Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇස් වෙද ගෙදර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහි තවත් දුක්බර පැත්තක් ද තිබේ. ඈත ප්‍රදේශවල සිට මෙහි පැමිණෙන රෝගීනට නවාතැන් දීමට දැන් ඒ අසල්වැසි නිවෙස්වල කාමර විවර වී ඇත. දිනකට රුපියල් 200 – 250 ඒ අහිංසකයනගෙන් ඒ නිවෙස් හිමියෝ අය කරති.

මෙය වෙද මහතා ගේ වෙදකමටත් ලජ්ජාවෙකි. පාරමී පුරන බෝධිසත්ත්වයකු මෙන් වෙද මහතා කරන කාර්ය ඉන් කිලිටි වෙයි. මා මෙතෙක් කීවේ මෙහි වටපිටාව ගැන මිස මේ විස්මිත වෙදකම් ගැන නොවේ.

එය කීමට වඩාත් අයිතිය ඇත්තේ වෙදකම් ගත් ඇත්තන්ට ය. මම ඔවුන් මට කී දේ මෙසේ ඔබට ලියමි.

දැනට පාණදුරයේ කුරුප්පුමුල්ලේ දිවි ගෙවන සෝමදාස මහතා හමු වී ප්‍රතිකාර ගත් මේ අය හමුවීමට මා යන මොහොතේ ද එහි දෙතුන් සියයක් පිරී සිටිනු මම දුටිමි.

උදේ රැයින් මෙහි පැමිණෙන දුර බැහැර රෝගීහු මෙහි ලැගුම් ගනිති. උදේ 6 - 12 අතර ඇස් වෙදකම් කිරීම වෙද මහතා ගේ සිරිතයි. මම ඒ ගැන වෙද මහතා විමසීමි.

”ඉර අවරට ගියාට පස්සෙ ඇස් වෙදකම හරියන්නෙ නෑ.” ඒ වෙද මහතා දුන් පිළිතුර ය.

නුගේගොඩ ජීවත්වන ශිරාණි මහගෙදර ගේ පුතු තේනුජගේ (අවුරුදු 6 1/2) ඇස් දෙක ම එකවර නොපෙනී ගියේ ය. හිරු එළිය හෝ ආලෝකය කෙසේ වත් බලන්නට බැරිව දරුවා විලාප තැබුවේ ය.

තරමක අත මිට තිබූ මවුපියෝ දරුවා රැගෙන රටේ නම ගිය අක්ෂි වෛ්‍යවරු සොයා කොළොම්තොටට, මහනුවරට දිව ගියහ. දහසින් බැඳි පියලි පිදුවත් දරුවා ගේ නෙතු සුවය නො ලැබිණි.

කාගෙ දෝ කීමක් අසා එවර මේ මවුපියෝ ඉන්දියාවේ ශංකර් නේත්රාලය සොයා ගියේ දහසක් බලාපොරොත්තු ඇතිව ය. රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් වියදම් විය. එහෙත් දරුවා ගේ ඇස්වල තත්ත්වය තව තවත් බරපතළ වූවා මිස සුවයක් නො ලැබිණි.

පාණදුරේ සෝමදාස ඇස් වෙද මහතා ගැන ලත් ආරංචියෙන් ඔව්හු එහි ඉගිල ආහ. මුදලක් ඉල්ලුවේ ද ගාස්තුවක් නියම කැරුණේ ද නැත. සති 4, 5 ක බෙහෙත් ප්ලාස්ටර හා වෙනත් ආලේපන මගින් දරුවා දැන් ආලෝකය දකී. හිරු එළිය බලයි. මේ මොන තරම් විශ්ව කර්ම වැඩක් ද?

”මගෙ පුතා අරගෙන මං නොගිය තැනක් නෑ. ඔය නමගිය ඇත්තො සල්ලි ගත්තා විතරයි. ඉන්දියාවේ ශංකර් නේත‍්‍රාලයටත් බැරිවුණා මගෙ පුතා ගේ ඇස් සනීප කරන්න. මේ වෙද මහතා නම් විශ්වකර්මයෙක්.

මේ අයට ඇයි ආණ්ඩුව අනුග්‍රහ නොදෙන්නේ. මේ ලෙඩ්ඩුනට ඉන්නවත් ඉඩක් නෑ. සල්ලි අය කරන්නෙ නැති නිසා මිනිස්සුත් මඟ හැර යනවා. මේ වෙද මහතා අපේ රටට සම්පතක්.” දරුවා ගේ මව ශිරාණි මහගෙදර කීය.

ටී. ජයන්ත (බොරැල්ල) අවුරුදු) අවුරුදු 44.

අවුරුද්දකුත් මාස 9 ක් තිස්සෙ මං මේ ඇහැකට වෙදකම් කරනවා. කිසි ම සුවයක් ලැබුණෙ නැ. ඇසට වැදුණු පාරකින් ඇගේ සිවිය ගැලවිලා. කොහෙන් ප්‍රතිකාර ගත්තත් හරි ගියේ නෑ. මේ වෙද මහතා දෙයියෙක්.

මෙහෙම ඇවිත් මාස 5 ක් ඇති. මගේ පෙනීම දැන් දියුණුයි. සිවිය නැවත එහි අලවන්න මෙහිදී කටයුතු කළා. මේ ඉඩම මාසයක විසි දහසේ ගණනේ ගෙවන්න වෙද මහත්තයා අරගෙන තියෙන්නෙ.

ඒකත් එක්තරා ලොකු බිස්නස්කාරයකුගෙ ආයතනයක ප්‍රධාන තනතුරක් හිමි නෝනා කෙනෙකුගේ ඇස් සනීප කරලා ලැබුණු එකක්. ඇපකරුවන් නැතිව මේක දීලා තියෙන්නෙ. වෙද මහත්තයා මුදලුත් නොගෙන මේවා කොහොම කරනවද හිතා ගන්න බෑ.

මේ පිළිබඳ විස්තරයක් වෙද මහතා අපට කීය. සමහරු වෙද මහතාට ගොඩනැගිලි හදා දී මුදලට වෙදකම් කිරීමට කටයුතු කිරීමට සංවිධානගත වීමට කල්පනා කළහ. එහෙත් මුදලට වෙදකම් කිරීම තම ප්‍රතිපත්තිය නොවන බව කී වෙද මහතා මේ ෆිනෑන්ස් ඉඩමට ආවේය.

මිනිස්සු සල්ලි නුදුන්නත් කමක් නෑ. මට පුළුවන් කාලයක් මා මේ වෙදකම කරනවා. බැරි වුණොතින් කරන්න දෙයක් නෑ. ඒ වෙද මහතාගේ වචනයයි. (සතුටු සිතින් කෙනකු දෙන දෙයක් දමන්න බෙහෙත් හලේ පෙට්ටියක් තිබේ. ඒ පෙට්ටිය මුදලකින් පිරේ නම් මේ වෙදකම රැකේ යැයි සිතමි.

මේ අතර ආත්මාර්ථකාමි ලෙඩ්ඩුද සිටිති. ඔවුන් වෙද මහතා ගැන ප්‍රසිද්ධ කරනවාට දැඩි ලෙස විරුද්ධය. ඒ රෝගීන් පිරුණොත් තමනට අවාසියක් වෙතැයි සිතමිනි.

රත්නපුරයේ සිට පැමිණ සිටි චන්ද්‍රසේන මහතාගේ කතාව ද අපූරුය.

‘ඇස්වල සුද එනවට ප්‍රතිකාර සඳහා ශල්‍යකර්ම කරනවා. ඒත් ඇස්වල යුද ආයිත් එනවා. මම නම් ඔපරේෂන් කරන්නෙ නෑ. මේ වෙද මහතා ළඟ ඇසේ සුද දිය කරවන බෙහෙත් තියෙනවා. ලංකාවේ විවිධ දුර බැහැර පෙදෙස්වලින් එන බොහෝ අය ඇස්වල සුද මෙහිදී දිය කර ගත්තා. දැන් මගෙත් ඇසේ සුද දියවෙලා.

කොළඹ නාලන්දා විදුහලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සඳරු ප්‍රනාන්දු දරුවාට ළඟ - දුර දෙකම නොපෙනෙන ආබාධයක් තිබුණේය. පොත පත කියවන විට දිගින් දිගටම කඳුළු ගැලීමද සිදු විය. මව නාලනී දරුවාත් රැගෙන මෙහි ආවේය.

“මට දැන් ළඟ – දුර තරමක් පෙනෙනවා. මොරටුවේ ලක්ෂපතියෙ ඉඳන් අපි උදේම ආවත් මෙහි සෙනඟ පිරිලා ඉන්නෙ වෙද මහත්තයාගෙ දක්ෂකම නිසයි. සඳරු කීය.

මාතර වල්ගම සිරිසේන (35) වෘත්තියෙන් තැපැල් ස්ථානාධිපතිවරයෙකි.

“මේ වෙදකම ගැන මට පුදුමයි. මගේ ඇස්වල තිබුණු ආබාධයක් සති 4 කින් සුවය ලැබුවා.” ඇස් ඉදිමුම ඇස් පිපිරුම ආදි දේවලට පවා ;මහිදී ප්‍රතිකාර සිදුවේ. විදේශකයෝද රහසේ බටහිර ක්‍රම අත් හැර මෙහිදී ප්‍රතිකාර ගනිති. එසේ තොරතුරු නොදී රහසේ ප්‍රතිකාර ගන්නා කියුබානු ගුරුවරියක් ද අපට දැක ගත හැකි විය.

හමුදාවේ හා පොලිසියේ උසස් නිලතල ඇත්තන්, ගුරුවරුන් හා තවත් නොයෙක් විධායක ශ්‍රේණිවල ඇත්තෝ ද මෙහිදී ප්‍රතිකාර ගනිති. ඩබ්ලිව්. ඒ. කරුණාරත්න (74) මහර කිරිමැටියාගාර හිටපු ග්‍රාම සේවක නිලධාරි මහතාය.

මා ඉන්නෙ ඉහළ බියන්විල කඩවත. මගේ අස්වල ආපු ආබාධයට ප්‍රතිකාර ගන්න මේ වෙද මහතා ළඟට ආවා. ලංකාවේ සිවු දෙසින් ජනතාව එනවා. වෙද මහතා නොමිලයේ ප්‍රතිකාර කරනවා. සුවය ලබනවා යනවා.

මේක හරිම අසාධාරණයි. මේ පාරම්පරික වෙදකමින් මගේ ඇස් සුව වුණේ පුදුමාකාර ඉක්මනකින්. දන් වේලක්, තේ උගුරක් මේ ජනතාවට ලබා දීලා මේ වෙද මහතා නොමිලයේ කරන සත්කාරය අගය කළ යුතුයි.

යමක් නිකම්ම ලැබෙන විට අපේ අයට එහි වටිනාකමක් ද නැත. නිකම් පිනට දුන්නා කියා පිනටම ගැනීම වැරැදියි. වෙද මහතා රැක ගැනීමට කටයුතු කළ යුතුය. අපේ රටේ ආයුර්වේදය රැක ගැනීමේ බලධරයනි, නොපමාව මේ වෙද මහතා ගැන සොයා බලන්න. එය ජාතියට කළ සේවයක් වනු ඇත.

වෙද මහතා පුරසාරම් දොඩන්නකු නොවේ. මම ඔහු හා කතිකා කෙළෙමි.

“මට පුළුවන් කාලයක් මේ වෙදකම කරන්නෙ නොමිලේ. ලෙඩ්ඩුන්ට දන් වේලක් දෙන්න මුදලක් අර පෙට්ටියට සිත සතුටින් දානව නම් ඒ ඇති. මට දැන් අවුරුදු 61 යි. මගෙන් පස්සෙ මේ වෙදකම කරන්න මා දරුවන්ට උගන්වලා තියෙනවා.” එතුමා කීය.

පරහිතකාමී හැඟීමෙන් ඔපවත් වෙද ඉසිවර සෝමදාස මහතාට දීර්ඝායු පතමි.

උපාලි සමරසිංහ

ඡායාරූප - විමල් කරුණාතිලක

ගායන ශිල්පී ආත්මා ලියනගේ මහතා හා ඔහුගේ බිරිද විසින් ගගුල වෙද මැදුරට රෝගීන්ගේ පහසුව තකා බෙහෙත් අඹරන යන්ත්‍රයක් පරිත්‍යාග කල අවස්තාව 2016-07-03

හෙළ වෙද රුසිරාන මුදලට ගැති නොවී කරනව ප්‍රතිකාර

වෙදකමට උදව් කරන දෙමාපියන් සහ සහෝදරිය සමග තුෂාර ලක්මාල් වෙදමහතා

ස්වලට බෙහෙත් ගල්වා තම වාරය

එනතුරු සිටින රෝගීන්

සේන ගනේවත්ත මහතා

සියල්ල මුදලට යට වූ ලෝකයක සර්වබලධාරියා මුදල බවට පත් වුවත් මුදලට ගැති නොවී රෝගියාගේ සුව සහනය උදෙසා කටයුතු කරන ස්ථානයක් අප කණ වැටුණේ මීට ටික කලකට පෙරය. සිංහල වෙදකම තවමත් සුරැකෙමින් තිබෙන බව එම ආරංචියෙන් කියෑවිණි. එවිට අපට සිහියට නැගුණේ එදා හෙළ රජදවස බුද්ධදාස රජතුමාය. එතුමාත් සර්පයන්ට පවා වෙදකම් කළ බව ඉතිහාසයේ සඳහන්වේ.

ඒ කෙසේ වෙතත් අපට ලැබුණ ආරංචිය අනුව එම ස්ථානය සොයා පිටත් වූවේ කෙතරම් කතා තිබුණත් ඒවා කතාවලට පමණක් සීමා වී ඇති අවදියක මුදල මත යෑපීමෙන් තොරව ඇස්වලට ප්‍රතිකාර කරන ස්ථානය සොයාය. අපි එහි යන විට උදෑසන හිරු පායා ප්‍රදේශයම රන්වන් පැහැයෙන් දිදුලමින් තිබිණි. බැලූ බැලූ අත ඔසු තුරුය. ඇස් මතට බෙහෙත් ගල්වා බොහෝ පිරිසක් එම ස්ථානයේ රැඳී සිටින අයුරු අපට දැකගත හැකි විය. බාල මහලු, තරුණ, වැඩිහිටි අය බොහෝ දෙනෙක් මෙම ස්ථානයේ රැඳී සිටින අයුරු අපට දැකගත හැකි විය.

මිනිසකුට තම ජීවිතයේ උතුම්ම අංගය ඇස් දෙකය. වෙන මොනවා තිබුණත් මේ ලෝකය දකින්නට ඇස් දෙක නැත්නම් වැඩක් නැත. ඇස් පෙනෙන්නේ නැත්නම් ඒ ජීවිතය අඳුරේ බව කිව යුතු නැත. නමුත් එසේ අඳුරට යන ජීවිතවලට ආලෝකය ලබාදෙන අයුරු දුටු විට අපේ හෙළ වෙදකමේ අසිරිය කොතරම් මනරම් ද යන්න අපට වැටහිණි.

ගඟුලේ වෙදගෙදර නමින් ප්‍රසිද්ධ වී ඇති මෙම ස්ථානය ප්‍රධාන වශයෙන් බෙහෙත් කරනු ලබන්නේ අක්ෂි රෝගවලටය. ඊට අමතරව සන්ධි රෝග, පීනස සහ කාන්තා රෝගවලට ප්‍රතිකාර කරනු ලබයි.

මගේ තාත්තගේ තාත්තා තමයි මේ වෙදකම කරගෙන ඇවිල්ල තියෙන්නේ. මගේ තාත්තත් මේ වෙදකම කරගෙන ඇවිත් දැන් මම වෙදකම් කරනවා. ඇත්තටම කීවොත් අපේ ගඟුලේ වෙද පරපුරක්. අපි පරම්පරාවෙන් පරම්පරාවට වෙදකම කරගෙන යනවා. ඇත්තෙන්ම මම කල්පනා කළා මෙම වෙදකම රැකගෙන අපේ රටේ දුප්පත් මිනිස්සුන්ට සේවයක් කරන්න පුළුවන් කියලා. අනික තමයි අපේ තාත්තට සීය කියල තියෙනව රෝගීන්ගෙන් සල්ලි ගන්න එපා. රෝගීන්ට කන්න දෙන්න බැරිනම් මේ වෙදකම කරන්නත් එපා කියලා. ඉතින් මගේ තාත්තා ඒ උපදෙස අකුරටම පිළිපැද්දා. දැන් මමත් එහෙමයි. අපි රෝගීන්ගෙන් මුදල් ඉල්ලන්නේ නැහැ. එයාල කැමැතිනම් අපේ පිං පෙට්ටියට තමන්ට හැකි අයුරින් මුදල් දාන්න පුළුවන්. හැබැයි මුදල් ලැබුණත් නැතත් අපි හැම රෝගියකුටම එකලෙස සලකනවා. එදා අපේ දේශීය වෙදකම කරපු මුතුන් මිත්තෝ මුදල් පසුපස හඹා ගියේ නැහැ. ඉතින් මගේ සීයත් එහෙම කළා. තාත්තයි මමත් කරන්නේ ඒ දෙයමයි.

ඇත්තටම ලෙඩෙක්ගේ ඇස් හොඳ වෙලා මේ ලෝකය දකින්න ලැබුණයි කියලා කිව්වම මුදල්වලට වඩා පුදුම සතුටක් දැනෙනවා. ඒක තමයි මගේ ජීවිතේ කියල කියන්න ඕන. ඒ වෙලාවට දැනෙන නිරාමිස සතුට කියලා නිම කරන්න බැහැ. ඒ සතුට මුදලට ගන්නත් බැහැ.

එලෙස අප සමග කතා කළේ ගඟුලේ වෙද මැඳුරේ පොඩි වෙද මහත්තයා යන සුරතල් නාමයෙන් හඳුන්වන තුෂාර ලක්මාල් ප්‍රනාන්දු වෙද මහතාය.

එතකොට වෙද මහත්තයා සිංහල වෙදකමෙන් ලෙඩ හොඳ වෙන්න කාලයක් ගත වෙනව කියල ජනතාව අතර මුල්බැසගත් මතයක් තිබෙනවා. ඒ ගැන මොකද කියන්නේ...? ඇත්තෙන්ම සිංහල වෙදකමෙන් රෝග සුව වෙන්න කල් ගත වෙන්නේ නැහැ. අනික තමයි අපේ වෙදකමෙන් නිට්ඨාවටම රෝගය සුව කරනවා. ඒක පැලැස්තර දැමිල්ලක් නෙවෙයි. හැබැයි ඔය කතාව කියන්න හේතු තියෙනව. මොකද ලෙඩාට බෙහෙත් දුන්නම එයා ගෙදර ගිහින් කසාය ටික උණුකරගන්න දන්නේ නැහැ. බෙහෙත් හොයා ගන්න බැහැ. ඒ විතරක් නෙවෙයි ලෙඩේට අවශ්‍ය උපස්ථාන නියමිත ලෙස ලැබෙන්නේ නැහැ. එපමණක් නොවෙයි බෙහෙත් කියල ව්‍යාජ ඖෂධ වර්ගවලටත් අහුවෙනව. ඉතින් මේ අඩුපාඩු නිසා තමයි රෝගය සුව වෙන්න කාලයක් යනව කියන්නෙ. මෙහෙම ප්‍රතිකාර කරගත්තම ලෙඩේ වැඩිවෙන්නත් පුළුවන්කම තිබෙනවා.

ඒක නිසා අපි හැම විටම අපේ ළඟට එන රෝගීන්ට බෙහෙත් දෙනවා. ඒ වගේම ඇස්වලට බෙහෙත් ගල්වනවා. තැවීම්, පොට්ටනි ඇල්ලීම් සියල්ල මෙම ස්ථානයේ පළපුරුදු අය යොදවා කරනවා. එයින් ලෙඩාට ඉක්මන් සුවය ලබා දීමට අපට හැකිවෙලා තියෙනවා. ලෙඩා දුරබැහැරකනම් ඔහුට අවශ්‍ය නවාතැන් පහසුකම් විතරක් නෙවෙයි ආහාරපානත් ලබාදෙනවා. මේ සියල්ල අපි කරන්නේ නොමිලේ.

අනික තමයි මේ ස්ථානයේ සේවය කරන හැමදෙනාම මෙතෙන්ට එන හැම ලෙඩාටම කාරුණිකව උපස්ථායක කටයුතු කරනවා. මෙතන සේවය කරන සියලුදෙනාටම සම්පූර්ණ නිදහස අපි ලබාදීල තියෙනව. ඒක නිසා ඒ අය හොඳින් තමන්ගේ වගකීම ඉටුකරනව.

අනික තමයි ප්‍රතිකාර කරන විට රෝගියාට දෙන උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. එහෙම වුණොත් රෝගය ඉක්මනින් සුව වෙනවා. අනිත් කාරණය තමයි අපි ඕනෑම ලෙඩෙකුට මුල් කාලය මෙතනදීම බෙහෙත් කරනවා. ඇස්වල සුද ඒම ඇතුළු සියලු අක්ෂි රෝග නිට්ඨාවටම සුව කිරීමට අපට මේ නිසා හැකියාව ලැබී තිබෙනවා.

ලොකු වෙද මහත්තයා තම පුතා ගැන කතා කළේ මෙසේය.

ඇත්තෙන්ම මගේ පුතා ගැන මට ආඩම්බරයක් තියෙනවා. මගේ පියාගේ වෙදකම මම කළා. දැන් මගේ පුතා කරනවා. මගේ පුතාටත් මම කියල තියෙන්නේ මේ වෙදකම ඉදිරියට ගෙන යන්න කියලයි. මොකද මම මෙම වත්තේ බෙහෙත් පැළ දහස් ගණනක් වවල තියෙනවා. මේ වෙදකම කරගෙන ගියේ නැත්නම් ඊළඟ පරම්පරාව මේවා දරට විකුණාවි. නැත්නම් ලෑලිවලට විකුණාවි. එතකොට වෙදකමත් අපේ කමත් දෙකම රටෙන් නැතිවේවි. ඒක වළක්වන්න තමයි මගේ උත්සාහය වුණේ.

අනික තමයි ලෙඩාට මුදල් නැත්නම් ඒ ගැන විශේෂ අවධානය යොමු කරලා ප්‍රතිකාර කරනවා. ඔහුට අවශ්‍ය ආහාර පමණක් නොවෙයි බස් එකේ එන්න මුදල් පවා ලබාදෙනවා. මොකද මෙතනට එන රෝගීන්ගෙන් 20% ක් විතර මුදල් නැති බොහෝ දුප්පත් අය. ඒ වගේම අපි සනීප කරපු රෝගීන් මේ ස්ථානයට බොහෝ උදව් උපකාර කරනවා. ගාල්ලේ එක මහත්තයෙක් හැම මාසෙකම අපට පොල් ලබාදෙනවා. ඒක අපට හයියක් මොකද මෙතනට බොහෝ වෙලාවට එන්නේ දුප්පත් මිනිස්සු නිසා. නමුත් එක දෙයක් කියන්න ඕන රජයෙන් හෝ වෙනත් කිසිම රාජ්‍ය ආයතනයකින් නම් අපට හෝ මේ ස්ථානයට කිසිම උදව්වක් මේ වනතුරුත් ලැබිල නැහැ. දේශීය වෙදකම නගාසිටුවනවා කියල කිව්වත් දේශීය වෙදකම රැකගන්න අපට කිසිම උදව්වක් නොකිරීම ගැන කනගාටුයි.

අපි මෙම ස්ථානයේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි කිහිපදෙනෙකු සමග කතා කිරීමට ද අමතක නොකළෙමු.

සේන ගනේවත්ත මහතා

මට හැදිලා තිබුණේ ඒඑම්ඩී කියන අක්ෂි රෝගය කියල එකක්. මගේ පෙනීම රැල්ලක් යනවා වගේ තිබුණා. ඒකට ඉංගී්රසි බෙහෙත් ගත්තා. ඉංගී්රසි වෙදකමෙන් මගේ ලෙඩ් සුව කරන්න බැහැ කිව්වා. මොකද මගේ වයසත් අවුරුදු හැටතුනක්. ඊට පස්සේ මම පත්තරේක දැකල මේ වෙද මහත්තයා හොයාගෙන ආව. මම මෙතන්ට ආවේ තව කෙනෙක්ව අල්ලගෙන. ඒ තරම් මගේ ඇස් දෙක පෙනුනෙ නැහැ. වෙද මහත්තයා මගෙන් ඇසුවා මගේ මූන පේන්නේ නැහැ නේද කියල. මම කිව්ව ඔව් කියල. ඊට පස්සේ වෙද මහත්තයා දවස් 10 ක් ඇස් දෙකට පත්තු දැම්මා. එකොළොස් වැනි දවසේ මට ටික ටික පේන්න ගත්තා. දැන් මගේ ඇස් දෙක බොහොමයක් දුරට පේනව. දැන් පත්තරවල අකුරු කියවන්න පුළුවන්. තනියම බස් එකේ යන්න පුළුවන්.

මාලනී ඕපනායක මහත්මිය

මගේ දුවගේ වයස අවුරුදු 17 යි. එයාට තිබුණේ ඇස් දෙකෙන්ම පේන්නේ බොඳ වෙලා. වෛද්‍යවරු කීවා ලෙන්ස් එකක් දාන්න කියලා. ඒක ඇහේ තියෙනකම් විතරයි පේන්නේ. ඊට පස්සේ මේ වෙද මහත්තයා ගැන ආරංචියක් ලැබිල මම දුව එක්කගෙන ආවා. දැන් නම් මගේ දුවට බොහොමයක් දුරට සනීපයි.

ධම්මිකා ඈපා මහතා

මගේ පුතාට දවසක් හදිසියෙම උණ ගත්ත. උණට ගහපු එන්නත් වැරදිල පුතා ලෙඩ වුණා. ඊට පස්සේ දොස්තර මහත්වරු කිව්වා පුතාට ගහපු එන්නත එයාට අසාත්මික වෙලා කියල. කොහොම හරි පුතාගේ මුළු ඇඟේම හම ගැලවෙන්න පටන් ගත්තා. ඇඟිලි විස්සෙම නියපොතු ගැලවී වැටුණා. ඇස් අරින්න බැරිව ගියා. ඇස්වල කඳුළු ගැලීම නතරවෙලා. ඇහැ ඇලිලා. බටහිර වෛද්‍යවරු කීවා පුතාට ස්ටීවන් ජොන්සන් කියන ලෙඩේ හැදිල කියලා. ඉතින් ඒ අය හැමදාම හතර දෙනෙක් මගේ පුතාව අල්ලලා ඇස් දෙක ඇරල පිහදානව. ඒක බලාගෙන ඉන්න බැරි තරම් දෙයක්. පුතා කෑගහල අඬනවා. පස්සේ ඒ අය කිව්ව ඇස් දෙක සුව කරන්න බැහැ කියල. කොහොම හරි පුතාගෙ වාසනාවට මේ ස්ථානය ගැන අපිට ආරංචි වෙලා මෙතනට ආවා. ඇවිල්ල වෙදකම් කළා. දැන් පුතා ඉස්කෝලෙත් යනව. ඇස් දෙකම පේනවා. වෙනදා වගේ ඇස් කකියනව කියල කියන්නේ නැහැ. දැන් බොහෝ දුරට සනීපයි.

රුවන් කළුආරච්චි

මේ වෙද මහත්තයා ඉන්නේ පානදුර හිරණේ… පාණදුර බස් ස්ටෑන්ඩ් එකේන් බැහැලා රු 12 ක විතර දුරක් තියෙන්නේ. පානදුර – හිරණ බස් එක තියෙනවා ස්ටෑන්ඩ් එකේ. කොන්දොස්තර මහත්තයාට කිව්වම ඇස් වෙද මහත්තයා ගාවින් බස්සන්න කියලා එතනින් බස්සනවා.

වෙද මැදුරේ දුරකථන අංකය (078) 628 0000

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

[QUOTE="5tech, post: 22785973, member: 153910"] [I][CENTER][SIZE="4"][COLOR="Navy"]මෙහි තවත් දුක්බර පැත්තක් ද තිබේ. ඈත ප්‍රදේශවල සිට මෙහි පැමිණෙන රෝගීනට නවාතැන් දීමට දැන් ඒ අසල්වැසි නිවෙස්වල කාමර විවර වී ඇත. දිනකට රුපියල් 200 – 250 ඒ අහිංසකයනගෙන් ඒ නිවෙස් හිමියෝ අය කරති. මෙය වෙද මහතා ගේ වෙදකමටත් ලජ්ජාවෙකි. පාරමී පුරන බෝධිසත්ත්වයකු මෙන් වෙද මහතා කරන කාර්ය ඉන් කිලිටි වෙයි. මා මෙතෙක් කීවේ මෙහි වටපිටාව ගැන මිස මේ විස්මිත වෙදකම් ගැන නොවේ. එය කීමට වඩාත් අයිතිය ඇත්තේ වෙදකම් ගත් ඇත්තන්ට ය. මම ඔවුන් මට කී දේ මෙසේ ඔබට ලියමි. දැනට පාණදුරයේ කුරුප්පුමුල්ලේ දිවි ගෙවන සෝමදාස මහතා හමු වී ප්‍රතිකාර ගත් මේ අය හමුවීමට මා යන මොහොතේ ද එහි දෙතුන් සියයක් පිරී සිටිනු මම දුටිමි. උදේ රැයින් මෙහි පැමිණෙන දුර බැහැර රෝගීහු මෙහි ලැගුම් ගනිති. උදේ 6 - 12 අතර ඇස් වෙදකම් කිරීම වෙද මහතා ගේ සිරිතයි. මම ඒ ගැන වෙද මහතා විමසීමි. ”ඉර අවරට ගියාට පස්සෙ ඇස් වෙදකම හරියන්නෙ නෑ.” ඒ වෙද මහතා දුන් පිළිතුර ය. නුගේගොඩ ජීවත්වන ශිරාණි මහගෙදර ගේ පුතු තේනුජගේ (අවුරුදු 6 1/2) ඇස් දෙක ම එකවර නොපෙනී ගියේ ය. හිරු එළිය හෝ ආලෝකය කෙසේ වත් බලන්නට බැරිව දරුවා විලාප තැබුවේ ය. තරමක අත මිට තිබූ මවුපියෝ දරුවා රැගෙන රටේ නම ගිය අක්ෂි වෛ්‍යවරු සොයා කොළොම්තොටට, මහනුවරට දිව ගියහ. දහසින් බැඳි පියලි පිදුවත් දරුවා ගේ නෙතු සුවය නො ලැබිණි. කාගෙ දෝ කීමක් අසා එවර මේ මවුපියෝ ඉන්දියාවේ ශංකර් නේත්රාලය සොයා ගියේ දහසක් බලාපොරොත්තු ඇතිව ය. රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් වියදම් විය. එහෙත් දරුවා ගේ ඇස්වල තත්ත්වය තව තවත් බරපතළ වූවා මිස සුවයක් නො ලැබිණි. පාණදුරේ සෝමදාස ඇස් වෙද මහතා ගැන ලත් ආරංචියෙන් ඔව්හු එහි ඉගිල ආහ. මුදලක් ඉල්ලුවේ ද ගාස්තුවක් නියම කැරුණේ ද නැත. සති 4, 5 ක බෙහෙත් ප්ලාස්ටර හා වෙනත් ආලේපන මගින් දරුවා දැන් ආලෝකය දකී. හිරු එළිය බලයි. මේ මොන තරම් විශ්ව කර්ම වැඩක් ද? ”මගෙ පුතා අරගෙන මං නොගිය තැනක් නෑ. ඔය නමගිය ඇත්තො සල්ලි ගත්තා විතරයි. ඉන්දියාවේ ශංකර් නේත‍්‍රාලයටත් බැරිවුණා මගෙ පුතා ගේ ඇස් සනීප කරන්න. මේ වෙද මහතා නම් විශ්වකර්මයෙක්. මේ අයට ඇයි ආණ්ඩුව අනුග්‍රහ නොදෙන්නේ. මේ ලෙඩ්ඩුනට ඉන්නවත් ඉඩක් නෑ. සල්ලි අය කරන්නෙ නැති නිසා මිනිස්සුත් මඟ හැර යනවා. මේ වෙද මහතා අපේ රටට සම්පතක්.” දරුවා ගේ මව ශිරාණි මහගෙදර කීය. ටී. ජයන්ත (බොරැල්ල) අවුරුදු) අවුරුදු 44. අවුරුද්දකුත් මාස 9 ක් තිස්සෙ මං මේ ඇහැකට වෙදකම් කරනවා. කිසි ම සුවයක් ලැබුණෙ නැ. ඇසට වැදුණු පාරකින් ඇගේ සිවිය ගැලවිලා. කොහෙන් ප්‍රතිකාර ගත්තත් හරි ගියේ නෑ. මේ වෙද මහතා දෙයියෙක්. මෙහෙම ඇවිත් මාස 5 ක් ඇති. මගේ පෙනීම දැන් දියුණුයි. සිවිය නැවත එහි අලවන්න මෙහිදී කටයුතු කළා. මේ ඉඩම මාසයක විසි දහසේ ගණනේ ගෙවන්න වෙද මහත්තයා අරගෙන තියෙන්නෙ. ඒකත් එක්තරා ලොකු බිස්නස්කාරයකුගෙ ආයතනයක ප්‍රධාන තනතුරක් හිමි නෝනා කෙනෙකුගේ ඇස් සනීප කරලා ලැබුණු එකක්. ඇපකරුවන් නැතිව මේක දීලා තියෙන්නෙ. වෙද මහත්තයා මුදලුත් නොගෙන මේවා කොහොම කරනවද හිතා ගන්න බෑ. මේ පිළිබඳ විස්තරයක් වෙද මහතා අපට කීය. සමහරු වෙද මහතාට ගොඩනැගිලි හදා දී මුදලට වෙදකම් කිරීමට කටයුතු කිරීමට සංවිධානගත වීමට කල්පනා කළහ. එහෙත් මුදලට වෙදකම් කිරීම තම ප්‍රතිපත්තිය නොවන බව කී වෙද මහතා මේ ෆිනෑන්ස් ඉඩමට ආවේය. මිනිස්සු සල්ලි නුදුන්නත් කමක් නෑ. මට පුළුවන් කාලයක් මා මේ වෙදකම කරනවා. බැරි වුණොතින් කරන්න දෙයක් නෑ. ඒ වෙද මහතාගේ වචනයයි. (සතුටු සිතින් කෙනකු දෙන දෙයක් දමන්න බෙහෙත් හලේ පෙට්ටියක් තිබේ. ඒ පෙට්ටිය මුදලකින් පිරේ නම් මේ වෙදකම රැකේ යැයි සිතමි. මේ අතර ආත්මාර්ථකාමි ලෙඩ්ඩුද සිටිති. ඔවුන් වෙද මහතා ගැන ප්‍රසිද්ධ කරනවාට දැඩි ලෙස විරුද්ධය. ඒ රෝගීන් පිරුණොත් තමනට අවාසියක් වෙතැයි සිතමිනි. රත්නපුරයේ සිට පැමිණ සිටි චන්ද්‍රසේන මහතාගේ කතාව ද අපූරුය. ‘ඇස්වල සුද එනවට ප්‍රතිකාර සඳහා ශල්‍යකර්ම කරනවා. ඒත් ඇස්වල යුද ආයිත් එනවා. මම නම් ඔපරේෂන් කරන්නෙ නෑ. මේ වෙද මහතා ළඟ ඇසේ සුද දිය කරවන බෙහෙත් තියෙනවා. ලංකාවේ විවිධ දුර බැහැර පෙදෙස්වලින් එන බොහෝ අය ඇස්වල සුද මෙහිදී දිය කර ගත්තා. දැන් මගෙත් ඇසේ සුද දියවෙලා. කොළඹ නාලන්දා විදුහලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සඳරු ප්‍රනාන්දු දරුවාට ළඟ - දුර දෙකම නොපෙනෙන ආබාධයක් තිබුණේය. පොත පත කියවන විට දිගින් දිගටම කඳුළු ගැලීමද සිදු විය. මව නාලනී දරුවාත් රැගෙන මෙහි ආවේය. “මට දැන් ළඟ – දුර තරමක් පෙනෙනවා. මොරටුවේ ලක්ෂපතියෙ ඉඳන් අපි උදේම ආවත් මෙහි සෙනඟ පිරිලා ඉන්නෙ වෙද මහත්තයාගෙ දක්ෂකම නිසයි. සඳරු කීය. මාතර වල්ගම සිරිසේන (35) වෘත්තියෙන් තැපැල් ස්ථානාධිපතිවරයෙකි. “මේ වෙදකම ගැන මට පුදුමයි. මගේ ඇස්වල තිබුණු ආබාධයක් සති 4 කින් සුවය ලැබුවා.” ඇස් ඉදිමුම ඇස් පිපිරුම ආදි දේවලට පවා ;මහිදී ප්‍රතිකාර සිදුවේ. විදේශකයෝද රහසේ බටහිර ක්‍රම අත් හැර මෙහිදී ප්‍රතිකාර ගනිති. එසේ තොරතුරු නොදී රහසේ ප්‍රතිකාර ගන්නා කියුබානු ගුරුවරියක් ද අපට දැක ගත හැකි විය. හමුදාවේ හා පොලිසියේ උසස් නිලතල ඇත්තන්, ගුරුවරුන් හා තවත් නොයෙක් විධායක ශ්‍රේණිවල ඇත්තෝ ද මෙහිදී ප්‍රතිකාර ගනිති. ඩබ්ලිව්. ඒ. කරුණාරත්න (74) මහර කිරිමැටියාගාර හිටපු ග්‍රාම සේවක නිලධාරි මහතාය. මා ඉන්නෙ ඉහළ බියන්විල කඩවත. මගේ අස්වල ආපු ආබාධයට ප්‍රතිකාර ගන්න මේ වෙද මහතා ළඟට ආවා. ලංකාවේ සිවු දෙසින් ජනතාව එනවා. වෙද මහතා නොමිලයේ ප්‍රතිකාර කරනවා. සුවය ලබනවා යනවා. මේක හරිම අසාධාරණයි. මේ පාරම්පරික වෙදකමින් මගේ ඇස් සුව වුණේ පුදුමාකාර ඉක්මනකින්. දන් වේලක්, තේ උගුරක් මේ ජනතාවට ලබා දීලා මේ වෙද මහතා නොමිලයේ කරන සත්කාරය අගය කළ යුතුයි. යමක් නිකම්ම ලැබෙන විට අපේ අයට එහි වටිනාකමක් ද නැත. නිකම් පිනට දුන්නා කියා පිනටම ගැනීම වැරැදියි. වෙද මහතා රැක ගැනීමට කටයුතු කළ යුතුය. අපේ රටේ ආයුර්වේදය රැක ගැනීමේ බලධරයනි, නොපමාව මේ වෙද මහතා ගැන සොයා බලන්න. එය ජාතියට කළ සේවයක් වනු ඇත. වෙද මහතා පුරසාරම් දොඩන්නකු නොවේ. මම ඔහු හා කතිකා කෙළෙමි. “මට පුළුවන් කාලයක් මේ වෙදකම කරන්නෙ නොමිලේ. ලෙඩ්ඩුන්ට දන් වේලක් දෙන්න මුදලක් අර පෙට්ටියට සිත සතුටින් දානව නම් ඒ ඇති. මට දැන් අවුරුදු 61 යි. මගෙන් පස්සෙ මේ වෙදකම කරන්න මා දරුවන්ට උගන්වලා තියෙනවා.” එතුමා කීය. පරහිතකාමී හැඟීමෙන් ඔපවත් වෙද ඉසිවර සෝමදාස මහතාට දීර්ඝායු පතමි. උපාලි සමරසිංහ ඡායාරූප - විමල් කරුණාතිලක ගායන ශිල්පී ආත්මා ලියනගේ මහතා හා ඔහුගේ බිරිද විසින් ගගුල වෙද මැදුරට රෝගීන්ගේ පහසුව තකා බෙහෙත් අඹරන යන්ත්‍රයක් පරිත්‍යාග කල අවස්තාව 2016-07-03 හෙළ වෙද රුසිරාන මුදලට ගැති නොවී කරනව ප්‍රතිකාර වෙදකමට උදව් කරන දෙමාපියන් සහ සහෝදරිය සමග තුෂාර ලක්මාල් වෙදමහතා ස්වලට බෙහෙත් ගල්වා තම වාරය එනතුරු සිටින රෝගීන් සේන ගනේවත්ත මහතා සියල්ල මුදලට යට වූ ලෝකයක සර්වබලධාරියා මුදල බවට පත් වුවත් මුදලට ගැති නොවී රෝගියාගේ සුව සහනය උදෙසා කටයුතු කරන ස්ථානයක් අප කණ වැටුණේ මීට ටික කලකට පෙරය. සිංහල වෙදකම තවමත් සුරැකෙමින් තිබෙන බව එම ආරංචියෙන් කියෑවිණි. එවිට අපට සිහියට නැගුණේ එදා හෙළ රජදවස බුද්ධදාස රජතුමාය. එතුමාත් සර්පයන්ට පවා වෙදකම් කළ බව ඉතිහාසයේ සඳහන්වේ. ඒ කෙසේ වෙතත් අපට ලැබුණ ආරංචිය අනුව එම ස්ථානය සොයා පිටත් වූවේ කෙතරම් කතා තිබුණත් ඒවා කතාවලට පමණක් සීමා වී ඇති අවදියක මුදල මත යෑපීමෙන් තොරව ඇස්වලට ප්‍රතිකාර කරන ස්ථානය සොයාය. අපි එහි යන විට උදෑසන හිරු පායා ප්‍රදේශයම රන්වන් පැහැයෙන් දිදුලමින් තිබිණි. බැලූ බැලූ අත ඔසු තුරුය. ඇස් මතට බෙහෙත් ගල්වා බොහෝ පිරිසක් එම ස්ථානයේ රැඳී සිටින අයුරු අපට දැකගත හැකි විය. බාල මහලු, තරුණ, වැඩිහිටි අය බොහෝ දෙනෙක් මෙම ස්ථානයේ රැඳී සිටින අයුරු අපට දැකගත හැකි විය. මිනිසකුට තම ජීවිතයේ උතුම්ම අංගය ඇස් දෙකය. වෙන මොනවා තිබුණත් මේ ලෝකය දකින්නට ඇස් දෙක නැත්නම් වැඩක් නැත. ඇස් පෙනෙන්නේ නැත්නම් ඒ ජීවිතය අඳුරේ බව කිව යුතු නැත. නමුත් එසේ අඳුරට යන ජීවිතවලට ආලෝකය ලබාදෙන අයුරු දුටු විට අපේ හෙළ වෙදකමේ අසිරිය කොතරම් මනරම් ද යන්න අපට වැටහිණි. ගඟුලේ වෙදගෙදර නමින් ප්‍රසිද්ධ වී ඇති මෙම ස්ථානය ප්‍රධාන වශයෙන් බෙහෙත් කරනු ලබන්නේ අක්ෂි රෝගවලටය. ඊට අමතරව සන්ධි රෝග, පීනස සහ කාන්තා රෝගවලට ප්‍රතිකාර කරනු ලබයි. මගේ තාත්තගේ තාත්තා තමයි මේ වෙදකම කරගෙන ඇවිල්ල තියෙන්නේ. මගේ තාත්තත් මේ වෙදකම කරගෙන ඇවිත් දැන් මම වෙදකම් කරනවා. ඇත්තටම කීවොත් අපේ ගඟුලේ වෙද පරපුරක්. අපි පරම්පරාවෙන් පරම්පරාවට වෙදකම කරගෙන යනවා. ඇත්තෙන්ම මම කල්පනා කළා මෙම වෙදකම රැකගෙන අපේ රටේ දුප්පත් මිනිස්සුන්ට සේවයක් කරන්න පුළුවන් කියලා. අනික තමයි අපේ තාත්තට සීය කියල තියෙනව රෝගීන්ගෙන් සල්ලි ගන්න එපා. රෝගීන්ට කන්න දෙන්න බැරිනම් මේ වෙදකම කරන්නත් එපා කියලා. ඉතින් මගේ තාත්තා ඒ උපදෙස අකුරටම පිළිපැද්දා. දැන් මමත් එහෙමයි. අපි රෝගීන්ගෙන් මුදල් ඉල්ලන්නේ නැහැ. එයාල කැමැතිනම් අපේ පිං පෙට්ටියට තමන්ට හැකි අයුරින් මුදල් දාන්න පුළුවන්. හැබැයි මුදල් ලැබුණත් නැතත් අපි හැම රෝගියකුටම එකලෙස සලකනවා. එදා අපේ දේශීය වෙදකම කරපු මුතුන් මිත්තෝ මුදල් පසුපස හඹා ගියේ නැහැ. ඉතින් මගේ සීයත් එහෙම කළා. තාත්තයි මමත් කරන්නේ ඒ දෙයමයි. ඇත්තටම ලෙඩෙක්ගේ ඇස් හොඳ වෙලා මේ ලෝකය දකින්න ලැබුණයි කියලා කිව්වම මුදල්වලට වඩා පුදුම සතුටක් දැනෙනවා. ඒක තමයි මගේ ජීවිතේ කියල කියන්න ඕන. ඒ වෙලාවට දැනෙන නිරාමිස සතුට කියලා නිම කරන්න බැහැ. ඒ සතුට මුදලට ගන්නත් බැහැ. එලෙස අප සමග කතා කළේ ගඟුලේ වෙද මැඳුරේ පොඩි වෙද මහත්තයා යන සුරතල් නාමයෙන් හඳුන්වන තුෂාර ලක්මාල් ප්‍රනාන්දු වෙද මහතාය. එතකොට වෙද මහත්තයා සිංහල වෙදකමෙන් ලෙඩ හොඳ වෙන්න කාලයක් ගත වෙනව කියල ජනතාව අතර මුල්බැසගත් මතයක් තිබෙනවා. ඒ ගැන මොකද කියන්නේ...? ඇත්තෙන්ම සිංහල වෙදකමෙන් රෝග සුව වෙන්න කල් ගත වෙන්නේ නැහැ. අනික තමයි අපේ වෙදකමෙන් නිට්ඨාවටම රෝගය සුව කරනවා. ඒක පැලැස්තර දැමිල්ලක් නෙවෙයි. හැබැයි ඔය කතාව කියන්න හේතු තියෙනව. මොකද ලෙඩාට බෙහෙත් දුන්නම එයා ගෙදර ගිහින් කසාය ටික උණුකරගන්න දන්නේ නැහැ. බෙහෙත් හොයා ගන්න බැහැ. ඒ විතරක් නෙවෙයි ලෙඩේට අවශ්‍ය උපස්ථාන නියමිත ලෙස ලැබෙන්නේ නැහැ. එපමණක් නොවෙයි බෙහෙත් කියල ව්‍යාජ ඖෂධ වර්ගවලටත් අහුවෙනව. ඉතින් මේ අඩුපාඩු නිසා තමයි රෝගය සුව වෙන්න කාලයක් යනව කියන්නෙ. මෙහෙම ප්‍රතිකාර කරගත්තම ලෙඩේ වැඩිවෙන්නත් පුළුවන්කම තිබෙනවා. ඒක නිසා අපි හැම විටම අපේ ළඟට එන රෝගීන්ට බෙහෙත් දෙනවා. ඒ වගේම ඇස්වලට බෙහෙත් ගල්වනවා. තැවීම්, පොට්ටනි ඇල්ලීම් සියල්ල මෙම ස්ථානයේ පළපුරුදු අය යොදවා කරනවා. එයින් ලෙඩාට ඉක්මන් සුවය ලබා දීමට අපට හැකිවෙලා තියෙනවා. ලෙඩා දුරබැහැරකනම් ඔහුට අවශ්‍ය නවාතැන් පහසුකම් විතරක් නෙවෙයි ආහාරපානත් ලබාදෙනවා. මේ සියල්ල අපි කරන්නේ නොමිලේ. අනික තමයි මේ ස්ථානයේ සේවය කරන හැමදෙනාම මෙතෙන්ට එන හැම ලෙඩාටම කාරුණිකව උපස්ථායක කටයුතු කරනවා. මෙතන සේවය කරන සියලුදෙනාටම සම්පූර්ණ නිදහස අපි ලබාදීල තියෙනව. ඒක නිසා ඒ අය හොඳින් තමන්ගේ වගකීම ඉටුකරනව. අනික තමයි ප්‍රතිකාර කරන විට රෝගියාට දෙන උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. එහෙම වුණොත් රෝගය ඉක්මනින් සුව වෙනවා. අනිත් කාරණය තමයි අපි ඕනෑම ලෙඩෙකුට මුල් කාලය මෙතනදීම බෙහෙත් කරනවා. ඇස්වල සුද ඒම ඇතුළු සියලු අක්ෂි රෝග නිට්ඨාවටම සුව කිරීමට අපට මේ නිසා හැකියාව ලැබී තිබෙනවා. ලොකු වෙද මහත්තයා තම පුතා ගැන කතා කළේ මෙසේය. ඇත්තෙන්ම මගේ පුතා ගැන මට ආඩම්බරයක් තියෙනවා. මගේ පියාගේ වෙදකම මම කළා. දැන් මගේ පුතා කරනවා. මගේ පුතාටත් මම කියල තියෙන්නේ මේ වෙදකම ඉදිරියට ගෙන යන්න කියලයි. මොකද මම මෙම වත්තේ බෙහෙත් පැළ දහස් ගණනක් වවල තියෙනවා. මේ වෙදකම කරගෙන ගියේ නැත්නම් ඊළඟ පරම්පරාව මේවා දරට විකුණාවි. නැත්නම් ලෑලිවලට විකුණාවි. එතකොට වෙදකමත් අපේ කමත් දෙකම රටෙන් නැතිවේවි. ඒක වළක්වන්න තමයි මගේ උත්සාහය වුණේ. අනික තමයි ලෙඩාට මුදල් නැත්නම් ඒ ගැන විශේෂ අවධානය යොමු කරලා ප්‍රතිකාර කරනවා. ඔහුට අවශ්‍ය ආහාර පමණක් නොවෙයි බස් එකේ එන්න මුදල් පවා ලබාදෙනවා. මොකද මෙතනට එන රෝගීන්ගෙන් 20% ක් විතර මුදල් නැති බොහෝ දුප්පත් අය. ඒ වගේම අපි සනීප කරපු රෝගීන් මේ ස්ථානයට බොහෝ උදව් උපකාර කරනවා. ගාල්ලේ එක මහත්තයෙක් හැම මාසෙකම අපට පොල් ලබාදෙනවා. ඒක අපට හයියක් මොකද මෙතනට බොහෝ වෙලාවට එන්නේ දුප්පත් මිනිස්සු නිසා. නමුත් එක දෙයක් කියන්න ඕන රජයෙන් හෝ වෙනත් කිසිම රාජ්‍ය ආයතනයකින් නම් අපට හෝ මේ ස්ථානයට කිසිම උදව්වක් මේ වනතුරුත් ලැබිල නැහැ. දේශීය වෙදකම නගාසිටුවනවා කියල කිව්වත් දේශීය වෙදකම රැකගන්න අපට කිසිම උදව්වක් නොකිරීම ගැන කනගාටුයි. අපි මෙම ස්ථානයේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි කිහිපදෙනෙකු සමග කතා කිරීමට ද අමතක නොකළෙමු. සේන ගනේවත්ත මහතා මට හැදිලා තිබුණේ ඒඑම්ඩී කියන අක්ෂි රෝගය කියල එකක්. මගේ පෙනීම රැල්ලක් යනවා වගේ තිබුණා. ඒකට ඉංගී්රසි බෙහෙත් ගත්තා. ඉංගී්රසි වෙදකමෙන් මගේ ලෙඩ් සුව කරන්න බැහැ කිව්වා. මොකද මගේ වයසත් අවුරුදු හැටතුනක්. ඊට පස්සේ මම පත්තරේක දැකල මේ වෙද මහත්තයා හොයාගෙන ආව. මම මෙතන්ට ආවේ තව කෙනෙක්ව අල්ලගෙන. ඒ තරම් මගේ ඇස් දෙක පෙනුනෙ නැහැ. වෙද මහත්තයා මගෙන් ඇසුවා මගේ මූන පේන්නේ නැහැ නේද කියල. මම කිව්ව ඔව් කියල. ඊට පස්සේ වෙද මහත්තයා දවස් 10 ක් ඇස් දෙකට පත්තු දැම්මා. එකොළොස් වැනි දවසේ මට ටික ටික පේන්න ගත්තා. දැන් මගේ ඇස් දෙක බොහොමයක් දුරට පේනව. දැන් පත්තරවල අකුරු කියවන්න පුළුවන්. තනියම බස් එකේ යන්න පුළුවන්. මාලනී ඕපනායක මහත්මිය මගේ දුවගේ වයස අවුරුදු 17 යි. එයාට තිබුණේ ඇස් දෙකෙන්ම පේන්නේ බොඳ වෙලා. වෛද්‍යවරු කීවා ලෙන්ස් එකක් දාන්න කියලා. ඒක ඇහේ තියෙනකම් විතරයි පේන්නේ. ඊට පස්සේ මේ වෙද මහත්තයා ගැන ආරංචියක් ලැබිල මම දුව එක්කගෙන ආවා. දැන් නම් මගේ දුවට බොහොමයක් දුරට සනීපයි. ධම්මිකා ඈපා මහතා මගේ පුතාට දවසක් හදිසියෙම උණ ගත්ත. උණට ගහපු එන්නත් වැරදිල පුතා ලෙඩ වුණා. ඊට පස්සේ දොස්තර මහත්වරු කිව්වා පුතාට ගහපු එන්නත එයාට අසාත්මික වෙලා කියල. කොහොම හරි පුතාගේ මුළු ඇඟේම හම ගැලවෙන්න පටන් ගත්තා. ඇඟිලි විස්සෙම නියපොතු ගැලවී වැටුණා. ඇස් අරින්න බැරිව ගියා. ඇස්වල කඳුළු ගැලීම නතරවෙලා. ඇහැ ඇලිලා. බටහිර වෛද්‍යවරු කීවා පුතාට ස්ටීවන් ජොන්සන් කියන ලෙඩේ හැදිල කියලා. ඉතින් ඒ අය හැමදාම හතර දෙනෙක් මගේ පුතාව අල්ලලා ඇස් දෙක ඇරල පිහදානව. ඒක බලාගෙන ඉන්න බැරි තරම් දෙයක්. පුතා කෑගහල අඬනවා. පස්සේ ඒ අය කිව්ව ඇස් දෙක සුව කරන්න බැහැ කියල. කොහොම හරි පුතාගෙ වාසනාවට මේ ස්ථානය ගැන අපිට ආරංචි වෙලා මෙතනට ආවා. ඇවිල්ල වෙදකම් කළා. දැන් පුතා ඉස්කෝලෙත් යනව. ඇස් දෙකම පේනවා. වෙනදා වගේ ඇස් කකියනව කියල කියන්නේ නැහැ. දැන් බොහෝ දුරට සනීපයි. රුවන් කළුආරච්චි මේ වෙද මහත්තයා ඉන්නේ පානදුර හිරණේ… පාණදුර බස් ස්ටෑන්ඩ් එකේන් බැහැලා රු 12 ක විතර දුරක් තියෙන්නේ. පානදුර – හිරණ බස් එක තියෙනවා ස්ටෑන්ඩ් එකේ. කොන්දොස්තර මහත්තයාට කිව්වම ඇස් වෙද මහත්තයා ගාවින් බස්සන්න කියලා එතනින් බස්සනවා. වෙද මැදුරේ දුරකථන අංකය (078) 628 0000 උපුටා ගැනීම අන්තර්ජාලයෙන් [/COLOR][/SIZE][/CENTER][/I] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom