Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාවේ කැරපොතු ප්රශ්නය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකට එකතු වුණේ කැරපොත්තො විතර ද?

කැරපොත්තන් යන ගණයට ඇත්ත වශයෙන්ම වැඩිමනක් අයත් වුණේ, ජෙන් ඉසෙඩ් පරම්පරාව. නමුත්, මෙය හුදෙක් එක පරපුරක ප්‍රශ්නයක් නොව, සමාජයක ප්‍රශ්නයක් බව කියමින් විවිධ පිරිස් ඔවුන් සමඟ එකතු වුණා. සති කීපයක් යනතුරුම, මේ විරෝධතා සිද්ධ වුනේ පාරවල් අයිනේ. විවිධ පොදු ස්ථානවල. වීදි කොනක.

පසුව කැරපොත්තන් පිරිසක්, ඉන්දීය පාර්ලිමේන්තුව අසළ ඇති. ජන්තර් මන්තර් පරිශ්‍රයට ගිහින් ඉඳගත්තා. මෝදිගේ අධ්‍යාපන ඇමතිවරයා තනතුරින් ඉල්ලා අස්වන තුරු එතැනින් නැඟිටින්නේ නැති බව කියමින් උපවාසයක් පටන් ගත්තා.

දින කීපයක් යද්දී, සිසුන් සමඟ වෘත්තිකයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් කීප දෙනෙක්ම, ජන්තර් මන්තර් පරිශ්‍රයට විත් ඉඳගත්තා. සමහරු ටෙන්ට් ඇටෙව්වා.

ජූනි 28 වැනිදා, ඉන්දියාවේ ඉතාම ප්‍රකට අධ්‍යාපනික ක්‍රියාකාරිකයෙකු සහ පරිසර ක්‍රියාකාරිකයෙකු වූ Sonam Wangchuk විසින්, නව පරපුරේ කැරපොත්තන්ට සහාය දැක්වීමක් ලෙස, “නිරාහාර උපවාසයක්“ ආරම්භ කළා. මීට පෙර ඔහු සිය උද්ඝෝෂණවලදී අත් අඩංගුවට පත්ව, සිරගතව සිටියා. ඔහුගේ ක්‍රියාකාරීත්වය ගැන ඉන්දීය තරුණ ප්‍රජාව එයින් දැනුවත්ව සිටියා. තම කැරපොතු ව්‍යාපාරයට ඔහු එක්කාසු වීමෙන් කැරපොත්තන් නව පණක් ලැබුවා.

සෝනම්ගේ නිරාහාර උපවාසය සති 3ක් එකදිගට ම පැවතුණා. ඔහුගේ බර මේ සති 3 තුළ කිලෝ ග්‍රෑම් 9කින් අඩු වුණා. පසුව දිල්ලි පොලිසිය විසින් ඔහුව ගිලන් රථයකට බලෙන්ම නංවාගෙන රෝහල්ගත කළා. මෙය ඔහුගේ සෞඛ්‍ය අවදානම ගැන සිතා කළ දෙයක් බව පොලිසිය කිව්වා. මෙය පැහැරගැනීමක් බවත්, එය නීති විරෝධී බවත් සෝනම් සහ සෝනම්ගේ බිරිඳ චෝදනා කළා. රෝහලේදීත්, සෝනම් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළා. තම උපවාසය, අධ්‍යාපන ඇමති ඉල්ලා අස් වූ වහාම අවසන් කරන බව තමයි සෝනම් කිව්වෙ.

ඔහුව උපවාස බිමින් ඉවත් කිරීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වුණේ, සෝනම්ගේ එක්කාසු වීම නිසා උද්යෝගීමත් වූ කැරපොත්තන්ව විසිරුවා හැරීම. නමුත් මේ ආරංචියත් සමඟ එතැනට කැරපොත්තන් දහස් ගානක් ඇදී ආවා. සෝනම් විශේෂ ප්‍රකාශයක් කරමින්, කැරපොත්තන් පාර්ලිමේන්තුවට රැළියක් යෑම වඩාත් යෝග්‍ය බව කිව්වා. කැරපොත්තෝ මේ ඉල්ලීමට අනුව, පාර්ලිමේන්තුවට සිය ඉල්ලීම් රැගෙන ගියා.

ජූලි මාසයේ 19 වැනිදා වනවිටත්, ඒ කියන්නෙ මීට දින දෙක තුනකට පෙරත්, කැරපොත්තන්ගේ විරෝධතා තිබුණෙ සාමාන්‍ය මට්ටමක. මෙම විරෝධතා සමඟ හිටියේ 20,000 ක පමණ කැරපොත්තන් පිරිසක්.

නමුත් ජූලි 20 වැනිදා මෙම ප්‍රමාණය, කැරපොත්තන් 50,000 දක්වා වර්ධනය වුණා. මේ අතර අති බහුතරයක් යොවුන් හෝ වයස අවුරුදු විසි ගණන්වල අය. ඔවුන් සිය උද්ඝෝෂණ ස්ථානයට ආහාර, වතුර, බිස්කට්, කෙටි කෑම ආදිය ගෙන එන්නට පටන් ගත්තා. එය තාවකාලිකව නවාතැන් ගෙන කරන විරෝධයක් බවට පත් කරගත්තා.

එදින සවස් වෙද්දී, පිරිස පාර්ලිමේන්තුව දෙසට ඇවිද ගියා. පොලිසිය මේ විරෝධතා පාගමන අතරමඟදී නැවැත්තුවා. මුලු පරිශ්‍රයේම සියලු ජංගම දුරකතන සංඥා විසන්ධි කළා. මාර්ග බාධක දැම්මා. පසුව කඳුළු ගෑස් ප්‍රහාර ආරම්භ කළා. අනතුරුව පහර දුන්නා. සිසුන් මාර්ග බාධක බිඳිමින්, පොලිසියට පහර දෙන්න පටන් ගත්තා. මෙය දෙපිරිස අතර දැවැන්ත ගැටුමක් බවට පත් වුණා. මේ සමස්ථ සිද්ධි දාමයම, ඉන්දීය මාධ්‍ය හරහා ප්‍රචාරය වීම ආණ්ඩුව විසින් වැළැක්වුවා.

එදින සවස් වෙද්දී, දිල්ලි පොලිසිය විසින් ගැටුම ගැන නිවේදනයක් නිකුත් කළා.

නිවේදනයට අනුව, මේ ගැටුමින් 178 ක් තුවාල ලැබුවා. ඉන් 118ක් පොලිස් නිලධාරීන්. 60ක් සිසුන්. ඊට අමතරව උද්ඝෝෂකයින් 70 ක් අත් අඩංගුවට ගත් බවත් කිව්වා. එක් උද්ඝෝෂකයෙක් රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කොට තිබුණා.

කැරපොත්තන්ගේ මාධ්‍ය ප්‍රකාශයට අනුව, උද්ඝෝෂකයින් 150 දෙනෙකු, පොලිස් පහරදීම් හේතුවෙන් එදින රෝහල්ගත කර තිබුණා.

කැරපොත්තන් විසින්, මෙවන් පහරදීමකට අණ කළ මෝදි ඒකාධිපතයෙකු බවත්, ඉන්දියාව වැනි ප්‍රජාතාන්ත්‍රික රටක අගමැතිකමට ඔහු කිසිසේත් සුදුසු නැති බවත්, පොලිස් පහරදීම් ඉතාම අමානුෂිකව ක්‍රියාත්මක වූ බවත් සිය ප්රකාශයේදී කියා සිටියා.

මීට අමතරව, මෙම ව්‍යාපාරය විසින්, අදාල පහරදීමට පෙර “අඟහරුවාදා“ දින තවත් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. නමුත් ඊට පෙර උද්ඝෝෂණයට කළ පහරදීම හේතුවෙන්, දෙවැනි උද්ඝෝෂණය සිදු නොකරන බව කැරපොත්තන් දැනුම් දුන්නා. එයට හේතුව ලෙස සඳහන් කළේ, තමන්ට වුවමනා පොලිසිය සමඟ සටනක් නොව, අධ්‍යාපන ඇමති ඉවත් වීම බව කියා සිටියා. නමුත් ජන්තර් මන්තර් පරිශ්‍රයෙන් තවදුරටත් ඉවත් නොවන බවත් කැරපොත්තන් ප්‍රකාශ කළා.

පහරදීමට පසුව. මෝදිගේ නිල නිවස අවට කලාපයටත් කැරපොත්තන් රැස් වුණා. මෙම විරෝධතාවයට ඉන්දියාවේ විපක්ෂ නායකයා වූ “රාහුල් ගාන්ධි“ ඇතුළු පිරිසක් සහභාගි වුණා. එහිදී ගාන්ධි ඇතුළු පිරිස පොලිස් අත් අඩංගුවට පත් වුණා. පසුවදා ඔවුන්ව නිදහස් කළා. රාහුල් ගාන්ධි ඉන් පසුව තමාගේ නායකත්වය යටතේ සිටින පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ව, කැරපොත්තන්ගේ විරෝධතාවයට එක් කළා. විපක්ෂයේ ප්‍රධානම ඉල්ලීම වුණේ, කැරපොත්තන්ට කළ අමානුෂික ප්‍රහාරය පිටුදැකීම සහ, කැරපොත්තන්ගේ ඉල්ලීම්ලට මෝදි ආණ්ඩුව කන් දිය යුතු බව.

මෙම මාස ගණනාව පුරාම ආණ්ඩුව මේ ගැන නිල ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටියා.

නමුත්, පහරදීම සිදු වූ සඳුදා සවස, කැරපොත්තන් සමඟ විධිමත් ලෙස සාකච්ඡා කරන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු සහභාගි වුණා. මැයි මාසයෙන් ඇරඹි කැරපොත්තන්ගේ විරෝධය ගැන, අගමැති මෝදි සිය පළමු ප්‍රකාශය කළේ ඉන් පසුව. ඒ පසුගිය අඟහරුවාදා. එහිදී ආණ්ඩුවේ ප්‍රතිචාරය වෙලා තිබුණේ, විභාග වංචා සහ ප්‍රතිඵල ප්‍රශ්නයට ආණ්ඩුව ඉතාම ඉක්මනින් විසඳුමක් ලබාදෙන බවක්.

කැරපොත්තන්ගේ විරෝධතාවය අතරමැද, ඉන්දීය විපක්ෂය දිගින් දිගටම සිය විරෝධතාව ආණ්ඩුව වෙත එල්ල කළා. මෙය ඉන්දියාවේ අනාගත පරපුර විනාශ කොට, ඔවුන්ව ලැජ්ජාවට පත් කළ ආණ්ඩුවක් යැයි චෝදනා කළා.

මේ කැරපොත්තන්ගේ විරෝධය සමඟ, සෑම පාර්ශ්වයක්ම වැඩියෙන් උනන්දු වුණේ, පසුගිය වසරවලදී නේපාලයේ සහ බංග්ලාදේශයේ ඇති වූ “ඉසෙඩ් පරම්පරාවේ“ විරෝධතා සහ, කැරපොතු විරෝධතාවය සමාන ද නැද්ද යන කාරණය ගැන.

සමාන ද?

කැරපොත්තන්ගෙ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශකයා වූ, “දීප්කේ“ මේ ප්‍රශ්නයට සෘජුවම පිළිතුරු දුන්නා. මෙය ඉන් සපුරා වෙනස් බවත්, තමන් ආයුධ නොගන්නා බවත්, තමන් පහර නොදෙන බවත් ඔහු කිව්වා. මෙය සාමකාමී විරෝධතාවක් බවත් ඔහු පැහැදිලි කළා. මෝදි ආණ්ඩුව විසින් මෙම විරෝධතාවය ප්රචණ්ඩ කරන්නට ගත් උත්සාහය හෙයින්ම, පසුදා සැළසුම් කළ විරෝධතාවය තමන් අවලංගු කළේද, ආණ්ඩුව විසින් තමන්ට “ප්රචණ්ඩ“ ලේබලය ඇලවීමට පෙර බව ඔහු පැහැදිලි කළා.

මෙය මෑත කාලීන ඉන්දියාවේ පළමු අවස්ථාව ද?

නෑ. 2011 දී අන්නා හසාරේගේ නායකත්වයෙන්, දූෂණ විරෝධී විරෝධතාවය මේ හා සමානම මට්ටමින් ඉදිරියට ආවා. මිලියන ගණනක් තරුණයින් පාරට බැස්සා.

2020 න් පසුව මෝදිට විරුද්ධව දැවැන්ත ගොවි ව්‍යාපාරයක් ඇති වුණා. එහිදී කෘෂිකාර්මික නීති සහ අණ පනත් විශාල සංඛ්‍යාවක් වෙනස් කරන්නට මෝදි ආණ්ඩුවට සිද්ධ වුණා.

නමුත් කැරපොත්තන්ට, ගොවීන්ගේ විරෝධය මෙන් සමස්ථ ඉන්දියාවේම සහායක් ලැබිලා නෑ. 2011 අන්නා හසාරේගේ විරෝධය මෙන්, එක්තරා පිරිසකගේ සහාය විතරයි ලැබුණෙ. කැරපොත්තන්ට අනුවත්, මෙවර ඔවුන්ගේ අධ්‍යාපනික ඉල්ලීමෙන් මේ විරෝධය අවසන් වෙනවා. නමුත් සංවිධානය දිගටම පවතිනවා. ඒකට පදනමකුත් තිබෙනවා. මොකද ඉන්දියාවේ අධ්‍යාපන ප්රශ්නය කියන්නෙ එන්න එන්නම වැඩි වර්ධනය වන ගැටළුවක්.

මේ ඝට්ටනය යටින් දිවෙන තවත් ප්‍රශ්නයක් තිබෙනවා. මෝදිගේ ආණ්ඩුවේ ඡන්ද පදනම තියෙන්නෙ ග්‍රාමීය දිළිඳු ජනතාව අතර. නමුත් කැරපොත්තන්ගේ අරගලයට නායකත්වය දෙන්නෙ, ඉන්දියාවේ මධ්‍යම හා ඉහළ මධ්‍යම පන්තියේ සිසුන් සහ ක්‍රියාකාරීන්. ඔවුන් ආමන්ත්‍රණය කරන්නෙ ඉන්දියාවේම දුප්පත් සිසුන්ව වුණත්, එහි නායකයින් බොහෝ අය දිල්ලිය කේන්ද්‍ර කරගත් ඉහළ මධ්‍යම පාන්තිකයින්. මේ හින්දාත්, මෝදිට හිතවත් ග්‍රාමීය පළාත්වලට මෙම ව්‍යාපාරය තවම ව්‍යාප්ත වෙලා නෑ. මේ අනුව, කැරපොත්තන්ට ඉදිරියේදී, දිල්ලියෙන් දුර ඈත මෝදිගේ ඡන්ද පදනම් තිබෙන ග්‍රාමීය දුප්පත් ප්‍රදේශවලට යෑමේ හැකියාව අනුව, මෙම ව්‍යාපාරයේ අනාගතය තීරණය වන බව පැහැදිලියි.

එතකොට දැන් තත්ත්වය මොකක්ද?

මේ වෙද්දි ඉන්දීය මාධ්‍යය විසින් මේ පුවත් වාර්ථා කරන්නෙ ආණ්ඩුවේ පෙරහනකින් පසුව. සමාජ මාධ්‍ය තුළ වාර්ථා පළ වෙන්නෙ කැරපොත්තන්ගේ මතයට අනුව. විදෙස් මාධ්‍ය හරහා වාර්තා පළ වෙන්නෙ ඒ ඒ මාධ්‍ය විසින් සම්බන්ධ කරගන්නා පාර්ශ්වයේ දැක්ම අනුව. නමුත් එකක් පැහැදිලියි. දිල්ලියේ ලොකුවටම කැරපොතු ප්රශ්නය ඇදෙනවා.

ඊයෙ වෙද්දිත්, ජන්තර් මන්තර් හි රැස් වී සිටින පිරිස විසිර ගියෙ නෑ. දැන් මේ විරෝධතාවලට මාසයකට වැඩියි. දිල්ලියේ මධ්‍යම පාන්තික හා ඉහළ මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයින්ගෙන් දිගින් දිගටම උද්ඝෝෂකයින්ට වියළි ආහාර, වතුර, ටෙන්ට් ආදී සැපයුම් එනවා. මෝදි ආණ්ඩුව විසින් මේ දිල්ලි උද්ඝෝෂණය, ගම්බද දුෂ්කර පළාත්වලට ප්‍රචාරය වීම නවත්වලා තිබෙනවා. ඒ වගේම, උද්ඝෝෂකයින්ගේ ඉල්ලීම් ගැන ආණ්ඩුව සෘජු ප්‍රතිචාරයක් දැක් වූ බවක් පේන්න නෑ.

“මේක දීර්ඝ කාලීන ප්‍රශ්නයක්. පිළිතුරත් දීර්ඝ කාලීන විසඳුමක්. ඒ නිසා මේක මෙතැනින් නවතින්නෑ“ දැනට කැරපොත්තන් එහෙම කියනවා.

කොහොමින් කොහොම හෝ, නඩුවක් අතරතුර කළ අහඹු ප්‍රකාශයක් විසින් හාරාවුස්සලා උඩට අරන් තියෙන්නෙ, ඉන්දියාවේ මිලියන ගානක් තරුණ ප්‍රජාව දශක ගානක් තිස්සේ විසඳුම් හොයමින් හිටපු ප්‍රශ්න මාලාවක් බව නම් පැහැදිලියි.

කැරපොත්තො මේ සටන දිනලා අධ්‍යාපන ප්රතිසංස්කරණයක් එයි ද? මෝදි බොහොම පහසුවෙන් කැරපොත්තන්ව පරදා සුපුරුදු අධ්‍යාපන ක්රමයම ගෙන යයිද? ඒක තීරණය කළ යුත්තේ ඉන්දියාව ම තමයි.

කලින් ලිපි, පළමු කමෙන්ටුවේ ඇති ලින්ක්වලින් කියවන්න පුලුවන්.

සටහන: Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ

#cockroach #IndiaNews #cockroachjantaparty #CockroachMovement

[QUOTE="lilman, post: 31524598, member: 200726"] මේකට එකතු වුණේ කැරපොත්තො විතර ද? කැරපොත්තන් යන ගණයට ඇත්ත වශයෙන්ම වැඩිමනක් අයත් වුණේ, ජෙන් ඉසෙඩ් පරම්පරාව. නමුත්, මෙය හුදෙක් එක පරපුරක ප්‍රශ්නයක් නොව, සමාජයක ප්‍රශ්නයක් බව කියමින් විවිධ පිරිස් ඔවුන් සමඟ එකතු වුණා. සති කීපයක් යනතුරුම, මේ විරෝධතා සිද්ධ වුනේ පාරවල් අයිනේ. විවිධ පොදු ස්ථානවල. වීදි කොනක. පසුව කැරපොත්තන් පිරිසක්, ඉන්දීය පාර්ලිමේන්තුව අසළ ඇති. ජන්තර් මන්තර් පරිශ්‍රයට ගිහින් ඉඳගත්තා. මෝදිගේ අධ්‍යාපන ඇමතිවරයා තනතුරින් ඉල්ලා අස්වන තුරු එතැනින් නැඟිටින්නේ නැති බව කියමින් උපවාසයක් පටන් ගත්තා. [HR][/HR] දින කීපයක් යද්දී, සිසුන් සමඟ වෘත්තිකයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් කීප දෙනෙක්ම, ජන්තර් මන්තර් පරිශ්‍රයට විත් ඉඳගත්තා. සමහරු ටෙන්ට් ඇටෙව්වා. ජූනි 28 වැනිදා, ඉන්දියාවේ ඉතාම ප්‍රකට අධ්‍යාපනික ක්‍රියාකාරිකයෙකු සහ පරිසර ක්‍රියාකාරිකයෙකු වූ Sonam Wangchuk විසින්, නව පරපුරේ කැරපොත්තන්ට සහාය දැක්වීමක් ලෙස, “නිරාහාර උපවාසයක්“ ආරම්භ කළා. මීට පෙර ඔහු සිය උද්ඝෝෂණවලදී අත් අඩංගුවට පත්ව, සිරගතව සිටියා. ඔහුගේ ක්‍රියාකාරීත්වය ගැන ඉන්දීය තරුණ ප්‍රජාව එයින් දැනුවත්ව සිටියා. තම කැරපොතු ව්‍යාපාරයට ඔහු එක්කාසු වීමෙන් කැරපොත්තන් නව පණක් ලැබුවා. සෝනම්ගේ නිරාහාර උපවාසය සති 3ක් එකදිගට ම පැවතුණා. ඔහුගේ බර මේ සති 3 තුළ කිලෝ ග්‍රෑම් 9කින් අඩු වුණා. පසුව දිල්ලි පොලිසිය විසින් ඔහුව ගිලන් රථයකට බලෙන්ම නංවාගෙන රෝහල්ගත කළා. මෙය ඔහුගේ සෞඛ්‍ය අවදානම ගැන සිතා කළ දෙයක් බව පොලිසිය කිව්වා. මෙය පැහැරගැනීමක් බවත්, එය නීති විරෝධී බවත් සෝනම් සහ සෝනම්ගේ බිරිඳ චෝදනා කළා. රෝහලේදීත්, සෝනම් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළා. තම උපවාසය, අධ්‍යාපන ඇමති ඉල්ලා අස් වූ වහාම අවසන් කරන බව තමයි සෝනම් කිව්වෙ. ඔහුව උපවාස බිමින් ඉවත් කිරීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වුණේ, සෝනම්ගේ එක්කාසු වීම නිසා උද්යෝගීමත් වූ කැරපොත්තන්ව විසිරුවා හැරීම. නමුත් මේ ආරංචියත් සමඟ එතැනට කැරපොත්තන් දහස් ගානක් ඇදී ආවා. සෝනම් විශේෂ ප්‍රකාශයක් කරමින්, කැරපොත්තන් පාර්ලිමේන්තුවට රැළියක් යෑම වඩාත් යෝග්‍ය බව කිව්වා. කැරපොත්තෝ මේ ඉල්ලීමට අනුව, පාර්ලිමේන්තුවට සිය ඉල්ලීම් රැගෙන ගියා. ජූලි මාසයේ 19 වැනිදා වනවිටත්, ඒ කියන්නෙ මීට දින දෙක තුනකට පෙරත්, කැරපොත්තන්ගේ විරෝධතා තිබුණෙ සාමාන්‍ය මට්ටමක. මෙම විරෝධතා සමඟ හිටියේ 20,000 ක පමණ කැරපොත්තන් පිරිසක්. නමුත් ජූලි 20 වැනිදා මෙම ප්‍රමාණය, කැරපොත්තන් 50,000 දක්වා වර්ධනය වුණා. මේ අතර අති බහුතරයක් යොවුන් හෝ වයස අවුරුදු විසි ගණන්වල අය. ඔවුන් සිය උද්ඝෝෂණ ස්ථානයට ආහාර, වතුර, බිස්කට්, කෙටි කෑම ආදිය ගෙන එන්නට පටන් ගත්තා. එය තාවකාලිකව නවාතැන් ගෙන කරන විරෝධයක් බවට පත් කරගත්තා. එදින සවස් වෙද්දී, පිරිස පාර්ලිමේන්තුව දෙසට ඇවිද ගියා. පොලිසිය මේ විරෝධතා පාගමන අතරමඟදී නැවැත්තුවා. මුලු පරිශ්‍රයේම සියලු ජංගම දුරකතන සංඥා විසන්ධි කළා. මාර්ග බාධක දැම්මා. පසුව කඳුළු ගෑස් ප්‍රහාර ආරම්භ කළා. අනතුරුව පහර දුන්නා. සිසුන් මාර්ග බාධක බිඳිමින්, පොලිසියට පහර දෙන්න පටන් ගත්තා. මෙය දෙපිරිස අතර දැවැන්ත ගැටුමක් බවට පත් වුණා. මේ සමස්ථ සිද්ධි දාමයම, ඉන්දීය මාධ්‍ය හරහා ප්‍රචාරය වීම ආණ්ඩුව විසින් වැළැක්වුවා. එදින සවස් වෙද්දී, දිල්ලි පොලිසිය විසින් ගැටුම ගැන නිවේදනයක් නිකුත් කළා. නිවේදනයට අනුව, මේ ගැටුමින් 178 ක් තුවාල ලැබුවා. ඉන් 118ක් පොලිස් නිලධාරීන්. 60ක් සිසුන්. ඊට අමතරව උද්ඝෝෂකයින් 70 ක් අත් අඩංගුවට ගත් බවත් කිව්වා. එක් උද්ඝෝෂකයෙක් රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කොට තිබුණා. කැරපොත්තන්ගේ මාධ්‍ය ප්‍රකාශයට අනුව, උද්ඝෝෂකයින් 150 දෙනෙකු, පොලිස් පහරදීම් හේතුවෙන් එදින රෝහල්ගත කර තිබුණා. කැරපොත්තන් විසින්, මෙවන් පහරදීමකට අණ කළ මෝදි ඒකාධිපතයෙකු බවත්, ඉන්දියාව වැනි ප්‍රජාතාන්ත්‍රික රටක අගමැතිකමට ඔහු කිසිසේත් සුදුසු නැති බවත්, පොලිස් පහරදීම් ඉතාම අමානුෂිකව ක්‍රියාත්මක වූ බවත් සිය ප්රකාශයේදී කියා සිටියා. මීට අමතරව, මෙම ව්‍යාපාරය විසින්, අදාල පහරදීමට පෙර “අඟහරුවාදා“ දින තවත් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. නමුත් ඊට පෙර උද්ඝෝෂණයට කළ පහරදීම හේතුවෙන්, දෙවැනි උද්ඝෝෂණය සිදු නොකරන බව කැරපොත්තන් දැනුම් දුන්නා. එයට හේතුව ලෙස සඳහන් කළේ, තමන්ට වුවමනා පොලිසිය සමඟ සටනක් නොව, අධ්‍යාපන ඇමති ඉවත් වීම බව කියා සිටියා. නමුත් ජන්තර් මන්තර් පරිශ්‍රයෙන් තවදුරටත් ඉවත් නොවන බවත් කැරපොත්තන් ප්‍රකාශ කළා. පහරදීමට පසුව. මෝදිගේ නිල නිවස අවට කලාපයටත් කැරපොත්තන් රැස් වුණා. මෙම විරෝධතාවයට ඉන්දියාවේ විපක්ෂ නායකයා වූ “රාහුල් ගාන්ධි“ ඇතුළු පිරිසක් සහභාගි වුණා. එහිදී ගාන්ධි ඇතුළු පිරිස පොලිස් අත් අඩංගුවට පත් වුණා. පසුවදා ඔවුන්ව නිදහස් කළා. රාහුල් ගාන්ධි ඉන් පසුව තමාගේ නායකත්වය යටතේ සිටින පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ව, කැරපොත්තන්ගේ විරෝධතාවයට එක් කළා. විපක්ෂයේ ප්‍රධානම ඉල්ලීම වුණේ, කැරපොත්තන්ට කළ අමානුෂික ප්‍රහාරය පිටුදැකීම සහ, කැරපොත්තන්ගේ ඉල්ලීම්ලට මෝදි ආණ්ඩුව කන් දිය යුතු බව. මෙම මාස ගණනාව පුරාම ආණ්ඩුව මේ ගැන නිල ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටියා. නමුත්, පහරදීම සිදු වූ සඳුදා සවස, කැරපොත්තන් සමඟ විධිමත් ලෙස සාකච්ඡා කරන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු සහභාගි වුණා. මැයි මාසයෙන් ඇරඹි කැරපොත්තන්ගේ විරෝධය ගැන, අගමැති මෝදි සිය පළමු ප්‍රකාශය කළේ ඉන් පසුව. ඒ පසුගිය අඟහරුවාදා. එහිදී ආණ්ඩුවේ ප්‍රතිචාරය වෙලා තිබුණේ, විභාග වංචා සහ ප්‍රතිඵල ප්‍රශ්නයට ආණ්ඩුව ඉතාම ඉක්මනින් විසඳුමක් ලබාදෙන බවක්. කැරපොත්තන්ගේ විරෝධතාවය අතරමැද, ඉන්දීය විපක්ෂය දිගින් දිගටම සිය විරෝධතාව ආණ්ඩුව වෙත එල්ල කළා. මෙය ඉන්දියාවේ අනාගත පරපුර විනාශ කොට, ඔවුන්ව ලැජ්ජාවට පත් කළ ආණ්ඩුවක් යැයි චෝදනා කළා. මේ කැරපොත්තන්ගේ විරෝධය සමඟ, සෑම පාර්ශ්වයක්ම වැඩියෙන් උනන්දු වුණේ, පසුගිය වසරවලදී නේපාලයේ සහ බංග්ලාදේශයේ ඇති වූ “ඉසෙඩ් පරම්පරාවේ“ විරෝධතා සහ, කැරපොතු විරෝධතාවය සමාන ද නැද්ද යන කාරණය ගැන. සමාන ද? කැරපොත්තන්ගෙ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශකයා වූ, “දීප්කේ“ මේ ප්‍රශ්නයට සෘජුවම පිළිතුරු දුන්නා. මෙය ඉන් සපුරා වෙනස් බවත්, තමන් ආයුධ නොගන්නා බවත්, තමන් පහර නොදෙන බවත් ඔහු කිව්වා. මෙය සාමකාමී විරෝධතාවක් බවත් ඔහු පැහැදිලි කළා. මෝදි ආණ්ඩුව විසින් මෙම විරෝධතාවය ප්රචණ්ඩ කරන්නට ගත් උත්සාහය හෙයින්ම, පසුදා සැළසුම් කළ විරෝධතාවය තමන් අවලංගු කළේද, ආණ්ඩුව විසින් තමන්ට “ප්රචණ්ඩ“ ලේබලය ඇලවීමට පෙර බව ඔහු පැහැදිලි කළා. මෙය මෑත කාලීන ඉන්දියාවේ පළමු අවස්ථාව ද? නෑ. 2011 දී අන්නා හසාරේගේ නායකත්වයෙන්, දූෂණ විරෝධී විරෝධතාවය මේ හා සමානම මට්ටමින් ඉදිරියට ආවා. මිලියන ගණනක් තරුණයින් පාරට බැස්සා. 2020 න් පසුව මෝදිට විරුද්ධව දැවැන්ත ගොවි ව්‍යාපාරයක් ඇති වුණා. එහිදී කෘෂිකාර්මික නීති සහ අණ පනත් විශාල සංඛ්‍යාවක් වෙනස් කරන්නට මෝදි ආණ්ඩුවට සිද්ධ වුණා. නමුත් කැරපොත්තන්ට, ගොවීන්ගේ විරෝධය මෙන් සමස්ථ ඉන්දියාවේම සහායක් ලැබිලා නෑ. 2011 අන්නා හසාරේගේ විරෝධය මෙන්, එක්තරා පිරිසකගේ සහාය විතරයි ලැබුණෙ. කැරපොත්තන්ට අනුවත්, මෙවර ඔවුන්ගේ අධ්‍යාපනික ඉල්ලීමෙන් මේ විරෝධය අවසන් වෙනවා. නමුත් සංවිධානය දිගටම පවතිනවා. ඒකට පදනමකුත් තිබෙනවා. මොකද ඉන්දියාවේ අධ්‍යාපන ප්රශ්නය කියන්නෙ එන්න එන්නම වැඩි වර්ධනය වන ගැටළුවක්. මේ ඝට්ටනය යටින් දිවෙන තවත් ප්‍රශ්නයක් තිබෙනවා. මෝදිගේ ආණ්ඩුවේ ඡන්ද පදනම තියෙන්නෙ ග්‍රාමීය දිළිඳු ජනතාව අතර. නමුත් කැරපොත්තන්ගේ අරගලයට නායකත්වය දෙන්නෙ, ඉන්දියාවේ මධ්‍යම හා ඉහළ මධ්‍යම පන්තියේ සිසුන් සහ ක්‍රියාකාරීන්. ඔවුන් ආමන්ත්‍රණය කරන්නෙ ඉන්දියාවේම දුප්පත් සිසුන්ව වුණත්, එහි නායකයින් බොහෝ අය දිල්ලිය කේන්ද්‍ර කරගත් ඉහළ මධ්‍යම පාන්තිකයින්. මේ හින්දාත්, මෝදිට හිතවත් ග්‍රාමීය පළාත්වලට මෙම ව්‍යාපාරය තවම ව්‍යාප්ත වෙලා නෑ. මේ අනුව, කැරපොත්තන්ට ඉදිරියේදී, දිල්ලියෙන් දුර ඈත මෝදිගේ ඡන්ද පදනම් තිබෙන ග්‍රාමීය දුප්පත් ප්‍රදේශවලට යෑමේ හැකියාව අනුව, මෙම ව්‍යාපාරයේ අනාගතය තීරණය වන බව පැහැදිලියි. එතකොට දැන් තත්ත්වය මොකක්ද? මේ වෙද්දි ඉන්දීය මාධ්‍යය විසින් මේ පුවත් වාර්ථා කරන්නෙ ආණ්ඩුවේ පෙරහනකින් පසුව. සමාජ මාධ්‍ය තුළ වාර්ථා පළ වෙන්නෙ කැරපොත්තන්ගේ මතයට අනුව. විදෙස් මාධ්‍ය හරහා වාර්තා පළ වෙන්නෙ ඒ ඒ මාධ්‍ය විසින් සම්බන්ධ කරගන්නා පාර්ශ්වයේ දැක්ම අනුව. නමුත් එකක් පැහැදිලියි. දිල්ලියේ ලොකුවටම කැරපොතු ප්රශ්නය ඇදෙනවා. ඊයෙ වෙද්දිත්, ජන්තර් මන්තර් හි රැස් වී සිටින පිරිස විසිර ගියෙ නෑ. දැන් මේ විරෝධතාවලට මාසයකට වැඩියි. දිල්ලියේ මධ්‍යම පාන්තික හා ඉහළ මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයින්ගෙන් දිගින් දිගටම උද්ඝෝෂකයින්ට වියළි ආහාර, වතුර, ටෙන්ට් ආදී සැපයුම් එනවා. මෝදි ආණ්ඩුව විසින් මේ දිල්ලි උද්ඝෝෂණය, ගම්බද දුෂ්කර පළාත්වලට ප්‍රචාරය වීම නවත්වලා තිබෙනවා. ඒ වගේම, උද්ඝෝෂකයින්ගේ ඉල්ලීම් ගැන ආණ්ඩුව සෘජු ප්‍රතිචාරයක් දැක් වූ බවක් පේන්න නෑ. “මේක දීර්ඝ කාලීන ප්‍රශ්නයක්. පිළිතුරත් දීර්ඝ කාලීන විසඳුමක්. ඒ නිසා මේක මෙතැනින් නවතින්නෑ“ දැනට කැරපොත්තන් එහෙම කියනවා. කොහොමින් කොහොම හෝ, නඩුවක් අතරතුර කළ අහඹු ප්‍රකාශයක් විසින් හාරාවුස්සලා උඩට අරන් තියෙන්නෙ, ඉන්දියාවේ මිලියන ගානක් තරුණ ප්‍රජාව දශක ගානක් තිස්සේ විසඳුම් හොයමින් හිටපු ප්‍රශ්න මාලාවක් බව නම් පැහැදිලියි. කැරපොත්තො මේ සටන දිනලා අධ්‍යාපන ප්රතිසංස්කරණයක් එයි ද? මෝදි බොහොම පහසුවෙන් කැරපොත්තන්ව පරදා සුපුරුදු අධ්‍යාපන ක්රමයම ගෙන යයිද? ඒක තීරණය කළ යුත්තේ ඉන්දියාව ම තමයි. 🌏 🟡 කලින් ලිපි, පළමු කමෙන්ටුවේ ඇති ලින්ක්වලින් කියවන්න පුලුවන්. • සටහන: ©️Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ #cockroach #IndiaNews #cockroachjantaparty #CockroachMovement [url=https://ibb.co/d0CL6Gqn][img]https://i.ibb.co/ccfCtDHz/FB-IMG-1784817254608.jpg[/img][/url] [url=https://freeimage.host/i/COCZ29I][img]https://iili.io/COCZ29I.md.jpg[/img][/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom