Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමරිකාව දණගැස්වූ කුචි උමං දැකගතිමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකාව දණගැස්වූ කුචි උමං දැකගතිමි

යුද්ධයකදී, හමුදාවක ධෛර්යය සහ උපක්‍රමශීලී ශක්තිය පැරදවිය හැකි අවියක් මෙතෙක් බිහිවී නැතැයි සිතේ.

ඒ ඔබ පසක් කළ භූමිය වෙත මම ගමන් කරමින් සිටිමි.

ලොව මහා බලවතා ලෙසින් පාරම්බානා ඇමරිකාව, සිහි විකල් වන තරමට නන්නත්තාර කළ, දුවන තුරු පහරදුන් වියට්නාම් ගරිල්ලන්ගේ දකුණු දිග මූලස්ථානය වූ කුචි උමං පිහිටි පෙදෙස වෙත මම යමින් සිටිමි.

වියට්නාමයේ හොචි මිං නගරයේ පැවැති 15 වැනි ආසියානු කනිෂ්ඨ වොලිබෝල් තරගාවලිය වාර්තා කිරීම පිණිස ගිය මා හට තරගාවලිය අතරතුර ලැබුණු එක් දින "වාර්තා විරාමයේ" කළ යුත්ත කුමක්දැයි දෙවරක් නොසිතා කුචි උමං නැරඹීම අගනේ යෑයි තීරණය කළෙමි.

"වියට්නාමය" යෑයි අසනා සැනින් එහි තේරුම "මහා බලවතාගේ පරාජය" යෑයි සිතෙන තරමටම ඇමරිකානුවන්ට එරෙහිව වියට්කොං ගරිල්ලන් කළ දේශප්‍රේමී සටන, වියට්නාමයේ ගෝලීය හැඳින්වීම, නැතහොත් ලකුණ බවට පත්ව තිබේ. එහෙව් වියට්නාම දේශයට ගොස් ඒ ඓතිහාසික සටනේ සමරු නොබලා එනු කෙලෙස....

ගෙවුණු දශකයක කාලය පුරාම අඛණ්ඩ ආර්ථික වර්ධනයක් සහිත රටක ප්‍රධාන වාණිජ නගරයක් වූ හොචි මිං හී අහසට වඩා මදක් මිටි කොන්ක්‍රීට් තට්ටු වල උස දැන් කෙමෙන් අවම වෙයි. මී මැසි පොදි මෙන් පාරවල් අරක්ගත් දස දහස් සංඛ්‍යාත යතුරුපැදි සහ අලුත්ම අලුත් ජපන් වාහන වලින් පිරීගිය ගමන් මග දැන් කෙමෙන් කෙමෙන් නිදහස් ධාවනයකට පහසුකම් සලස්වමින් වාහන "ඝණත්වය" අඩුව යයි. නැති නම් මා රැගත් රථය නගරයෙන් ගමට සේන්දු වෙයි. මගේ ගමනාන්තය වන කුචි උමං පිහිටා ඇත්තේ හොචි මිං නගර මධ්‍යයෙන් කිලෝමීටර් 70 ක පමණ දුරින් වයඹ දෙසට වන්නටය. නැතහොත් "කුචි" නමැති දිස්ත්රික්කයේය.

මාගේ මාර්ගෝපදේශකයා පැවසූ පරිදි "කුචි යන වචනයේ තේරුම චිත්රයයි. සැබැවින්ම මේ කුචි පෙදෙසේ පොළොව මතුපිටින් පෙනෙන චිත්‍රයත්, එහි පොළෝ තලයට යටින් ඇති චිත්‍රයත් සහමුලින්ම වෙනස්ය. මේ පොළොව මතුපිට ඇත්තේ කැළෑ ස්වභාවයකි. මේ කැළෑවට යටින් අංග සම්පූර්ණ යුද නගරයක් ඇතැයි කාට නම් සිතේද?

මෙම කුචි උමං පද්ධතිය කිලෝමීටර් 200 කට වැඩි දුරක් මේ පොළොව යටින් විහිදී තිබේ. ඒ අතරෙහි විවේකාගාර, අවිහල්, අවි සහ මරඋගුල් නිෂ්පාදනාගාර, රැස්වීම්ශාලා, රෝහල් සහ මුළුතැන්ගෙවල් ආදී යුද සැපයුම් සහ සටන් කරුවන්aගේ සුබසාධනය සැලසු සියලු දේ ඇත. මෙහි එක් අන්තයක් මී කොං ඩෙල්ටාව ආශ්රිත සෙයිගොං ගංගාවට වැටී ඇත්තේ එම ගංදිය "හදිසි දොරටුවක්" ලෙස පාවිච්චි කරනු පිණිසය.

හොචි මිං නගර මධ්‍යයෙන් ඇරඹි ගමන පැය 1 1/2 පමණ කාලයක් අවසානයේ "දැන් ඔබ ගමනාන්තයට ආසන්න වී ඇතැ" යි මාර්ගෝපදේශකයා පැවසීය.

මේ මග දෙපස සුවිසල් රබර් යායවල් වේ. පරිසර පද්ධතියේ සහ දේශගුණයේ කැපී පෙනෙන නුහුරක් නොපෙනේ. මේ රබර් වතුද මේ පරිසරයද මට මගේ රටේ අගලවත්ත පැත්තේ ගමන් කරනයුරු සිහිකරයි.

පෙර දිනයෙහි දෙකෙහි ඇදවැටුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කුචි උමං ප්‍රදේශය ගොහොරු වී තිබීමට ඉඩ ඇතැයි පැවසූ හොචි මිං හී සිටින ශ්‍රී ලාංකික මිතුරෝ මට අනතුරු ඇඟවීමක් කළද, කුචි උමං අත්දැකීම" වෙනුවෙන් ඕනෑම අවහිරයක් දරා ගැනීමේ මානසික සූදානමකිනි මම ගමන ඇරඹුයේ. එහෙත් ගමනාන්තයෙන් බැස අවට බැලූවිට වැස්සෙන් උපන් පංක දුර්ග නොවේ යෑයි මට හැඟිණි.

එදා දස දහස් ගණනක් ජීවිත නැසී ගිය මේ දරුණු යුද බිම අද වියට්නාම රජයට විශාල ආදායමක් එක් කරන සංචාරක භූමියක් වී ඇති වගත් බැලූ බැල්මට පෙනෙයි. විදේශිකයෝ මෙහි බහුල වෙති. මෙතැන් පටන් මට කුචි උමං ගැන දැනුමෙන් සන්නද්ධ අලුත් මාර්ගෝපදේශකයකු ලැබිණි. වෑන් ක්වී නමැති ඔහු දැනුමෙන් පමණක් නොව විහිළු කතා වලින්ද පිරිපුන්ය.

පළමුවෙන්ම ඔහු නතරවූයේ කොළ රොඩු විසිරුණ තැනකය. ඈතින් කොළ රොඩු ටිකක් එහා මෙහා කළ ඔහු පොළොව මත පිහිටි හතරැස් ලෑල්ලක් පාදාගත්තේය. මෙය පියනක් ආකාරයෙන් යොදාගන්නා උමං සඳහා ප්‍රවේශ දොරටුවකි. මෙය දොරටුවක් ලෙසින් හැඳින්වුවද එහි ප්‍රමාණය නාන කාමරයක වන කුඩා ජනෙල් පියනකටද වඩා කුඩාය. පළමුව දෙපා ද අනතුරුව කඳ ද අවසානුයේ දෙවුර ද යන අනුපිළිවෙළින් වෑන් ක්වී මේ දොරටුවෙන් ඇතුළු විය. පසුව තම දෙඅත් සහ හිස "වළෙන්" එළියට හොවා අවට වන කොළ රොඩු ටිකක් ලී පියන මතට දමා එය දැතින් ගෙන උමං දොරටුව වසා දැමීය.

ඔහු පොළොවෙහි කිමිද තප්පර කිහිපයකට නොපෙනී ගියේ මෙතැන උමං දොරටුවක් තිබේ යෑයි නිකමටවත් නොසිතන ලෙස උමං දොරටුව කොළ රොඩු අතර සඟවමිනි.

නැවතත් උමං දොරෙන් පිටතට පැමිණි ක්වී මේ උමඟට රිංගන ආකාරය ප්‍රායෝගිකව අත්විඳීමට මට ආරාධනා කළේය.

මමද සමස්ත සිරුරේ බර උමං දොර දෙපස තැබූ දැතට දෙමින් සීරුවෙන් එයට කකුල් සහ කඳ ඇතුළු කළෙමි. මේ උමං දොරේ විවරය හරියටම මගේ සිරුරේ ප්‍රමාණයට සමාන වූ අතර එහි හිරවෙන නොවනෙ ගාණින් ඇදිගිය මා සිරුරෙන් හිස සහ උරහිස පමණක් පිටතට සිටියදී දෙපා උමගේ බිමෙහි වැදුණි. පසුව මමද වෑන් ක්වීගේ ක්‍රියාව අනුගමනය කරමින් උමං දොර වැසීමට උත්සාහ ගත්තද මගේ උරහිස් උමග තුළට ගත නොහැකිව දොරෙහි හිරවිණි. මගේ තරමටම උරහිස් පළල් වෑන් ක්වී කළ දෙය මට කළ නොහැකි වූයේ ඇයි?

පසුව මට කාරණාව වැටහුණි. මේ උමගට රිංගන තාක්ෂණයක් ඇත. උමගට ඇතුළු වීම පිණිස ශරීර අවයව මෙහෙයවන තාක්ෂණය 100 % ක් පිළිපදිමින් දෙඅත් පොළොවට ලම්භකව තබාගනිමින් ශරීරය පහත් කරන විට උරහිස පහසුවෙන් උමග තුළට හොවාගත හැකිවිය. පියනෙන් උමං දොර වසාගෙන සමස්ත සිරුරම උමග තුළට හොවාගත් විට තනි අන්ධකාරයක් මිස වෙන කිසිවක් මට නොපෙනුණි. නොදන්නා මා මේ අඳුර මැද තප්පර කිහිපයක කාලයකට මංමුලාවූවද, දන්නෝ උමග තුළ මහා මාර්ගයක මෙන් ගමන් කරන්නට ඇතැයි සිතේ. ඒත් මේ අඳුර මැද උමගේ දිග පළලක් දකින්නට තබා අඩියක් හෝ ඉදිරියට තබන්නට මම බිය වීමි. මට පිටතින් ඇති හරිත ලෝකය යට මම මොහොතකට බිංකුංඩකු වී ඇතැයි මට සිතේ. වහාම මම පියන ඉවත් කරමින් උමං දොරෙන් පිටවීමට උත්සාහ කළද නැවතත් උරහිස හිරවිය. යළිත් පොළොවට ලම්භකව දැත් ඔසවමින් උමගට බැසීමට ශරීරය හැසිරවූ අනුපිළිවෙල "රිවර්ස්" කරමින් මම ගොඩට ආවෙමි.

මේ උමගට බැසීම පවා උපක්‍රමශීලී යෑයි ප්‍රායෝගිකව වටහාගත්තෙමි. අවබෝධයක් නොමැත්තෙකුට හදිසියෙන් එහි ඇතුළ්වීමට හෝ ඉන් පිටවීමට අවකාශ නොමැත. ඒ සියල්ලට අමතරව මේ උමං දොරෙහි ප්‍රමාණය අතින් එහි ප්‍රවේශ හැකියාව ඇත්තේ වියට්නාම වැසියන්ටමය. විශාල ශරීර ඇති ඇමරිකානුවන්ට එය උගහටය. වියට්නාම වැසියන්ගේ ශරීරය මේ උමං දොරෙහි ප්‍රමාණය හා සැසදෙනුයේ යතුරු හිලකට, යතුරක් ගැලපෙන අයුරිනි.

මේ අඳුරු උමං දොරෙන් පිටතට පැමිණි අපි එයට තරමක් ඈතින් පිහිටි උමගකට ඇතුළ්වූයෙමු. එය පොදුවේ සෑම සංචාරයකුටම ගොස් බැලිය හැකි අයුරින් විශාල විවරයක් ද, එනිසා උපන් ආලෝකය සහිතවූ ද, උමගට ඇතළුවන තැන දක්වා පඩිපෙළ සහිතවූද, පෙර අඳුරු උමගට සාපේක්ෂව "පහසුකම් සහිත" උමගකි.

මේ උමග පිහිටියේ මතුපිට පොළෝ තලයෙන් මීටර් 3 ක් පමණ යටිනි. එම පස් තට්ටුවේ ගනකමට අනුව එයට උඩින් ටොන් 50 ක් බරැති යුද්ධ ටැංකියක් ගමන් කළද උමගට හානියක් සිදු නොවේ.

මේ උමගක උස මීටරයක් හෝ මීටර් 1/2 ක් පමණ වේ. කෙනෙකුට එහි කඳ කෙළින් තබා ගමන් කළ නොහැක. එය පටුවූ බැවින් උමග තුළදී ආපසු හැරීමට ද නොහැක. එහෙත් තැනින් තැන තරමක් ඉඩ සහිත ස්ථාන ඇති අතර ඒවායේදී ගිමන්හැරීම ද කළ හැක. තැනක උමග දෙකට බෙදී තවත් උමං මාර්ගයක් නැතහොත් උමං ශාකාවක් හමුවූ නමුත් සංචාරකයන් වන අප හිතූ මනාපේ මේ සෑම උමං මගකටම "රිංගීම" සුදුසු නැත. ආලෝකය යහපත්ව ඇති උමං දිගේ මම නැවතත් පොළෝ මතුපිටට ආවෙමි.

මෙහි පොළොව මතුපිට සිට උස අනුව ස්ථර තුනකින් උමං මාර්ග ඇත. ඒ මීටර් තුනෙන් තුනට ගැඹුරු වන පරිදියි. ඒ අනුව විෂ වායු ප්‍රහාරයකදී පවා පහළම උමං ස්ථරය නිරුපද්‍රිත වන ලෙස එය සකසා තිබේ.

සැබවින්ම මෙම උමං පද්ධතිය සකස් වුණේ ඇමරිකානු හමුදාවන්ට පහරදීමේ අරමුණින් නොවේ. 40 දශකයේ අගභාගයේදී ප්‍රංශ ආක්‍රමණිකයාට පහරදීම පිණිස සැඟවුණු යුද කඳවුරක් බිහි කිරීමේ අරමුණින් මෙම උමං පද්ධතිය කැණීම ඇරඹුවද ප්‍රංශ ආක්රමණිකයා පළා යැමෙන් පසු මෙම උමං පද්ධතිය ප්‍රයෝජනයකට නොගෙන වල්බිහිවිය. ඇමරිකානු ආක්‍රමණිකයාට එරෙහි සටන ඇරඹෙනතුරු වසර 25 ක පමණ කාලයක් මෙම උමං පද්ධතිය සහ අවට පෙදෙස වල්වැදුනද එම වල්වැදිම වියට්කොං ගරිල්ලාට වෙස්වලාගත් ආශිර්වාදයක් විය. නැතහොත් උමං පද්ධතියට වෙස්වලා ගැනීම පිණිස ඒ අතහැරදැමීම ආශිර්වාදයක් විය.

මේ කිසිත් නොදත් ඇමෙරිකානුවන් තම දකුණු මූලස්ථානය පිහිටවනු ලැබුවේ කුචි උමං ප්‍රදේශවලට ඉතා නුදුරෙනි. ඇමරිකානුවන්ගේ එම මූලස්ථානයට කුචි උමං වලින් පැමිණ වියට්කොං ප්‍රහාර එල්ල වද්දී ප්‍රහාරකයන් පැමිණියේ කොහෙන්ද ඔවුන් ගියේ කොහොමදැයි සිතා ගත නොහැකිව ඇමරිකානුවෝ සෑහෙන කළක් අන්දමන්ද වී සිටියහ.

අවසානයේ තමන්ට පක්ෂපාත දකුණු දිග වියට්නාම වැසියන්ගේ සහ ජීවග්රහයෙන් අල්ලාගත් ගරිල්ලන්ගෙන් ලද තොරතුරු මත කුචි උමං පිළිබඳව සොයාගත්තද එතන සැඟව සිටින සටන්කාමීන් අඩපණ කිරීමට ඇමරිකාවට නොහැකි විය. උමං තුළට ජල ධාරා යෑවීම, විෂ වායු යෑවීම වැනි උත්සාහයන් ගත්තද උමං වල පැතිරීම සහ පිහිටීම හේතුවෙන් එම උත්සාහයන් ව්‍යර්ථ විය.

මෙහි ප්‍රහාර සඳහා පැමිණීම ඇමරිකානුවන්ට මරණය සඳහා අතවැනීමක් විය. උමං අතරින් නොසිතන මොහොතක මතුවන වියට්කොං ගරිල්ලෝ ඇමරිකානු හමුදා වටකොට පහරදුන්හ. ඒ සියල්ලට වඩා මෙහි මර උගුල් බහුල විය. අතිශයින් තියුණු උල් සහිති බට කෝටු සිටුවා ඇති බොරු වළවල් වල වැටෙන ඇමරිකානු භටයන්ට අත්වන්නේ උල තැබීමේ දඬුවමයි. මේ මර උගුල් ඉතා සරළ තාක්ෂණයෙන් යුතු වුවත් ඒවා අතිශයින් භයානකය. එක් උගුල් ක්‍රමයකදී බොරුවළ මැද තල ඹබරයක මෙන් යවුල් රෝදයක් ඇති අතර එයට සෙබලා වැටෙන අතරවාරයේ ඔහුගේ පාදාන්තයේ සිට ශීර්ෂාන්තය දක්වා යවුල් ඇනේ. තවත් බොරුවළක් තනා ඇති ක්‍රමයට එයට හසුවන්නාගේ උදරයත් හිසත් යවුල් තල දෙකකින් පසුරු වේ.

එබැවින් මේ පෙදෙස ඇමරිකානු සෙබළුන්ට වදකාගාරයක් මෙන් විය.

කුචි උමං භූමියේ වන එවැනි මර උගුල් කීපයක ආකෘති මට පෙන්වූ මාර්ගෝපදේශක "ක්වී" තවත් තැනකට ගොස් භූගත අවි නිෂ්පාදනාගාරයක් පෙන්වයි. තවත් තැනක භූගත ශල්යාගාරයකි. මේ සියල්ල යුද සමයේ පැය 24 ම ක්‍රියාත්මක වූ ඒවාය. තවත් තැනක යුද භටයන් සඳහා පාවහන් සාදයි. ඒවා (පාවහන්) සකසා ඇත්තේ ටයර්, පාදයේ හැඩයට කපාගැනීමෙනිs.

වෑන් ක්වී විසින් මට පෙන්වන ලද තැන් අතුරෙන් භූගත මුළුතැන්ගෙය සුවිශේෂී විය. ඒ එහි දුම පිටකළ ක්‍රමයෙනි. මේ මුළුතැන්ගෙයි දුම පිටවූයේ එයට අඩි සියගණනක් දුරිනි. සතුරු ඉලක්කය මුලා කිරීමට යෙදූ උපක්රමයකි ඒ.

මේ භූමියේ එළිමහනෙහි වියට්කොං ගරිල්ලන් විසින් විනාශ කළ ඇමරිකානු යුද ටැංකියක් වේ. තවද ඇමරිකානු ගුවන් ප්‍රහර සඳහා යොදාගත් යෝධ ප්‍රමාZණයේ පුපුරා නොගිය බෝම්බද එක්තැන් කර ඇත. මේවා අතුරින් ඇවිද යන ක්වී මට තුඹසක් පෙන්නුවේය. මේ කුමක්දැයි ඔහු මගෙන් විමසා සිටියේය. තුඹසකින් එහා ගිය විශේෂත්වයක් මම එහි නොදැක්කෙමි.

"මේ තමයි උමං ඇතුළට ඔක්සිජන් සපයන වායු කුහර. මෙය තුඹසක් වගේ පෙනෙන නිසා මේ කුහර වලින් උමං වලට වාතාශ්‍රය සපයන බවට කිසිවකු සිතන්නේ නැහැ. ඇමරිකන් හමුදාවත් එක්ක මෙහි සෝදිසි මෙහෙයුම් වලට එක්වූ බල්ලන් මිනිස් ඉවට මේ තුඹස් ළඟ ගැවසුනත් ඇමරිකානු හමුදාව හිතන්නේ තුඹස් වල ඉන්න සතෙකුට ඉවකරනවා කියලයි"

සරළ, එහෙත් අතිසාර්ථක උපක්‍රමයක් ගැන වෑන් ක්වී කරුණු පහදයි.

මේ ගමන අතරතුර එදා කුචි උමංවල සිටි වියට්කොං ගරිල්ලන්ගේ ප්‍රධාන ආහාරයක් වූ මඤ්ඤොක්කා සංග්‍රහයක් ද මට ලැබිණි.

දැන් ගමන අහවර වීමට ආසන්නය.

"මේ කුචි උමං නරඹන්න ඇමරිකානුවොත් එනවද?"

මම ක්වී ගෙන් ඇසීමි.

"එනවා, ගොඩක් එනවා. ඒත් අපේ යුද යාන්ත්‍රනය උපක්‍රම ගැන කියලා මේ දේවල් පෙන්වද්දී ඔහේ බලාගෙන ඉන්නවා. කතා කරනවා නම් අඩුයි" ඔහු උපහාසාත්මක හිනාවකින් පිළිතුරු දුන්නේය.

වියට්කොං ගරිල්ලන්ගේ මේ උමං ජීවිතය අතිශයින් කටුක විය. මැලේරියාවෙන්ද, සර්පයන් දෂ්ඨ කිරිමෙන්ද සමහරක් මරු වැළඳ ගත්හ. දස දහස් ගණනක් ඇමරිකානු හමුදාව සමග සටන් වැදී මරු දුටහ.

මෙතෙන සටන් වලට වියට්කොං හමුදාවේ 16,000 ක් විතර සහභාගි වෙලා තියෙනවා. ඒත් ඉතිරි වුණේ 4000 යි"

වෑන් ක්වී අප සමුගැනීමට පෙර අවසන් වශයෙන් පැවසූ එම තොරතුරට අනුව 12,000 ක්, වියට්කොං ගරිල්ලන් මෙම භූමියේ ජීවිතය පුදා තිබේ.

ඒ 12,000 ක ගේ රුධිරයෙන් තෙත්වූ මේ බිම අභිමානවත් සංග්රාම භූමියක්aa බවට පත්ව ඇත. මේ කුචි උමං තුළ තවමත් රැඳී ඇති ඔවුන්ගේ අවසන් සුසුම් ජාත්‍යාලය නමැති උතුම් හැඟීමට පණපොවනු ඇත.

සටහන ඉන්ද්‍රජිත් සුබසිංහ

http://www.divaina.com/2010/10/03/nimna05.html

[QUOTE="DIGPRIYANKARA, post: 12572896, member: 366083"] [b]ඇමරිකාව දණගැස්වූ කුචි උමං දැකගතිමි[/b] [SIZE="4"] යුද්ධයකදී, හමුදාවක ධෛර්යය සහ උපක්‍රමශීලී ශක්තිය පැරදවිය හැකි අවියක් මෙතෙක් බිහිවී නැතැයි සිතේ. ඒ ඔබ පසක් කළ භූමිය වෙත මම ගමන් කරමින් සිටිමි. ලොව මහා බලවතා ලෙසින් පාරම්බානා ඇමරිකාව, සිහි විකල් වන තරමට නන්නත්තාර කළ, දුවන තුරු පහරදුන් වියට්නාම් ගරිල්ලන්ගේ දකුණු දිග මූලස්ථානය වූ කුචි උමං පිහිටි පෙදෙස වෙත මම යමින් සිටිමි. වියට්නාමයේ හොචි මිං නගරයේ පැවැති 15 වැනි ආසියානු කනිෂ්ඨ වොලිබෝල් තරගාවලිය වාර්තා කිරීම පිණිස ගිය මා හට තරගාවලිය අතරතුර ලැබුණු එක් දින "වාර්තා විරාමයේ" කළ යුත්ත කුමක්දැයි දෙවරක් නොසිතා කුචි උමං නැරඹීම අගනේ යෑයි තීරණය කළෙමි. "වියට්නාමය" යෑයි අසනා සැනින් එහි තේරුම "මහා බලවතාගේ පරාජය" යෑයි සිතෙන තරමටම ඇමරිකානුවන්ට එරෙහිව වියට්කොං ගරිල්ලන් කළ දේශප්‍රේමී සටන, වියට්නාමයේ ගෝලීය හැඳින්වීම, නැතහොත් ලකුණ බවට පත්ව තිබේ. එහෙව් වියට්නාම දේශයට ගොස් ඒ ඓතිහාසික සටනේ සමරු නොබලා එනු කෙලෙස.... ගෙවුණු දශකයක කාලය පුරාම අඛණ්ඩ ආර්ථික වර්ධනයක් සහිත රටක ප්‍රධාන වාණිජ නගරයක් වූ හොචි මිං හී අහසට වඩා මදක් මිටි කොන්ක්‍රීට් තට්ටු වල උස දැන් කෙමෙන් අවම වෙයි. මී මැසි පොදි මෙන් පාරවල් අරක්ගත් දස දහස් සංඛ්‍යාත යතුරුපැදි සහ අලුත්ම අලුත් ජපන් වාහන වලින් පිරීගිය ගමන් මග දැන් කෙමෙන් කෙමෙන් නිදහස් ධාවනයකට පහසුකම් සලස්වමින් වාහන "ඝණත්වය" අඩුව යයි. නැති නම් මා රැගත් රථය නගරයෙන් ගමට සේන්දු වෙයි. මගේ ගමනාන්තය වන කුචි උමං පිහිටා ඇත්තේ හොචි මිං නගර මධ්‍යයෙන් කිලෝමීටර් 70 ක පමණ දුරින් වයඹ දෙසට වන්නටය. නැතහොත් "කුචි" නමැති දිස්ත්රික්කයේය. මාගේ මාර්ගෝපදේශකයා පැවසූ පරිදි "කුචි යන වචනයේ තේරුම චිත්රයයි. සැබැවින්ම මේ කුචි පෙදෙසේ පොළොව මතුපිටින් පෙනෙන චිත්‍රයත්, එහි පොළෝ තලයට යටින් ඇති චිත්‍රයත් සහමුලින්ම වෙනස්ය. මේ පොළොව මතුපිට ඇත්තේ කැළෑ ස්වභාවයකි. මේ කැළෑවට යටින් අංග සම්පූර්ණ යුද නගරයක් ඇතැයි කාට නම් සිතේද? මෙම කුචි උමං පද්ධතිය කිලෝමීටර් 200 කට වැඩි දුරක් මේ පොළොව යටින් විහිදී තිබේ. ඒ අතරෙහි විවේකාගාර, අවිහල්, අවි සහ මරඋගුල් නිෂ්පාදනාගාර, රැස්වීම්ශාලා, රෝහල් සහ මුළුතැන්ගෙවල් ආදී යුද සැපයුම් සහ සටන් කරුවන්aගේ සුබසාධනය සැලසු සියලු දේ ඇත. මෙහි එක් අන්තයක් මී කොං ඩෙල්ටාව ආශ්රිත සෙයිගොං ගංගාවට වැටී ඇත්තේ එම ගංදිය "හදිසි දොරටුවක්" ලෙස පාවිච්චි කරනු පිණිසය. හොචි මිං නගර මධ්‍යයෙන් ඇරඹි ගමන පැය 1 1/2 පමණ කාලයක් අවසානයේ "දැන් ඔබ ගමනාන්තයට ආසන්න වී ඇතැ" යි මාර්ගෝපදේශකයා පැවසීය. මේ මග දෙපස සුවිසල් රබර් යායවල් වේ. පරිසර පද්ධතියේ සහ දේශගුණයේ කැපී පෙනෙන නුහුරක් නොපෙනේ. මේ රබර් වතුද මේ පරිසරයද මට මගේ රටේ අගලවත්ත පැත්තේ ගමන් කරනයුරු සිහිකරයි. පෙර දිනයෙහි දෙකෙහි ඇදවැටුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කුචි උමං ප්‍රදේශය ගොහොරු වී තිබීමට ඉඩ ඇතැයි පැවසූ හොචි මිං හී සිටින ශ්‍රී ලාංකික මිතුරෝ මට අනතුරු ඇඟවීමක් කළද, කුචි උමං අත්දැකීම" වෙනුවෙන් ඕනෑම අවහිරයක් දරා ගැනීමේ මානසික සූදානමකිනි මම ගමන ඇරඹුයේ. එහෙත් ගමනාන්තයෙන් බැස අවට බැලූවිට වැස්සෙන් උපන් පංක දුර්ග නොවේ යෑයි මට හැඟිණි. එදා දස දහස් ගණනක් ජීවිත නැසී ගිය මේ දරුණු යුද බිම අද වියට්නාම රජයට විශාල ආදායමක් එක් කරන සංචාරක භූමියක් වී ඇති වගත් බැලූ බැල්මට පෙනෙයි. විදේශිකයෝ මෙහි බහුල වෙති. මෙතැන් පටන් මට කුචි උමං ගැන දැනුමෙන් සන්නද්ධ අලුත් මාර්ගෝපදේශකයකු ලැබිණි. වෑන් ක්වී නමැති ඔහු දැනුමෙන් පමණක් නොව විහිළු කතා වලින්ද පිරිපුන්ය. පළමුවෙන්ම ඔහු නතරවූයේ කොළ රොඩු විසිරුණ තැනකය. ඈතින් කොළ රොඩු ටිකක් එහා මෙහා කළ ඔහු පොළොව මත පිහිටි හතරැස් ලෑල්ලක් පාදාගත්තේය. මෙය පියනක් ආකාරයෙන් යොදාගන්නා උමං සඳහා ප්‍රවේශ දොරටුවකි. මෙය දොරටුවක් ලෙසින් හැඳින්වුවද එහි ප්‍රමාණය නාන කාමරයක වන කුඩා ජනෙල් පියනකටද වඩා කුඩාය. පළමුව දෙපා ද අනතුරුව කඳ ද අවසානුයේ දෙවුර ද යන අනුපිළිවෙළින් වෑන් ක්වී මේ දොරටුවෙන් ඇතුළු විය. පසුව තම දෙඅත් සහ හිස "වළෙන්" එළියට හොවා අවට වන කොළ රොඩු ටිකක් ලී පියන මතට දමා එය දැතින් ගෙන උමං දොරටුව වසා දැමීය. ඔහු පොළොවෙහි කිමිද තප්පර කිහිපයකට නොපෙනී ගියේ මෙතැන උමං දොරටුවක් තිබේ යෑයි නිකමටවත් නොසිතන ලෙස උමං දොරටුව කොළ රොඩු අතර සඟවමිනි. නැවතත් උමං දොරෙන් පිටතට පැමිණි ක්වී මේ උමඟට රිංගන ආකාරය ප්‍රායෝගිකව අත්විඳීමට මට ආරාධනා කළේය. මමද සමස්ත සිරුරේ බර උමං දොර දෙපස තැබූ දැතට දෙමින් සීරුවෙන් එයට කකුල් සහ කඳ ඇතුළු කළෙමි. මේ උමං දොරේ විවරය හරියටම මගේ සිරුරේ ප්‍රමාණයට සමාන වූ අතර එහි හිරවෙන නොවනෙ ගාණින් ඇදිගිය මා සිරුරෙන් හිස සහ උරහිස පමණක් පිටතට සිටියදී දෙපා උමගේ බිමෙහි වැදුණි. පසුව මමද වෑන් ක්වීගේ ක්‍රියාව අනුගමනය කරමින් උමං දොර වැසීමට උත්සාහ ගත්තද මගේ උරහිස් උමග තුළට ගත නොහැකිව දොරෙහි හිරවිණි. මගේ තරමටම උරහිස් පළල් වෑන් ක්වී කළ දෙය මට කළ නොහැකි වූයේ ඇයි? පසුව මට කාරණාව වැටහුණි. මේ උමගට රිංගන තාක්ෂණයක් ඇත. උමගට ඇතුළු වීම පිණිස ශරීර අවයව මෙහෙයවන තාක්ෂණය 100 % ක් පිළිපදිමින් දෙඅත් පොළොවට ලම්භකව තබාගනිමින් ශරීරය පහත් කරන විට උරහිස පහසුවෙන් උමග තුළට හොවාගත හැකිවිය. පියනෙන් උමං දොර වසාගෙන සමස්ත සිරුරම උමග තුළට හොවාගත් විට තනි අන්ධකාරයක් මිස වෙන කිසිවක් මට නොපෙනුණි. නොදන්නා මා මේ අඳුර මැද තප්පර කිහිපයක කාලයකට මංමුලාවූවද, දන්නෝ උමග තුළ මහා මාර්ගයක මෙන් ගමන් කරන්නට ඇතැයි සිතේ. ඒත් මේ අඳුර මැද උමගේ දිග පළලක් දකින්නට තබා අඩියක් හෝ ඉදිරියට තබන්නට මම බිය වීමි. මට පිටතින් ඇති හරිත ලෝකය යට මම මොහොතකට බිංකුංඩකු වී ඇතැයි මට සිතේ. වහාම මම පියන ඉවත් කරමින් උමං දොරෙන් පිටවීමට උත්සාහ කළද නැවතත් උරහිස හිරවිය. යළිත් පොළොවට ලම්භකව දැත් ඔසවමින් උමගට බැසීමට ශරීරය හැසිරවූ අනුපිළිවෙල "රිවර්ස්" කරමින් මම ගොඩට ආවෙමි. මේ උමගට බැසීම පවා උපක්‍රමශීලී යෑයි ප්‍රායෝගිකව වටහාගත්තෙමි. අවබෝධයක් නොමැත්තෙකුට හදිසියෙන් එහි ඇතුළ්වීමට හෝ ඉන් පිටවීමට අවකාශ නොමැත. ඒ සියල්ලට අමතරව මේ උමං දොරෙහි ප්‍රමාණය අතින් එහි ප්‍රවේශ හැකියාව ඇත්තේ වියට්නාම වැසියන්ටමය. විශාල ශරීර ඇති ඇමරිකානුවන්ට එය උගහටය. වියට්නාම වැසියන්ගේ ශරීරය මේ උමං දොරෙහි ප්‍රමාණය හා සැසදෙනුයේ යතුරු හිලකට, යතුරක් ගැලපෙන අයුරිනි. මේ අඳුරු උමං දොරෙන් පිටතට පැමිණි අපි එයට තරමක් ඈතින් පිහිටි උමගකට ඇතුළ්වූයෙමු. එය පොදුවේ සෑම සංචාරයකුටම ගොස් බැලිය හැකි අයුරින් විශාල විවරයක් ද, එනිසා උපන් ආලෝකය සහිතවූ ද, උමගට ඇතළුවන තැන දක්වා පඩිපෙළ සහිතවූද, පෙර අඳුරු උමගට සාපේක්ෂව "පහසුකම් සහිත" උමගකි. මේ උමග පිහිටියේ මතුපිට පොළෝ තලයෙන් මීටර් 3 ක් පමණ යටිනි. එම පස් තට්ටුවේ ගනකමට අනුව එයට උඩින් ටොන් 50 ක් බරැති යුද්ධ ටැංකියක් ගමන් කළද උමගට හානියක් සිදු නොවේ. මේ උමගක උස මීටරයක් හෝ මීටර් 1/2 ක් පමණ වේ. කෙනෙකුට එහි කඳ කෙළින් තබා ගමන් කළ නොහැක. එය පටුවූ බැවින් උමග තුළදී ආපසු හැරීමට ද නොහැක. එහෙත් තැනින් තැන තරමක් ඉඩ සහිත ස්ථාන ඇති අතර ඒවායේදී ගිමන්හැරීම ද කළ හැක. තැනක උමග දෙකට බෙදී තවත් උමං මාර්ගයක් නැතහොත් උමං ශාකාවක් හමුවූ නමුත් සංචාරකයන් වන අප හිතූ මනාපේ මේ සෑම උමං මගකටම "රිංගීම" සුදුසු නැත. ආලෝකය යහපත්ව ඇති උමං දිගේ මම නැවතත් පොළෝ මතුපිටට ආවෙමි. මෙහි පොළොව මතුපිට සිට උස අනුව ස්ථර තුනකින් උමං මාර්ග ඇත. ඒ මීටර් තුනෙන් තුනට ගැඹුරු වන පරිදියි. ඒ අනුව විෂ වායු ප්‍රහාරයකදී පවා පහළම උමං ස්ථරය නිරුපද්‍රිත වන ලෙස එය සකසා තිබේ. සැබවින්ම මෙම උමං පද්ධතිය සකස් වුණේ ඇමරිකානු හමුදාවන්ට පහරදීමේ අරමුණින් නොවේ. 40 දශකයේ අගභාගයේදී ප්‍රංශ ආක්‍රමණිකයාට පහරදීම පිණිස සැඟවුණු යුද කඳවුරක් බිහි කිරීමේ අරමුණින් මෙම උමං පද්ධතිය කැණීම ඇරඹුවද ප්‍රංශ ආක්රමණිකයා පළා යැමෙන් පසු මෙම උමං පද්ධතිය ප්‍රයෝජනයකට නොගෙන වල්බිහිවිය. ඇමරිකානු ආක්‍රමණිකයාට එරෙහි සටන ඇරඹෙනතුරු වසර 25 ක පමණ කාලයක් මෙම උමං පද්ධතිය සහ අවට පෙදෙස වල්වැදුනද එම වල්වැදිම වියට්කොං ගරිල්ලාට වෙස්වලාගත් ආශිර්වාදයක් විය. නැතහොත් උමං පද්ධතියට වෙස්වලා ගැනීම පිණිස ඒ අතහැරදැමීම ආශිර්වාදයක් විය. මේ කිසිත් නොදත් ඇමෙරිකානුවන් තම දකුණු මූලස්ථානය පිහිටවනු ලැබුවේ කුචි උමං ප්‍රදේශවලට ඉතා නුදුරෙනි. ඇමරිකානුවන්ගේ එම මූලස්ථානයට කුචි උමං වලින් පැමිණ වියට්කොං ප්‍රහාර එල්ල වද්දී ප්‍රහාරකයන් පැමිණියේ කොහෙන්ද ඔවුන් ගියේ කොහොමදැයි සිතා ගත නොහැකිව ඇමරිකානුවෝ සෑහෙන කළක් අන්දමන්ද වී සිටියහ. අවසානයේ තමන්ට පක්ෂපාත දකුණු දිග වියට්නාම වැසියන්ගේ සහ ජීවග්රහයෙන් අල්ලාගත් ගරිල්ලන්ගෙන් ලද තොරතුරු මත කුචි උමං පිළිබඳව සොයාගත්තද එතන සැඟව සිටින සටන්කාමීන් අඩපණ කිරීමට ඇමරිකාවට නොහැකි විය. උමං තුළට ජල ධාරා යෑවීම, විෂ වායු යෑවීම වැනි උත්සාහයන් ගත්තද උමං වල පැතිරීම සහ පිහිටීම හේතුවෙන් එම උත්සාහයන් ව්‍යර්ථ විය. මෙහි ප්‍රහාර සඳහා පැමිණීම ඇමරිකානුවන්ට මරණය සඳහා අතවැනීමක් විය. උමං අතරින් නොසිතන මොහොතක මතුවන වියට්කොං ගරිල්ලෝ ඇමරිකානු හමුදා වටකොට පහරදුන්හ. ඒ සියල්ලට වඩා මෙහි මර උගුල් බහුල විය. අතිශයින් තියුණු උල් සහිති බට කෝටු සිටුවා ඇති බොරු වළවල් වල වැටෙන ඇමරිකානු භටයන්ට අත්වන්නේ උල තැබීමේ දඬුවමයි. මේ මර උගුල් ඉතා සරළ තාක්ෂණයෙන් යුතු වුවත් ඒවා අතිශයින් භයානකය. එක් උගුල් ක්‍රමයකදී බොරුවළ මැද තල ඹබරයක මෙන් යවුල් රෝදයක් ඇති අතර එයට සෙබලා වැටෙන අතරවාරයේ ඔහුගේ පාදාන්තයේ සිට ශීර්ෂාන්තය දක්වා යවුල් ඇනේ. තවත් බොරුවළක් තනා ඇති ක්‍රමයට එයට හසුවන්නාගේ උදරයත් හිසත් යවුල් තල දෙකකින් පසුරු වේ. එබැවින් මේ පෙදෙස ඇමරිකානු සෙබළුන්ට වදකාගාරයක් මෙන් විය. කුචි උමං භූමියේ වන එවැනි මර උගුල් කීපයක ආකෘති මට පෙන්වූ මාර්ගෝපදේශක "ක්වී" තවත් තැනකට ගොස් භූගත අවි නිෂ්පාදනාගාරයක් පෙන්වයි. තවත් තැනක භූගත ශල්යාගාරයකි. මේ සියල්ල යුද සමයේ පැය 24 ම ක්‍රියාත්මක වූ ඒවාය. තවත් තැනක යුද භටයන් සඳහා පාවහන් සාදයි. ඒවා (පාවහන්) සකසා ඇත්තේ ටයර්, පාදයේ හැඩයට කපාගැනීමෙනිs. වෑන් ක්වී විසින් මට පෙන්වන ලද තැන් අතුරෙන් භූගත මුළුතැන්ගෙය සුවිශේෂී විය. ඒ එහි දුම පිටකළ ක්‍රමයෙනි. මේ මුළුතැන්ගෙයි දුම පිටවූයේ එයට අඩි සියගණනක් දුරිනි. සතුරු ඉලක්කය මුලා කිරීමට යෙදූ උපක්රමයකි ඒ. මේ භූමියේ එළිමහනෙහි වියට්කොං ගරිල්ලන් විසින් විනාශ කළ ඇමරිකානු යුද ටැංකියක් වේ. තවද ඇමරිකානු ගුවන් ප්‍රහර සඳහා යොදාගත් යෝධ ප්‍රමාZණයේ පුපුරා නොගිය බෝම්බද එක්තැන් කර ඇත. මේවා අතුරින් ඇවිද යන ක්වී මට තුඹසක් පෙන්නුවේය. මේ කුමක්දැයි ඔහු මගෙන් විමසා සිටියේය. තුඹසකින් එහා ගිය විශේෂත්වයක් මම එහි නොදැක්කෙමි. "මේ තමයි උමං ඇතුළට ඔක්සිජන් සපයන වායු කුහර. මෙය තුඹසක් වගේ පෙනෙන නිසා මේ කුහර වලින් උමං වලට වාතාශ්‍රය සපයන බවට කිසිවකු සිතන්නේ නැහැ. ඇමරිකන් හමුදාවත් එක්ක මෙහි සෝදිසි මෙහෙයුම් වලට එක්වූ බල්ලන් මිනිස් ඉවට මේ තුඹස් ළඟ ගැවසුනත් ඇමරිකානු හමුදාව හිතන්නේ තුඹස් වල ඉන්න සතෙකුට ඉවකරනවා කියලයි" සරළ, එහෙත් අතිසාර්ථක උපක්‍රමයක් ගැන වෑන් ක්වී කරුණු පහදයි. මේ ගමන අතරතුර එදා කුචි උමංවල සිටි වියට්කොං ගරිල්ලන්ගේ ප්‍රධාන ආහාරයක් වූ මඤ්ඤොක්කා සංග්‍රහයක් ද මට ලැබිණි. දැන් ගමන අහවර වීමට ආසන්නය. "මේ කුචි උමං නරඹන්න ඇමරිකානුවොත් එනවද?" මම ක්වී ගෙන් ඇසීමි. "එනවා, ගොඩක් එනවා. ඒත් අපේ යුද යාන්ත්‍රනය උපක්‍රම ගැන කියලා මේ දේවල් පෙන්වද්දී ඔහේ බලාගෙන ඉන්නවා. කතා කරනවා නම් අඩුයි" ඔහු උපහාසාත්මක හිනාවකින් පිළිතුරු දුන්නේය. වියට්කොං ගරිල්ලන්ගේ මේ උමං ජීවිතය අතිශයින් කටුක විය. මැලේරියාවෙන්ද, සර්පයන් දෂ්ඨ කිරිමෙන්ද සමහරක් මරු වැළඳ ගත්හ. දස දහස් ගණනක් ඇමරිකානු හමුදාව සමග සටන් වැදී මරු දුටහ. මෙතෙන සටන් වලට වියට්කොං හමුදාවේ 16,000 ක් විතර සහභාගි වෙලා තියෙනවා. ඒත් ඉතිරි වුණේ 4000 යි" වෑන් ක්වී අප සමුගැනීමට පෙර අවසන් වශයෙන් පැවසූ එම තොරතුරට අනුව 12,000 ක්, වියට්කොං ගරිල්ලන් මෙම භූමියේ ජීවිතය පුදා තිබේ. ඒ 12,000 ක ගේ රුධිරයෙන් තෙත්වූ මේ බිම අභිමානවත් සංග්රාම භූමියක්aa බවට පත්ව ඇත. මේ කුචි උමං තුළ තවමත් රැඳී ඇති ඔවුන්ගේ අවසන් සුසුම් ජාත්‍යාලය නමැති උතුම් හැඟීමට පණපොවනු ඇත. [IMG]http://www.divaina.com/2010/10/03/nimumaga.jpg[/IMG] සටහන ඉන්ද්‍රජිත් සුබසිංහ[/SIZE] [url]http://www.divaina.com/2010/10/03/nimna05.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom