Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි මිනිස්සු ඉස්පිරිතාලෙට 5 ට එන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි මිනිස්සු ඉස්පිරිතාලෙට 5 ට එන්නේ?

උදේ තියෙන ක්ලිනික් වලට මිනිස්සු ඇයි 5 ට එන්නේ කියලා ප්‍රශ්නයක් අහලා තිබුණා. අපි පොඩි කාලෙත් 5 ට ගියා. තාමත් 5 ට යන මිනිස්සු ඉන්නවා.

මම කුරුණෑගල ඉස්පිරිතාලෙ වැඩ කරන කොට මතකයි ඉස්පිරිතාලෙ ඉස්සරහ පොඩි හට් එකක් ගහලා තිබුනා. ඒ කලින් දවසෙම ඈත ඉඳලා ඇවිත් රෑට බුදිය ගන්න. එතකොට උදේම නැගිටලා පෝලිමට යන්න පුළුවන්. මොකද ඈත පළාත්වල ගෙදර ඉඳලා එච්චර පාන්දර එන්න බස් නෑ. නැත්නම් අලි හින්දා එන්න බෑ.

මොකද මේ පාන්දර එන්නේ ? ආහ් ඒ කලින් නොම්මරයක් ගන්න. මගේම කනේ රිදිල්ලකට පොඩි කාලේ කොළඹ මහ ඉස්පිරිතාලෙ ගියා මතකයි. උදේ 5 ට ගිහින් පෝලිමේ හිටියත් දවසට දෙන තුන්ඩු 56 න් එකක් ගන්න බැරි උනා. දවස් දෙක තුනක් ට්‍රයි කළත් බැරි උනා. කනේ අමාරුම ඉබේම හොඳ උනා. ඒ නිසා වැඩේ කෙරුණේ නෑ.

සමහර ඉස්පිරිතාල වල පෝලිමේ ඉන්න එක රස්සාවක්. ඉස්පිරිතාලෙ කලින්ම ඇවිත් බංකුවේ බුදියලා ඒ ගන්න පෝලිමේ තැන වෙන කෙනෙකුට විකුණලා ජීවත් වෙන මිනිස්සුත් හිටියා.

කොහොම උනත්, මේ පාන්දර එන හේතුව තමයි නොම්මරයක් ගන්න. ඉක්මනින් නොම්මරයක් අරගෙන උදේම ලෙඩේ බලාගෙන ෆාමසියෙන් බෙහෙත් ටිකත් අරගෙන දවල් වෙන්න කලින් ගෙදර යන්න තියෙන වුවමනාව. නැත්නම් දවල් වරුවෙන් පස්සේ ක්ලිනික් එක වහලා.

දැන් නම් ඔය SMS ක්‍රම, internet booking ක්‍රම ඕනේ තරම් හදන්න පුළුවන් උනත්, රජයේ රෝහලකට ඒක වෙන වැඩක් නෙවෙයි. පුද්ගලික රෝහලකත් ඒ වගේ සිස්ටම් බොහෝම අමාරුවෙන් දුවන්නේ. පාන්දර 5 ට පෝලිමට එන මිනිසුන්ගේ ඔය වගේ සාක්ෂරතාවය අවමයි.

Appointments system එකක් දාන එකේ ගැටලුව තමයි කාලය මදි වීම. රෝගියෙකුට විනාඩි 10 ක් තිබ්බොත් වරුවට කී දෙනෙක් බලන්න පුළුවන් ද ? විනාඩි දහයේ ඒවා කීයක්ද දෙන්නේ? ආන්න ඒක ලොකු ප්‍රශ්නයක්. එතකොට අර කලබෙලෙන් වේගයෙන් රෝගීන් බලන බැලිල්ල කරන්න තරම් දොස්තරලා නර්ස්ලා මදි කියලා පේන්න ගන්නවා. ඒ කියන්නේ සම්පත් මදි. ඉන්න අයට ලෙඩ්ඩු දාන්න ගියහම ක්ලිනික් එකක දිනයක් වෙලාවක් ගන්න මාස හය හතේ පොරොත්තු ලිස්ට් හැදෙනවා. දියුණු රටවල රජයේ රෝහල් වල මේ ගැටලුව දරුණුවට තියෙනවා. මගේ නහයේ ආබාධයක් පෙන්වන්න එංගලන්තයේ රෝහලක මට ලැබුනේ වසර 2කට පස්සේ දිනයක්. කැස්ස හෙම්බිරිස්සාවකට පවුලේ වෛද්‍ය වරයෙක් හමුවෙන්න දිනයක් ලැබෙන කොට ලෙඩේ හොඳයි. සිංගප්පූරුවේ මම වැඩ කරපු රජයේ රෝහලේ හදිසි නොවන රෝගයකට ක්ලිනික් එකක් බුක් කරන්න මාස 6-8 ක් ඉන්න වෙනවා. හදිසියේ කට්ටක් කැඩිලා තිබුනත් සති දෙකක් ඇතුලත එකක් ගන්න පුළුවන් වෙන්නේ over booking ගිහිල්ලා.

ඒ නිසා මේ ප්‍රශ්න අපි හිතන තරම් සරළ නෑ විසඳන්න. මේ සියල්ලට හේතුව සීමිත සම්පත් ප්‍රමාණයකින් ලබා දෙන්න වෙන අසීමිත ඉල්ලීම් ප්‍රමාණය. ඒ අසීමිත ඉල්ලීම් වලින් ඇතිවෙන තරඟය. ඒ තරඟය නිසා පාන්දර 5 ට හරි ඇවිත් පෝලිමක් අල්ල ගන්න වෙන මිනිස්සු, කොහොම හරි එනවා. බැරි මිනිස්සු ප්‍රයිවට් එකේ බෙහෙත් ගන්නවා.

දියුණු රටවල් තමන්ගේ තාක්ෂණය සහ හොඳ කළමනාකරණය යටතේ සිස්ටම් එකක හිරවෙලා. අපි වගේ රටවල් දුර්වල කළමනාකරණය සහ තාක්ෂණය බාවිතා නොකර අපිළිවෙල අකාර්යක්ෂම තැනක හිර වෙලා.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්රයේ තියෙන ලොකුම ගැටළුව අපේ සෞඛ්‍යය ක්ෂේත්රය සකස් වෙලා තියෙන ව්‍යුහය. ඒ ව්‍යුහය ඇතුලේ ඉතා දුර්වල රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයත්, දුර්වල කළමනාකරණය මොඩලයත් නිසා තමයි මේක ඇතුලේ වෙන ගැටලු ගොඩක් වෙන්නේ. ඒ නිසා පොඩි පොඩි වෙනස් කම් වලින් ලොකු ලොකු ප්‍රථිපල බලාපොරොත්තු වෙන්න එපා. සෞඛ්‍යය ක්ෂේත්රයේ සැකැස්ම, ව්‍යුහයේ ඉඳලා මානව සම්පත් කළමනාකරණය දක්වා සියල්ල නූතන ලෝකයට ගැලපෙන්න සකස් කරන්න ඕනේ. එදාට පුළුවන් 5 ට ලෙඩ්ඩු ඉස්පිරිතාලෙ පෝලීමට එන එක නවත්වන්න. බෙහෙත් ගන්න එක දවසක් කැප කරන්න අවශ්‍ය දෙයක් නොවන බවට පත් කරන්න. දොස්තර නෝනටත් පරක්කු නොවී ක්ලිනික් එකට යන්න පුළුවන් දවසක් හදන්න.

ඔව්, පුළුවන් !

පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර

[QUOTE="riduna pm, post: 29493167, member: 567786"] ඇයි මිනිස්සු ඉස්පිරිතාලෙට 5 ට එන්නේ? උදේ තියෙන ක්ලිනික් වලට මිනිස්සු ඇයි 5 ට එන්නේ කියලා ප්‍රශ්නයක් අහලා තිබුණා. අපි පොඩි කාලෙත් 5 ට ගියා. තාමත් 5 ට යන මිනිස්සු ඉන්නවා. මම කුරුණෑගල ඉස්පිරිතාලෙ වැඩ කරන කොට මතකයි ඉස්පිරිතාලෙ ඉස්සරහ පොඩි හට් එකක් ගහලා තිබුනා. ඒ කලින් දවසෙම ඈත ඉඳලා ඇවිත් රෑට බුදිය ගන්න. එතකොට උදේම නැගිටලා පෝලිමට යන්න පුළුවන්. මොකද ඈත පළාත්වල ගෙදර ඉඳලා එච්චර පාන්දර එන්න බස් නෑ. නැත්නම් අලි හින්දා එන්න බෑ. මොකද මේ පාන්දර එන්නේ ? ආහ් ඒ කලින් නොම්මරයක් ගන්න. මගේම කනේ රිදිල්ලකට පොඩි කාලේ කොළඹ මහ ඉස්පිරිතාලෙ ගියා මතකයි. උදේ 5 ට ගිහින් පෝලිමේ හිටියත් දවසට දෙන තුන්ඩු 56 න් එකක් ගන්න බැරි උනා. දවස් දෙක තුනක් ට්‍රයි කළත් බැරි උනා. කනේ අමාරුම ඉබේම හොඳ උනා. ඒ නිසා වැඩේ කෙරුණේ නෑ. සමහර ඉස්පිරිතාල වල පෝලිමේ ඉන්න එක රස්සාවක්. ඉස්පිරිතාලෙ කලින්ම ඇවිත් බංකුවේ බුදියලා ඒ ගන්න පෝලිමේ තැන වෙන කෙනෙකුට විකුණලා ජීවත් වෙන මිනිස්සුත් හිටියා. කොහොම උනත්, මේ පාන්දර එන හේතුව තමයි නොම්මරයක් ගන්න. ඉක්මනින් නොම්මරයක් අරගෙන උදේම ලෙඩේ බලාගෙන ෆාමසියෙන් බෙහෙත් ටිකත් අරගෙන දවල් වෙන්න කලින් ගෙදර යන්න තියෙන වුවමනාව. නැත්නම් දවල් වරුවෙන් පස්සේ ක්ලිනික් එක වහලා. දැන් නම් ඔය SMS ක්‍රම, internet booking ක්‍රම ඕනේ තරම් හදන්න පුළුවන් උනත්, රජයේ රෝහලකට ඒක වෙන වැඩක් නෙවෙයි. පුද්ගලික රෝහලකත් ඒ වගේ සිස්ටම් බොහෝම අමාරුවෙන් දුවන්නේ. පාන්දර 5 ට පෝලිමට එන මිනිසුන්ගේ ඔය වගේ සාක්ෂරතාවය අවමයි. Appointments system එකක් දාන එකේ ගැටලුව තමයි කාලය මදි වීම. රෝගියෙකුට විනාඩි 10 ක් තිබ්බොත් වරුවට කී දෙනෙක් බලන්න පුළුවන් ද ? විනාඩි දහයේ ඒවා කීයක්ද දෙන්නේ? ආන්න ඒක ලොකු ප්‍රශ්නයක්. එතකොට අර කලබෙලෙන් වේගයෙන් රෝගීන් බලන බැලිල්ල කරන්න තරම් දොස්තරලා නර්ස්ලා මදි කියලා පේන්න ගන්නවා. ඒ කියන්නේ සම්පත් මදි. ඉන්න අයට ලෙඩ්ඩු දාන්න ගියහම ක්ලිනික් එකක දිනයක් වෙලාවක් ගන්න මාස හය හතේ පොරොත්තු ලිස්ට් හැදෙනවා. දියුණු රටවල රජයේ රෝහල් වල මේ ගැටලුව දරුණුවට තියෙනවා. මගේ නහයේ ආබාධයක් පෙන්වන්න එංගලන්තයේ රෝහලක මට ලැබුනේ වසර 2කට පස්සේ දිනයක්. කැස්ස හෙම්බිරිස්සාවකට පවුලේ වෛද්‍ය වරයෙක් හමුවෙන්න දිනයක් ලැබෙන කොට ලෙඩේ හොඳයි. සිංගප්පූරුවේ මම වැඩ කරපු රජයේ රෝහලේ හදිසි නොවන රෝගයකට ක්ලිනික් එකක් බුක් කරන්න මාස 6-8 ක් ඉන්න වෙනවා. හදිසියේ කට්ටක් කැඩිලා තිබුනත් සති දෙකක් ඇතුලත එකක් ගන්න පුළුවන් වෙන්නේ over booking ගිහිල්ලා. ඒ නිසා මේ ප්‍රශ්න අපි හිතන තරම් සරළ නෑ විසඳන්න. මේ සියල්ලට හේතුව සීමිත සම්පත් ප්‍රමාණයකින් ලබා දෙන්න වෙන අසීමිත ඉල්ලීම් ප්‍රමාණය. ඒ අසීමිත ඉල්ලීම් වලින් ඇතිවෙන තරඟය. ඒ තරඟය නිසා පාන්දර 5 ට හරි ඇවිත් පෝලිමක් අල්ල ගන්න වෙන මිනිස්සු, කොහොම හරි එනවා. බැරි මිනිස්සු ප්‍රයිවට් එකේ බෙහෙත් ගන්නවා. දියුණු රටවල් තමන්ගේ තාක්ෂණය සහ හොඳ කළමනාකරණය යටතේ සිස්ටම් එකක හිරවෙලා. අපි වගේ රටවල් දුර්වල කළමනාකරණය සහ තාක්ෂණය බාවිතා නොකර අපිළිවෙල අකාර්යක්ෂම තැනක හිර වෙලා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්රයේ තියෙන ලොකුම ගැටළුව අපේ සෞඛ්‍යය ක්ෂේත්රය සකස් වෙලා තියෙන ව්‍යුහය. ඒ ව්‍යුහය ඇතුලේ ඉතා දුර්වල රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයත්, දුර්වල කළමනාකරණය මොඩලයත් නිසා තමයි මේක ඇතුලේ වෙන ගැටලු ගොඩක් වෙන්නේ. ඒ නිසා පොඩි පොඩි වෙනස් කම් වලින් ලොකු ලොකු ප්‍රථිපල බලාපොරොත්තු වෙන්න එපා. සෞඛ්‍යය ක්ෂේත්රයේ සැකැස්ම, ව්‍යුහයේ ඉඳලා මානව සම්පත් කළමනාකරණය දක්වා සියල්ල නූතන ලෝකයට ගැලපෙන්න සකස් කරන්න ඕනේ. එදාට පුළුවන් 5 ට ලෙඩ්ඩු ඉස්පිරිතාලෙ පෝලීමට එන එක නවත්වන්න. බෙහෙත් ගන්න එක දවසක් කැප කරන්න අවශ්‍ය දෙයක් නොවන බවට පත් කරන්න. දොස්තර නෝනටත් පරක්කු නොවී ක්ලිනික් එකට යන්න පුළුවන් දවසක් හදන්න. ඔව්, පුළුවන් ! පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom