Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇන ගන්නේ නැතිව, දැන ගෙන රක්ෂණයක් ලබා ගනිමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුබ දවසක් එළකිරි වැසියනි,

"රක්ෂණය", කියන්නේ වචනේ අහපු ගමන් ලංකාවේ හුගක් අය පැනලා යන්න හදන මාතෘකාවක් .

ඇයි එහෙම වෙන්නේ ?

රක්ෂණය කියන දේ ගැන අපේ සමාජයේ තියෙන්නේ එක්තරා විදිහක බයක්. දාන්න ලේසි, ගන්න අමාරුයි.

හේතුව මොකක්ද ?

රක්ෂණය කියල අලෙවි කරන "දේ", අල්ලලා බල, කාල බලල, සුවද බලල තෝරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හේතුව රක්ෂණය කියල අලෙවි කරන්නේ "පොරොන්න්දුවක්" සහ, විවිද පුද්ගලයන් විසින් එම පොරොන්දුව ගැන හරි අවබෝධයක් නැතුව, තමන්ගේ target cover කරන්න රක්ෂණ ඔප්පු විකුණලා, ප්‍රතිලාබ/ එහෙම නැත්තම් අපි සිංහලෙන් කියන විදිහට "CLAIM" එකක් දාන්න ගියාම තමා දැනගන්නේ, අවශ්‍ය කරන කොටස් රක්ෂණ ඔප්පුවට එහෙම නැත්තම් "insurance Policy" එකට ඇතුලත් වෙලා නැති බව. ඔන්න ඔය වෙලාවට තමා, රක්ෂණ කොම්පැනියෙත්, රක්ෂණ ඔප්පුව අලෙවි කරපු එකගේත්, ජාතිය අමතන්න පටන් ගන්නේ .

ඉතින්, ඇන ගන්නේ නැතිව, නිවැරදිව රක්ෂණ ඔප්පුවක් ගන්නේ කොහොමද කියන එකට පුංචි අත්වැලක් දෙන්න කියල හිතල තමා මම මේ ලිපිය ලියන්නේ, ටිකක් විවේකයක් ලැබුන නිසා . වසර 10කට වැඩි රක්ෂණ ක්ෂේත්රයේ, ලබා ගත දැනුම සහ අත්දැකීම් අනුව, පුළුවන් තරම් සරලව ලිපිය ලියන්න උත්සහ කරනවා. තේරෙන් නැති තැනක් හරි, වැඩි විස්තර ඕන නම් කියන්න, පුළුවන් විදිහට පැහැදිලි කරලා දෙන්නම්.

හරි පටන්ගමු.

රක්ෂණ සැලසුම්, ගත්තම් මුලික වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා.

1. ජීවිත රක්ෂණ සැලසුම් (Life Insurance)

2. සාමාන්‍ය රක්ෂණ සැලසුම් (general Insurance)

මේ කොටස් දෙකෙන්ම වෙන්නේ , ඉස්සරහට වෙන්න පුළුවන් හානිකර දෙයක් / පාඩුවක් / සම්බවිතාවක් අනුමාන කරලා , ඒකෙන් වෙන්න පුළුවන් හානිය මුල්‍යමය වශයෙන් අවම කරගන්න, සැලසුම් කිරීමයි. ඉස්සෙල්ලම මන් ඇන ගන්නේ නැතිව ජිවිත රක්ෂණයක් ගන්නේ කොහොමද කියන එක ගැන කතා කරලා, මේකට එන ප්‍රතිචාර අනුව සාමන්‍ය රක්ෂණ සැලසුමක් හරියට ගන්නේ කොහොමද කියල වෙනත් ලිපියකින් කියල දෙන්නම් .

හරි එහෙනම් ඉදිරියට යමු.

ජීවිත රක්ෂණයක් අවශ්‍ය ඇයි ?

අපි හැමෝම මැරෙනවා , එක අපි දන්නා දෙයක්. එත් අපි මැරෙන දවස ? ඒක කියන්න පුළුවන් ඉතින් සියදිවි හානි කරගන්න බලාගෙන ඉන්න එකෙක්ට විතරයි. හරි, ඉතින් මැරෙනවා තමයි. එක අනිවා වෙන දෙයක්, එක නියතයක්. සම්බවිතාවක් නෙමේ. එහෙනම් කොහොමද රක්ෂණය කරන්නේ. ඔන්න දැන් උඹලට එන ප්‍රශ්න.

අපි කවුරුත් මැරෙන්න කැමති නෑ. ඒක හින්ද අපි, අපිව මරාගෙන claim එකක් දාන්න යනවද ? උත්තරේ හම්බුනාද,

තව ප්‍රශ්න එයි, හුගක් ඒවාට උත්තර හම්බෙයි. ලිපිය කියවල ඉවර වෙද්දී.

හදිසියේ උඹ මළොත්, හරි totally disable උනොත් උඹේ යැපෙන්නන්ට මොකද වෙන්නේ ? වියදම් ටික කරගන්නේ කොහොමද ? අන්න point එක. ඕකට තමයි හොදින් සැලසුම් කරපු රක්ෂණ සැලසුමක් අවශ්‍ය වෙන්නේ. target cover කරන්න insurance විකුණන, කට්ටිය නිසා තම ගොඩක් මිනිස්සු, රක්ෂණය ගැන හරි අවබෝධයක් නැත්තේ. උඹලට දැන් තියන policy එකක් ගැන හරි, අලුත් සැලසුමක් හදාගන්න ඕන කියල හිතෙනවනම් මට PM එකක් දාන්න. පුළුවන් විදිහට, වෙලාව තියෙන විදිහට උදව් කරන්නම්.

ජීවිත රක්ෂණයෙත් මුලික කොටස් දෙකක් තියෙනවා.

1. term assurance - මේකෙදි වෙන්නේ, ඔයාට ප්‍රතිලාබ ලැබෙන්නේ රක්ෂණ කාලය (අවුරුදු 10, 15, 20..... ඔයවගේ ) ඇතුලත, ඔයාගේ ජීවිතයට හානියක් / පුර්ණ අකර්මන්‍ය (total disablement ) උනොත් විතරයි. ජීවත් වෙලා හිටියොත් කීයක් වත් ලැබෙන්නේ නෑ. - මේක හුගක් වෙලාවට ගන්න loans වගේ ඒවාට (loan එක guarantor ලා නැතුව දෙන්නේ මේ වගේ policy එකක් ගුරන්ටී එකට අරන් තමයි.)

2. endowment - මේකෙදි වෙන්නේ ඔයාට රක්ෂණ කාලයේ අවසානයේ ලැබෙන ප්රතිලබයක් තියෙනවා. ඉන්වෙස්ට්මෙන්ට් / maturity benefit කියල කියන්නෙත් එක තමයි. අනික මේකෙදි policy period එක ඇතුලත උඹ මළොත්, එකත් cover වෙනවා.

හැබැයි ඉතින්, දැන් තියෙන products ගත්තම ඔය දෙකම කලවම් කරලා තම රක්ෂණ ඔප්පුව සැලසුම් කරන්නේ.

රක්ෂණ සැලසුමක් තෝරාගන්නේ කොහොමද ?

ජීවිත රක්ෂණය කියන්නේ අවුරුද්දෙන් අවුරුද්දට, company එකෙන් එකට මාරු කරන්න පුළුවන් එකක් නෙමේ . උඹල අවුරුද්දෙන් අවුරුද්දට car එකේ, bike එකේ insurance එක මාරු කලට price match කර කර , මේක එහෙම කරන්න බෑ. මේක ලෝන්ග් ටර්ම් commitment එකක්. ඒක හින්ද මෙන්න මේ දේවල් ටික ගැන කල්පනා කරන්න .

1. මට ඕනේ මොකක්ද

මම මළොත් වයිෆ්ට, බබාට වියදමට මුදලක් ?

මම ජොබ් එකෙන් විශ්‍රාම ගියාම මට මාසිකව අතට මුදලක්? එහෙම නැත්තම් එකපාර අතට මුදලක් ?

මට හදිසි අසනියපක් උනොත්, එකට වියදම් කරන්න මුදල් ?

රෝහල් ගත වෙන්න ඕන උනොත්, ඒකට වියදම් කරන්න මුදල් ?

බබාගේ උසස් අද්යාපනය සදහා මුදල්

අවුරුදු 10කින් විතර ලෝකේ වටේ රවුමක් ගහන්න, සල්ලි ටිකක් අතට එක පාර....

ඔය වගේ ඔයාට ඕන කරන්නේ මොකක් ද කියල අදහසක් තියෙන්නම ඕන මචන්. නැත්තම් අඩුම ගානේ අදහසක් හදාගනින්.

2. කාගෙන්ද ගන්නේ ? මොනවද තියන විසදුම් ?

ලංකාවේ ජීවිත රක්ෂණ අලෙවි කරන ආයතන කිහිපයක්ම තියෙනවා. ඉතින්, ඒවගේ ඒවටම අවේනික රක්ෂණ සැලසුම්, ගෙවීම් ක්‍රම තියෙනවා. මේ දේවල් ගැන ටිකක් අවබෝධ කරගන්න ඕන. අනික, මේ දේවල් කාලෙන් කාලෙට වෙනස් වෙනවා.

ලංකාව පුරා රක්ෂණ නියෝජිතයෝ බර ගානක් ඉන්නවා. ඉතින් ඔයාට ඕන කෙනෙක් ගෙන්, ඕන company එකකින් ගන්න පුළුවන්. හැබැයි, කවදාවත් ඔක්කොම cover කියල විකුණන එව්වගේ, ඔක්කොම cover කියල හිතන්නත් එපා. රක්ෂණ ඔප්පුවේ සියලු කරුණු කාරණා, හොදින් පැහැදිලි කරගන්න. agent එක කරන්නේ නැතුව busy වගේ නම්, ගන්න එපා. වෙන agent කෙනෙක් ට්‍රයි කරන්න.

3. ඔය ඔක්කොම කර, කර හිටියොත් ඉතින් ගන්න වෙන්නේ නෑ , කියල හිතෙනවද ?

ඔන්න වැදගත්ම තැන, රක්ෂණ ඔප්පුව ගැන මුලික විස්තර වලට ඔබ සතුටු නම්, ඔයාට රක්ෂණ ඔප්පුව (policy එක ), ආරම්භ කරන්න පුළුවන්. රක්ෂණ ඔප්පුව ආරම්භ කරලා, දවස් 21ක කාලයක් තියෙනවා, ඔප්පුව ගැන සැහීමකට පත්වෙන්නේ නැත්තම් ඒක cancel කරලා, මුදල් අපහු ඉල්ලා ගන්න. හුගක් අය මේ ගැන දනුවත් නැ .

4.කීයක්ද මගේ රක්ෂණ වටිනකම වෙන්න ඕන ?

මේක තීරණය කරන එක ටිකක් අමාරු වැඩක්. ඔයාගේ වයස, අදායම, වියදම් රටාව වගේ දේවල් මේකට බලපානවා. එක නිසා formula එකක් දෙන්න අමාරුයි.

5. මොනවද මගේ policy එකේ cover වෙන්නේ, මොනවද මට claim කරන්න පුළුවන්

මේ දේවල් ඔයාට රක්ෂණ නියෝජිතයා සැලසුම් යෝජනාව ( quotation එක කියමුකෝ අපි), කරන වෙලාවේදී පැහැදිලි කරනවා, ඔයාගේ අවශ්‍යතාවය අනුව ඒ සැලසුම් යෝජනා එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. මේ වෙලවාදී ඔයාට promise කරපු බෙනිෆිට්, ඔයාට දීපු policy එකට ලිකිතව (in writing ) දාල තමයි policy document එක දෙන්නේ. එක හින්ද agent කියපු දෙයක්, ලිකිතව නැත්තම් ඒ සම්බන්දයෙන් අර උඩ කියපු දවස් 21 ඇතුලත පැහැදිලි කරගන්න පුළුවන්. ලිකිතව දීල නැත්තම් එක, ඒක කවර් නෑ කියල හිතා ගන්න.

මූලිකව සැලසුමට එකතු කරගන්න පුළුවන් දේවල් ටිකක් දාන්නම්,

- හදිසි අනතුරකින් සිදුවන මරණයක්

- හදිසි රෝහල් ගත වීමක්

- නම් කල දරුණු රෝග තත්වයන් , (critical illness කියල අපි කියන්නේ, අන්න එව්වා )

- දෛනික රෝහල් ගතවීමේ දීමනාවක්

- රක්ෂණ සැලසුම ඇපයට තබා ණය ලබා ගැනීමට ඇති හැකියාව

තව ඉතින් තියෙනවා, ඒවා ඉතින් එක එක company එක එක නමින් මාර්කට් කරනවා .

තව මොනවා හරි විශේෂ දෙයක් දැනගන්න තියෙනවනන්ම්, මෙතන reply කරන්න. එහෙම නැත්තම් PM කරන්න, පුළුවන් හැටියට reply කරන්නම්.

ජීවිත රක්ෂණ සැලසුමක් ගන්න, ඒ ගැන දැනගන්න ඕන කියල හිතෙනවා නම් එකත් කරලා දෙන්න පුළුවන්. PM එකක් දාන්න.

ජය වේවා !!

[QUOTE="pradeepsu, post: 25417325, member: 573267"] සුබ දවසක් එළකිරි වැසියනි, "රක්ෂණය", කියන්නේ වචනේ අහපු ගමන් ලංකාවේ හුගක් අය පැනලා යන්න හදන මාතෘකාවක් . ඇයි එහෙම වෙන්නේ ? රක්ෂණය කියන දේ ගැන අපේ සමාජයේ තියෙන්නේ එක්තරා විදිහක බයක්. දාන්න ලේසි, ගන්න අමාරුයි. හේතුව මොකක්ද ? රක්ෂණය කියල අලෙවි කරන "දේ", අල්ලලා බල, කාල බලල, සුවද බලල තෝරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හේතුව රක්ෂණය කියල අලෙවි කරන්නේ "පොරොන්න්දුවක්" සහ, විවිද පුද්ගලයන් විසින් එම පොරොන්දුව ගැන හරි අවබෝධයක් නැතුව, තමන්ගේ target cover කරන්න රක්ෂණ ඔප්පු විකුණලා, ප්‍රතිලාබ/ එහෙම නැත්තම් අපි සිංහලෙන් කියන විදිහට "CLAIM" එකක් දාන්න ගියාම තමා දැනගන්නේ, අවශ්‍ය කරන කොටස් රක්ෂණ ඔප්පුවට එහෙම නැත්තම් "insurance Policy" එකට ඇතුලත් වෙලා නැති බව. ඔන්න ඔය වෙලාවට තමා, රක්ෂණ කොම්පැනියෙත්, රක්ෂණ ඔප්පුව අලෙවි කරපු එකගේත්, ජාතිය අමතන්න පටන් ගන්නේ . ඉතින්, ඇන ගන්නේ නැතිව, නිවැරදිව රක්ෂණ ඔප්පුවක් ගන්නේ කොහොමද කියන එකට පුංචි අත්වැලක් දෙන්න කියල හිතල තමා මම මේ ලිපිය ලියන්නේ, ටිකක් විවේකයක් ලැබුන නිසා . වසර 10කට වැඩි රක්ෂණ ක්ෂේත්රයේ, ලබා ගත දැනුම සහ අත්දැකීම් අනුව, පුළුවන් තරම් සරලව ලිපිය ලියන්න උත්සහ කරනවා. තේරෙන් නැති තැනක් හරි, වැඩි විස්තර ඕන නම් කියන්න, පුළුවන් විදිහට පැහැදිලි කරලා දෙන්නම්. හරි පටන්ගමු. රක්ෂණ සැලසුම්, ගත්තම් මුලික වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. 1. ජීවිත රක්ෂණ සැලසුම් (Life Insurance) 2. සාමාන්‍ය රක්ෂණ සැලසුම් (general Insurance) මේ කොටස් දෙකෙන්ම වෙන්නේ , ඉස්සරහට වෙන්න පුළුවන් හානිකර දෙයක් / පාඩුවක් / සම්බවිතාවක් අනුමාන කරලා , ඒකෙන් වෙන්න පුළුවන් හානිය මුල්‍යමය වශයෙන් අවම කරගන්න, සැලසුම් කිරීමයි. ඉස්සෙල්ලම මන් ඇන ගන්නේ නැතිව ජිවිත රක්ෂණයක් ගන්නේ කොහොමද කියන එක ගැන කතා කරලා, මේකට එන ප්‍රතිචාර අනුව සාමන්‍ය රක්ෂණ සැලසුමක් හරියට ගන්නේ කොහොමද කියල වෙනත් ලිපියකින් කියල දෙන්නම් . හරි එහෙනම් ඉදිරියට යමු. ජීවිත රක්ෂණයක් අවශ්‍ය ඇයි ? අපි හැමෝම මැරෙනවා , එක අපි දන්නා දෙයක්. එත් අපි මැරෙන දවස ? ඒක කියන්න පුළුවන් ඉතින් සියදිවි හානි කරගන්න බලාගෙන ඉන්න එකෙක්ට විතරයි. හරි, ඉතින් මැරෙනවා තමයි. එක අනිවා වෙන දෙයක්, එක නියතයක්. සම්බවිතාවක් නෙමේ. එහෙනම් කොහොමද රක්ෂණය කරන්නේ. ඔන්න දැන් උඹලට එන ප්‍රශ්න. අපි කවුරුත් මැරෙන්න කැමති නෑ. ඒක හින්ද අපි, අපිව මරාගෙන claim එකක් දාන්න යනවද ? උත්තරේ හම්බුනාද, තව ප්‍රශ්න එයි, හුගක් ඒවාට උත්තර හම්බෙයි. ලිපිය කියවල ඉවර වෙද්දී. හදිසියේ උඹ මළොත්, හරි totally disable උනොත් උඹේ යැපෙන්නන්ට මොකද වෙන්නේ ? වියදම් ටික කරගන්නේ කොහොමද ? අන්න point එක. ඕකට තමයි හොදින් සැලසුම් කරපු රක්ෂණ සැලසුමක් අවශ්‍ය වෙන්නේ. target cover කරන්න insurance විකුණන, කට්ටිය නිසා තම ගොඩක් මිනිස්සු, රක්ෂණය ගැන හරි අවබෝධයක් නැත්තේ. උඹලට දැන් තියන policy එකක් ගැන හරි, අලුත් සැලසුමක් හදාගන්න ඕන කියල හිතෙනවනම් මට PM එකක් දාන්න. පුළුවන් විදිහට, වෙලාව තියෙන විදිහට උදව් කරන්නම්. ජීවිත රක්ෂණයෙත් මුලික කොටස් දෙකක් තියෙනවා. 1. term assurance - මේකෙදි වෙන්නේ, ඔයාට ප්‍රතිලාබ ලැබෙන්නේ රක්ෂණ කාලය (අවුරුදු 10, 15, 20..... ඔයවගේ ) ඇතුලත, ඔයාගේ ජීවිතයට හානියක් / පුර්ණ අකර්මන්‍ය (total disablement ) උනොත් විතරයි. ජීවත් වෙලා හිටියොත් කීයක් වත් ලැබෙන්නේ නෑ. - මේක හුගක් වෙලාවට ගන්න loans වගේ ඒවාට (loan එක guarantor ලා නැතුව දෙන්නේ මේ වගේ policy එකක් ගුරන්ටී එකට අරන් තමයි.) 2. endowment - මේකෙදි වෙන්නේ ඔයාට රක්ෂණ කාලයේ අවසානයේ ලැබෙන ප්රතිලබයක් තියෙනවා. ඉන්වෙස්ට්මෙන්ට් / maturity benefit කියල කියන්නෙත් එක තමයි. අනික මේකෙදි policy period එක ඇතුලත උඹ මළොත්, එකත් cover වෙනවා. හැබැයි ඉතින්, දැන් තියෙන products ගත්තම ඔය දෙකම කලවම් කරලා තම රක්ෂණ ඔප්පුව සැලසුම් කරන්නේ. රක්ෂණ සැලසුමක් තෝරාගන්නේ කොහොමද ? ජීවිත රක්ෂණය කියන්නේ අවුරුද්දෙන් අවුරුද්දට, company එකෙන් එකට මාරු කරන්න පුළුවන් එකක් නෙමේ . උඹල අවුරුද්දෙන් අවුරුද්දට car එකේ, bike එකේ insurance එක මාරු කලට price match කර කර , මේක එහෙම කරන්න බෑ. මේක ලෝන්ග් ටර්ම් commitment එකක්. ඒක හින්ද මෙන්න මේ දේවල් ටික ගැන කල්පනා කරන්න . 1. මට ඕනේ මොකක්ද මම මළොත් වයිෆ්ට, බබාට වියදමට මුදලක් ? මම ජොබ් එකෙන් විශ්‍රාම ගියාම මට මාසිකව අතට මුදලක්? එහෙම නැත්තම් එකපාර අතට මුදලක් ? මට හදිසි අසනියපක් උනොත්, එකට වියදම් කරන්න මුදල් ? රෝහල් ගත වෙන්න ඕන උනොත්, ඒකට වියදම් කරන්න මුදල් ? බබාගේ උසස් අද්යාපනය සදහා මුදල් අවුරුදු 10කින් විතර ලෝකේ වටේ රවුමක් ගහන්න, සල්ලි ටිකක් අතට එක පාර.... ඔය වගේ ඔයාට ඕන කරන්නේ මොකක් ද කියල අදහසක් තියෙන්නම ඕන මචන්. නැත්තම් අඩුම ගානේ අදහසක් හදාගනින්. 2. කාගෙන්ද ගන්නේ ? මොනවද තියන විසදුම් ? ලංකාවේ ජීවිත රක්ෂණ අලෙවි කරන ආයතන කිහිපයක්ම තියෙනවා. ඉතින්, ඒවගේ ඒවටම අවේනික රක්ෂණ සැලසුම්, ගෙවීම් ක්‍රම තියෙනවා. මේ දේවල් ගැන ටිකක් අවබෝධ කරගන්න ඕන. අනික, මේ දේවල් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ලංකාව පුරා රක්ෂණ නියෝජිතයෝ බර ගානක් ඉන්නවා. ඉතින් ඔයාට ඕන කෙනෙක් ගෙන්, ඕන company එකකින් ගන්න පුළුවන්. හැබැයි, කවදාවත් ඔක්කොම cover කියල විකුණන එව්වගේ, ඔක්කොම cover කියල හිතන්නත් එපා. රක්ෂණ ඔප්පුවේ සියලු කරුණු කාරණා, හොදින් පැහැදිලි කරගන්න. agent එක කරන්නේ නැතුව busy වගේ නම්, ගන්න එපා. වෙන agent කෙනෙක් ට්‍රයි කරන්න. 3. ඔය ඔක්කොම කර, කර හිටියොත් ඉතින් ගන්න වෙන්නේ නෑ , කියල හිතෙනවද ? ඔන්න වැදගත්ම තැන, රක්ෂණ ඔප්පුව ගැන මුලික විස්තර වලට ඔබ සතුටු නම්, ඔයාට රක්ෂණ ඔප්පුව (policy එක ), ආරම්භ කරන්න පුළුවන්. රක්ෂණ ඔප්පුව ආරම්භ කරලා, දවස් 21ක කාලයක් තියෙනවා, ඔප්පුව ගැන සැහීමකට පත්වෙන්නේ නැත්තම් ඒක cancel කරලා, මුදල් අපහු ඉල්ලා ගන්න. හුගක් අය මේ ගැන දනුවත් නැ . 4.කීයක්ද මගේ රක්ෂණ වටිනකම වෙන්න ඕන ? මේක තීරණය කරන එක ටිකක් අමාරු වැඩක්. ඔයාගේ වයස, අදායම, වියදම් රටාව වගේ දේවල් මේකට බලපානවා. එක නිසා formula එකක් දෙන්න අමාරුයි. 5. මොනවද මගේ policy එකේ cover වෙන්නේ, මොනවද මට claim කරන්න පුළුවන් මේ දේවල් ඔයාට රක්ෂණ නියෝජිතයා සැලසුම් යෝජනාව ( quotation එක කියමුකෝ අපි), කරන වෙලාවේදී පැහැදිලි කරනවා, ඔයාගේ අවශ්‍යතාවය අනුව ඒ සැලසුම් යෝජනා එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. මේ වෙලවාදී ඔයාට promise කරපු බෙනිෆිට්, ඔයාට දීපු policy එකට ලිකිතව (in writing ) දාල තමයි policy document එක දෙන්නේ. එක හින්ද agent කියපු දෙයක්, ලිකිතව නැත්තම් ඒ සම්බන්දයෙන් අර උඩ කියපු දවස් 21 ඇතුලත පැහැදිලි කරගන්න පුළුවන්. ලිකිතව දීල නැත්තම් එක, ඒක කවර් නෑ කියල හිතා ගන්න. මූලිකව සැලසුමට එකතු කරගන්න පුළුවන් දේවල් ටිකක් දාන්නම්, - හදිසි අනතුරකින් සිදුවන මරණයක් - හදිසි රෝහල් ගත වීමක් - නම් කල දරුණු රෝග තත්වයන් , (critical illness කියල අපි කියන්නේ, අන්න එව්වා ) - දෛනික රෝහල් ගතවීමේ දීමනාවක් - රක්ෂණ සැලසුම ඇපයට තබා ණය ලබා ගැනීමට ඇති හැකියාව තව ඉතින් තියෙනවා, ඒවා ඉතින් එක එක company එක එක නමින් මාර්කට් කරනවා . තව මොනවා හරි විශේෂ දෙයක් දැනගන්න තියෙනවනන්ම්, මෙතන reply කරන්න. එහෙම නැත්තම් PM කරන්න, පුළුවන් හැටියට reply කරන්නම්. ජීවිත රක්ෂණ සැලසුමක් ගන්න, ඒ ගැන දැනගන්න ඕන කියල හිතෙනවා නම් එකත් කරලා දෙන්න පුළුවන්. PM එකක් දාන්න. ජය වේවා !! [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom