Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
33 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඉන්දියාවේදී වැඩ වැරදුණු පාතාලේ කෙරුම්කාරයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතුරුගිරියේ ලඩියා ද එදා අත්අඩංගුවට ගත් අය අතර සිටියේය. අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මරුමුවට පත්වීමෙන් පසු ලොක්කාගේ තැන ගත්තේ ඔහුය. එහෙත් වැඩි කාලයක් ඔහුට ලොක්කාගේ තැනේ රජ වෙන්නට ඉඩක් නොවීය. ඒ ඉන්දියානු පොලිස් අත්අඩංගුවට ඔහුව ද පත්වන බැවිනි.

ලඩියාගේ නම පාතාලයේ අපරාධකරුවෙක් ලෙස එළියට එන්නේ 2017 වසරේදී කළුතර එතනමඬලේදී බන්ධනාගාර බස් රථයකට එල්ල වුණු ප්‍රහාරයත් සමඟිනි. පාතාලයේ සමයං නමැති අපරාධකරු ඇතුළු 07 දෙනකු බන්ධනාගාර බස් රථය තුළදී වෙඩි තබා මරා දැමීමේ ප්‍රධාන සැකකරුවන් අතර ලඩියා ද සිටියේය. එම බස් රථ ප්‍රහාරයෙන් පසු අංගොඩ ලොක්කා සමඟ ලඩියා ඉන්දියාවට පනින්නේ කල්පිටියෙන් බෝට්ටුවක නැඟීය. ඒ ගොස් ඔවුන් ඉන්දියාවේ සිට ඩුබායි පැන ගන්නට උත්සාහ ගත්ත ද චෙන්නායි ගුවන් තොටුපොළේදී එරට ආරක්ෂක අංශ වෙත හසුවීම නිසා ඉන්දියාව තුළ කාලයක්ම රැඳී සිටීමට සිදුවන්නේ එරටින් විවාහයක් ද කරගෙනය.

ඉන්දියානු පොලිස් අත්අඩංගුවට පත්වූවන් අතර මෙරට පාතාලයේ සැඟවුණු වෙඩික්කරුවෙක් ලෙස කටයුතු කළ බුම්මා ද සිටියේය. බුම්මාගෙන් හොඳටෝම වැඩගත්තේ කොස්ගොඩ සුජීය. දකුණේ සිදුවූ ඝාතන රැසකම අබිරහස් වෙඩික්කරුවෙක් වූ බුම්මා කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ සමීප ආරක්ෂක කණ්ඩායමේ සිටි සාමාජිකයෙකි. යුද්ධය අවසන් වීමෙන් පසු පුනරුත්ථාපනය වූ මේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයා කොස්ගොඩ සුජීව දැන හදුනාගන්නේ බූස්ස බන්ධනාගාරයේදීය. කොළඹ සිදු වූ ඝාතන රැසකට ද වගකිව යුතු චරිතයක් වූ බුම්මා අවසානයේදී පූකුඩිකන්නාට සම්බන්ධ වන්නේ මත්කුඩු ජාවාරම හරහාය. 2019 වසරේදී බුම්මා බෝට්ටුවක නැඟී ඉන්දියාවට පනින්නේ පූකුඩිකන්නා ද සමඟිනි. ඒ ඔවුන් දෙදෙනා පස්සේ විශේෂ කාර්ය බළකායේ සෙබළුන් පන්නන්නට ගැනීම නිසාය.

පූකුඩිකන්නාව ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලබන්නේ තමිල්නාඩු රාජ්‍ය ත්‍රස්ත විරෝධි බළකාය විසිනි.

බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් පූකුඩිකන්නා සමඟ තවත් පාතාලයේ තිදෙනෙක් අත්අඩංගුවට ගත්තේය. ඒ කේරලයේ අංගමාලි හිදීය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පූකුඩිකන්නා ඇතුළු පාතාල අපරාධකරුවන් තිදෙනාම පෙනී සිට ඇත්තේ ඉන්දියානුවන් ලෙසිනි. ඒ ව්‍යාජ ලෙස සකස් කළ හඳුනාගැනීමේ පත්‍ර ද ළඟ තබාගෙනය.

ඉන්දියාවේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් අපරාධකරුවන් අතර වැල්ලේ සුරංග ද සිටියේය. මෝදර වැල්ලේ පාතාල අණසක පතුරුවා ගෙන සිටියේ සුරංගය. ඔහු ගැටුනේ වැල්ලේ සාරංග සමගිනි. වැල්ලේ සාරංග ද සිටින්නේ ඉන්දියාවේය. ඔහුත් සිටින්නේ ඉන්දියාවේ හිරගෙදරකය. මෑතකදීත් ඔවුන් දෙදෙනාගේ කල්ලි අතර හටගත් ගැටුම්වලින් ඔවුන්ගේ ගෝලබාලයන් කිහිප දෙනෙක්ම මරුමුවට පත්වූයේය. එම ගැටුම් වලට මුල මත්කුඩු ජාවාරම්ය. අදටත් ඔවුන්ගේ ගෝලයන් සිටින්නේ එකිනෙකා මරා ගනිමිනි.

ඉන්දියානු ආරක්ෂක අංශ විසින් එරට රැඳී සිටින ශ්‍රී ලාංකේය පාතාල අපරාධකරුවන් කොටුකර ගැනීමේ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් අය අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ප්‍රධානියාව සිටි නියෝමාල් රංගජීවට පිළියන්දලදී වෙඩි තබා මරා දැමීමට හැදූ ආමි අසිත ද සිටින්නේය. මාකඳුරේ මධුෂ්ගේ සැලසුමකට අනුව ආමි අසිත විසින් රංගජීවට වෙඩි තබන්නේ ඔහුව මරා දැමීමටය. එදා ආමි අසිත සාර්ථක ලෙස සිය ඉලක්කය ලබාගත්ත ද නියෝමාල් රංගජීව තවදුරටත් ජීවත් වන්නට වාසනාවන්ත වූයේය. එහෙත් එදා රංගජීව සමඟ සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවය කළ දක්ෂ නිලධාරියෙක් අසිතගේ වෙඩිල්ලෙන් දැයට අහිමිවී ගියේය. අසිත බෝට්ටුවක නැඟී ඉන්දියාට පනින්නේ එම වෙඩි ප්‍රහාරයත් සමඟ රටේම ඇති විශේෂ පොලිස් අංශ අසිතව කෝටු මස් කිරීමට හතර අතේ සොයන්නට ගැනීමත් සමඟිනි. මත්කුඩු වැටලීමකට ඔත්තුව දෙමින් එදා රංගජීව පිළියන්දලට රැගෙන ගොස් ඔහු ඇතුළු නිලධාරීන් බිල්ලට දුන් නවාස් ද බෝට්ටුවකින් පැන්නේ ඉන්දියාවටය. ඒ සිය අඹු දරුවන් සමගිනි. ඔහුගේ නවාතැන් පොල බවට පත්වන්නේ ඉන්දියාවේ ගෝවේ පැත්තය. එහෙත් ඉන්දියාව තුළ සිදුවූ මෙම මෙහෙයුමට නවාස් ද කොටුවී තිබුණේ ඔහු එරට සිට මත්කුඩු ජාවාරමට සම්බන්ධව සිටි බැවිනි. .

ඉන්දියානු ආරක්ෂක අංශ විසින් විටෙන් විට කළ මෙහෙයුම්වලින් එරටදී අල්ලා ගත් මෙරට පාතාලයේ අපරාධකරුවන්ගේ ගණන විස්සකට වැඩිය. ඔවුන් හැමෝම රඳවා තැබුවේ තමිල්නාඩුවේ ට්‍රිචිහි පිහිටි විශේෂ රැඳුවුම් කඳවුරේය. මෙම කඳවුර ඔවුන්ට සිය නිවෙස්වලටත් වඩා සැපවත් විය. කොටගාමිණිගේ උපන්දින සාදය පවා ඔවුන් මෙම කඳවුරේදී ජයටම ගත්තේය. එහි සිට නිදහසේ මත්කුඩු ජාවාරම ද මෙහෙයවනු ලැබුවේ හිතූ හැටියට ජංගම දුරකතන භාවිත කරමිනි. මේ හැම දෙයක් ගැනම ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය ඇස ගසාගෙන සිටින බව ඒ අය දැන සිටියේ නැත. ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය කළේ ගුණා ඇතුළු පිරිසකට නිදැල්ලේ ඉන්නට දී ඔවුන්ව නිරීක්ෂණය කිරීමය.

එහිදී වඩාත් හොඳින් තහවුරු වන්නේ මෙම පිරිස එල්.ටී.ටී.ඊ.යට නැවත පණ පෙවීමේ අරමුණෙන් ආයුධ ජාවාරමක පවා ඒ වන විට නිරතව සිටින බවය. ඒ පකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ එක්වය. මේ අය ඩුබායි, පාකිස්තාන්, ඉරාන්, මාලදිවයින සහ සීසෙල්ස් යන රටවල්වල රැඳී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ ද ඉතා කිට්ටු සම්බන්ධකම් ගොඩනඟාගෙන සිටින බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ නිලධාරීන්ට පෙනී ගියේය. මෙහිදී ඉන්දීය ජාතික ආරක්ෂක ඒජන්සියට පෙනී ගියේ මේ හැම මත්කුඩු ජාවාරම්කරුවකුම මෙහෙයවන්නේ හාජි සලීම් නැමැති පකිස්තානු ජාතික මත්කුඩු ජාවාරම්කරු බවය. ගුණා ඇතුළු මෙරට කුඩු පාතාලයේ අපරාධකරුවන්ගෙන් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් ඒ වන විටත් එල්ලවී ඇති බව ඉන්දියානු ආරක්ෂක අංශ වෙත පෙනී යන්නේ ඒත් එක්කමය. ඒ අනුව ගුණා ඇතුළු හඳුනාගත් පාතාල අපරාධකරුවන් 10 දෙනෙක් සමඟ ඔවුන් සමඟ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් ඉන්දීය පාතාලයේ අපරාධකරුවන් තිදෙනෙක් තමිල්නාඩුවේ ට්‍රිචිහි පිහිටි රැඳවුම් කඳවුරේ සිට ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සිය භාරයට ගත්තේය. ඒ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. මාස හයක් තිස්සේ රඳවාගෙන කළ විමර්ශනයේදී පැහැදිලිවම හෙළිවී ඇත්තේ මෙම 10 දෙනා ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් වන බවය. මෙම පාතාල අපරාධකරුවන් අල්ලාගත් බව දැනගත් දා සිටම ඔවුන්ව මෙරටට භාරදෙන ලෙස ඉල්ලා සිටියත් ඉන්දියාව ඔවුන්ව මෙරටට භාරදීමට එතරම් උනන්දුවක් නොදැක්වූයේ ඇයිදැයි පැහැදිලි වන්නේ දැන්ය. ඒ ඉන්දියාවේදීම නඩු අසා ඔවුන්ට දඬුවම් දීමට ඉන්දියාව සූදානම් වන බැවිනි. පසුගිය සතියේ ඔවුන්ට චෝදනා පත්‍ර ඉදිරිපත් කර ඇත්තේ ද ඒ වෙනුවෙනි.

ගයාන් කුමාර වීරසිංහ මහතාගේ ලිපියක් ඇසුරිනි

චායාරුප අන්තර්ජාලයෙනි

source...

https://www.silumina.lk/2023/06/24/විශේෂාංග/ඉන්දියාවේදී-වැඩ-වැරදුණු-පාතාලේ-කෙරුම්කාරයෝ/43326

[QUOTE="NRTG, post: 29003823, member: 573158"] [SIZE=4]අතුරුගිරියේ ලඩියා ද එදා අත්අඩංගුවට ගත් අය අතර සිටියේය. අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මරුමුවට පත්වීමෙන් පසු ලොක්කාගේ තැන ගත්තේ ඔහුය. එහෙත් වැඩි කාලයක් ඔහුට ලොක්කාගේ තැනේ රජ වෙන්නට ඉඩක් නොවීය. ඒ ඉන්දියානු පොලිස් අත්අඩංගුවට ඔහුව ද පත්වන බැවිනි. ලඩියාගේ නම පාතාලයේ අපරාධකරුවෙක් ලෙස එළියට එන්නේ 2017 වසරේදී කළුතර එතනමඬලේදී බන්ධනාගාර බස් රථයකට එල්ල වුණු ප්‍රහාරයත් සමඟිනි. පාතාලයේ සමයං නමැති අපරාධකරු ඇතුළු 07 දෙනකු බන්ධනාගාර බස් රථය තුළදී වෙඩි තබා මරා දැමීමේ ප්‍රධාන සැකකරුවන් අතර ලඩියා ද සිටියේය. එම බස් රථ ප්‍රහාරයෙන් පසු අංගොඩ ලොක්කා සමඟ ලඩියා ඉන්දියාවට පනින්නේ කල්පිටියෙන් බෝට්ටුවක නැඟීය. ඒ ගොස් ඔවුන් ඉන්දියාවේ සිට ඩුබායි පැන ගන්නට උත්සාහ ගත්ත ද චෙන්නායි ගුවන් තොටුපොළේදී එරට ආරක්ෂක අංශ වෙත හසුවීම නිසා ඉන්දියාව තුළ කාලයක්ම රැඳී සිටීමට සිදුවන්නේ එරටින් විවාහයක් ද කරගෙනය. ඉන්දියානු පොලිස් අත්අඩංගුවට පත්වූවන් අතර මෙරට පාතාලයේ සැඟවුණු වෙඩික්කරුවෙක් ලෙස කටයුතු කළ බුම්මා ද සිටියේය. බුම්මාගෙන් හොඳටෝම වැඩගත්තේ කොස්ගොඩ සුජීය. දකුණේ සිදුවූ ඝාතන රැසකම අබිරහස් වෙඩික්කරුවෙක් වූ බුම්මා කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ සමීප ආරක්ෂක කණ්ඩායමේ සිටි සාමාජිකයෙකි. යුද්ධය අවසන් වීමෙන් පසු පුනරුත්ථාපනය වූ මේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයා කොස්ගොඩ සුජීව දැන හදුනාගන්නේ බූස්ස බන්ධනාගාරයේදීය. කොළඹ සිදු වූ ඝාතන රැසකට ද වගකිව යුතු චරිතයක් වූ බුම්මා අවසානයේදී පූකුඩිකන්නාට සම්බන්ධ වන්නේ මත්කුඩු ජාවාරම හරහාය. 2019 වසරේදී බුම්මා බෝට්ටුවක නැඟී ඉන්දියාවට පනින්නේ පූකුඩිකන්නා ද සමඟිනි. ඒ ඔවුන් දෙදෙනා පස්සේ විශේෂ කාර්ය බළකායේ සෙබළුන් පන්නන්නට ගැනීම නිසාය. පූකුඩිකන්නාව ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලබන්නේ තමිල්නාඩු රාජ්‍ය ත්‍රස්ත විරෝධි බළකාය විසිනි. බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් පූකුඩිකන්නා සමඟ තවත් පාතාලයේ තිදෙනෙක් අත්අඩංගුවට ගත්තේය. ඒ කේරලයේ අංගමාලි හිදීය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පූකුඩිකන්නා ඇතුළු පාතාල අපරාධකරුවන් තිදෙනාම පෙනී සිට ඇත්තේ ඉන්දියානුවන් ලෙසිනි. ඒ ව්‍යාජ ලෙස සකස් කළ හඳුනාගැනීමේ පත්‍ර ද ළඟ තබාගෙනය. ඉන්දියාවේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් අපරාධකරුවන් අතර වැල්ලේ සුරංග ද සිටියේය. මෝදර වැල්ලේ පාතාල අණසක පතුරුවා ගෙන සිටියේ සුරංගය. ඔහු ගැටුනේ වැල්ලේ සාරංග සමගිනි. වැල්ලේ සාරංග ද සිටින්නේ ඉන්දියාවේය. ඔහුත් සිටින්නේ ඉන්දියාවේ හිරගෙදරකය. මෑතකදීත් ඔවුන් දෙදෙනාගේ කල්ලි අතර හටගත් ගැටුම්වලින් ඔවුන්ගේ ගෝලබාලයන් කිහිප දෙනෙක්ම මරුමුවට පත්වූයේය. එම ගැටුම් වලට මුල මත්කුඩු ජාවාරම්ය. අදටත් ඔවුන්ගේ ගෝලයන් සිටින්නේ එකිනෙකා මරා ගනිමිනි. ඉන්දියානු ආරක්ෂක අංශ විසින් එරට රැඳී සිටින ශ්‍රී ලාංකේය පාතාල අපරාධකරුවන් කොටුකර ගැනීමේ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් අය අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ප්‍රධානියාව සිටි නියෝමාල් රංගජීවට පිළියන්දලදී වෙඩි තබා මරා දැමීමට හැදූ ආමි අසිත ද සිටින්නේය. මාකඳුරේ මධුෂ්ගේ සැලසුමකට අනුව ආමි අසිත විසින් රංගජීවට වෙඩි තබන්නේ ඔහුව මරා දැමීමටය. එදා ආමි අසිත සාර්ථක ලෙස සිය ඉලක්කය ලබාගත්ත ද නියෝමාල් රංගජීව තවදුරටත් ජීවත් වන්නට වාසනාවන්ත වූයේය. එහෙත් එදා රංගජීව සමඟ සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවය කළ දක්ෂ නිලධාරියෙක් අසිතගේ වෙඩිල්ලෙන් දැයට අහිමිවී ගියේය. අසිත බෝට්ටුවක නැඟී ඉන්දියාට පනින්නේ එම වෙඩි ප්‍රහාරයත් සමඟ රටේම ඇති විශේෂ පොලිස් අංශ අසිතව කෝටු මස් කිරීමට හතර අතේ සොයන්නට ගැනීමත් සමඟිනි. මත්කුඩු වැටලීමකට ඔත්තුව දෙමින් එදා රංගජීව පිළියන්දලට රැගෙන ගොස් ඔහු ඇතුළු නිලධාරීන් බිල්ලට දුන් නවාස් ද බෝට්ටුවකින් පැන්නේ ඉන්දියාවටය. ඒ සිය අඹු දරුවන් සමගිනි. ඔහුගේ නවාතැන් පොල බවට පත්වන්නේ ඉන්දියාවේ ගෝවේ පැත්තය. එහෙත් ඉන්දියාව තුළ සිදුවූ මෙම මෙහෙයුමට නවාස් ද කොටුවී තිබුණේ ඔහු එරට සිට මත්කුඩු ජාවාරමට සම්බන්ධව සිටි බැවිනි. . ඉන්දියානු ආරක්ෂක අංශ විසින් විටෙන් විට කළ මෙහෙයුම්වලින් එරටදී අල්ලා ගත් මෙරට පාතාලයේ අපරාධකරුවන්ගේ ගණන විස්සකට වැඩිය. ඔවුන් හැමෝම රඳවා තැබුවේ තමිල්නාඩුවේ ට්‍රිචිහි පිහිටි විශේෂ රැඳුවුම් කඳවුරේය. මෙම කඳවුර ඔවුන්ට සිය නිවෙස්වලටත් වඩා සැපවත් විය. කොටගාමිණිගේ උපන්දින සාදය පවා ඔවුන් මෙම කඳවුරේදී ජයටම ගත්තේය. එහි සිට නිදහසේ මත්කුඩු ජාවාරම ද මෙහෙයවනු ලැබුවේ හිතූ හැටියට ජංගම දුරකතන භාවිත කරමිනි. මේ හැම දෙයක් ගැනම ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය ඇස ගසාගෙන සිටින බව ඒ අය දැන සිටියේ නැත. ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය කළේ ගුණා ඇතුළු පිරිසකට නිදැල්ලේ ඉන්නට දී ඔවුන්ව නිරීක්ෂණය කිරීමය. එහිදී වඩාත් හොඳින් තහවුරු වන්නේ මෙම පිරිස එල්.ටී.ටී.ඊ.යට නැවත පණ පෙවීමේ අරමුණෙන් ආයුධ ජාවාරමක පවා ඒ වන විට නිරතව සිටින බවය. ඒ පකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ එක්වය. මේ අය ඩුබායි, පාකිස්තාන්, ඉරාන්, මාලදිවයින සහ සීසෙල්ස් යන රටවල්වල රැඳී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ ද ඉතා කිට්ටු සම්බන්ධකම් ගොඩනඟාගෙන සිටින බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ නිලධාරීන්ට පෙනී ගියේය. මෙහිදී ඉන්දීය ජාතික ආරක්ෂක ඒජන්සියට පෙනී ගියේ මේ හැම මත්කුඩු ජාවාරම්කරුවකුම මෙහෙයවන්නේ හාජි සලීම් නැමැති පකිස්තානු ජාතික මත්කුඩු ජාවාරම්කරු බවය. ගුණා ඇතුළු මෙරට කුඩු පාතාලයේ අපරාධකරුවන්ගෙන් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් ඒ වන විටත් එල්ලවී ඇති බව ඉන්දියානු ආරක්ෂක අංශ වෙත පෙනී යන්නේ ඒත් එක්කමය. ඒ අනුව ගුණා ඇතුළු හඳුනාගත් පාතාල අපරාධකරුවන් 10 දෙනෙක් සමඟ ඔවුන් සමඟ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් ඉන්දීය පාතාලයේ අපරාධකරුවන් තිදෙනෙක් තමිල්නාඩුවේ ට්‍රිචිහි පිහිටි රැඳවුම් කඳවුරේ සිට ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සිය භාරයට ගත්තේය. ඒ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. මාස හයක් තිස්සේ රඳවාගෙන කළ විමර්ශනයේදී පැහැදිලිවම හෙළිවී ඇත්තේ මෙම 10 දෙනා ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් වන බවය. මෙම පාතාල අපරාධකරුවන් අල්ලාගත් බව දැනගත් දා සිටම ඔවුන්ව මෙරටට භාරදෙන ලෙස ඉල්ලා සිටියත් ඉන්දියාව ඔවුන්ව මෙරටට භාරදීමට එතරම් උනන්දුවක් නොදැක්වූයේ ඇයිදැයි පැහැදිලි වන්නේ දැන්ය. ඒ ඉන්දියාවේදීම නඩු අසා ඔවුන්ට දඬුවම් දීමට ඉන්දියාව සූදානම් වන බැවිනි. පසුගිය සතියේ ඔවුන්ට චෝදනා පත්‍ර ඉදිරිපත් කර ඇත්තේ ද ඒ වෙනුවෙනි.[/SIZE] ගයාන් කුමාර වීරසිංහ මහතාගේ ලිපියක් ඇසුරිනි චායාරුප අන්තර්ජාලයෙනි [SIZE=2]source... [URL]https://www.silumina.lk/2023/06/24/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%9A-%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9D/43326[/URL][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom