Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමෙරිකානුවන් බහුතරය අද පුනර්භවය විශ්වාස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නායකත්වයක් නොමැතිව පිරිහෙන භික්ෂු සාසනය

නායකත්වයක් නොමැතිව පිරිහෙන භික්ෂු සාසනය

January 17, 2012 at 12:28 am | Lanka C News.

සම්බුද්ධත්ව ජයන්තියේ සදහම් සිසිලසෙන් මුලූ ලෝකයම සුවදවත් වූ වර්ෂයක බුදු සසුනේ අනාගත පැවැත්ම පිළිබදව සැලකිලිමත් වීම විශාලම සම්බුද්ධ පූජාව වන බව අපගේ හැගීමයි. ලාංකික භික්ෂු සාසනයේ ශෝචනීය තත්වය පිළිබදව කරුණු සලකා බැලීමට වඩාත් කාලීන අවශ්‍යතාවක් වන්නේ එනිසාය. මන්ද යත් පිරීහීම සමාජගත වූ විට එය රෝගය අසාධ්‍ය තත්වයට පත්වූවා සේ වන නිසාය. එම නිසා වර්තමානය වනවිට ලාංකීය භික්ෂු සමාජයේ පවතින පරිහානීය තත්වය පිළිබදව සංවාදාත්මක තත්වයකට ගෙන ඒමත් ඒ තුලින්ම කිසියම් විසදුම් මාර්ගයකට ලාංකීය භික්ෂු සාසනය මෙහෙයවීමට සාසන භාරධාරී නාහිමි වරුන් ගේ අවධානය යොමු වේ යයි අපගේ අපේක්ෂාවයි .”විනයො නාම සාසනස්ස” ආයු යන බුදු වදනට අනුව සාසනයේ පැවැත්මට නම් විනය ශික්ෂා පද වලට ගරු කිරීම අනිවාර්ය වෙයි. එසේ නොවන බුදු සසුන වසර දස දහසක් පැවතුනද කිසිදු ඵලයක් නොවේ.

ලාංකික භික්ෂු ශාසනය අතීතයේ නායකත්වයක් සහිතව ගුරු ගෝල සම්බන්ධකම් හා ගරුසරුකම් මත ඉතා නිරවුල්ව කි‍්‍රයාත්මක විය. වරක් ආනන්ද තෙරුන් වහන්සේ බුදු රදුන්ගෙන් විමසන්නේ බුදු දහමෙන් භාගයක්ම පවතින්නේ කල්‍යාණමිත්‍ර ඇසුර මත නොවේද යනුවෙනි. එවිට බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ භාගයක් නොව මුලු බුදු සසුනම පවතින්නේ කළ්‍යාණ මිත්‍ර ඇසුර මත බවය. බුදු සසුනේ පරිහානියේ ප්‍රධාන කරුණක් නම් ගුරු සිසු සබදතාවය නිසිලෙස ක්‍රියාත්මක නොවීමය. ලන්දේසි සමය වනවිට ගනින්නාන්සේලා බවට පත්ව තිබු භික්ෂු සාසනය වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිපාණන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් උපසම්පදාව පිහිටුවා නැවත මනාව ප්රතිෂඨාපනය කිරීමක් සිදු විය. උන් වහන්සේගේ නායකත්වය යටතේ සිල්වත් ගුණවත් භික්ෂු පිරිසක් නැවතත් බිහි වූ අතර ශාසනික පැවැත්ම සදහා බොහෝ කුල දරුවන් පැවිදි වූ අතර විනයානුකූල ප්‍රතිපදාවන්ගෙන් මනාව හික්මුණු මේ පිරිස නිසා ගිහි පැවිදි සම්බන්ධය යලිත් තහවුරු විය. බිහිවුණු ගෞරවණීය භික්ෂු පරපුර දිවි හිමියෙන් භික්ෂු ගෞරවය ද සුරක්ෂිත කල අතර දැනට වසර 50 පමණ පෙර අතීතය දෙස බලනවිට සිල්වත් ගුණවත් මේ භික්ෂුන් වහන්සේව දැකිය හැකිය. අද එවන් භික්ෂුන් දැකීම ඉතා දුර්ලභ වන්නේ විනය පිළිබද තත්වය ඉතා කණගාටුදායක වන නිසාය. එම නිසා විනය, ගෞරවය හා භික්ෂුත්වය යනු කිසිදා වෙන් කල හැකි කරුණු නොවන බවත් වෙන් වු කල පරිහානිය බවත් අප තරයේ සිහි තබා ගතයුතුය.

මෙම මාතෘකාව පිළිබදව කතා කරන විට පළමුව පැහැදිලි කරගතයුතු කරුණු කිහිපයක් වෙයි. භික්ෂුව හා සංඝ යන වචන පිළිබදව නිවැරදිව තේරුම් ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය යයි සිතමි. සංඝ යන්නෙහි අර්ථයන් කිහිපයක්ම දක්වා ඇත. සංඝ යනුවෙන් හදුන්වන්නේ බුදුරදුන් දෙපස වැඩසිටි සැරියුත් මුගලන් ආදී මහා සංඝරත්නයෙන් එක් කොටසකි. ඒ හැරුණු විට බුදුන් වහන්සේ උගන්වා වදාළ ශාසනික පිළිවෙත් අනුව කටයුතු කරමින් නිර්වාණ මාර්ගය අපේක්ෂා කල ශ්‍රාවක ”මහා සංඝයා තවත් කොටසකි. මෙයින් ආර්ය මහා සංඝරත්නය ලෙස ගැනෙන්නේ අවම වශයෙන් සෝවාන් ඵලයට හෝ පත් ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාය. මේ දෙපිරිසටම අමතරව තවත් සංඝ පිරිසක්ද දැකිය හැකිය. මාර්ග ඵල අපේක්ෂාවෙන් එමෙන්ම සසර දුකින් මිදෙනු පිණිස පැවිදි බව පතන ආචාර්ය උපාධ්‍යයන් සමීපයේ සිට මේ සිවුරු පිරිකර ලබාගෙන සසර දුකින් මිදීම පිණිස තමනටද පැවිද්ද දෙන්නැයි ඉල්ලා පැවිදි බව ලබා ගන්නා පිරිසයි. මෙම සංඝ සමූහයා විසින් පිළිපැදිය යුතු විනය නීති මාලාවක්ද වේ. සාමණේර ශීලය හැරුණු විට උපසපන් භික්ෂුව විසින් ගරු කලයුතු පාරාජිකා සංඝාදිසේස ආදී විනයානුකූලව හික්මීමේ ශික්ෂාපද 227 ක් දක්වා ඇත. ඒවා තුලින් බලාපොරොත්තු වන්නේ විනය මාර්ගයේ වඩාත් හික්මුණු සිල්වත් ගුණවත් මහා සංඝ පරම්පරාවකි. මේ අයුරින් සංඝ යන්නට අදාල පරාසය සරලව පෙන්වා දියහැකිය.

සංඝ යන වචනය මෙන්ම භික්ෂුව යන්නද එවැනිම වැදගත් අර්ථ සහිත වචනයකි. භික්ෂුව යන්න ද සංඝයා වහන්සේ යන්නද සමානව භාවිතාවන අවස්ථා ඇති නමුදු භික්ෂුව යන්න වැදගත් අර්ථ දරන වදනකි. අටුවාචාරීන් වහන්සේලා පැහැදිලි කර ඇති ආකාරයට භික්ෂුව යයි හැදින්වෙන්නේ භික්ෂාවෙන් යැපෙන නිසාය. ”භික්ඛතීති භික්ඛු” යනුවෙන් එය සදහන් කෙරෙන අතර භික්ෂාව යනු පිණ්ඩපාත කර ලබා ගන්නා ආහාරයයි. එම ආහාරයෙන් යැපෙමින් ශාසන ප්‍රතිපදාව රකින ජීවිතයේ නිසරු බව තේරුම් ගත් උත්තමයෝ භික්ෂු නම් වෙති යන්න එක් මතයකි. දෙවන අදහසේ දැක්වෙන හැදින්වීම් පාඨය වන්නේ ”සංසාර භයං ඉක්ඛතීති භික්ඛු” යන්නයි. සසර භය කෙලවර කිරීම සදහා චීවරය දරාගෙන ඒ අනුව කටයුතු කරමින් දායක දායිකාවන්ටද පින් වැඩෙන පරිදි ඔවුනටද දහම් උගන්වමින් සසර කෙලවර කිරීම සදහා වීරිය කිරීම යන අදහස මුල් කරගෙනද භික්ෂු යන්න අර්ථවත් වේ. මෙම සියලූම අදහස් දෙස බලන විට පැහැදිලි වන කරුණක් නම් සියලූ අර්ථ කථනයන් බිහිව ඇත්තේ මුල් කාලීන භික්ෂුන් වසන්සේලාගේ චරණයන් මත බවය.”ඡුින්න භින්න පටධරෝ භික්ඛූ” යන්නද එකී ප්‍රකාශය සනාථ කරන්නකි. කිසිදු වටිනා කමක් නැති රෙදි කැබලි කපා මසා සකස් කර ගත් චීවරය දරන නිසා ද භික්ෂු නම් වේ. චීවරය ඉරීමක් සිදු වුවත් එයට රෙදි කැබැල්ලක් තබා මසා ගැනීම එදා සිරිත වූ බව පෙනේ.

වචනාර්ථ විග්‍රහය කෙසේ වුවත් අද භික්ෂුන් වහන්සේලා මෙකී මූලික අරමුණු හා ස්වරූපයන්ට කෙතරම් දුරට අනුගතව ඇද්ද යන්න මහත් සැලකිල්ලෙන් සොයා බැලීම වැදගත්ය. බුදුන් වහන්සේ උතුම් අරමුණක් වෙනුවෙන් හදුන්වා දුන් චීවරය අද සමාජයේ ඕනෑම නින්දිත පහත් වැඩක් කිරීමට යොදා ගන්නා ආකාරය දැකිය හැකි අවස්ථා අපමණය. එවන් පහත් වැඩ හමුවේ වැරදිකරුවනට චීවරධාරියෙකු යයි හදුන්වා ලිස්සායාමට පමණක් කටයුතු කිරීම අද ක්‍රමය බවට පත් වී ඇත. මා දකින ආකාරයට අද ඇති වී තිබෙන මෙම සාසන පරිහානියට විසදුම් සෙවීම තව දුරටත් පමා කිරීම එතරම් ඥනාන්විත නොවේ. 2600 වැනි බුද්ධ ජයන්ති වසර නිසා හෝ එවන් සන්ධිස්ථානයන් අරමුණු කොට උත්සව පැවැත්වීමට වඩා භික්ෂූ සමාජය පරිහානියෙන් මුදා ගැනීමට යමක් කල හැකි නම් එය ඉතා වැදගත්බව කිව යුතුය. භික්ෂුව මෙතරම් පිරිහුණු යුගයක් සාසනයේ තවත් තිබුණාදැයි සැක සහිතය. ගණින්නාන්සේලා තුල පවා යම් ශ්‍රද්ධාවක් තිබුණු බව එවක පැවති ලිපි ලේඛන පරිශීලනය කරන විට පැහැදිලි වේ. එහෙත් වත්මන් භික්ෂු සමාජයේ බහුතර භික්ෂුන් වහන්සේලා තුල ගනින්නාන්සේලා තුල තිබුණු හොද ගුූණ දම් පවා නැත .

භික්ෂුන් වහන්සේ සදහා භාවිතා වන නාමයක් වන්නේ කුල දේවතා යන්නයි. ඒ ඉතා ඈත අතීතයේ සිට ජාතියේ පෙර ගමන් කරුවන් වූයේ භික්ෂූන් වහන්සේලා නිසාය. ථේරපුත්තාභය මහ රහතන් වහන්සේ, වාරියපොල සුමංගල හිමි, කුඩාපොල හිමි වැනි තෙරුන් වහන්සේලා උත්කෘෂ්ඨ උදාහරණයෝය. එනිසාම වර්ථමානයේ වුවද භික්ෂූන් වහන්සේලාට ජාතික කාර්්‍යයභාරයක් නිතැතින්ම පැවරී ඇත. එහෙත් එකී මහා කර්තව්‍ය වරදවා ගත් සෙයක්ද පෙනේනට තිබේ. වර්ථමාන භිකෂුන් වහන්සේලා දේශපාලනයට මග පෙන්වනු වෙනුවට දේශපාලකයින්ගේ පසු පසින් යති. අන්තවාදි දේශපාලන පක්ෂවල අතකොලූ බවට පත්ව අමිල වූ චීවරයේ ගෞරවය නසමින් මහමග පෙළපාලියේ සටන් පාඨ කියවමින් යන ආකාරය අතිශයින් සංවේග ජනකය. කරුණා මෛති‍්‍රය පතල කිරීම සදහාම චරිතවත් වියයුතු භික්ෂුව හදවතින් නොව කායිකව පමණක් චීවරය දරාගෙන අනෙකුත් වරප්‍රසාද භුක්ති විදිමින් හැසිරෙන අයුරු දකින විට ඇතිවන්නේ මහත් සිත් වේදනාවකි. බුදු දහම මතම ගොඩනැගුණු සංස්කෘතියක් ඇති රටක භික්ෂූන් වහන්සේලා තම ගෞරවය පිළිබදව වඩාත් සැලකිලිමත් විය යුතුය. රජයට යමක් දැනුම් දෙන්නට අවශ්‍ය නම් එය සිදු කිරීමේ දී භික්ෂුත්වය අපකීර්තියට පත් නොකල යුතුය. පෙළපාලියේ ආවේගයෙන් කෑ ගසන තමා වීරයෙක් යැයි සිතමින් දෑත් දෙපා විසිකරන අප දෙස බලාසිටින්නේ සැදැහැති බෞද්ධ ජනතාව බවත් අමතක කළ යුතු නොවේ. මොණරා අලංකාර ලෙස පිල් විදහා නටන මුත් අනෙක් පසින් නිරුවතම ප්රදර්ශවය කරයි. පසුගිය දිනක චීවර දරා ගත් එක්තරා භික්ෂු පිරිසක් අරලිය ගහ මන්දිරයට පෙලපාලියෙන් යනු දක්නට ලැබුණි. උන්වහන්සේලා විසින් පවසන ලද සටන් පාඨ හා අසභ්‍ය වචන දෙස බලන විට අපට එක් අතකින් හැගී යන්නේ භික්ෂු සාසනය විනාශකිරීමේ මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවාද යන්නයි. ගිහි පිරිසටත් වඩා අන්ත අශෝභන අයුරින් සිවුර දරාගත් මෙම පිරිස හැසිරුණු ආකාරය දෙස බලන ඕනෑම කෙනෙකුට ඇතිවන්නේ මහත් පිළිකුලකි. බුදුන් වහන්සේ උගන්වා වදාල ප්‍රතිපත්ති මාර්ගය අනුගමනය කරන්නට සිවුර දරා ගන්නා භික්ෂුව තමන්ට අයත් නැති අනුන්ගේ ක්‍රියාවන්වලට උල්පන්දම් දෙන්නට ගොස් රජය පෙරලීමේ දේශපාලන අතකොලූ බවට පත්ව ඇද්දැයි සැකයක් ඇතිවෙයි.

බෞද්ධ මහා ජනතාව භික්ෂූන් වහන්සේ නමක් දානයක් සදහා වඩම්මවන්නේ පා ෙදා්වනය කර පාවාඩ දමා සුදු පිරුවට දමන ලද ආසන පිළියෙල කර ෙදා්ත් මුදුන් බැද වැඳ නමස්කාර කරමිනි. එසේ කරද්දී බුද්ධ චීවරයම දරාගෙන තවත් කොටසක් විවධ වෙනත් බලාපොරොත්තු සහිතව කරගෙන යන ක්‍රියා කලාපය දෙස බලන විට තව කොපමණ කල් මෙම ශාසනය පවතීද යන්න ගැනද සැකයක් ඇතිවෙයි. මෙහි වඩාත් බරපතල පැතිකඩයන්ද නැත්තේ නොවේ. භික්ෂුන් වහන්සේලාගේ නොමනා හැසිරීම තුලින් කලකිරෙන බොදු පිරිස් පන්සලෙන් ඇත් වීම නිරායාසයෙන්ම සිදු වෙයි. එයින් ප්‍රයෝජන ගන්නේ බොදු ජනතාව බිලී බා ගැනීමට බලා සිටින මූලධර්මවාදී අන්‍යාගමික පිරිස්ය. ඔවුනට භික්ෂූන් වහන්සේලා ගැන කියන්නට දෙයක් තිබේ. භික්ෂුන් ගැන කලකිරවන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දී තිබෙන්නේ භික්ෂුන් විසින්මය. මෙයින් වඩාත් අපහසුතාවයට පත් වන්නේ නිවැරදි පිළිවෙත් මග අනුව යන සිල්වතුන් වහන්සේලාය. මේ යන මග යාම අනාගතයට සුභ දායක නොවන බව යන්තම් හය හතර තේරෙන දරුවකුට වුවද වටහා ගත හැකි නමුත් මුලා බවින් අන්ධව හැසිරෙන කාසාව කණ්ඨක වර්ගයේ භික්ෂුන් වහන්සේලාට තේරුම් ගැනීමට බැරි වීම අභාග්‍යයකි.

විශ්ව විiාල භික්ෂූ පිරිස් ගැන කතා කරන විට මේ තත්වය වඩාත් ශෝචනීයය. සමහර භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම ගිහියන්ටද වඩා අන්තය. සමහරුන් වහලවල් උඩ නැග උපවාස කරති. ගිහි භවතුන් වන්දනාමාන කරමින් ගෙවල්වලට වඩමවා දන් දෙද්දී සිවුරු හැද සමහරු වේදිකාමත පුටුමත හිඳගෙන දේශපාලනය කරන ඇතැමුන්ගේ කතා අසන්නට බිම ලැග ගනිති. මහ පාරවල් වල හිඳ ගනිති. අසභ්‍ය අයුරින් භික්ෂුවකට ලබා ගිහයෙකුටවත් නොගැලපෙන ආකාරයේ විකෘති කාමයේ යෙදෙති. සමහර විට ඔවුන් හැසිරෙන්නේ මත්ද්‍රව්‍ය පානය කළ අම ලෙසටද යන්න සැකයක් ඇතිවේ. මෙවන් භික්ෂුත්වයට නොගැලපෙන දර්ශන බිහි කරන්නට මුල් වන භික්ෂුන් විශ්ව විiාල තුල සිටින කාලයේම සිවුරු හැර යති. එක් අතකින් එය සතුටට කරුණකි. චීවරය තුල රැුදී සිටිමින් නිගා කරනවාට වඩා එය අත්හැර යාම හොඳය. එහෙත් උරුලෑවා ගිය පාරත් දුගඳ යයි පවසන්නා සේ ඔවුන් විසින් කල නින්දාව මකන්නට බෝධි පූජාවට පිරිතට නොහැකිය. එවන් වගකීම් රහිත භික්ෂු පිරිස් ඇති කල වැරදි චිත්‍රය බොදු හදවත් තුලින් නැති කිරීම පහසු කාර්යක් නොවේ. මේ සියලූ කි්රයාවන් වල අනිටු ඵලය අත්විඳින්නට සිදු වන්නේ දිවි හිමියෙන් චීවරය දරන ගුණවත් මහ සඟනටය. චීවරය නිසා භික්ෂූන්ට ලැබෙන වරප්‍රසාද භුක්ති විදිමින් මොවුන් සිදු කරන්නෙ සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේ නමකටත් ශාසනික ගරුත්වය රුකගන්නට ඉඩ ඇහිරීමයි.

පරිහානිය සියැසින් දැකීම තරම් වේදනාවක් තවත් තිබිිය නොහැකිය. වරක් බුදු රදුන් පවා ආනන්ද තෙරුනට පවසන්නේ වර්ථමාන භික්ෂුන් තමනට සංවේගයක් ගෙනෙන බවය. අතීතයේ බුදු රදුන්ගේ කාලයේ පවා දුසිල් මහණුන් සිටි බව සත්‍යකි. දේවදත්ත යනු එවැන්නන්ට උදාහරණයකි. එහෙත් සිදුවන පරිහානිය දැක දැක නිහඩ වීම බැමිණිතියා සාගතය වැනි අවස්ථාවල පවා දිවි නොතකා සසුන රැුක ගත් මහා යතිවරුනට කරන අගෞරවයකි. එනිසා මෙම සටහන කරන්නේ ජනපි‍්‍රය වීමේ අරමුණින් නොවේ. අතීත භික්ෂු සාසනය සිහිපත් වන විට දැනෙන සත්‍යම වූ වේදනාවෙනි. මේ අවාසනාවන්ත තත්වයෙන් මුදාගෙන යමක් කලහැකි කිසිවෙක් අද දකින්නට නැත. මහා නායක හිමිවරුනට අවම වශයෙන් ග්‍රාමසේවක වරයෙකුගේ බලයවත් නැති තත්වයට පත් වී ඇත. මෙසේ අවිනීත ලෙස හැසිරෙන භික්ෂූන්ට යම් විනය කී්රයාමාර්ගයක් ගන්නට කිසිදු නිකායික මහ තෙරවරයෙකුට බලයක් නැත. හැම විටම දකින්නට ලැබෙන්නේ අරාජිකත්වයකි. ලොව බුදු සසුන පවතින අනෙක් රටවල් වල නායකත්වයන් අකුරටම කි‍්‍රයාත්මක වනු අප දැක ඇත්තෙමු. වැඩිහිටි මහා සංඝයා බාල පරපුර වෙත කරන යහපත් බලපෑම නිසා හිතුමතේ කි‍්‍රයා කිරීමට කිසිවෙකුටත් නොහැකිය. අප රටේද ක්‍රියාත්මක විය යුත්තේ නමට පමණක් නොවන බලතල සහිත භික්ෂු නායකත්වයකි. කිසිදු බලයක් නැති අධිකරණ නායකකම් බල ගැන්විය යුතුය. රටේ නීති පද්ධතියට සමගාමීව යන භික්ෂුන්ටම වෙන් වූ විධිමත් නීති රීති පද්ධතියක් කි‍්‍රයාත්මක විය යුතුය. විශ්ව විiාල භික්ෂු පිරිස් වලට සෘජු නියෝග නිකුත් කලහැකි තත්වයක් ඉදිරියේ භික්ෂු සංස්ථාව තුල ඇති විය යුතුය. මෙවැනි ක්රමෝපායන් ක්‍රියාත්මක කිරීමට නම් මහා නායකස්වාමින් වහන්සේලාද කි‍්‍රයාත්මක විය යුතුය. එහෙත් ගැටළුව වන්නේ ඇතැම් මහා නායක හිමිවරුන්ද කටයුතු කරන්නේ කුමන හෝ පක්ෂයකට පක්ෂව වීමයි. රටේ පාලකයාට හෝ නීතියට අනුගත වන්න යයි බුදු රදුන් භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාරා ඇති නමුත් එහි ගැති වන්න යයි දේශනා කර නැත. රට පාලනය කරන අයට උපදෙස් දී ඔවුනගේ වැරදි මග හරවා ඔවුන් හරහා සාසන පරිහානිය අවම කර ගැනීමට කටයුතු කිරීමක් පෙනෙන තෙක් මානයකවත් නැත .

අශෝක රජ සමයේ මිසදිටුවන් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් සසුනට ඇතුලත් වු බව සදහන් වේ. සිල්වත්. භික්ෂුන්ට විනය කර්ම කිරීමටවත් නොහැකි වීම නිසා 60000 පමණ තීර්ථකයන් සසුනෙන් නෙරපා හැරීමට අශෝක රජුට සිදු විය. එවන් යමක් කරන්නට සමත් කිසිවෙක් අද නොවීම අවාසනාවකි. නායකත්වයක් නොමැතිවීම නිසා පැවිද්දන් අයාලේ යති. තම තමන්ට කැමති පරිදි කටයුතු කරති. එනිසා මේ සඳහා වහ වහා පිළියම් යොදන්නට කිසියම් ක්‍රමයක් හෝ හැකියාවක් ඇත්නම් 2600 වැනි සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් අපට සිදුකල හැකි ඉහළම බුද්ධ ගෞරවය වනවාට කිසිදු සැකයක් නැත. එසේ නොවුනහොත් මුනිවත රකිමින් ඕනෑම දෙයකට ඉඩ දෙමින් මහානායක හිමිවරුන් බලාසිටිද්දි භික්ෂූ සාසනය තව තවත් අන්ත පරිහානිය කරා ගමන් කිරිීම වැලැක්විය නොහැකිය.. බුද්ධ ශාසන ඇමති තනතුර අමාත්‍ය ධුරයකට පමණක් සීමා වී ඇත. එක් එක් අය තමන්ට අවශ්‍ය ආකාරයට ධර්මය විකෘති කරමින් ගෞතම බුදුන්ට වඩා මෛත්‍රී බෝසතුන් උසස් කරමින් කපු කම් කරති. කණ්ඩායමක් සාදාගෙන සෑම මැතිවරණයට ඉදිරිපත් වන හොඳින් හෝ නරකින් ප්‍රසිද්ධිය අපේක්ෂා කරණ ගෙවල් වල ජීවත් වෙන තවත් නිගණ්ඨයින් පිරිසක්ද සිවුරු දරාගෙන චීවරයට නිගා කරති. මෙවන් පුද්ගලයන් මුදල් ඉපයීම සඳහා ගිහියන්ද නොකරණ මගඩිකම් කරන්නේ චීවරයට මුවාවී ගෙනයි. යන්ත්‍ර මන්ත්‍ර ගරුකම් කරමින් වෙළඳ දැන්වීම් පල කරමින් කටයුතු කරණ පුද්ගලයන් පසුපස යන්නනටද මෝඩ මිනිසුන් කටයුතු කරණු දක්නට ලැබීමද සාසන විනාශයට රුකුල් දෙන්නකි. කරුණාවෙන් මෛත්‍රියෙන් සපුරාම බැහැර වී විවිධ භික්ෂූත්වයට නොගැලපෙන දේ කරණ පිරිස දිනෙන් දින වැඩි වන ආකාරය දෙස බලන විට පැහිදිලි වන්නේ ඔවුන් සිවුර දරාගෙන සිටියත් සියළුම භෞතික සම්පත් වෙනුවෙන් ඕනෑම පහත් ක්‍රීයාවක් කරන්නට මැලි නොවන ආකාරයයි.

මේ නැසෙන්නේ වසර දහස් ගණනක් පැවතුණු භික්ෂු සාසනයයි. රජවරුන් රුධිරය හලා රුක ගත්, යතිවරුන් දස දුක් විඳිමින් අරක්ෂා කළ, ලක් මව්ගේ සුජාත පුතුන් දිවිපුදා රැුකගත් සාසනයයි. ඒනිසා කල් යල් බලා නොසිට මේ අවාසනාවන්ත තත්වයෙන් භික්ෂු සාසනය බේරා ගැනීම සදහා ගිහි පැවිදි වගකිවයුතු හැමගේ අවධානය මේ කරුණ වෙනුවෙන් යොමු වේ යයි බලාපොරොත්තු වෙමි.

පරවාහැර චන්දරතන හිමි – ප්‍රංශය

http://lankacnews.com/sinhala/main-news/43338/

[QUOTE="Martin, post: 11873033, member: 2596"] [b]නායකත්වයක් නොමැතිව පිරිහෙන භික්ෂු සාසනය[/b] නායකත්වයක් නොමැතිව පිරිහෙන භික්ෂු සාසනය January 17, 2012 at 12:28 am | Lanka C News. සම්බුද්ධත්ව ජයන්තියේ සදහම් සිසිලසෙන් මුලූ ලෝකයම සුවදවත් වූ වර්ෂයක බුදු සසුනේ අනාගත පැවැත්ම පිළිබදව සැලකිලිමත් වීම විශාලම සම්බුද්ධ පූජාව වන බව අපගේ හැගීමයි. ලාංකික භික්ෂු සාසනයේ ශෝචනීය තත්වය පිළිබදව කරුණු සලකා බැලීමට වඩාත් කාලීන අවශ්‍යතාවක් වන්නේ එනිසාය. මන්ද යත් පිරීහීම සමාජගත වූ විට එය රෝගය අසාධ්‍ය තත්වයට පත්වූවා සේ වන නිසාය. එම නිසා වර්තමානය වනවිට ලාංකීය භික්ෂු සමාජයේ පවතින පරිහානීය තත්වය පිළිබදව සංවාදාත්මක තත්වයකට ගෙන ඒමත් ඒ තුලින්ම කිසියම් විසදුම් මාර්ගයකට ලාංකීය භික්ෂු සාසනය මෙහෙයවීමට සාසන භාරධාරී නාහිමි වරුන් ගේ අවධානය යොමු වේ යයි අපගේ අපේක්ෂාවයි .”විනයො නාම සාසනස්ස” ආයු යන බුදු වදනට අනුව සාසනයේ පැවැත්මට නම් විනය ශික්ෂා පද වලට ගරු කිරීම අනිවාර්ය වෙයි. එසේ නොවන බුදු සසුන වසර දස දහසක් පැවතුනද කිසිදු ඵලයක් නොවේ. ලාංකික භික්ෂු ශාසනය අතීතයේ නායකත්වයක් සහිතව ගුරු ගෝල සම්බන්ධකම් හා ගරුසරුකම් මත ඉතා නිරවුල්ව කි‍්‍රයාත්මක විය. වරක් ආනන්ද තෙරුන් වහන්සේ බුදු රදුන්ගෙන් විමසන්නේ බුදු දහමෙන් භාගයක්ම පවතින්නේ කල්‍යාණමිත්‍ර ඇසුර මත නොවේද යනුවෙනි. එවිට බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ භාගයක් නොව මුලු බුදු සසුනම පවතින්නේ කළ්‍යාණ මිත්‍ර ඇසුර මත බවය. බුදු සසුනේ පරිහානියේ ප්‍රධාන කරුණක් නම් ගුරු සිසු සබදතාවය නිසිලෙස ක්‍රියාත්මක නොවීමය. ලන්දේසි සමය වනවිට ගනින්නාන්සේලා බවට පත්ව තිබු භික්ෂු සාසනය වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිපාණන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් උපසම්පදාව පිහිටුවා නැවත මනාව ප්රතිෂඨාපනය කිරීමක් සිදු විය. උන් වහන්සේගේ නායකත්වය යටතේ සිල්වත් ගුණවත් භික්ෂු පිරිසක් නැවතත් බිහි වූ අතර ශාසනික පැවැත්ම සදහා බොහෝ කුල දරුවන් පැවිදි වූ අතර විනයානුකූල ප්‍රතිපදාවන්ගෙන් මනාව හික්මුණු මේ පිරිස නිසා ගිහි පැවිදි සම්බන්ධය යලිත් තහවුරු විය. බිහිවුණු ගෞරවණීය භික්ෂු පරපුර දිවි හිමියෙන් භික්ෂු ගෞරවය ද සුරක්ෂිත කල අතර දැනට වසර 50 පමණ පෙර අතීතය දෙස බලනවිට සිල්වත් ගුණවත් මේ භික්ෂුන් වහන්සේව දැකිය හැකිය. අද එවන් භික්ෂුන් දැකීම ඉතා දුර්ලභ වන්නේ විනය පිළිබද තත්වය ඉතා කණගාටුදායක වන නිසාය. එම නිසා විනය, ගෞරවය හා භික්ෂුත්වය යනු කිසිදා වෙන් කල හැකි කරුණු නොවන බවත් වෙන් වු කල පරිහානිය බවත් අප තරයේ සිහි තබා ගතයුතුය. මෙම මාතෘකාව පිළිබදව කතා කරන විට පළමුව පැහැදිලි කරගතයුතු කරුණු කිහිපයක් වෙයි. භික්ෂුව හා සංඝ යන වචන පිළිබදව නිවැරදිව තේරුම් ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය යයි සිතමි. සංඝ යන්නෙහි අර්ථයන් කිහිපයක්ම දක්වා ඇත. සංඝ යනුවෙන් හදුන්වන්නේ බුදුරදුන් දෙපස වැඩසිටි සැරියුත් මුගලන් ආදී මහා සංඝරත්නයෙන් එක් කොටසකි. ඒ හැරුණු විට බුදුන් වහන්සේ උගන්වා වදාළ ශාසනික පිළිවෙත් අනුව කටයුතු කරමින් නිර්වාණ මාර්ගය අපේක්ෂා කල ශ්‍රාවක ”මහා සංඝයා තවත් කොටසකි. මෙයින් ආර්ය මහා සංඝරත්නය ලෙස ගැනෙන්නේ අවම වශයෙන් සෝවාන් ඵලයට හෝ පත් ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාය. මේ දෙපිරිසටම අමතරව තවත් සංඝ පිරිසක්ද දැකිය හැකිය. මාර්ග ඵල අපේක්ෂාවෙන් එමෙන්ම සසර දුකින් මිදෙනු පිණිස පැවිදි බව පතන ආචාර්ය උපාධ්‍යයන් සමීපයේ සිට මේ සිවුරු පිරිකර ලබාගෙන සසර දුකින් මිදීම පිණිස තමනටද පැවිද්ද දෙන්නැයි ඉල්ලා පැවිදි බව ලබා ගන්නා පිරිසයි. මෙම සංඝ සමූහයා විසින් පිළිපැදිය යුතු විනය නීති මාලාවක්ද වේ. සාමණේර ශීලය හැරුණු විට උපසපන් භික්ෂුව විසින් ගරු කලයුතු පාරාජිකා සංඝාදිසේස ආදී විනයානුකූලව හික්මීමේ ශික්ෂාපද 227 ක් දක්වා ඇත. ඒවා තුලින් බලාපොරොත්තු වන්නේ විනය මාර්ගයේ වඩාත් හික්මුණු සිල්වත් ගුණවත් මහා සංඝ පරම්පරාවකි. මේ අයුරින් සංඝ යන්නට අදාල පරාසය සරලව පෙන්වා දියහැකිය. සංඝ යන වචනය මෙන්ම භික්ෂුව යන්නද එවැනිම වැදගත් අර්ථ සහිත වචනයකි. භික්ෂුව යන්න ද සංඝයා වහන්සේ යන්නද සමානව භාවිතාවන අවස්ථා ඇති නමුදු භික්ෂුව යන්න වැදගත් අර්ථ දරන වදනකි. අටුවාචාරීන් වහන්සේලා පැහැදිලි කර ඇති ආකාරයට භික්ෂුව යයි හැදින්වෙන්නේ භික්ෂාවෙන් යැපෙන නිසාය. ”භික්ඛතීති භික්ඛු” යනුවෙන් එය සදහන් කෙරෙන අතර භික්ෂාව යනු පිණ්ඩපාත කර ලබා ගන්නා ආහාරයයි. එම ආහාරයෙන් යැපෙමින් ශාසන ප්‍රතිපදාව රකින ජීවිතයේ නිසරු බව තේරුම් ගත් උත්තමයෝ භික්ෂු නම් වෙති යන්න එක් මතයකි. දෙවන අදහසේ දැක්වෙන හැදින්වීම් පාඨය වන්නේ ”සංසාර භයං ඉක්ඛතීති භික්ඛු” යන්නයි. සසර භය කෙලවර කිරීම සදහා චීවරය දරාගෙන ඒ අනුව කටයුතු කරමින් දායක දායිකාවන්ටද පින් වැඩෙන පරිදි ඔවුනටද දහම් උගන්වමින් සසර කෙලවර කිරීම සදහා වීරිය කිරීම යන අදහස මුල් කරගෙනද භික්ෂු යන්න අර්ථවත් වේ. මෙම සියලූම අදහස් දෙස බලන විට පැහැදිලි වන කරුණක් නම් සියලූ අර්ථ කථනයන් බිහිව ඇත්තේ මුල් කාලීන භික්ෂුන් වසන්සේලාගේ චරණයන් මත බවය.”ඡුින්න භින්න පටධරෝ භික්ඛූ” යන්නද එකී ප්‍රකාශය සනාථ කරන්නකි. කිසිදු වටිනා කමක් නැති රෙදි කැබලි කපා මසා සකස් කර ගත් චීවරය දරන නිසා ද භික්ෂු නම් වේ. චීවරය ඉරීමක් සිදු වුවත් එයට රෙදි කැබැල්ලක් තබා මසා ගැනීම එදා සිරිත වූ බව පෙනේ. වචනාර්ථ විග්‍රහය කෙසේ වුවත් අද භික්ෂුන් වහන්සේලා මෙකී මූලික අරමුණු හා ස්වරූපයන්ට කෙතරම් දුරට අනුගතව ඇද්ද යන්න මහත් සැලකිල්ලෙන් සොයා බැලීම වැදගත්ය. බුදුන් වහන්සේ උතුම් අරමුණක් වෙනුවෙන් හදුන්වා දුන් චීවරය අද සමාජයේ ඕනෑම නින්දිත පහත් වැඩක් කිරීමට යොදා ගන්නා ආකාරය දැකිය හැකි අවස්ථා අපමණය. එවන් පහත් වැඩ හමුවේ වැරදිකරුවනට චීවරධාරියෙකු යයි හදුන්වා ලිස්සායාමට පමණක් කටයුතු කිරීම අද ක්‍රමය බවට පත් වී ඇත. මා දකින ආකාරයට අද ඇති වී තිබෙන මෙම සාසන පරිහානියට විසදුම් සෙවීම තව දුරටත් පමා කිරීම එතරම් ඥනාන්විත නොවේ. 2600 වැනි බුද්ධ ජයන්ති වසර නිසා හෝ එවන් සන්ධිස්ථානයන් අරමුණු කොට උත්සව පැවැත්වීමට වඩා භික්ෂූ සමාජය පරිහානියෙන් මුදා ගැනීමට යමක් කල හැකි නම් එය ඉතා වැදගත්බව කිව යුතුය. භික්ෂුව මෙතරම් පිරිහුණු යුගයක් සාසනයේ තවත් තිබුණාදැයි සැක සහිතය. ගණින්නාන්සේලා තුල පවා යම් ශ්‍රද්ධාවක් තිබුණු බව එවක පැවති ලිපි ලේඛන පරිශීලනය කරන විට පැහැදිලි වේ. එහෙත් වත්මන් භික්ෂු සමාජයේ බහුතර භික්ෂුන් වහන්සේලා තුල ගනින්නාන්සේලා තුල තිබුණු හොද ගුූණ දම් පවා නැත . භික්ෂුන් වහන්සේ සදහා භාවිතා වන නාමයක් වන්නේ කුල දේවතා යන්නයි. ඒ ඉතා ඈත අතීතයේ සිට ජාතියේ පෙර ගමන් කරුවන් වූයේ භික්ෂූන් වහන්සේලා නිසාය. ථේරපුත්තාභය මහ රහතන් වහන්සේ, වාරියපොල සුමංගල හිමි, කුඩාපොල හිමි වැනි තෙරුන් වහන්සේලා උත්කෘෂ්ඨ උදාහරණයෝය. එනිසාම වර්ථමානයේ වුවද භික්ෂූන් වහන්සේලාට ජාතික කාර්්‍යයභාරයක් නිතැතින්ම පැවරී ඇත. එහෙත් එකී මහා කර්තව්‍ය වරදවා ගත් සෙයක්ද පෙනේනට තිබේ. වර්ථමාන භිකෂුන් වහන්සේලා දේශපාලනයට මග පෙන්වනු වෙනුවට දේශපාලකයින්ගේ පසු පසින් යති. අන්තවාදි දේශපාලන පක්ෂවල අතකොලූ බවට පත්ව අමිල වූ චීවරයේ ගෞරවය නසමින් මහමග පෙළපාලියේ සටන් පාඨ කියවමින් යන ආකාරය අතිශයින් සංවේග ජනකය. කරුණා මෛති‍්‍රය පතල කිරීම සදහාම චරිතවත් වියයුතු භික්ෂුව හදවතින් නොව කායිකව පමණක් චීවරය දරාගෙන අනෙකුත් වරප්‍රසාද භුක්ති විදිමින් හැසිරෙන අයුරු දකින විට ඇතිවන්නේ මහත් සිත් වේදනාවකි. බුදු දහම මතම ගොඩනැගුණු සංස්කෘතියක් ඇති රටක භික්ෂූන් වහන්සේලා තම ගෞරවය පිළිබදව වඩාත් සැලකිලිමත් විය යුතුය. රජයට යමක් දැනුම් දෙන්නට අවශ්‍ය නම් එය සිදු කිරීමේ දී භික්ෂුත්වය අපකීර්තියට පත් නොකල යුතුය. පෙළපාලියේ ආවේගයෙන් කෑ ගසන තමා වීරයෙක් යැයි සිතමින් දෑත් දෙපා විසිකරන අප දෙස බලාසිටින්නේ සැදැහැති බෞද්ධ ජනතාව බවත් අමතක කළ යුතු නොවේ. මොණරා අලංකාර ලෙස පිල් විදහා නටන මුත් අනෙක් පසින් නිරුවතම ප්රදර්ශවය කරයි. පසුගිය දිනක චීවර දරා ගත් එක්තරා භික්ෂු පිරිසක් අරලිය ගහ මන්දිරයට පෙලපාලියෙන් යනු දක්නට ලැබුණි. උන්වහන්සේලා විසින් පවසන ලද සටන් පාඨ හා අසභ්‍ය වචන දෙස බලන විට අපට එක් අතකින් හැගී යන්නේ භික්ෂු සාසනය විනාශකිරීමේ මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවාද යන්නයි. ගිහි පිරිසටත් වඩා අන්ත අශෝභන අයුරින් සිවුර දරාගත් මෙම පිරිස හැසිරුණු ආකාරය දෙස බලන ඕනෑම කෙනෙකුට ඇතිවන්නේ මහත් පිළිකුලකි. බුදුන් වහන්සේ උගන්වා වදාල ප්‍රතිපත්ති මාර්ගය අනුගමනය කරන්නට සිවුර දරා ගන්නා භික්ෂුව තමන්ට අයත් නැති අනුන්ගේ ක්‍රියාවන්වලට උල්පන්දම් දෙන්නට ගොස් රජය පෙරලීමේ දේශපාලන අතකොලූ බවට පත්ව ඇද්දැයි සැකයක් ඇතිවෙයි. බෞද්ධ මහා ජනතාව භික්ෂූන් වහන්සේ නමක් දානයක් සදහා වඩම්මවන්නේ පා ෙදා්වනය කර පාවාඩ දමා සුදු පිරුවට දමන ලද ආසන පිළියෙල කර ෙදා්ත් මුදුන් බැද වැඳ නමස්කාර කරමිනි. එසේ කරද්දී බුද්ධ චීවරයම දරාගෙන තවත් කොටසක් විවධ වෙනත් බලාපොරොත්තු සහිතව කරගෙන යන ක්‍රියා කලාපය දෙස බලන විට තව කොපමණ කල් මෙම ශාසනය පවතීද යන්න ගැනද සැකයක් ඇතිවෙයි. මෙහි වඩාත් බරපතල පැතිකඩයන්ද නැත්තේ නොවේ. භික්ෂුන් වහන්සේලාගේ නොමනා හැසිරීම තුලින් කලකිරෙන බොදු පිරිස් පන්සලෙන් ඇත් වීම නිරායාසයෙන්ම සිදු වෙයි. එයින් ප්‍රයෝජන ගන්නේ බොදු ජනතාව බිලී බා ගැනීමට බලා සිටින මූලධර්මවාදී අන්‍යාගමික පිරිස්ය. ඔවුනට භික්ෂූන් වහන්සේලා ගැන කියන්නට දෙයක් තිබේ. භික්ෂුන් ගැන කලකිරවන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දී තිබෙන්නේ භික්ෂුන් විසින්මය. මෙයින් වඩාත් අපහසුතාවයට පත් වන්නේ නිවැරදි පිළිවෙත් මග අනුව යන සිල්වතුන් වහන්සේලාය. මේ යන මග යාම අනාගතයට සුභ දායක නොවන බව යන්තම් හය හතර තේරෙන දරුවකුට වුවද වටහා ගත හැකි නමුත් මුලා බවින් අන්ධව හැසිරෙන කාසාව කණ්ඨක වර්ගයේ භික්ෂුන් වහන්සේලාට තේරුම් ගැනීමට බැරි වීම අභාග්‍යයකි. විශ්ව විiාල භික්ෂූ පිරිස් ගැන කතා කරන විට මේ තත්වය වඩාත් ශෝචනීයය. සමහර භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම ගිහියන්ටද වඩා අන්තය. සමහරුන් වහලවල් උඩ නැග උපවාස කරති. ගිහි භවතුන් වන්දනාමාන කරමින් ගෙවල්වලට වඩමවා දන් දෙද්දී සිවුරු හැද සමහරු වේදිකාමත පුටුමත හිඳගෙන දේශපාලනය කරන ඇතැමුන්ගේ කතා අසන්නට බිම ලැග ගනිති. මහ පාරවල් වල හිඳ ගනිති. අසභ්‍ය අයුරින් භික්ෂුවකට ලබා ගිහයෙකුටවත් නොගැලපෙන ආකාරයේ විකෘති කාමයේ යෙදෙති. සමහර විට ඔවුන් හැසිරෙන්නේ මත්ද්‍රව්‍ය පානය කළ අම ලෙසටද යන්න සැකයක් ඇතිවේ. මෙවන් භික්ෂුත්වයට නොගැලපෙන දර්ශන බිහි කරන්නට මුල් වන භික්ෂුන් විශ්ව විiාල තුල සිටින කාලයේම සිවුරු හැර යති. එක් අතකින් එය සතුටට කරුණකි. චීවරය තුල රැුදී සිටිමින් නිගා කරනවාට වඩා එය අත්හැර යාම හොඳය. එහෙත් උරුලෑවා ගිය පාරත් දුගඳ යයි පවසන්නා සේ ඔවුන් විසින් කල නින්දාව මකන්නට බෝධි පූජාවට පිරිතට නොහැකිය. එවන් වගකීම් රහිත භික්ෂු පිරිස් ඇති කල වැරදි චිත්‍රය බොදු හදවත් තුලින් නැති කිරීම පහසු කාර්යක් නොවේ. මේ සියලූ කි්රයාවන් වල අනිටු ඵලය අත්විඳින්නට සිදු වන්නේ දිවි හිමියෙන් චීවරය දරන ගුණවත් මහ සඟනටය. චීවරය නිසා භික්ෂූන්ට ලැබෙන වරප්‍රසාද භුක්ති විදිමින් මොවුන් සිදු කරන්නෙ සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේ නමකටත් ශාසනික ගරුත්වය රුකගන්නට ඉඩ ඇහිරීමයි. පරිහානිය සියැසින් දැකීම තරම් වේදනාවක් තවත් තිබිිය නොහැකිය. වරක් බුදු රදුන් පවා ආනන්ද තෙරුනට පවසන්නේ වර්ථමාන භික්ෂුන් තමනට සංවේගයක් ගෙනෙන බවය. අතීතයේ බුදු රදුන්ගේ කාලයේ පවා දුසිල් මහණුන් සිටි බව සත්‍යකි. දේවදත්ත යනු එවැන්නන්ට උදාහරණයකි. එහෙත් සිදුවන පරිහානිය දැක දැක නිහඩ වීම බැමිණිතියා සාගතය වැනි අවස්ථාවල පවා දිවි නොතකා සසුන රැුක ගත් මහා යතිවරුනට කරන අගෞරවයකි. එනිසා මෙම සටහන කරන්නේ ජනපි‍්‍රය වීමේ අරමුණින් නොවේ. අතීත භික්ෂු සාසනය සිහිපත් වන විට දැනෙන සත්‍යම වූ වේදනාවෙනි. මේ අවාසනාවන්ත තත්වයෙන් මුදාගෙන යමක් කලහැකි කිසිවෙක් අද දකින්නට නැත. මහා නායක හිමිවරුනට අවම වශයෙන් ග්‍රාමසේවක වරයෙකුගේ බලයවත් නැති තත්වයට පත් වී ඇත. මෙසේ අවිනීත ලෙස හැසිරෙන භික්ෂූන්ට යම් විනය කී්රයාමාර්ගයක් ගන්නට කිසිදු නිකායික මහ තෙරවරයෙකුට බලයක් නැත. හැම විටම දකින්නට ලැබෙන්නේ අරාජිකත්වයකි. ලොව බුදු සසුන පවතින අනෙක් රටවල් වල නායකත්වයන් අකුරටම කි‍්‍රයාත්මක වනු අප දැක ඇත්තෙමු. වැඩිහිටි මහා සංඝයා බාල පරපුර වෙත කරන යහපත් බලපෑම නිසා හිතුමතේ කි‍්‍රයා කිරීමට කිසිවෙකුටත් නොහැකිය. අප රටේද ක්‍රියාත්මක විය යුත්තේ නමට පමණක් නොවන බලතල සහිත භික්ෂු නායකත්වයකි. කිසිදු බලයක් නැති අධිකරණ නායකකම් බල ගැන්විය යුතුය. රටේ නීති පද්ධතියට සමගාමීව යන භික්ෂුන්ටම වෙන් වූ විධිමත් නීති රීති පද්ධතියක් කි‍්‍රයාත්මක විය යුතුය. විශ්ව විiාල භික්ෂු පිරිස් වලට සෘජු නියෝග නිකුත් කලහැකි තත්වයක් ඉදිරියේ භික්ෂු සංස්ථාව තුල ඇති විය යුතුය. මෙවැනි ක්රමෝපායන් ක්‍රියාත්මක කිරීමට නම් මහා නායකස්වාමින් වහන්සේලාද කි‍්‍රයාත්මක විය යුතුය. එහෙත් ගැටළුව වන්නේ ඇතැම් මහා නායක හිමිවරුන්ද කටයුතු කරන්නේ කුමන හෝ පක්ෂයකට පක්ෂව වීමයි. රටේ පාලකයාට හෝ නීතියට අනුගත වන්න යයි බුදු රදුන් භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාරා ඇති නමුත් එහි ගැති වන්න යයි දේශනා කර නැත. රට පාලනය කරන අයට උපදෙස් දී ඔවුනගේ වැරදි මග හරවා ඔවුන් හරහා සාසන පරිහානිය අවම කර ගැනීමට කටයුතු කිරීමක් පෙනෙන තෙක් මානයකවත් නැත . අශෝක රජ සමයේ මිසදිටුවන් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් සසුනට ඇතුලත් වු බව සදහන් වේ. සිල්වත්. භික්ෂුන්ට විනය කර්ම කිරීමටවත් නොහැකි වීම නිසා 60000 පමණ තීර්ථකයන් සසුනෙන් නෙරපා හැරීමට අශෝක රජුට සිදු විය. එවන් යමක් කරන්නට සමත් කිසිවෙක් අද නොවීම අවාසනාවකි. නායකත්වයක් නොමැතිවීම නිසා පැවිද්දන් අයාලේ යති. තම තමන්ට කැමති පරිදි කටයුතු කරති. එනිසා මේ සඳහා වහ වහා පිළියම් යොදන්නට කිසියම් ක්‍රමයක් හෝ හැකියාවක් ඇත්නම් 2600 වැනි සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් අපට සිදුකල හැකි ඉහළම බුද්ධ ගෞරවය වනවාට කිසිදු සැකයක් නැත. එසේ නොවුනහොත් මුනිවත රකිමින් ඕනෑම දෙයකට ඉඩ දෙමින් මහානායක හිමිවරුන් බලාසිටිද්දි භික්ෂූ සාසනය තව තවත් අන්ත පරිහානිය කරා ගමන් කිරිීම වැලැක්විය නොහැකිය.. බුද්ධ ශාසන ඇමති තනතුර අමාත්‍ය ධුරයකට පමණක් සීමා වී ඇත. එක් එක් අය තමන්ට අවශ්‍ය ආකාරයට ධර්මය විකෘති කරමින් ගෞතම බුදුන්ට වඩා මෛත්‍රී බෝසතුන් උසස් කරමින් කපු කම් කරති. කණ්ඩායමක් සාදාගෙන සෑම මැතිවරණයට ඉදිරිපත් වන හොඳින් හෝ නරකින් ප්‍රසිද්ධිය අපේක්ෂා කරණ ගෙවල් වල ජීවත් වෙන තවත් නිගණ්ඨයින් පිරිසක්ද සිවුරු දරාගෙන චීවරයට නිගා කරති. මෙවන් පුද්ගලයන් මුදල් ඉපයීම සඳහා ගිහියන්ද නොකරණ මගඩිකම් කරන්නේ චීවරයට මුවාවී ගෙනයි. යන්ත්‍ර මන්ත්‍ර ගරුකම් කරමින් වෙළඳ දැන්වීම් පල කරමින් කටයුතු කරණ පුද්ගලයන් පසුපස යන්නනටද මෝඩ මිනිසුන් කටයුතු කරණු දක්නට ලැබීමද සාසන විනාශයට රුකුල් දෙන්නකි. කරුණාවෙන් මෛත්‍රියෙන් සපුරාම බැහැර වී විවිධ භික්ෂූත්වයට නොගැලපෙන දේ කරණ පිරිස දිනෙන් දින වැඩි වන ආකාරය දෙස බලන විට පැහිදිලි වන්නේ ඔවුන් සිවුර දරාගෙන සිටියත් සියළුම භෞතික සම්පත් වෙනුවෙන් ඕනෑම පහත් ක්‍රීයාවක් කරන්නට මැලි නොවන ආකාරයයි. මේ නැසෙන්නේ වසර දහස් ගණනක් පැවතුණු භික්ෂු සාසනයයි. රජවරුන් රුධිරය හලා රුක ගත්, යතිවරුන් දස දුක් විඳිමින් අරක්ෂා කළ, ලක් මව්ගේ සුජාත පුතුන් දිවිපුදා රැුකගත් සාසනයයි. ඒනිසා කල් යල් බලා නොසිට මේ අවාසනාවන්ත තත්වයෙන් භික්ෂු සාසනය බේරා ගැනීම සදහා ගිහි පැවිදි වගකිවයුතු හැමගේ අවධානය මේ කරුණ වෙනුවෙන් යොමු වේ යයි බලාපොරොත්තු වෙමි. පරවාහැර චන්දරතන හිමි – ප්‍රංශය [URL="http://lankacnews.com/sinhala/main-news/43338/"]http://lankacnews.com/sinhala/main-news/43338/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom