Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ඇදුම රෝගයට ආයුර්වේද ප්‍රතිකාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇදුම රෝගයට ආයුර්වේද ප්‍රතිකාර

ඇදුම රෝගයට ආයුර්වේද ප්‍රතිකාර

ස්වාස රෝග පහ අතරින් ඇදුම රෝගය අයත් වන්නේ “තමකස්වාදය” යනුවෙනි. මෙය රාත්‍රියට උත්සන්න වන රෝගයක් බැවින් රෝගියා මහත් ආයාසයෙන් හුස්ම ඇදීම, පිටකිරීම සිදුකරනු ලබන්නේ ඔන්චිලි පදින ආකාරයට නිසා මෙම රෝගය “ඊලය” යනුවෙන් ද හඳුන්වනු ලබනවා. ලෝක ජනගහනයෙන් මිලියන 150 ක් පමණ ඇදුම රෝගයෙන් පෙළෙන බව විවිධ මාධ්‍යවල සඳහන් වේ. දරුවන් සහ වැඩිහිටියන් බහුලව මෙයට ගොදුරු වන අතර පිරිමින්ට වඩා කාන්තාවන්ට රෝගය ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය.

ඇදුම රෝගය සෑදීමට හේතු පාදක මොනවාද?

බර, රළු හා සීත ගුණ ඇති ආහාරපාන ගැනීම ඇදුම රෝගයට හේතු වෙනවා. සීත ජලය ස්නානය, දුම සහ දූවිලි ආග්‍රාණය වීම අව්වේ සිටීම ගමන් විඩාව, අධික බර ඉසිලීම, මළමුත්‍ර වේග දරා සිටීම, පෝෂණ හීනතාවයෙන් පෙළීම යන කරුණු ආයුර්වේදයේ සඳහන් වෙනවා. බලු බළල් සුරතල් සතුන්ගේ ලෝම, උන්ගේ හිස්හොරි – කබලු, කැරපොත්තන්ගෙ මළ මකුළු දැල් දූවිලි හේතුවෙන් මෙම රෝගය ඇතිවෙනවා. සීත කළ මෙන්ම කෑම බීම කිහිප වරක් රත්කරමින් ගන්නා ආහාර ගැනීම සහ අළුයම සහ රාත්‍රී ස්නානය, රාත්‍රී නිදි වැරීම, දහවල් නිදාගැනීම, මළබද්ධය, පණු රෝග, උදරාබාධ, නිතර පවතින ප්‍රතිශ්‍යා රෝග ඇදුමට හේතු පාදක වෙනවා.

ඇදුම රෝගියකුගේ දැකිය හැකි ලක්ෂණ මොනවාද?

ඔබට කිවිසුම් යාමත් සමඟම උගුරේ සෙම් පැටළෙන ස්වභාවයක් ඇතිවෙනවා නම් ඒ සමඟම හතියක් ඇතිවෙනවා නම් මූලික ලක්ෂණයක් ලෙස හඳුන්වා දිය හැකියි. රෝගියා දැඩි නොසන්සුන්තාවයකට පත්වෙනවා. කැස්ස ද දැකිය හැකි ගතියක් වෙනවා. හුස්ම ගැනීමේ අපහසුතාවය, පපුවේ තදගතිය, හුස්ම ගන්නා විට “රාං රූං” ශබ්දය මතුව හුස්ම පිටකිරීමේදී මෙම නාදය තවත් වේගවත් වේ. ස්වාසක්රියාව වේගවත් වීම නිසා හතිය ඇතිවෙනවා. මෙම රෝගයෙන් සිදුවන්නේ පෙනහළුවලට අවශ්‍ය ප්‍රමාණයට වාතය ලබාගැනීම හා පිටකිරීමට අපහසු වීමයි.

ඇදුම රෝගයෙන් වැළකී සිටීමට කළ යුත්තේ කුමක්ද?

සෙම් කෝප කරවන ආහාරපානවලින් වැළකීම බෙහෙවින් වැදගත් වෙනවා. සමහර අය මෙම රෝගයට අනිසි බියක් ඇතිකරගෙන සිටිනවා. මෙම රෝගය සුව කළ හැකි හෙයින් අනිසි බියක් ඇතිනොකර ගත යුතුයි. තමන් පරිහරණය කරන කොට්ට උර, ඇඳ ඇතිරිලි මෙන්ම නිදන කාමරය පිරිසිදුවත්, දූවිලි රහිතව තබාගැනීම සිදුකළ යුතු වෙනවා.

ප්‍රතිකාර ගැනීමේදී පළපුරුදු වෛද්‍යවරයෙකුගේ සේවය ලබාගැනීම සහ නියමිත වෛද්‍ය උපදෙස් පිළිපැදීම සිදුකළ යුතු වෙනවා.

ඇදුම රෝගියෙකුගේ දෛනික කටයුතු සකසා ගත යුත්තේ කිනම් ආකාරයටද?

* බොහෝදුරට අළුයම අවදි වීමෙන් වැළකී සිටීම සහ රාත්‍රී නිදි වැරීමෙන් වැළකීම.

* සීතල පින්න සහ මීදුමින් ආරක්ෂා වීම.

* උදේට හීල්බත්, සීතල වූ ආහාර, එළකිරි, කිරිබත් නුසුදුසුය.

* මූණ සේදීමට උණු වතුරම භාවිතා කිරීම.

* රෝගී තත්ත්වය බරපතළ නොමැති නම් හොඳින් ඉර අව්ව ඇති උදේ 11 ත් 12 ත් අතර නෑම. (සතියකට 2 වරක්)

* නෑමට අවශ්‍ය වතුර ප්‍රමාණය භාජනවලට දමා සිසිල් සෙවන ඇති ගසක් යට පැය කිහිපයක් තබා නෑම යෝග්‍ය වේ.

* මෙම රෝගීන් ජලයේ ගිලී නෑමෙන් වැළකී භාජනයකින් හිසට ජලය වත්කරගෙන නෑම වඩාත් යෝග්‍යයයි.

* රාත්‍රියට සැහැල්ලු ආහාරයක් හැකිතාක් වේලාසනින් ගැනීම සුදුසුයි.

* ප්‍රධාන ආහාර වේල්වලට අමතරව වරින්වර ආහාර ගැනීම නුසුදුසුයි.

ඇදුම රෝගීන්ට සුදුසු ආහාරපාන මොනවාද?

විශේෂයෙන් සීතල කෑම අගුණයි. බෝංචි, කැරට්, පරිප්පු, කඩල, එළබටු, වැටකොලු, පතෝල, ගොටුකොළ, කිරිඅගුණ දළු මැල්ලුම් සහ තැම්බූ හාලේ බත්, මිදි, රටඉඳි, උක්දඬු, බාර්ලි, සහ ඉඟුරු දැමූ තේ ආදී දේවල් සුදුසුයි.

නුසුදුසු ආහාරපාන?

කොස්, දෙල්, කිරිඅල, පාන් පිටි මිශ්‍ර කෑම වර්ග, අන්නාසි, තක්කාලි, තියබරා, අළුකෙසෙල්, අලු පුහුල්, තැඹිලි, කුරුම්බා, ගෙඳපලා, සාරන, නිවිති, හරක් මස්, ඌරු මස්, බලමාළු, හුරුල්ලා ආදී නුසුදුසු වේ.

ඇදුම රෝගයට ගත යුතු පිළියම් මොනවාද?

* උණු වතුර පානය

* වාෂ්ප දුම් ඇල්ලීම

* ඉඟුරු, කොත්තමල්ලි, කටුවැල්බටු, එළබටු මුල්, දේවධාර තැම්බූ බෙහෙත් වතුර දවසට දෙතුන් වරක් පානය කිරීම.

* බටු තෙල් හෝ කොළසෙලෙස්මා තෙල් පපුවේ හා බෙල්ලේ ගා පිරිමැදීම (මෙමඟින් සෙම බුරුල් වී ස්වසනයට පහසුවක් ලැබේ.)

* රෝග තත්ත්වය පැයක් තුළ අඩු නොවී නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගතකළ යුතු වේ.

මෙම රෝගය හදිසි මාරක රෝගයක් නොව එහෙත් ආයුෂ කෙටි කරන පීඩාකාරී රෝගයකි. මෙය වැඩිහිටියන්ට වැළඳීමෙන් තමන්ගේ එදිනෙදා කටයුතු කරගැනීමටත්, රාත්‍රී නින්දක් නොමැතිවීමත් සිරුර වැහැරීමත් සිදුවේ. මෙය හැට්ටුව නමින් ද ගැමි ව්‍යවහාරයේ පවතී. නිතර ඇදුම රෝගයෙන් පෙළෙන දරුවන් නම් ඒ අයගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ක්‍රීඩා කිරීම්වලට බාධා පැමිණීමත්, දරුවාගේ වැඩීමත් බාලවෙනවා. මෙම රෝගය වරක් සැදුන විට නැවත ඇතිවිය හැකියි.

ස්වර්ණා ආරියවංශ

[QUOTE="kungpupanda, post: 20818378, member: 404084"] [b]ඇදුම රෝගයට ආයුර්වේද ප්‍රතිකාර[/b] [SIZE=4][SIZE=6][COLOR=Blue][U][B]ඇදුම රෝගයට ආයුර්වේද ප්‍රතිකාර[/B][/U][/COLOR][/SIZE] ස්වාස රෝග පහ අතරින් ඇදුම රෝගය අයත් වන්නේ “තමකස්වාදය” යනුවෙනි. මෙය රාත්‍රියට උත්සන්න වන රෝගයක් බැවින් රෝගියා මහත් ආයාසයෙන් හුස්ම ඇදීම, පිටකිරීම සිදුකරනු ලබන්නේ ඔන්චිලි පදින ආකාරයට නිසා මෙම රෝගය “ඊලය” යනුවෙන් ද හඳුන්වනු ලබනවා. ලෝක ජනගහනයෙන් මිලියන 150 ක් පමණ ඇදුම රෝගයෙන් පෙළෙන බව විවිධ මාධ්‍යවල සඳහන් වේ. දරුවන් සහ වැඩිහිටියන් බහුලව මෙයට ගොදුරු වන අතර පිරිමින්ට වඩා කාන්තාවන්ට රෝගය ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය. [COLOR=Red][U][B]ඇදුම රෝගය සෑදීමට හේතු පාදක මොනවාද?[/B][/U][/COLOR] බර, රළු හා සීත ගුණ ඇති ආහාරපාන ගැනීම ඇදුම රෝගයට හේතු වෙනවා. සීත ජලය ස්නානය, දුම සහ දූවිලි ආග්‍රාණය වීම අව්වේ සිටීම ගමන් විඩාව, අධික බර ඉසිලීම, මළමුත්‍ර වේග දරා සිටීම, පෝෂණ හීනතාවයෙන් පෙළීම යන කරුණු ආයුර්වේදයේ සඳහන් වෙනවා. බලු බළල් සුරතල් සතුන්ගේ ලෝම, උන්ගේ හිස්හොරි – කබලු, කැරපොත්තන්ගෙ මළ මකුළු දැල් දූවිලි හේතුවෙන් මෙම රෝගය ඇතිවෙනවා. සීත කළ මෙන්ම කෑම බීම කිහිප වරක් රත්කරමින් ගන්නා ආහාර ගැනීම සහ අළුයම සහ රාත්‍රී ස්නානය, රාත්‍රී නිදි වැරීම, දහවල් නිදාගැනීම, මළබද්ධය, පණු රෝග, උදරාබාධ, නිතර පවතින ප්‍රතිශ්‍යා රෝග ඇදුමට හේතු පාදක වෙනවා. [IMG]https://i.ytimg.com/vi/-FjZxmjlk3w/hqdefault.jpg[/IMG] [COLOR=Red][U][B]ඇදුම රෝගියකුගේ දැකිය හැකි ලක්ෂණ මොනවාද?[/B][/U][/COLOR] ඔබට කිවිසුම් යාමත් සමඟම උගුරේ සෙම් පැටළෙන ස්වභාවයක් ඇතිවෙනවා නම් ඒ සමඟම හතියක් ඇතිවෙනවා නම් මූලික ලක්ෂණයක් ලෙස හඳුන්වා දිය හැකියි. රෝගියා දැඩි නොසන්සුන්තාවයකට පත්වෙනවා. කැස්ස ද දැකිය හැකි ගතියක් වෙනවා. හුස්ම ගැනීමේ අපහසුතාවය, පපුවේ තදගතිය, හුස්ම ගන්නා විට “රාං රූං” ශබ්දය මතුව හුස්ම පිටකිරීමේදී මෙම නාදය තවත් වේගවත් වේ. ස්වාසක්රියාව වේගවත් වීම නිසා හතිය ඇතිවෙනවා. මෙම රෝගයෙන් සිදුවන්නේ පෙනහළුවලට අවශ්‍ය ප්‍රමාණයට වාතය ලබාගැනීම හා පිටකිරීමට අපහසු වීමයි. [B][U][COLOR=Red]ඇදුම රෝගයෙන් වැළකී සිටීමට කළ යුත්තේ කුමක්ද?[/COLOR][/U][/B] සෙම් කෝප කරවන ආහාරපානවලින් වැළකීම බෙහෙවින් වැදගත් වෙනවා. සමහර අය මෙම රෝගයට අනිසි බියක් ඇතිකරගෙන සිටිනවා. මෙම රෝගය සුව කළ හැකි හෙයින් අනිසි බියක් ඇතිනොකර ගත යුතුයි. තමන් පරිහරණය කරන කොට්ට උර, ඇඳ ඇතිරිලි මෙන්ම නිදන කාමරය පිරිසිදුවත්, දූවිලි රහිතව තබාගැනීම සිදුකළ යුතු වෙනවා. ප්‍රතිකාර ගැනීමේදී පළපුරුදු වෛද්‍යවරයෙකුගේ සේවය ලබාගැනීම සහ නියමිත වෛද්‍ය උපදෙස් පිළිපැදීම සිදුකළ යුතු වෙනවා. [COLOR=Red][U][B]ඇදුම රෝගියෙකුගේ දෛනික කටයුතු සකසා ගත යුත්තේ කිනම් ආකාරයටද?[/B][/U][/COLOR] * බොහෝදුරට අළුයම අවදි වීමෙන් වැළකී සිටීම සහ රාත්‍රී නිදි වැරීමෙන් වැළකීම. * සීතල පින්න සහ මීදුමින් ආරක්ෂා වීම. * උදේට හීල්බත්, සීතල වූ ආහාර, එළකිරි, කිරිබත් නුසුදුසුය. * මූණ සේදීමට උණු වතුරම භාවිතා කිරීම. * රෝගී තත්ත්වය බරපතළ නොමැති නම් හොඳින් ඉර අව්ව ඇති උදේ 11 ත් 12 ත් අතර නෑම. (සතියකට 2 වරක්) * නෑමට අවශ්‍ය වතුර ප්‍රමාණය භාජනවලට දමා සිසිල් සෙවන ඇති ගසක් යට පැය කිහිපයක් තබා නෑම යෝග්‍ය වේ. * මෙම රෝගීන් ජලයේ ගිලී නෑමෙන් වැළකී භාජනයකින් හිසට ජලය වත්කරගෙන නෑම වඩාත් යෝග්‍යයයි. * රාත්‍රියට සැහැල්ලු ආහාරයක් හැකිතාක් වේලාසනින් ගැනීම සුදුසුයි. * ප්‍රධාන ආහාර වේල්වලට අමතරව වරින්වර ආහාර ගැනීම නුසුදුසුයි. [COLOR=Red][U][B]ඇදුම රෝගීන්ට සුදුසු ආහාරපාන මොනවාද?[/B][/U][/COLOR] විශේෂයෙන් සීතල කෑම අගුණයි. බෝංචි, කැරට්, පරිප්පු, කඩල, එළබටු, වැටකොලු, පතෝල, ගොටුකොළ, කිරිඅගුණ දළු මැල්ලුම් සහ තැම්බූ හාලේ බත්, මිදි, රටඉඳි, උක්දඬු, බාර්ලි, සහ ඉඟුරු දැමූ තේ ආදී දේවල් සුදුසුයි. [U][B] [COLOR=Red]නුසුදුසු ආහාරපාන?[/COLOR][/B][/U] කොස්, දෙල්, කිරිඅල, පාන් පිටි මිශ්‍ර කෑම වර්ග, අන්නාසි, තක්කාලි, තියබරා, අළුකෙසෙල්, අලු පුහුල්, තැඹිලි, කුරුම්බා, ගෙඳපලා, සාරන, නිවිති, හරක් මස්, ඌරු මස්, බලමාළු, හුරුල්ලා ආදී නුසුදුසු වේ. ඇදුම රෝගයට ගත යුතු පිළියම් මොනවාද? * උණු වතුර පානය * වාෂ්ප දුම් ඇල්ලීම * ඉඟුරු, කොත්තමල්ලි, කටුවැල්බටු, එළබටු මුල්, දේවධාර තැම්බූ බෙහෙත් වතුර දවසට දෙතුන් වරක් පානය කිරීම. * බටු තෙල් හෝ කොළසෙලෙස්මා තෙල් පපුවේ හා බෙල්ලේ ගා පිරිමැදීම (මෙමඟින් සෙම බුරුල් වී ස්වසනයට පහසුවක් ලැබේ.) * රෝග තත්ත්වය පැයක් තුළ අඩු නොවී නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගතකළ යුතු වේ. මෙම රෝගය හදිසි මාරක රෝගයක් නොව එහෙත් ආයුෂ කෙටි කරන පීඩාකාරී රෝගයකි. මෙය වැඩිහිටියන්ට වැළඳීමෙන් තමන්ගේ එදිනෙදා කටයුතු කරගැනීමටත්, රාත්‍රී නින්දක් නොමැතිවීමත් සිරුර වැහැරීමත් සිදුවේ. මෙය හැට්ටුව නමින් ද ගැමි ව්‍යවහාරයේ පවතී. නිතර ඇදුම රෝගයෙන් පෙළෙන දරුවන් නම් ඒ අයගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ක්‍රීඩා කිරීම්වලට බාධා පැමිණීමත්, දරුවාගේ වැඩීමත් බාලවෙනවා. මෙම රෝගය වරක් සැදුන විට නැවත ඇතිවිය හැකියි. ස්වර්ණා ආරියවංශ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom