Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇඳ යට මෙට්ටය යට කඩදාසියක්වත් තියන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඳ යට මෙට්ටය යට කඩදාසියක්වත් තියන්න එපා

ඇඳ යට මෙට්ටය යට කඩදාසියක්වත් තියන්න එපා

ඇඳ සහ සඳ අතර මෙලෝ සම්බන්ධයක් නැත. එහෙත් ' .. චන්දන මල් අතුරා ඇති යහනට - කන්ද කපා පායන් රන් පුන් සඳ ...' යැයි අමරදේව සූරීහු ගයති. මින්දද හී සර වැදී ඇති මුත් සිහින කුමරිය පේන තෙක් මානයක නැත. මෙහි සඳ යැයි කියන්නේ අනාගත බිරියට ය. ඇය තවම හමු නොවූ නිසා සොවින් තැවෙන මානවකයෙක් තනි යහනේ හිඳිමින් හූල්ලයි. ඒ කතාව එහෙමය.

තවත් කෙනෙක් ඇඳේ පැත්තක තම බිරිය වැතිර සිටියදීත් වහලේ පරාල ගණන් කරමින් යට ලීයෙන් නාරිලතා මල් පූදින තුරු අසහනයෙන් රැය පහන් කරයි. අර තනිකඩ තරුණයාටත් වඩා මේ විවාහකයා අතෘප්තිමත් ය. මෙහෙම වෙන්නේ ඇයි ? නිකමට ඇඳ යටට එබිලා බලන්න. හට්ටි මුට්ටි පෙට්ටි කළගෙඩි පිරිලා නේද..? ඇඳ යට තියෙන ලට්ට ලොට්ට පුස් කනවා වගේම එවැනි ඇඳක් උඩ නිදා ගන්නා කෙනෙකුගේ ජීවිතය ද පුස් බැඳුණු දර කොටයක් හා සමාන වන්නේ යැයි ජ්‍යොතිෂයේ ඉගැන්වෙයි.

ඇඳේ උඩ හා සමානව ඇඳ යට ද ඉතා පිරිසුදු විය යුතු ය. ඒ කෙතරම් ද කිවහොත් කඩදාසි කැබැල්ලක් වත් නො තිබිය යුතු ය . මේ ජ්‍යොතිෂ - වාස්තු නියමය කඩ කෙරෙන විට රෝගීබව , අසහනය , අකලට මහලුවීම , අවාසනාව , අපේක්ෂාභංගත්වය , ගෘහ ජීවිතයේ ගැටුම් , සහ විවාහකයන්ට නීරසභාවයත් අවිවාහකයන්ට දිගින් දිගට ම විවාහ ප්‍රමාදයත් ඇති කෙරේ. මේ තරම් බරපතළ උපද්‍රව ඇති කිරීමට ඇඳ යට තියෙන ලට්ට ලොට්ට ටිකකට පූළුවන් ද කියා ඔබ මවිත වූවා නම් ඒ මවිතය තවත් වැඩි කරමින් කියන්නට සිදුවන්නේ කෙනෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන් කාලකණ්ණි කිරිමට සහ දිවි තොර කිරීමට පවා නිදන ඇඳ හේතුවන බවයි.

නිවෙසේ අන් බොහෝ තැන්වලට වඩා නිදන ඇඳ යට පොළොවේ තෙතමනය සහ අඳුරු ස්වභාවය අධික ය. අන් තැන්වලට වඩා හිරු එළිය සහ වාතාශ්‍රය ඇඳේ යටට ලැබෙන්නේ අඩුවෙනි. එසේ තිබිය දී එම ප්‍රදේශය ලට්ට ලොට්ට ආදියෙන් තවත් අවහිර කළොත් හිරු එළියට සහ නැවුම් වාතයට ඒ හරහා ගමන් කිරීමට හැකි වන්නේ නැත. ප්‍රතිඵලය වන්නේ ඇඳ යට නරකාදියක් නිර්මාණය වීමය. මිලියන සංඛ්‍යාත බැක්ටීරියා , දිලීර (පුස්) වර්ග අධිවේගයෙන් වැඩෙන්නට ගනී. ඒ මත විසකුරු කෘමීහු පෝෂණය වෙති. පියවි ඇසට නො පෙනෙන නමුත් මේ විෂ ඇඳේ කකුල්වල සිට ඉහළට සෑම තැනෙක ම බෝවේ. කෙතරම් පිරිසුදු ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට දැමුවත් පැය දෙක තුනකින් ඒ සියල්ල ආක්‍රමණය කැර ඒවා කිලිටි කිරීමට මේ ක්ෂූද්‍ර ජීවිහු යුහුසුලු වෙති. කෙනෙකු අඩුම තරමින් පැය 6 ක් වත් අඛණ්ඩව නිදන ඇඳ මත කාලය ගෙවන අතර ඒ මුළු කාලයේදී ම ඔහු ශ්වසනය කරන්නේ රෝග කාරක සහිත වායුවයි.

එහි විපාක කායික සහ මානසික යන දෙ අංශයෙන් ම කෙටිකාලීනව සහ දිගුකාලීනව බලපෑම් කරයි. නිදන ඇඳ යට කඩදාසි කැබැල්ලක් වත් නොතිබිය යුතු යැයි ඉහත සඳහන් කෙළේ රුපියලේ කාසියක තරම් ඉතා සුළු ඉඩක පවා නරකාදියක් නිර්මාණය වන හෙයිනි. නරකාදිය නමැති වචනයේ තේරුම මේ අවස්ථාවේ ම වටහා ගැනීම වැදගත් ය. අර්ක යනු සූර්යයා හඳුන්වනු ලබන සම්භාවනීය ජ්‍යොතිෂ යෙදුමකි. ප්‍රඥාව සහ යහපත් ජීවිතය හට ගන්නේ මේ අර්ක හෙවත් සූර්යා නිසා ය . න + අර්ක යනු සූර්යා නැති තැනය . එනම් ප්‍රඥාව සහ යහපත නැති තැනය. මේ න+ අර්ක සිංහලෙන් නරක ය හෙවත් නරකාදිය වී තිබේ. අපායට හිරු පායන්නේ නැත. දැන් බලන්න ඔබේ නිදන ඇඳ යටට හිරු එළිය නො වැටෙන්නේ නම් ඔබ ජීවත්වනේ අපායක නේ ද ?

නිදන ඇඳ පමණක් නොව ගෘහ භාණ්ඩ තබා ඇති ආකාරය අනුව හිරු එළිය නො වැටෙන අඳුරු අහුමුලු නිවෙසේ තවත් තැන්වල නිර්මාණය වී තිබේ නම් ඒ සෑම තැනක් ම අපායකි. ඇතැම්හු කෝටි ගණන් වැය කැර නිවාස තනති. මිලියන ගණන් ගෙවා ගෘහ භාණ්ඩ ගෙනෙති. හැබැයි ඒවා නිසි ලෙස ස්ථානගත කිරීමේ ශාස්ත්‍රය නො දනිති. අල්මාරියක දොර පියන් විවෘතවන දිසාවන් ගැන පවා වාස්තු නීතී පවතී. නිවෙසක් තැනීමේදී පමණක් නොව ගෘහ භාණ්ඩ ස්ථානගත කිරීමේදීත් වාස්තු නීති පිළිපැදීම ඉතා වැඩදායක ය. නිවෙස ඇතුළත ඊසාන දිසාවේ මාළු ටැංකියක් හෝ ජලය සහිත මල් පෝච්චියක් හෝ වැනි දෙයක් තිබේ නම් එය එතැනින් ඉවත් කරන්න. එවිට නිවෙස පුරා මෙතෙක් නො පැවති සහනශීලී වාතාවරණයක් ගොඩනැගෙන අයුරු ඔබට ම අත්හදා බැලිය හැකිය. මෙවැනි ඉතා සුළු වෙනස්කම්වලින් ලැබෙන ප්‍රතිඵලය සුළුපටු නොවේ. ඒවා පසුවට තබා යළිත් ඇඳට ම යමු.

නිදන ඇඳ යට සම්පූර්ණයෙන් ම නිදහස්ව සහ වියළිව තිබීම අත්‍යවශ්‍ය වන්නා සේම නිදන කාමරයේ දොර ජනේල විවෘත කැර ඉතා හොඳින් හිරු කිරණ වැටෙන්නට සැලැස්විය යුතු ය. එමගින් සිදුවන්නේ විෂබීජ විනාශ කිරීම වැනි සරල දෙයක් පමණක් නොවේ. හිරු හැමවිටම අපට ගෙන එන්නේ ප්‍රති ජීවනය යි. හිරු රැස් දෝතක ඇති බලය සහ සංඝටක ප්‍රමාණය අති මහත් ය. ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට යනාදිය ඉතා ආශාවෙන් හිරුගේ ශක්තිය උරා ගෙන ප්‍රබෝධවත් වේ. ඒ මත වැතිරෙන ඔබ ද ප්‍රබෝධයෙන් නිදා ගන්නවා පමණක් නොව ඊටත් වඩා සුව පහසුවෙන් අවදි වේ. මේ වෙනස අත්දකින්නට එක් ක්‍රමයක් තිබේ. කොට්ට උර දෙකක් ගෙන ඉන් එකක් රෙදි සෝදන මැෂිමට දමා එයින් ම වියළා ගන්න. අනෙක් උරය සෝදා අව්වේ දමා වියළා ගන්න. ඔබ නිදා ගන්නා විට වැඩිම සුව පහසුවක් සහ ප්රබෝධයක් ගෙන දෙන්නේ අව්වේ දමා වියළා ගත් කොට්ට උරයෙනි.

ඒ වෙනස ඇති වූයේ හිරු කිරණ සතු ප්‍රති ජීවන ශක්තිය නිසා ය. කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි යනාදිය අව්වේ දමා වියළා ගැනීම හුදු පිරිසුදු කිරීමක් පමණක් නොවන බව දැන් පැහැදිලි වන්නට ඇති. ආහාර , ජලය , වාතය යන මේ තුනෙන් නරක් වූ විට වැඩිම විපත ගෙන එන්නේ වාතය යි. එමෙන් ම නො කෑවොත් නො බීවොත් නරක් වූ ආහාරයට හෝ ජලයට හෝ අපට විපත් පැමිණවිය නො හැක. එහෙත් වාතය නරක් වුවහොත් නිරායාසයෙන් ඒවා අපේ සිරුරට ඇතුළුවේ. ඇඳ යට හෝ නිවෙසේ අහු මුලුවල රැඳෙන වාතය පල් වේ. පුස් ගඳ ලෙස දැනෙන්නේ එයයි. වාස්තු විද්‍යාවේදී බරපතළ ම දෝෂ ලෙස සැලකෙන්නේ ද නිවෙසේ ජීව ශක්ති සංසරණයට බාධා පමුණුවන මෙවැනි කරුණු ය. නිවෙසේ සෑම තැනෙකට ම හිරු එළිය සහ වාතය ගමන් කළ යුතු ය. හිරුරැස් හොදින් පතිතවන කිසිම තැනෙක වාතය පල් වන්නේ නැත. සූර්ය තාපය නිසා රත්වන වායුවේ අණු පරමාණු ඒවායේ බන්ධන ලිහිල් කොට ගෙන ඉහළට නඟින නිසා නිතර ම නිවෙස පිරිසුදු කෙරෙනවා පමණක් නොව එය යළි යළි ප්‍රති ජීවනයට ලක්වේ. නිවෙසේ අන් තැනෙකට වඩා මේ ක්‍රියාවලිය වඩාත් ම වුවමනා වන්නේ නිදන කාමරයට ය.

ඇඳ යට පමණක් නොව මෙට්ටය යට පවා කිසිවක් ම නො තිබිය යුතු ය. ඇතැම් අය තනි ඇඳවල් දෙකක් එකට යා කොට යුගල ඇඳක් සාදා ගනිති. මෙය කිසිසේත් ම නො කළ යුත්තකි. සිංගල් දෙකක් ඩබල් එකක් නො වන්නා සේම එයින් හටගන්නා එකම සන්තෑසිය නම් කරදර ඩබල් වීම පමණි. සමහරුන් වැඩි සුව පහසුව පිණිස හෝ පරණ මෙට්ටය විසි කිරීමට ලෝබකම නිසා හෝ පරණ මෙට්ටය උඩට අලුත් මෙට්ටයක් දමා ගනී. මෙය ද නො කළ යුතු ම දෙයකි. කොට්ට දෙකක් එකපිට එක දමා නිදා ගැනීම ද අහිතකර පුරුද්දකි. ඇඳ ඇතිරිලි ඉතා බර සහ ගොරෝසු ඒවා නොවිය යුතුවාක් මෙන් ම හැකිතාක් ඒවා සුදු හෝ සුදු පැහැයට සමීප වර්ණයන් ගෙන් යුක්ත විය යුතු ය. තද වර්ණ , කළු ,රතු , දුඹුරු , තද නිල් යනාදීය නිදන ඇඳට ඉතා අහිතකර ය. නිදන කාමරයේ බිත්තිවලට ද එකී වර්ණ යෝග්‍ය නොවේ. මීට හේතු වන්නේ ආලෝක වර්ණාවලිය , එහි පරාවර්තනය සහ මිනිස් සිරුර අතර හට ගන්නා සංකීර්ණ සම්බන්ධය යි. සුදු ඇඳ ඇතිරිල්ලක් මතට මදුරුවෙක්වත් සමීප වන්නේ නැත. එහෙත් කළු හෝ තද පැහැති ඇඳ ඇතිරිල්ලක් දමා බලන්න. මදුරුවන් එහි රොද බඳින හැටි ඔබට ම දැකිය හැකිය.

ඔබේ නිදන ඇඳේ හිසට කෙළින් හෝ ඒ හරහා හෝ දැව කොන්ක්‍රීට් ලෝහ යන බේදයක් නැතිව පරාලයක් , කුරුපාවක් යට ලීයක් , කණුවක් , පිය ගැට පෙළක් වැනි දෙයක් තිබේ නම් එම බාධකය පන්නා ඇඳ ස්ථානගත කළ යුතු ය. මෙහි සරල නියමය නම් නිවෙසේ බර දරා සිටින කිසිවක් යට නිදා නො ගත යුතු බව යි. ඊට හේතුව දැන ගැනීමටවුවමනා වන්නේ ඉතා ම සරල සාමාන්‍ය භෞතික විද්‍යා දැනුමක් පමණි. එවැනි බාධකයක් යට නිදා ගන්නා හැම විටම ඔබේ සිරුර හරහා අසාමාන්‍ය බරක් ගමන් කරයි. එය විපත් රැසකට මුල පිරීමකි. ඕනෑම නිදන කාමරයක කන්නාඩි මේසයක් වරදින්නේ නැත. එහෙත් නිදන ඇඳ මත සිටින විට එම කැඩපතින් ඔබේ රුව පෙනෙන්නේ නම් නොවරදවාම එහි කෝණය වෙනස් කරන්. නිදන ඇදේ සිටින්නාට තම රුව කැඩපතින් නො පෙනෙන ලෙස එය සකස් කළ යුතු ය. දොර සහ ජනේලයකට ලම්බකව නිදන ඇඳ කිසිසේත් ම ස්ථානගත නො කිරිමට ද මතක තබා ගැනීම මැනවි.

නිදන ඇඳ ඕනෑම කෙනෙකුගේ චරිතය සහ පෞරුෂය විදහාපාන කැඩපතකි. ඒ දෙක ම මනින්නේ ඇඟේ මස් මාංස බර සහ උස මහත අනුව නොව මනසේ ශක්තිය සහ ඇවතුම් පැවතුම් අනුව ය. උදේ අවදිවන පුද්ගලයා ඇඳ ඇතිරිලි ගසා දමා එය නැවත පිළිවෙළට සකස් කරන්නේ නම් ඔහු පරාර්ථකාමියෙකි , කෙළෙහිගුණ දත්තෙකි. අභ්‍යන්තර චිත්ත ශක්තියෙන් පොහොසත් තැනැත්තෙකි. ලස්සන ඇඳක් ඇති තැනැත්තාට ලස්සන හිතක් තිබේ යැයි චීන කියමනක් ද තිබේ. එවැනි කෙනෙකුට කන්ද කපාගෙන හඳ පායනතුරු හූල්ලන්නට සිදු වන්නේ ද නැත.

[QUOTE="ehseres, post: 19652358, member: 544471"] [b]ඇඳ යට මෙට්ටය යට කඩදාසියක්වත් තියන්න එපා[/b] [B][SIZE="4"]ඇඳ යට මෙට්ටය යට කඩදාසියක්වත් තියන්න එපා[/SIZE][/B] [SIZE="4"]ඇඳ සහ සඳ අතර මෙලෝ සම්බන්ධයක් නැත. එහෙත් ' .. චන්දන මල් අතුරා ඇති යහනට - කන්ද කපා පායන් රන් පුන් සඳ ...' යැයි අමරදේව සූරීහු ගයති. මින්දද හී සර වැදී ඇති මුත් සිහින කුමරිය පේන තෙක් මානයක නැත. මෙහි සඳ යැයි කියන්නේ අනාගත බිරියට ය. ඇය තවම හමු නොවූ නිසා සොවින් තැවෙන මානවකයෙක් තනි යහනේ හිඳිමින් හූල්ලයි. ඒ කතාව එහෙමය. තවත් කෙනෙක් ඇඳේ පැත්තක තම බිරිය වැතිර සිටියදීත් වහලේ පරාල ගණන් කරමින් යට ලීයෙන් නාරිලතා මල් පූදින තුරු අසහනයෙන් රැය පහන් කරයි. අර තනිකඩ තරුණයාටත් වඩා මේ විවාහකයා අතෘප්තිමත් ය. මෙහෙම වෙන්නේ ඇයි ? නිකමට ඇඳ යටට එබිලා බලන්න. හට්ටි මුට්ටි පෙට්ටි කළගෙඩි පිරිලා නේද..? ඇඳ යට තියෙන ලට්ට ලොට්ට පුස් කනවා වගේම එවැනි ඇඳක් උඩ නිදා ගන්නා කෙනෙකුගේ ජීවිතය ද පුස් බැඳුණු දර කොටයක් හා සමාන වන්නේ යැයි ජ්‍යොතිෂයේ ඉගැන්වෙයි. ඇඳේ උඩ හා සමානව ඇඳ යට ද ඉතා පිරිසුදු විය යුතු ය. ඒ කෙතරම් ද කිවහොත් කඩදාසි කැබැල්ලක් වත් නො තිබිය යුතු ය . මේ ජ්‍යොතිෂ - වාස්තු නියමය කඩ කෙරෙන විට රෝගීබව , අසහනය , අකලට මහලුවීම , අවාසනාව , අපේක්ෂාභංගත්වය , ගෘහ ජීවිතයේ ගැටුම් , සහ විවාහකයන්ට නීරසභාවයත් අවිවාහකයන්ට දිගින් දිගට ම විවාහ ප්‍රමාදයත් ඇති කෙරේ. මේ තරම් බරපතළ උපද්‍රව ඇති කිරීමට ඇඳ යට තියෙන ලට්ට ලොට්ට ටිකකට පූළුවන් ද කියා ඔබ මවිත වූවා නම් ඒ මවිතය තවත් වැඩි කරමින් කියන්නට සිදුවන්නේ කෙනෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන් කාලකණ්ණි කිරිමට සහ දිවි තොර කිරීමට පවා නිදන ඇඳ හේතුවන බවයි. නිවෙසේ අන් බොහෝ තැන්වලට වඩා නිදන ඇඳ යට පොළොවේ තෙතමනය සහ අඳුරු ස්වභාවය අධික ය. අන් තැන්වලට වඩා හිරු එළිය සහ වාතාශ්‍රය ඇඳේ යටට ලැබෙන්නේ අඩුවෙනි. එසේ තිබිය දී එම ප්‍රදේශය ලට්ට ලොට්ට ආදියෙන් තවත් අවහිර කළොත් හිරු එළියට සහ නැවුම් වාතයට ඒ හරහා ගමන් කිරීමට හැකි වන්නේ නැත. ප්‍රතිඵලය වන්නේ ඇඳ යට නරකාදියක් නිර්මාණය වීමය. මිලියන සංඛ්‍යාත බැක්ටීරියා , දිලීර (පුස්) වර්ග අධිවේගයෙන් වැඩෙන්නට ගනී. ඒ මත විසකුරු කෘමීහු පෝෂණය වෙති. පියවි ඇසට නො පෙනෙන නමුත් මේ විෂ ඇඳේ කකුල්වල සිට ඉහළට සෑම තැනෙක ම බෝවේ. කෙතරම් පිරිසුදු ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට දැමුවත් පැය දෙක තුනකින් ඒ සියල්ල ආක්‍රමණය කැර ඒවා කිලිටි කිරීමට මේ ක්ෂූද්‍ර ජීවිහු යුහුසුලු වෙති. කෙනෙකු අඩුම තරමින් පැය 6 ක් වත් අඛණ්ඩව නිදන ඇඳ මත කාලය ගෙවන අතර ඒ මුළු කාලයේදී ම ඔහු ශ්වසනය කරන්නේ රෝග කාරක සහිත වායුවයි. එහි විපාක කායික සහ මානසික යන දෙ අංශයෙන් ම කෙටිකාලීනව සහ දිගුකාලීනව බලපෑම් කරයි. නිදන ඇඳ යට කඩදාසි කැබැල්ලක් වත් නොතිබිය යුතු යැයි ඉහත සඳහන් කෙළේ රුපියලේ කාසියක තරම් ඉතා සුළු ඉඩක පවා නරකාදියක් නිර්මාණය වන හෙයිනි. නරකාදිය නමැති වචනයේ තේරුම මේ අවස්ථාවේ ම වටහා ගැනීම වැදගත් ය. අර්ක යනු සූර්යයා හඳුන්වනු ලබන සම්භාවනීය ජ්‍යොතිෂ යෙදුමකි. ප්‍රඥාව සහ යහපත් ජීවිතය හට ගන්නේ මේ අර්ක හෙවත් සූර්යා නිසා ය . න + අර්ක යනු සූර්යා නැති තැනය . එනම් ප්‍රඥාව සහ යහපත නැති තැනය. මේ න+ අර්ක සිංහලෙන් නරක ය හෙවත් නරකාදිය වී තිබේ. අපායට හිරු පායන්නේ නැත. දැන් බලන්න ඔබේ නිදන ඇඳ යටට හිරු එළිය නො වැටෙන්නේ නම් ඔබ ජීවත්වනේ අපායක නේ ද ? නිදන ඇඳ පමණක් නොව ගෘහ භාණ්ඩ තබා ඇති ආකාරය අනුව හිරු එළිය නො වැටෙන අඳුරු අහුමුලු නිවෙසේ තවත් තැන්වල නිර්මාණය වී තිබේ නම් ඒ සෑම තැනක් ම අපායකි. ඇතැම්හු කෝටි ගණන් වැය කැර නිවාස තනති. මිලියන ගණන් ගෙවා ගෘහ භාණ්ඩ ගෙනෙති. හැබැයි ඒවා නිසි ලෙස ස්ථානගත කිරීමේ ශාස්ත්‍රය නො දනිති. අල්මාරියක දොර පියන් විවෘතවන දිසාවන් ගැන පවා වාස්තු නීතී පවතී. නිවෙසක් තැනීමේදී පමණක් නොව ගෘහ භාණ්ඩ ස්ථානගත කිරීමේදීත් වාස්තු නීති පිළිපැදීම ඉතා වැඩදායක ය. නිවෙස ඇතුළත ඊසාන දිසාවේ මාළු ටැංකියක් හෝ ජලය සහිත මල් පෝච්චියක් හෝ වැනි දෙයක් තිබේ නම් එය එතැනින් ඉවත් කරන්න. එවිට නිවෙස පුරා මෙතෙක් නො පැවති සහනශීලී වාතාවරණයක් ගොඩනැගෙන අයුරු ඔබට ම අත්හදා බැලිය හැකිය. මෙවැනි ඉතා සුළු වෙනස්කම්වලින් ලැබෙන ප්‍රතිඵලය සුළුපටු නොවේ. ඒවා පසුවට තබා යළිත් ඇඳට ම යමු. නිදන ඇඳ යට සම්පූර්ණයෙන් ම නිදහස්ව සහ වියළිව තිබීම අත්‍යවශ්‍ය වන්නා සේම නිදන කාමරයේ දොර ජනේල විවෘත කැර ඉතා හොඳින් හිරු කිරණ වැටෙන්නට සැලැස්විය යුතු ය. එමගින් සිදුවන්නේ විෂබීජ විනාශ කිරීම වැනි සරල දෙයක් පමණක් නොවේ. හිරු හැමවිටම අපට ගෙන එන්නේ ප්‍රති ජීවනය යි. හිරු රැස් දෝතක ඇති බලය සහ සංඝටක ප්‍රමාණය අති මහත් ය. ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට යනාදිය ඉතා ආශාවෙන් හිරුගේ ශක්තිය උරා ගෙන ප්‍රබෝධවත් වේ. ඒ මත වැතිරෙන ඔබ ද ප්‍රබෝධයෙන් නිදා ගන්නවා පමණක් නොව ඊටත් වඩා සුව පහසුවෙන් අවදි වේ. මේ වෙනස අත්දකින්නට එක් ක්‍රමයක් තිබේ. කොට්ට උර දෙකක් ගෙන ඉන් එකක් රෙදි සෝදන මැෂිමට දමා එයින් ම වියළා ගන්න. අනෙක් උරය සෝදා අව්වේ දමා වියළා ගන්න. ඔබ නිදා ගන්නා විට වැඩිම සුව පහසුවක් සහ ප්රබෝධයක් ගෙන දෙන්නේ අව්වේ දමා වියළා ගත් කොට්ට උරයෙනි. ඒ වෙනස ඇති වූයේ හිරු කිරණ සතු ප්‍රති ජීවන ශක්තිය නිසා ය. කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි යනාදිය අව්වේ දමා වියළා ගැනීම හුදු පිරිසුදු කිරීමක් පමණක් නොවන බව දැන් පැහැදිලි වන්නට ඇති. ආහාර , ජලය , වාතය යන මේ තුනෙන් නරක් වූ විට වැඩිම විපත ගෙන එන්නේ වාතය යි. එමෙන් ම නො කෑවොත් නො බීවොත් නරක් වූ ආහාරයට හෝ ජලයට හෝ අපට විපත් පැමිණවිය නො හැක. එහෙත් වාතය නරක් වුවහොත් නිරායාසයෙන් ඒවා අපේ සිරුරට ඇතුළුවේ. ඇඳ යට හෝ නිවෙසේ අහු මුලුවල රැඳෙන වාතය පල් වේ. පුස් ගඳ ලෙස දැනෙන්නේ එයයි. වාස්තු විද්‍යාවේදී බරපතළ ම දෝෂ ලෙස සැලකෙන්නේ ද නිවෙසේ ජීව ශක්ති සංසරණයට බාධා පමුණුවන මෙවැනි කරුණු ය. නිවෙසේ සෑම තැනෙකට ම හිරු එළිය සහ වාතය ගමන් කළ යුතු ය. හිරුරැස් හොදින් පතිතවන කිසිම තැනෙක වාතය පල් වන්නේ නැත. සූර්ය තාපය නිසා රත්වන වායුවේ අණු පරමාණු ඒවායේ බන්ධන ලිහිල් කොට ගෙන ඉහළට නඟින නිසා නිතර ම නිවෙස පිරිසුදු කෙරෙනවා පමණක් නොව එය යළි යළි ප්‍රති ජීවනයට ලක්වේ. නිවෙසේ අන් තැනෙකට වඩා මේ ක්‍රියාවලිය වඩාත් ම වුවමනා වන්නේ නිදන කාමරයට ය. ඇඳ යට පමණක් නොව මෙට්ටය යට පවා කිසිවක් ම නො තිබිය යුතු ය. ඇතැම් අය තනි ඇඳවල් දෙකක් එකට යා කොට යුගල ඇඳක් සාදා ගනිති. මෙය කිසිසේත් ම නො කළ යුත්තකි. සිංගල් දෙකක් ඩබල් එකක් නො වන්නා සේම එයින් හටගන්නා එකම සන්තෑසිය නම් කරදර ඩබල් වීම පමණි. සමහරුන් වැඩි සුව පහසුව පිණිස හෝ පරණ මෙට්ටය විසි කිරීමට ලෝබකම නිසා හෝ පරණ මෙට්ටය උඩට අලුත් මෙට්ටයක් දමා ගනී. මෙය ද නො කළ යුතු ම දෙයකි. කොට්ට දෙකක් එකපිට එක දමා නිදා ගැනීම ද අහිතකර පුරුද්දකි. ඇඳ ඇතිරිලි ඉතා බර සහ ගොරෝසු ඒවා නොවිය යුතුවාක් මෙන් ම හැකිතාක් ඒවා සුදු හෝ සුදු පැහැයට සමීප වර්ණයන් ගෙන් යුක්ත විය යුතු ය. තද වර්ණ , කළු ,රතු , දුඹුරු , තද නිල් යනාදීය නිදන ඇඳට ඉතා අහිතකර ය. නිදන කාමරයේ බිත්තිවලට ද එකී වර්ණ යෝග්‍ය නොවේ. මීට හේතු වන්නේ ආලෝක වර්ණාවලිය , එහි පරාවර්තනය සහ මිනිස් සිරුර අතර හට ගන්නා සංකීර්ණ සම්බන්ධය යි. සුදු ඇඳ ඇතිරිල්ලක් මතට මදුරුවෙක්වත් සමීප වන්නේ නැත. එහෙත් කළු හෝ තද පැහැති ඇඳ ඇතිරිල්ලක් දමා බලන්න. මදුරුවන් එහි රොද බඳින හැටි ඔබට ම දැකිය හැකිය. ඔබේ නිදන ඇඳේ හිසට කෙළින් හෝ ඒ හරහා හෝ දැව කොන්ක්‍රීට් ලෝහ යන බේදයක් නැතිව පරාලයක් , කුරුපාවක් යට ලීයක් , කණුවක් , පිය ගැට පෙළක් වැනි දෙයක් තිබේ නම් එම බාධකය පන්නා ඇඳ ස්ථානගත කළ යුතු ය. මෙහි සරල නියමය නම් නිවෙසේ බර දරා සිටින කිසිවක් යට නිදා නො ගත යුතු බව යි. ඊට හේතුව දැන ගැනීමටවුවමනා වන්නේ ඉතා ම සරල සාමාන්‍ය භෞතික විද්‍යා දැනුමක් පමණි. එවැනි බාධකයක් යට නිදා ගන්නා හැම විටම ඔබේ සිරුර හරහා අසාමාන්‍ය බරක් ගමන් කරයි. එය විපත් රැසකට මුල පිරීමකි. ඕනෑම නිදන කාමරයක කන්නාඩි මේසයක් වරදින්නේ නැත. එහෙත් නිදන ඇඳ මත සිටින විට එම කැඩපතින් ඔබේ රුව පෙනෙන්නේ නම් නොවරදවාම එහි කෝණය වෙනස් කරන්. නිදන ඇදේ සිටින්නාට තම රුව කැඩපතින් නො පෙනෙන ලෙස එය සකස් කළ යුතු ය. දොර සහ ජනේලයකට ලම්බකව නිදන ඇඳ කිසිසේත් ම ස්ථානගත නො කිරිමට ද මතක තබා ගැනීම මැනවි. නිදන ඇඳ ඕනෑම කෙනෙකුගේ චරිතය සහ පෞරුෂය විදහාපාන කැඩපතකි. ඒ දෙක ම මනින්නේ ඇඟේ මස් මාංස බර සහ උස මහත අනුව නොව මනසේ ශක්තිය සහ ඇවතුම් පැවතුම් අනුව ය. උදේ අවදිවන පුද්ගලයා ඇඳ ඇතිරිලි ගසා දමා එය නැවත පිළිවෙළට සකස් කරන්නේ නම් ඔහු පරාර්ථකාමියෙකි , කෙළෙහිගුණ දත්තෙකි. අභ්‍යන්තර චිත්ත ශක්තියෙන් පොහොසත් තැනැත්තෙකි. ලස්සන ඇඳක් ඇති තැනැත්තාට ලස්සන හිතක් තිබේ යැයි චීන කියමනක් ද තිබේ. එවැනි කෙනෙකුට කන්ද කපාගෙන හඳ පායනතුරු හූල්ලන්නට සිදු වන්නේ ද නැත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom