Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්කා මමියක මරණයේ තතු හෙලිවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්කා මමියක මරණයේ තතු හෙලිවේ

මෙය මාගේ බ්ලොග් අඩවියේ පළවූ ලිපියක් වන අතර එහි ලින්කුව පහතින් දැක්වෙනවා.

[CODE]http://dhiyatha.blogspot.com/2014/03/blog-post_12.html[/CODE]

මෙම ත්‍රෙඩ් එකෙහි සම්පූර්ණ ලිපියම පළවන අතර මම මෙම ලිපිය ලිවීමට කැපකල කාලය සහ වූ මහන්සිය ගැන යම්කිසි අගය කිරීමක් කිරීමට කැමති අය ඉන්නවානම් දීලා තියෙන ලින්ක් එක හරහා ගිහින් මගේ බ්ලොග් අඩවිය තුලින් මෙම ලිපිය කියවන්න.

මෙම මමියේ අතීතය පිළිබඳ හරිහැටි විස්තරයක් සඳහන් නොවෙතත් 1890දී බැවේරියානු කුමාරිකාවක වන තෙරේසා කුමරිය විසින් මමිය අත්පත් කරගත් බව සඳහන් වෙනවා. ඉන්පසුව වසර 100කට අධික කාලයක් මෙම මමිය තිබී ඇත්තේ ජර්මනියේ බැවේරියානු ප්‍රාන්ත පුරාවිද්‍යා භාණ්ඩ එකතුවේයි.

වසර 1600ක් පමණ පැරණි ලෙසට සැළකෙන මෙම මමිය සොයාගෙන තිබෙන්නේ දකුණු ඇමෙරිකාවේ ඇටකාමා කාන්තාරයෙන්. මෙය වයස විසි ගණනක් වූ ඉන්කා කාන්තාවකගේ මමියක් ලෙසට සැළකෙනවා.

ඇයගේ හිසකේ බැඳි පටි නිපදවා ඇත්තේ බැටළු හෝ ලාමා සත්වයෙකුගේ සම් වලින් බව සොයාගෙන තිබෙනවා. මෙම කරුණත් ඇයගේ හිසේ හැඩයත් පදනම් කරගෙනයි විද්‍යාඥයන් ඇය දකුණු ඇමෙරිකානු සම්භවයක් ඇත්තියක බව නිගමනය කර තිබෙන්නේ.

ඇය චාගාස් ආසාදනය නම් ආසාදනයකින් පෙලුනු බවටත් හඳුනාගෙන තිබෙනවා. නමුත් ඇයගේ මරණය සිදුවී ඇත්තේ මෙම ආසාදනය නිසා නම් නොවෙයි. මෙම ආසාදන තත්වය ඇයව මරණය අභියසටම ගෙනැවිත් තිබුනත් ඇය මියගොස් ඇත්තේ බිලිපූජාවකදී බිල්ලට දීමෙන් බව නවතම වෛද්‍ය පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා.

ඇයගේ සම්භවය හා මරණය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබාගැනීම සඳහා මියුනිච් විශ්වවිද්‍යාලයේ පුරාණව්‍යාධිවේදියෙකු වන ඇන්ඩ්‍රියාස් නර්ලිච් ඇටසැකිල්ල, ශරීර අවයව සහ පුරාණ DNA පරීක්ෂාවට ලක්කොට තිබෙනවා.

මමියේ බාහිර පෙනුමෙන් ඇය අවසන් මොහොතේදී අධික කම්පනයකට ලක්වූ බවට සාක්ෂි දක්නට නැතත් හිස්කබලේ නළල් ප්‍රදේශය බිඳී ගොස් ඇති බවට CT ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයාගෙන තිබෙනවා.

පරීක්ෂණ කටයුතු පිළිබඳව "Plos One" නම් සඟරාවට ලිපියක් ලියමින් අදහස් දක්වන පර්යේෂණ කණ්ඩායම පවසා සිටින්නේ ඇයගේ හිසට තියුණු ආයුධයකින් එල්ල වූ පහරවල් කිහිපයක් නිසාවෙන් ඇය මරණයට පත්ව ඇති බවයි. ඇය මරා දැමීමෙන් අනතුරුව ඇයව ඇටකාමා කාන්තාරයේ වළදමා ඇති අතර කාන්තාරයේ වැලි සහ සුළඟ හේතුකොටගෙන ඇය ස්වාභාවිකව මමිකරණය වී ඇත. මමියේ හිසකෙස් වෛද්‍ය පරීක්ෂණ වලට ලක්කිරීමෙන් අනතුරුව මියයන විට ඇයගේ වයස නිර්ණය කර ඇති අතර ඇය ජීවත් වූ කාලයේදී මුහුදු ආහාර සහ ඉරිඟු වැඩි වශයෙන් ආහාරයට ගන්නට ඇති බවටත් නිගමණය කර තිබෙනවා.

[QUOTE="madushanka224, post: 16380162, member: 499315"] [b]ඉන්කා මමියක මරණයේ තතු හෙලිවේ[/b] [SIZE="3"]මෙය මාගේ බ්ලොග් අඩවියේ පළවූ ලිපියක් වන අතර එහි ලින්කුව පහතින් දැක්වෙනවා. [CODE]http://dhiyatha.blogspot.com/2014/03/blog-post_12.html[/CODE] මෙම ත්‍රෙඩ් එකෙහි සම්පූර්ණ ලිපියම පළවන අතර මම මෙම ලිපිය ලිවීමට කැපකල කාලය සහ වූ මහන්සිය ගැන යම්කිසි අගය කිරීමක් කිරීමට කැමති අය ඉන්නවානම් දීලා තියෙන ලින්ක් එක හරහා ගිහින් මගේ බ්ලොග් අඩවිය තුලින් මෙම ලිපිය කියවන්න. [IMG]http://2.bp.blogspot.com/-7BL_5ivDmQM/Ux_BT2LO91I/AAAAAAAAARo/VQk7BwtNsXg/s1600/article-2569110-1BE049B300000578-415_634x379.jpg[/IMG] මෙම මමියේ අතීතය පිළිබඳ හරිහැටි විස්තරයක් සඳහන් නොවෙතත් 1890දී බැවේරියානු කුමාරිකාවක වන තෙරේසා කුමරිය විසින් මමිය අත්පත් කරගත් බව සඳහන් වෙනවා. ඉන්පසුව වසර 100කට අධික කාලයක් මෙම මමිය තිබී ඇත්තේ ජර්මනියේ බැවේරියානු ප්‍රාන්ත පුරාවිද්‍යා භාණ්ඩ එකතුවේයි. වසර 1600ක් පමණ පැරණි ලෙසට සැළකෙන මෙම මමිය සොයාගෙන තිබෙන්නේ දකුණු ඇමෙරිකාවේ ඇටකාමා කාන්තාරයෙන්. මෙය වයස විසි ගණනක් වූ ඉන්කා කාන්තාවකගේ මමියක් ලෙසට සැළකෙනවා. [IMG]http://1.bp.blogspot.com/-_t2F-OwaKuI/Ux_EBJ9grNI/AAAAAAAAAR0/8XBct0-vvvk/s1600/article-2569110-1BDA0AEF00000578-388_634x670.jpg[/IMG] ඇයගේ හිසකේ බැඳි පටි නිපදවා ඇත්තේ බැටළු හෝ ලාමා සත්වයෙකුගේ සම් වලින් බව සොයාගෙන තිබෙනවා. මෙම කරුණත් ඇයගේ හිසේ හැඩයත් පදනම් කරගෙනයි විද්‍යාඥයන් ඇය දකුණු ඇමෙරිකානු සම්භවයක් ඇත්තියක බව නිගමනය කර තිබෙන්නේ. [IMG]http://1.bp.blogspot.com/-acoPmozH7pw/Ux_FvDKPuOI/AAAAAAAAASA/erClzo5i8yY/s1600/article-2569110-1BE049B700000578-661_634x379.jpg[/IMG] ඇය චාගාස් ආසාදනය නම් ආසාදනයකින් පෙලුනු බවටත් හඳුනාගෙන තිබෙනවා. නමුත් ඇයගේ මරණය සිදුවී ඇත්තේ මෙම ආසාදනය නිසා නම් නොවෙයි. මෙම ආසාදන තත්වය ඇයව මරණය අභියසටම ගෙනැවිත් තිබුනත් ඇය මියගොස් ඇත්තේ බිලිපූජාවකදී බිල්ලට දීමෙන් බව නවතම වෛද්‍ය පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා. ඇයගේ සම්භවය හා මරණය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබාගැනීම සඳහා මියුනිච් විශ්වවිද්‍යාලයේ පුරාණව්‍යාධිවේදියෙකු වන ඇන්ඩ්‍රියාස් නර්ලිච් ඇටසැකිල්ල, ශරීර අවයව සහ පුරාණ DNA පරීක්ෂාවට ලක්කොට තිබෙනවා. මමියේ බාහිර පෙනුමෙන් ඇය අවසන් මොහොතේදී අධික කම්පනයකට ලක්වූ බවට සාක්ෂි දක්නට නැතත් හිස්කබලේ නළල් ප්‍රදේශය බිඳී ගොස් ඇති බවට CT ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයාගෙන තිබෙනවා. පරීක්ෂණ කටයුතු පිළිබඳව "Plos One" නම් සඟරාවට ලිපියක් ලියමින් අදහස් දක්වන පර්යේෂණ කණ්ඩායම පවසා සිටින්නේ ඇයගේ හිසට තියුණු ආයුධයකින් එල්ල වූ පහරවල් කිහිපයක් නිසාවෙන් ඇය මරණයට පත්ව ඇති බවයි. ඇය මරා දැමීමෙන් අනතුරුව ඇයව ඇටකාමා කාන්තාරයේ වළදමා ඇති අතර කාන්තාරයේ වැලි සහ සුළඟ හේතුකොටගෙන ඇය ස්වාභාවිකව මමිකරණය වී ඇත. මමියේ හිසකෙස් වෛද්‍ය පරීක්ෂණ වලට ලක්කිරීමෙන් අනතුරුව මියයන විට ඇයගේ වයස නිර්ණය කර ඇති අතර ඇය ජීවත් වූ කාලයේදී මුහුදු ආහාර සහ ඉරිඟු වැඩි වශයෙන් ආහාරයට ගන්නට ඇති බවටත් නිගමණය කර තිබෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom