Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමෙරිකානු හමුදාව ශ්‍රී ලංකාවේ බින්නබහී&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමෙරිකානු හමුදාව ශ්‍රී ලංකාවේ බින්නබහී&

පසුගිය දිනවල කටුනායකට පැමිණි ඇමෙරිකානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් ඔවුන්ගේ හමුදාවලට අවශ්‍ය සැපයුම් ගොඩබාන ආකාරය මාධ්‍යවලින් දැක ගත හැකි විය. එම භාණ්ඩ කුමන ඇමෙරිකානු හමුදා කඳවුරට රැගෙන යන ඒවා ද යන ප්රශ්නය මෙන්ම ලංකාවේ ඇමෙරිකානු හමුදා කඳවුරක් තිබෙනවාද යන ප්රශ්නය මහජනයා අතර කතාබහට ලක්විය. ඊට පෙර ජෝන්.සී ස්ටෙනිස් නම් වූ ගුවන් යානා රදවන මහා පරිමාණ යුද නෞකාව ත්‍රීකුණාමලය වරාය ආශ්‍රිතව ස්ථානගත කෙරෙන බව ඇමරිකානු නිලධාරීන් විසින්ම ප්‍රකාශ කරන්නට යෙදුණි. එහෙත් ජපානයේ ඔකිනාවා කඳවුර හෝ දකුණු කොරියාවේ හම්ප්රෙස් කඳවුර මෙන් මහා පරිමාණ ඇමරිකානු යුද කඳවුරු ශ්‍රී ලංකාවේ පිහිටුවීමට දේශපාලන සක්‍යතාවක් නොමැති බව ප්‍රකට කරුණකි. එසේනම් මේ සිදුවෙන්නේ කුමක්ද?

ජෝන්.සී ස්ටෙනිස් යුද නෞකාව අයත් ඇමෙරිකාවේ 7 වැනි පැසිපික් නාවික හමුදා බළඇණිය යනු ලෝකයේ භූමියෙන් 50% කට වැඩි ප්‍රමාණයකට බලපෑම් කළ හැකි මුහුදු සීමාවක බලය පෙන්වන හමුදා බළඇණියකි. ඒ අනුව එය ලෝකයේ විශාලතම හමුදා බළඇණිය ලෙස හැඳින්වීමේ වරදක් නැත. එම බලඇණිය යුද, ගුවන්, නාවික, මැරීන් සහ විශේෂ හමුදා අනු ඛණ්ඩවලින් සමන්විත වන අතර ඊට දකුණු කොරියාවේ සහ ජපානයේ රඳවා සිටින හමුදා අනුඛණ්ඩ ද ඇතුළත් වේ. ජපානයේ ඔනිකාවා දූපතේ පිහිටුවා ඇති ඇමෙරිකානු යුද කඳවුරේ නිලධාරීන් සහ භටයින් 26,000ක් රඳවා සිටින අතර කොරියාවේ 24,000ක් රඳවා සිටින බව සඳහන් වේ. එම කඳවුරු7 වැනි පැසිපික් නාවික බළඇණියේම කොටසකි. එම බළඇණිය ට්‍රම්ප් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව ඉන්දු පැසිෆික් හත් වැනි බළඇණිය ලෙස නැවත නම් කළේය. ඒ මගින් හත්වැනි බලඇණියේ ඉන්දියානු සාගරය ආශ්රිත මැදිහත්වීම අවධාරණය කෙරිණි. දෙවැනි ලෝක යුද්ධය සමයේ දී පිහිටු වූ මෙම බළඇණිය අද වෙන විට මහා පරිමාණ යුද නැව් 70කින් සහ ගුවන් යානා 300කින් මෙන්ම නාවික සහ මැරීන් භටයින් 40,000කින් සමන්විත වේ.කොරියාවේ සහ ජපානයේ රඳවා සිටින භට පිරිස් සමග සමස්ත පිරිස් බලය ලක්ෂය ඉක්මවා යයි.

අනුඛණ්ඩ නවයකින් සමන්විත මෙම බලවත් හමුදා බළඇණියේ හතයි බිංදුව හෙවත් 70 ලෙස හැඳින්වෙන්නේ යුද ප්‍රහාරක අනුඛණ්ඩයයි. හතයි එක හෙවත් 71 අනුඛණ්ඩය ලෙස හැඳින්වෙන්නේ නාවික ප්‍රහාරක අනුඛණ්ඩයයි. එසේම 72 ලෙස හැඳින්වෙන්නේ සංචාරක සහ ආවේක්ෂණ අනුඛණ්ඩයයි. ශ්‍රී ලංකාවට ගොඩ බැසීමට නියමිත 73 අනුඛණ්ඩය යුද සැපයුම් අනුඛණ්ඩය ලෙස හැඳින්වේ. එම අනුඛණ්ඩ මූලස්ථානය මේ වෙන තුරු පැවැතියේ සිංගප්පූරුවේය. දැන් එම සැපයුම් කේන්ද්‍රය තාවකාලික ලේබලය අලවා ශ්‍රී ලංකාවේ ස්ථාන ගත කිරීමට සැලසුම්කොට ඇත. ඊට තාවකාලික ලේබලයක් ඇලවිය හැකි වෙන්නේ එම සැපයුම් කේන්ද්‍රය නෞකාවක් යොදා ගනිමින් ස්ථානගත කිරීමය. එහෙත් එය ප්‍රායෝගිකව ගත් විට ස්ථිර සැපයුම් කේන්ද්‍රයක් බවට පත්වන බවට විවාදයක් නැත.

ත්‍රිකුණාමල වරායේ ස්ථාන ගත කොට ඇති මෙම සැපයුම් කේන්ද්‍රයේ හෙවත් ජෝන්. සී ස්ටෙනිස් නෞකාවේ යුද ගුවන් යානා සහ හෙලිකොප්ටර් 100කට අධික ප්‍රමාණයක් රඳවා තැබිය හැකි අතර හමුදා භටයින් 6500කට පහසුකම් සැලසිය හැක. එම නෞකාව යොදාගනිමින් යුද්ධයක් පවතින අවස්ථාවක් හෝ එසේ නොවන අවස්ථාවක ගුවන්යානා පිටත් වීමට හෝ ගොඩබෑමට හැකියාව ඇත. එසේම එම නෞකාව යොදාගනිමින් ඉන්දියානු සාගරයේ යාත්‍රා කරන යුද නැව් සහ සබ්මැරීනවලට යුදමය සැපයුම් ලබාදිය හැක. ඊට අවශ්‍ය සැපයුම් කටුනායක ගුවන්තොටුපොළ හරහා ලබා ගැනීමේ හැකියාව ඇත. පසුගිය දිනවල ජනමාධ්‍ය මගින් දැකගත හැකි වූයේ ජෝන්. සී ස්ටෙනිස් නැව යොදාගනිමින් පිහිටුවා ඇති යුද සැපයුම් කේන්ද්‍රයට කටුනායක ගුවන් තොටුපළ හරහා සැපයුම් ලබා දෙන ආකාරයයි.

කෙසේ වෙතත් මේ වන විට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිහිටුවා ඇති ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ නම් වූ ආයතනය විසින් දියත් කොට උපායමාර්ගික සැලසුමට අනුව නුදුරු අනාගතයේ දී ත්‍රීකුණාමල වරායේ සැපයුම් කේන්ද්‍රයට අවශ්‍ය සැපයුම් ත්‍රිකුණාමලය ගුවන්තොටුපළ යොදා ගනිමින් ගොඩබෑමේ අවස්ථාව උදාවනු ඇත. එම බලවත් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාය. එම ආයතනය මේ වෙන විට ත්‍රීකුණාමලය වරාය ආශ්රිත ආයෝජන කලාපයක් ඇතුළත්ව සමස්ත දිස්ත්‍රික්කයටම සංවර්ධන සැලසුමක් සකස් කිරීම සඳහා ව්‍යාපෘතියක් දියත් කොට ඇත. ඒ අතර දැනටමත් ඉන්දියාවට පවරා ඇති තෙල් ටැංකි සංකීර්ණය මගින් සැපයුම් කේන්ද්‍රයට අවශ්‍ය ඉන්ධන සැපයීමේ හැකියාව ඇත. ඇමරිකානු හත්වැනි නායක බළඇණියේ යුද සැපයුම් අංශයේ අණදෙන නිලධාරි ලෙෆ්ටිනන් කමාන්ඩර් ෆෙඩ්රික් එස්ෆයි සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාවේ පිහිටුවන යුද සැලසුම් කේන්ද්‍රය උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් ලෝක මට්ටමේ ක්‍රියාන්විතයකි. ඒ මගින් ඇමරිකානු නාවික හමුදාවේ පැවැත්ම සහ බලවත්කම තවදුරටත් වර්ධනය වේ. ඔහුට අනුව මෙම යුද සැපයුම් කේන්ද්‍රය නිසා ශ්‍රී ලංකාවේ වාණිජ සමාගම්වලට විශාල වශයෙන් ආර්ථික ඉඩ ප්රස්ථා විවර වනු ඇත. ඔහුගේ එම ප්‍රකාශය මගින් ශ්‍රී ලංකාවේ ජනතාවට කැරට් අලයක් දිගු කරන බව පැහැදිලිය.

ජපානයේ හෝ කොරියාවේ හෝ පිහිටුවා ඇති යුද කඳවුරු තරමටම වැදගත් වන මෙම සැපයුම් කේන්ද්‍රය පිහිටුවීම සඳහා නීතිමය ආවරණය සැපයෙන්නේ 2018 අගෝස්තු 28 දින ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය සමඟ ඇති කරගත් ගිවිසුමක් මගිනි. එම ගිවිසුම නීතිමය ලියවිල්ලක් බවට පත් වෙන්නේ ඇමරිකාව විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් හෙවත් කොන්දේසිවලට ශ්‍රී ලංකාව විසින් ලිඛිතව එකඟත්වය පළකිරීම මගිනි. ඒ සඳහා ඔවුන් යොදාගන්නේ 1995 දී එනම් චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේදී ඇති කර ගත් සරල ගිවිසුමක් තවදුරටත් වර්ධනය කිරීමේ උපක්රමයකි. ඒ අනුව එම වසරේ පෙබරවාරි 9 දින සහිතව ඇමෙරිකානු ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් මැයි 16 දින සහිත ලිපියක් මගින් ශ්‍රී ලංකාව විසින් පිළිගැනීම තුළින් ඇතිකරගත් ගිවිසුම නව එකතු කිරීම් සහිතව තවදුරටත් දීර්ඝ කොට ඇත.

එදා එම ගිවිසුම ඇතිකර ගන්නේ පුහුණු කිරීම් සහ සිවිල් කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමෙරිකානු හමුදා නිලධාරීන්ට සහ සිවිල් නිලධාරීන්ට තානාපති මුක්තිය ලබා ගැනීම සඳහාය. එහෙත් දැන් එම ගිවිසුමට ‘ඇමුණුම බී’ යනුවෙන් නව කොන්දේසි ඇතුළත් කොට යුදමය සැපයුම් ආදී සියලු ක්‍රියාකාරකම් ඇතුළත්කොට ඇත. දැන් එම නව ගිවිසුමට අනුව ඇමෙරිකානු හමුදා සහ සිවිල් නිලධාරීන්ට පමණක් නොව ඇමෙරිකානු හමුදාවේ කොන්ත්‍රාත්කරුවන්ට සහ එම සමාගම්වල සේවකයන්ට ද තානාපති මුක්තිය ලැබේ. ඒ අනුව ඔවුන් විසින් ශ්‍රී ලංකාවට ගෙන එන හෝ ශ්‍රී ලංකාවෙන් පිට කරන කිසිදු භාණ්ඩයක් පරීක්ෂා කිරීම හෝ බදු අය කිරීම නොකළ යුතුය. ඔවුන් ශ්‍රී ලංකාව තුළ යම් අපරාධයකට සම්බන්ධ වුවහොත් ඇමෙරිකානු නීතිය යටතේ නඩු දැමීම සඳහා ඇමෙරිකානු රජයට බාර දීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටියි.

මෙම ක්‍රියාවලිය හුදකලාව සිදුවෙන්නක් නොවේ. ඒ ආකාරයට ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර හමුදා සැපයුම් කේන්ද්‍රයක් පිහිටුවීමට සමගාමීව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද තවත් විශේෂ ව්‍යාපෘතියක් දියත් කොට ඇත. ඉහත සඳහන් කළ ආකාරයට මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නමින් පිහිටුවා ඇති ආයතනයක් මගින් ශ්‍රී ලංකාව තුළ දියත් කෙරෙන ව්‍යාපෘති දෙකක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් (රු. මිලියන 90,000ක්) වෙන් කොට ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනයට එරෙහිව පවතින බාධක ඉවත් කිරීමේ නාමයෙන් අදාළ ව්‍යාපෘති දියත් කෙරේ. එක් ව්‍යාපෘතියක් මගින් ත්‍රිකුණාමලය වරාය ආශ්රිත ආයෝජන කලාපයක් ඇතුළුව සමස්ත දිස්ත්‍රික්කය සඳහා සංවර්ධන සැලසුමක් ඉදිරිපත් කොට ඇත. ඒ සඳහා සුඛානා ජුරෝන්ග් නම් වූ සිංගප්පූරු සමාගමක් යොදාගෙන ඇත. එම සමාගම විසින් සකස් කළ ආයෝජන සැලසුමට අනුව ආයෝජන සඳහා දායක වෙන්නේ ඇමෙරිකානු ඉන්දියානු සහ ජපාන සමාගම් පමණක් වීමද විශේෂයකි.

ඊට අමතරව එම බාධක ඉවත් කිරීම යටතේ ඉඩම් පරිහරණයට අදාළ බාධක ඉවත් කිරීම සඳහා ද සැලසුම් ඔවුන් විසින් ඉදිරිපත් කොට ඇත. ඊට අනුව ඉඩම් හිමිකම් සහ පරිහරණයට අදාළව නව පනත් දෙකක් සකස් කොට සම්මත කිරීමට නියමිත අතර එම ක්‍රියාවලියට අදාළ තොරතුරු පද්ධතියක් ගොඩ නැගීම ද සිදුවේ. පළමු පනත ඉඩම් බැංකු පනත ලෙස හැඳින්වෙන අතර, ඒ මගින් පුද්ගලික අංශයට ලබා දීම සඳහා සියලු රාජ්‍ය ආයතන සතු ඉඩම් ලියාපදිංචි කෙරේ. 1972 දී පිහිට වූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවට අයත් ඉඩම් ද මෙම බැංකුව යටතට ගැනේ. ඒ අනුව එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් ලබාගත් ඉඩම් ආයෝජන නාමයෙන් නැවත ඒ අයටම දීම සඳහා මෙම පනත මගින් අවස්ථාව නිර්මාණය වේ. එම පනතට අනුව යම් දේශීය හෝ විදේශීය ආයෝජකයකුට ඉඩමක් අවශ්‍ය නම් ඉඩම් බැංකුවෙන් තොරතුරු ලබාගෙන අයදුම් කළ හැක. එහිදී ඉඩම නිකුත් කිරීමේ අවසාන බලය අදාළ රාජ්‍ය ආයතනය භාර අමාත්‍යවරයාට ලබා දී ඇත. ඒ අනුව එසේ ඉඩම් විකිණීම මගින් දේශපාලන අධිකාරියට තම මැතිවරණ ව්‍යාපාරයට අනුග්‍රහය ලබා ගැනීමේ අවස්ථාවද උදා වේ.

ඇමෙරිකානු ආයෝජන ප්‍රවර්ධනය සඳහා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය විසින් නිර්දේශ කොට ඇති දෙවැනි පනත ඉඩම් විශේෂ විධිවිධාන පනතයි. ඒ මගින් බලපත්‍රලාභී ඉඩම් හිමියන්ට වාණිජ වටිනාකම අනුව විකිණිය හැකි සින්නක්කර ඔප්පු ලබා දීම සිදු වේ. එවිට ඉඩම් වෙළෙඳපළ කාර්යක්ෂම වෙන බව ඔවුන්ගේ තර්කය වී ඇත. විශේෂයෙන්ම ඒ මගින් කෘෂිකර්මාන්තය අත්හරිමින් සිටින ගොවියා ඉඩම් විකිණීමට පෙළඹෙන බැවින් ඒවා එකතුකොට මහා ඉඩම් නිර්මාණය කොට මිලදී ගැනීමට අවස්ථාවක් මහා සමාගම්වලට ලැබේ. මේ සියල්ල වැදගත් වෙන්නේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහාය. ආයෝජන ප්‍රවර්ධන සැලසුමට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පමණක් නොව ත්‍රිකුණාමලය සහ කොළඹ යා කරන මහාමාර්ගය ආශ්රිත ‘ආයෝජන පටිය’ නම් වූ විශේෂ ආයෝජන කලාපය ද අයත් වේ. ඒ සියල්ල ත්‍රීකුණාමලයේ පිහිටුවන යුද සැපයුම් කේන්ද්‍රයේ දීර්ඝකාලීන පැවැත්ම සමඟ බැඳී ඇත.

දැන් ඒ සියල්ලට අමතරව ඇමෙරිකානු ස්වේච්ඡා ව්‍යාපාරයක් වන ‘පීස් කෝප්ස්’ හෙවත් සාම බළකාය නැවත ශ්‍රී ලංකාවට පැමිණේ. ඔවුන් පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ඉංග්‍රීසි ඉගැන්වීම සඳහාය. එසේ නම් ඇමෙරිකානු උවමනාවන් අප රට තුළ අලෙවි කිරීම සහ සාධාරණීකරණය කිරීම සඳහා ඇමෙරිකානුවන්ගෙන් සමන්විත අලෙවිකරුවන් හෝ ඔත්තුකරුවන් බළඇණියක්ද රට තුළ ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව ඇමෙරිකාවේ සැබෑ උවමනාව කුමක් දැයි වටහා ගැනීම සඳහා මෙම සමස්ත පින්තූරයේ දිග පළල සහ හැඩතල ගැඹුරින් තේරුම් ගැනීමට සිදුවේ.

lankadeepa.lk

[QUOTE="Dr.Amdan, post: 24211614, member: 549909"] [b]ඇමෙරිකානු හමුදාව ශ්‍රී ලංකාවේ බින්නබහී&[/b] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_1f3658b697.jpg[/IMG] [SIZE="3"][COLOR="Black"]පසුගිය දිනවල කටුනායකට පැමිණි ඇමෙරිකානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් ඔවුන්ගේ හමුදාවලට අවශ්‍ය සැපයුම් ගොඩබාන ආකාරය මාධ්‍යවලින් දැක ගත හැකි විය. එම භාණ්ඩ කුමන ඇමෙරිකානු හමුදා කඳවුරට රැගෙන යන ඒවා ද යන ප්රශ්නය මෙන්ම ලංකාවේ ඇමෙරිකානු හමුදා කඳවුරක් තිබෙනවාද යන ප්රශ්නය මහජනයා අතර කතාබහට ලක්විය. ඊට පෙර ජෝන්.සී ස්ටෙනිස් නම් වූ ගුවන් යානා රදවන මහා පරිමාණ යුද නෞකාව ත්‍රීකුණාමලය වරාය ආශ්‍රිතව ස්ථානගත කෙරෙන බව ඇමරිකානු නිලධාරීන් විසින්ම ප්‍රකාශ කරන්නට යෙදුණි. එහෙත් ජපානයේ ඔකිනාවා කඳවුර හෝ දකුණු කොරියාවේ හම්ප්රෙස් කඳවුර මෙන් මහා පරිමාණ ඇමරිකානු යුද කඳවුරු ශ්‍රී ලංකාවේ පිහිටුවීමට දේශපාලන සක්‍යතාවක් නොමැති බව ප්‍රකට කරුණකි. එසේනම් මේ සිදුවෙන්නේ කුමක්ද? ජෝන්.සී ස්ටෙනිස් යුද නෞකාව අයත් ඇමෙරිකාවේ 7 වැනි පැසිපික් නාවික හමුදා බළඇණිය යනු ලෝකයේ භූමියෙන් 50% කට වැඩි ප්‍රමාණයකට බලපෑම් කළ හැකි මුහුදු සීමාවක බලය පෙන්වන හමුදා බළඇණියකි. ඒ අනුව එය ලෝකයේ විශාලතම හමුදා බළඇණිය ලෙස හැඳින්වීමේ වරදක් නැත. එම බලඇණිය යුද, ගුවන්, නාවික, මැරීන් සහ විශේෂ හමුදා අනු ඛණ්ඩවලින් සමන්විත වන අතර ඊට දකුණු කොරියාවේ සහ ජපානයේ රඳවා සිටින හමුදා අනුඛණ්ඩ ද ඇතුළත් වේ. ජපානයේ ඔනිකාවා දූපතේ පිහිටුවා ඇති ඇමෙරිකානු යුද කඳවුරේ නිලධාරීන් සහ භටයින් 26,000ක් රඳවා සිටින අතර කොරියාවේ 24,000ක් රඳවා සිටින බව සඳහන් වේ. එම කඳවුරු7 වැනි පැසිපික් නාවික බළඇණියේම කොටසකි. එම බළඇණිය ට්‍රම්ප් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව ඉන්දු පැසිෆික් හත් වැනි බළඇණිය ලෙස නැවත නම් කළේය. ඒ මගින් හත්වැනි බලඇණියේ ඉන්දියානු සාගරය ආශ්රිත මැදිහත්වීම අවධාරණය කෙරිණි. දෙවැනි ලෝක යුද්ධය සමයේ දී පිහිටු වූ මෙම බළඇණිය අද වෙන විට මහා පරිමාණ යුද නැව් 70කින් සහ ගුවන් යානා 300කින් මෙන්ම නාවික සහ මැරීන් භටයින් 40,000කින් සමන්විත වේ.කොරියාවේ සහ ජපානයේ රඳවා සිටින භට පිරිස් සමග සමස්ත පිරිස් බලය ලක්ෂය ඉක්මවා යයි. අනුඛණ්ඩ නවයකින් සමන්විත මෙම බලවත් හමුදා බළඇණියේ හතයි බිංදුව හෙවත් 70 ලෙස හැඳින්වෙන්නේ යුද ප්‍රහාරක අනුඛණ්ඩයයි. හතයි එක හෙවත් 71 අනුඛණ්ඩය ලෙස හැඳින්වෙන්නේ නාවික ප්‍රහාරක අනුඛණ්ඩයයි. එසේම 72 ලෙස හැඳින්වෙන්නේ සංචාරක සහ ආවේක්ෂණ අනුඛණ්ඩයයි. ශ්‍රී ලංකාවට ගොඩ බැසීමට නියමිත 73 අනුඛණ්ඩය යුද සැපයුම් අනුඛණ්ඩය ලෙස හැඳින්වේ. එම අනුඛණ්ඩ මූලස්ථානය මේ වෙන තුරු පැවැතියේ සිංගප්පූරුවේය. දැන් එම සැපයුම් කේන්ද්‍රය තාවකාලික ලේබලය අලවා ශ්‍රී ලංකාවේ ස්ථාන ගත කිරීමට සැලසුම්කොට ඇත. ඊට තාවකාලික ලේබලයක් ඇලවිය හැකි වෙන්නේ එම සැපයුම් කේන්ද්‍රය නෞකාවක් යොදා ගනිමින් ස්ථානගත කිරීමය. එහෙත් එය ප්‍රායෝගිකව ගත් විට ස්ථිර සැපයුම් කේන්ද්‍රයක් බවට පත්වන බවට විවාදයක් නැත. ත්‍රිකුණාමල වරායේ ස්ථාන ගත කොට ඇති මෙම සැපයුම් කේන්ද්‍රයේ හෙවත් ජෝන්. සී ස්ටෙනිස් නෞකාවේ යුද ගුවන් යානා සහ හෙලිකොප්ටර් 100කට අධික ප්‍රමාණයක් රඳවා තැබිය හැකි අතර හමුදා භටයින් 6500කට පහසුකම් සැලසිය හැක. එම නෞකාව යොදාගනිමින් යුද්ධයක් පවතින අවස්ථාවක් හෝ එසේ නොවන අවස්ථාවක ගුවන්යානා පිටත් වීමට හෝ ගොඩබෑමට හැකියාව ඇත. එසේම එම නෞකාව යොදාගනිමින් ඉන්දියානු සාගරයේ යාත්‍රා කරන යුද නැව් සහ සබ්මැරීනවලට යුදමය සැපයුම් ලබාදිය හැක. ඊට අවශ්‍ය සැපයුම් කටුනායක ගුවන්තොටුපොළ හරහා ලබා ගැනීමේ හැකියාව ඇත. පසුගිය දිනවල ජනමාධ්‍ය මගින් දැකගත හැකි වූයේ ජෝන්. සී ස්ටෙනිස් නැව යොදාගනිමින් පිහිටුවා ඇති යුද සැපයුම් කේන්ද්‍රයට කටුනායක ගුවන් තොටුපළ හරහා සැපයුම් ලබා දෙන ආකාරයයි. කෙසේ වෙතත් මේ වන විට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිහිටුවා ඇති ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ නම් වූ ආයතනය විසින් දියත් කොට උපායමාර්ගික සැලසුමට අනුව නුදුරු අනාගතයේ දී ත්‍රීකුණාමල වරායේ සැපයුම් කේන්ද්‍රයට අවශ්‍ය සැපයුම් ත්‍රිකුණාමලය ගුවන්තොටුපළ යොදා ගනිමින් ගොඩබෑමේ අවස්ථාව උදාවනු ඇත. එම බලවත් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාය. එම ආයතනය මේ වෙන විට ත්‍රීකුණාමලය වරාය ආශ්රිත ආයෝජන කලාපයක් ඇතුළත්ව සමස්ත දිස්ත්‍රික්කයටම සංවර්ධන සැලසුමක් සකස් කිරීම සඳහා ව්‍යාපෘතියක් දියත් කොට ඇත. ඒ අතර දැනටමත් ඉන්දියාවට පවරා ඇති තෙල් ටැංකි සංකීර්ණය මගින් සැපයුම් කේන්ද්‍රයට අවශ්‍ය ඉන්ධන සැපයීමේ හැකියාව ඇත. ඇමරිකානු හත්වැනි නායක බළඇණියේ යුද සැපයුම් අංශයේ අණදෙන නිලධාරි ලෙෆ්ටිනන් කමාන්ඩර් ෆෙඩ්රික් එස්ෆයි සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාවේ පිහිටුවන යුද සැලසුම් කේන්ද්‍රය උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් ලෝක මට්ටමේ ක්‍රියාන්විතයකි. ඒ මගින් ඇමරිකානු නාවික හමුදාවේ පැවැත්ම සහ බලවත්කම තවදුරටත් වර්ධනය වේ. ඔහුට අනුව මෙම යුද සැපයුම් කේන්ද්‍රය නිසා ශ්‍රී ලංකාවේ වාණිජ සමාගම්වලට විශාල වශයෙන් ආර්ථික ඉඩ ප්රස්ථා විවර වනු ඇත. ඔහුගේ එම ප්‍රකාශය මගින් ශ්‍රී ලංකාවේ ජනතාවට කැරට් අලයක් දිගු කරන බව පැහැදිලිය. ජපානයේ හෝ කොරියාවේ හෝ පිහිටුවා ඇති යුද කඳවුරු තරමටම වැදගත් වන මෙම සැපයුම් කේන්ද්‍රය පිහිටුවීම සඳහා නීතිමය ආවරණය සැපයෙන්නේ 2018 අගෝස්තු 28 දින ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය සමඟ ඇති කරගත් ගිවිසුමක් මගිනි. එම ගිවිසුම නීතිමය ලියවිල්ලක් බවට පත් වෙන්නේ ඇමරිකාව විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් හෙවත් කොන්දේසිවලට ශ්‍රී ලංකාව විසින් ලිඛිතව එකඟත්වය පළකිරීම මගිනි. ඒ සඳහා ඔවුන් යොදාගන්නේ 1995 දී එනම් චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේදී ඇති කර ගත් සරල ගිවිසුමක් තවදුරටත් වර්ධනය කිරීමේ උපක්රමයකි. ඒ අනුව එම වසරේ පෙබරවාරි 9 දින සහිතව ඇමෙරිකානු ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් මැයි 16 දින සහිත ලිපියක් මගින් ශ්‍රී ලංකාව විසින් පිළිගැනීම තුළින් ඇතිකරගත් ගිවිසුම නව එකතු කිරීම් සහිතව තවදුරටත් දීර්ඝ කොට ඇත. එදා එම ගිවිසුම ඇතිකර ගන්නේ පුහුණු කිරීම් සහ සිවිල් කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමෙරිකානු හමුදා නිලධාරීන්ට සහ සිවිල් නිලධාරීන්ට තානාපති මුක්තිය ලබා ගැනීම සඳහාය. එහෙත් දැන් එම ගිවිසුමට ‘ඇමුණුම බී’ යනුවෙන් නව කොන්දේසි ඇතුළත් කොට යුදමය සැපයුම් ආදී සියලු ක්‍රියාකාරකම් ඇතුළත්කොට ඇත. දැන් එම නව ගිවිසුමට අනුව ඇමෙරිකානු හමුදා සහ සිවිල් නිලධාරීන්ට පමණක් නොව ඇමෙරිකානු හමුදාවේ කොන්ත්‍රාත්කරුවන්ට සහ එම සමාගම්වල සේවකයන්ට ද තානාපති මුක්තිය ලැබේ. ඒ අනුව ඔවුන් විසින් ශ්‍රී ලංකාවට ගෙන එන හෝ ශ්‍රී ලංකාවෙන් පිට කරන කිසිදු භාණ්ඩයක් පරීක්ෂා කිරීම හෝ බදු අය කිරීම නොකළ යුතුය. ඔවුන් ශ්‍රී ලංකාව තුළ යම් අපරාධයකට සම්බන්ධ වුවහොත් ඇමෙරිකානු නීතිය යටතේ නඩු දැමීම සඳහා ඇමෙරිකානු රජයට බාර දීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටියි. මෙම ක්‍රියාවලිය හුදකලාව සිදුවෙන්නක් නොවේ. ඒ ආකාරයට ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර හමුදා සැපයුම් කේන්ද්‍රයක් පිහිටුවීමට සමගාමීව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද තවත් විශේෂ ව්‍යාපෘතියක් දියත් කොට ඇත. ඉහත සඳහන් කළ ආකාරයට මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නමින් පිහිටුවා ඇති ආයතනයක් මගින් ශ්‍රී ලංකාව තුළ දියත් කෙරෙන ව්‍යාපෘති දෙකක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් (රු. මිලියන 90,000ක්) වෙන් කොට ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනයට එරෙහිව පවතින බාධක ඉවත් කිරීමේ නාමයෙන් අදාළ ව්‍යාපෘති දියත් කෙරේ. එක් ව්‍යාපෘතියක් මගින් ත්‍රිකුණාමලය වරාය ආශ්රිත ආයෝජන කලාපයක් ඇතුළුව සමස්ත දිස්ත්‍රික්කය සඳහා සංවර්ධන සැලසුමක් ඉදිරිපත් කොට ඇත. ඒ සඳහා සුඛානා ජුරෝන්ග් නම් වූ සිංගප්පූරු සමාගමක් යොදාගෙන ඇත. එම සමාගම විසින් සකස් කළ ආයෝජන සැලසුමට අනුව ආයෝජන සඳහා දායක වෙන්නේ ඇමෙරිකානු ඉන්දියානු සහ ජපාන සමාගම් පමණක් වීමද විශේෂයකි. ඊට අමතරව එම බාධක ඉවත් කිරීම යටතේ ඉඩම් පරිහරණයට අදාළ බාධක ඉවත් කිරීම සඳහා ද සැලසුම් ඔවුන් විසින් ඉදිරිපත් කොට ඇත. ඊට අනුව ඉඩම් හිමිකම් සහ පරිහරණයට අදාළව නව පනත් දෙකක් සකස් කොට සම්මත කිරීමට නියමිත අතර එම ක්‍රියාවලියට අදාළ තොරතුරු පද්ධතියක් ගොඩ නැගීම ද සිදුවේ. පළමු පනත ඉඩම් බැංකු පනත ලෙස හැඳින්වෙන අතර, ඒ මගින් පුද්ගලික අංශයට ලබා දීම සඳහා සියලු රාජ්‍ය ආයතන සතු ඉඩම් ලියාපදිංචි කෙරේ. 1972 දී පිහිට වූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවට අයත් ඉඩම් ද මෙම බැංකුව යටතට ගැනේ. ඒ අනුව එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් ලබාගත් ඉඩම් ආයෝජන නාමයෙන් නැවත ඒ අයටම දීම සඳහා මෙම පනත මගින් අවස්ථාව නිර්මාණය වේ. එම පනතට අනුව යම් දේශීය හෝ විදේශීය ආයෝජකයකුට ඉඩමක් අවශ්‍ය නම් ඉඩම් බැංකුවෙන් තොරතුරු ලබාගෙන අයදුම් කළ හැක. එහිදී ඉඩම නිකුත් කිරීමේ අවසාන බලය අදාළ රාජ්‍ය ආයතනය භාර අමාත්‍යවරයාට ලබා දී ඇත. ඒ අනුව එසේ ඉඩම් විකිණීම මගින් දේශපාලන අධිකාරියට තම මැතිවරණ ව්‍යාපාරයට අනුග්‍රහය ලබා ගැනීමේ අවස්ථාවද උදා වේ. ඇමෙරිකානු ආයෝජන ප්‍රවර්ධනය සඳහා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය විසින් නිර්දේශ කොට ඇති දෙවැනි පනත ඉඩම් විශේෂ විධිවිධාන පනතයි. ඒ මගින් බලපත්‍රලාභී ඉඩම් හිමියන්ට වාණිජ වටිනාකම අනුව විකිණිය හැකි සින්නක්කර ඔප්පු ලබා දීම සිදු වේ. එවිට ඉඩම් වෙළෙඳපළ කාර්යක්ෂම වෙන බව ඔවුන්ගේ තර්කය වී ඇත. විශේෂයෙන්ම ඒ මගින් කෘෂිකර්මාන්තය අත්හරිමින් සිටින ගොවියා ඉඩම් විකිණීමට පෙළඹෙන බැවින් ඒවා එකතුකොට මහා ඉඩම් නිර්මාණය කොට මිලදී ගැනීමට අවස්ථාවක් මහා සමාගම්වලට ලැබේ. මේ සියල්ල වැදගත් වෙන්නේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහාය. ආයෝජන ප්‍රවර්ධන සැලසුමට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පමණක් නොව ත්‍රිකුණාමලය සහ කොළඹ යා කරන මහාමාර්ගය ආශ්රිත ‘ආයෝජන පටිය’ නම් වූ විශේෂ ආයෝජන කලාපය ද අයත් වේ. ඒ සියල්ල ත්‍රීකුණාමලයේ පිහිටුවන යුද සැපයුම් කේන්ද්‍රයේ දීර්ඝකාලීන පැවැත්ම සමඟ බැඳී ඇත. දැන් ඒ සියල්ලට අමතරව ඇමෙරිකානු ස්වේච්ඡා ව්‍යාපාරයක් වන ‘පීස් කෝප්ස්’ හෙවත් සාම බළකාය නැවත ශ්‍රී ලංකාවට පැමිණේ. ඔවුන් පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ඉංග්‍රීසි ඉගැන්වීම සඳහාය. එසේ නම් ඇමෙරිකානු උවමනාවන් අප රට තුළ අලෙවි කිරීම සහ සාධාරණීකරණය කිරීම සඳහා ඇමෙරිකානුවන්ගෙන් සමන්විත අලෙවිකරුවන් හෝ ඔත්තුකරුවන් බළඇණියක්ද රට තුළ ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව ඇමෙරිකාවේ සැබෑ උවමනාව කුමක් දැයි වටහා ගැනීම සඳහා මෙම සමස්ත පින්තූරයේ දිග පළල සහ හැඩතල ගැඹුරින් තේරුම් ගැනීමට සිදුවේ. [/COLOR][/SIZE] lankadeepa.lk [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom