ඉගිලයයි සමනලිය මොණර කොළ මාවතම....

sudu4u

Active member
  • Aug 11, 2006
    378
    46
    28
    ඉගිලයයි සමනලිය මොණර කොළ මාවතම....

    සත්‍ය සිදුවිමක් හින්දා....
    -------
    සුසුදු වත සිනා පිරි
    හොරෙන් යයි මුවා වි...
    අහම්බෙන් ගැටුන නෙත
    කොහේදෝ යයි ඇදි ...
    එදා දුටු සරල වත
    වැගිර සායම් යසට...
    ඉගිල යයි සමනලිය
    මොණර කොළ මාවතම....

    සුන්දර වු ජිවිතය
    දරු දෙදෙනකු ද සමග..
    දිවා රැ වෙහෙසිය
    සැමියා සැම දියුණුවට...
    මෘග වු හැතිරියක
    වී ඇගේ මිතුරියක ...
    පෙරළුවා මවක්ව ද
    අභිසරුන් පොළ වෙතට..

    සැමියා ඇගේ නොදනිතේ
    බිරිද විකිනෙනා ලොවෙි...
    කිරිසපුන් දරු දෙදෙනා
    තනිව ඇත නිවහනේ...
    කාමයෙන් මත්ව ඈ
    නැවුනු ඒ මාවතේ...
    අවසානේ කෙයි වෙයිද
    මෙි හැමගේ ජිවිතේ...