Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ඇලස්කාව මිලට ගැනීම – 1867
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇලස්කාව මිලට ගැනීම – 1867

ඇමරිකා එක්සත් ජනපදය රුසියාවෙන් ඇලස්කාව මිලට ගැනීම සිදු වූයේ 1867 මාර්තු 30 වනදා එළඹෙන ලද එකඟතාවයකට අනුව ය. මේ අනුව එක්සත් ජනපදය ඩොලර් මිලියන 7.2 කට (එනම් අක්කරයකට සත දෙකක පමණ මුදලකට) රුසියාවෙන් ඇලස්කාව මිලට ගත්තේය.

රුසියාව ඇලස්කා ප්‍රදේශයේ ගවේෂණ කටයුතුවලට එළඹුණේ 1725 දී මහා පීටර් අධිරාජයා විසින් වයිටස් බීරිං එම ප්‍රදේශයේ ගවේෂණ කටයුතු සඳහා යෙදවූ සමයේ පටන් ය. නමුත් ඇලස්කාව තුළ විශාල ජනපද බිහි කිරීමේ හැකියාවක් රුසියානුවන් තුළ නොවීය. මේ අතර යාබද බ්‍රිතාන්‍ය කොළොම්බියාවේ (වර්තමාන කැනේඩියානු ජනපදයක්) ජනගහනය වර්ධනය වූ අතර අනාගතයේදී බ්‍රිතාන්‍යය සමඟ ගැටුමක් ඇති වූ අවස්ථාවක ඇලස්කාව ඔවුන් විසින් අල්ලාගනු ඇතැයි යන බියක් රුසියානු පාලකයන් තුළ ඇති වූයේය.

1855 දී දෙවන ඇලෙක්සැන්ඩර් සාර්වරයා (අධිරාජයා) රුසියාවේ බලයට පත් විය. ඒ වනවිට රුසියාව ක්රිමියානු යුද්ධයේ පැටලී සිටියේය. ඒ බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ සාර්ඩිනියාව සමඟය. කෙසේ නමුත් ඇලෙක්සැන්ඩර් බලයට පත් වූ පසු සාමය ස්ථාපිත කෙරුණි.

ඉන් ටික කළකට පසු ඇලස්කාව විකිණීමේ යෝජනාව සාර්වරයා හමුවේ තබන ලද අතර සාර්වරයා ද ඒ පිළිබඳ ධනාත්මක ස්ථාවරයක් දැරුවේය. මේ අනුව 1859 දී ඇලස්කාව විකිණීමේ යෝජනාව ඉදිරිපත් කෙරිණ.

නමුත් ඇමරිකානු සිවිල් යුද්ධය හේතුවෙන් මෙම ගනුදෙනුව යටපත් වූයේය. සිවිල් යුද්ධය අවසන් වූ පසු නැවත රුසියාව විසින් එම යෝජනාව ඉදිරිපත් කෙරුණ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් විලියම් සෙවාර්ඩ් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළේය. වොෂිංටනයේ රුසියානු නියෝජිත එඩුවාර්ඩ් ඩි ස්ටෝකල් සහ සෙවාර්ඩ් අතර වූ සාකච්ඡාවලින් පසු 1867 මාර්තු 30 වනදා ඩොලර් මිලියන 7.2 කට (වත්මන් අගයට අනුව ඩොලර් මිලියන 123 ක් පමණ) ඇලස්කාව මිලට ගැනීමට ඇමරිකාව එකඟ විය.

රුසියාවට මුදල් ගෙවීම මෙම චෙක්පතින් සිදු විය

මෙම ගිවිසුම පිළිබඳ ඇමරිකාවේ විවිධ අදහස් පළ විය. විරුද්ධවාදීන් මෙය දුටුවේ “සෙවාර්ඩ්ගේ අනුවණ ක්‍රියාව” (Seward’s folly) ලෙසිනි. නමුත් ඊට පක්ෂ වූවෝ එය දුටුවේ පැසිෆික් කලාපයේ බ්‍රිතාන්‍ය සහ රුසියානු වෙළෙඳ බලය සීමා කෙරෙන සාර්ථක ගනුදෙනුවක් ලෙස ය. 1867 අප්‍රේල් 9 වනදා සෙනට් මණ්ඩලය විසින් අනුමත කෙරුණ ගිවිසුමට ජනාධිපති ඇන්ඩෘ ජොන්සන් මැයි 28 වනදා අත්සන් තැබීය. 1867 ඔක්තෝබර් 18 වනදා ඇලස්කාව ඇමරිකා එක්සත් ජනපදයට නිල වශයෙන් පවරා දෙනු ලැබීය.

1884 දී ඇලස්කාවේ සිවිල් පරිපාලනයක් පිහිටුවන ලදී. ඉන් වසර 12 කට පසු 1896 දී ඇලස්කාවේ විශාල රන් නිධි හමු වන්නට පටන් ගත්තේ “සෙවාර්ඩ්ගේ අනුවණ ක්රියාවේ” ප්‍රතිඵල ඇමරිකාවට ලබා දෙමිනි. පසු කාලීනව දෙවන ලෝක යුද්ධය සමයේ ඇලස්කාවේ වැදගත්කම මොනවට පැහැදිලි විය.

1959 ජනවාරි 3 වනදා ඇලස්කාව ඇමරිකා එක්සත් ජනපදයේ 49 වන ප්‍රාන්තය බවට පත් විය.

ප්‍රධාන ඡායාරූපය: 1867 මාර්තු 30 වනදා ගිවිසුමට එළඹීම

source - world for you

[QUOTE="dilshan KASUNJITH, post: 21402507, member: 131139"] [b]ඇලස්කාව මිලට ගැනීම – 1867[/b] [SIZE="4"]ඇමරිකා එක්සත් ජනපදය රුසියාවෙන් ඇලස්කාව මිලට ගැනීම සිදු වූයේ 1867 මාර්තු 30 වනදා එළඹෙන ලද එකඟතාවයකට අනුව ය. මේ අනුව එක්සත් ජනපදය ඩොලර් මිලියන 7.2 කට (එනම් අක්කරයකට සත දෙකක පමණ මුදලකට) රුසියාවෙන් ඇලස්කාව මිලට ගත්තේය. [IMG]http://i0.wp.com/worldfu.com/wp-content/uploads/2017/03/Alaska_purchase.jpg?fit=798%2C559[/IMG] රුසියාව ඇලස්කා ප්‍රදේශයේ ගවේෂණ කටයුතුවලට එළඹුණේ 1725 දී මහා පීටර් අධිරාජයා විසින් වයිටස් බීරිං එම ප්‍රදේශයේ ගවේෂණ කටයුතු සඳහා යෙදවූ සමයේ පටන් ය. නමුත් ඇලස්කාව තුළ විශාල ජනපද බිහි කිරීමේ හැකියාවක් රුසියානුවන් තුළ නොවීය. මේ අතර යාබද බ්‍රිතාන්‍ය කොළොම්බියාවේ (වර්තමාන කැනේඩියානු ජනපදයක්) ජනගහනය වර්ධනය වූ අතර අනාගතයේදී බ්‍රිතාන්‍යය සමඟ ගැටුමක් ඇති වූ අවස්ථාවක ඇලස්කාව ඔවුන් විසින් අල්ලාගනු ඇතැයි යන බියක් රුසියානු පාලකයන් තුළ ඇති වූයේය. 1855 දී දෙවන ඇලෙක්සැන්ඩර් සාර්වරයා (අධිරාජයා) රුසියාවේ බලයට පත් විය. ඒ වනවිට රුසියාව ක්රිමියානු යුද්ධයේ පැටලී සිටියේය. ඒ බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ සාර්ඩිනියාව සමඟය. කෙසේ නමුත් ඇලෙක්සැන්ඩර් බලයට පත් වූ පසු සාමය ස්ථාපිත කෙරුණි. ඉන් ටික කළකට පසු ඇලස්කාව විකිණීමේ යෝජනාව සාර්වරයා හමුවේ තබන ලද අතර සාර්වරයා ද ඒ පිළිබඳ ධනාත්මක ස්ථාවරයක් දැරුවේය. මේ අනුව 1859 දී ඇලස්කාව විකිණීමේ යෝජනාව ඉදිරිපත් කෙරිණ. නමුත් ඇමරිකානු සිවිල් යුද්ධය හේතුවෙන් මෙම ගනුදෙනුව යටපත් වූයේය. සිවිල් යුද්ධය අවසන් වූ පසු නැවත රුසියාව විසින් එම යෝජනාව ඉදිරිපත් කෙරුණ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් විලියම් සෙවාර්ඩ් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළේය. වොෂිංටනයේ රුසියානු නියෝජිත එඩුවාර්ඩ් ඩි ස්ටෝකල් සහ සෙවාර්ඩ් අතර වූ සාකච්ඡාවලින් පසු 1867 මාර්තු 30 වනදා ඩොලර් මිලියන 7.2 කට (වත්මන් අගයට අනුව ඩොලර් මිලියන 123 ක් පමණ) ඇලස්කාව මිලට ගැනීමට ඇමරිකාව එකඟ විය. [IMG]http://i2.wp.com/upload.wikimedia.org/wikipedia/commons/thumb/2/20/Alaska_Purchase_%28hi-res%29.jpg/1024px-Alaska_Purchase_%28hi-res%29.jpg?resize=1000%2C494&ssl=1[/IMG][COLOR="Red"][SIZE="3"]රුසියාවට මුදල් ගෙවීම මෙම චෙක්පතින් සිදු විය[/SIZE][/COLOR] මෙම ගිවිසුම පිළිබඳ ඇමරිකාවේ විවිධ අදහස් පළ විය. විරුද්ධවාදීන් මෙය දුටුවේ “සෙවාර්ඩ්ගේ අනුවණ ක්‍රියාව” (Seward’s folly) ලෙසිනි. නමුත් ඊට පක්ෂ වූවෝ එය දුටුවේ පැසිෆික් කලාපයේ බ්‍රිතාන්‍ය සහ රුසියානු වෙළෙඳ බලය සීමා කෙරෙන සාර්ථක ගනුදෙනුවක් ලෙස ය. 1867 අප්‍රේල් 9 වනදා සෙනට් මණ්ඩලය විසින් අනුමත කෙරුණ ගිවිසුමට ජනාධිපති ඇන්ඩෘ ජොන්සන් මැයි 28 වනදා අත්සන් තැබීය. 1867 ඔක්තෝබර් 18 වනදා ඇලස්කාව ඇමරිකා එක්සත් ජනපදයට නිල වශයෙන් පවරා දෙනු ලැබීය. 1884 දී ඇලස්කාවේ සිවිල් පරිපාලනයක් පිහිටුවන ලදී. ඉන් වසර 12 කට පසු 1896 දී ඇලස්කාවේ විශාල රන් නිධි හමු වන්නට පටන් ගත්තේ “සෙවාර්ඩ්ගේ අනුවණ ක්රියාවේ” ප්‍රතිඵල ඇමරිකාවට ලබා දෙමිනි. පසු කාලීනව දෙවන ලෝක යුද්ධය සමයේ ඇලස්කාවේ වැදගත්කම මොනවට පැහැදිලි විය. 1959 ජනවාරි 3 වනදා ඇලස්කාව ඇමරිකා එක්සත් ජනපදයේ 49 වන ප්‍රාන්තය බවට පත් විය. ප්‍රධාන ඡායාරූපය: 1867 මාර්තු 30 වනදා ගිවිසුමට එළඹීම [/SIZE] source - world for you [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom