ඉන්දියානුවන් 21ක් අත්අඩංගුවට

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,234
    8,369
    113
    නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 21 දෙනෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ නීති විරෝධී ලෙස කිරුළපන ප්‍රදේශයේ නිවසක රෑඳී සිටියදීයි.

    මොවුන් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ වීසා කල් ඉකුත් වූ පසුත් මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ සූදු ඔට්ටු ඇල්ලීමේ ජාවාරමක නිරත වී සිට ඇති බවයි වාර්තා වන්නේ.

    ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය යටතේ ඇති අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් විසින් තමන් සතු දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු මේ බව අනාවරණ කරගෙන ඇති අතර ඉන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගැනුණු ඉන්දියානු ජාතිකයන් සියලු දෙනා වයස අවුරුදු 22ත් 36ත් අතර වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

    අත්අඩංගුවට ගත් පිරිස කඩිනමින් ඉන්දියාව වෙත පිටුවහල් කිරීම සඳහා වැලිසර පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට පියවර ගෙන තිබෙනවා.