Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉදිල ද? ඉදවල ද? වස කා නසින්නට පෙර _______________________________
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉදිල ද? ඉදවල ද? වස කා නසින්නට පෙර _______________________________

ඉදිල ද? ඉදවල ද? වස කා නසින්නට පෙර

ගසක මල් පිපී, ඵල හටගෙන, ඒවා පැසී, මෝරා ඉදීම කියන සංසිද්ධිය ස්වභාවධර්මයේ නීතියට අනුකූලව සිදුවන සංකීර්ණ ජෛව රසායනික කි‍්‍රයාවලියකි. එසේ පැසී, ඉදෙන පලතුරු ආහාරයට ගැනීමෙන්, ශරීර සෞඛ්‍යයට අත්වන ආනිසංස බොහෝ ය. නිරෝගී දිවියක් සඳහා දෛනිකව පුද්ගලයෙකු එළවළු සහ පලතුරු ග්රැම් 350 ක් පමණ ආහාරයට ගත යුතු වුවත්, අපේ රටේ ජනයාගේ දෛනික ඒක පුද්ගල එළවළු සහ පලතුරු පරිභෝජනය ඉන් අඩක් පමණ වන බැවින්, විශේෂයෙන් පලතුරු වැඩි වැඩියෙන් පරිභෝජනය කළ යුතු බව පෝෂණවේදීන් නිතර අවධාරණය කරන කාරණාවකි. තත්ත්වය එය වුව ද පලතුරු ආහාරයට ගැනීමට උනන්දුවන වත්මන් පාරිභෝගිකයා තමන් මිල දී ගන්නේ සෞඛ්යාරක්ෂිත පලතුරු ද, නැතිනම් බෙහෙත් ගසා ඉදවූ (සාමාන්‍ය ව්‍යවහාරයේ පරිදි) පලතුරු ද යන්න තෝරා බේරා ගැනීමේ උභතෝකෝටිකයකට මුහුණ දී සිටි.

පලතුරු ඉදීමේ ස්වභාවධර්මයාගේ කල් මැරීමේ නීතිය ඉවසා වදාරන්නට නූතන සේරිවාණිජ පරපුරේ වෙළෙන්දන්ට අපහසු ය. ඔවුන්ට ඉදුණු පලතුරු දුර පළාත්වල සිට ප්‍රවාහනය කිරීම අපහසු නිසා (පසු අස්වනු හානිය නිසා) ඇඹිලිපිටිය, වැල්ලවාය වැනි ප්‍රදේශවලින් තුට්ටු දෙකට මිල දී ගන්නා අමු පලතුරු දුර පළාත්වලට ප්‍රවාහනය කරයි. ඒවා ‘කාබයිඞ්’ වැනි කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයන් භාවිත කර ඉදවා, නැවුම් පලතුරු ලෙසින් වෙළෙඳපොළට ඉදිරිපත් කරයි. මෙම වෙළෙඳුන් අඹ වැනි පලතුරු ගස් පිටින් ගොවීන්ගෙන් බදු ගන්නා අතර, එසේ බදු ගන්නා ගස්වල නො මේරූ ලා ගෙඩි පවා නෙළා ගනී.

කෘත්‍රිමව පලතුරු ඉදවීම සඳහා භාවිත කරන්නේ මොනවා ද?

මේ සඳහා බහුල ව ම භාවිත කරනුයේ ‘කාබයිඞ්’ නමැති තහනම් රසායනික ද්‍රව්‍යය වන අතර, යම් යම් කොන්දේසිවලට යටත්ව භාවිත කරන්නට රජයෙන් අනුමත කර ඇති, ‘ඒත්රල්’ නමින් හඳුන්වන රසායනික ද්‍රව්‍යය ද භාවිත කෙරේ.

‘කාබයිඞ්’

මෙය රසායනිකව ‘කැල්සියම් කාබයිඞ්’ (CaCO2) ලෙසින් හැඳින්වෙන අතර, හුණු නිෂ්පාදනයේ දී අතුරුඵලයක් ලෙසට ද සෑදේ. ‘සංශුද්ධ කාබයිඞ්’ අවර්ණ වන අතර, ‘අසංශුද්ධ කාබයිඞ්’ අළු පැහැයට හුරු හෝ අඳුරු පැහැයෙන් පැවතිය හැකි ය. ලාක්ෂණික සුදුලූනු ගන්ධයක් සහිත ය. කාබයිඞ්වලට ජලය මුසු වීමේ දී ‘ඇසිටලීන්’ වායුව නිකුත් කෙරෙන අතර, ඇසිටලීන් පලතුරු ස්වභාවිකව ඉදීමේ ක්‍රියාවලියට ඉවහල්වන ශාක හෝමොනයක් වන ‘එතිලීන්’ රසායනිකයට සමාන ගුණ දක්වන නිසා, පලතුරු කෘත්‍රිමව ඉදීමේ ක්‍රියාවලියට ලක් වේ. කාබයිඞ්වල කැල්සියම් කාබයිඞ්වලට අමතරව, ‘ආසනික්’, ‘පොස්පරස් හයිඩ්රයිඞ්’, ‘පොස්පීන්’, ‘ආසීන්’ වැනි අධික විෂ සහිත රසායනික සංයෝගයන් ද අඩංගු වේ. මෙයට අමතරව පලතුරු මතට කාබයිඞ් ඉසීමෙන් ‘සයනයිඞ්’ ද සෑදෙන බව සොයාගෙන ඇත. කාබයිඞ් මිලෙන් අඩුවන අතර,කිලෝ ග්රැම් එකකින් පලතුරු කිලෝ ටොන් 10 ක් පමණ ඉදවිය හැකි වීම, භාවිත කිරීම සරල වීම, සුලභව ලබා ගත හැකි වීම සහ පලතුරුවලට ප්‍රසන්න ආකර්ෂණීය වර්ණයක් ලබා දීම, යන කාරණා නිසාවෙන් කාබයිඞ් භාවිත කිරීමට වෙළෙන්දන් වැඩි රුචිකත්වයක් දක්වයි. පැපොල්, අඹ, කෙසෙල්, අන්නාසි, තක්කාලි ඉදවීම සඳහා බහුල වශයෙන් භාවිත කෙරේ. කාබයිඞ් භාවිත කර පලතුරු ඉදවීම, අපේ රටේ පමණක් නො ව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, ඕස්ටේ්රලියාව, ඇමරිකාව, අකුණු අප්‍රිකාව වැනි රටවල ද සිදු කෙරෙන අතර, මෙම රටවල්වලින් නැව් පිටින් පටවා ලංකාවට එවන ඇපල්, නාරං, මිදි වැනි පලතුරු ද මේ අනුව ඒවා තුළ ඇතැයි පැවසෙන විවිධ පළිබෝධනාශක ශේෂ කොටස්වලට අමතරව, කාබයිඞ්වලින් දූෂණය වී තිබීමේ අවදානම ද නැත්තේ නො වේ.

කාබයිඞ්වලින් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලූ

‘කැල්සියම් කාබයිඞ්’ පිළිකා කාරකයක් වන අතර, කාබයිඞ්වල ඇති අනෙකුත් විෂ රසායන ද්‍රව්‍යයන් බොහොමයක් ද පිළිකාකාරක බව සොයා ගෙන ඇත. මෙයට අමතරව මෙම රසායනික ද්‍රව්‍යයන් ශරීරගත වීමෙන් මුඛය, ආමාශය, උගුර යන ස්ථානවල දැවිල්ල සහ තුවාල ඇති වීම, ලේ සහිතව හෝ රහිතව වමනය සහ පාචනය ඇති වීම, සම මත පලූ දැමීම, ඇස් දැවිල්ල හා ඇස්වලට ස්ථීර ලෙස හානි සිදු වීම, ශරීරය අප්‍රාණිකවීම, අත් පාවල ඇතිවන හිරි ගතිය, කැස්ස, හතිය සහ ඇදුම රෝගය වැනි සංකූලතා ඇති විය හැකි බවත්, අධික වශයෙන් ශරීරගත වීමෙන්, පෙණහලූ තුළ වතුර පිරීමෙන් ඇති විය හැකි භයානක රෝග තත්ත්වය පවා ඇති විය හැකි බව, ඉන්දියාවේ ‘කල්අඩි’ නගරයේ පිහිටි ‘අදි ශංකාරා’ සරසවියේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්.සීතාරාමන් මහතා ප්‍රකාශ කර ඇත. ගර්භිණී මව්වරු ‘කාබයිඞ්’ යෙදු පලතුරු ආහාරයට ගැනීමෙන්, ගබ්සා වීමේ සහ අංගවිකල දරුවන් බිහිවීමේ අවදානමට පවා ලක් විය හැකි බව තූර්කි සරසවියක් වන ‘අර්සියෙස්’ (Erciyes) සරසවියේ කර ඇති පර්යේෂණයකට අනුව සොයාගෙන ඇත. ඉහත පර්යේෂණවල දී සොයාගෙන ඇති, අපගේ අවධානයට ලක් විය යුතු තවත් වැදගත් කාරණාවක් වනුයේ, පලතුරුවලට යොදන පළිබෝධ නාශක වර්ගවල ශේෂ කොටස් (Residuals) සමග කාබයිඞ්වල ඇති රසායනික ද්‍රව්‍යයන් ප්‍රතික්‍රියා කිරීමෙන් අනපේක්ෂිත භයානක සෞඛ්‍යය ගැටලූ ඇති විය හැකි ය යන කාරණාව ය. අපේ රටේ ගොවීන් තක්කාලි සඳහා අධික ලෙස පළිබෝධ නාශක ද්‍රව්‍යයන් යොදන අතර, (අස්වනු නෙළීමෙන් පසු ද පළිබෝධ නාශක ඉසින බව නිරීක්ෂණය කෙරී ඇත.) තක්කාලිවලට ද (විශේෂයෙන් මිල අධික කාලවල දී) කාබයිඞ් යොදන බව දැන ගන්නට ඇත.

පලතුරු ඉදවීමට භාවිත කෙරෙන අනිකුත් රසායනික ක්‍රම

මේ සඳහා ‘එත්රල්’ නමින් හඳුන්වනු ලබන දියරය භාවිත කිරීම අනුමත කර ඇත. මෙය රසායනිකව, ‘2-ක්ලෝරෝඑතිල් පොස්පරික් ඇසිඞ්’ (Ethephon) ලෙස හැඳින්වේ. ‘කැල්සියම්’ හෝ ‘සෝඩියම් හයිඩොක්සයිඞ්’ ද්‍රාවණයකින් මිලි ලීටර් 1 ක් ජලය ලීටර් 1 ක දිය කර, එයට ‘එත්රල්’ දියරයෙන් මිලි ලීටර් 1ක් මිශ්‍ර කර සාදා ගනු ලබන ද්‍රාවණය බාස්කට් එකකට දමා, වසන ලද කාමරයකට මේරූ පලතුරු පමණක් දමා,

එම කාමරය තුළ එකී භාජනය පැය 24 ක කාලයක් තැබීමෙන් ද්‍රාවණයෙන් නිකුත් කෙරෙන ‘එතිලීන්’ වායුවට පලතුරු පැය 24 ක කාලයක් නිරාවරණය කිරීමෙන්, පලතුරු කෘත්‍රිමව ඉදවීම කළ හැකි ය. මෙම ක්‍රමයට පටහැනි ලෙස පලතුරු ඉදවීමේ සියලූම ක්‍රම, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2011 මැයි මස 19 දින නිකුත් කෙරුණු චක්රලේඛයෙන් තහනම් කර ඇත. තව ද මෙම ක්‍රමයට ඉදවිය හැක්කේ පැපොල්, කෙසෙල්, අඹ සහ අලිපේර වැනි පලතුරු පමණක් වන අතර, එත්රල් දියරය පලතුරු මතට කෙළින් ම යෙදීම ද තහනම් කර ඇත.

කෙසේ වෙතත් බොහෝ වෙළෙන්දන් විසින්, එත්රල් දියරය කෙළින් ම පලතුරු මතට ස්පේ‍්‍ර කිරීමටත්, තවදුරටත් කාබයිඞ් භාවිත කිරීමටත් පෙළඹී ඇති බව දකින්නට ඇත.

කෘත්‍රිමව ඉදවූ පලතුරුවල පෝෂණ ගුණය

ස්වාභාවිකව පලතුරු ඉදීමේ ක්‍රියාවලියේ දී පුළුල් ජෛව රසායනික ක්‍රියාවලියක් සිදුවන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, ‘ක්ලෝරෆිල්’ සහ ‘එන්සයිම’ වර්ග බිඳ වැටීම, ‘කැරටිනොයිඩ’, ‘ප්ලෙවොනොයිඩ’ සහ ‘ඇන්තොකයිනේස්’ වැනි ප්‍රබල ප්‍රතිඔක්සිකාරක, පිළිකා නාශක සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන (immune system boostrs) රසායනික සංයෝගවල සිදුවන ජෛව සංස්ලේශණය සහ විටමින් වර්ග, අත්‍යවශ්‍ය මේද අම්ල සංස්ලේශණය වැනි සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලීන් රාශියක් කෘත්‍රිමව පලතුරු ඉදවීමේ දී සිදු නො වන බව පෝෂණ විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. පලතුරු ආහාරයට ගැනීමේ අතිශයින් ම වැදගත් කාරණාව වන්නේ, අපගේ දිවි රැකගැනීමට බෙහෙවින් ම වැදගත් වන මෙකී රසායනික සංයෝගවල පැවැත්ම ය.

මීට අමතරව කෘත්‍රිමව පලතුරු ඉදවීමේ දී පලතුරුවල ස්වභාවික රසය, සුවඳ, වර්ණය යන ගුණාංග ද හානි විය හැකි ය. ඒ අනුව තණමල්විල ගොවියාගෙන් රුපියල් පහට, හයට මිල දී ගන්නා නො මේරූ අඹ ගෙඩියක් කෘති‍්‍රමව ඉදවා, කොළඹ දී රුපියල් පනහට, හැටට විකුණන මුදලාලිලා පාඩු කරන්නේ අපේ පසුම්බියට පමණක් නොවන බව පැහැදිලි ය.

කෘත්‍රිමව ඉදවූ පලතුරුවලට නො රැවටෙමු

*ඇස් ඇදගන්නා ආකර්ෂණීය පෙනුමකින් යුතු, සමාකාරව පැතුරුණු තීව්ර වර්ණයක් සහිත, සම්පූර්ණ ගෙඩිය ම හෝ කැණ ම එකවර ඉදී ඇති පලතුරු මිල දී නො ගන්න.

*අවාරයේ දී වෙළඳපොළේ ඇති පලතුරු මිලදී නො ගන්න. අවාරයට වෙළඳපොළට පැමිණෙන පලතුරු බොහෝ විට කෘත්‍රිමව ඉදවූ ඒවා විය හැකි ය. (අඹ වැනි පලතුරු වාරයට සුලභවන බැවින්, කෘත්‍රිමව ඉදවීම බොහෝ විට අවශ්‍ය නො වේ.)

* මුළු කැන ම එකවර වර්ණ ගැන්වී ඇති කෙසෙල් මිල දී නො ගන්න. කෘත්‍රිමව කෙසෙල් ඉදවීමේ දී කැන ම එකවර වර්ණ ගැන්වෙන අතර, එහි ඇවරි සම්බන්ධවන කඳ කොටස (stem) තද කොළ පාටින් තිබෙනු නිරීක්ෂණය කළ හැකි ය. මක් නිසා ද යත් එතිලීන් හෝ ඇසිටලීන් මගින් ඉදෙන්නේ පලතුරු මිස එහි කඳ කොටස නො වන බැවින් ය.

*පලතුරු මිල අධික කාලවල දී, මිල අධික පලතුරු වෙනුවට මිල අඩු විකල්ප පලතුරු පරිභෝජනය කරන්න.

මිල අධික කෙසෙල් වර්ග, කර්තකොලොම්බන් වැනි අඹ වර්ග බොහෝ විට කෘත්‍රිමව ඉදවා තිබිය හැකි ය.

*මිල වැඩි කාලවල දී සම්පූර්ණයෙන් ම ඉදුණු තක්කාලි මිල දී නො ගන්න. (තක්කාලි ගොඩ ම වර්ණ ගැන්වී ඇති)

*භාගෙට ඉදුණු පලතුරු මිල දී ගන්න. ස්වභාවික ව පලතුරු ඉදීමේ රටාවක් ඇත. ඊට පටහැනි ලෙස සම්පූර්ණයෙන් ඉදී ඇති පලතුරු මිලදී නො ගන්න. උදාහරණයක් ලෙස පැපොල් ගෙඩියක් නම් එය පිටුපස සිට ක්‍රමයෙන් ඉදීම සිදුවේ.

* පිටින් ඉදී ඇති, ඇතුළතින් අමු පලතුරු පරිභෝජනය නො කරන්න. ස්වභාවිකව පලතුරු ඉදීමේ දී ගෙඩියේ අභ්‍යන්තරයේ සිට පිටතට ඉදීම සිදුවන අතර, කෘත්‍රිමව ඉදවීමේ දී එය ප්‍රතිවිරුද්ධ දිසාවට සිදු වේ.

*පලතුරු ආහාරයට ගැනීමට පෙර ගලන ජලයෙන් හොඳින් සෝදන්න.

* පොතු ඉවත්කර, සෝදා ආහාරයට ගන්න.

* ඇපල්, අඹ වැනි පලතුරු කිසි විටෙක, ගෙඩිය එහෙම පිටන්ම ආහාරයට නො ගෙන, කැබලිවලට කපා වර්ණ වෙනස් වීමක් සිදු වී තිබේදැයි පරික්ෂා කරන්න.

* ලාක්ෂණික රසය, සුවඳ නොමැති, අස්වාභාවික රසයක් සුවඳක් සහිත පලතුරු ආහාරයට නො ගන්න.

* සැක සහිත තත්ත්වයක් තිබේ නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක, ආහාර හා ඖෂධ පරීක්ෂක, ආහාර පරීක්ෂක, හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට පැමිණිලි කරන්න.

ගැමුණු සාලිය පෙරේරා

මහජන සෞඛ්‍ය පරීක්ෂක – දියතලාව

Source : Mahamegha

Thread දෙයක් ගත්ත නම් , අපිටත් සලකල යන්න හොදේ .

[QUOTE="ගූ ගල්, post: 13791043, member: 436382"] [b]ඉදිල ද? ඉදවල ද? වස කා නසින්නට පෙර _______________________________[/b] [SIZE="4"][B][IMG]http://m.ak.fbcdn.net/sphotos-f.ak/hphotos-ak-ash4/c0.0.700.334.63819691578/p843x403/406909_240219946105059_858177706_n.jpg[/IMG] ඉදිල ද? ඉදවල ද? වස කා නසින්නට පෙර ගසක මල් පිපී, ඵල හටගෙන, ඒවා පැසී, මෝරා ඉදීම කියන සංසිද්ධිය ස්වභාවධර්මයේ නීතියට අනුකූලව සිදුවන සංකීර්ණ ජෛව රසායනික කි‍්‍රයාවලියකි. එසේ පැසී, ඉදෙන පලතුරු ආහාරයට ගැනීමෙන්, ශරීර සෞඛ්‍යයට අත්වන ආනිසංස බොහෝ ය. නිරෝගී දිවියක් සඳහා දෛනිකව පුද්ගලයෙකු එළවළු සහ පලතුරු ග්රැම් 350 ක් පමණ ආහාරයට ගත යුතු වුවත්, අපේ රටේ ජනයාගේ දෛනික ඒක පුද්ගල එළවළු සහ පලතුරු පරිභෝජනය ඉන් අඩක් පමණ වන බැවින්, විශේෂයෙන් පලතුරු වැඩි වැඩියෙන් පරිභෝජනය කළ යුතු බව පෝෂණවේදීන් නිතර අවධාරණය කරන කාරණාවකි. තත්ත්වය එය වුව ද පලතුරු ආහාරයට ගැනීමට උනන්දුවන වත්මන් පාරිභෝගිකයා තමන් මිල දී ගන්නේ සෞඛ්යාරක්ෂිත පලතුරු ද, නැතිනම් බෙහෙත් ගසා ඉදවූ (සාමාන්‍ය ව්‍යවහාරයේ පරිදි) පලතුරු ද යන්න තෝරා බේරා ගැනීමේ උභතෝකෝටිකයකට මුහුණ දී සිටි. පලතුරු ඉදීමේ ස්වභාවධර්මයාගේ කල් මැරීමේ නීතිය ඉවසා වදාරන්නට නූතන සේරිවාණිජ පරපුරේ වෙළෙන්දන්ට අපහසු ය. ඔවුන්ට ඉදුණු පලතුරු දුර පළාත්වල සිට ප්‍රවාහනය කිරීම අපහසු නිසා (පසු අස්වනු හානිය නිසා) ඇඹිලිපිටිය, වැල්ලවාය වැනි ප්‍රදේශවලින් තුට්ටු දෙකට මිල දී ගන්නා අමු පලතුරු දුර පළාත්වලට ප්‍රවාහනය කරයි. ඒවා ‘කාබයිඞ්’ වැනි කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයන් භාවිත කර ඉදවා, නැවුම් පලතුරු ලෙසින් වෙළෙඳපොළට ඉදිරිපත් කරයි. මෙම වෙළෙඳුන් අඹ වැනි පලතුරු ගස් පිටින් ගොවීන්ගෙන් බදු ගන්නා අතර, එසේ බදු ගන්නා ගස්වල නො මේරූ ලා ගෙඩි පවා නෙළා ගනී. කෘත්‍රිමව පලතුරු ඉදවීම සඳහා භාවිත කරන්නේ මොනවා ද? මේ සඳහා බහුල ව ම භාවිත කරනුයේ ‘කාබයිඞ්’ නමැති තහනම් රසායනික ද්‍රව්‍යය වන අතර, යම් යම් කොන්දේසිවලට යටත්ව භාවිත කරන්නට රජයෙන් අනුමත කර ඇති, ‘ඒත්රල්’ නමින් හඳුන්වන රසායනික ද්‍රව්‍යය ද භාවිත කෙරේ. ‘කාබයිඞ්’ මෙය රසායනිකව ‘කැල්සියම් කාබයිඞ්’ (CaCO2) ලෙසින් හැඳින්වෙන අතර, හුණු නිෂ්පාදනයේ දී අතුරුඵලයක් ලෙසට ද සෑදේ. ‘සංශුද්ධ කාබයිඞ්’ අවර්ණ වන අතර, ‘අසංශුද්ධ කාබයිඞ්’ අළු පැහැයට හුරු හෝ අඳුරු පැහැයෙන් පැවතිය හැකි ය. ලාක්ෂණික සුදුලූනු ගන්ධයක් සහිත ය. කාබයිඞ්වලට ජලය මුසු වීමේ දී ‘ඇසිටලීන්’ වායුව නිකුත් කෙරෙන අතර, ඇසිටලීන් පලතුරු ස්වභාවිකව ඉදීමේ ක්‍රියාවලියට ඉවහල්වන ශාක හෝමොනයක් වන ‘එතිලීන්’ රසායනිකයට සමාන ගුණ දක්වන නිසා, පලතුරු කෘත්‍රිමව ඉදීමේ ක්‍රියාවලියට ලක් වේ. කාබයිඞ්වල කැල්සියම් කාබයිඞ්වලට අමතරව, ‘ආසනික්’, ‘පොස්පරස් හයිඩ්රයිඞ්’, ‘පොස්පීන්’, ‘ආසීන්’ වැනි අධික විෂ සහිත රසායනික සංයෝගයන් ද අඩංගු වේ. මෙයට අමතරව පලතුරු මතට කාබයිඞ් ඉසීමෙන් ‘සයනයිඞ්’ ද සෑදෙන බව සොයාගෙන ඇත. කාබයිඞ් මිලෙන් අඩුවන අතර,කිලෝ ග්රැම් එකකින් පලතුරු කිලෝ ටොන් 10 ක් පමණ ඉදවිය හැකි වීම, භාවිත කිරීම සරල වීම, සුලභව ලබා ගත හැකි වීම සහ පලතුරුවලට ප්‍රසන්න ආකර්ෂණීය වර්ණයක් ලබා දීම, යන කාරණා නිසාවෙන් කාබයිඞ් භාවිත කිරීමට වෙළෙන්දන් වැඩි රුචිකත්වයක් දක්වයි. පැපොල්, අඹ, කෙසෙල්, අන්නාසි, තක්කාලි ඉදවීම සඳහා බහුල වශයෙන් භාවිත කෙරේ. කාබයිඞ් භාවිත කර පලතුරු ඉදවීම, අපේ රටේ පමණක් නො ව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, ඕස්ටේ්රලියාව, ඇමරිකාව, අකුණු අප්‍රිකාව වැනි රටවල ද සිදු කෙරෙන අතර, මෙම රටවල්වලින් නැව් පිටින් පටවා ලංකාවට එවන ඇපල්, නාරං, මිදි වැනි පලතුරු ද මේ අනුව ඒවා තුළ ඇතැයි පැවසෙන විවිධ පළිබෝධනාශක ශේෂ කොටස්වලට අමතරව, කාබයිඞ්වලින් දූෂණය වී තිබීමේ අවදානම ද නැත්තේ නො වේ. කාබයිඞ්වලින් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලූ ‘කැල්සියම් කාබයිඞ්’ පිළිකා කාරකයක් වන අතර, කාබයිඞ්වල ඇති අනෙකුත් විෂ රසායන ද්‍රව්‍යයන් බොහොමයක් ද පිළිකාකාරක බව සොයා ගෙන ඇත. මෙයට අමතරව මෙම රසායනික ද්‍රව්‍යයන් ශරීරගත වීමෙන් මුඛය, ආමාශය, උගුර යන ස්ථානවල දැවිල්ල සහ තුවාල ඇති වීම, ලේ සහිතව හෝ රහිතව වමනය සහ පාචනය ඇති වීම, සම මත පලූ දැමීම, ඇස් දැවිල්ල හා ඇස්වලට ස්ථීර ලෙස හානි සිදු වීම, ශරීරය අප්‍රාණිකවීම, අත් පාවල ඇතිවන හිරි ගතිය, කැස්ස, හතිය සහ ඇදුම රෝගය වැනි සංකූලතා ඇති විය හැකි බවත්, අධික වශයෙන් ශරීරගත වීමෙන්, පෙණහලූ තුළ වතුර පිරීමෙන් ඇති විය හැකි භයානක රෝග තත්ත්වය පවා ඇති විය හැකි බව, ඉන්දියාවේ ‘කල්අඩි’ නගරයේ පිහිටි ‘අදි ශංකාරා’ සරසවියේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්.සීතාරාමන් මහතා ප්‍රකාශ කර ඇත. ගර්භිණී මව්වරු ‘කාබයිඞ්’ යෙදු පලතුරු ආහාරයට ගැනීමෙන්, ගබ්සා වීමේ සහ අංගවිකල දරුවන් බිහිවීමේ අවදානමට පවා ලක් විය හැකි බව තූර්කි සරසවියක් වන ‘අර්සියෙස්’ (Erciyes) සරසවියේ කර ඇති පර්යේෂණයකට අනුව සොයාගෙන ඇත. ඉහත පර්යේෂණවල දී සොයාගෙන ඇති, අපගේ අවධානයට ලක් විය යුතු තවත් වැදගත් කාරණාවක් වනුයේ, පලතුරුවලට යොදන පළිබෝධ නාශක වර්ගවල ශේෂ කොටස් (Residuals) සමග කාබයිඞ්වල ඇති රසායනික ද්‍රව්‍යයන් ප්‍රතික්‍රියා කිරීමෙන් අනපේක්ෂිත භයානක සෞඛ්‍යය ගැටලූ ඇති විය හැකි ය යන කාරණාව ය. අපේ රටේ ගොවීන් තක්කාලි සඳහා අධික ලෙස පළිබෝධ නාශක ද්‍රව්‍යයන් යොදන අතර, (අස්වනු නෙළීමෙන් පසු ද පළිබෝධ නාශක ඉසින බව නිරීක්ෂණය කෙරී ඇත.) තක්කාලිවලට ද (විශේෂයෙන් මිල අධික කාලවල දී) කාබයිඞ් යොදන බව දැන ගන්නට ඇත. පලතුරු ඉදවීමට භාවිත කෙරෙන අනිකුත් රසායනික ක්‍රම මේ සඳහා ‘එත්රල්’ නමින් හඳුන්වනු ලබන දියරය භාවිත කිරීම අනුමත කර ඇත. මෙය රසායනිකව, ‘2-ක්ලෝරෝඑතිල් පොස්පරික් ඇසිඞ්’ (Ethephon) ලෙස හැඳින්වේ. ‘කැල්සියම්’ හෝ ‘සෝඩියම් හයිඩොක්සයිඞ්’ ද්‍රාවණයකින් මිලි ලීටර් 1 ක් ජලය ලීටර් 1 ක දිය කර, එයට ‘එත්රල්’ දියරයෙන් මිලි ලීටර් 1ක් මිශ්‍ර කර සාදා ගනු ලබන ද්‍රාවණය බාස්කට් එකකට දමා, වසන ලද කාමරයකට මේරූ පලතුරු පමණක් දමා, එම කාමරය තුළ එකී භාජනය පැය 24 ක කාලයක් තැබීමෙන් ද්‍රාවණයෙන් නිකුත් කෙරෙන ‘එතිලීන්’ වායුවට පලතුරු පැය 24 ක කාලයක් නිරාවරණය කිරීමෙන්, පලතුරු කෘත්‍රිමව ඉදවීම කළ හැකි ය. මෙම ක්‍රමයට පටහැනි ලෙස පලතුරු ඉදවීමේ සියලූම ක්‍රම, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2011 මැයි මස 19 දින නිකුත් කෙරුණු චක්රලේඛයෙන් තහනම් කර ඇත. තව ද මෙම ක්‍රමයට ඉදවිය හැක්කේ පැපොල්, කෙසෙල්, අඹ සහ අලිපේර වැනි පලතුරු පමණක් වන අතර, එත්රල් දියරය පලතුරු මතට කෙළින් ම යෙදීම ද තහනම් කර ඇත. කෙසේ වෙතත් බොහෝ වෙළෙන්දන් විසින්, එත්රල් දියරය කෙළින් ම පලතුරු මතට ස්පේ‍්‍ර කිරීමටත්, තවදුරටත් කාබයිඞ් භාවිත කිරීමටත් පෙළඹී ඇති බව දකින්නට ඇත. කෘත්‍රිමව ඉදවූ පලතුරුවල පෝෂණ ගුණය ස්වාභාවිකව පලතුරු ඉදීමේ ක්‍රියාවලියේ දී පුළුල් ජෛව රසායනික ක්‍රියාවලියක් සිදුවන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, ‘ක්ලෝරෆිල්’ සහ ‘එන්සයිම’ වර්ග බිඳ වැටීම, ‘කැරටිනොයිඩ’, ‘ප්ලෙවොනොයිඩ’ සහ ‘ඇන්තොකයිනේස්’ වැනි ප්‍රබල ප්‍රතිඔක්සිකාරක, පිළිකා නාශක සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන (immune system boostrs) රසායනික සංයෝගවල සිදුවන ජෛව සංස්ලේශණය සහ විටමින් වර්ග, අත්‍යවශ්‍ය මේද අම්ල සංස්ලේශණය වැනි සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලීන් රාශියක් කෘත්‍රිමව පලතුරු ඉදවීමේ දී සිදු නො වන බව පෝෂණ විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. පලතුරු ආහාරයට ගැනීමේ අතිශයින් ම වැදගත් කාරණාව වන්නේ, අපගේ දිවි රැකගැනීමට බෙහෙවින් ම වැදගත් වන මෙකී රසායනික සංයෝගවල පැවැත්ම ය. මීට අමතරව කෘත්‍රිමව පලතුරු ඉදවීමේ දී පලතුරුවල ස්වභාවික රසය, සුවඳ, වර්ණය යන ගුණාංග ද හානි විය හැකි ය. ඒ අනුව තණමල්විල ගොවියාගෙන් රුපියල් පහට, හයට මිල දී ගන්නා නො මේරූ අඹ ගෙඩියක් කෘති‍්‍රමව ඉදවා, කොළඹ දී රුපියල් පනහට, හැටට විකුණන මුදලාලිලා පාඩු කරන්නේ අපේ පසුම්බියට පමණක් නොවන බව පැහැදිලි ය. කෘත්‍රිමව ඉදවූ පලතුරුවලට නො රැවටෙමු *ඇස් ඇදගන්නා ආකර්ෂණීය පෙනුමකින් යුතු, සමාකාරව පැතුරුණු තීව්ර වර්ණයක් සහිත, සම්පූර්ණ ගෙඩිය ම හෝ කැණ ම එකවර ඉදී ඇති පලතුරු මිල දී නො ගන්න. *අවාරයේ දී වෙළඳපොළේ ඇති පලතුරු මිලදී නො ගන්න. අවාරයට වෙළඳපොළට පැමිණෙන පලතුරු බොහෝ විට කෘත්‍රිමව ඉදවූ ඒවා විය හැකි ය. (අඹ වැනි පලතුරු වාරයට සුලභවන බැවින්, කෘත්‍රිමව ඉදවීම බොහෝ විට අවශ්‍ය නො වේ.) * මුළු කැන ම එකවර වර්ණ ගැන්වී ඇති කෙසෙල් මිල දී නො ගන්න. කෘත්‍රිමව කෙසෙල් ඉදවීමේ දී කැන ම එකවර වර්ණ ගැන්වෙන අතර, එහි ඇවරි සම්බන්ධවන කඳ කොටස (stem) තද කොළ පාටින් තිබෙනු නිරීක්ෂණය කළ හැකි ය. මක් නිසා ද යත් එතිලීන් හෝ ඇසිටලීන් මගින් ඉදෙන්නේ පලතුරු මිස එහි කඳ කොටස නො වන බැවින් ය. *පලතුරු මිල අධික කාලවල දී, මිල අධික පලතුරු වෙනුවට මිල අඩු විකල්ප පලතුරු පරිභෝජනය කරන්න. මිල අධික කෙසෙල් වර්ග, කර්තකොලොම්බන් වැනි අඹ වර්ග බොහෝ විට කෘත්‍රිමව ඉදවා තිබිය හැකි ය. *මිල වැඩි කාලවල දී සම්පූර්ණයෙන් ම ඉදුණු තක්කාලි මිල දී නො ගන්න. (තක්කාලි ගොඩ ම වර්ණ ගැන්වී ඇති) *භාගෙට ඉදුණු පලතුරු මිල දී ගන්න. ස්වභාවික ව පලතුරු ඉදීමේ රටාවක් ඇත. ඊට පටහැනි ලෙස සම්පූර්ණයෙන් ඉදී ඇති පලතුරු මිලදී නො ගන්න. උදාහරණයක් ලෙස පැපොල් ගෙඩියක් නම් එය පිටුපස සිට ක්‍රමයෙන් ඉදීම සිදුවේ. * පිටින් ඉදී ඇති, ඇතුළතින් අමු පලතුරු පරිභෝජනය නො කරන්න. ස්වභාවිකව පලතුරු ඉදීමේ දී ගෙඩියේ අභ්‍යන්තරයේ සිට පිටතට ඉදීම සිදුවන අතර, කෘත්‍රිමව ඉදවීමේ දී එය ප්‍රතිවිරුද්ධ දිසාවට සිදු වේ. *පලතුරු ආහාරයට ගැනීමට පෙර ගලන ජලයෙන් හොඳින් සෝදන්න. * පොතු ඉවත්කර, සෝදා ආහාරයට ගන්න. * ඇපල්, අඹ වැනි පලතුරු කිසි විටෙක, ගෙඩිය එහෙම පිටන්ම ආහාරයට නො ගෙන, කැබලිවලට කපා වර්ණ වෙනස් වීමක් සිදු වී තිබේදැයි පරික්ෂා කරන්න. * ලාක්ෂණික රසය, සුවඳ නොමැති, අස්වාභාවික රසයක් සුවඳක් සහිත පලතුරු ආහාරයට නො ගන්න. * සැක සහිත තත්ත්වයක් තිබේ නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක, ආහාර හා ඖෂධ පරීක්ෂක, ආහාර පරීක්ෂක, හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට පැමිණිලි කරන්න. ගැමුණු සාලිය පෙරේරා මහජන සෞඛ්‍ය පරීක්ෂක – දියතලාව Source : Mahamegha [IMG]http://m.ak.fbcdn.net/sphotos-f.ak/hphotos-ak-ash4/c0.0.700.334.63819691578/p843x403/406909_240219946105059_858177706_n.jpg[/IMG] [/B][/SIZE] [SIZE="4"][I][B][COLOR="Navy"]Thread දෙයක් ගත්ත නම් , අපිටත් සලකල යන්න හොදේ . [/COLOR][/B][/I][/SIZE] :cool: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom