ඉන්දියාවේ පැතිරෙන කොරෝනා ආසාදිතයන් ලංකාවෙන් හමුවේ..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    ඉන්දියාවේ පැතිරෙන කොරෝනා ආසාදිතයන් ලංකාවෙන් හමුවේ..



    Khullar-India.jpg

    ශ්‍රී ලංකාවේ මේ දිනවල පැතිර යමින් තිබෙන්නේ මැලේසියාව සහ ඉන්දියාවේ පැතිර යන කොඩ් අනුප්‍රභේදය බව තහවුරු වී ඇතැයි කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවැසීය.
    කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස් රෝග විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක මහත්මිය සිදු කළ රේණ අනුව ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදයේ LF. I සහ NB 1.8.1 නැමති අනු ප්‍රභේද බව තහවුරු කරගත් බවද වෛද්‍ය ජයමහ මහතා ප්‍රකාශ කළේය.

    කෙසේ වෙතත් මෙම කොවිඩ් අනුප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නැතැයිද හෙතෙම සඳහන් කළේය.

    ගර්භනී මාතාවන් වැඩිහිටි කාන්තාවන් හා නිධන්ගත රෝගීන් තමන්ගේ ආරක්ෂාව සලසා ගත යුතු බව ද හෙතෙම කීය.
    ඒ අනුව ඔවුන්ට මුඛ ආවරණ පැලදීම අත් සේදීම මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල නොගැවසීම ආදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ හැකි බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා පැවසීය.

    කොළඹ වෛද්‍ය පරේක්ෂණ ආයතනය රට පුරා සියලුම පළාත් හා ප්‍රදේශ නියෝජනය වන පරිදි රෝහල් වලින් ලබා ගන්නා සෙම පටල නිරන්තර පරීක්ෂාවට ලක්කරන බව ද හෙතෙම සඳහන් කළේය.

    සාමාන්‍යයෙන් මෙම කොවිඩ් නව ප්‍රභේදය ඇතැම් කාලවලදී පැතිර යන අතර ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර ගත යුතු නැතැයි ද හෙතෙම පැවසීය.


    දැන් බලන්න පුළුවන් රට වහලා ජීවිත බේරා ගන්න හැටි😂