Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇම්ඩන් යන වචනය - එම්ඩන් නැව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇම්ඩන් යන වචනය - එම්ඩන් නැව

පළමු ලෝක යුද්ධයේදී ලංකාව වටේ පිස්සු නැටූ එම්ඩන් නැව

එසේ. එම්.එස්. එම්ඩන් පළමු ලෝක මහා සංග්‍රාමයේදී ඉන්දියානු සාගරයට කඩාපැන බ්‍රිතාන්‍ය අධිරාජයාගේ නාවික හමුදාවට ඉන්දියානු සාගරය එපා කරවීය. තනි නෞකාවක් බ්‍රිතාන්‍ය නාවික හමුදාවම භීතියට පත් කළේය යන්න විශ්වාස කළ නොහැකි තරමේ අපූර්ව එකකි. එහෙත් එය එසේම සිදුවිය.

එස්.එම්.එස්. එම්ඩන් නෞකාව දියත් කළේ 1908 වසරේ දී ය.

නෞකාවක නමට ඉදිරියෙන් අභිධානයක් (වර්ග කිරීම) කරන්නේ සම්මත ක්‍රම කිහිපයක් අනුව ය. එම්ඩන් නැව නම් කර තිබුණේ. එස්.එම්.එස්. එම්ඩන් යනුවෙනි. එස්.එම්.එස්. යනු ජර්මානු අධිරාජ්‍ය නෞකා යන තේරුම ගෙන දෙන ජර්මානු වචන තුනක මුල් අකුරු තුන ය.

බ්‍රිතාන්‍ය නෞකා හැදින්වීමේ දී එහි ඉදිරිපසින් යෙදෙන්නේ එච්.එම්.එස් හෙවත් ‘‘හ(ර්) මැජෙස්ටිස් ෂිප්’’ හෙවත් ‘මහරැජිනගේ නාවික හමුදාව’ යනුවෙනි.

එම්ඩන් යනු උතුරු ජර්මනියේ පිහිටි නගරයකි. නෞකා විනාශ කරන ටෝර්පිෙඩා් ටියුබ් දෙකකින් සහ කාලතුවක්කු දහයකින් යුක්ත අතිබලසම්පන්න යුද නෞකාවක් විය. ජර්මානු නැගෙනහිර ආසියා නාවික බළකායට අයත් එම්ඩන් නැව එවකට ජර්මනියට යටත්ව තිබූ චීනයේ නැගෙනහිර වෙරළබඩ ෂැන්වොන් ප්‍රාන්තයේ ට්සිංටැඩ් වරායේ ස්ථිර නැංගුරම්පොළ ලෙස තෝරාගෙන තිබිණි.

පළමු ලෝක මහා සංග්‍රාමය ආරම්භවීමට ඔන්න මෙන්න කියා තිබුණ 1913 අවුරුද්දේ එම්ඩන්ගේ පාලනය අපූරු කප්පිත්තකුගේ අතට පත්විය. ඔහු නම් නාහෙට නාහන කපිතාන්වරයකු වූ කාර්ල් වොන් මුලර් ය. ඔහු සමඟ නාවිකයන් 343 දෙනකු සේවය කළ අතර නිලධාරින් ගණන 18ක් විය. කාලතුවක්කු වෙඩි බලය කිලෝමීටර් 12ක් දක්වා විහිදුණේ ය.

පළමු ලෝක මහා සංග්‍රාමය 1914 වසරේ ඇරඹෙන විට අද තරම් දියුණු පණිවිඩ හුවමාරු ක්‍රම නොතිබූ හෙයින් එම්ඩන් නවතා සිටි චීනයට අයත් මුහුදු පෙදෙසට රුසියානු යුදනැවක් වූ ‘‘සෙම්චග්’’ පැමිණ තිබුණේය. එම්ඩන් යුද්ධය ඇරඹී තිබූ බව දැන සිටි අතර රුසියානුවන් එය දැන සිටියේ නැත. එම්ඩන් රුසියානු සෙම්චග් යුද නැව යටත් කරගෙන එය චීනයේ ට්යිවොඩ් වරායට දක්කාගෙන ගියේය.

