Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ඉදල්ගස්හින්නේ සිට ඉන්දියාවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉදල්ගස්හින්නේ සිට ඉන්දියාවට

“ඒ 1984 වසරේ ජූනි මාසයයි. ඉදල්ගස්හින්නේ පදිංචි වතු කම්කරුවෙකු වූ කේ. වෛත්‍යලිංගම් හට ඉන්දියාවේ මණ්ඩාපම් කෑම්ප් ප්‍රදේශයේ දිවි ගෙවනා සිය ඥාති හිතවතුන් දැක බලා ගැනීමට දැඩි වුවමනාවක් ඇති විය. රැයක් එළිවෙන කල ගමනට අවැසි අඩුවැඩිය සූදානම් කරගත් හෙතෙම පසුදා පානුපැයේදීම ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට ගොස් ඉන්දියාවේ මණ්ඩාපම් කෑම්ප් බලා යෑමට දුම්රිය ප්‍රවේශපත්‍රයක්ද , තමා රැගෙන යන භාණ්ඩ සඳහා රු. 40 ක් ගෙවා විදෙස් ගමන් බඩු අවසර පත්‍රයක්ද ලබාගත්තේය. ගමනට ඇවැසි සියල්ල සූදානම් කරගත් ඔහු ඉන්දියාවට යෑමට බලාපොරොත්තුව සිටි සෙසු මගීන් සමග සංවාදයකටද එක් විය.

1914 වසරේ සිට 1984 වසරේ මැද භාගය තෙක් ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන ගිය ‘අන්තර්ජාතික’ දුම්රිය සේවාව පිළිබඳ දුර්ලභ දුම්රිය ප්‍රවේශ පත්‍රයක් විසින් අවදි කරවනු ලැබූ මතකයකි.

1984 වසරේ ජුනි මාසය වන විටත් ලාංකිකයන්ට විදෙස් ගත වීමට ක්‍රම තුනක් විය. ගුවන් සහ නාවික යාත්‍රාවලට අමතරව දුම්රිය මගින්ද ලාංකිකයන්ට රටින් පිටව යෑමට හැකියාව තිබුණි.

ඉන්දියාව බලා යෑමට දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමද රට තුළ අභ්‍යන්තර ගමනකට ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීම තරම්ම පහසු විය. ඉන්දියාව බලා යෑමට වීසා ලබා ගැනීමට තානාපති කාර්යාල වෙත යෑම වර්තමානයේ දී අනිවාර්ය වුවත් එදවස ගමේ දුම්රිය පොළේ ප්‍රවේශපත්‍ර කවුළුවෙන් ලබා ගන්නා ප්‍රවේශපත්‍රයක් මගින් පහසුවෙන් ඉන්දියාවට යෑමට හැකියාව තිබුණි.

ශ්‍රී ලංකාව තුළදී ලබාගන්නා ප්‍රවේශපත්‍රයෙන් තලෙයිමන්නාරම වෙත ගොස් එහි සිට නාවික යාත්‍රාවකින් ඉන්දියාවේ දනුස්කොඩි වෙත යන්නටත් Rallway

එතැන් සිට ඉන්දියාව තුළ දුම්රියෙන් යෑමටත් ඉඩ සැලසීම නිසා ඉදල්ගස්හින්නේ වෛත්‍යලිංගම් වැනි වතු කම්කරුවන්ට පවා බාහිර පාර්ශ්වයන්ගේ උපකාර නොගෙන ඉතා සුළු මුදලකින් විදෙස් ගතවීමට හැකි වූ බව සඳහන් කළ යුතුය.

තලෙයිමන්නාරම වූ කලි මන්නාරම් දූපතේ ඉහළ වයඹ දෙසට වන්නට පිහිටා ඇති ඓතිහාසික වරාය නගරයකි. මෙම ප්‍රදේශයට දුම්රිය මගක් ඉදිකිරීමට බ්‍රිතාන්‍යයන් තීරණය කළේ එහි වූ උපාය මාර්ගික වටිනා කම වටහාගත් නිසා බව ප්‍රකට කරුණකි.

තලෙයිමන්නාරම දුම්රිය මග ඉදිකිරීම දිවයිනේ අන් ප්‍රදේශවල සිදුකළ දුම්රිය මාර්ග ඉදිකිරීම්වලට සාපේක්ෂව පහසු විය. උස් කඳු බෑවුම් හෝ මහා ජල මූලාශ්‍ර හමු නොවනා මෙම මාර්ගය මැදවච්චියේ සිට මන්නාරම බලා දිවෙනුයේ ඉද්ද ගැසුවාක් මෙනි.

මිනිස් වාසයෙන් අඩු පාළු බිම් ප්‍රදේශ මැදින් වැටී තිබූ මෙම මාර්ගයේ හමු වූ වැදගත් දුම්රිය ස්ථානයක් වූයේ මරදමඩු දේවස්ථානයට යනෙනා මගීන් වෙනුවෙන් ඉදිකර තිබූ මඩුපාර දුම්රිය පොළයි. කිසිදු කර්මාන්ත ශාලාවක් නැති අතරින් පතර කජු සහ පොල් ඉඩම් කිහිපයකට සීමා වූ , වග වළසුන් ගහණ වනාන්තරයක් හරහා දුම්රිය මගක් ඉදිකිරීමට බ්‍රිතාන්‍ය පාලකයන් තීරණය කළේ එහි වූ ඓතිහාසික වරාය නිසා බව මනාව පැහැදිලි වෙයි.

තලෙයිමන්නාරම වරාය නගරයක් ලෙස සංවර්ධනය කිරීමට 1890 පමණ වන විට බ්‍රිතාන්‍යයන්ට අවැසි විය. 1906 පමණ වන විට ජෝර්ජ් ස්කොට් නම් සහකාර ඒජන්තවරයා තලෙයිමන්නාරමට පත්කර එවූ අතර ඔහුගේ පාලන යුගයේ දී පොලීසිය, රෝහල වැනි රාජ්‍ය ආයතන මන්නාරම් අර්ධද්වීපයේ ස්ථාපිත කරනු ලැබිණි.

කොළඹ – කොටුව සහ තලෙයිමන්නාරම අතර දුම්රිය මගක් ඉදිකිරීම මගින් ඉන්දියාව සමග වාණිජ සබඳතා තරකර ගැනීමට හැකි බවත්, එය

කාර්යක්ෂම අඩු වියදම් ප්‍රවාහන ක්‍රමයක් ලෙස ජනප්‍රිය කිරීම පහසු බවත් බ්‍රිතාන්‍ය පාලකයෝ දැන සිටියහ. එබැවින් 1902 තරම් ඈත කාලයකදී තලෙයිමන්නාරම තෙක් දුම්රිය මගක් ඉදිකිරීම පිළිබඳ කරුණු අධ්‍යයනයක් සඳහා කොමිසමක් පත් කිරීම සිදු වූ බව පැරණි ලේඛන අනුසාරයෙන් සොයා ගත හැකි විය.

1905 වන විට දකුණු ඉන්දීය දුම්රිය සේවයද සිය ශාඛාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කළ බවත් , එහි කළමනාකරු ලෙස නෙවිල් ප්රිස්ටිලි නැමැත්තා 1906 දී වැඩ භාර ගත් බවත් පැවසේ. කෙසේ වෙතත් 1908 ජනවාරි මාසයේ දී උතුරු දුම්රිය මග ලෙස එවකට හැඳින් වූ තලෙයිමන්නාරම් මාර්ගයේ මූලික මිනුම් කටයුතු අරඹන්නට බ්‍රිතාන්‍ය පාලකයින් පියවර ගෙන තිබුණි.

1909 ජූලි මස වන විට තලෙයිමන්නාරම දුම්රිය මගේ ඉදිකිරීම් ආරම්භ විය. මෙම මාර්ගයේ කළ සුවිශේෂී ඉදිකිරීම වනුයේ මන්නාරම දූපත සහ ප්‍රධාන ගොඩබිම සම්බන්ධ කරමින් ඉදිවුණ දුම්රිය පාලමයි. 1912 වසරේ සැප්තැම්බර් මාසයේ දී වැඩ නිමවූ , ඉන්දියන් සාගරය මතින් ඉදිවූ මෙම දුම්රිය පාලම අදටත් සාගරය මතින් ඉදිවූ ශ්‍රී ලංකාවේ එකම දුම්රිය පාලම වෙයි.

1914 වසරේ පෙබරවාරි මස 24 දින තලෙයිමන්නාරමට පළමු දුම්රිය ළඟා විය.

කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම් තොට දක්වා දුම්රිය මාර්ගයේ මුළු දුර සැතපුම් 209 ක් වූ අතර මාර්ගයේ සම්මත ආනතිය. 1:32 ක් විය. 1914 පෙබරවාරි මස මාර්ගය විවෘත වුවද සියළු කටයුතු නිම කරමින් මාර්ගයේ වැඩ කටයුතු හමාර වූයේ 1914 ඔක්තෝබර් 14 දාය.

ඉතිහාසයේ පළමු වරට ලංකා දුම්රිය සේවයේ දුම්රියක් ප්‍රධාන භූමියෙන් ඔබ්බට සාගරය මතින් ධාවනය වූයේ මෙම මාර්ගයේය. ඊට අමතරව මාර්ගයේ අවසාන නැවතුම වූ තලෙයිමන්නාරම් තොට පිහිටුවා තිබුණේ ජැටියක් මතය. එය ජැටියක පිහිට වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම මෙන්ම එකම , දුම්රිය පොළයි. මෙම දුම්රිය පොළ හැඳින්වීමට තලෙයි මන්නාරම් තොට යන නම විනා තලෙයිමන්නාරම් තොට දුම්රිය පොළ යන්න භාවිත නොවීමද විශේෂත්වයකි.

මෙම දුම්රිය පොළේ රේගු කාර්යාලයක්ද පිහිටවා තිබූ අතර එවැනි කාර්යාලයක් පිහිට වූ ශ්‍රී ලංකාවේ එකම දුම්රිය පොළ වූයේද තලෙයිමන්නාරමය.

මේ සියල්ලටම වඩා සුවිශේෂත්වයක් තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයේ දක්නට ලැබුණි. ඒ එහි දුම්රිය ස්ථානාධිපතිවරයකු සේවයේ නොයෙදීමය. එයට හේතුව තලෙයිමන්නාරම් තොට දුම්රිය පොළේ රාජකාරි සිදුකළ ප්‍රධානියා හඳුන්වා දුන්නේ STATION MASTER යන සාම්ප්‍රදායක නිල නාමයෙන් නොව පියර් මාස්ටර් යන නාමයෙන් වීමය. ශ්‍රී ලංකාවේ පියර් මාස්ටර්වරයෙකු සේවය කළ එකම දුම්රිය පොළ වූයේද

තලෙයිමන්නාරම් තොටයි.

1914 තලෙයිමන්නාරම් තොට දුම්රිය පොළ විවෘත වීම සමගම දුම්රියෙන් එහි එන ඉන්දියාවට යෑමට බලාපොරොත්තු වන මගීන් හට එහි සිට ඉන්දියාව බලා යෑමට වෙනමම බෝට්ටු සේවයක් ක්‍රියාත්මක කරවන ලදී. බෝට්ටුවක් ලෙස හැඳින්වුවද සැබැවින්ම මෙය කුඩා නෞකාවක් විය. අන්තැනක සිදු නොවන පරිදි ගමන් මගක් අතරමගදී දුම්රිය සහ නෞකාව එකම ජැටියක නතර කර තිබිම අතිශය දුර්ලභ දසුනක් වූ බව තලෙයිමන්නාරම් තොට සේවය කළ දුම්රිය සේවකයෝ පවසති. දුම්රියේ දෙවන පන්තියේ ප්‍රවේශපත්‍ර ලාභීන්ට නෞකාවේ උඩු මහලේ ගමන් කිරීමටද අවසරය ලැබුණ බවද පැවසේ.

1914 වසරේ ඉදිවූ පළමු ජැටිය දිගු කලක් භාවිතා කළ නොහැකි විය. එයට හේතුව බාදිය අවස්ථාවේ සාගර ජල මට්ටම පහත යෑම නිසා වැලි කඳු මතුවීමත් , එනිසා ඉන්දියාව බලා යන නෞකාවට ජැටිය සමීපයට ඒමට නොහැකි වීමත්ය. මෙම ගැටලුවට විසඳුමක් ලෙස 1935 දී නව පැරණි ජැටියට වඩා සැ. 1 පමණ ඉහළින් නව ජැටියක් ඉදි කෙරිණි. මෙම නව ජැටිය සහ 1914 දී ඉදිවූ පළමු ජැටිය වෙතද දුම්රිය යොමු කිරීම සඳහා විශේෂ ත්‍රිකෝණකාර දුම්රිය හැරවුම් ක්‍රමයක් භාවිතා කර ඇත. එම ක්‍රමය අද භාවිතා නොවන නමුත් එහි කොටස් කිහිපයක් අදටත් එහි දැකීමට ඇති බව මහරගම දුම්රිය ස්ථානාධිපති නලින් අබේසිංහ මහතා මෙම ලියුම්කරු සමග පැවසීය.

1960 දශකයේ මැද භාගයේ පැමිණි දරුණු සුළි සුළඟකින් තලෙයිමන්නාරම් තොට ජැටිය බරපතළ ලෙස හානියට පත්විය. පසුව ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම් තොට අලුත්වැඩියා කර ඊට ද්විත්ව මාර්ග පිවිසුමක්ද ලබා දෙන ලදී. සුළි සුළඟින් විනාශ වූ ඉන්දියාවේ දනුස්කොඩි ජැටිය අතහැර දමා රාමේෂ්වරම්හි නව ජැටියක් ඉදිකරන ලද බව වාර්තා වේ. අලුත් වැඩියාවෙන් පසු ද්විත්ව මාර්ග පිවිසුම ලබාදීම නිසා එතෙක් භාවිතා වූ ත්‍රිකෝණකාර හැරවුම් ක්‍රමය අතහැර දැමූ බවද දුම්රිය සේවකයෝ පවසති.

ඉන්දියාව බලා යෑමට භාවිතා කළ S.S. Ramanujam නෞකාවේ 1000 කට පහසුකම් තිබූ බවත් එය සතියකට ගමන් වාර දෙකක් ක්‍රියාත්මක කළ බවත් වාර්තාවෙයි.

මෙම සේවය ප්‍රයෝජනයට ගත් පාර්ශ්වයන් අතර ශ්‍රී ලංකාවේ දඹදිව වන්දනාකරුවෝද ඉදිරියෙන්ම වූහ. ඊට අමතරව අගනුවර වෙළෙඳ ප්රජාවද මින් උපරිම ප්‍රයෝජනය ගෙන තිබේ. ඉන්දියාවේ සිට මනිපුරි සාරි, විසිතුරු අරුමෝසම් භාණ්ඩ වැනි දේ දුම්රියෙන් මෙහි පැමිණි අතර ඉන්දියාවේ දුර්ලභ සුවඳ සබන් , පොල් තෙල් වැනි දේ සමග එවකට මෙහි ඉතා ජනප්‍රියව තිබූ යුනික් සහ ඉලෙක්ටි නම් ට්‍රාන්සිස්ටර් රේඩියෝද මෙම දුම්රිය මගින් ඉන්දියාවට රැගෙන ගොස් තිබේ. ධනවත් ද්‍රවිඩ ව්‍යාපාරික පවුල්වල ඇතැම් සාමාජිකයන් චිත්‍රපටි නැරඹීමට දකුණු ඉන්දියාවට යෑමට මෙම දුම්රිය යොදාගති.

ඒ හැරුණු කල රත්රන් රටින් පිටකිරීමටද මෙම දුම්රිය මාර්ගය යොදාගෙන තිබේ. ඒ යුගයේ සිදුව ඇත්තේ රත්රන් සගවා ගෙන යෑම නොව රන් අභරණ ලෙස පැළඳගෙන යෑමය. ව්‍යාපාරිකයෝ ඉන්දියාවට යන වතුකම්කරුවන්ට සුළු මුදලක් ලබා දී ඔවුනට රන් ආබරණ පළඳවා ගෙන ගොස් ඉන්දියාවේ දී ගලවා ගෙන විකිණුහ.

මෙම දුම්රිය සේවයේ ප්‍රවේශ පත්‍රවල ලංකා දුම්රිය සේවය යන්නට අමතරව දක්ෂිණ දුම්රිය (Southrn Railway) යන්නද මුද්‍රණය වී තිබුණි. වතුකරයේ තලවකැලේ, හැටන් , නානුඔය වැනි දුම්රිය ස්ථානවලින් ඉන්දියාව බලා ප්‍රවේශ පත්‍ර නිකුතුව විශාල ලෙස සිදුවිය. ඒ හැරුණු කල පානදුර, ගාල්ල , නුවර වැනි නගරවලින්ද ඉන්දියාව සඳහා දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලට ගත හැකි වූ බව පැවසේ. ඉන්දීය ගමනාන්තවලින් මණ්ඩාපම් කෑම්ප් යනු

සුවිශේෂී ස්ථානයකි. මුල් යුගයේ ශ්‍රී ලංකාවේ තේ වතු සඳහා එවනු ලැබූ ඉන්දීය කම්කරුවන් අතර ලාදුරු , කොළරාව , වසූරිය වැනි රෝග සුලභ විය. එබැවින් ලංකාවට එවීමට පෙර ඔවුන් රඳවා තැබූ රෝග නිරෝධායන කඳවුරක් මණ්ඩාපම් ප්‍රදේශයේ තිබි ඇත. ඒ ආශ්රිත ප්‍රදේශයේ බිහිවූ දුම්රිය පොළ මණ්ඩාපම් කෑම්ප් වූ බව ඇතමුන් පවසයි.

මෙහි රඳවා තබා ලංකාවට එවන කම්කරුවන් රාගම ප්‍රදේශයේ කඳවුරකද දින කිහිපයක් රඳවා තැබූ බවත් එහිදී ඔවුනට ඊඪද ඊඪජඬඥබ නම් වූ ලෝහ පළඳනාව ලබාදුන් බවත් කියවේ. පාපැදි බලපත්‍රයක් තරම් වූ මෙම ලෝහ තහඩුවේ වූ අංක මගින් ඔවුන් සේවයට යන වතු යායේ අංකය මෙන්ම එහිදී ඔවුනට හිමිවන චෙක් රෝල් අංකයද සටහන්ව තිබූ බව පැවසේ.

පසුකාලීනව ඇතැම් වතු හිමියන් තමන්ගේ සේවය සඳහා පැමිණෙන කම්කරුවන් සඳහා වන ඊඪද ඊඪජඬඥබ කන්කාණිවරුන් මගින් ඉන්දියාවේ මණ්ඩාපම් ප්‍රදේශයට යැවූ බවත් එනිසා කම්කරුවන්ගේ ආගමන කටයුතු කඩිනම් වූ බවත් පැවසේ.

කෙසේ නමුත් තලෙයිමන්නාරම දුම්රිය වඩාත් ප්‍රචලිත වූයේ ඉන්දියාවේ සිට කම්කරුවන් ගෙන ඒමට වඩා සිරිමා ශාස්ත්‍රී ගිවිසුම යටතේ ඉන්දියාවට යැව් ශ්‍රී ලාංකික වතු කම්කරුවන් රටින් පිටවී යාමට මුල්වූ ප්‍රවාහන මාධ්‍යය වශයෙනි.

මෙම ගිවිසුම යටතේ ඉන්දියාවට ගිය ඇතැම් පුද්ගලයන් ඉන්දියාව කෙබඳුදැයි දැන නොසිටි බවද ප්‍රකට කරුණකි. එයට හේතුව ඔවුන්ගෙන් ඇතැමෙක් ශ්‍රී ලංකාවේම ඉපදුන වුන් වීමය. එපමණක්ද නොව ඉන්දියාව බලා ගිය ඇතැම් ද්‍රවිඩ කම්කරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ශ්‍රී ලංකාවේ රැඳීම නිසා දෙපාර්ශ්වය හුදකලා වූ අවස්ථාද ගණනාවක් විය.

මෙරටින් ඉන්දියාවට යෑමට වතු කම්කරුවන් සිය නෑ මිතුරන් අතහැර දුම්රියට නගින අවස්ථාවන්හිද විලාප තබමින් වැළපුණ බවත් මන්නාරම් තොට එකම මළගෙයක සේ දිස් වූ බවත් හොරණ, ඉංගිරිය ආදි පහත රට වතුවල දිවි ගෙව් කම්කරුවන් ඉන්දියාවට යැවීමේ කටයුතු වලට දායක වූ මෙම ලියුම්කරුගේ පියා අවස්ථා ගණනාවකදී ලියුම්කරුට පවසා තිබේ.

තලෙයිමන්නාරම තොටේ තිබූ එකම ළිඳේ වතුර කඳුකර දිය උල්පතක සිසිලස කැටිවුණ, කිවුල් රසයෙන් තොර ඉහළ තත්ත්වයේ පානීය ජලය වීම බොහෝ දෙනාගේ පුදුමයට හේතු වී තිබුණි. මෙකී මා හැඟි සම්පත තනිව භාවිත කිරීමට දුම්රිය සේවකයෝ කිසිවිටකත් උත්සහ නොකළ අතර අවට ජනතාවට මෙම උසස් තත්ත්වයේ ජලය ලබාදීම ඔවුන්ගේ අදහස විය. ඒ අනුව ජලය ලීටර් 5800 ක් පමණ පිර වූ ජල ටැංකියක් සහිත දුම්රියක් මගින් මග දෙපස ජනයාට පිරිසිදු පානීය ජලය ලබාදීමට දුම්රිය බලධාරීහු උත්සුක වූහ. තලෙයිමන්නාරම, මඩුපාර මැදවච්චිය තෙක් ප්‍රදේශවල වාසය කළ ජලය නොමැති විශාල පිරිසක් ජලය රැගත් දුම්රිය පැමිණෙන තුරු කළගෙඩි බාල්දි ආදිය රැගෙන මග බලා සිටීම ඒ යුගයේ සුලබ දසුනක් විය.

කුරිරු යුද්ධය විසින් තලෙයිමන්නාරම් දුම්රිය මග 1984 දශකයේ අග භාගයේ වනසා දැමීම නිසා මෙම සේවයද අතීතයට එක් විය.

ශ්‍රී ලංකාව තුළදී දුම්රිය සේවාව හුදු ප්‍රවාහන මාධ්‍යයක භූමිකාවෙන් මිදී වෙනමම සාමාජීය උප සංස්කෘතියක් වූ බවට තලෙයිමන්නාරම දුම්රිය මාර්ගය හොඳ උදාහරණයකි. දශක තුනක යුද්ධය විසින් උතුර දකුණ දෙපසක හුදකලා කරන්නට වෙරදරද්දී සිල්පර කොටන් මත එළන ලද යකඩ පීලි දෙනුවර එක් කිරීමට ගැනෙන උත්සහය බොහෝ දෙනාගේ සිත් තුළ විශාල බලාපොරොත්තුවක් ඇති කරන බව නොරහසකි.

වර්තමානයේ දී ලහි ලහියේ වැඩ නිමවන තලෙයිමන්නාරම සහ කන්කසන්තුරේ දුම්රිය මාර්ග දෙස ජනතාව දෑස් දල්වා බලා සිටී.

ගමේ දුම්රිය පොළෙන් ඉන්දියාවට ටිකට් පතක් මිලදී ගෙන දඹදිව වන්දනාවේ යන බෞද්ධයන්ද දකුණු ඉන්දියාවේ සිටින නෑ හිතවතුන් දැකගන්නට යන ද්‍රවිඩ ජාතිකයන්ද, මඩු පල්ලි යන කතෝලික බැතිමතුන් ද එකම දුම්රියෙන් පිටත්ව යන දිනය වැඩි ඈතක නොවේවායි අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

විශේෂ ස්තූතිය

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානාධිපති ලක්රුවන් මොන්නෑකුලම, මහරගම දුම්රිය ස්ථානාධිපති නලින් අබේසිංහ, දුම්රිය ගවේෂක සංගමයේ සභාපති විනෝද් වික්‍රමරත්න මහතුන්ට.

උපුටා ගැනීම "ඌව වෙල්ලස්ස අපි" ෆේස්බුක් පිටුවෙන්..

තව පින්තූර කීපයක් මම එකතු කරන්නම්...

මේ 2012 වසරේ ගත්ත පින්තූර. අද වෙනකොට සෑහෙන්න නවීකරණය වෙලා..

තලේමන්නරම්තොට

රේගුව

පියර් එක

[QUOTE="Mr PERERA, post: 18024227, member: 176031"] [b]ඉදල්ගස්හින්නේ සිට ඉන්දියාවට[/b] [CENTER][IMG]https://scontent-vie.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/10357444_558426340925191_2165940630308076772_n.jpg?oh=5c275953556bc95eaf7deb6e6599b464&oe=557E7E00[/IMG] [SIZE="3"]“ඒ 1984 වසරේ ජූනි මාසයයි. ඉදල්ගස්හින්නේ පදිංචි වතු කම්කරුවෙකු වූ කේ. වෛත්‍යලිංගම් හට ඉන්දියාවේ මණ්ඩාපම් කෑම්ප් ප්‍රදේශයේ දිවි ගෙවනා සිය ඥාති හිතවතුන් දැක බලා ගැනීමට දැඩි වුවමනාවක් ඇති විය. රැයක් එළිවෙන කල ගමනට අවැසි අඩුවැඩිය සූදානම් කරගත් හෙතෙම පසුදා පානුපැයේදීම ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට ගොස් ඉන්දියාවේ මණ්ඩාපම් කෑම්ප් බලා යෑමට දුම්රිය ප්‍රවේශපත්‍රයක්ද , තමා රැගෙන යන භාණ්ඩ සඳහා රු. 40 ක් ගෙවා විදෙස් ගමන් බඩු අවසර පත්‍රයක්ද ලබාගත්තේය. ගමනට ඇවැසි සියල්ල සූදානම් කරගත් ඔහු ඉන්දියාවට යෑමට බලාපොරොත්තුව සිටි සෙසු මගීන් සමග සංවාදයකටද එක් විය. 1914 වසරේ සිට 1984 වසරේ මැද භාගය තෙක් ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන ගිය ‘අන්තර්ජාතික’ දුම්රිය සේවාව පිළිබඳ දුර්ලභ දුම්රිය ප්‍රවේශ පත්‍රයක් විසින් අවදි කරවනු ලැබූ මතකයකි. 1984 වසරේ ජුනි මාසය වන විටත් ලාංකිකයන්ට විදෙස් ගත වීමට ක්‍රම තුනක් විය. ගුවන් සහ නාවික යාත්‍රාවලට අමතරව දුම්රිය මගින්ද ලාංකිකයන්ට රටින් පිටව යෑමට හැකියාව තිබුණි. ඉන්දියාව බලා යෑමට දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමද රට තුළ අභ්‍යන්තර ගමනකට ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීම තරම්ම පහසු විය. ඉන්දියාව බලා යෑමට වීසා ලබා ගැනීමට තානාපති කාර්යාල වෙත යෑම වර්තමානයේ දී අනිවාර්ය වුවත් එදවස ගමේ දුම්රිය පොළේ ප්‍රවේශපත්‍ර කවුළුවෙන් ලබා ගන්නා ප්‍රවේශපත්‍රයක් මගින් පහසුවෙන් ඉන්දියාවට යෑමට හැකියාව තිබුණි. ශ්‍රී ලංකාව තුළදී ලබාගන්නා ප්‍රවේශපත්‍රයෙන් තලෙයිමන්නාරම වෙත ගොස් එහි සිට නාවික යාත්‍රාවකින් ඉන්දියාවේ දනුස්කොඩි වෙත යන්නටත් Rallway එතැන් සිට ඉන්දියාව තුළ දුම්රියෙන් යෑමටත් ඉඩ සැලසීම නිසා ඉදල්ගස්හින්නේ වෛත්‍යලිංගම් වැනි වතු කම්කරුවන්ට පවා බාහිර පාර්ශ්වයන්ගේ උපකාර නොගෙන ඉතා සුළු මුදලකින් විදෙස් ගතවීමට හැකි වූ බව සඳහන් කළ යුතුය. තලෙයිමන්නාරම වූ කලි මන්නාරම් දූපතේ ඉහළ වයඹ දෙසට වන්නට පිහිටා ඇති ඓතිහාසික වරාය නගරයකි. මෙම ප්‍රදේශයට දුම්රිය මගක් ඉදිකිරීමට බ්‍රිතාන්‍යයන් තීරණය කළේ එහි වූ උපාය මාර්ගික වටිනා කම වටහාගත් නිසා බව ප්‍රකට කරුණකි. තලෙයිමන්නාරම දුම්රිය මග ඉදිකිරීම දිවයිනේ අන් ප්‍රදේශවල සිදුකළ දුම්රිය මාර්ග ඉදිකිරීම්වලට සාපේක්ෂව පහසු විය. උස් කඳු බෑවුම් හෝ මහා ජල මූලාශ්‍ර හමු නොවනා මෙම මාර්ගය මැදවච්චියේ සිට මන්නාරම බලා දිවෙනුයේ ඉද්ද ගැසුවාක් මෙනි. මිනිස් වාසයෙන් අඩු පාළු බිම් ප්‍රදේශ මැදින් වැටී තිබූ මෙම මාර්ගයේ හමු වූ වැදගත් දුම්රිය ස්ථානයක් වූයේ මරදමඩු දේවස්ථානයට යනෙනා මගීන් වෙනුවෙන් ඉදිකර තිබූ මඩුපාර දුම්රිය පොළයි. කිසිදු කර්මාන්ත ශාලාවක් නැති අතරින් පතර කජු සහ පොල් ඉඩම් කිහිපයකට සීමා වූ , වග වළසුන් ගහණ වනාන්තරයක් හරහා දුම්රිය මගක් ඉදිකිරීමට බ්‍රිතාන්‍ය පාලකයන් තීරණය කළේ එහි වූ ඓතිහාසික වරාය නිසා බව මනාව පැහැදිලි වෙයි. තලෙයිමන්නාරම වරාය නගරයක් ලෙස සංවර්ධනය කිරීමට 1890 පමණ වන විට බ්‍රිතාන්‍යයන්ට අවැසි විය. 1906 පමණ වන විට ජෝර්ජ් ස්කොට් නම් සහකාර ඒජන්තවරයා තලෙයිමන්නාරමට පත්කර එවූ අතර ඔහුගේ පාලන යුගයේ දී පොලීසිය, රෝහල වැනි රාජ්‍ය ආයතන මන්නාරම් අර්ධද්වීපයේ ස්ථාපිත කරනු ලැබිණි. කොළඹ – කොටුව සහ තලෙයිමන්නාරම අතර දුම්රිය මගක් ඉදිකිරීම මගින් ඉන්දියාව සමග වාණිජ සබඳතා තරකර ගැනීමට හැකි බවත්, එය කාර්යක්ෂම අඩු වියදම් ප්‍රවාහන ක්‍රමයක් ලෙස ජනප්‍රිය කිරීම පහසු බවත් බ්‍රිතාන්‍ය පාලකයෝ දැන සිටියහ. එබැවින් 1902 තරම් ඈත කාලයකදී තලෙයිමන්නාරම තෙක් දුම්රිය මගක් ඉදිකිරීම පිළිබඳ කරුණු අධ්‍යයනයක් සඳහා කොමිසමක් පත් කිරීම සිදු වූ බව පැරණි ලේඛන අනුසාරයෙන් සොයා ගත හැකි විය. 1905 වන විට දකුණු ඉන්දීය දුම්රිය සේවයද සිය ශාඛාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කළ බවත් , එහි කළමනාකරු ලෙස නෙවිල් ප්රිස්ටිලි නැමැත්තා 1906 දී වැඩ භාර ගත් බවත් පැවසේ. කෙසේ වෙතත් 1908 ජනවාරි මාසයේ දී උතුරු දුම්රිය මග ලෙස එවකට හැඳින් වූ තලෙයිමන්නාරම් මාර්ගයේ මූලික මිනුම් කටයුතු අරඹන්නට බ්‍රිතාන්‍ය පාලකයින් පියවර ගෙන තිබුණි. 1909 ජූලි මස වන විට තලෙයිමන්නාරම දුම්රිය මගේ ඉදිකිරීම් ආරම්භ විය. මෙම මාර්ගයේ කළ සුවිශේෂී ඉදිකිරීම වනුයේ මන්නාරම දූපත සහ ප්‍රධාන ගොඩබිම සම්බන්ධ කරමින් ඉදිවුණ දුම්රිය පාලමයි. 1912 වසරේ සැප්තැම්බර් මාසයේ දී වැඩ නිමවූ , ඉන්දියන් සාගරය මතින් ඉදිවූ මෙම දුම්රිය පාලම අදටත් සාගරය මතින් ඉදිවූ ශ්‍රී ලංකාවේ එකම දුම්රිය පාලම වෙයි. 1914 වසරේ පෙබරවාරි මස 24 දින තලෙයිමන්නාරමට පළමු දුම්රිය ළඟා විය. කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම් තොට දක්වා දුම්රිය මාර්ගයේ මුළු දුර සැතපුම් 209 ක් වූ අතර මාර්ගයේ සම්මත ආනතිය. 1:32 ක් විය. 1914 පෙබරවාරි මස මාර්ගය විවෘත වුවද සියළු කටයුතු නිම කරමින් මාර්ගයේ වැඩ කටයුතු හමාර වූයේ 1914 ඔක්තෝබර් 14 දාය. ඉතිහාසයේ පළමු වරට ලංකා දුම්රිය සේවයේ දුම්රියක් ප්‍රධාන භූමියෙන් ඔබ්බට සාගරය මතින් ධාවනය වූයේ මෙම මාර්ගයේය. ඊට අමතරව මාර්ගයේ අවසාන නැවතුම වූ තලෙයිමන්නාරම් තොට පිහිටුවා තිබුණේ ජැටියක් මතය. එය ජැටියක පිහිට වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම මෙන්ම එකම , දුම්රිය පොළයි. මෙම දුම්රිය පොළ හැඳින්වීමට තලෙයි මන්නාරම් තොට යන නම විනා තලෙයිමන්නාරම් තොට දුම්රිය පොළ යන්න භාවිත නොවීමද විශේෂත්වයකි. මෙම දුම්රිය පොළේ රේගු කාර්යාලයක්ද පිහිටවා තිබූ අතර එවැනි කාර්යාලයක් පිහිට වූ ශ්‍රී ලංකාවේ එකම දුම්රිය පොළ වූයේද තලෙයිමන්නාරමය. මේ සියල්ලටම වඩා සුවිශේෂත්වයක් තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයේ දක්නට ලැබුණි. ඒ එහි දුම්රිය ස්ථානාධිපතිවරයකු සේවයේ නොයෙදීමය. එයට හේතුව තලෙයිමන්නාරම් තොට දුම්රිය පොළේ රාජකාරි සිදුකළ ප්‍රධානියා හඳුන්වා දුන්නේ STATION MASTER යන සාම්ප්‍රදායක නිල නාමයෙන් නොව පියර් මාස්ටර් යන නාමයෙන් වීමය. ශ්‍රී ලංකාවේ පියර් මාස්ටර්වරයෙකු සේවය කළ එකම දුම්රිය පොළ වූයේද තලෙයිමන්නාරම් තොටයි. 1914 තලෙයිමන්නාරම් තොට දුම්රිය පොළ විවෘත වීම සමගම දුම්රියෙන් එහි එන ඉන්දියාවට යෑමට බලාපොරොත්තු වන මගීන් හට එහි සිට ඉන්දියාව බලා යෑමට වෙනමම බෝට්ටු සේවයක් ක්‍රියාත්මක කරවන ලදී. බෝට්ටුවක් ලෙස හැඳින්වුවද සැබැවින්ම මෙය කුඩා නෞකාවක් විය. අන්තැනක සිදු නොවන පරිදි ගමන් මගක් අතරමගදී දුම්රිය සහ නෞකාව එකම ජැටියක නතර කර තිබිම අතිශය දුර්ලභ දසුනක් වූ බව තලෙයිමන්නාරම් තොට සේවය කළ දුම්රිය සේවකයෝ පවසති. දුම්රියේ දෙවන පන්තියේ ප්‍රවේශපත්‍ර ලාභීන්ට නෞකාවේ උඩු මහලේ ගමන් කිරීමටද අවසරය ලැබුණ බවද පැවසේ. 1914 වසරේ ඉදිවූ පළමු ජැටිය දිගු කලක් භාවිතා කළ නොහැකි විය. එයට හේතුව බාදිය අවස්ථාවේ සාගර ජල මට්ටම පහත යෑම නිසා වැලි කඳු මතුවීමත් , එනිසා ඉන්දියාව බලා යන නෞකාවට ජැටිය සමීපයට ඒමට නොහැකි වීමත්ය. මෙම ගැටලුවට විසඳුමක් ලෙස 1935 දී නව පැරණි ජැටියට වඩා සැ. 1 පමණ ඉහළින් නව ජැටියක් ඉදි කෙරිණි. මෙම නව ජැටිය සහ 1914 දී ඉදිවූ පළමු ජැටිය වෙතද දුම්රිය යොමු කිරීම සඳහා විශේෂ ත්‍රිකෝණකාර දුම්රිය හැරවුම් ක්‍රමයක් භාවිතා කර ඇත. එම ක්‍රමය අද භාවිතා නොවන නමුත් එහි කොටස් කිහිපයක් අදටත් එහි දැකීමට ඇති බව මහරගම දුම්රිය ස්ථානාධිපති නලින් අබේසිංහ මහතා මෙම ලියුම්කරු සමග පැවසීය. 1960 දශකයේ මැද භාගයේ පැමිණි දරුණු සුළි සුළඟකින් තලෙයිමන්නාරම් තොට ජැටිය බරපතළ ලෙස හානියට පත්විය. පසුව ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම් තොට අලුත්වැඩියා කර ඊට ද්විත්ව මාර්ග පිවිසුමක්ද ලබා දෙන ලදී. සුළි සුළඟින් විනාශ වූ ඉන්දියාවේ දනුස්කොඩි ජැටිය අතහැර දමා රාමේෂ්වරම්හි නව ජැටියක් ඉදිකරන ලද බව වාර්තා වේ. අලුත් වැඩියාවෙන් පසු ද්විත්ව මාර්ග පිවිසුම ලබාදීම නිසා එතෙක් භාවිතා වූ ත්‍රිකෝණකාර හැරවුම් ක්‍රමය අතහැර දැමූ බවද දුම්රිය සේවකයෝ පවසති. ඉන්දියාව බලා යෑමට භාවිතා කළ S.S. Ramanujam නෞකාවේ 1000 කට පහසුකම් තිබූ බවත් එය සතියකට ගමන් වාර දෙකක් ක්‍රියාත්මක කළ බවත් වාර්තාවෙයි. මෙම සේවය ප්‍රයෝජනයට ගත් පාර්ශ්වයන් අතර ශ්‍රී ලංකාවේ දඹදිව වන්දනාකරුවෝද ඉදිරියෙන්ම වූහ. ඊට අමතරව අගනුවර වෙළෙඳ ප්රජාවද මින් උපරිම ප්‍රයෝජනය ගෙන තිබේ. ඉන්දියාවේ සිට මනිපුරි සාරි, විසිතුරු අරුමෝසම් භාණ්ඩ වැනි දේ දුම්රියෙන් මෙහි පැමිණි අතර ඉන්දියාවේ දුර්ලභ සුවඳ සබන් , පොල් තෙල් වැනි දේ සමග එවකට මෙහි ඉතා ජනප්‍රියව තිබූ යුනික් සහ ඉලෙක්ටි නම් ට්‍රාන්සිස්ටර් රේඩියෝද මෙම දුම්රිය මගින් ඉන්දියාවට රැගෙන ගොස් තිබේ. ධනවත් ද්‍රවිඩ ව්‍යාපාරික පවුල්වල ඇතැම් සාමාජිකයන් චිත්‍රපටි නැරඹීමට දකුණු ඉන්දියාවට යෑමට මෙම දුම්රිය යොදාගති. ඒ හැරුණු කල රත්රන් රටින් පිටකිරීමටද මෙම දුම්රිය මාර්ගය යොදාගෙන තිබේ. ඒ යුගයේ සිදුව ඇත්තේ රත්රන් සගවා ගෙන යෑම නොව රන් අභරණ ලෙස පැළඳගෙන යෑමය. ව්‍යාපාරිකයෝ ඉන්දියාවට යන වතුකම්කරුවන්ට සුළු මුදලක් ලබා දී ඔවුනට රන් ආබරණ පළඳවා ගෙන ගොස් ඉන්දියාවේ දී ගලවා ගෙන විකිණුහ. මෙම දුම්රිය සේවයේ ප්‍රවේශ පත්‍රවල ලංකා දුම්රිය සේවය යන්නට අමතරව දක්ෂිණ දුම්රිය (Southrn Railway) යන්නද මුද්‍රණය වී තිබුණි. වතුකරයේ තලවකැලේ, හැටන් , නානුඔය වැනි දුම්රිය ස්ථානවලින් ඉන්දියාව බලා ප්‍රවේශ පත්‍ර නිකුතුව විශාල ලෙස සිදුවිය. ඒ හැරුණු කල පානදුර, ගාල්ල , නුවර වැනි නගරවලින්ද ඉන්දියාව සඳහා දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලට ගත හැකි වූ බව පැවසේ. ඉන්දීය ගමනාන්තවලින් මණ්ඩාපම් කෑම්ප් යනු සුවිශේෂී ස්ථානයකි. මුල් යුගයේ ශ්‍රී ලංකාවේ තේ වතු සඳහා එවනු ලැබූ ඉන්දීය කම්කරුවන් අතර ලාදුරු , කොළරාව , වසූරිය වැනි රෝග සුලභ විය. එබැවින් ලංකාවට එවීමට පෙර ඔවුන් රඳවා තැබූ රෝග නිරෝධායන කඳවුරක් මණ්ඩාපම් ප්‍රදේශයේ තිබි ඇත. ඒ ආශ්රිත ප්‍රදේශයේ බිහිවූ දුම්රිය පොළ මණ්ඩාපම් කෑම්ප් වූ බව ඇතමුන් පවසයි. මෙහි රඳවා තබා ලංකාවට එවන කම්කරුවන් රාගම ප්‍රදේශයේ කඳවුරකද දින කිහිපයක් රඳවා තැබූ බවත් එහිදී ඔවුනට ඊඪද ඊඪජඬඥබ නම් වූ ලෝහ පළඳනාව ලබාදුන් බවත් කියවේ. පාපැදි බලපත්‍රයක් තරම් වූ මෙම ලෝහ තහඩුවේ වූ අංක මගින් ඔවුන් සේවයට යන වතු යායේ අංකය මෙන්ම එහිදී ඔවුනට හිමිවන චෙක් රෝල් අංකයද සටහන්ව තිබූ බව පැවසේ. පසුකාලීනව ඇතැම් වතු හිමියන් තමන්ගේ සේවය සඳහා පැමිණෙන කම්කරුවන් සඳහා වන ඊඪද ඊඪජඬඥබ කන්කාණිවරුන් මගින් ඉන්දියාවේ මණ්ඩාපම් ප්‍රදේශයට යැවූ බවත් එනිසා කම්කරුවන්ගේ ආගමන කටයුතු කඩිනම් වූ බවත් පැවසේ. කෙසේ නමුත් තලෙයිමන්නාරම දුම්රිය වඩාත් ප්‍රචලිත වූයේ ඉන්දියාවේ සිට කම්කරුවන් ගෙන ඒමට වඩා සිරිමා ශාස්ත්‍රී ගිවිසුම යටතේ ඉන්දියාවට යැව් ශ්‍රී ලාංකික වතු කම්කරුවන් රටින් පිටවී යාමට මුල්වූ ප්‍රවාහන මාධ්‍යය වශයෙනි. මෙම ගිවිසුම යටතේ ඉන්දියාවට ගිය ඇතැම් පුද්ගලයන් ඉන්දියාව කෙබඳුදැයි දැන නොසිටි බවද ප්‍රකට කරුණකි. එයට හේතුව ඔවුන්ගෙන් ඇතැමෙක් ශ්‍රී ලංකාවේම ඉපදුන වුන් වීමය. එපමණක්ද නොව ඉන්දියාව බලා ගිය ඇතැම් ද්‍රවිඩ කම්කරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ශ්‍රී ලංකාවේ රැඳීම නිසා දෙපාර්ශ්වය හුදකලා වූ අවස්ථාද ගණනාවක් විය. මෙරටින් ඉන්දියාවට යෑමට වතු කම්කරුවන් සිය නෑ මිතුරන් අතහැර දුම්රියට නගින අවස්ථාවන්හිද විලාප තබමින් වැළපුණ බවත් මන්නාරම් තොට එකම මළගෙයක සේ දිස් වූ බවත් හොරණ, ඉංගිරිය ආදි පහත රට වතුවල දිවි ගෙව් කම්කරුවන් ඉන්දියාවට යැවීමේ කටයුතු වලට දායක වූ මෙම ලියුම්කරුගේ පියා අවස්ථා ගණනාවකදී ලියුම්කරුට පවසා තිබේ. තලෙයිමන්නාරම තොටේ තිබූ එකම ළිඳේ වතුර කඳුකර දිය උල්පතක සිසිලස කැටිවුණ, කිවුල් රසයෙන් තොර ඉහළ තත්ත්වයේ පානීය ජලය වීම බොහෝ දෙනාගේ පුදුමයට හේතු වී තිබුණි. මෙකී මා හැඟි සම්පත තනිව භාවිත කිරීමට දුම්රිය සේවකයෝ කිසිවිටකත් උත්සහ නොකළ අතර අවට ජනතාවට මෙම උසස් තත්ත්වයේ ජලය ලබාදීම ඔවුන්ගේ අදහස විය. ඒ අනුව ජලය ලීටර් 5800 ක් පමණ පිර වූ ජල ටැංකියක් සහිත දුම්රියක් මගින් මග දෙපස ජනයාට පිරිසිදු පානීය ජලය ලබාදීමට දුම්රිය බලධාරීහු උත්සුක වූහ. තලෙයිමන්නාරම, මඩුපාර මැදවච්චිය තෙක් ප්‍රදේශවල වාසය කළ ජලය නොමැති විශාල පිරිසක් ජලය රැගත් දුම්රිය පැමිණෙන තුරු කළගෙඩි බාල්දි ආදිය රැගෙන මග බලා සිටීම ඒ යුගයේ සුලබ දසුනක් විය. කුරිරු යුද්ධය විසින් තලෙයිමන්නාරම් දුම්රිය මග 1984 දශකයේ අග භාගයේ වනසා දැමීම නිසා මෙම සේවයද අතීතයට එක් විය. ශ්‍රී ලංකාව තුළදී දුම්රිය සේවාව හුදු ප්‍රවාහන මාධ්‍යයක භූමිකාවෙන් මිදී වෙනමම සාමාජීය උප සංස්කෘතියක් වූ බවට තලෙයිමන්නාරම දුම්රිය මාර්ගය හොඳ උදාහරණයකි. දශක තුනක යුද්ධය විසින් උතුර දකුණ දෙපසක හුදකලා කරන්නට වෙරදරද්දී සිල්පර කොටන් මත එළන ලද යකඩ පීලි දෙනුවර එක් කිරීමට ගැනෙන උත්සහය බොහෝ දෙනාගේ සිත් තුළ විශාල බලාපොරොත්තුවක් ඇති කරන බව නොරහසකි. වර්තමානයේ දී ලහි ලහියේ වැඩ නිමවන තලෙයිමන්නාරම සහ කන්කසන්තුරේ දුම්රිය මාර්ග දෙස ජනතාව දෑස් දල්වා බලා සිටී. ගමේ දුම්රිය පොළෙන් ඉන්දියාවට ටිකට් පතක් මිලදී ගෙන දඹදිව වන්දනාවේ යන බෞද්ධයන්ද දකුණු ඉන්දියාවේ සිටින නෑ හිතවතුන් දැකගන්නට යන ද්‍රවිඩ ජාතිකයන්ද, මඩු පල්ලි යන කතෝලික බැතිමතුන් ද එකම දුම්රියෙන් පිටත්ව යන දිනය වැඩි ඈතක නොවේවායි අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු. විශේෂ ස්තූතිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානාධිපති ලක්රුවන් මොන්නෑකුලම, මහරගම දුම්රිය ස්ථානාධිපති නලින් අබේසිංහ, දුම්රිය ගවේෂක සංගමයේ සභාපති විනෝද් වික්‍රමරත්න මහතුන්ට.[/SIZE] උපුටා ගැනීම "ඌව වෙල්ලස්ස අපි" ෆේස්බුක් පිටුවෙන්.. [SIZE="3"]තව පින්තූර කීපයක් මම එකතු කරන්නම්... මේ 2012 වසරේ ගත්ත පින්තූර. අද වෙනකොට සෑහෙන්න නවීකරණය වෙලා..[/SIZE] [SIZE="3"]තලේමන්නරම්තොට[/SIZE] [IMG]http://s14.postimg.org/a1tmi4tg1/251558_10151179965406418_1482887948_n.jpg[/IMG] [SIZE="3"]රේගුව[/SIZE] [IMG]http://s14.postimg.org/5ddmmy49d/223958_10151179965286418_851399758_n.jpg[/IMG] [IMG]http://s14.postimg.org/bd1dqlp1t/419204_10151179965311418_1063815236_n.jpg[/IMG] [SIZE="3"]පියර් එක[/SIZE] [IMG]http://s14.postimg.org/lpnocoikx/644392_10151179966261418_2146004368_n.jpg[/IMG] [IMG]http://s14.postimg.org/ny1uu0pox/262270_10151179969691418_1886404028_n.jpg[/IMG] [IMG]http://s14.postimg.org/6w90rxatt/377370_10151179969721418_577008236_n.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom