ඇදුමට එරෙහි මව්කිරි

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
ඇදුමට එරෙහි මව්කිරි

මව්කිරි දීම මගින් දරුවන් ඇදුම රෝගයෙන් ආරක්ෂාවන බව ප්‍රධාන විමර්ෂණයකදී සොයාගෙන ඇත.

පර්යේෂකයන් විසින් විද්‍යාත්මක ලේඛන 117 ක වසර 30 ක දත්තයන් සන්සන්දනය කළ අතර මෙම පර්යේෂණය සඳහා 250,000 ක ළදරුවන් සම්බන්ධ කරගෙන ඇත. ඔවුන් සොයා ගනු ලැබුවේ නිරන්තරයෙන් මව්කිරි දීම මගින් අවුරුදු තුනට අඩු ළදරුවන්ගේ ඇදුම රෝගය සෑදීමට ඇති අවදානම සියයට 37 කින් කපා හැරිය හැකි බවයි.

වයස අවුරුදු හත හෝ ඊට වැඩි ළමයින්ට කුඩාකළ මව්කිරි දී තිබුණේ නම් ඇදුම රෝගි තත්වය ඇතිවිමේ අවධානම සියයට 17 කින් අඩු බව තහවුරු කරගෙන ඇත.

බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයේ සෆොල්ක් මණ්ඩපය මගින් ඉදිරිපත් කළ වාර්තාවක් ඇමරිකානු වසංගත රෝග සඟරාවේ මේ පර්යේෂණ වාර්තාව ප්‍රසිද්ධියට පත්කැර තිබිණි.