාව, ආහාර, ජලය ප්‍රමාණවත්ව තිබූ බැවින් ඉතිරි කාලය ජීවත්වීම පිළිබඳ ගැටලු මතුවූයේ නැත.

අවුරුදු දහස් ගණනක් ශ්‍රී පාද අඩවියේ තිබූ එම ගුප්ත ඇත් සොහොන උන්ගේ පරපුරටම සීමා වූ රහසක් විය. ඒ කාලවල ශ්‍රී පාද කඳුවැටිය ද ඒ අවට සියලු පරිවාර වනාන්තරද අලි ඇතුන්ගෙන් ගහන විය. එමෙන්ම ශ්‍රී පාද අඩවියට යාව පිහිටි සිංහරාජ තෙත් වනාන්තරය අවට සියලු පරිවාර වනාන්තර අවට අලි ඇතුන්ගෙන් පිරී පැවතිණි. අෑත සිට පැමිණි සංක්‍රමණික අලින් හා රංචුවලින් ඉවත් වූ හා ඉවත් කළ තනි අලිද මේ සීමාවේ නිදහසේ ජීවත් වූහ. ඒ නිසා ඇත් සොහොන ජීවමාන සත්‍ය යථාර්ථයක් විය.

අතීතයේ වෙසක් පසළොස්වකට පසු අවාරයේ ශ්‍රී පා නොයෑමට වන්දනාකරුවන් පෙලඹුණේද මිනිස් පුළුටක් නැති අවාරය, හරස් අතට වහින තද වැහි, එක දිගට දින ගණනක් අල්ලා සිටින වර්ෂාව, ඇඟකිලිපොළන දැඩි සීතල, තද මීදුම, හෙණ පිපිරීම්, අකුණු සමඟ රෑ දවල් දින ගණන් වර්ෂාව පැවතීම, වර්ෂාවට ශ්‍රී පාදයට යන පඩිපේළි, මංමාවත් යට කරගෙන අඩි ගණනක් උසට බොර වතුර කඳක් අවාරයට එකතු වීම සිදුවූ බැවිනි. අවාරය සමඟ ශ්‍රී පාද අඩවිය අෑත සිටින අලි ඇතුන්ගේද නිදැල්ලේ යන එන ගැවසෙන භූමියක් විය. එහෙත් මේ තත්ත්වය වෙනස් වූයේ කෙසේද? ඇත් සොහොන විනාශව ගියේ කෙසේදැයි අපි දැනගත යුතුය.

ඉංග්‍රීසීන් උඩරට අල්ලා ගත් පසු 1835 පමණ උඩරට පුරා කෝපි වගාව පැතිරෙන්නට විය. බ්‍රිතාන්‍යයේ සිට කෝපි වැවීමට වගාකරුවෝ ලංකාවට පැමිණ අක්කරයක් සිලිම් දෙක වැනි ඉතා සුළු මුදලකට මිලදී ගත්හ. 1848 මුඩුබිම් පනත යටතේ තමාට නීත්‍යනුකූල ඔප්පුවකින් පෙන්විය නොහැකි සියලු ඉඩම් මුඩුබිම් පනතින් රාජසන්තක විය. උඩරැටියෝ උඩරට කැරලිවලින් පසු සරුසාර ගම් අත්හැර වඩාත් ආරක්ෂාකාරී කඳු ප්‍රපාත කරා ගොස් ජීවත්වීමට වූහ. මේ සමඟ යුරෝපයෙන් පැමිණි වගාකරුවෝ රජයෙන් කුණු කොල්ලෙට ගත් ඉඩම්වල දකුණු ඉන්දීය කම්කරුවන් ගෙන්වා කැලෑ එළිකොට කෝපි වතු ආරම්භ කළහ. සමකාලීන සමාජය වටා ලියැවුණු "තිත්ත කෝපි" වැනි ඉංග්‍රීසි නවකතාවලින් මේ ශෝකජනක කතාන්දරය මෙන්ම වතුකරුවන් මුහුණ පෑ ගැටලු විවරණය වෙයි.

සිංහලයන් අත්හැර ගිය පැරැණි උඩරට ගම්මාන - මුඩුබිම් පනත යටතේ පවරාගත් ගැමියන්ගේ ඉඩම් හා රජයේ කැලෑ එළිකොට කෝපි වගාව ආරම්භ විය. ඒ සමඟ කැලෑ විනාශය, දේශගුණික වෙනස්වීම්, ඇළදොළ, දිය ඇලි සිඳීයෑම, අලි ඇතුන් වඳ වී යෑම සිදුවිය. සිංහරාජය, ශ්‍රී පාදය වටා පැතිර තිබූ පරිවාර කැලෑ මෙන්ම මේ පූජනීය ආරක්ෂිත කැලෑබිම් විශාල කොටසක්ද කෝපි වගාව සඳහා එළිපෙහෙළි විය. නිදැල්ලේ කැලෑවල හැසිරුණු අලි ඇතුන් දඩයම වතුකරුවන්ගේ එක් විනෝදාංශයක් විය. විනෝදය සඳහා අලින් සිය ගණන් - දහස් ගණන් මරා දැමීම සිදුවිය. මේ සමඟ නිදැල්ලේ ගැවසුණු අලි පරපුර වඳ වී යෑම ආරම්භ විය. හැටන්, ශ්‍රී පාද අඩවිය, සිංහරාජය, සාමිමලේ වැනි ඒ කඳු පාමුල ජීවත් වූ අලි ඇත්තු මෙන්ම ගවයන්ද වතුකරුවන්ගේ තුවක්කුවලට බිලි වූහ. මේ නිසා ඇත් සොහොන ක්‍රමයෙන් පාළුවීම ආරම්භ විය.

සුද්දන් ආදර්ශයට ගත් දේශීය ධනපතියෝද කෝපි වගාව ආරම්භ කළහ. 1875 පමණ කෝපි වගාව බිඳවැටුණු පසු සින්කෝනා, තේ, රබර්, පොල්, කෝකෝවා, ගම්මිරිස්, උඩරට දේශීය වගාව පැතිර ගියේය. සුදු ජාතිකයන් අතර වඩාත් පැතිර ගියේ තේ වගාවයි. ඉතිරිව තිබූ කැලෑ නගර සීමාවන් කඳුමුදුන් දක්වාම කැලෑ එළිකොට තේ වගාව පැතිර ගියේය. ඒ සමඟ ඉතිරිව සිටි අලි ගහනයද ක්‍රමයෙන් අඩුවන්නට විය.

ඇත්ගාල් කරවීම, විකිණීම සඳහා මදු ගසා හෝ ඇත්ගාල් මඟින් කැලෑ අලින් අල්ලා ගැනීම සිදුවිය. මඩකළපුව අවට විසූ "මට්ට" යනුවෙන් හඳුන්වන මුස්ලිම් ජන කොටස මදු ගසා අලින් ඇල්ලීමට ප්‍රකට විය. අලින් අල්ලා රට යැවීම ඉංග්‍රීසීන්ගේ එක් ආදායම් මාර්ගයක් විය. අල්ලා ගත් අලින් හීලෑ කිරීමේදී සිදුවන තුවාලවලින් බොහෝ දෙනා මිය ගියහ. පනාමුරේ ඇත්ගාලට පසු ඇත්ගාල් කරවීම අත්හිටුවිණි. මේ නිසා 1850 පසු ශ්‍රී පාදය අවට තිබූ ගුප්ත ඇත් සුසාන භූමියට ඇදී එන අලි ප්‍රමාණය බෙහෙවින් අඩුවීමට විය. 1850 පසු ක්‍රමයෙන් වනාන්තර ප්‍රමාණය අඩු වූ අතර ජනගහනය වැඩිවීම සිදුවිය. පරිවාර වනාන්තරවලින් අලි ඇතුන් වඳවීම ආරම්භ විය. ගම් යාව තිබූ වනාන්තර ගම්මුන් විසින් බලෙන් අල්ලා ගනු ලැබීමෙන් හා ගම් පුළුල් කිරීම් යටතේ ජනපද ඉඩම් ලෙස ගැමියන් අතර බෙදාදීමෙන් කැලෑ ඉඩම් තවත් අඩුවිය. දඩයම්කරුවෝ අතින් තව තවත් අලි ඇත්තු මරණයට පත්වූහ. ශ්‍රී පාදයට ඇදී එන පිරිස් හැටන් දුම්රිය පාර ආරම්භ වීමෙන් දෙගුණ තෙගුණ වූහ. 1940 වන විටත් ශ්‍රී පාදය අවට ගුප්ත ස්ථානයක පිහිටි ශ්‍රී පාදයේ ඇත් සොහොන අභාවයට ගිය බව කීම සාධාරණය.

අද වන විට ශ්‍රී පාද අඩවියේ ඉතිරිව ඇත්තේ දහතුන් දෙනකුගෙන් පමණ යුත් කුරු අලි රංචුවකි. ශ්‍රී පාද වන්දනා කාලයට එම සත්තු මිනිස් පුළුටක් නොදැනෙන ශ්‍රී පාද සීමාවේ අෑත කෙළවරවල සැරි සරති. ඉන්දුනීසියානු ගුවන් අනතුර සිදුවූ සප්ත කන්‍යා හෙවත් හෙබර්ටන් කඳු අඩවියේ ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව මේ කුරු අලි රංචුව අවාරයට ගැවසෙන බව දුටුවන් ප්‍රකාශ කරයි.

සිංහරාජයේ ඉතිරිව ඇත්තේ එකම රැළක ඇතුන් තිදෙනෙකි. එකම රැළ තුළ උන්ගේ පැටවුන් ඇති නොවෙයි. මේ අනුව අතීතයේ සිට 1900 පමණ වනතුරු ශ්‍රී පාද අඩවියේ රහසිගත බිමක ගුප්ත ඇත් සොහොනක් තිබූ බව පිළිගැනීම නිවැරැදිය.

ඔබ සැමට තෙරුවන් සරණයි...!!!

-from Facebook

[QUOTE="toiya, post: 19541378, member: 15009"] [SIZE="4"][COLOR="DarkRed"][IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xlf1/t31.0-8/1540557_617976971682685_2223932799315468265_o.jpg[/IMG] ශ්‍රී පාද අඩවිය ගෞතම ශ්‍රී සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය පිහිටා ඇතිවා සේම ගුප්ත අබිරහස්වලින් සැඟවී ගිය ස්ථානයකි. එහි නිතිපතා අලුත් යමක් සිදුවෙයි. අප විසින් දක්වා සිටින්නේ එවැනි අභිරහසක් පිළිබදවයි. 1940 ට ආසන්න කාලයේ ශ්‍රී පාද අඩවියට ඉහළින් පියාසර කරමින් තිබූ ගුවන්යානයක් කාර්මික දෝෂයක් නිසා කඩා වැටිණි. යානයේ ගමන් කළ තිදෙනෙක් අනතුරේදී මිය ගියහ. අනතුරින් කම්පනයට පත්ව සිටි නියමුවා පැය කිහිපයකට පසු යානයෙන් බිමට බැස ගන වනාන්තරය මැදින් මිනිස් පුළුටක් සොයා ගමන් කරන්නට විය. කම්පනය හා තද පිපාසය ඔහු දුරු කර ගත්තේ ඉදුණු පලතුරු කෑමෙන් හා නිතර ගලාගිය සීතල පවිත්‍ර ඇළ දොළවලින් ජලය පානය කිරීමෙනි. අරමුණක් නැතිව අසීරුවෙන් ඇවිද යන ඔහුට එක් තැනිතලා බිමක අක්කර ගණනාවක් විහිද ගිය අලි ඇටකටු, ඇත්දත් විසිර ගිය භූමියක් දක්නට ලැබිණි. ඒ වටා තිබුණේ සරුවට ගහකොළ වැඩී ගිය ගන වනාන්තරයයි. වනාන්තරය කෙළවර තැනිතලා සම භූමිය පැතිර තිබිණි. ඒ අසල ගලායන ජල පහරක් ද විය. තැනිතලාව පුරා විසිර තිබූ ඇටසැකිලි, දිරාගිය ඇටසැකිලි හා ඇත්දළ අනුව එය ඇතුන්ගේ සුසානයක් බව ඔහුගේ සිතට අවබෝධ විය. ඔහු බොහෝ වේලා එය නිරීක්ෂණය කළේය. දින ගණනාවක් ඉබාගාතේ කැලෑවේ ඇවිද ගිය ඔහුට ජනාවාසයට යා හැකි වූයේ තවත් දින ගණනාවකට පසු ඉතා වෙහෙසකර දිගු දුරක් පයින් ඇවිදීමෙනි. ගම්මුන්ගෙන් කෑමබීම, ප්‍රතිකාර, අත්උදව් ලැබී සුවපත් වූ ඔහු පසුව තම අත්දැකීම් ගැමියන්ට හා පුවත්පතකට කියා සිටියත් ආපසු එම ඇත් සොහොන සොයා යෑමට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ භූමිය පිහිටි ස්ථානයට යන ගමන් මාර්ගයද සිතේ අවුල් තත්ත්වය නිසා මඟහැරී ගොස් තිබිණි. කාලය සමඟ ඔහු දුටු අත්දැකීම යටපත් වී ගියේය. ශ්‍රී පාද අඩවියේ අලි ඇතුන්ට සීමා වූ ගුප්ත සුසාන භූමියක් ඇති බවත් වියපත්ව මරණ ඉව දැනෙන අලි ඇතුන් ඒ සුසාන භූමිය කරා පැමිණ ඇද වැටී මිය යන බවත් ශ්‍රී පාද අඩවිය අවට පැරැණි ගැමි කතා හා ජනකතාවල කියැවෙයි. ඒ අනුව එය ඇතුන්ට සීමා වූ රහසක්ම විය. ශ්‍රී පාද අඩවිය අති පූජනීය පවිත්‍ර ගුප්ත භූමියකි. සමන් දෙවිඳුන්ගේ වාහනයද ඇළි ඇතෙකි. වනාන්තර සරුවට වැඩී වන විනාශයක් නොතිබුණු එකල ලංකාව පුරා විසිර සිටි හෝ මැදරට හා ඒ අවට පැතිර සිටි දහස් ගණන් ඇතුන්ට ජීවත්වීම, අලිමංකඩ පිළිබඳ ගැටලු මතුවූයේ නැත. ගන වනාන්තරය මැද අවශ්‍ය තරම් ආහාර ඇතිව නිරෝගී ඇත්තු දීර්ඝායුෂ වින්දාහ. වනයට හානි, ගහකොළ කැපීම්, අලිමංකඩ ඇහිරීම් සිදුවූයේ නැත. ඒ නිසා සුවසේ ජීවත්ව ආයුෂ නිමාවී ගෙන එන බවට ඉව වැටෙන විට තමන්ගේ පරපුරේ සොහොන් බිම වෙත තනිව පැමිණීම හෝ රැළේ අත් උදවුකරුවන් සමඟ පැමිණීම සිදුවිය. ඒ සොහොන් බිම අවටද ආරක්ෂාව, ආහාර, ජලය ප්‍රමාණවත්ව තිබූ බැවින් ඉතිරි කාලය ජීවත්වීම පිළිබඳ ගැටලු මතුවූයේ නැත. අවුරුදු දහස් ගණනක් ශ්‍රී පාද අඩවියේ තිබූ එම ගුප්ත ඇත් සොහොන උන්ගේ පරපුරටම සීමා වූ රහසක් විය. ඒ කාලවල ශ්‍රී පාද කඳුවැටිය ද ඒ අවට සියලු පරිවාර වනාන්තරද අලි ඇතුන්ගෙන් ගහන විය. එමෙන්ම ශ්‍රී පාද අඩවියට යාව පිහිටි සිංහරාජ තෙත් වනාන්තරය අවට සියලු පරිවාර වනාන්තර අවට අලි ඇතුන්ගෙන් පිරී පැවතිණි. අෑත සිට පැමිණි සංක්‍රමණික අලින් හා රංචුවලින් ඉවත් වූ හා ඉවත් කළ තනි අලිද මේ සීමාවේ නිදහසේ ජීවත් වූහ. ඒ නිසා ඇත් සොහොන ජීවමාන සත්‍ය යථාර්ථයක් විය. අතීතයේ වෙසක් පසළොස්වකට පසු අවාරයේ ශ්‍රී පා නොයෑමට වන්දනාකරුවන් පෙලඹුණේද මිනිස් පුළුටක් නැති අවාරය, හරස් අතට වහින තද වැහි, එක දිගට දින ගණනක් අල්ලා සිටින වර්ෂාව, ඇඟකිලිපොළන දැඩි සීතල, තද මීදුම, හෙණ පිපිරීම්, අකුණු සමඟ රෑ දවල් දින ගණන් වර්ෂාව පැවතීම, වර්ෂාවට ශ්‍රී පාදයට යන පඩිපේළි, මංමාවත් යට කරගෙන අඩි ගණනක් උසට බොර වතුර කඳක් අවාරයට එකතු වීම සිදුවූ බැවිනි. අවාරය සමඟ ශ්‍රී පාද අඩවිය අෑත සිටින අලි ඇතුන්ගේද නිදැල්ලේ යන එන ගැවසෙන භූමියක් විය. එහෙත් මේ තත්ත්වය වෙනස් වූයේ කෙසේද? ඇත් සොහොන විනාශව ගියේ කෙසේදැයි අපි දැනගත යුතුය. ඉංග්‍රීසීන් උඩරට අල්ලා ගත් පසු 1835 පමණ උඩරට පුරා කෝපි වගාව පැතිරෙන්නට විය. බ්‍රිතාන්‍යයේ සිට කෝපි වැවීමට වගාකරුවෝ ලංකාවට පැමිණ අක්කරයක් සිලිම් දෙක වැනි ඉතා සුළු මුදලකට මිලදී ගත්හ. 1848 මුඩුබිම් පනත යටතේ තමාට නීත්‍යනුකූල ඔප්පුවකින් පෙන්විය නොහැකි සියලු ඉඩම් මුඩුබිම් පනතින් රාජසන්තක විය. උඩරැටියෝ උඩරට කැරලිවලින් පසු සරුසාර ගම් අත්හැර වඩාත් ආරක්ෂාකාරී කඳු ප්‍රපාත කරා ගොස් ජීවත්වීමට වූහ. මේ සමඟ යුරෝපයෙන් පැමිණි වගාකරුවෝ රජයෙන් කුණු කොල්ලෙට ගත් ඉඩම්වල දකුණු ඉන්දීය කම්කරුවන් ගෙන්වා කැලෑ එළිකොට කෝපි වතු ආරම්භ කළහ. සමකාලීන සමාජය වටා ලියැවුණු "තිත්ත කෝපි" වැනි ඉංග්‍රීසි නවකතාවලින් මේ ශෝකජනක කතාන්දරය මෙන්ම වතුකරුවන් මුහුණ පෑ ගැටලු විවරණය වෙයි. සිංහලයන් අත්හැර ගිය පැරැණි උඩරට ගම්මාන - මුඩුබිම් පනත යටතේ පවරාගත් ගැමියන්ගේ ඉඩම් හා රජයේ කැලෑ එළිකොට කෝපි වගාව ආරම්භ විය. ඒ සමඟ කැලෑ විනාශය, දේශගුණික වෙනස්වීම්, ඇළදොළ, දිය ඇලි සිඳීයෑම, අලි ඇතුන් වඳ වී යෑම සිදුවිය. සිංහරාජය, ශ්‍රී පාදය වටා පැතිර තිබූ පරිවාර කැලෑ මෙන්ම මේ පූජනීය ආරක්ෂිත කැලෑබිම් විශාල කොටසක්ද කෝපි වගාව සඳහා එළිපෙහෙළි විය. නිදැල්ලේ කැලෑවල හැසිරුණු අලි ඇතුන් දඩයම වතුකරුවන්ගේ එක් විනෝදාංශයක් විය. විනෝදය සඳහා අලින් සිය ගණන් - දහස් ගණන් මරා දැමීම සිදුවිය. මේ සමඟ නිදැල්ලේ ගැවසුණු අලි පරපුර වඳ වී යෑම ආරම්භ විය. හැටන්, ශ්‍රී පාද අඩවිය, සිංහරාජය, සාමිමලේ වැනි ඒ කඳු පාමුල ජීවත් වූ අලි ඇත්තු මෙන්ම ගවයන්ද වතුකරුවන්ගේ තුවක්කුවලට බිලි වූහ. මේ නිසා ඇත් සොහොන ක්‍රමයෙන් පාළුවීම ආරම්භ විය. සුද්දන් ආදර්ශයට ගත් දේශීය ධනපතියෝද කෝපි වගාව ආරම්භ කළහ. 1875 පමණ කෝපි වගාව බිඳවැටුණු පසු සින්කෝනා, තේ, රබර්, පොල්, කෝකෝවා, ගම්මිරිස්, උඩරට දේශීය වගාව පැතිර ගියේය. සුදු ජාතිකයන් අතර වඩාත් පැතිර ගියේ තේ වගාවයි. ඉතිරිව තිබූ කැලෑ නගර සීමාවන් කඳුමුදුන් දක්වාම කැලෑ එළිකොට තේ වගාව පැතිර ගියේය. ඒ සමඟ ඉතිරිව සිටි අලි ගහනයද ක්‍රමයෙන් අඩුවන්නට විය. ඇත්ගාල් කරවීම, විකිණීම සඳහා මදු ගසා හෝ ඇත්ගාල් මඟින් කැලෑ අලින් අල්ලා ගැනීම සිදුවිය. මඩකළපුව අවට විසූ "මට්ට" යනුවෙන් හඳුන්වන මුස්ලිම් ජන කොටස මදු ගසා අලින් ඇල්ලීමට ප්‍රකට විය. අලින් අල්ලා රට යැවීම ඉංග්‍රීසීන්ගේ එක් ආදායම් මාර්ගයක් විය. අල්ලා ගත් අලින් හීලෑ කිරීමේදී සිදුවන තුවාලවලින් බොහෝ දෙනා මිය ගියහ. පනාමුරේ ඇත්ගාලට පසු ඇත්ගාල් කරවීම අත්හිටුවිණි. මේ නිසා 1850 පසු ශ්‍රී පාදය අවට තිබූ ගුප්ත ඇත් සුසාන භූමියට ඇදී එන අලි ප්‍රමාණය බෙහෙවින් අඩුවීමට විය. 1850 පසු ක්‍රමයෙන් වනාන්තර ප්‍රමාණය අඩු වූ අතර ජනගහනය වැඩිවීම සිදුවිය. පරිවාර වනාන්තරවලින් අලි ඇතුන් වඳවීම ආරම්භ විය. ගම් යාව තිබූ වනාන්තර ගම්මුන් විසින් බලෙන් අල්ලා ගනු ලැබීමෙන් හා ගම් පුළුල් කිරීම් යටතේ ජනපද ඉඩම් ලෙස ගැමියන් අතර බෙදාදීමෙන් කැලෑ ඉඩම් තවත් අඩුවිය. දඩයම්කරුවෝ අතින් තව තවත් අලි ඇත්තු මරණයට පත්වූහ. ශ්‍රී පාදයට ඇදී එන පිරිස් හැටන් දුම්රිය පාර ආරම්භ වීමෙන් දෙගුණ තෙගුණ වූහ. 1940 වන විටත් ශ්‍රී පාදය අවට ගුප්ත ස්ථානයක පිහිටි ශ්‍රී පාදයේ ඇත් සොහොන අභාවයට ගිය බව කීම සාධාරණය. අද වන විට ශ්‍රී පාද අඩවියේ ඉතිරිව ඇත්තේ දහතුන් දෙනකුගෙන් පමණ යුත් කුරු අලි රංචුවකි. ශ්‍රී පාද වන්දනා කාලයට එම සත්තු මිනිස් පුළුටක් නොදැනෙන ශ්‍රී පාද සීමාවේ අෑත කෙළවරවල සැරි සරති. ඉන්දුනීසියානු ගුවන් අනතුර සිදුවූ සප්ත කන්‍යා හෙවත් හෙබර්ටන් කඳු අඩවියේ ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව මේ කුරු අලි රංචුව අවාරයට ගැවසෙන බව දුටුවන් ප්‍රකාශ කරයි. සිංහරාජයේ ඉතිරිව ඇත්තේ එකම රැළක ඇතුන් තිදෙනෙකි. එකම රැළ තුළ උන්ගේ පැටවුන් ඇති නොවෙයි. මේ අනුව අතීතයේ සිට 1900 පමණ වනතුරු ශ්‍රී පාද අඩවියේ රහසිගත බිමක ගුප්ත ඇත් සොහොනක් තිබූ බව පිළිගැනීම නිවැරැදිය. ඔබ සැමට තෙරුවන් සරණයි...!!! -from Facebook[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom