Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමෙරිකාව යුරෝපය චීනය පරදා ලංකාවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝලීය රෙදිපිළි හා විලාසිතා නිර්මාණ කර්මාන්තය තිරසාර පරිසර හිතකාමී කර්මාන්තයක් බවට පත්කළ හැකි පෙරළිකාර නව තාක්ෂණයක් ලොවට හඳුන්වා දෙමින් ග්ලෝබල් චේන්ජ් අවොර්ඩ් ජාත්‍යන්තර සම්මානය ඇතුළු දෙස් විදෙස් සම්මානවලින් පිදුම් ලබා ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තර තලය වෙත ගෙන ගොස් නූල් කැබැල්ලකින් ලොව ජයගත් ආචාර්ය අනුර රත්නායක නම් වූ අපේ මේ විද්‍යාඥයා ලක් මවගේ දරුවෙකු වීම අපට මහත් ආඩම්බරයකි.

වසර 15ක් එංගලන්තයේ ජීවත් වෙමින් අධිතාක්ෂණ රෙදිපිළි සම්බන්ධව ලෝකයේ බලවත් රටවල් වන ඇමෙරිකාව, එංගලන්තය, චීනය, ජපානය, ඉන්දියාව, ජර්මනිය, හොංකොං, නෙදර්ලන්තය, ඉතාලිය, ප්‍රංශය, ස්වීඩන්, සිංගප්පුරුව, ස්පාඤ්ඤය ආදී රටවල සංචාරය කරමින් එහි ප්‍රබල ආයතන සමග ඔහු සොයාගත් නව තාක්ෂණ පිළිබඳව පර්යේෂණ සහ මෙහෙයුම් සිදුකරමින් සිටින ආචාර්ය රත්නායක මේ වනවිට එංගලන්තයේ ස්ථාපිත අඩිටෙක්ස් සමාගමේ (adetexs) සභාපති ලෙස කටයුතු කරයි.

ඇමෙරිකාව සහ යුරෝපීය රටවල් සමග මෙම තාක්ෂණයෙහි ඇති නිවැරදිභාවය පිළිබඳව සිදු කරනු ලැබූ සියලු මෙහෙයුම් ව්‍යාපෘතිවල ප්‍රතිඵල අතිසාර්ථක වීම මත ලෝකයේ අධිතාක්ෂණ රෙදිපිළි සම්බන්ධ ප්‍රබල ආයතන මෙම නව තාක්ෂණය මිලදී ගැනීම සඳහා සැදී පැහැදී සිටී.

නමුත් අපේ රටේ දුරබැහැර මායිම් ගමක ඉපිද ලක්මවගේ සුවද විදිමින් අධ්‍යාපනයෙන් පරතෙරට ගිය මේ අපේ විද්‍යාඥයා එම පෙරළිකාර නව තාක්ෂණය සුවිශාල මුදල් ආයෝජනයක් ද සමග ලක්මවට දායාද කරන්නට සැරසෙන්නේ විශාල වශයෙන් ආර්ථික ප්රතිලාභ ද සලසා දෙමිනි.

පරිසර දූෂණයට පිළිතුරක්

වර්තමානයේ මිනිසාට ඇදුම නැතිවම බැරි අංගයකි. ඒ සඳහා ලොව පුරා විවිධ රටවල නොයෙක් අමුද්‍රව්‍යවලින් සහ නේක වර්ණ රටාවලින් සමන්විත විවිධ විලාසිතාවන්ගෙන් යුත් ඇදුම් බිලියන එකසියපනහක් පමණ වසරකට නිර්මාණය වේ. නමුත් භාවිතා කර අවසානයේ එම ඇදුම්වලින් සියයට අනුවක් පමණම කිසිදු විකල්ප ප්‍රයෝජනයක් නොගෙන කසළ ගොඩවලට එක්වන්නේ රෙදිපිළි කර්මාන්තය ලොව දෙවැනි විශාලතම දුෂිත කර්මාන්තය බවට පත්කරමිනි.

එම ඇදුම් නැවත ප්රතිචක්රීකරණයකර භාවිත කිරීම සඳහා විවිධ උත්සාහයන් දැරුව ද නිමි ඇදුම් නිෂ්පාදනයේ දී යොදාගන්නා අමුද්‍රව්‍යවල සංකීර්ණභාවය හේතුවෙන් සහ යොදාගන්නා අමුද්‍රව්‍ය කුමක් ද යන්න හරිහැටි නොදැනීමෙන් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය නිවැරදිව සිදු කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇත.

දැනට අදාළ අමුද්‍රව්‍ය කුමක්ද යන්න දැනගැනීම සදහා ඇති එකම ක්‍රමය ඇදුමේ ලේබලය පරීක්ෂා කරබැලීම වුව ද බොහෝ පාරිභෝගිකයන් තමන් මිලදී ගන්නා ඇදුම්වල ලේබලය ඉවත් කරන්නේ එය ශරීරයේ ස්පර්ශ වීම පීඩාකාරී වන බැවිනි.

ලේබලය තිබුණ ද එහි සටහන් බහුතරයක් සේදී මැකීයාම හේතුවෙන් තොරතුරු ලබාගැනීම අපහසුය. එබැවින් වර්තමානයේ ඇදුම් ප්‍රතිචක්‍රීකරණය සිදුකරන්නේ අමුද්‍රව්‍ය කුමක්දැයි අනුමාන කරමිනි. එය ප්‍රතිචක්‍රීකරණය අධික වියදම් සහිත හා දුෂ්කර කටයුත්තක් වීමට හේතු වී ඇත.

මීට සාර්ථක විසඳුමක් වශයෙන් ආචාර්ය අනුර රත්නායක විසින් නිර්මාණය කර ඇත්තේ නූලක ආකාර ඉතා සියුම් ඉලෙක්ට්‍රොනික පරිපථයකි. (RFID THREAD). එය ඇඳුමක් නිෂ්පාදනය කරන අවස්ථාවේ දී ඇඳුම තුළට ඇතුළත් කරයි. මෙහි ඇති සුවිශේෂී ගුණාංගය වන්නේ එය සේදීම හා මැදීම වැනි ක්‍රියාවලින් විනාශ නොවීමයි. එය ඉතා සියුම් නිසා සහ එය පවතින ස්ථානය පවා ඇඳුම භාවිත කරන්නාට නොදැනෙන නිසා පාරිභෝගිකයාට ලේබල්වලින් දැනෙන අපහසුව මෙමගින් ඇති නොවේ.

රෙදිපිළි කර්මාන්තයේ දත්ත කළමනාකරණය

දැනට ලෝකයේ රෙදිපිළි කර්මාන්තයේ දත්ත කළමනාකරණය සඳහා වඩාත් ජනප්‍රිය ක්‍රමය වුයේ බාර්කොර්ඩ් සංකේත ක්‍රමයයි. එමගින් තොරතුරු ලබා ගතහැක්කේ වරකට එක ඇඳුමක් බැගින් පමණි. උදාහරණයක් ලෙස ඇඳුම් මිලදී ගැනීම සඳහා වෙළඳසැලකට ගියවිට මුදල් අයකැමි විසින් ඇඳුම් එකින්එකෙහි ඇති බාර්කොර්ඩ් සංකේත ස්කෑන් යන්ත්‍රයට යොමුකරන අතර සොරකම් කිරීම වැළකීම සඳහා ඇඳුමේ සවිකර ඇති security tags ද එකින් එක ගලවනු ලැබේ. මෙය සඳහා සැලකිය යුතු කාලයක් වැයවන අතර පාරිභෝගිකයාට විශාල කාලයක් පෝලිමේ සිටීමට සිදුවේ.

නමුත් ආචාර්ය අනුර රත්නායක සොයා ගෙන ඇති මෙම නව තාක්ෂණය හරහා තෝරාගත් ඇඳුම් බෑගයේ තිබියදී ම අයකැමි වෙතට ළංවන විටම තත්පරයකටත් අඩු කාලයක දී සියලුම ඇඳුම් ස්කෑන් වන අතර security tags භාවිතා කිරීම ද අවශ්‍ය නොවේ. මෙම තාක්ෂණයේ දී වයර් රහිත රේඩියෝ තරංග භාවිත කරන නිසා කන්ටේනර් තුළ තිබියදීම වුව ද තත්පර කිහිපයකින් ඇඳුම් අතිවිශාල සංඛ්‍යාවක් ගණනය කිරීමට හැකියාව ඇත. එසේම මෙමගින් විශාල පරිමාණයේ ගබඩා කළමනාකරණය ඉතාමත් පහසුවන අතර නිෂ්පාදකයාගේ පටන් පාරිභෝගිකයා දක්වා සමස්ත පද්ධතියටම දැවන්ත මූල්‍යමය ප්රතිලාභ හිමි වනවා මෙන්ම ඇඳුම් ප්‍රතිචක්‍රීකරණ ද අඩු වියදමකින් ඉතා පහසුවෙන් කිරීමට හැකියාව ලැබී තිබේ. මෙමගින් ගෝලීය රෙදිපිළි හා විලාසිතා නිර්මාණ කර්මාන්තය තිරසාර පරිසර හිතකාමී කර්මාන්තයක් බවට පත් වේ.

නමුත් දැවැන්ත සමාගම් විසින් වරකට විශාල නිෂ්පාදන (RFID Threads) ප්‍රමාණයක් ඉල්ලුම් කරන බැවින් ඒ සඳහා විශාල ප්‍රමාණයේ මූල්‍ය ආයෝජනයක් කිරීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. කෙසේ වෙතත් විදේශ රටවලින් මෙම තාක්ෂණය මිලදී ගැනීම සඳහා දැඩි ඉල්ලුමක් තිබෙන අතර ජාත්‍යන්තර RFID tags නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රබල ඇමෙරිකානු සමාගමක්, කටාර් රාජ්‍යයේ ආයෝජකයෙක්, ඉන්දියාවේ සහ චීනයේ ආයෝජකයන් ඇමෙරිකන් ඩොලර් මිලියන 35කට අධික මුදල් ප්‍රමාණයක් පිරිනමමින් මෙම තාක්ෂණය එම රටවලට රැගෙන යාමට උත්සාහ කර ඇත.

තාක්ෂණය ලක්මවට දායාද කරයි

දැඩි කැපවීම් කරමින් ඔහු සොයාගත් මෙම තාක්ෂණය කෙසේ හෝ ලක්මවට දායා ද කරන්නට ඔහුට සිත පහළ වීමම ජාතියේ වාසනාවකි. මෙම තාක්ෂණය ශ්‍රී ලංකාවට දයාද කිරීම හරහා රැකියා දහස් ගණනක් බිහිවනවා පමණක් නොව විශාල වශයෙන් විදේශ විනිමයක් ද ශ්‍රී ලංකාවට ලැබෙන බව පැහැදිලි කරුණකි.

මේ වන විට යුරෝපීය ප්‍රබල සමාගමක් මේ සඳහා ආයෝජනය කිරීමට එකඟ වී ඇති අතර මෙම තාක්ෂණය යුරෝපයට ගෙන යාමට ඔවුන් වඩාත් කැමැත්තෙන් සිටී. නමුත් ආචාර්ය රත්නායකගේ ඉල්ලීම මත මෙම කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සියලු වැඩ කටයුතු සැලසුම් කර තිබේ.

පුරා තිස් වසරක් කුරිරු ත්‍රස්ත ග්‍රහණයට නතුව තිබූ වැලිඔය ප්‍රදේශයේ නිකවැව නම් වූ දුෂ්කර ගම්මානයේ උපත ලැබූ ආචාර්ය රත්නායක මොරටුව විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී ඉංජිනේරු උපාධිය ලබා 2004 වර්ෂයේ දී එංගලන්තයට ගිය අතර එංගලන්තයේ බෝල්ටන් විශ්වවිද්‍යාලය මගින් විද්‍යාපති ඉංජිනේරු උපාධිය ලබාගත්තේ ය. 2016 වර්ෂයේ එංගලන්තයේ නොටින්හැම් ට්‍රෙන්ට් විශ්වවිද්‍යාලය මගින් නව පර්යේෂණ සම්බන්ධ පශ්චාත් උපාධිය හා අධිතාක්ෂණ රෙදිපිළි පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තේය.

අධිතාක්ෂණ රෙදිපිළි සම්බන්ධව ලෝකයේ බලවත් රටවල් සමග උරෙනුර ගැටෙමින් රැකියා දහස් ගණනක් සහ සුවිශාල විදේශ විනිමයක් ශ්‍රී ලංකාව තුළට ගෙන ආ හැකි මෙම නව තාක්ෂණය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට උත්සාහ දරන මේ අපේ විද්‍යාඥයාට සහයෝගය ලබා දීමට මේ වන විට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ.

”Made in Sri Lanka” සන්නාමය තව තවත් ජාත්‍යන්තර තලයට ගෙන යා හැකි නව නිර්මාණ බිහි කරන්නට ආචාර්ය අනුර රත්නායක මහතාට ධෛර්ය ශක්තිය ලැබේවායි අපි පතන්නෙමු.

රැකියා දහස් ගණනක් සහ විශාල විදේශ විනිමයක් ශ්‍රී ලංකාව තුළට ගෙන ආහැකි මෙවන් තාක්ෂණයක් වෙනත් රටකට ග්‍රහණය කර ගැනීමට ඉඩ නොදී සිට රට තුළම රඳවා ගැනීමට වත්මන් ආණ්ඩුව මැදිහත් වීම පැසසුම් කටයුතු බව ද නොනකිව මනාය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

මාධ්‍ය ලේකම්

කර්මාන්ත අමාත්‍යාංශය

[QUOTE="bravehearts, post: 25757065, member: 513648"] ගෝලීය රෙදිපිළි හා විලාසිතා නිර්මාණ කර්මාන්තය තිරසාර පරිසර හිතකාමී කර්මාන්තයක් බවට පත්කළ හැකි පෙරළිකාර නව තාක්ෂණයක් ලොවට හඳුන්වා දෙමින් ග්ලෝබල් චේන්ජ් අවොර්ඩ් ජාත්‍යන්තර සම්මානය ඇතුළු දෙස් විදෙස් සම්මානවලින් පිදුම් ලබා ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තර තලය වෙත ගෙන ගොස් නූල් කැබැල්ලකින් ලොව ජයගත් ආචාර්ය අනුර රත්නායක නම් වූ අපේ මේ විද්‍යාඥයා ලක් මවගේ දරුවෙකු වීම අපට මහත් ආඩම්බරයකි. වසර 15ක් එංගලන්තයේ ජීවත් වෙමින් අධිතාක්ෂණ රෙදිපිළි සම්බන්ධව ලෝකයේ බලවත් රටවල් වන ඇමෙරිකාව, එංගලන්තය, චීනය, ජපානය, ඉන්දියාව, ජර්මනිය, හොංකොං, නෙදර්ලන්තය, ඉතාලිය, ප්‍රංශය, ස්වීඩන්, සිංගප්පුරුව, ස්පාඤ්ඤය ආදී රටවල සංචාරය කරමින් එහි ප්‍රබල ආයතන සමග ඔහු සොයාගත් නව තාක්ෂණ පිළිබඳව පර්යේෂණ සහ මෙහෙයුම් සිදුකරමින් සිටින ආචාර්ය රත්නායක මේ වනවිට එංගලන්තයේ ස්ථාපිත අඩිටෙක්ස් සමාගමේ ([URL='http://www.adetexs.com/']adetexs[/URL]) සභාපති ලෙස කටයුතු කරයි. ඇමෙරිකාව සහ යුරෝපීය රටවල් සමග මෙම තාක්ෂණයෙහි ඇති නිවැරදිභාවය පිළිබඳව සිදු කරනු ලැබූ සියලු මෙහෙයුම් ව්‍යාපෘතිවල ප්‍රතිඵල අතිසාර්ථක වීම මත ලෝකයේ අධිතාක්ෂණ රෙදිපිළි සම්බන්ධ ප්‍රබල ආයතන මෙම නව තාක්ෂණය මිලදී ගැනීම සඳහා සැදී පැහැදී සිටී. නමුත් අපේ රටේ දුරබැහැර මායිම් ගමක ඉපිද ලක්මවගේ සුවද විදිමින් අධ්‍යාපනයෙන් පරතෙරට ගිය මේ අපේ විද්‍යාඥයා එම පෙරළිකාර නව තාක්ෂණය සුවිශාල මුදල් ආයෝජනයක් ද සමග ලක්මවට දායාද කරන්නට සැරසෙන්නේ විශාල වශයෙන් ආර්ථික ප්රතිලාභ ද සලසා දෙමිනි. [B]පරිසර දූෂණයට පිළිතුරක්[/B] වර්තමානයේ මිනිසාට ඇදුම නැතිවම බැරි අංගයකි. ඒ සඳහා ලොව පුරා විවිධ රටවල නොයෙක් අමුද්‍රව්‍යවලින් සහ නේක වර්ණ රටාවලින් සමන්විත විවිධ විලාසිතාවන්ගෙන් යුත් ඇදුම් බිලියන එකසියපනහක් පමණ වසරකට නිර්මාණය වේ. නමුත් භාවිතා කර අවසානයේ එම ඇදුම්වලින් සියයට අනුවක් පමණම කිසිදු විකල්ප ප්‍රයෝජනයක් නොගෙන කසළ ගොඩවලට එක්වන්නේ රෙදිපිළි කර්මාන්තය ලොව දෙවැනි විශාලතම දුෂිත කර්මාන්තය බවට පත්කරමිනි. එම ඇදුම් නැවත ප්රතිචක්රීකරණයකර භාවිත කිරීම සඳහා විවිධ උත්සාහයන් දැරුව ද නිමි ඇදුම් නිෂ්පාදනයේ දී යොදාගන්නා අමුද්‍රව්‍යවල සංකීර්ණභාවය හේතුවෙන් සහ යොදාගන්නා අමුද්‍රව්‍ය කුමක් ද යන්න හරිහැටි නොදැනීමෙන් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය නිවැරදිව සිදු කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇත. දැනට අදාළ අමුද්‍රව්‍ය කුමක්ද යන්න දැනගැනීම සදහා ඇති එකම ක්‍රමය ඇදුමේ ලේබලය පරීක්ෂා කරබැලීම වුව ද බොහෝ පාරිභෝගිකයන් තමන් මිලදී ගන්නා ඇදුම්වල ලේබලය ඉවත් කරන්නේ එය ශරීරයේ ස්පර්ශ වීම පීඩාකාරී වන බැවිනි. ලේබලය තිබුණ ද එහි සටහන් බහුතරයක් සේදී මැකීයාම හේතුවෙන් තොරතුරු ලබාගැනීම අපහසුය. එබැවින් වර්තමානයේ ඇදුම් ප්‍රතිචක්‍රීකරණය සිදුකරන්නේ අමුද්‍රව්‍ය කුමක්දැයි අනුමාන කරමිනි. එය ප්‍රතිචක්‍රීකරණය අධික වියදම් සහිත හා දුෂ්කර කටයුත්තක් වීමට හේතු වී ඇත. මීට සාර්ථක විසඳුමක් වශයෙන් ආචාර්ය අනුර රත්නායක විසින් නිර්මාණය කර ඇත්තේ නූලක ආකාර ඉතා සියුම් ඉලෙක්ට්‍රොනික පරිපථයකි. (RFID THREAD). එය ඇඳුමක් නිෂ්පාදනය කරන අවස්ථාවේ දී ඇඳුම තුළට ඇතුළත් කරයි. මෙහි ඇති සුවිශේෂී ගුණාංගය වන්නේ එය සේදීම හා මැදීම වැනි ක්‍රියාවලින් විනාශ නොවීමයි. එය ඉතා සියුම් නිසා සහ එය පවතින ස්ථානය පවා ඇඳුම භාවිත කරන්නාට නොදැනෙන නිසා පාරිභෝගිකයාට ලේබල්වලින් දැනෙන අපහසුව මෙමගින් ඇති නොවේ. [B]රෙදිපිළි කර්මාන්තයේ දත්ත කළමනාකරණය[/B] දැනට ලෝකයේ රෙදිපිළි කර්මාන්තයේ දත්ත කළමනාකරණය සඳහා වඩාත් ජනප්‍රිය ක්‍රමය වුයේ බාර්කොර්ඩ් සංකේත ක්‍රමයයි. එමගින් තොරතුරු ලබා ගතහැක්කේ වරකට එක ඇඳුමක් බැගින් පමණි. උදාහරණයක් ලෙස ඇඳුම් මිලදී ගැනීම සඳහා වෙළඳසැලකට ගියවිට මුදල් අයකැමි විසින් ඇඳුම් එකින්එකෙහි ඇති බාර්කොර්ඩ් සංකේත ස්කෑන් යන්ත්‍රයට යොමුකරන අතර සොරකම් කිරීම වැළකීම සඳහා ඇඳුමේ සවිකර ඇති security tags ද එකින් එක ගලවනු ලැබේ. මෙය සඳහා සැලකිය යුතු කාලයක් වැයවන අතර පාරිභෝගිකයාට විශාල කාලයක් පෝලිමේ සිටීමට සිදුවේ. නමුත් ආචාර්ය අනුර රත්නායක සොයා ගෙන ඇති මෙම නව තාක්ෂණය හරහා තෝරාගත් ඇඳුම් බෑගයේ තිබියදී ම අයකැමි වෙතට ළංවන විටම තත්පරයකටත් අඩු කාලයක දී සියලුම ඇඳුම් ස්කෑන් වන අතර security tags භාවිතා කිරීම ද අවශ්‍ය නොවේ. මෙම තාක්ෂණයේ දී වයර් රහිත රේඩියෝ තරංග භාවිත කරන නිසා කන්ටේනර් තුළ තිබියදීම වුව ද තත්පර කිහිපයකින් ඇඳුම් අතිවිශාල සංඛ්‍යාවක් ගණනය කිරීමට හැකියාව ඇත. එසේම මෙමගින් විශාල පරිමාණයේ ගබඩා කළමනාකරණය ඉතාමත් පහසුවන අතර නිෂ්පාදකයාගේ පටන් පාරිභෝගිකයා දක්වා සමස්ත පද්ධතියටම දැවන්ත මූල්‍යමය ප්රතිලාභ හිමි වනවා මෙන්ම ඇඳුම් ප්‍රතිචක්‍රීකරණ ද අඩු වියදමකින් ඉතා පහසුවෙන් කිරීමට හැකියාව ලැබී තිබේ. මෙමගින් ගෝලීය රෙදිපිළි හා විලාසිතා නිර්මාණ කර්මාන්තය තිරසාර පරිසර හිතකාමී කර්මාන්තයක් බවට පත් වේ. නමුත් දැවැන්ත සමාගම් විසින් වරකට විශාල නිෂ්පාදන (RFID Threads) ප්‍රමාණයක් ඉල්ලුම් කරන බැවින් ඒ සඳහා විශාල ප්‍රමාණයේ මූල්‍ය ආයෝජනයක් කිරීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. කෙසේ වෙතත් විදේශ රටවලින් මෙම තාක්ෂණය මිලදී ගැනීම සඳහා දැඩි ඉල්ලුමක් තිබෙන අතර ජාත්‍යන්තර RFID tags නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රබල ඇමෙරිකානු සමාගමක්, කටාර් රාජ්‍යයේ ආයෝජකයෙක්, ඉන්දියාවේ සහ චීනයේ ආයෝජකයන් ඇමෙරිකන් ඩොලර් මිලියන 35කට අධික මුදල් ප්‍රමාණයක් පිරිනමමින් මෙම තාක්ෂණය එම රටවලට රැගෙන යාමට උත්සාහ කර ඇත. [B]තාක්ෂණය ලක්මවට දායාද කරයි[/B] දැඩි කැපවීම් කරමින් ඔහු සොයාගත් මෙම තාක්ෂණය කෙසේ හෝ ලක්මවට දායා ද කරන්නට ඔහුට සිත පහළ වීමම ජාතියේ වාසනාවකි. මෙම තාක්ෂණය ශ්‍රී ලංකාවට දයාද කිරීම හරහා රැකියා දහස් ගණනක් බිහිවනවා පමණක් නොව විශාල වශයෙන් විදේශ විනිමයක් ද ශ්‍රී ලංකාවට ලැබෙන බව පැහැදිලි කරුණකි. මේ වන විට යුරෝපීය ප්‍රබල සමාගමක් මේ සඳහා ආයෝජනය කිරීමට එකඟ වී ඇති අතර මෙම තාක්ෂණය යුරෝපයට ගෙන යාමට ඔවුන් වඩාත් කැමැත්තෙන් සිටී. නමුත් ආචාර්ය රත්නායකගේ ඉල්ලීම මත මෙම කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සියලු වැඩ කටයුතු සැලසුම් කර තිබේ. පුරා තිස් වසරක් කුරිරු ත්‍රස්ත ග්‍රහණයට නතුව තිබූ වැලිඔය ප්‍රදේශයේ නිකවැව නම් වූ දුෂ්කර ගම්මානයේ උපත ලැබූ ආචාර්ය රත්නායක මොරටුව විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී ඉංජිනේරු උපාධිය ලබා 2004 වර්ෂයේ දී එංගලන්තයට ගිය අතර එංගලන්තයේ බෝල්ටන් විශ්වවිද්‍යාලය මගින් විද්‍යාපති ඉංජිනේරු උපාධිය ලබාගත්තේ ය. 2016 වර්ෂයේ එංගලන්තයේ නොටින්හැම් ට්‍රෙන්ට් විශ්වවිද්‍යාලය මගින් නව පර්යේෂණ සම්බන්ධ පශ්චාත් උපාධිය හා අධිතාක්ෂණ රෙදිපිළි පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තේය. අධිතාක්ෂණ රෙදිපිළි සම්බන්ධව ලෝකයේ බලවත් රටවල් සමග උරෙනුර ගැටෙමින් රැකියා දහස් ගණනක් සහ සුවිශාල විදේශ විනිමයක් ශ්‍රී ලංකාව තුළට ගෙන ආ හැකි මෙම නව තාක්ෂණය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට උත්සාහ දරන මේ අපේ විද්‍යාඥයාට සහයෝගය ලබා දීමට මේ වන විට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ. ”Made in Sri Lanka” සන්නාමය තව තවත් ජාත්‍යන්තර තලයට ගෙන යා හැකි නව නිර්මාණ බිහි කරන්නට ආචාර්ය අනුර රත්නායක මහතාට ධෛර්ය ශක්තිය ලැබේවායි අපි පතන්නෙමු. රැකියා දහස් ගණනක් සහ විශාල විදේශ විනිමයක් ශ්‍රී ලංකාව තුළට ගෙන ආහැකි මෙවන් තාක්ෂණයක් වෙනත් රටකට ග්‍රහණය කර ගැනීමට ඉඩ නොදී සිට රට තුළම රඳවා ගැනීමට වත්මන් ආණ්ඩුව මැදිහත් වීම පැසසුම් කටයුතු බව ද නොනකිව මනාය. අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම් කර්මාන්ත අමාත්‍යාංශය [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom