ඇමතිට අරහං “සිංහල රට”
උක්ත අමාත්‍යතුමා නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික්කයේ දෙමළ-මුස්ලිම් ඡන්ද විශාල සංඛ්‍යාවක් ඇත. ඔහුගේ එම ප්‍රකාශයෙන් එම සුළු ජාතික සහොදර සහෝදරියන් සතුටුවනු ඇතැයි ඔහු සිතනු නිසැකය. මා නියෝජනය කරනුයේ නැගෙනහිර පළාතේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයයි. එහි ඡන්ද දායකයන්ගෙන් තුනෙන් දෙකකටත් අධික පිරිසක් වන්නේ සුළු ජාතික මිතුරන්ය. එය එසේ වුවද අප මාතෘභූමියේ සිංහලයාට හිමි උරුමය, අයිතිය පිළිබඳව පැහැදිලි කිරීමට මා නොපසුබට වන අතර බුද්ධිමත් දෙමළ, මුස්ලිම් ජනතාවද එය අවබෝධ කරගනු ඇතැයි අපේක්ෂා කරමි. මන්ද නියම සිංහල බෞද්ධයෙක් වන මා දෙමළ-මුස්ලිම් ජාතියටත්, හින්දු-මුස්ලිම් ආගමටත් කවදත් ගෞරව කරන බැව් ඔවුන් හොඳින් දන්නා බැවිනි.
ශ්‍රී ලංකාව හෙවත් අපේ මාතෘභූමියට වසර 2500ක ලිඛිත ඉතිහාසයක් තිබෙන මුත් ඊටත් එහා ගිය අභිමානවත් ඉතිහාසයක් අප සතුව ඇත. පෘතුගීසීන් මෙහි පැමීණිමට පෙර අපේ රට වරින් වර ආක්‍රමණය කළ කාලිංග මාඝ, චෝල, පාණ්ඩ්‍ය, සොලී ආක්‍රමණිකයන් සමග දිවි හිමියෙන් සටන් කොට රට බේරාගත්තේ සිංහලයන්ය. මහා විජයබාහූ බිහිවීමට පෙර අපේ රට හැඳින්වූයේ “මුම්මුඩි චෝලේ” යනුවෙනි. එනම් දකුණු ඉන්දියාවේ ප්‍රාන්තයක් ලෙසිනි. අභීත සිංහලයෝ නොසිටියේනම් අද අප ඉන්දියාවේම තවත් එක් ෆෙඩරල් ප්‍රාන්තයක් බවට පත්වී හමාරය.
ඉන්පසුව රට ආක්‍රමණය කළ පෘතුගීසී, ලංදේසි හා ඉංග්‍රීසි සමග සටන් කොට සියළුමදේ අහිමිකරගත්තේද සිංහලයන්ය. විදේශිකයන්ගේ අණසකට යටත් නොවූ, ඔවුන්්ගේ ආගම වැළඳ නොගත් නිසාම කෲර ලෙස ඝාතනයට ලක්වූයේද සිංහලයන්ය. ඔවුන්ට එරෙහිව කැරළි ගසා දහස් ගණන් මියගියේද සිංහලයන්ය.
ඉංග්‍රීසීන්ගෙන් රට මුදා ගැනීමට 1818දී සහ 1848දී දියත්කළ කැරලිවලින් පසුව ඉංග්‍රීසීන් විසින් අවුරුදු 18ත් 35ත් අතර මරාදැමූ සියලුම මිනිසුන් සිංහලයෝය. ඔවුන් විසින් විනාශ කරන ලද හරකාබාන, කුඹුරු සියල්ලම සිංහලයන්ගේය. (අද අපට මානව හිමිකම් පිළිබඳව දැනමුතුකම් දීමට එන ඉංග්‍රීසීන් රතු පලස් දමා පිලිගන්නා වර්තමාන ආණුඩුව ඇත්තෙන්ම ලැජ්ජා විය යුතුය.) එසේ නම් රට බේරා ගැනීමට චිරාත් කාලයක් මුළුල්ලේ දිවිපුදා ඇත්තේ සිංහලයන් බව සියල්ලන්ම දැන්වත් දැනගත යුතුය. ඒ මේ රට “සිංහල රට” වූ බැවිනි. 1815දී අපේ රටේ ස්වාධීනත්වය පාවාදෙමින් ඉංග්‍රීසීන් සමග අත්සන් කළ උඩරට ගිවිසුමේ මේ රට හඳුන්වා ඇත්තේ “සිංහළේ රාජ්‍යය” නමින් බව යමෙක් නොදන්නේ නම් හෝ නොදන්නා බව හඟවන්නේ නම් ඔහු මන්ද බුද්ධිකයෙක් හෝ අනිවාර්යයෙන්ම සිංහල ජාතිය පාවාදෙන කුහකයෙක් හෝ විය යුතුය. ඉංග්රීදසීන්ගේ උච්ඡාරණයට අනුව එදා කන්ද උඩරට, කන්ද “කැන්ඩි” වූ බවත්, සිංහළේ “සිලෝන්” වූ බවත් යමෙක් නොදන්නේ නම් ඔහු සුජාත සිංහලයෙක් නම් විය නොහැක.
විදේශ ආක්‍රමණිකයන්ගෙන් පසුව අප අත්වීඳි අනෙක් ඛේදවාචකය නම් ත්‍රස්තවාදයයි. ත්‍රස්තවාදයෙන් සියළුම ජාතීනට අයත් මිනිසුන් ඝාතනය වූ අතර උන් සමග සටන් කොට මියගිය 30,000ක සෙබළ සෙබළියන්ගෙන් සහ ආබාධිත වූ 14,000ක පමණ අයගෙන් 99%ක්ම සිංහලයන් බවද අප අමතක කළ යුතු නැත. (මෙහිදී රට වෙනුවෙන් දිවිපිදූ, සේවය කළ මුස්ලිම්, දෙමළ හමුදා නිලධාරීන් මහත් ගෞරවයෙන් සිහිපත් කරමි.) අද මේ රට සිංහල නොවේ යැයි පාරම්බාන ඇමතිගේ ආණ්ඩුවේ පවුල්වල උදවියද ඇතුළු සියලුම ජන කොටස් බෝම්බ බියෙන් තොරව නිදහසේ සතුටින් ජීවත් වන්නේ සියලූම දේ කැපකොට, දිවිහිමියෙන් සටන්කොට ත්‍රස්තවාදීන් විනාශ කළ “සිංහලයින්” නිසා බැව් නැවත සිහියට ගත යුතුය. එසේ සිහි තබාගත් කිසිවෙකු හෝ “මෙය සිංහල රට යැයි ලියා තියෙන්නේ කොහේද?” යනාදී මුග්ධ ප්‍රශ්නයක් නගමින් සිංහලයින්ට අවමන් නොකරනු ඇත.
මීට අවුරුදු 1800කට පෙර ඉදිකළ “යෝධ ඇළ”හී බෑවුම යොදුනකට රියනකි. එනම් සැතපුමකට අඟල් තුන්කාලකි. එවන් ඇළක් ඉදිකිරීමට ත්‍රීකෝණමිතිය නම් ගණිත ක්‍රමයේ කෙළ පැමිණිය යුතුය. අදත් විදෙස් ඉංජිනේරුවන් විස්මයට පත්කරන යෝධ ඇළ ඉදිකළේ සිංහල ඉංජිනේරුවන්ය. මාදුරුඔය ජලාශයේ වසර 2000ක් පැරණි, අදටත් ක්‍රියාත්මක කළ හැකි. ගලින් සෑදූ බිසෝකොටුව නිර්මාණය කළේ සිංහලයන්ය. “මේ තරම් සියුමැලි” නෙවූ කළුගලින් බිම සිට උඩ බලන විට සමමිතික පෙනෙන ලෙසද, නාසයෙන් බිම වැටෙන වැහි බින්ඳුව හරියටම දෙපා මුලට වැටෙන ලෙසද, සූක්ෂමව නෙළා ඇති අවුකන බුදු පිළිමය නැමැති විශ්වකර්ම නිර්මාණයද සිංහලයෙකුගේය. මෙවන් දෑ සිය ගණනක් වුවද ලිවිය හැක. අද උතුරු නැගෙනහිර ඇතුළු දිවයින පුරා විසිර පැතිර ඇති දහස් ගණනක් නටඹුන් බෞද්ධ නටඹුන්ය. අපේ රටේ දෙමළ-මුස්ලිම් ජනතාවද එවන් පුරාවස්තූන් දැක බලා ආස්වාදයක් විඳිනු අප කොතෙකුත් දැක ඇතිද?
රටක් හඳුන්වන්නේ රටේ උරුමය සහ උරුමක්කාරයන් පදනම් කොටගෙනය අපේ රටේ සිංහල බෞද්ධ උරුමය වසර දහස් ගණනක් ඈතට දිවයයි. එම උරුමය තහවුරු කරගනිමින් රට විදේශිකයන්ට නතුවීමට ඉඩ නොදී දිවිහිමියෙන් සටන්කොට මතු පරම්පරාවට රට ආරක්ෂා කලේ සිංහලයන්ය. එසේ නම් එය සිංහල රටයැයි කීම ඒ අභිත සිංහලයන්ට කරනු ලබන උපහාරයකි. එසේ ආරක්ෂා කළ රටෙහි අද දෙමල-මුස්ලිම්-මැලේ-බර්ගර් සියල්ලන්ම සුවසේ සාමයෙන් ජීවත් වෙති. අද වෙනම ද්‍රවිඩ රාජ්‍යයක් ඉල්ලන උතුරේ පදිංචිව සිටින දෙමළ ජනයාගෙන් 48% ක් පමණි. ඉතිරි 52% ජීවත් වන්නේ දකුණේ සිංහලයන් අතරය. මුස්ලිම් ජනතාව (උතුරේ හැර) දිවයිනේ සෑම පෙදෙසකම සිංහලයන් සමග සාමයෙන් ජීවත් වේ. එසේම අද කොළඹ ආර්ථිකයෙන් 80%ක්ම මෙහෙයවන්නේ මුස්ලිම්-දෙමළ පුද්ගලයින් වන අතර දෙමළ-මුස්ලිම් කෝටිපති ව්‍යාපාරිකයන්ගේ පාරිභෝගිකයන්ගෙන් 90% සිංහලයන්ය.
කරුණු එසේ බැවින් බුද්ධිමත් දෙමළ-මුස්ලිම් ජනතාවට මෙය “සිංහල” රට වීම පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් නොමැත. නමුත් මෙම “නැති” ප්‍රශ්නය “ඇති” කොට සුළු ජාතීන්ගේ ඡන්ද ඩැහැ ගැනීමටත්, සුළු ජාතීන්ගේ සිත් තුළ මහ ජාතිය කෙරෙහි වෛරයක් ජනිත කිරීමටත් යමෙක් තැත් කරන්නේ නම් එය තුච්ඡ නිහීන ක්‍රියාවකි. එය අප පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
රියර් අද්මිරාල් ආචාර්ය සරත් පී. වීරසේකර
පා.ම. දිගාමඩුල්ල
(හෙලයෝ(helayo) වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.)
ඇමතිට අරහං “සිංහල රට”
(2015 මැයි මස 31 ඉරිදා රිවිර පත්‍රයේ පළවූ ලිපියකි)
බොහෝ දේශපාලඥයෝ “බලය” ලබාගැනීම සඳහා නොකරන දෙයක් නැත. ඒ බැව් අප අත්දැකීමෙන් දනිමු. එහි අලුත්ම උපක්‍රමය නම් මහ මැතිවරණයකදී අණ්ඩුවක් පිහිටුවීමේ තීරණාත්මක සාධකය වන දෙමළ-මුස්ලිම් ඡන්ද ඩැහැ ගැනීමට කරන්නා වූ බාල ප්‍රකාශයි. මෑතකදී එක්තරා අමාත්‍යවරයෙකුගෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට ඔහු පිළිතුරු දුන්නේ “කවුද කියන්නේ මේක සිංහල රට, සිංහල බෞද්ධ රට කියලා. කොහෙද ඒක ලියලා තියෙන්නේ?” යනුවෙනි. සමහරවිට එවන් දෙයක් ප්‍රකාශ කිරීමට එය හිතාමතාම සූදානම් කොට ඇසූ ප්‍රශ්නයක්ද විය හැක. එම පිළිතුරෙන් ඔහු බලාපොරොත්තු වන්නේ දෙමළ-මුස්ලිම් ජනයාගේ සිත දිනා ගැනීම වන අතර “ඔවු, මෙය සිංහල රට තමයි” යනුවෙන් දේශප්‍රේමී ජනතාව ඊට පිළිතුරු දෙන විට ඔවුන් නියෝජනය කරන පක්ෂ කෙරෙහි සුළු ජාතීන්ගේ සිත් කළකිරීමට පත්කොට ඔවුන්ගේ ඡන්ද වැළැක්වීමට සැලැස්වීමයි. බලය ලබාගැනීම සඳහා දියත් කොට ඇති ජාතිය පාවාදීමේ නිහීන උපක්‍රමයන්ගේ කූඨප්‍රාප්තිය මෙය බව මගේ හැඟිමයි.

Last edited: