ඉන්දියාවේ කෝටිපති අදානිට දැවැන්ත වංචා චෝදනාවක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ශ්‍රී ලංකාවේද දැවැන්ත ආයෝජන සඳහා සූදානම් වන ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපරික ගෞතම් අදානිට එරෙහිව අමෙරිකානු ආයෝජන සමාගමක් වංචා චෝදනා එල්ලකර තිබෙනවා. ඔවුන් පවසන්නේ අදානි සමාගම කොටස් වෙළෙඳපොළ සහ ගිණුම් වංචා කර ඇති බවටයි. ඒ සම්බන්ධයෙන් මෙම සමාගම නිකුත් කළ වාර්තාව මේ වන විට ලොව පුරා දැඩි කතාබහක් මතුකර තිබෙනවා.

    එහි බලපෑම කෙතරම් ද කිවහොත් දිනක් තුළ අදානි සමාගමේ කොටස් වෙළඳ පොල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 11 කින් කඩා වැටී තිබෙනවා. මෙම ආනාවරණය සිදුවූයේ අදානි සමාගමේ කොටස් වෙන්දේසියක් අද දිනයේ සිදුවීමට නියමිතව ඇති පසුබිමකයි.

    කෙසේවෙතත් අදානි සමාගම පවසන්නේ තමාට එල්ලවන මෙම චෝදනා සම්පූර්ණයෙන් ම ප්‍රතික්සේප කරන බවයි. අදාළ වාර්තාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ගෞතම් අදානි පවසා තිබෙනවා.

    අදානි සමාගම යනු ඉන්දියාවේ ඇති දැවැන්තම සමාගමයි. ගෞතම් අදානි ආසියාවේ කෝටිපතියාද වනවා. ෆොර්බෙස් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 03 වන ස්ථානයේ පසුවන්නේ ද ඔහුයි.