ඉදිරි වසර 4 සදහා EPF පොලිය 9% ට බස්සයි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සේවක අර්ථසාධක අරමුදල සාමාජිකයන් සදහා ගෙවන වාර්ෂික පොලී ප්‍රතිශතය සැලකිල්ලට ගෙන 2023 සහ 2026 කාලය දක්වා ඉදිරි වසර 4ක කාලයේ දායකත්ව මුදල් මත හිමි වන වාර්ෂික පොලී අනුපාතය අවම වශයෙන් 9% ක් ලෙස සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.


    ඒ සඳහා සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ දායකත්ව මුදල් මත වන ප්‍රතිලාභ පොලී අනුපාත තහවුරු කිරීමට හැකිවන පරිදි 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් විකුමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.



    ඒ අනුව පසුගිය වසර පහක කාලයේ සේවක අර්ථසාධක අරමුදල විසින් සාමාජිකයන් සඳහා ගෙවනු ලබන වාර්ෂික පොලී ප්‍රතිශතය සැලකිල්ලට ගෙන 2023 සහ 2026 කාලය දක්වා ඉදිරි වසර 4ක කාලයේ දායකත්ව මුදල් මත හිමි වන වාර්ෂික පොලී අනුපාතය අවම වශයෙන් 9% විය යුතු බවට නියම කෙරෙන පරිදි 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට නියමිතය.

    දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල සතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රශස්තකරණයට ලක් වීමෙන් එම අරමුදලේ සාමාජිකයන්ගේ විශ්‍රාමික ගෙවීම් හා ප්‍රතිලාභවලට බලපෑමක් නොවන අයුරින් එකී ගෙවීම් සහ ප්‍රතිලාභ තහවුරු කිරීමේ අවශ්‍යතාව රජය හඳුනාගෙන ඇති බව කැබිනට් තීරණ දැනුම් දීමේ පත්‍රිකාවේ දැක්වේ.

    නවෝද්‍යා පවනි