ඉන්දියානු සාගරයේ තිබූ ජර්මන් නෞකා රැසකටම වහා ගමන නවතා සෙසු නෞකා සමඟ ජර්මනිය කරා පැමිණෙන ලෙස ජර්මන් නාවික මූලස්ථානයෙන් පණිවිඩ ලැබුණේ මේ අතර ය. ගමන් මග වැටී තිබුණේ පැසිපික් සාගරය දිගේ යාත්රාකොට දකුණු ඇමරිකා තුඩුව අසලින් ජර්මනිය දක්වා යන මුහුදු ගමන් මාර්ගයේ ය. සෙසු නෞකාවලට ඒ මග යන ලෙස දැනුම් දුන් එම්ඩන් කපිතාන් වොන් මුලර් තමා දකුණු චීන මුහුද, සුමාත්‍රා දූපත්, ලංකාවට යටින් යන නාවික මාර්ගය දිගේ ගොස් යුරෝපයට පැමිණෙන බවත් ඒ අතර අමුතුම ආකාරයේ සෙල්ලම් ටිකක් දමන බවත් තම අණදෙන නිලධාරියාට දැනුම් දුන්නේ ය. ඔහුගේ අරමුණ වුණේ මහදී හමුවන නෞකාවලට පහර දී ගිල්වා දමමින් ඉන්දියානු සාගරය තුළ බල පරාක්‍රමයක් පැතිරවීම ය.

කපිතාන් මුලර්ගේ සැලැස්ම වී තිබුණේ බ්‍රිතාන්‍යයන් යටතේ තිබූ සිංගප්පූරුව, කල්කටා සහ කොළඹට පැමිණ හැකි තරම් නෞකා ගිල්වා දැමීමට ය. පළමුව කපිතාන් මුලර් නෞකාව රැගෙන සුමාත්‍රා දූපතේ මොලුක්කා වරායට පැමිණියේ ය. සුමාත්‍රාව ඒ වන විට පෘතුගීසි යටත් විජිතයක් විය. එහි දී හැකිතරම් ආහාර ගබඩා කරගත් එම්ඩන් 1914 සැප්තැම්බර් 5 වැනිදා කල්කටාව අසලට පැමිණ බ්‍රිතාන්‍ය නැව් සෙවූවද හමුවුණේ නැත. මේ වන විට ජර්මන් නැවක් ඉන්දියානු සාගරයේ ‘‘දඟලමින්’’ තිබෙන බව දැන සිටි බ්‍රිතාන්‍යයන් තම වෙළෙඳ නෞකාවලට අනතුරු අඟවා තිබිණි. ඉන්පසු කල්කටා අසල මුහුදේ දී බ්‍රිතාන්‍ය හා ග්‍රීක නැව් පහක් අල්ලාගත් එම්ඩන් ඉන් දෙකක් ගිල්වා දැමුවේ ය.

එම්ඩන්ගේ ඊළඟ ඉලක්කය වුණේ මදුරාසි වරායයි. වරායේ තෙල් ටැංකි සංකීර්ණයට කාලතුවක්කුවලින් පහරදුන් එම්ඩන් තෙල් ටැංකි දෙකක් විනාශ කර නැව් කීපයක් සහ වරායේ කොටසක්ද ගිනිබත් කළේය. ඉන්පසු යළිත් සාගරයට වැද අතුරුදන් විය.

බ්‍රිතාන්‍ය යුද නැව් දෙකක් සහ ජපාන යුද නැවක් එම්ඩන් සොයමින් බෙංගාල මුහුදු ප්‍රදේශයට පැමිණියද එම්ඩන් අතුරුදන්ව සිටියේ ය.

සැප්තැම්බර් 25 වැනිදා එම්ඩන් යළිත් මතුවූයේ ලංකාවට දකුණු දෙසිනි. කුමක් හෝ වාසනාවකට ඔවුන්ට කොළඹ හෝ ගාල්ල මගහැරෙන්නට ඇත. ලංකාවට දකුණු දෙසින් යළිත් යකා නැටු එම්ඩන් නැව වෙළෙඳ නෞකා ගණනාවක් තම ග්‍රහණයට ගෙන ඉන් දෙකක් ගිල්වා දැමීය.

ඔක්තෝබර් 13 වැනිදා දක්වා චාගෝස් දූපත් හා කොළඹ අතර මුහුදු ප්‍රදේශයේ සැරිසරමින් වෙළෙඳ නැව් බියපත් කළ එම්ඩන් බ්‍රිතාන්‍යයන්ට ඇඟවූයේ ජර්මානු නැව් පංතියක් ප්‍රදේශයේ සැරිසරන බවය. එහෙත් සැරිසැරුවේ එම්ඩන් පමණය. ලංකාව වටා කිහිපවරක් සැරිසැරුවද නෞකාව ලංකාවට කිසිදු ප්‍රහාරයක් එල්ල නොකළ අතර ඉන්පසු යළිත් නෞකාව මතුවූවේ මලයාව (මැලේසියාව) අසල මුහුදෙනි.

මලයාවේ පෙනෑං වරායට එම්ඩන් යන විට එහි රුසියානු නැවක් වූ ජෙම්‍ෂුග් අලුත්වැඩියා කෙරෙමින් තිබුණේය. කපිතාන් මුලර් එම්ඩන් නැවේ කාලතුවක්කු රුසියන් නැවට මානද්දී රුසියානු නැවෙන් එම්ඩන්ට පහර එල්ල වූ අතර එයින් හානියක් නොවීය. වහා වෙඩිපිට වෙඩි තැබූ එම්ඩන් රුසියානු නෞකාව ගිල්වා දැමීය. පෙනෑංග් වරායෙන් පිටත් වූ එම්ඩන් ඉදිරියට ආවේ ප්‍රංශ යුද නැවකි. එයද ගල්වා දැමූ එම්ඩන් ඕස්ට්‍රේලියාව අසල කොකෝස් දූපත් වෙත ගමන් කළේ ටික කලක් විඩා නිවා ගැනීමේ අරමුණිනි. එහෙත් එම්ඩන් නමැති කොට්ටෝරුවාට කොටන්නට කෙසෙල්ගස තිබුණේ කොකෝස් දූපතේය. කොකෝස් දූපතේ බ්‍රිතාන්‍ය නාවිකයන් ආගන්තුක නැවක පැමිණීම ගැන රේඩියෝ සංඥා යැවීමේ ප්‍රතිඵලයක් වූයේ ඕස්ට්‍රේලියාවට අයත් එච්.එම්.එස්. සිඩ්නි නැව කොකෝස් කරා පැමිණීමය.

මේ වන විට එම්ඩන් බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා රුසියා නැව් කිහිපයක්ම මුහුදු පත්ලට යවා තිබූ හෙයින් බ්‍රිතාන්‍යයන් සිටියේ වියරු වැටී ය. කොකෝස් දූපත්වලට මුහුදු සැතපුම් 52ක් ඈතින් සිටි සිඩ්නි නැව උපරිම වේගයෙන් කොකෝස් දූපත් කරා යාත්‍රාකරමින් තිබුණේය. පණිවිඩය ග්‍රහණය කරගත් තවත් නැව් එම්ඩන් සොයමින් යාත්‍රා කරන්නට විය. අවසානයේ එම්ඩන් කෙටූ කෙසෙල් ගස වුණේ එච්.එම්.එස්. සිඩ්නි නැවයි.

සිඩ්නි කොකෝස් වෙත යාත්‍රා කරද්දී එම්ඩන් නාවිකයන් පිරිසක් ඒ අසල කුඩා දූපතකට ගොඩ බැස සිටියේ විවේක ගැනීම සඳහාය. එහෙත් සිඩ්නි නෞකාව එම්ඩන් වෙත වේගයෙන් පැමිණෙද්දී එම්ඩන් නාවිකයන්ට කරකියා ගත හැකි දෙයක් නොවීය. එම්ඩන්ගේ අවසාන මොහොත පැමිණ තිබුණේය.

සුපුරුදු ලෙස කාලතුවක්කු හරවා සිඩ්නි ඉලක්ක කළද සිඩ්නි නැව සිටියේ කාලකුවක්කු වෙඩි පරාසයට එපිටිනි. එම්ඩන් තැබූ පළමු වෙඩිමුරය අසාර්ථක වෙද්දී සිඩ්නි නැව ටෝර්පිඩෝ සහ මිලිමීටර් 152 කාලතුවක්කුවලින් එම්ඩන් ඉලක්ක කළේය. එම්ඩන්ගේ වෙඩිමුරයට ප්‍රතිචාර ලෙස සිඩ්නි පහරපිට පහරදෙමින් එම්ඩන් තවදුරටත් යාත්‍රාකළ නොහැකි නෞකාවක් බවට පත් කළේය. කපිතාන් වොන් මුලර්ට ඉතිරිව තිබුණේ යටත් වීමය. තම අබලන් වූ යාත්‍රාව කොකෝස් දූපත් පංතියේ ‘‘කීලින්’’ නමින් හැඳින්වූ දූපත කරා ගෙන ගිය කපිතාන් වොන් මුලර් යාත්‍රාව ගොඩබිම කරා යාත්‍රා කළේය. එහි අවසන් ගමන එය විය.

සිඩ්නි නැව කාලතුවක්කු හා උණ්ඩ 670ක් නිකුත් කර තිබූ බවත් එයින් 100ක් එම්ඩන්ට වැදී තිබූ බවත් පසුව හෙළි විය.

යටත් වූ කපිතාන් මූලර් හා සෙසු නාවිකයන් පළමුව ඕස්ට්‍රේලියාවටත් ඉන්පසු මෝල්ටාවටත් ගෙනයනු ලැබිණි. ඔවුන් නිදහස ලැබුවේ 1920 දී ය. නිලධාරීන් හා සෝලරුවන් 133 දෙනකු නෞකාව තුළදී මරු වැලඳගෙන තිබුණි.

එම්ඩන් මෙම කටයුත්තුතේ යෙදුණු තුන් මසක කාලය තුළ මුහුදු සැතපුම් තිස්දහසක් ගමන් කර ඇති බව හෙළිව තිබේ. දැවැන්ත බ්‍රිතාන්‍ය යුද නැව් දෙකක් හා වෙළෙඳ නෞකා 16ක් එම්ඩන්ගේ ප්‍රහාරයට ලක්විය. වසර ගණනාවක් යනතුරු එම්ඩන් නැව කොකෝස් දූපත් අසල මුහුදේ මත්ස්‍යයන්ගේ නවාතැනක්ව පැවතුණු බව පසුකාලීන යාත්‍රිකයන් ලියා තිබේ.

එම්ඩන් එතැනින් නැවතුණේ නැත. අද වන විට අපගේ භාෂාවට එක්ව ඇති ඇම්ඩන් වගේ, ඇම්ඩන් කෙනෙක් වැනි වචන බිඳී ආවේ මෙම එස්.එම්.එස්. එම්ඩන් නෞකාවේ හිතුවක්කාර ප්‍රහාර නිසා ය. විකිපීඩියා අන්තර්ජාල විශ්වකෝෂය දක්වන්නේ මදුරාසියේ තෙල් ටැංකි වෙත එල්ල කළ බිහිසුණු ප්‍රහාරයෙන් පසු ඇම්ඩන් යන වචනය සිංහල හා දෙමළ භාෂාවලට එක්ව ඇති බවයි. ‘තද අයකු, කපටියකු’ යන අරුත දෙන ලෙස මෙම වචනය එම භාෂාවලට එක්ව ඇතැයි විකිපීඩියාව කියයි. කපටි හා ශූර ප්‍රහාරකයකු වූ එම්ඩන්ගෙන් අපේ වරාය බේරුණේ පූරුවේ වාසනාවකට බව නම් නොලියාම නොහැකිය.

ප්‍රේමකීර්ති රණතුංග

[QUOTE="araki, post: 24637587, member: 360239"] [b]ඇම්ඩන් යන වචනය - එම්ඩන් නැව[/b] [SIZE=5]පළමු ලෝක යුද්ධයේදී ලංකාව වටේ පිස්සු නැටූ එම්ඩන් නැව[/SIZE] [SIZE=5][/SIZE] [COLOR=#FFFFFF][B][SIZE=5][/SIZE][/B][/COLOR] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_7ae5369dc0.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [COLOR=#800000][B][SIZE=5]එසේ. එම්.එස්. එම්ඩන් පළමු ලෝක මහා සංග්‍රාමයේදී ඉන්දියානු සාගරයට කඩාපැන බ්‍රිතාන්‍ය අධිරාජයාගේ නාවික හමුදාවට ඉන්දියානු සාගරය එපා කරවීය. තනි නෞකාවක් බ්‍රිතාන්‍ය නාවික හමුදාවම භීතියට පත් කළේය යන්න විශ්වාස කළ නොහැකි තරමේ අපූර්ව එකකි. එහෙත් එය එසේම සිදුවිය. [/SIZE][/B][/COLOR] [SIZE=5]එස්.එම්.එස්. එම්ඩන් නෞකාව දියත් කළේ 1908 වසරේ දී ය. [/SIZE] [SIZE=5]නෞකාවක නමට ඉදිරියෙන් අභිධානයක් (වර්ග කිරීම) කරන්නේ සම්මත ක්‍රම කිහිපයක් අනුව ය. එම්ඩන් නැව නම් කර තිබුණේ. එස්.එම්.එස්. එම්ඩන් යනුවෙනි. එස්.එම්.එස්. යනු ජර්මානු අධිරාජ්‍ය නෞකා යන තේරුම ගෙන දෙන ජර්මානු වචන තුනක මුල් අකුරු තුන ය. [/SIZE] [SIZE=5]බ්‍රිතාන්‍ය නෞකා හැදින්වීමේ දී එහි ඉදිරිපසින් යෙදෙන්නේ එච්.එම්.එස් හෙවත් ‘‘හ(ර්) මැජෙස්ටිස් ෂිප්’’ හෙවත් ‘මහරැජිනගේ නාවික හමුදාව’ යනුවෙනි. [/SIZE] [SIZE=5]එම්ඩන් යනු උතුරු ජර්මනියේ පිහිටි නගරයකි. නෞකා විනාශ කරන ටෝර්පිෙඩා් ටියුබ් දෙකකින් සහ කාලතුවක්කු දහයකින් යුක්ත අතිබලසම්පන්න යුද නෞකාවක් විය. ජර්මානු නැගෙනහිර ආසියා නාවික බළකායට අයත් එම්ඩන් නැව එවකට ජර්මනියට යටත්ව තිබූ චීනයේ නැගෙනහිර වෙරළබඩ ෂැන්වොන් ප්‍රාන්තයේ ට්සිංටැඩ් වරායේ ස්ථිර නැංගුරම්පොළ ලෙස තෝරාගෙන තිබිණි. [/SIZE] [SIZE=5]පළමු ලෝක මහා සංග්‍රාමය ආරම්භවීමට ඔන්න මෙන්න කියා තිබුණ 1913 අවුරුද්දේ එම්ඩන්ගේ පාලනය අපූරු කප්පිත්තකුගේ අතට පත්විය. ඔහු නම් නාහෙට නාහන කපිතාන්වරයකු වූ කාර්ල් වොන් මුලර් ය. ඔහු සමඟ නාවිකයන් 343 දෙනකු සේවය කළ අතර නිලධාරින් ගණන 18ක් විය. කාලතුවක්කු වෙඩි බලය කිලෝමීටර් 12ක් දක්වා විහිදුණේ ය. [/SIZE] [SIZE=5]පළමු ලෝක මහා සංග්‍රාමය 1914 වසරේ ඇරඹෙන විට අද තරම් දියුණු පණිවිඩ හුවමාරු ක්‍රම නොතිබූ හෙයින් එම්ඩන් නවතා සිටි චීනයට අයත් මුහුදු පෙදෙසට රුසියානු යුදනැවක් වූ ‘‘සෙම්චග්’’ පැමිණ තිබුණේය. එම්ඩන් යුද්ධය ඇරඹී තිබූ බව දැන සිටි අතර රුසියානුවන් එය දැන සිටියේ නැත. එම්ඩන් රුසියානු සෙම්චග් යුද නැව යටත් කරගෙන එය චීනයේ ට්යිවොඩ් වරායට දක්කාගෙන ගියේය. [/SIZE] [SIZE=5]ඉන්දියානු සාගරයේ තිබූ ජර්මන් නෞකා රැසකටම වහා ගමන නවතා සෙසු නෞකා සමඟ ජර්මනිය කරා පැමිණෙන ලෙස ජර්මන් නාවික මූලස්ථානයෙන් පණිවිඩ ලැබුණේ මේ අතර ය. ගමන් මග වැටී තිබුණේ පැසිපික් සාගරය දිගේ යාත්රාකොට දකුණු ඇමරිකා තුඩුව අසලින් ජර්මනිය දක්වා යන මුහුදු ගමන් මාර්ගයේ ය. සෙසු නෞකාවලට ඒ මග යන ලෙස දැනුම් දුන් එම්ඩන් කපිතාන් වොන් මුලර් තමා දකුණු චීන මුහුද, සුමාත්‍රා දූපත්, ලංකාවට යටින් යන නාවික මාර්ගය දිගේ ගොස් යුරෝපයට පැමිණෙන බවත් ඒ අතර අමුතුම ආකාරයේ සෙල්ලම් ටිකක් දමන බවත් තම අණදෙන නිලධාරියාට දැනුම් දුන්නේ ය. ඔහුගේ අරමුණ වුණේ මහදී හමුවන නෞකාවලට පහර දී ගිල්වා දමමින් ඉන්දියානු සාගරය තුළ බල පරාක්‍රමයක් පැතිරවීම ය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_601563abe1.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_e9ef04674c.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]කපිතාන් මුලර්ගේ සැලැස්ම වී තිබුණේ බ්‍රිතාන්‍යයන් යටතේ තිබූ සිංගප්පූරුව, කල්කටා සහ කොළඹට පැමිණ හැකි තරම් නෞකා ගිල්වා දැමීමට ය. පළමුව කපිතාන් මුලර් නෞකාව රැගෙන සුමාත්‍රා දූපතේ මොලුක්කා වරායට පැමිණියේ ය. සුමාත්‍රාව ඒ වන විට පෘතුගීසි යටත් විජිතයක් විය. එහි දී හැකිතරම් ආහාර ගබඩා කරගත් එම්ඩන් 1914 සැප්තැම්බර් 5 වැනිදා කල්කටාව අසලට පැමිණ බ්‍රිතාන්‍ය නැව් සෙවූවද හමුවුණේ නැත. මේ වන විට ජර්මන් නැවක් ඉන්දියානු සාගරයේ ‘‘දඟලමින්’’ තිබෙන බව දැන සිටි බ්‍රිතාන්‍යයන් තම වෙළෙඳ නෞකාවලට අනතුරු අඟවා තිබිණි. ඉන්පසු කල්කටා අසල මුහුදේ දී බ්‍රිතාන්‍ය හා ග්‍රීක නැව් පහක් අල්ලාගත් එම්ඩන් ඉන් දෙකක් ගිල්වා දැමුවේ ය. [/SIZE] [SIZE=5]එම්ඩන්ගේ ඊළඟ ඉලක්කය වුණේ මදුරාසි වරායයි. වරායේ තෙල් ටැංකි සංකීර්ණයට කාලතුවක්කුවලින් පහරදුන් එම්ඩන් තෙල් ටැංකි දෙකක් විනාශ කර නැව් කීපයක් සහ වරායේ කොටසක්ද ගිනිබත් කළේය. ඉන්පසු යළිත් සාගරයට වැද අතුරුදන් විය. [/SIZE] [SIZE=5]බ්‍රිතාන්‍ය යුද නැව් දෙකක් සහ ජපාන යුද නැවක් එම්ඩන් සොයමින් බෙංගාල මුහුදු ප්‍රදේශයට පැමිණියද එම්ඩන් අතුරුදන්ව සිටියේ ය. [/SIZE] [SIZE=5]සැප්තැම්බර් 25 වැනිදා එම්ඩන් යළිත් මතුවූයේ ලංකාවට දකුණු දෙසිනි. කුමක් හෝ වාසනාවකට ඔවුන්ට කොළඹ හෝ ගාල්ල මගහැරෙන්නට ඇත. ලංකාවට දකුණු දෙසින් යළිත් යකා නැටු එම්ඩන් නැව වෙළෙඳ නෞකා ගණනාවක් තම ග්‍රහණයට ගෙන ඉන් දෙකක් ගිල්වා දැමීය. [/SIZE] [SIZE=5]ඔක්තෝබර් 13 වැනිදා දක්වා චාගෝස් දූපත් හා කොළඹ අතර මුහුදු ප්‍රදේශයේ සැරිසරමින් වෙළෙඳ නැව් බියපත් කළ එම්ඩන් බ්‍රිතාන්‍යයන්ට ඇඟවූයේ ජර්මානු නැව් පංතියක් ප්‍රදේශයේ සැරිසරන බවය. එහෙත් සැරිසැරුවේ එම්ඩන් පමණය. ලංකාව වටා කිහිපවරක් සැරිසැරුවද නෞකාව ලංකාවට කිසිදු ප්‍රහාරයක් එල්ල නොකළ අතර ඉන්පසු යළිත් නෞකාව මතුවූවේ මලයාව (මැලේසියාව) අසල මුහුදෙනි. [/SIZE] [SIZE=5]මලයාවේ පෙනෑං වරායට එම්ඩන් යන විට එහි රුසියානු නැවක් වූ ජෙම්‍ෂුග් අලුත්වැඩියා කෙරෙමින් තිබුණේය. කපිතාන් මුලර් එම්ඩන් නැවේ කාලතුවක්කු රුසියන් නැවට මානද්දී රුසියානු නැවෙන් එම්ඩන්ට පහර එල්ල වූ අතර එයින් හානියක් නොවීය. වහා වෙඩිපිට වෙඩි තැබූ එම්ඩන් රුසියානු නෞකාව ගිල්වා දැමීය. පෙනෑංග් වරායෙන් පිටත් වූ එම්ඩන් ඉදිරියට ආවේ ප්‍රංශ යුද නැවකි. එයද ගල්වා දැමූ එම්ඩන් ඕස්ට්‍රේලියාව අසල කොකෝස් දූපත් වෙත ගමන් කළේ ටික කලක් විඩා නිවා ගැනීමේ අරමුණිනි. එහෙත් එම්ඩන් නමැති කොට්ටෝරුවාට කොටන්නට කෙසෙල්ගස තිබුණේ කොකෝස් දූපතේය. කොකෝස් දූපතේ බ්‍රිතාන්‍ය නාවිකයන් ආගන්තුක නැවක පැමිණීම ගැන රේඩියෝ සංඥා යැවීමේ ප්‍රතිඵලයක් වූයේ ඕස්ට්‍රේලියාවට අයත් එච්.එම්.එස්. සිඩ්නි නැව කොකෝස් කරා පැමිණීමය. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_e050e30562.jpg[/IMG]මේ වන විට එම්ඩන් බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා රුසියා නැව් කිහිපයක්ම මුහුදු පත්ලට යවා තිබූ හෙයින් බ්‍රිතාන්‍යයන් සිටියේ වියරු වැටී ය. කොකෝස් දූපත්වලට මුහුදු සැතපුම් 52ක් ඈතින් සිටි සිඩ්නි නැව උපරිම වේගයෙන් කොකෝස් දූපත් කරා යාත්‍රාකරමින් තිබුණේය. පණිවිඩය ග්‍රහණය කරගත් තවත් නැව් එම්ඩන් සොයමින් යාත්‍රා කරන්නට විය. අවසානයේ එම්ඩන් කෙටූ කෙසෙල් ගස වුණේ එච්.එම්.එස්. සිඩ්නි නැවයි. සිඩ්නි කොකෝස් වෙත යාත්‍රා කරද්දී එම්ඩන් නාවිකයන් පිරිසක් ඒ අසල කුඩා දූපතකට ගොඩ බැස සිටියේ විවේක ගැනීම සඳහාය. එහෙත් සිඩ්නි නෞකාව එම්ඩන් වෙත වේගයෙන් පැමිණෙද්දී එම්ඩන් නාවිකයන්ට කරකියා ගත හැකි දෙයක් නොවීය. එම්ඩන්ගේ අවසාන මොහොත පැමිණ තිබුණේය. [/SIZE] [SIZE=5]සුපුරුදු ලෙස කාලතුවක්කු හරවා සිඩ්නි ඉලක්ක කළද සිඩ්නි නැව සිටියේ කාලකුවක්කු වෙඩි පරාසයට එපිටිනි. එම්ඩන් තැබූ පළමු වෙඩිමුරය අසාර්ථක වෙද්දී සිඩ්නි නැව ටෝර්පිඩෝ සහ මිලිමීටර් 152 කාලතුවක්කුවලින් එම්ඩන් ඉලක්ක කළේය. එම්ඩන්ගේ වෙඩිමුරයට ප්‍රතිචාර ලෙස සිඩ්නි පහරපිට පහරදෙමින් එම්ඩන් තවදුරටත් යාත්‍රාකළ නොහැකි නෞකාවක් බවට පත් කළේය. කපිතාන් වොන් මුලර්ට ඉතිරිව තිබුණේ යටත් වීමය. තම අබලන් වූ යාත්‍රාව කොකෝස් දූපත් පංතියේ ‘‘කීලින්’’ නමින් හැඳින්වූ දූපත කරා ගෙන ගිය කපිතාන් වොන් මුලර් යාත්‍රාව ගොඩබිම කරා යාත්‍රා කළේය. එහි අවසන් ගමන එය විය. [/SIZE] [SIZE=5]සිඩ්නි නැව කාලතුවක්කු හා උණ්ඩ 670ක් නිකුත් කර තිබූ බවත් එයින් 100ක් එම්ඩන්ට වැදී තිබූ බවත් පසුව හෙළි විය. [/SIZE] [SIZE=5]යටත් වූ කපිතාන් මූලර් හා සෙසු නාවිකයන් පළමුව ඕස්ට්‍රේලියාවටත් ඉන්පසු මෝල්ටාවටත් ගෙනයනු ලැබිණි. ඔවුන් නිදහස ලැබුවේ 1920 දී ය. නිලධාරීන් හා සෝලරුවන් 133 දෙනකු නෞකාව තුළදී මරු වැලඳගෙන තිබුණි. [/SIZE] [SIZE=5]එම්ඩන් මෙම කටයුත්තුතේ යෙදුණු තුන් මසක කාලය තුළ මුහුදු සැතපුම් තිස්දහසක් ගමන් කර ඇති බව හෙළිව තිබේ. දැවැන්ත බ්‍රිතාන්‍ය යුද නැව් දෙකක් හා වෙළෙඳ නෞකා 16ක් එම්ඩන්ගේ ප්‍රහාරයට ලක්විය. වසර ගණනාවක් යනතුරු එම්ඩන් නැව කොකෝස් දූපත් අසල මුහුදේ මත්ස්‍යයන්ගේ නවාතැනක්ව පැවතුණු බව පසුකාලීන යාත්‍රිකයන් ලියා තිබේ. [/SIZE] [SIZE=5] එම්ඩන් එතැනින් නැවතුණේ නැත. අද වන විට අපගේ භාෂාවට එක්ව ඇති ඇම්ඩන් වගේ, ඇම්ඩන් කෙනෙක් වැනි වචන බිඳී ආවේ මෙම එස්.එම්.එස්. එම්ඩන් නෞකාවේ හිතුවක්කාර ප්‍රහාර නිසා ය. විකිපීඩියා අන්තර්ජාල විශ්වකෝෂය දක්වන්නේ මදුරාසියේ තෙල් ටැංකි වෙත එල්ල කළ බිහිසුණු ප්‍රහාරයෙන් පසු ඇම්ඩන් යන වචනය සිංහල හා දෙමළ භාෂාවලට එක්ව ඇති බවයි. ‘තද අයකු, කපටියකු’ යන අරුත දෙන ලෙස මෙම වචනය එම භාෂාවලට එක්ව ඇතැයි විකිපීඩියාව කියයි. කපටි හා ශූර ප්‍රහාරකයකු වූ එම්ඩන්ගෙන් අපේ වරාය බේරුණේ පූරුවේ වාසනාවකට බව නම් නොලියාම නොහැකිය. [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]ප්‍රේමකීර්ති රණතුංග [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom