Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි අම්මෙ.... එහෙම කලේ..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි අම්මෙ.... එහෙම කලේ..?

අලුත උපන් දරුවා ද තුරුළු කරගත් භවානි හෙමින් සීරුවේ සිය මවුපිය නිවෙස වෙත පිය නඟන්නට වූවාය.

“ඒයි... භවානි කොහේද උඹ යන්නේ..?

මම කියලා තියෙනවා නේද උඹට මේ පැත්ත පළාතේ පස් පාගන්න එපා කියලා. හිතුවා ද දරුවා අරගෙන ආවම මම අනුකම්පා කරයි කියලා. පලයං යන්න මගේ දෑහැට නොපෙනී.”

ඒ... ගෝරනාඩුව අම්මා සින්මනිගෙනි. ඇය ඒ මොහොතේ ඉදිරිපස පිහිටි නිවසේ ළිඳෙන් දිය නාමින් සිටියාය. ඇයගේ බැන වැදීම භවානි ගණනකටවත් ගත්තේ නැත. සියල්ල නෑසුනා සේ සිය නිවෙස වෙත ගිය භවානි විවරව තිබු ඉදිරිපස දොරෙන් නිවෙසට ඇතුළු වූවාය. අත වූ කිරිකැටියා පුටුවක් මත තැබු භවානි නිවසේ පිටුපස දොරටුවෙන් මිදුලට බැස යමක් සොයන්නට වූවාය. ඇය සෙවුයේ උදැල්ලයි.

උදැල්ල අතට ගත් භවානි කෙළින් ම ගියේ වත්ත පිටුපස ළිඳ ආසන්නයේ පිහිටි කෙසෙල් පඳුර අසලට ය. වටපිට බැලූ ඇය කඩිමුඩියේ වළක් හාරන්නට වූවාය. දරු ප්‍රසූතියෙන් නික්ම ගොස් තිබුණේ දින හතරක් පමණි. එහෙත්.... භවානි ට එතරම් වෙහෙසක් දැනුණේ නැත. දැනුණ වෙහෙස ද ඇය ගණනකට ගත්තේ නැත. ඇය හැකි ඉක්මනින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ වළක් කපා ගත්තාය. අඩි දෙකක් පමණ දිග එම වළ අඩි එකහමාරක පමණ පළලකින්ද එපමණම වූ ගැඹුරකින් ද යුතු විය.

උදැල්ල පසෙක තැබු භවානි යළි නිවෙස වෙත පැමිණියාය. කිරිකැටියා සිඟිති සිහින මැද සුව නින්දේය. අඩි පහක් හයක් පමණ විශාල තුවායක් ගත් ඇය දරුවා එහි තබා හොඳින් ඔතන්නට විය. තුවායේ ගුලිකරගත් දරුවා අතට ගත් භවානි කෙළින්ම ගියේ සියතින්ම කැපු වළ වෙතය.

වටපිට බැලු ඇය හෙමින් සිරුවේ වළ වෙත පහත් වී දරුවා වළ තුළ තැන්පත් කළාය. වටින් පිටින් අඳුර ගලාගෙන එයි. යළිත් වරක් වටපිට බැලු භවානි ලහිලහියේ වළට පස් දමන්නට වූවාය.

ඒත් වළට පස් දමා තලන්නට ඇයට ඉඩ ලැබුණේ නැත. හිතට ආ කුමක් හෝ චකිතයක් හේතුවෙන් භවානි පස් දමා වළ වසා එතැනින් ඉවත් වූවාය.

අතපය සෝදා ගත් ඇය කෙළින්ම ගියේ අසල්වැසි ඥාති නිවෙසක් වෙතය.

“කෝ... උඹට දරුවා ලැබුණාද?”

හිස් අතින් පැමිණි භවානි දුටු ඥාතිවරිය ඇගෙන් ප්‍රශ්න කරන්නට වූවාය.

“ඔව් නැන්දා... දරුවා ලැබුණා. ඉස්පිරිතාලෙදිම මළා. මම දරුවා වළ දාලා ආවේ. නැන්දා... මට මෙහේ දවස් තුන හතරක් ඉන්න දෙන්න පුළුවන්ද?”

භවානිගේ ඉල්ලීමට නැන්දාගේ එකඟත්වයක් නැති සෙයකි. ස්වල්ප වේලාවක් එහා මෙහා බල බලා සිටි භවානි යළිත් නිවෙස වෙත පිය නැඟුවාය. දිය නෑමට ගොස් සිටි මව සින්නමනී නිවෙසට පැමිණියේ ඒ මොහොතේය. ඉදිරිපස දොර අභියස සිටගෙන කල්පනාවේ නිමග්නව සිටින සිය දියණිය දුටු සින්නමනී ඇය වෙත කඩා පැන්නාය

“භවානි... මම උඹට එන්න එපා කිය්දදිත් උඹ ආවා නේද? අරගෙන ආව දරු පැටියා උඹ කොහේද තිව්වෙ?”

“දරුවා මැරුණා. මම අරගෙන ඇවිත් අර වත්ත පිටිපස්සේ වළ දැම්මා”

“මොනවා.... දරුවා වළ දැම්මා. ඒකනම් වෙන්න බෑ.”

එසේ කී සින්නමනී ආපසු හැරී දිය නෑමට ගිය නිවෙස වෙතට දිව යන්නට වූවාය. එහිද ඇයගේ ඥාතීන් විසු අතර ඇය ඔවුන්ගෙන් උපදෙස් පතන්නට වූවාය.

“අරකි කියනවා දරුවා මැරිලා වත්ත පිටිපස්සේ වළක් කපලා වළ දැම්මලු. දැන් මොකද කරන්නේ?”

ඇය ඇසු පැනයට ලැබුණ පිළිතුර වූයේ හැකි ඉක්මනට වළ හාරා දරුවාගේ සිරුර එළියට ගන්නා ලෙසයි. ඒ වදන් ඇසු සින්නමනී යළි සිය නිවෙස වෙත දිව යන්නට වූවාය. භවානි තවමත් හුන් තැන එසේම හිඳී.

“භවානි මට පෙන්නපන් දරුවා වළ දැම්ම තැන”

“අර ළිඳ ළඟ කෙසෙල් පඳුර කිට්ටුව“

“හරි... වරෙන් මාත් එක්ක ඇවිත් පෙන්නපන්”

තම දියණිය වූ භවානි ද අතින් ඇදගෙන සින්නමනී වත්ත පිටුපසට දිව යන්නට වූවාය.

“ඔය තියෙන්නේ... ඔතන වළ දැම්මෙ”

ඇය පෙන් වූ තැනට ගිය සින්නමනී ඒ අසල වූ උදැල්ල ගෙන පස් ඉවත් කරන්නට වූවාය. උඩින් වු පස් තට්ටුව පමණක් උදැල්ලෙන් ඉවත් කළ ඇය ඊළඟට සිය දෑතින් හෙමින් සීරුවේ පස් ඉවත් කරන්නට වූවාය.

හිමින් සීරුවේ වළෙන් පස් ඉවත් කරනා සින්නමනීට තුවායක් දැකගත හැකිවිය. තුවායට අත තැබූ සින්නමනිට තුවාය ඇතුළේ සිටින දරුවා දඟලනු දැනිණි. වහා තුවාය පිටින්ම දරුවා එළියට ගත් සින්නමනීට දැක ගැනීමට හැකිවූයේ තුවාය ඇතුළේ දඟලමින් ජීවිතය අයැදින කිරිකැටියාය.

තුවාය ඉවත්කළ පසු දරුවා හොඳින් හුස්ම ඉහළ පහළ ගත්තේය. ඒ වනවිට දරුවා වළ දමා විනාඩි දහයක් පහළොවක් පමණ ගෙවී ගොස් තිබිණි. ඒත් දරුවා මියගොස් තිබුණේ නැත.

“දෙයියනේ... උඹ මොකක්ද මේ කළේ?”

“තෝ දරුවා පණ පිටින්ම වළ දැම්මා නේද? හපොයි දෙයියනේ..... වෙන්න ගිය අපරාධයක් ඉඳා ගනින් මේ දරුවා”

පස් තැවරුණ තුවාය හොඳින් ගසා පස් ඉවත් කළ සින්නමනී යළි දරුවා එහි ඔතා සිය දියණිය (භවානි) අතට දුන්නේ බුර බුරා නැඟෙන තරහවෙනි. ඇය.... යළි වහා ඉදිරිපස පිහිටි ඥාති නිවෙස වෙත දිව ගියාය.

“අනේ.... මල්ලී අරකිගේ දරුවා මැරිලා නෑ. ඒකි ඒ පුංචි එකාව වළ දලා තියෙන්නේ පණ පිටින්. අයියෝ මම ගිහින් ගොඩ ගත්තෙ නැත්නම් දරුවා ඉවරයි. අපොයි දෙයියනේ.... අපි දැන් මොකද කරන්නේ?” සින්නමනි කියන්නට වූවාය.

ඥාති සොහොයුරා සින්නමනීට කියා සිටියේ නිවෙසට ගොස් දරුවා බලා ගන්නා ලෙසයි. එසේ කී ඔහු දුරකථන ඇමැතුමක් මඟින් සිද්ධිය ඕමන්න පොලිසියට දැනුම් දුන්නේය.

වන්නට ගිය මහා ඛේදවාචකය ඇසු පොලිස් නිලධාරින්ගේ ද ඉහ මොළ රත්විය. ස්ථානාධිපති දයාල් දීගහවතුර මහතා වහා ක්‍රියාත්මක විය. අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපතිවරයා ඇතුළු, ළමා හා කාන්තා කාර්යාංශ සාමාජිකාවන් දෙදෙනෙක් ද ජිප් රථයේ නංවාගත් හෙතෙම සිද්ධිය වූ පාලමොට්ටේ කෝවිල්කුන්චිකුලම් බලා කඩිනමින් ජීප් රථය ධාවනය කරවන්නට විය.

ඕමන්ත පොලිසියේ සිට මෙම ප්‍රදේශයට ඇති දුර කීලෝමීටර් විසිහතරකි. රාත්‍රීයේ වුවත් හැකි උපරිම වේගයෙන් එම ස්ථානයට යනවිට අවට වැසියන් කිහිප දෙනකුම සින්නමනීගේ නිවෙස අසලට රැස්වී සිටියහ.

ස්ථානාධිපතිවරයා ගත් පළමු පියවර වූයේ දරුවා වහාම භවානි අතින් තමා සන්තකයට ගැනීමය. ඒ අනුව පොලිස් කාන්තාවක් විසින් දරුවා සියතට ගත්තාය. ඒ වනවිටත් තුවායේ දවටාගෙන සිටි දරුවාට ඇඳුම් කිසිවක් අන්දවා තිබුණේ නැත. ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත භවානි දරුවාට ඇඳුමක් අන්දවා යළි පොලිස් කාන්තාව අතට දරුවා දුන්නාය.

සිය කුසින් වැදු දරුවා පණ පිටින්ම වළ දැමු භවානිගේ ඒ සැළසුම සාර්ථක වූයේ නැත. විනාඩි දහයක් පහළොවක් පමණ වළ තුළ සිටි දරුවා නිරුපද්‍රිතව සිටියේ එම දරු පැටියාට මොලොව එළිය බැලීමට තිබූ වාසනාව නිසාමය. කොයි මොහොතක හෝ භවානි යළිත් දරුවා මරා දැමීමට උත්සහ කරනු නියතය. එක්කෝ බෙල්ල මිරිකාවි. නැතිනම් ඔසවා පොළොවේ ගසාවි. එසේ සිතූ පොලිස් කාන්තාව කිරිකැටි අත දරුවා සියතේම තබා ගත්තාය.

මේ අතර පොලිස් කාන්තාව අතේ සිටින දරුවා හෙමින් ඉකි ගසන්නට පටන් ගත්තාය. තවමත් හඬන්නට කිරි උරා බොන්නට පවා නොදත් චුටි කිරිකැටියාට බඩගිනි සෑදි ඇති අයුරකි. රෝස පැහැති දෙතොල් පෙරලමින් ගුලි කරගත් දෑත් එහා මෙහා කරමින් පාද ගසමින් කිරි කැටියා හඬා වැටෙන්නට විය.

“දරුවට කිරි බොන්න දෙන්න. ඔයාලත් ගිහින් කිරිදෙනකම් ළඟට වෙලා ඉන්න.”

ස්ථානාධිපති වරයාගේ නියෝගය මත පොලිස් කාන්තාවන්ගේ ආරක්ෂාව යටතේ භවානි දරුවාට කිරි පෙව්වාය. තමා පණ පිටින් වළට දැම්මේ මේ ගැහැනිය නේදැයි කිරිකැටියා දන්නේ නැත. එසේ සිතන්නට තේරෙන්නේ ද නැත. තණ පුඩුවවත් හරිහැටි මුවට ගෙන කිරි උරා බොන්නට නොදත් කිරිකැටියා පසුව සිය මවගේ උණුසුමට තුරුළුව විනාඩි ගණනාවක් කිරි උරා බීවේය. මව් කිරෙන් කුස පුරවාගත් දරුවා පුංචි සිනහවක් මුවඟට නංවාගනිමින් තණ පුඩුවෙන් මුව එළියට ගත්තේ කුස පිරී තෙහෙට්ටු ගතිය අඩු වීමෙන් පසුවය.

දැන් පොලිසියේ එකම අවශ්‍යතාව හැකි ඉක්මනින් දරුවා වෛද්‍යවරයකුට පෙන්වීමයි. දරුවාත් භවානිත් ජීප් රථයට නංවාගත් පොලිසිය වහා ඕමන්ත දෙසට එන්නට විය. වවුනියාව රෝහලට රැගෙන ගිය දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරු කියා සිටියේ දරුවා ඉතා යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. පොලිස් කණ්ඩායම සැනසුම් සුසුම් හෙළුහ. රෝහල් ළමා හා කාන්තා කාර්යාංශයට දරුවා භාර කළ පොලිසිය භවානි ද රැගෙන පොලිස් ස්ථානය වෙත ගියේය. භවානිගෙන් ප්‍රශ්න කිරීම ඇරැඹුවේ ඉන් අනතුරුවය.

“තමා මොකද මෙහෙම දෙයක් කළේ?”

පොලිස් නිලධාරීන් හමුවේ බියට පත්ව සිටි භවානි කිසිවක් නොකියා තුෂ්නිම්භූතව ටික වේලාවක් බලා සිටියාය. ඇය මුව විවර කළේ හැඬුම් ද සමඟිනි. ඉකි ගසමින් හඬා වැටුණ ඇය සුසුම් හෙළමින් තම ජීවිත කතාව දිග හරින්නට වූවාය.

“සර්... අම්මලා මාව ගෙදරින් එලෙව්වා. මට යන්න එන්න තැනක් තිබුණේ නෑ. කරන්න දෙයක් තිබුණේත් නෑ. දරුවෙක් එක්ක තනිවෙච්ච මම මෙහෙම කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?”

කුසින් වැදූ දරුවා මොලොව එළිය දැක ගෙවී ගිය සිව් වැනි දිනයේ දී පණ පිටින් වළ දැමු භවානි ට කිසිවකුගේ අනුකම්පාවක් හිමි නොවන්නේය. එහෙත් ඇය මෙවැන්නකට පෙළඹවීමට ද මුල් වූ යම් යම් කරුණු කාරණා තිබිය හැකිය. පොලිසිය ඇයගේ දුක්බර කතාවට සාවධානව සවන් දුන්නේය.

භවානි විසි නව වැනි වියේ පසුවන්නීය. ඇයට වයස අවුරුදු හතරක දියණියක් ද සිටී. ඇය ආච්චි සීයා එනම් සින්නමනි ළඟ ජීවත් වේ. ඒ... භවානිගේ පළමු සැමියාට දාව උපන් දරුවාය. සැමියා කීවාට ඔහු හා ඇය නීත්‍යානුකූලව විවාහ වී සිටියේ නැත. එහෙත් භවානි හා ඔහු එක වහළක් යට ජිවත් විය. යුද්ධය පැවැති සමයේ එම ප්‍රදේශවල විසු සියලුම ජනතාව අවතැන්ව අවතැන් කඳවුරු වෙත ගියහ. භවානි හා එකට ජීවත් වූ තරුණයා යුද්ධයේ දී මිය ගියේ ඔය අතරතුරේදිය. දියණිය හා තනිවුණු භවානි අවතැන් කඳවුරට ගියේ මවුපියන් සමඟිනි. පවුලේ එකම දරුවා වූ භවානිට මවු පියන්ගෙන් ලැබුණේ නොසැලකිලිකම්ය. මෙලෙස කාලය ගෙවී ගියේය. භවානිලා අවතැන් කඳවුරු හැර නැවත පදිංචියට ගියේ මීට ටික කලකට ඉහතදීය.

යළි සිය ගම් පියසේ පදිංචියට ගිය භවානිගේ සිතට ලොකු නිදහසක් දැනෙන්නට විය. පියා කුලි වැඩට යයි. දරුවා බලා කියා ගැනීමට අම්මා සිටි. තරුණ භවානිගේ සිත තුළ යළි පෙම් සිතුවිලි පහළ වන්නට වූවාය. ඇය දෙස බැලුම් හෙළන තරුණයන් ද කිහිප දෙනකු වූහ. බුද්ධියට නොව හදවතට ඉඩ දුන් භවානි තරුණයකු සමඟ ඇයි හොඳයියක් පටන් ගත්තාය. ඒ අතරතුර තවත් කඩවසම් තරුණයකු ඇය වෙත බැල්ම හෙළන්නට විය. ලද නිදහසින් උපරිම ප්‍රයෝජන ගත් ඇය ඒ තරුණයා සමඟ ද හාදකම් පැවැත්වූවාය. ඇය ගැබ් ගන්නේ ඔය අතරතුරේ දී ය.

භවානි ඒ බවක් කිසිවකු හා පැවසුවේ නැතත් හාද වී සිටි තරුණයාට එය කියන්නට ඇත. ඒත් ඔවුහු ඇය මඟ හැර යන්නට ඇත. පියෙකු නොමැති දරු ගැබක් දරාගත් භවානි බොහෝ අසරණ වූවාය. ඇය ගැබ්ගෙන ඇති බව සින්නමනීට වැටහෙන විට දරු ගැබට මාස හයක් පමණ පසු වී තිබිණි. භවානි ගේ ඉදිරියට නෙරා එන කුස දුටු සින්නමනී යක්ෂාවේශ වූවාය.

“පර බැල්ලී...... තෝ. ආයිත් බඩක් හදා ගත්තාද? මේ ගෙදරින් පලයන් නැත්නම් මම තොට හොඳ වැඩක් කරනවා. බැහැපිය දොට්ට”

එසේ කියමින් සින්නමනි යක්ෂණියක සේ සිය දියණිය වෙත කඩා පැන පහර දෙන්නට වූවාය. එතැනින් නොනැවතුණ ඇය භවානිගේ කෙස් වැටියෙන් ඇදගෙන ගොස් ගෙයින් එළියට ඇද දැම්මාය.

දරු ගැබක් සමඟ තවත් අසරණ වූ භවානි ගමෙන් පිටව ආවේ කිසිඳු අරමුණකින් තොරවය. එහෙත් වවුනියාවට ගිය ඇයට කතෝලික සහෝදරතුමියකගේ පිහිට ලැබුණේ නොසිතු ලෙසය. ඒ සහෝදරතුමිය භවානිට නවාතැන් දුන්නාය. ආහාර පාන, ඇඳුම් පැළඳුම් මෙන්ම වියදමට ද සල්ලි කීයක් හරි අතමිට මෙලවුවාය.

දරු ප්‍රසුතියට ළං වනවිට දරුවාට අවශ්‍ය කළමනා ද සැපයුණේ සහෝදරතුමිය අතිනි. දරුවා ඉපදෙන දිනය ළඟා වූ විට භවානි රෝහල වෙත යොමු කළේ ද ඒ සහෝදර තුමිය විසිනි.

වවුනියාව රෝහලට ඇතුළත් කෙරුණ භවානි පසුගිය පහළොස් වැනිදා සන්ධ්‍යාවේ දී කිරිකැටි පුතෙක් මෙලොවට බිහි කළාය. දරුවාගේ කිරි සිනහව දුටු විට මවකගේ සිතෙහි ඇතිවන පේ‍්‍රමනීය සිතුවිලි භවානිගේ සිතට පහළ වුයේ නැත.

“දැන් මම මේ දරුවත් එක්ක මොනව ද කරන්නේ?” භවානිගේ සිතට දිගන් දිගටම ඇදී ආවේ එවන් සිතුවිලිය.

කිරිකැටියාට මේ කිසිවක් වැටහෙන්නේ නැත. බඩගිනි වූ විට හඬා වැටෙමින් මවගෙන් කිරි ඉල්ලා සිටින්නට ඇත ඒත්... භවානි දරුවාට කිරි පෙව්වාද නැද්ද කියා අපි නොදනිමු. එහෙත් ඇය හඬා වැටෙන දරුවාට අකමැත්තෙන් හෝ කිරි පොවන්නට ඇත.

රෝහල් වාට්ටුවේ දින දෙක තුනක් ගෙවී ගියේය. දරුවාගේ උප්පැන්නයට නම දෙන්නට පියකු නැත. පිහිටට කිසිවකු නැත. රෝහල් කාර්යය මණ්ඩලය අසන ප්‍රශ්න වලට දීමට පිළිතුරු ද නැත. බොහෝ දුරට කල්පනා කළ භවානි පසුගිය දහනව වැනිදා දහවල් හොර රහසේම දරුවාද රැගෙන රෝහලෙන් පැන ගියාය.

වවුනියාව බස් නැවතුම වෙත ගිය ඇය පාලමොට්ටේ යන බසයක නැගී සිය මවුපිය සෙවන වෙත යද්දී වේලාව සවස පහයි හතළිස් පහ පමණ වී තිබිණ.

කිරි කැටියාද තුරුළු කරගෙන යනවිට සිය මව හා පියා තමාට සමාව දෙනු ඇතැයි භවානි සිතා සිටියාය. එහෙත් ඇයගේ සිතුවිල්ල වැරදි බව වැටහුණේ අසල්වැසි නිවෙසක ළිඳෙන් දිය නාමින් සිටි සිය මව බැන වදින්නට වූ විටය.

මව දිය නාමින් සිටි නිසා ඒ වේලාවේ ම භවානි වෙත කඩා පනින්නට ඉඩ ලැබුණේ නැත. දිය නාමින් භවානිට බනිමින් තර්ජනය කරමින් සිටි සින්නමනි නිවෙසට එනවිට භවානි නිවෙස ආක්‍රමණය කර අවසානය.

දිය නා අවසන්ව නිවෙසට එන අම්මා තමාට පහර දෙනු ඇතැයි භවානි සිතුවාය. යළි නිවෙසින් එළවා දමනු ඇතැයි ද සිතුවාය.

“මේ හැමදේටම මුල මේ අප්පෙක් නැති දරුවා. මේ කරදරෙන් ගැලවුණොත් මට ගෙදර ඉන්න ඉඩ දේවී.”

එසේ සිතු භවානි ක්ෂණික තීරණයක් ගත්තාය. එනම් දරුවා වළ දැමීමයි. සිය අතින්ම දරුවාගේ ගෙල මිරිකන්නට තරම් භවානිට හයියක් නැත වළ දැමු පසු දරුවා මිය යනු ඇත. දරුවා මිය ගිය නිසා වළ දැමුවා යැයි කී විට ඒ කතාව සැවොම පිළිගනු ඇත.එවිට තමාට ඒ කරදරයෙන් නිදහස් විය හැකිය. දරුවා හොඳින් තුවායෙන් එතුවේ පස් කැට දරුවාගේ සිරුරේ පතිත වුවහොත් ඉන් වේදනා දේ යැයි සිතු නිසා විය යුතුය.

ඒ කුමන සිතුවිල මත වුවත් භවානි මහා පාප කර්මයකට මුල පිරුවාය. ඇය සිය කුසින් උපන් දින හතරක් වයසැති දරු සිඟිත්තා පණ පිටින් වළ දැම්මාය. වළ ඇතුලේ විනාඩි දහයක පහළොවක කාලයක් පුරා පුංචි කිරිකැටියා කොපමණ වේදනාවක් විඳින්නට ඇතිද? ලොකු තුවායකින් ඔතා සිටි නිසාත් තුවාය ඇතුළත හිස් අවකාශයේ රැඳි තිබු වාතය නිසාත් දරුවාට යන්තමට හෝ හුස්ම ගැනීමට හැකි වන්නට ඇත. කලබලයට භවානිට වළට පස්දමා වළ තලන්නට අවකාශ ලැබුණේ නැත. වළ ආශි‍්‍රතව දිය ශිරාව ගතියක්ද තිබිණි.

මේ සියලු සාධකත් වාසනා මහිමයත් නිසා ඉපැදී දින හතරකින් වළක් තුළ සැතපී විනාඩි දහයක් පහළොවක් පස්වලට යටවී සිටි කිරිසප්පයාට මෙලොව ජීවත් වීමේ වාසනාව පෑදිනි.

එහෙත්... මේ දරුවාට අත දිගු කර පෙන්වන්නට පියකු නැත. සිර ගත වූ බැවින් මවක ද නැත. සිටියත් ඇය දරුවාට වෛර කරනු මිස ආදරය නොකරනු ඇත. ආශාවන් පසුපස ලුහුබැඳ ගිය භවානි වැනි කාන්තාවන්ට සිදු වන්නේ පියකු නැති දරුවන් මෙලොවට බිහි කිරිමටය. අවසානයේ මිනිස් ඝාතනයක් සිදු කර හිරේ විලංගුවේ වැටීමටය. භවානිගේ දෑතට “මාංචු” වැටුණේ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව මතය.

ඕමන්ත කොට්ඨාස බාර පොලිස් අධිකාරි උදිත පෙරේරා මහතාගේ මෙහෙයවීම මත ඕමන්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දයාල් දීගහවතුර අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේරත් ඇතුළු පිරිසක් මෙම පරීක්ෂණ සඳහා එක්ව සිටියහ.

තක්ෂිලා ජයසේකර

[QUOTE="crazybuddy, post: 12985951, member: 326070"] [b]ඇයි අම්මෙ.... එහෙම කලේ..?[/b] [CENTER][SIZE=4][COLOR=Sienna][IMG]http://i743.photobucket.com/albums/xx79/buddylanka/7vxrmj4m.jpg[/IMG] [/COLOR][/SIZE] [LEFT][SIZE=4][COLOR=Sienna] අලුත උපන් දරුවා ද තුරුළු කරගත් භවානි හෙමින් සීරුවේ සිය මවුපිය නිවෙස වෙත පිය නඟන්නට වූවාය. “ඒයි... භවානි කොහේද උඹ යන්නේ..?[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] මම කියලා තියෙනවා නේද උඹට මේ පැත්ත පළාතේ පස් පාගන්න එපා කියලා. හිතුවා ද දරුවා අරගෙන ආවම මම අනුකම්පා කරයි කියලා. පලයං යන්න මගේ දෑහැට නොපෙනී.”[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] ඒ... ගෝරනාඩුව අම්මා සින්මනිගෙනි. ඇය ඒ මොහොතේ ඉදිරිපස පිහිටි නිවසේ ළිඳෙන් දිය නාමින් සිටියාය. ඇයගේ බැන වැදීම භවානි ගණනකටවත් ගත්තේ නැත. සියල්ල නෑසුනා සේ සිය නිවෙස වෙත ගිය භවානි විවරව තිබු ඉදිරිපස දොරෙන් නිවෙසට ඇතුළු වූවාය. අත වූ කිරිකැටියා පුටුවක් මත තැබු භවානි නිවසේ පිටුපස දොරටුවෙන් මිදුලට බැස යමක් සොයන්නට වූවාය. ඇය සෙවුයේ උදැල්ලයි.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] උදැල්ල අතට ගත් භවානි කෙළින් ම ගියේ වත්ත පිටුපස ළිඳ ආසන්නයේ පිහිටි කෙසෙල් පඳුර අසලට ය. වටපිට බැලූ ඇය කඩිමුඩියේ වළක් හාරන්නට වූවාය. දරු ප්‍රසූතියෙන් නික්ම ගොස් තිබුණේ දින හතරක් පමණි. එහෙත්.... භවානි ට එතරම් වෙහෙසක් දැනුණේ නැත. දැනුණ වෙහෙස ද ඇය ගණනකට ගත්තේ නැත. ඇය හැකි ඉක්මනින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ වළක් කපා ගත්තාය. අඩි දෙකක් පමණ දිග එම වළ අඩි එකහමාරක පමණ පළලකින්ද එපමණම වූ ගැඹුරකින් ද යුතු විය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] උදැල්ල පසෙක තැබු භවානි යළි නිවෙස වෙත පැමිණියාය. කිරිකැටියා සිඟිති සිහින මැද සුව නින්දේය. අඩි පහක් හයක් පමණ විශාල තුවායක් ගත් ඇය දරුවා එහි තබා හොඳින් ඔතන්නට විය. තුවායේ ගුලිකරගත් දරුවා අතට ගත් භවානි කෙළින්ම ගියේ සියතින්ම කැපු වළ වෙතය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] වටපිට බැලු ඇය හෙමින් සිරුවේ වළ වෙත පහත් වී දරුවා වළ තුළ තැන්පත් කළාය. වටින් පිටින් අඳුර ගලාගෙන එයි. යළිත් වරක් වටපිට බැලු භවානි ලහිලහියේ වළට පස් දමන්නට වූවාය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] ඒත් වළට පස් දමා තලන්නට ඇයට ඉඩ ලැබුණේ නැත. හිතට ආ කුමක් හෝ චකිතයක් හේතුවෙන් භවානි පස් දමා වළ වසා එතැනින් ඉවත් වූවාය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] අතපය සෝදා ගත් ඇය කෙළින්ම ගියේ අසල්වැසි ඥාති නිවෙසක් වෙතය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “කෝ... උඹට දරුවා ලැබුණාද?”[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] හිස් අතින් පැමිණි භවානි දුටු ඥාතිවරිය ඇගෙන් ප්‍රශ්න කරන්නට වූවාය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “ඔව් නැන්දා... දරුවා ලැබුණා. ඉස්පිරිතාලෙදිම මළා. මම දරුවා වළ දාලා ආවේ. නැන්දා... මට මෙහේ දවස් තුන හතරක් ඉන්න දෙන්න පුළුවන්ද?”[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] භවානිගේ ඉල්ලීමට නැන්දාගේ එකඟත්වයක් නැති සෙයකි. ස්වල්ප වේලාවක් එහා මෙහා බල බලා සිටි භවානි යළිත් නිවෙස වෙත පිය නැඟුවාය. දිය නෑමට ගොස් සිටි මව සින්නමනී නිවෙසට පැමිණියේ ඒ මොහොතේය. ඉදිරිපස දොර අභියස සිටගෙන කල්පනාවේ නිමග්නව සිටින සිය දියණිය දුටු සින්නමනී ඇය වෙත කඩා පැන්නාය[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] . “භවානි... මම උඹට එන්න එපා කිය්දදිත් උඹ ආවා නේද? අරගෙන ආව දරු පැටියා උඹ කොහේද තිව්වෙ?” “දරුවා මැරුණා. මම අරගෙන ඇවිත් අර වත්ත පිටිපස්සේ වළ දැම්මා”[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “මොනවා.... දරුවා වළ දැම්මා. ඒකනම් වෙන්න බෑ.”[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] එසේ කී සින්නමනී ආපසු හැරී දිය නෑමට ගිය නිවෙස වෙතට දිව යන්නට වූවාය. එහිද ඇයගේ ඥාතීන් විසු අතර ඇය ඔවුන්ගෙන් උපදෙස් පතන්නට වූවාය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “අරකි කියනවා දරුවා මැරිලා වත්ත පිටිපස්සේ වළක් කපලා වළ දැම්මලු. දැන් මොකද කරන්නේ?”[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] ඇය ඇසු පැනයට ලැබුණ පිළිතුර වූයේ හැකි ඉක්මනට වළ හාරා දරුවාගේ සිරුර එළියට ගන්නා ලෙසයි. ඒ වදන් ඇසු සින්නමනී යළි සිය නිවෙස වෙත දිව යන්නට වූවාය. භවානි තවමත් හුන් තැන එසේම හිඳී.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “භවානි මට පෙන්නපන් දරුවා වළ දැම්ම තැන”[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “අර ළිඳ ළඟ කෙසෙල් පඳුර කිට්ටුව“[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “හරි... වරෙන් මාත් එක්ක ඇවිත් පෙන්නපන්”[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] තම දියණිය වූ භවානි ද අතින් ඇදගෙන සින්නමනී වත්ත පිටුපසට දිව යන්නට වූවාය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “ඔය තියෙන්නේ... ඔතන වළ දැම්මෙ”[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] ඇය පෙන් වූ තැනට ගිය සින්නමනී ඒ අසල වූ උදැල්ල ගෙන පස් ඉවත් කරන්නට වූවාය. උඩින් වු පස් තට්ටුව පමණක් උදැල්ලෙන් ඉවත් කළ ඇය ඊළඟට සිය දෑතින් හෙමින් සීරුවේ පස් ඉවත් කරන්නට වූවාය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] හිමින් සීරුවේ වළෙන් පස් ඉවත් කරනා සින්නමනීට තුවායක් දැකගත හැකිවිය. තුවායට අත තැබූ සින්නමනිට තුවාය ඇතුළේ සිටින දරුවා දඟලනු දැනිණි. වහා තුවාය පිටින්ම දරුවා එළියට ගත් සින්නමනීට දැක ගැනීමට හැකිවූයේ තුවාය ඇතුළේ දඟලමින් ජීවිතය අයැදින කිරිකැටියාය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] තුවාය ඉවත්කළ පසු දරුවා හොඳින් හුස්ම ඉහළ පහළ ගත්තේය. ඒ වනවිට දරුවා වළ දමා විනාඩි දහයක් පහළොවක් පමණ ගෙවී ගොස් තිබිණි. ඒත් දරුවා මියගොස් තිබුණේ නැත. [/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “දෙයියනේ... උඹ මොකක්ද මේ කළේ?”[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “තෝ දරුවා පණ පිටින්ම වළ දැම්මා නේද? හපොයි දෙයියනේ..... වෙන්න ගිය අපරාධයක් ඉඳා ගනින් මේ දරුවා”[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] පස් තැවරුණ තුවාය හොඳින් ගසා පස් ඉවත් කළ සින්නමනී යළි දරුවා එහි ඔතා සිය දියණිය (භවානි) අතට දුන්නේ බුර බුරා නැඟෙන තරහවෙනි. ඇය.... යළි වහා ඉදිරිපස පිහිටි ඥාති නිවෙස වෙත දිව ගියාය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “අනේ.... මල්ලී අරකිගේ දරුවා මැරිලා නෑ. ඒකි ඒ පුංචි එකාව වළ දලා තියෙන්නේ පණ පිටින්. අයියෝ මම ගිහින් ගොඩ ගත්තෙ නැත්නම් දරුවා ඉවරයි. අපොයි දෙයියනේ.... අපි දැන් මොකද කරන්නේ?” සින්නමනි කියන්නට වූවාය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] ඥාති සොහොයුරා සින්නමනීට කියා සිටියේ නිවෙසට ගොස් දරුවා බලා ගන්නා ලෙසයි. එසේ කී ඔහු දුරකථන ඇමැතුමක් මඟින් සිද්ධිය ඕමන්න පොලිසියට දැනුම් දුන්නේය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] වන්නට ගිය මහා ඛේදවාචකය ඇසු පොලිස් නිලධාරින්ගේ ද ඉහ මොළ රත්විය. ස්ථානාධිපති දයාල් දීගහවතුර මහතා වහා ක්‍රියාත්මක විය. අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපතිවරයා ඇතුළු, ළමා හා කාන්තා කාර්යාංශ සාමාජිකාවන් දෙදෙනෙක් ද ජිප් රථයේ නංවාගත් හෙතෙම සිද්ධිය වූ පාලමොට්ටේ කෝවිල්කුන්චිකුලම් බලා කඩිනමින් ජීප් රථය ධාවනය කරවන්නට විය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] ඕමන්ත පොලිසියේ සිට මෙම ප්‍රදේශයට ඇති දුර කීලෝමීටර් විසිහතරකි. රාත්‍රීයේ වුවත් හැකි උපරිම වේගයෙන් එම ස්ථානයට යනවිට අවට වැසියන් කිහිප දෙනකුම සින්නමනීගේ නිවෙස අසලට රැස්වී සිටියහ.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] ස්ථානාධිපතිවරයා ගත් පළමු පියවර වූයේ දරුවා වහාම භවානි අතින් තමා සන්තකයට ගැනීමය. ඒ අනුව පොලිස් කාන්තාවක් විසින් දරුවා සියතට ගත්තාය. ඒ වනවිටත් තුවායේ දවටාගෙන සිටි දරුවාට ඇඳුම් කිසිවක් අන්දවා තිබුණේ නැත. ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත භවානි දරුවාට ඇඳුමක් අන්දවා යළි පොලිස් කාන්තාව අතට දරුවා දුන්නාය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] සිය කුසින් වැදු දරුවා පණ පිටින්ම වළ දැමු භවානිගේ ඒ සැළසුම සාර්ථක වූයේ නැත. විනාඩි දහයක් පහළොවක් පමණ වළ තුළ සිටි දරුවා නිරුපද්‍රිතව සිටියේ එම දරු පැටියාට මොලොව එළිය බැලීමට තිබූ වාසනාව නිසාමය. කොයි මොහොතක හෝ භවානි යළිත් දරුවා මරා දැමීමට උත්සහ කරනු නියතය. එක්කෝ බෙල්ල මිරිකාවි. නැතිනම් ඔසවා පොළොවේ ගසාවි. එසේ සිතූ පොලිස් කාන්තාව කිරිකැටි අත දරුවා සියතේම තබා ගත්තාය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] මේ අතර පොලිස් කාන්තාව අතේ සිටින දරුවා හෙමින් ඉකි ගසන්නට පටන් ගත්තාය. තවමත් හඬන්නට කිරි උරා බොන්නට පවා නොදත් චුටි කිරිකැටියාට බඩගිනි සෑදි ඇති අයුරකි. රෝස පැහැති දෙතොල් පෙරලමින් ගුලි කරගත් දෑත් එහා මෙහා කරමින් පාද ගසමින් කිරි කැටියා හඬා වැටෙන්නට විය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “දරුවට කිරි බොන්න දෙන්න. ඔයාලත් ගිහින් කිරිදෙනකම් ළඟට වෙලා ඉන්න.”[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] ස්ථානාධිපති වරයාගේ නියෝගය මත පොලිස් කාන්තාවන්ගේ ආරක්ෂාව යටතේ භවානි දරුවාට කිරි පෙව්වාය. තමා පණ පිටින් වළට දැම්මේ මේ ගැහැනිය නේදැයි කිරිකැටියා දන්නේ නැත. එසේ සිතන්නට තේරෙන්නේ ද නැත. තණ පුඩුවවත් හරිහැටි මුවට ගෙන කිරි උරා බොන්නට නොදත් කිරිකැටියා පසුව සිය මවගේ උණුසුමට තුරුළුව විනාඩි ගණනාවක් කිරි උරා බීවේය. මව් කිරෙන් කුස පුරවාගත් දරුවා පුංචි සිනහවක් මුවඟට නංවාගනිමින් තණ පුඩුවෙන් මුව එළියට ගත්තේ කුස පිරී තෙහෙට්ටු ගතිය අඩු වීමෙන් පසුවය. දැන් පොලිසියේ එකම අවශ්‍යතාව හැකි ඉක්මනින් දරුවා වෛද්‍යවරයකුට පෙන්වීමයි. දරුවාත් භවානිත් ජීප් රථයට නංවාගත් පොලිසිය වහා ඕමන්ත දෙසට එන්නට විය. වවුනියාව රෝහලට රැගෙන ගිය දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරු කියා සිටියේ දරුවා ඉතා යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. පොලිස් කණ්ඩායම සැනසුම් සුසුම් හෙළුහ. රෝහල් ළමා හා කාන්තා කාර්යාංශයට දරුවා භාර කළ පොලිසිය භවානි ද රැගෙන පොලිස් ස්ථානය වෙත ගියේය. භවානිගෙන් ප්‍රශ්න කිරීම ඇරැඹුවේ ඉන් අනතුරුවය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “තමා මොකද මෙහෙම දෙයක් කළේ?”[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] පොලිස් නිලධාරීන් හමුවේ බියට පත්ව සිටි භවානි කිසිවක් නොකියා තුෂ්නිම්භූතව ටික වේලාවක් බලා සිටියාය. ඇය මුව විවර කළේ හැඬුම් ද සමඟිනි. ඉකි ගසමින් හඬා වැටුණ ඇය සුසුම් හෙළමින් තම ජීවිත කතාව දිග හරින්නට වූවාය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “සර්... අම්මලා මාව ගෙදරින් එලෙව්වා. මට යන්න එන්න තැනක් තිබුණේ නෑ. කරන්න දෙයක් තිබුණේත් නෑ. දරුවෙක් එක්ක තනිවෙච්ච මම මෙහෙම කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?” කුසින් වැදූ දරුවා මොලොව එළිය දැක ගෙවී ගිය සිව් වැනි දිනයේ දී පණ පිටින් වළ දැමු භවානි ට කිසිවකුගේ අනුකම්පාවක් හිමි නොවන්නේය. එහෙත් ඇය මෙවැන්නකට පෙළඹවීමට ද මුල් වූ යම් යම් කරුණු කාරණා තිබිය හැකිය. පොලිසිය ඇයගේ දුක්බර කතාවට සාවධානව සවන් දුන්නේය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] භවානි විසි නව වැනි වියේ පසුවන්නීය. ඇයට වයස අවුරුදු හතරක දියණියක් ද සිටී. ඇය ආච්චි සීයා එනම් සින්නමනි ළඟ ජීවත් වේ. ඒ... භවානිගේ පළමු සැමියාට දාව උපන් දරුවාය. සැමියා කීවාට ඔහු හා ඇය නීත්‍යානුකූලව විවාහ වී සිටියේ නැත. එහෙත් භවානි හා ඔහු එක වහළක් යට ජිවත් විය. යුද්ධය පැවැති සමයේ එම ප්‍රදේශවල විසු සියලුම ජනතාව අවතැන්ව අවතැන් කඳවුරු වෙත ගියහ. භවානි හා එකට ජීවත් වූ තරුණයා යුද්ධයේ දී මිය ගියේ ඔය අතරතුරේදිය. දියණිය හා තනිවුණු භවානි අවතැන් කඳවුරට ගියේ මවුපියන් සමඟිනි. පවුලේ එකම දරුවා වූ භවානිට මවු පියන්ගෙන් ලැබුණේ නොසැලකිලිකම්ය. මෙලෙස කාලය ගෙවී ගියේය. භවානිලා අවතැන් කඳවුරු හැර නැවත පදිංචියට ගියේ මීට ටික කලකට ඉහතදීය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] යළි සිය ගම් පියසේ පදිංචියට ගිය භවානිගේ සිතට ලොකු නිදහසක් දැනෙන්නට විය. පියා කුලි වැඩට යයි. දරුවා බලා කියා ගැනීමට අම්මා සිටි. තරුණ භවානිගේ සිත තුළ යළි පෙම් සිතුවිලි පහළ වන්නට වූවාය. ඇය දෙස බැලුම් හෙළන තරුණයන් ද කිහිප දෙනකු වූහ. බුද්ධියට නොව හදවතට ඉඩ දුන් භවානි තරුණයකු සමඟ ඇයි හොඳයියක් පටන් ගත්තාය. ඒ අතරතුර තවත් කඩවසම් තරුණයකු ඇය වෙත බැල්ම හෙළන්නට විය. ලද නිදහසින් උපරිම ප්‍රයෝජන ගත් ඇය ඒ තරුණයා සමඟ ද හාදකම් පැවැත්වූවාය. ඇය ගැබ් ගන්නේ ඔය අතරතුරේ දී ය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] භවානි ඒ බවක් කිසිවකු හා පැවසුවේ නැතත් හාද වී සිටි තරුණයාට එය කියන්නට ඇත. ඒත් ඔවුහු ඇය මඟ හැර යන්නට ඇත. පියෙකු නොමැති දරු ගැබක් දරාගත් භවානි බොහෝ අසරණ වූවාය. ඇය ගැබ්ගෙන ඇති බව සින්නමනීට වැටහෙන විට දරු ගැබට මාස හයක් පමණ පසු වී තිබිණි. භවානි ගේ ඉදිරියට නෙරා එන කුස දුටු සින්නමනී යක්ෂාවේශ වූවාය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “පර බැල්ලී...... තෝ. ආයිත් බඩක් හදා ගත්තාද? මේ ගෙදරින් පලයන් නැත්නම් මම තොට හොඳ වැඩක් කරනවා. බැහැපිය දොට්ට”[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] එසේ කියමින් සින්නමනි යක්ෂණියක සේ සිය දියණිය වෙත කඩා පැන පහර දෙන්නට වූවාය. එතැනින් නොනැවතුණ ඇය භවානිගේ කෙස් වැටියෙන් ඇදගෙන ගොස් ගෙයින් එළියට ඇද දැම්මාය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] දරු ගැබක් සමඟ තවත් අසරණ වූ භවානි ගමෙන් පිටව ආවේ කිසිඳු අරමුණකින් තොරවය. එහෙත් වවුනියාවට ගිය ඇයට කතෝලික සහෝදරතුමියකගේ පිහිට ලැබුණේ නොසිතු ලෙසය. ඒ සහෝදරතුමිය භවානිට නවාතැන් දුන්නාය. ආහාර පාන, ඇඳුම් පැළඳුම් මෙන්ම වියදමට ද සල්ලි කීයක් හරි අතමිට මෙලවුවාය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] දරු ප්‍රසුතියට ළං වනවිට දරුවාට අවශ්‍ය කළමනා ද සැපයුණේ සහෝදරතුමිය අතිනි. දරුවා ඉපදෙන දිනය ළඟා වූ විට භවානි රෝහල වෙත යොමු කළේ ද ඒ සහෝදර තුමිය විසිනි.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] වවුනියාව රෝහලට ඇතුළත් කෙරුණ භවානි පසුගිය පහළොස් වැනිදා සන්ධ්‍යාවේ දී කිරිකැටි පුතෙක් මෙලොවට බිහි කළාය. දරුවාගේ කිරි සිනහව දුටු විට මවකගේ සිතෙහි ඇතිවන පේ‍්‍රමනීය සිතුවිලි භවානිගේ සිතට පහළ වුයේ නැත.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “දැන් මම මේ දරුවත් එක්ක මොනව ද කරන්නේ?” භවානිගේ සිතට දිගන් දිගටම ඇදී ආවේ එවන් සිතුවිලිය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] කිරිකැටියාට මේ කිසිවක් වැටහෙන්නේ නැත. බඩගිනි වූ විට හඬා වැටෙමින් මවගෙන් කිරි ඉල්ලා සිටින්නට ඇත ඒත්... භවානි දරුවාට කිරි පෙව්වාද නැද්ද කියා අපි නොදනිමු. එහෙත් ඇය හඬා වැටෙන දරුවාට අකමැත්තෙන් හෝ කිරි පොවන්නට ඇත.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] රෝහල් වාට්ටුවේ දින දෙක තුනක් ගෙවී ගියේය. දරුවාගේ උප්පැන්නයට නම දෙන්නට පියකු නැත. පිහිටට කිසිවකු නැත. රෝහල් කාර්යය මණ්ඩලය අසන ප්‍රශ්න වලට දීමට පිළිතුරු ද නැත. බොහෝ දුරට කල්පනා කළ භවානි පසුගිය දහනව වැනිදා දහවල් හොර රහසේම දරුවාද රැගෙන රෝහලෙන් පැන ගියාය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] වවුනියාව බස් නැවතුම වෙත ගිය ඇය පාලමොට්ටේ යන බසයක නැගී සිය මවුපිය සෙවන වෙත යද්දී වේලාව සවස පහයි හතළිස් පහ පමණ වී තිබිණ.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] කිරි කැටියාද තුරුළු කරගෙන යනවිට සිය මව හා පියා තමාට සමාව දෙනු ඇතැයි භවානි සිතා සිටියාය. එහෙත් ඇයගේ සිතුවිල්ල වැරදි බව වැටහුණේ අසල්වැසි නිවෙසක ළිඳෙන් දිය නාමින් සිටි සිය මව බැන වදින්නට වූ විටය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] මව දිය නාමින් සිටි නිසා ඒ වේලාවේ ම භවානි වෙත කඩා පනින්නට ඉඩ ලැබුණේ නැත. දිය නාමින් භවානිට බනිමින් තර්ජනය කරමින් සිටි සින්නමනි නිවෙසට එනවිට භවානි නිවෙස ආක්‍රමණය කර අවසානය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] දිය නා අවසන්ව නිවෙසට එන අම්මා තමාට පහර දෙනු ඇතැයි භවානි සිතුවාය. යළි නිවෙසින් එළවා දමනු ඇතැයි ද සිතුවාය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “මේ හැමදේටම මුල මේ අප්පෙක් නැති දරුවා. මේ කරදරෙන් ගැලවුණොත් මට ගෙදර ඉන්න ඉඩ දේවී.”[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] එසේ සිතු භවානි ක්ෂණික තීරණයක් ගත්තාය. එනම් දරුවා වළ දැමීමයි. සිය අතින්ම දරුවාගේ ගෙල මිරිකන්නට තරම් භවානිට හයියක් නැත වළ දැමු පසු දරුවා මිය යනු ඇත. දරුවා මිය ගිය නිසා වළ දැමුවා යැයි කී විට ඒ කතාව සැවොම පිළිගනු ඇත.එවිට තමාට ඒ කරදරයෙන් නිදහස් විය හැකිය. දරුවා හොඳින් තුවායෙන් එතුවේ පස් කැට දරුවාගේ සිරුරේ පතිත වුවහොත් ඉන් වේදනා දේ යැයි සිතු නිසා විය යුතුය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] ඒ කුමන සිතුවිල මත වුවත් භවානි මහා පාප කර්මයකට මුල පිරුවාය. ඇය සිය කුසින් උපන් දින හතරක් වයසැති දරු සිඟිත්තා පණ පිටින් වළ දැම්මාය. වළ ඇතුලේ විනාඩි දහයක පහළොවක කාලයක් පුරා පුංචි කිරිකැටියා කොපමණ වේදනාවක් විඳින්නට ඇතිද? ලොකු තුවායකින් ඔතා සිටි නිසාත් තුවාය ඇතුළත හිස් අවකාශයේ රැඳි තිබු වාතය නිසාත් දරුවාට යන්තමට හෝ හුස්ම ගැනීමට හැකි වන්නට ඇත. කලබලයට භවානිට වළට පස්දමා වළ තලන්නට අවකාශ ලැබුණේ නැත. වළ ආශි‍්‍රතව දිය ශිරාව ගතියක්ද තිබිණි.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] මේ සියලු සාධකත් වාසනා මහිමයත් නිසා ඉපැදී දින හතරකින් වළක් තුළ සැතපී විනාඩි දහයක් පහළොවක් පස්වලට යටවී සිටි කිරිසප්පයාට මෙලොව ජීවත් වීමේ වාසනාව පෑදිනි.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] එහෙත්... මේ දරුවාට අත දිගු කර පෙන්වන්නට පියකු නැත. සිර ගත වූ බැවින් මවක ද නැත. සිටියත් ඇය දරුවාට වෛර කරනු මිස ආදරය නොකරනු ඇත. ආශාවන් පසුපස ලුහුබැඳ ගිය භවානි වැනි කාන්තාවන්ට සිදු වන්නේ පියකු නැති දරුවන් මෙලොවට බිහි කිරිමටය. අවසානයේ මිනිස් ඝාතනයක් සිදු කර හිරේ විලංගුවේ වැටීමටය. භවානිගේ දෑතට “මාංචු” වැටුණේ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව මතය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] ඕමන්ත කොට්ඨාස බාර පොලිස් අධිකාරි උදිත පෙරේරා මහතාගේ මෙහෙයවීම මත ඕමන්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දයාල් දීගහවතුර අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේරත් ඇතුළු පිරිසක් මෙම පරීක්ෂණ සඳහා එක්ව සිටියහ.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] [I][U] [B][FONT=Arial]තක්ෂිලා ජයසේකර[/FONT][/B][/U] [/I][/COLOR][/SIZE][I][U][B][FONT=Arial][COLOR=Sienna] [/COLOR][/FONT][/B][/U][/I][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom