Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්ජෙක්ෂන් ගහපු කාලෙ ඉවරයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්ජෙක්ෂන් ගහපු කාලෙ ඉවරයි!

ඉන්ජෙක්ෂන් ගහපු කාලෙ ඉවරයි! ඒ වෙනුවට පැලැස්තරයක්!

එන්නත් කටු යොදා ගෙන ඖෂධ ශරීරගත කිරීම තවදුරටත් අවශ්‍ය නොවන නව නිපැයුමක් දැන් හඳුන්වා දී තියෙනවා. ඔබට තියෙන්නේ වෛද්‍යවරයා නියම කරන පැලැස්තරය සමෙහි අලවා ගැනීමයි.

මේ නව ක්‍රමය ඇමරිකාවේ මැසචුසෙට්ස් විශ්ව විද්‍යාලයේ නව සොයා ගැනීමක්. ඒ පිළිබඳව එහි පර්යේෂකයන් කියන්නේ මේ නව ක්‍රමයෙන් ක්ෂුද්‍ර ඉඳිකටු තුඩු සහිත ‘පච්චයක්’ වැනි පැලැස්තරයක් යොදා ගෙන වඩාත් ආරක්ෂිතව, වේදනා රහිතව අනාගතයේ දී එන්නත් ලබා දිය හැකි බවයි.

ඔවුන් කියන විදියට ඒඞ්ස් වැනි රෝග තත්වයන් ඇති කරන එච්අයිවී ආසාදනවලදී සාමාන්‍යයෙන් එන්නත් දීමේ ක්‍රමයෙන් සිදු වන අවදානමට මුහුණ නොදී මේ නව ක්‍රමයෙන් ඞීඑන්ඒ එන්නත පහසුවෙන් ලබා දිය හැකි බවයි.

‘මයික්‍රොනීඞ්ල් පච්ච’ යනුවෙන් හැඳින්වෙන මේ නව ක්රමයේ පැලැස්තරය තනා ඇත්තේ බහුඅවයවික ස්තර ගණනාවක් ඇති ඞීඑන්ඒ එන්නතක් ඇතුළත් කරලයි.

මේ නව මයික්‍රොනීඞ්ල් එන්නත් ක්‍රමයෙන් ඉසියුම් ඉඳිකටුතුඩු මගින් සම තුළින් අවශ්‍ය එන්නත දින කීපයක් තිස්සේ ඇතුළු වීමට සැලැස්විය හැකියි.

මේ බහුඅවයවික පටල, ‘මයික්‍රොනීඞ්ල්’ (ඉසියුම් ඉඳිකටු තුඩු) භාවිත කරමින් සමට මිලිමීටර් බාගයක් යටින් තැන්පත් කළ හැකියි. අපිචර්මයේ පිහිටි ප්‍රතිශක්ති සෛලවලට ඞීඑන්ඒ ලබා දෙන්නට ඒ ගැඹුර ප්‍රමාණවත්. අපට වේදනාව දැනෙන සමෙහි ස්නායු තුඩු තියෙන්නේ ඊට වඩා පහළින් නිසා මේ ‘මයික්‍රොනීඞ්ල්’ පච්චයේ ඇති ඉසියුම් ඉඳිකටු තුඩු ඒවායෙහි ගෑවෙන්නේ නෑ. ඒ නිසා වේදනාව දැනෙන්නේ නැහැ.

සම යට දී මේ බහුඅවයවික පටල එහි ඇති ජලය මිශ්‍ර වීම නිසා අනුක්රමයෙන් දිය වී දින හෝ සති ගණනාවක් තිස්සේ එහි අන්තර්ගත කර ඇති එන්නත සිරුර තුළට මුදා හැරෙනවා.

බහුඅවයවික පටලය බිඳුණු පසු ඒ බහුඅවයවික කොටස් ඞීඑන්ඒ රැහැන් සමග දැවටී ඒවා ආරක්ෂා කර ගනිමින් ඒවාට සෛල තුළට රිංගා ගැනීමට උදවු කරනවා.

මේ ඉසියුම් ඉඳිකටු තුඩු සහිත පැලැස්තරය සම මත ඇල වූ සැණෙන් එහි ඇති ඖෂධය ශරීර ගත වෙන්න පටන් ගන්නවා. ඒක ‘පච්චයක්’ වැනි දෙයක් ඇති කරනව වගෙයි.

මේ ඉසියුම් ඉඳිකටු තුඩු සැලසුම් කරන්න පුළුවන් සමෙහි ඉහළම ස්තර පමණක් විනිවිද යන විදියට. එතකොට ස්නායු අන්ත හා රුධිර නාළවලට ඒවා ළං වෙන්නේ නැහැ. කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ, අධස්චර්මීය (පිට හමට යටින් වූ) කොටසට එන්නත් කිරීමට ගන්නා ඉන්ජෙක්ෂන් කටුවලින් වගේ.

”මේවා භාවිත කරන විට සිරින්ජ අවශ්‍ය වන්නේත් නැහැ.” යැයි මහාචාර්ය ඩැරල් අර්වින් කියනවා. ඔහු මැසචුසෙට්ස් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යා ඉංජිනේරු හා වාස්තවික විද්‍යා ඉංජිනේරු අංශයේ මහාචාර්යවරයෙක්.

”ඔබට කරන්න තියෙන්නේ මිනිත්තු කීපයක් මේ පැලැස්තරය අලවා තබා එය ඉවත් කිරීම පමණයි. එවිට ඖෂධ කොටස සහිත බහුඅවයවික පටලය සමට කා වැදී පවතිනවා.” ඔහු කියනවා.

පර්යේෂකයන් කියන විදියට මේ ‘මයික්‍රොනීඞ්ල් පච්ච’ දැනට භාවිත කෙරෙන්නේ නව පරම්පරාවක ඞීඑන්ඒ එන්නත් සිරුරු ගත කිරීමට පමණයි.

වර්තමානයේ භාවිත වන එන්නත් සිරුර තුළ ප්‍රතිශක්තිය වර්ධනය වීමට උදවු වෙන්නේ ආක්‍රමණශීලී වෙතැයි සැලකෙන රෝග කාරකවලට ප්‍රතිශක්ති පද්ධතියට නිරාවරණය කිරීමෙනුයි.

විද්‍යාඥයන් දැන් සංවර්ධනය කර ගෙන යනවා ඞීඑන්ඒ එන්නතක් ස්පර්ශයෙන් බෝවෙන රෝගවලට. ඒ අනුව ඒවා එන්නත් කළ අයගේ සිරුරු තුළ ආක්‍රමණශීලී රෝග සඳහා අනතුරු හැඟවිය හැකි අණු නිපදවෙනවා. ඒවා හඳුනා ගෙන වඩා ඉක්මනින් ඒවාට එරෙහිව කි‍්‍රයාත්මක වීමට සිරුරේ ප්‍රතිශක්ති පද්ධතියට හැකි වෙනවා. මෙය සම්ප්‍රදායික එන්නත්වලට වඩා ඉතාමත් කාර්යක්ෂමයි.

ඉසියුම් ඉඳිකටු තුඩු යෙදූ මේ නව පැලැස්තරය සම මත අලවා ඉවත් කළ පසු ඖෂධය සෙමින් සෙමින් සිරුර තුළට උරා ගන්නේ මෙහෙමයි.

කෙසේවෙතත්, පර්යේෂකයන්ට අධික ලෙස වෙහෙසෙන්නට සිදු වුණා, වඩාත් සාර්ථකව මේ එන්නත් සිරුරු ගත කළ හැකි ක්‍රමවේදය සොයා ගන්න. ඒ සඳහා දැන් ඔවුන් විදුලි දහරක් භාවිත කරනවා.

විද්‍යාඥයන් මේ පැලැස්තර රීසස් වඳුරන්ට යොදා පරීක්ෂා කර බැලූවා, මේ ඞීඑන්ඒ එන්නත දුන් පසු කොයිතරම් ප්‍රෝටීන් ප්‍රමාණයක් ඒ සතුන් තුළ නිපදවෙනවාද කියා. ඒ වඳුරන්ගේ සිරුරු තුළ කලින් සාමාන්‍ය අධස්චර්මීය ඉඳිකටු යොදා ගෙන දෙන එන්නතට වඩා 140 ගුණයකින් ප්‍රෝටීන් නිපදවෙන බව හෙළි වුණා.

”මේ ඉසියුම් ඉඳිකටු තුඩු සහිත පැලැස්තරය හරියට බළල් දිවක් වගේ තමයි, අතට දැනෙන්නේ.” යැයි එහි එක් පර්යේෂකයකු වූ පීටර් ඩිමුත් කියනවා. ඔහුත් මැසචුසෙට්ස් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යා ඉංජිනේරු හා වාස්තවික විද්‍යා ඉංජිනේරු අංශයේ විද්‍යාඥයෙක්.

”අපට මේ ක්‍රමයෙන් එන්නත දෙන ආකාරය කෙළින් ම පාලනය කරන්න පුළුවන්. එන්නත ශරීර ගත කරන කාලය හා ප්‍රතිශක්තිය වර්ධනය කර තබා ගත යුතු කාලය නිශ්චිතව පවත්වා ගෙන යන්න පුළුවන්, පැරණි ක්‍රමයට වඩා සාර්ථකව.” යනුවෙන් පීටර් ඩිමුත් වැඩිදුරටත් කියනවා.

ඉතා විශාලනය කළ විට ඒ ඉසියුම් ඉඳිකටු තුඩු සහිත පැලැස්තරය පෙනෙන හැටි. මේ ඉඳිකටු තුඩක දිග මිලිමීටර් බාගයක් විතර ඇති.

උපුටනය

Read more: .: මල් කැකුළු : Sri Lankan Kids :.: ඉන්ජෙක්ෂන් ගහපු කාලෙ ඉවරයි! ඒ වෙනුවට පැලැස්තරයක&

ඔබේ ලග්නය අනුව කියවෙන තොරතුරු

http://www.elakiri.com/forum/showthread.php?t=1529397

අප අහිමි වෙලා

http://www.elakiri.com/forum/showthread.php?t=1530785

[QUOTE="rocat90, post: 14414277, member: 452168"] [b]ඉන්ජෙක්ෂන් ගහපු කාලෙ ඉවරයි![/b] [SIZE="5"][B][I][U][CENTER][FONT="Century Gothic"][SIZE="7"][COLOR="#ff00ff"]ඉන්ජෙක්ෂන් ගහපු කාලෙ ඉවරයි! ඒ වෙනුවට පැලැස්තරයක්![/COLOR][/SIZE][/FONT][/CENTER][/U][/I][/B] එන්නත් කටු යොදා ගෙන ඖෂධ ශරීරගත කිරීම තවදුරටත් අවශ්‍ය නොවන නව නිපැයුමක් දැන් හඳුන්වා දී තියෙනවා. ඔබට තියෙන්නේ වෛද්‍යවරයා නියම කරන පැලැස්තරය සමෙහි අලවා ගැනීමයි. මේ නව ක්‍රමය ඇමරිකාවේ මැසචුසෙට්ස් විශ්ව විද්‍යාලයේ නව සොයා ගැනීමක්. ඒ පිළිබඳව එහි පර්යේෂකයන් කියන්නේ මේ නව ක්‍රමයෙන් ක්ෂුද්‍ර ඉඳිකටු තුඩු සහිත ‘පච්චයක්’ වැනි පැලැස්තරයක් යොදා ගෙන වඩාත් ආරක්ෂිතව, වේදනා රහිතව අනාගතයේ දී එන්නත් ලබා දිය හැකි බවයි. ඔවුන් කියන විදියට ඒඞ්ස් වැනි රෝග තත්වයන් ඇති කරන එච්අයිවී ආසාදනවලදී සාමාන්‍යයෙන් එන්නත් දීමේ ක්‍රමයෙන් සිදු වන අවදානමට මුහුණ නොදී මේ නව ක්‍රමයෙන් ඞීඑන්ඒ එන්නත පහසුවෙන් ලබා දිය හැකි බවයි. ‘මයික්‍රොනීඞ්ල් පච්ච’ යනුවෙන් හැඳින්වෙන මේ නව ක්රමයේ පැලැස්තරය තනා ඇත්තේ බහුඅවයවික ස්තර ගණනාවක් ඇති ඞීඑන්ඒ එන්නතක් ඇතුළත් කරලයි. [CENTER][IMG]http://3.bp.blogspot.com/-3QPQr9SNlh4/URDA2sInNAI/AAAAAAAAHrE/bq29a3HRYHE/s1600/1.jpg[/IMG][/CENTER] [B][I][CENTER][SIZE="6"][FONT="Comic Sans MS"]මේ නව මයික්‍රොනීඞ්ල් එන්නත් ක්‍රමයෙන් ඉසියුම් ඉඳිකටුතුඩු මගින් සම තුළින් අවශ්‍ය එන්නත දින කීපයක් තිස්සේ ඇතුළු වීමට සැලැස්විය හැකියි. [/FONT][/SIZE][/CENTER][/I][/B] මේ බහුඅවයවික පටල, ‘මයික්‍රොනීඞ්ල්’ (ඉසියුම් ඉඳිකටු තුඩු) භාවිත කරමින් සමට මිලිමීටර් බාගයක් යටින් තැන්පත් කළ හැකියි. අපිචර්මයේ පිහිටි ප්‍රතිශක්ති සෛලවලට ඞීඑන්ඒ ලබා දෙන්නට ඒ ගැඹුර ප්‍රමාණවත්. අපට වේදනාව දැනෙන සමෙහි ස්නායු තුඩු තියෙන්නේ ඊට වඩා පහළින් නිසා මේ ‘මයික්‍රොනීඞ්ල්’ පච්චයේ ඇති ඉසියුම් ඉඳිකටු තුඩු ඒවායෙහි ගෑවෙන්නේ නෑ. ඒ නිසා වේදනාව දැනෙන්නේ නැහැ. සම යට දී මේ බහුඅවයවික පටල එහි ඇති ජලය මිශ්‍ර වීම නිසා අනුක්රමයෙන් දිය වී දින හෝ සති ගණනාවක් තිස්සේ එහි අන්තර්ගත කර ඇති එන්නත සිරුර තුළට මුදා හැරෙනවා. බහුඅවයවික පටලය බිඳුණු පසු ඒ බහුඅවයවික කොටස් ඞීඑන්ඒ රැහැන් සමග දැවටී ඒවා ආරක්ෂා කර ගනිමින් ඒවාට සෛල තුළට රිංගා ගැනීමට උදවු කරනවා. මේ ඉසියුම් ඉඳිකටු තුඩු සහිත පැලැස්තරය සම මත ඇල වූ සැණෙන් එහි ඇති ඖෂධය ශරීර ගත වෙන්න පටන් ගන්නවා. ඒක ‘පච්චයක්’ වැනි දෙයක් ඇති කරනව වගෙයි. මේ ඉසියුම් ඉඳිකටු තුඩු සැලසුම් කරන්න පුළුවන් සමෙහි ඉහළම ස්තර පමණක් විනිවිද යන විදියට. එතකොට ස්නායු අන්ත හා රුධිර නාළවලට ඒවා ළං වෙන්නේ නැහැ. කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ, අධස්චර්මීය (පිට හමට යටින් වූ) කොටසට එන්නත් කිරීමට ගන්නා ඉන්ජෙක්ෂන් කටුවලින් වගේ. ”මේවා භාවිත කරන විට සිරින්ජ අවශ්‍ය වන්නේත් නැහැ.” යැයි මහාචාර්ය ඩැරල් අර්වින් කියනවා. ඔහු මැසචුසෙට්ස් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යා ඉංජිනේරු හා වාස්තවික විද්‍යා ඉංජිනේරු අංශයේ මහාචාර්යවරයෙක්. ”ඔබට කරන්න තියෙන්නේ මිනිත්තු කීපයක් මේ පැලැස්තරය අලවා තබා එය ඉවත් කිරීම පමණයි. එවිට ඖෂධ කොටස සහිත බහුඅවයවික පටලය සමට කා වැදී පවතිනවා.” ඔහු කියනවා. පර්යේෂකයන් කියන විදියට මේ ‘මයික්‍රොනීඞ්ල් පච්ච’ දැනට භාවිත කෙරෙන්නේ නව පරම්පරාවක ඞීඑන්ඒ එන්නත් සිරුරු ගත කිරීමට පමණයි. වර්තමානයේ භාවිත වන එන්නත් සිරුර තුළ ප්‍රතිශක්තිය වර්ධනය වීමට උදවු වෙන්නේ ආක්‍රමණශීලී වෙතැයි සැලකෙන රෝග කාරකවලට ප්‍රතිශක්ති පද්ධතියට නිරාවරණය කිරීමෙනුයි. විද්‍යාඥයන් දැන් සංවර්ධනය කර ගෙන යනවා ඞීඑන්ඒ එන්නතක් ස්පර්ශයෙන් බෝවෙන රෝගවලට. ඒ අනුව ඒවා එන්නත් කළ අයගේ සිරුරු තුළ ආක්‍රමණශීලී රෝග සඳහා අනතුරු හැඟවිය හැකි අණු නිපදවෙනවා. ඒවා හඳුනා ගෙන වඩා ඉක්මනින් ඒවාට එරෙහිව කි‍්‍රයාත්මක වීමට සිරුරේ ප්‍රතිශක්ති පද්ධතියට හැකි වෙනවා. මෙය සම්ප්‍රදායික එන්නත්වලට වඩා ඉතාමත් කාර්යක්ෂමයි. [CENTER] [IMG]http://1.bp.blogspot.com/-SIrgzzZZGqw/URDA9gszKlI/AAAAAAAAHrM/t-8aorY5Kpo/s1600/4.JPG[/IMG][/CENTER] [B][I][FONT="Courier New"][SIZE="6"][FONT="Comic Sans MS"][COLOR="#ff00ff"]ඉසියුම් ඉඳිකටු තුඩු යෙදූ මේ නව පැලැස්තරය සම මත අලවා ඉවත් කළ පසු ඖෂධය සෙමින් සෙමින් සිරුර තුළට උරා ගන්නේ මෙහෙමයි. [/COLOR][/FONT][/SIZE][/FONT][/I][/B] කෙසේවෙතත්, පර්යේෂකයන්ට අධික ලෙස වෙහෙසෙන්නට සිදු වුණා, වඩාත් සාර්ථකව මේ එන්නත් සිරුරු ගත කළ හැකි ක්‍රමවේදය සොයා ගන්න. ඒ සඳහා දැන් ඔවුන් විදුලි දහරක් භාවිත කරනවා. විද්‍යාඥයන් මේ පැලැස්තර රීසස් වඳුරන්ට යොදා පරීක්ෂා කර බැලූවා, මේ ඞීඑන්ඒ එන්නත දුන් පසු කොයිතරම් ප්‍රෝටීන් ප්‍රමාණයක් ඒ සතුන් තුළ නිපදවෙනවාද කියා. ඒ වඳුරන්ගේ සිරුරු තුළ කලින් සාමාන්‍ය අධස්චර්මීය ඉඳිකටු යොදා ගෙන දෙන එන්නතට වඩා 140 ගුණයකින් ප්‍රෝටීන් නිපදවෙන බව හෙළි වුණා. ”මේ ඉසියුම් ඉඳිකටු තුඩු සහිත පැලැස්තරය හරියට බළල් දිවක් වගේ තමයි, අතට දැනෙන්නේ.” යැයි එහි එක් පර්යේෂකයකු වූ පීටර් ඩිමුත් කියනවා. ඔහුත් මැසචුසෙට්ස් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යා ඉංජිනේරු හා වාස්තවික විද්‍යා ඉංජිනේරු අංශයේ විද්‍යාඥයෙක්. ”අපට මේ ක්‍රමයෙන් එන්නත දෙන ආකාරය කෙළින් ම පාලනය කරන්න පුළුවන්. එන්නත ශරීර ගත කරන කාලය හා ප්‍රතිශක්තිය වර්ධනය කර තබා ගත යුතු කාලය නිශ්චිතව පවත්වා ගෙන යන්න පුළුවන්, පැරණි ක්‍රමයට වඩා සාර්ථකව.” යනුවෙන් පීටර් ඩිමුත් වැඩිදුරටත් කියනවා. [CENTER][IMG]http://2.bp.blogspot.com/-bfVUfViTbWs/URDBB2IQ_aI/AAAAAAAAHrU/aiRkF1uFUkI/s1600/5.jpg[/IMG][/CENTER] ඉතා විශාලනය කළ විට ඒ ඉසියුම් ඉඳිකටු තුඩු සහිත පැලැස්තරය පෙනෙන හැටි. මේ ඉඳිකටු තුඩක දිග මිලිමීටර් බාගයක් විතර ඇති. උපුටනය Read more: [url=http://www.malkakulu.com/2013/02/blog-post_5.html#ixzz2K3H36rFB].: මල් කැකුළු : Sri Lankan Kids :.: ඉන්ජෙක්ෂන් ගහපු කාලෙ ඉවරයි! ඒ වෙනුවට පැලැස්තරයක&[/url] [/SIZE] [B][I][FONT="Comic Sans MS"][SIZE="6"] ඔබේ ලග්නය අනුව කියවෙන තොරතුරු [/SIZE][/FONT][/I][/B] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1529397[/url] [B][I][SIZE="6"][CENTER]අප අහිමි වෙලා[/CENTER][/SIZE][/I][/B] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1530785[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom