Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාවේ_යාචකයන්_නිපදවන_හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවේ_යාචකයන්_නිපදවන_හැටි

ඉන්දියාවේ යාචකයන් නිපදවන හැටි

නිතර දෙවේලේ කටගොන්නක් බීගෙන සිටින තම බේබදු පියාගෙන් සිදුවන අතවර තවදුරටත් දරාගත නොහැකිවූ තැන නිවසින් පලා ආ දොළොස් හැවිරිදි ‘ආමීර්’, වික්ටෝරියා දුම්රියපළේ නවත්වා තිබූ දුම්රියකට හොරෙන් රිංගා ගත්තේ ඔහුගේ සිහින නගරය වූ මුම්බායි නුවරට යාමටයි.

ඇඳිවත පමණක් ඇතිව නිවසින් පලා ආ ආමීර්ට, අතේ සතයක්වත් නොමැතිව කෙසේ හෝ දුම්රියෙන් මුම්බායි නුවරට සේන්දු වූ කල සිතට දැනුණු තනිකම හා බිය අපමණය. බිලියන 1.3 කට අධික ජනකායක් වෙසෙන ඉන්දියාවේ මිලියන 18 විශාල පිරිසකට වාසස්ථානය වන්නේ මුම්බායි නගරයයි. පණුවෝ නටන පල්වතුර පිරුණු කුණු කාණුවලින් හා, දුගඳ හමන කුණු කඳුවලින් පිරීගිය මුඩුක්කුවලින් අඩුවක් නැති මුම්බායි නගරය මැද සිටගෙන සිටි කුඩා ආමීර්ට දැනුණේ තමා මංමුළා වූ බවකි.

පිටිසරබද ගමක හැදී වැඩුණු ආමීර්ගේ සිතේ මුම්බායි නුවර පිළිබඳව මැවී තිබුණේ මීට වඩා හාත්පසින්ම වෙනස් චිත්රයකි. සුපිරි බොලිවුඩ් තාරකාවන්ගේ පහස ලබන, රන් ඇතිරූ වීදිවලින් සමන්විත සිහින නගරයක් ලෙස ආමීර් විශ්වාස කළ මුම්බායි නගරයට වඩා තමා දකින මුඩුක්කු පැල්පත් ගහණ මෙම ජනාකීර්ණ නගරය බෙහෙවින් වෙනස් බව ඔහුට අවබෝධ වනවිට පරක්කු වූවා වැඩිය. බිය පරයා කුසගින්න නැගීඑද්දී දෙනෝදාහක් අතර තනිව ආමීර්ට සිඟමන් යදිනවා හැරෙන්නට කරන්නට අන් යමක් තිබුණේ නැත. ප්‍රසන්න පෙනුමින් යුතු වයස්ගත යුවළක් ආමීර් හා මිතුරු වන්නේ ඔහු එලෙස වීදියක් අයිනේ අතපාමින් සිටින විටකදීය. මවත් අහිමිව බේබදු පියාගෙන් බැට කා මෙලොව තනිව සිටි කුඩා අාමීර්ට මේ යුවළගේ කරුණාවන්තකම ප්‍රතික්ෂේප කරන්නට සිත් දුන්නේ නැත. ඔවුන් ඔහුට පිළිගැන්වූ දිව පිනවන කේක් කැබැල්ලේ රසයෙන් කුසගිනි නිවී සිත කුල්මත් ෙවත්දී, ඔහුගේ පියවි සිහිය ඔහු වෙතින් පලාගොස් තිබිණි. මුම්බායි නුවර නගරසභාවට අයත් රෝහලක ඇඳක් මත ආමීර් සිහිය ලබද්දී ඔහු සිටියේ දරාගත නොහැකි වේදනාවකිනුයි.

හොඳට තිබූ ඔහුගේ දකුණු කකුල සැත්කමකින් දණහිසට ඉහළින් කපා දමා තිබිණි. ඉන් හටගත් වේදනාවටත් වඩා පාදයක් අහිමි වීමෙන් සිතට දැනුණු වේදනාව ඔහුගේ දෑසින් රූරා වැටෙද්දී කුඩා ආමීර්ට කළ හැකි වූයේ එකම එක් දෙයකි. ඒ මෙබඳු විපතක් තමාට නොවුණා සේ සිතා තමාගේම සිත රවටා ගැනීමයි.

මත්ද්‍රව්‍ය දැමූ කේක් ලබාදුන් ‘කරුණාවන්ත යුවළ’ ආමීර්ගේ පාදයක් කපා දැමීමට වෛද්‍යවරයකුට අල්ලස් ලබා දී තිබුණි. ජීවිත කාලයටම අබ්බගාතයකු වූ පුංචි ආමීර්ව අපට මුණ ගැසෙන්නේ සුප්‍රකට ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ (Slum dog Millionaire) චිත්‍රපටයේ ජවනිකාවකින් නොවේ. අනුවේදනීයත්වය නිසාම චිත්‍රපටයක එන කතාවක් සේ හැඟුණත්, ධනවාදයේ කඩතුරාවට මුවා වී යාචක වෘත්තිය මාෆියාවක් ලෙස කර ඔසවා සිටින මුම්බායි නුවර පැල්පත් මුඩුක්කු ජනාවාසයකිනුයි. ආමීර්ගේ කතාව යාචක මාෆියාව නිසා වසරකදී මෙලෙස ආබාධිත තත්ත්වයට පත්වන හතළිස්හතරදහසක් වූ සමස්ත ඉන්දීය ළමා යාචක ප්‍රජාවගේම දුඃඛිත ඉරණම කියා පාන්නකි.

පහළොස් හැවිරිදි ‘ඩැල්බීර්’ ද ආමීර්ගේ ඉරණමටම ලක්වූ ළමා යාචකයෙකි. දෙමව්පියන් අහිමි වීමෙන් පසු කුසගිනි ඉවසන්නට බැරි තැන රේල්ලුවේ සිඟා කෑමට පටන් ගත් ඩැල්බීර්ටද පාදයක් අහිමිවන්නේ ඉන්දියාවේ පිළිලයක් බවට පත්ව තිබෙන යාචක මාෆියාව නිසයි. යාචක වෘත්තියේ යොදවා මඩිය තර කර ගන්නා කූඨ මාෆියාකරුවන් විසින් චාටුවෙන් රවටාගෙන පැහැරගෙන ගොස්, බලහත්කාරයෙන් පාදයක් කපා ඉවත්කොට මුම්බායි නුවර ජනාකීර්ණ වීදිවල සිඟමන් යැදීමට යෙදවූ ඩැල්බීර් වැනි දහස් සංඛ්‍යාත මුඩුක්කුවාසී ඉන්දීය ළමුන්ගේ ඛේදනීය ඉරණමට ලෝකයාගේ ඇස් ඇරවූයේ බ්‍රිතාන්‍ය ජාතික ඩැනී බොයිල්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවී ඔස්කාර් වේදිකාවටත් ගොඩව ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ චිත්‍රපටයයි. තම ආත්ම ලාභය පතා, පටු වාණිජ අරමුණු මුල්කර ගනිමින් නීරෝගි දරුවකුගේ පාද කපා දමා ඔහුව සදාකාලික ආබාධිතයකු කිරීමට තරම් අපරාධකරුවකු කෙතරම් සාහසික විය යුතුද?

නීතියේ ඇස් වසා මුම්බායි, නවදිල්ලි වැනි නගරවල මුඩුක්කුවලට අරක් ගත්, සිඟමන් යැදීම මහා පරිමාණ කූට මාෆියාවක් බවට පත්කර ගත් තක්කඩි මැරයන්ගේ ගොදුරු බවට පත්වන ආමීර් හා ඩැල්බීර් වැනි ළමා අසරණයින්ගේ කතාව ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ හි සලීම්, ජමාල් හා ලතිකා ජාත්‍යන්තරයට ගෙන යද්දී එල්ලවන ගල්මුල් අපමණය.

‘අසභ්‍ය දරිද්‍රතාව’ නිරූපණය කරන චිත්‍රපටයක් ලෙස හංවඩු ගසමින්, ඉන්දියාව තක්කඩි මැරවරයන්ගේ ප්‍රචණ්ඩත්වයෙන් දූෂිතවූ තුන්වන පන්තියේ රටක් ලෙස අපවාදයට ලක් කිරීමේ අරමුණින් නිර්මාණය වූවක් බව කියමින් ඉන්දීය විචාරකයෝ ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ හෙළා දුටුවෝය. එලෙස චිත්‍රපටය විවේචනය කළවුන් අතර බොලිවුඩයේ මහා නළු අමිතාබ් බච්චන්ද විය. වැඩිපුර සිඟමන් ඉපයීමේ අරමුණින් යාචක වෘත්තිය මාෆියාවක් බවට පත්කරගෙන සිටින මැරවරයන් විසින් දරුවකුගේ දෑස් මතට ඇසිඩ් දියර වත්කොට ඔහු අන්ධභාවයට පත් කරන ගත කිලිපොළන දර්ශනය චිත්‍රපටයට එරෙහිව නැඟුණු විරෝධතාවල මර්මස්ථානය විය. නමුත් මුම්බායි යාචක මාෆියාවේ සැබෑ ස්වරූපය ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ චිත්‍රපටයේ නිර්මාණකරුවන්ගේ පරිකල්පන ශක්තියට එහා ගිය බිහිසුණු බවින් අනූන වූවකි.

බිලියන 1.2ක ජනතාවක් වෙසෙන ධනපති පන්තිය හා නිර්ධන පන්තිය අතර පරතරය අහසට පොෙළාව මෙන්වූ ඉන්දියාවේ වීදිවල ගැවසෙන ළමා යාචකයින්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂය ඉක්මවයි. යාචක වෘත්තියේ යෙදවීම සඳහා අත දරුවන්ගේ සිට වයස අවුරුදු දහහතර දක්වා වූ ළමුන් පැහැර ගැනීමත්, යාචක වෘත්තියේ නාමයෙන් මෙම දරුවන්ගේ අත් පා කපා දමා, ඔවුන්ගේ දෑස් මතට හෝ සිරුරේ නොයෙකුත් ස්ථානවලට ඇසිඩ් වත්කොට බලන්නට බිය උපදවන ආකාරයේ තුවාලවලින් ගැවසුණු ශරීර ඇති අන්ධ ආබාධිතයින් බවට පත් කිරීමත්, මුම්බායි නුවර සූක්ෂම ලෙස පවත්වාගෙන යන යාචක මාෆියාවේ එක් බියකරු පැතිකඩක් පමණි. එවන් බියකරු ඉරණමකින් ගැලවී පලායන ජමාල් හා ලතිකාගේ ජිවිතවලට සුන්දර අවසානයක් ලබා දීමට ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ චිත්‍රපටය සමත් වුවත්, මුඩුක්කුවලටම දියව යන සැබෑ ජිවිතයේ ළමා යාචකයින්ගේ ඉරණම බෙහෙවින් දුඃඛිත ය.

පෙනුම දුඃඛිත වන තරමට වැඩි වැඩියෙන් සිඟමන් ලැබෙන බව දන්නා යාචක මාෆියාවේ නායකයෝ එබඳු දරුවකුගෙන් දිනකට ඇමරිකානු ඩොලර් දහයක් පමණ උපයා ගනිති. ඉන් දහයෙන් පංගුවකින් දවස සරි කර ගන්නා මිලියනයක් පමණ වූ දිළින්දන් වෙසෙන රටක යාචක දරුවකුට මෙබඳු මුදලක් ලැබීම ලොතරැයි දිනුමක් ලැබුණා හා සමාන බව අමුතුවෙන් කිය යුතු නැත.

නමුත් ආමීර් හා ඩැල්බීර් වැනි අසරණයින්ට ඔවුන් දහඩිය මුගුරු හෙළමින් ගිනිගහන අව්වේ දැවෙමින් දුක සේ උපයා ගන්නා මුදල්වල ප්‍රීතිය භුක්ති විඳීමට වාසනාවක් නැත. සෑම දිනයකදීම අවසානයේදී සිඟමනින් උපයා ගන්නා මුදල් මාෆියා නායකයින්ට ලබාදීම හැර අන් විකල්පයක් ඔවුන්ට නැති නිසාය.

නැතිනම් සිත්පිත් නොමැති ලෙස ගුටිකෑමට හෝ ඊටත් වඩා දරුණු ඉරණමකට ලක් වීමට ඔවුන්ට සිදුවන බව කියන්නේ මුම්බායි නුවර යාචක මාෆියාවෙන් මඩිය තරකර ගන්නා එක් මැරවරයෙකි. නමින් ‘ජහාන්’ වන මොහු තම යාචක දරුවන් වැඩමුර ක්‍රමයට සිඟමනේ යොදවා දිනකට ඩොලර් පනහකට වැඩි ගතමනාවක් සොයා ගනියි. ඊට අමතරව මෙම යාචක දරුවන් ලවා කොකේන්, හෙරොයින්, හෂිස්, හා අබින් වැනි නීතිවිරෝධි මත්ද්‍රව්‍ය විදේශිකයින්ට අලෙවි කිරීමද ජයටම කරගෙන යන ජහාන්, අබින් වලින් කහට ගැසුණූ තම දත් විලිස්සා කුරිරු තෘප්තියකින් යුතුව කියන්නේ අල්ලස් ලබාදුන් විට මෙබඳු ජාවාරම්වලට පොලිසියෙන්ද බාධාවක් නැති බවයි.

‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ චිත්‍රපටයේ කතා නායකයින් දෙදෙනා වන කුඩා සලීම් හා ජමාල් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වීමට පෙර එම කාලකණ්ණි ජිවිතයෙන් මිදී මැරවර අත්අඩංගුවෙන් ගැලවී පලා යාමට සමත් වුවත්, සැබෑ තත්ත්ව යටතේ බලහත්කාරයෙන් යාචක වෘත්තියේ යොදවන ළමුන්ට ඉන් මිදීමක් ගැන සිතන්නටවත් නොහැක. ඊට එක් හේතුවක් වන්නේ එසේ පලා යාමට ගොස් හසුවූ විට මරණය නියත බව ඔවුන් දන්නා නිසයි.

අනෙක් ප්‍රධානම අවාසනාවන්ත හේතුව නම් තමන් විසින්ම ලබාදෙන මත්ද්‍රව්‍යයන්ට මෙම ළමුන්ව ඇබ්බැහි කිරීමට යාචක මාෆියාකරුවන් ක්‍රියා කිරීමයි. ළමුන්ව අඩපණකොට තම පාලනය යටතේ තබා ගැනීමට මැරවර නායකයින් ලබාදෙන මත්වතුරට හා මත්කුඩුවලට ඇබ්බැහිවූ මෙම ළමා යාචකයින් පෙර පිනකින් හෝ මොනයම් ක්‍රමයකින් හෝ පුනරුත්ථාපනයට යොමු කළද, ඉන් පලාගොස් යළිත් මාෆියා නායකයින් වෙතටම හැරීවිත් සුපුරුදු දුඃඛිත ජිවිතයම කරපින්නා ගන්නේ, ඇබ්බැහිව සිටින මත්ද්‍රව්‍යවල බලපෑම නිසයි. යාචක මාෆියාවේ ගොදුරක් බවට පත්ව, අතක්ද අහිමිව සිඟමනට වැටුණු නව හැවිරිදි ‘ටුෆ්කාර්’ කියන්නේ මෙම මත්ද්‍රව්‍ය භාවිතය නිසා අවාසනාවන්ත යථාර්ථය අමතක කිරීමට හැකියාව ලැබෙන බවයි.

දහඅට හැවිරිදි ‘ෆ්ලින්ටොෆ්’ කලක් ළමා යාචකයකු ලෙස වීදි සැරිසැරුවෙකි. පසුව මාෆියා නායකයකු ලෙසද කලක් යාචක ව්‍යාපාරය සරුවටම කරගෙන ගිය ෆ්ලින්ටොෆ් මෙම සාහසික වෘත්තියට තිත තැබුවේ ළමා යාචකයකු ලෙස ලද අප්‍රසන්න අත්දැකීම් නිසාමය. ඉඳහිට සොරකම් කරමින්ද, මත්ද්‍රව්‍ය අලෙවි කරමින්ද, ජීවිතය ගැටගසා ගන්නා ෆ්ලින්ටොෆ්ම පවසන පරිදි මෙම මාෆියාකරුවන් ‘නොමිනිසුන්ය’ ඔහුගේ මෙම කියමනට එකඟත්වය පළ කරන තිස්තුන් හැවිරිදි ‘මෝහිනි නෙරූර්කාර්ට‘ තම අලුත උපන් බිලිඳා අහිමිව ඇත්තේත් මෙම සිත්පිත් නොමැති යාචක ව්‍යාපාරයේ බලපෑමෙනි.

ඇගේ ඇස් වසා දරුවා බිහිකළ රෝහලේදීම බිලිඳාව පැහැර ගන්නා විට ඔහු මෙලොවට බිහිව ගතව තිබුණේ සිව් දිනක් පමණි. මෝහිනිගේ අලුත උපන් බිලිඳා එලෙස දිනක් පාසා පැහැර ගැනෙන සිය ගණනක්වූ ඉන්දීය ළදරුවන් අතරින් එක් අයකු පමණි. කුලී පදනම පිට මාෆියාකරුවන් ලබා ගන්නා මෙම නොදරුවන්ව, කර්කශ කාලගුණික තත්ව යටතේ පවා සිඟමනේ යොදවන්නේ දකින්නාට අනුකම්පාව උපදවන අයුරින් නිදිබර රෝගී ස්වභාවයක් පළ කිරීමට මත්ද්‍රව්‍ය පෙවීමෙන් අනතුරුවය. නැතහොත් දින ගණනාවක් කුඩා ඉඩ කඩක සිරකොට කුසගින්නේ තබා, කුසගිනි වේදනාවෙන් කෑගසන තත්ත්වයට පත් කිරීමෙන් පසුය.

‘ස්ලිම්ඩෝග් මිලියනෙයාර්’ චිත්‍රපටයේ ජමාල්ගේ පෙම්වතිය බවට පත්වන ඔහු මෙන්ම මුඩුක්කු දැරියක වන ‘ලතිකා’, අවුරුදු නවයක් පමණ ළපටි වියේදී, කූට මාෆියාකරුවන්ගේ තර්ජන හේතුවෙන් තමාට ඔසවා ගැනීමටවත් නොහැකි ළදරුවකු කරපින්නාගෙන සිඟමනට යන්නේ ඇගේ ඉරණමට ලක්වූ තවත් දහස් ගණනක් වූ යාචක දැරියන්ගේ ඛේදනීය තත්ත්වය ජාත්‍යන්තරය හමුවේ නිරාවරණය කරමිනුයි.

අතොරක් නැතිව හඬන දරුවන් කරපින්නාගත් මෙබඳු බාලවයස්කාර මව්වරු, ඉන්දියාවේ මංසන්ධිවල බහුලය. රතු එළි වැටී වාහනයක් නැවැත්වූ විගස මොවුන් මෝටර්රථ වෙත පැමිණ වසා ඇති වීදුරුවලට තඩි බාමින් තම අසරණකම වචනවලට පෙරළමින් කෙතරම් තාත්වික රංගනයක යෙදෙන්නේද යත් යාචක මාෆියාව පිළිබඳව දන්නා පුද්ගලයින් පවා සිත උණුවී මුදල් ආධාර ලබාදෙන අවස්ථා බොහෝය. එතරම් දක්ෂ ලෙස මෙම මුඩුක්කු දරුවන් පුහුණු කිරීමේ ගෞරවය හිමි වන්නේ යාචක මාෆියාවේ මහා මොළකරුවන්ටයි.

චිත්‍රපටයේ කියැවෙන ආකාරයටම මුම්බායි නුවර මුඩුක්කුවලටම අරක්ගත් යාචක මාෆියාවේ භයානකම අංගය වන්නේ නීරෝගි දරුවන්ගේ අත් පා කපා දමා දෑස් අන්ධ කිරීමේ මහා පොළොව නුහුලන අපරාධයයි. එම අමානුෂිකත්වය පරයා යා හැක්කේ උතුම් වෛද්‍ය වෘත්තියට නිගා කරමින් එවැන්නක් කිරීමට පෙළඹෙන වෛද්‍යවරුන් යැයි කියා ගන්නා උන්මන්තකයින්ගේ අමානුෂිකත්වයටයි. මුදලට ගිජුව එබඳු උතුම් වෘත්තියක් පාවාදෙන මෙබඳු එක් පුද්ගලයකු අත්අඩංගුවට පත් වීමෙන් පසු සිය ම්ලේච්ඡත්වය ප්‍රකට කරමින් කියා තිබුණේ නීරෝගි දෑත් හා දෙපා කපා දැමීමෙන් වධ දෙන හෘදසාක්ෂියෙන් ගැලවීමට, පළමුව කපා දැමීමට නියමිත අවයවයේ රුධිර නාළිකා ගැට ගැසීමෙන් එම ප්‍රදේශයේ රුධිර ගමනාගමනය වළක්වා එම අවයවය කුණු වන්නට හැරීමෙන් පසු කපා ඉවත් කරන බවයි. වේදනාව කෙතරම් දරුණු වුවත්, එලෙස අහිමිවන තම දෑත් හා දෙපා පිළිබඳ විස්තර හෙළිකිරීමට පවා මෙම යාචක දරුවන් කිසි විටෙක නොපෙළඹෙන්නේ තම නායකයින්ට තමන් පිළිබඳ සුළු හෝ සැකයක් ඇති වුවහොත් අතපය පමණක් නොව දිවද අහිමිවන බව පැහැදිලිව දන්නා නිසාය. ආසියාවේ දැවැන්තම මුඩුක්කු ජනාවාසය වන ‘ධරාවි’ මුඩුක්කුව පිහිටි මුම්බායි නුවර මෙන්ම ඔරිස්සා, කේරළ, හා තමිල්නාඩු යන ප්‍රාන්තවලත් ඔඩුදුවා තිබෙන යාචක මාෆියාවේ බියකරු යථාර්ථය එයයි.

එම වසරේ හොඳම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටය, හා හොඳම තිර රචනය ඇතුළු ඔස්කාර් සම්මාන අටකින් පිදුම් ලැබ ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍ර වූ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ චිත්‍රපටය ඉන්දියාවේදී අනේක විධ විවේචනයන්ට හා හෙළා දැකීම්වලට ලක්වූයේ ඉන්දීය රංගන ශිල්පීන්ම යොදා ගනිමින් මෙම තිත්ත ඇත්ත ලෝකයට හෙළි කිරීමට ඩැනී බොයිල් එඩිතර වූ නිසයි. මුඩුක්කුවක ඉපිද, සමාජයෙන් අසීමිත ලෙස බැට කා අවසානයේදී දෛවයේ වාසනාවකට ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනි ක්‍රීඩා වැඩසටහනක් වන ‘කවුද ලක්ෂපති’ (Who wants to be a millionaire?) හි සජීවි වේදිකාවට ගොඩවී මිලියනයේ කඩඉමට පැමිණෙන ජමාල් මලික්ව එතරම් දුරක් ගෙන යන්නේ ළපටි වියේ සිටම ‘ලතිකා’ කෙරෙහි බැඳුණු ආදරයයි. ලක්ෂපති තරගයේ සෑම ප්‍රශ්නයකටම ජමාල් පිළිතුරු සොයාගන්නේ එතෙක් ජීවිතයේ මුහුණ දුන් දුක සතුට මුසුවූ දුෂ්කර ජිවිත අත්දැකීම්වලින්වීම විශේෂත්වයකි.

දුක්ඛාන්තයකින් ඇරඹී සුරංගනා කතාවක බඳු සුඛාන්තයකින් අවසන් වන‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ ඉන්දීය යාචක මාෆියාව පිළිබඳව නිෂ්පාදනය වූ වාර්තා වැඩසටහන්වලින් හෝ පුවත්පත් ලිපිවලින් හෝ එතෙක් නිර්මාණය කිරීමට අසමත් වූ අති මහත් උනන්දුවක් ලෝක ප්‍රජාව තුළ ඇතිකිරීමට සමත් වූ අයුරු පුදුමාකාරය. සලීම් (ජමාල්ගේ වැඩිමහල් සොයුරා) ලතිකාගේ ළමා විය නිරූපණය කළ මුඩුක්කු ජනාවාසයකින් පැමිණි අසාරුදීන්ට හා රුබිනාට ජීවිතයේ පළමුවරට පාසල් යාමට ලැබුණේ ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ නිසයි.

අධ්යක්ෂ බොයිල් හා නිෂ්පාදක ක්‍රිස්ටියන් කෝල්සන් ඔවුන් දෙදෙනා වෙනුවෙන් භාරකාර අරමුදලක් පිහිටුවද්දී, චිත්‍රපටයේ කාර්ය මණ්ඩලය හා රංගන ශිල්පීන් සියල්ලන්ගේ දායකත්වයෙන් බ්‍රිතාන්‍ය පවුම් පන්ලක්ෂයක මුදලක් මුඩුක්කුවාසී දරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් පිහිටුවා ඇති ‘Plan India’ පදනමට බැර කෙරිණි.

චිත්‍රපටයේ ලක්ෂපති තරගය මෙහෙයවන සුප්‍රකට ඉන්දීය නළු ‘අනිල් කපූර්’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ලද මුළු මුදල තමා තානාපතිවරයකු හා භාරකරුවකු ලෙස ක්‍රියා කරන ඉහත පදනමටම පරිත්‍යාග කළේ තවත් දහස් ගණනක් වූ ජමාල් හා මලික්ලාගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින්. කොටින්ම එතෙක් කලක් නාගරීකරණය හා අධික ජනාකීර්ණත්වය විසින් මවා පෑ මිථ්‍යාවක් ලෙස අවඥාවෙන් බැහැර කෙරුණු හය හතර නොතේරෙන දරුවන් අබ්බගාතයන් කිරීමේ යාචක මාෆියාව පිළිබඳ සංවිධානගත විමර්ශනයක් දියත් කිරීමට එකල ඉන්දීය අගමැති මන්මෝහන් සිංව පොලඹවනු ලැබුවේද ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ චිත්‍රපටය ජාත්‍යන්තර තලයේ හිමිකර ගත් කීර්තිය හා පිළිගැනීමයි.

මුඩුක්කු ජීවිත උරුමය කර ගනිමින් ඉපිද, මැරවර තාඩන පීඩනයන්ට හා ප්රචණ්ඩත්වයේ ගොදුරක්ව අවසානයේදී අන්ධභාවයට හෝ ආබාධිත තත්ත්වයට පත්ව අකාලයේ මිලින වන තුන්ලක්ෂයක් වූ ඉන්දීය යාචක දරුවන්ගේ දුඃඛිත ඉරණමට හඬක් ලබාදුන් ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරයක් ඔවුන් වෙනුවෙන් වෙන් කිරීමට තරම් එහි නිෂ්පාදකයින් කාරුණිකවී තිබිණි. එය යථාර්ථය හා නිර්මාණාත්මක සත්‍යය එකට මුණගැස්වූ, චිත්‍රපටයේ සාර්ථකත්වය තීරණය කෙරෙන සිනමාරූපික අත්දැකීමක් විය. ඒ තම දෛවය කෙතරම් තාත්වික ලෙස සල තිරය මත සිත්තම් කර තිබෙන්නේද කියා හරියටම තීරණය කළ හැක්කේ මෙම යාචක දරුවන්ටම පමණක්වූ නිසාය.

එය නැරඹූ යාචක දරුවන්ගේ ඒකමතික ප්‍රතිචාරය නියෝජනය කරමින් එක් දරුවකු බ්‍රිතාන්‍යයේ ටෙලිග්රාෆ් පුවත්පතට පවසා තිබුණේ මෙවැන්නකි.

“අපේ ජිවිතත් සලීම්, ජමාල් හා ලතිකාගේ වගේමයි. ගොඩක් වෙලාවට ඊටත් වඩා නරකයි. දවස පුරාම හිඟා කාලා අතට ලැබෙන සොච්චමෙන් යාන්තම් බඩ පුරවා ගන්නවා. එච්චරයි අපේ ජීවිතේ”

මටත් රේප්++ ටිකක් දෙන්න

[QUOTE="Oli_Vili, post: 21971337, member: 563195"] [b]ඉන්දියාවේ_යාචකයන්_නිපදවන_හැටි[/b] [SIZE="7"][COLOR="DarkOrchid"]ඉන්දියාවේ යාචකයන් නිපදවන හැටි[/COLOR][/SIZE] [IMG]https://s1.reutersmedia.net/resources/r/?m=02&d=20071212&t=2&i=2459512&w=&fh=545px&fw=&ll=&pl=&sq=&r=2007-12-12T022147Z_01_DEL206083_RTRUKOP_0_PICTURE0[/IMG] [SIZE="4"]නිතර දෙවේලේ කටගොන්නක් බීගෙන සිටින තම බේබදු පියාගෙන් සිදුවන අතවර තවදුරටත් දරාගත නොහැකිවූ තැන නිවසින් පලා ආ දොළොස් හැවිරිදි ‘ආමීර්’, වික්ටෝරියා දුම්රියපළේ නවත්වා තිබූ දුම්රියකට හොරෙන් රිංගා ගත්තේ ඔහුගේ සිහින නගරය වූ මුම්බායි නුවරට යාමටයි. ඇඳිවත පමණක් ඇතිව නිවසින් පලා ආ ආමීර්ට, අතේ සතයක්වත් නොමැතිව කෙසේ හෝ දුම්රියෙන් මුම්බායි නුවරට සේන්දු වූ කල සිතට දැනුණු තනිකම හා බිය අපමණය. බිලියන 1.3 කට අධික ජනකායක් වෙසෙන ඉන්දියාවේ මිලියන 18 විශාල පිරිසකට වාසස්ථානය වන්නේ මුම්බායි නගරයයි. පණුවෝ නටන පල්වතුර පිරුණු කුණු කාණුවලින් හා, දුගඳ හමන කුණු කඳුවලින් පිරීගිය මුඩුක්කුවලින් අඩුවක් නැති මුම්බායි නගරය මැද සිටගෙන සිටි කුඩා ආමීර්ට දැනුණේ තමා මංමුළා වූ බවකි. පිටිසරබද ගමක හැදී වැඩුණු ආමීර්ගේ සිතේ මුම්බායි නුවර පිළිබඳව මැවී තිබුණේ මීට වඩා හාත්පසින්ම වෙනස් චිත්රයකි. සුපිරි බොලිවුඩ් තාරකාවන්ගේ පහස ලබන, රන් ඇතිරූ වීදිවලින් සමන්විත සිහින නගරයක් ලෙස ආමීර් විශ්වාස කළ මුම්බායි නගරයට වඩා තමා දකින මුඩුක්කු පැල්පත් ගහණ මෙම ජනාකීර්ණ නගරය බෙහෙවින් වෙනස් බව ඔහුට අවබෝධ වනවිට පරක්කු වූවා වැඩිය. බිය පරයා කුසගින්න නැගීඑද්දී දෙනෝදාහක් අතර තනිව ආමීර්ට සිඟමන් යදිනවා හැරෙන්නට කරන්නට අන් යමක් තිබුණේ නැත. ප්‍රසන්න පෙනුමින් යුතු වයස්ගත යුවළක් ආමීර් හා මිතුරු වන්නේ ඔහු එලෙස වීදියක් අයිනේ අතපාමින් සිටින විටකදීය. මවත් අහිමිව බේබදු පියාගෙන් බැට කා මෙලොව තනිව සිටි කුඩා අාමීර්ට මේ යුවළගේ කරුණාවන්තකම ප්‍රතික්ෂේප කරන්නට සිත් දුන්නේ නැත. ඔවුන් ඔහුට පිළිගැන්වූ දිව පිනවන කේක් කැබැල්ලේ රසයෙන් කුසගිනි නිවී සිත කුල්මත් ෙවත්දී, ඔහුගේ පියවි සිහිය ඔහු වෙතින් පලාගොස් තිබිණි. මුම්බායි නුවර නගරසභාවට අයත් රෝහලක ඇඳක් මත ආමීර් සිහිය ලබද්දී ඔහු සිටියේ දරාගත නොහැකි වේදනාවකිනුයි. හොඳට තිබූ ඔහුගේ දකුණු කකුල සැත්කමකින් දණහිසට ඉහළින් කපා දමා තිබිණි. ඉන් හටගත් වේදනාවටත් වඩා පාදයක් අහිමි වීමෙන් සිතට දැනුණු වේදනාව ඔහුගේ දෑසින් රූරා වැටෙද්දී කුඩා ආමීර්ට කළ හැකි වූයේ එකම එක් දෙයකි. ඒ මෙබඳු විපතක් තමාට නොවුණා සේ සිතා තමාගේම සිත රවටා ගැනීමයි. මත්ද්‍රව්‍ය දැමූ කේක් ලබාදුන් ‘කරුණාවන්ත යුවළ’ ආමීර්ගේ පාදයක් කපා දැමීමට වෛද්‍යවරයකුට අල්ලස් ලබා දී තිබුණි. ජීවිත කාලයටම අබ්බගාතයකු වූ පුංචි ආමීර්ව අපට මුණ ගැසෙන්නේ සුප්‍රකට ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ (Slum dog Millionaire) චිත්‍රපටයේ ජවනිකාවකින් නොවේ. අනුවේදනීයත්වය නිසාම චිත්‍රපටයක එන කතාවක් සේ හැඟුණත්, ධනවාදයේ කඩතුරාවට මුවා වී යාචක වෘත්තිය මාෆියාවක් ලෙස කර ඔසවා සිටින මුම්බායි නුවර පැල්පත් මුඩුක්කු ජනාවාසයකිනුයි. ආමීර්ගේ කතාව යාචක මාෆියාව නිසා වසරකදී මෙලෙස ආබාධිත තත්ත්වයට පත්වන හතළිස්හතරදහසක් වූ සමස්ත ඉන්දීය ළමා යාචක ප්‍රජාවගේම දුඃඛිත ඉරණම කියා පාන්නකි. පහළොස් හැවිරිදි ‘ඩැල්බීර්’ ද ආමීර්ගේ ඉරණමටම ලක්වූ ළමා යාචකයෙකි. දෙමව්පියන් අහිමි වීමෙන් පසු කුසගිනි ඉවසන්නට බැරි තැන රේල්ලුවේ සිඟා කෑමට පටන් ගත් ඩැල්බීර්ටද පාදයක් අහිමිවන්නේ ඉන්දියාවේ පිළිලයක් බවට පත්ව තිබෙන යාචක මාෆියාව නිසයි. යාචක වෘත්තියේ යොදවා මඩිය තර කර ගන්නා කූඨ මාෆියාකරුවන් විසින් චාටුවෙන් රවටාගෙන පැහැරගෙන ගොස්, බලහත්කාරයෙන් පාදයක් කපා ඉවත්කොට මුම්බායි නුවර ජනාකීර්ණ වීදිවල සිඟමන් යැදීමට යෙදවූ ඩැල්බීර් වැනි දහස් සංඛ්‍යාත මුඩුක්කුවාසී ඉන්දීය ළමුන්ගේ ඛේදනීය ඉරණමට ලෝකයාගේ ඇස් ඇරවූයේ බ්‍රිතාන්‍ය ජාතික ඩැනී බොයිල්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවී ඔස්කාර් වේදිකාවටත් ගොඩව ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ චිත්‍රපටයයි. තම ආත්ම ලාභය පතා, පටු වාණිජ අරමුණු මුල්කර ගනිමින් නීරෝගි දරුවකුගේ පාද කපා දමා ඔහුව සදාකාලික ආබාධිතයකු කිරීමට තරම් අපරාධකරුවකු කෙතරම් සාහසික විය යුතුද? නීතියේ ඇස් වසා මුම්බායි, නවදිල්ලි වැනි නගරවල මුඩුක්කුවලට අරක් ගත්, සිඟමන් යැදීම මහා පරිමාණ කූට මාෆියාවක් බවට පත්කර ගත් තක්කඩි මැරයන්ගේ ගොදුරු බවට පත්වන ආමීර් හා ඩැල්බීර් වැනි ළමා අසරණයින්ගේ කතාව ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ හි සලීම්, ජමාල් හා ලතිකා ජාත්‍යන්තරයට ගෙන යද්දී එල්ලවන ගල්මුල් අපමණය. [IMG]http://s1.reutersmedia.net/resources/r/?m=02&d=20071212&t=2&i=2459507&r=2007-12-12T022147Z_01_DEL206083_RTRUKOP_0_PICTURE1&w=940[/IMG] ‘අසභ්‍ය දරිද්‍රතාව’ නිරූපණය කරන චිත්‍රපටයක් ලෙස හංවඩු ගසමින්, ඉන්දියාව තක්කඩි මැරවරයන්ගේ ප්‍රචණ්ඩත්වයෙන් දූෂිතවූ තුන්වන පන්තියේ රටක් ලෙස අපවාදයට ලක් කිරීමේ අරමුණින් නිර්මාණය වූවක් බව කියමින් ඉන්දීය විචාරකයෝ ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ හෙළා දුටුවෝය. එලෙස චිත්‍රපටය විවේචනය කළවුන් අතර බොලිවුඩයේ මහා නළු අමිතාබ් බච්චන්ද විය. වැඩිපුර සිඟමන් ඉපයීමේ අරමුණින් යාචක වෘත්තිය මාෆියාවක් බවට පත්කරගෙන සිටින මැරවරයන් විසින් දරුවකුගේ දෑස් මතට ඇසිඩ් දියර වත්කොට ඔහු අන්ධභාවයට පත් කරන ගත කිලිපොළන දර්ශනය චිත්‍රපටයට එරෙහිව නැඟුණු විරෝධතාවල මර්මස්ථානය විය. නමුත් මුම්බායි යාචක මාෆියාවේ සැබෑ ස්වරූපය ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ චිත්‍රපටයේ නිර්මාණකරුවන්ගේ පරිකල්පන ශක්තියට එහා ගිය බිහිසුණු බවින් අනූන වූවකි. බිලියන 1.2ක ජනතාවක් වෙසෙන ධනපති පන්තිය හා නිර්ධන පන්තිය අතර පරතරය අහසට පොෙළාව මෙන්වූ ඉන්දියාවේ වීදිවල ගැවසෙන ළමා යාචකයින්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂය ඉක්මවයි. යාචක වෘත්තියේ යෙදවීම සඳහා අත දරුවන්ගේ සිට වයස අවුරුදු දහහතර දක්වා වූ ළමුන් පැහැර ගැනීමත්, යාචක වෘත්තියේ නාමයෙන් මෙම දරුවන්ගේ අත් පා කපා දමා, ඔවුන්ගේ දෑස් මතට හෝ සිරුරේ නොයෙකුත් ස්ථානවලට ඇසිඩ් වත්කොට බලන්නට බිය උපදවන ආකාරයේ තුවාලවලින් ගැවසුණු ශරීර ඇති අන්ධ ආබාධිතයින් බවට පත් කිරීමත්, මුම්බායි නුවර සූක්ෂම ලෙස පවත්වාගෙන යන යාචක මාෆියාවේ එක් බියකරු පැතිකඩක් පමණි. එවන් බියකරු ඉරණමකින් ගැලවී පලායන ජමාල් හා ලතිකාගේ ජිවිතවලට සුන්දර අවසානයක් ලබා දීමට ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ චිත්‍රපටය සමත් වුවත්, මුඩුක්කුවලටම දියව යන සැබෑ ජිවිතයේ ළමා යාචකයින්ගේ ඉරණම බෙහෙවින් දුඃඛිත ය. පෙනුම දුඃඛිත වන තරමට වැඩි වැඩියෙන් සිඟමන් ලැබෙන බව දන්නා යාචක මාෆියාවේ නායකයෝ එබඳු දරුවකුගෙන් දිනකට ඇමරිකානු ඩොලර් දහයක් පමණ උපයා ගනිති. ඉන් දහයෙන් පංගුවකින් දවස සරි කර ගන්නා මිලියනයක් පමණ වූ දිළින්දන් වෙසෙන රටක යාචක දරුවකුට මෙබඳු මුදලක් ලැබීම ලොතරැයි දිනුමක් ලැබුණා හා සමාන බව අමුතුවෙන් කිය යුතු නැත. නමුත් ආමීර් හා ඩැල්බීර් වැනි අසරණයින්ට ඔවුන් දහඩිය මුගුරු හෙළමින් ගිනිගහන අව්වේ දැවෙමින් දුක සේ උපයා ගන්නා මුදල්වල ප්‍රීතිය භුක්ති විඳීමට වාසනාවක් නැත. සෑම දිනයකදීම අවසානයේදී සිඟමනින් උපයා ගන්නා මුදල් මාෆියා නායකයින්ට ලබාදීම හැර අන් විකල්පයක් ඔවුන්ට නැති නිසාය. නැතිනම් සිත්පිත් නොමැති ලෙස ගුටිකෑමට හෝ ඊටත් වඩා දරුණු ඉරණමකට ලක් වීමට ඔවුන්ට සිදුවන බව කියන්නේ මුම්බායි නුවර යාචක මාෆියාවෙන් මඩිය තරකර ගන්නා එක් මැරවරයෙකි. නමින් ‘ජහාන්’ වන මොහු තම යාචක දරුවන් වැඩමුර ක්‍රමයට සිඟමනේ යොදවා දිනකට ඩොලර් පනහකට වැඩි ගතමනාවක් සොයා ගනියි. ඊට අමතරව මෙම යාචක දරුවන් ලවා කොකේන්, හෙරොයින්, හෂිස්, හා අබින් වැනි නීතිවිරෝධි මත්ද්‍රව්‍ය විදේශිකයින්ට අලෙවි කිරීමද ජයටම කරගෙන යන ජහාන්, අබින් වලින් කහට ගැසුණූ තම දත් විලිස්සා කුරිරු තෘප්තියකින් යුතුව කියන්නේ අල්ලස් ලබාදුන් විට මෙබඳු ජාවාරම්වලට පොලිසියෙන්ද බාධාවක් නැති බවයි. ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ චිත්‍රපටයේ කතා නායකයින් දෙදෙනා වන කුඩා සලීම් හා ජමාල් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වීමට පෙර එම කාලකණ්ණි ජිවිතයෙන් මිදී මැරවර අත්අඩංගුවෙන් ගැලවී පලා යාමට සමත් වුවත්, සැබෑ තත්ත්ව යටතේ බලහත්කාරයෙන් යාචක වෘත්තියේ යොදවන ළමුන්ට ඉන් මිදීමක් ගැන සිතන්නටවත් නොහැක. ඊට එක් හේතුවක් වන්නේ එසේ පලා යාමට ගොස් හසුවූ විට මරණය නියත බව ඔවුන් දන්නා නිසයි. අනෙක් ප්‍රධානම අවාසනාවන්ත හේතුව නම් තමන් විසින්ම ලබාදෙන මත්ද්‍රව්‍යයන්ට මෙම ළමුන්ව ඇබ්බැහි කිරීමට යාචක මාෆියාකරුවන් ක්‍රියා කිරීමයි. ළමුන්ව අඩපණකොට තම පාලනය යටතේ තබා ගැනීමට මැරවර නායකයින් ලබාදෙන මත්වතුරට හා මත්කුඩුවලට ඇබ්බැහිවූ මෙම ළමා යාචකයින් පෙර පිනකින් හෝ මොනයම් ක්‍රමයකින් හෝ පුනරුත්ථාපනයට යොමු කළද, ඉන් පලාගොස් යළිත් මාෆියා නායකයින් වෙතටම හැරීවිත් සුපුරුදු දුඃඛිත ජිවිතයම කරපින්නා ගන්නේ, ඇබ්බැහිව සිටින මත්ද්‍රව්‍යවල බලපෑම නිසයි. යාචක මාෆියාවේ ගොදුරක් බවට පත්ව, අතක්ද අහිමිව සිඟමනට වැටුණු නව හැවිරිදි ‘ටුෆ්කාර්’ කියන්නේ මෙම මත්ද්‍රව්‍ය භාවිතය නිසා අවාසනාවන්ත යථාර්ථය අමතක කිරීමට හැකියාව ලැබෙන බවයි. දහඅට හැවිරිදි ‘ෆ්ලින්ටොෆ්’ කලක් ළමා යාචකයකු ලෙස වීදි සැරිසැරුවෙකි. පසුව මාෆියා නායකයකු ලෙසද කලක් යාචක ව්‍යාපාරය සරුවටම කරගෙන ගිය ෆ්ලින්ටොෆ් මෙම සාහසික වෘත්තියට තිත තැබුවේ ළමා යාචකයකු ලෙස ලද අප්‍රසන්න අත්දැකීම් නිසාමය. ඉඳහිට සොරකම් කරමින්ද, මත්ද්‍රව්‍ය අලෙවි කරමින්ද, ජීවිතය ගැටගසා ගන්නා ෆ්ලින්ටොෆ්ම පවසන පරිදි මෙම මාෆියාකරුවන් ‘නොමිනිසුන්ය’ ඔහුගේ මෙම කියමනට එකඟත්වය පළ කරන තිස්තුන් හැවිරිදි ‘මෝහිනි නෙරූර්කාර්ට‘ තම අලුත උපන් බිලිඳා අහිමිව ඇත්තේත් මෙම සිත්පිත් නොමැති යාචක ව්‍යාපාරයේ බලපෑමෙනි. ඇගේ ඇස් වසා දරුවා බිහිකළ රෝහලේදීම බිලිඳාව පැහැර ගන්නා විට ඔහු මෙලොවට බිහිව ගතව තිබුණේ සිව් දිනක් පමණි. මෝහිනිගේ අලුත උපන් බිලිඳා එලෙස දිනක් පාසා පැහැර ගැනෙන සිය ගණනක්වූ ඉන්දීය ළදරුවන් අතරින් එක් අයකු පමණි. කුලී පදනම පිට මාෆියාකරුවන් ලබා ගන්නා මෙම නොදරුවන්ව, කර්කශ කාලගුණික තත්ව යටතේ පවා සිඟමනේ යොදවන්නේ දකින්නාට අනුකම්පාව උපදවන අයුරින් නිදිබර රෝගී ස්වභාවයක් පළ කිරීමට මත්ද්‍රව්‍ය පෙවීමෙන් අනතුරුවය. නැතහොත් දින ගණනාවක් කුඩා ඉඩ කඩක සිරකොට කුසගින්නේ තබා, කුසගිනි වේදනාවෙන් කෑගසන තත්ත්වයට පත් කිරීමෙන් පසුය. ‘ස්ලිම්ඩෝග් මිලියනෙයාර්’ චිත්‍රපටයේ ජමාල්ගේ පෙම්වතිය බවට පත්වන ඔහු මෙන්ම මුඩුක්කු දැරියක වන ‘ලතිකා’, අවුරුදු නවයක් පමණ ළපටි වියේදී, කූට මාෆියාකරුවන්ගේ තර්ජන හේතුවෙන් තමාට ඔසවා ගැනීමටවත් නොහැකි ළදරුවකු කරපින්නාගෙන සිඟමනට යන්නේ ඇගේ ඉරණමට ලක්වූ තවත් දහස් ගණනක් වූ යාචක දැරියන්ගේ ඛේදනීය තත්ත්වය ජාත්‍යන්තරය හමුවේ නිරාවරණය කරමිනුයි. [IMG]http://images.disenteria.ru/Harvester/crippled_bastards.jpg[/IMG] අතොරක් නැතිව හඬන දරුවන් කරපින්නාගත් මෙබඳු බාලවයස්කාර මව්වරු, ඉන්දියාවේ මංසන්ධිවල බහුලය. රතු එළි වැටී වාහනයක් නැවැත්වූ විගස මොවුන් මෝටර්රථ වෙත පැමිණ වසා ඇති වීදුරුවලට තඩි බාමින් තම අසරණකම වචනවලට පෙරළමින් කෙතරම් තාත්වික රංගනයක යෙදෙන්නේද යත් යාචක මාෆියාව පිළිබඳව දන්නා පුද්ගලයින් පවා සිත උණුවී මුදල් ආධාර ලබාදෙන අවස්ථා බොහෝය. එතරම් දක්ෂ ලෙස මෙම මුඩුක්කු දරුවන් පුහුණු කිරීමේ ගෞරවය හිමි වන්නේ යාචක මාෆියාවේ මහා මොළකරුවන්ටයි. චිත්‍රපටයේ කියැවෙන ආකාරයටම මුම්බායි නුවර මුඩුක්කුවලටම අරක්ගත් යාචක මාෆියාවේ භයානකම අංගය වන්නේ නීරෝගි දරුවන්ගේ අත් පා කපා දමා දෑස් අන්ධ කිරීමේ මහා පොළොව නුහුලන අපරාධයයි. එම අමානුෂිකත්වය පරයා යා හැක්කේ උතුම් වෛද්‍ය වෘත්තියට නිගා කරමින් එවැන්නක් කිරීමට පෙළඹෙන වෛද්‍යවරුන් යැයි කියා ගන්නා උන්මන්තකයින්ගේ අමානුෂිකත්වයටයි. මුදලට ගිජුව එබඳු උතුම් වෘත්තියක් පාවාදෙන මෙබඳු එක් පුද්ගලයකු අත්අඩංගුවට පත් වීමෙන් පසු සිය ම්ලේච්ඡත්වය ප්‍රකට කරමින් කියා තිබුණේ නීරෝගි දෑත් හා දෙපා කපා දැමීමෙන් වධ දෙන හෘදසාක්ෂියෙන් ගැලවීමට, පළමුව කපා දැමීමට නියමිත අවයවයේ රුධිර නාළිකා ගැට ගැසීමෙන් එම ප්‍රදේශයේ රුධිර ගමනාගමනය වළක්වා එම අවයවය කුණු වන්නට හැරීමෙන් පසු කපා ඉවත් කරන බවයි. වේදනාව කෙතරම් දරුණු වුවත්, එලෙස අහිමිවන තම දෑත් හා දෙපා පිළිබඳ විස්තර හෙළිකිරීමට පවා මෙම යාචක දරුවන් කිසි විටෙක නොපෙළඹෙන්නේ තම නායකයින්ට තමන් පිළිබඳ සුළු හෝ සැකයක් ඇති වුවහොත් අතපය පමණක් නොව දිවද අහිමිවන බව පැහැදිලිව දන්නා නිසාය. ආසියාවේ දැවැන්තම මුඩුක්කු ජනාවාසය වන ‘ධරාවි’ මුඩුක්කුව පිහිටි මුම්බායි නුවර මෙන්ම ඔරිස්සා, කේරළ, හා තමිල්නාඩු යන ප්‍රාන්තවලත් ඔඩුදුවා තිබෙන යාචක මාෆියාවේ බියකරු යථාර්ථය එයයි. එම වසරේ හොඳම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටය, හා හොඳම තිර රචනය ඇතුළු ඔස්කාර් සම්මාන අටකින් පිදුම් ලැබ ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍ර වූ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ චිත්‍රපටය ඉන්දියාවේදී අනේක විධ විවේචනයන්ට හා හෙළා දැකීම්වලට ලක්වූයේ ඉන්දීය රංගන ශිල්පීන්ම යොදා ගනිමින් මෙම තිත්ත ඇත්ත ලෝකයට හෙළි කිරීමට ඩැනී බොයිල් එඩිතර වූ නිසයි. මුඩුක්කුවක ඉපිද, සමාජයෙන් අසීමිත ලෙස බැට කා අවසානයේදී දෛවයේ වාසනාවකට ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනි ක්‍රීඩා වැඩසටහනක් වන ‘කවුද ලක්ෂපති’ (Who wants to be a millionaire?) හි සජීවි වේදිකාවට ගොඩවී මිලියනයේ කඩඉමට පැමිණෙන ජමාල් මලික්ව එතරම් දුරක් ගෙන යන්නේ ළපටි වියේ සිටම ‘ලතිකා’ කෙරෙහි බැඳුණු ආදරයයි. ලක්ෂපති තරගයේ සෑම ප්‍රශ්නයකටම ජමාල් පිළිතුරු සොයාගන්නේ එතෙක් ජීවිතයේ මුහුණ දුන් දුක සතුට මුසුවූ දුෂ්කර ජිවිත අත්දැකීම්වලින්වීම විශේෂත්වයකි. දුක්ඛාන්තයකින් ඇරඹී සුරංගනා කතාවක බඳු සුඛාන්තයකින් අවසන් වන‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ ඉන්දීය යාචක මාෆියාව පිළිබඳව නිෂ්පාදනය වූ වාර්තා වැඩසටහන්වලින් හෝ පුවත්පත් ලිපිවලින් හෝ එතෙක් නිර්මාණය කිරීමට අසමත් වූ අති මහත් උනන්දුවක් ලෝක ප්‍රජාව තුළ ඇතිකිරීමට සමත් වූ අයුරු පුදුමාකාරය. සලීම් (ජමාල්ගේ වැඩිමහල් සොයුරා) ලතිකාගේ ළමා විය නිරූපණය කළ මුඩුක්කු ජනාවාසයකින් පැමිණි අසාරුදීන්ට හා රුබිනාට ජීවිතයේ පළමුවරට පාසල් යාමට ලැබුණේ ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ නිසයි. අධ්යක්ෂ බොයිල් හා නිෂ්පාදක ක්‍රිස්ටියන් කෝල්සන් ඔවුන් දෙදෙනා වෙනුවෙන් භාරකාර අරමුදලක් පිහිටුවද්දී, චිත්‍රපටයේ කාර්ය මණ්ඩලය හා රංගන ශිල්පීන් සියල්ලන්ගේ දායකත්වයෙන් බ්‍රිතාන්‍ය පවුම් පන්ලක්ෂයක මුදලක් මුඩුක්කුවාසී දරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් පිහිටුවා ඇති ‘Plan India’ පදනමට බැර කෙරිණි. චිත්‍රපටයේ ලක්ෂපති තරගය මෙහෙයවන සුප්‍රකට ඉන්දීය නළු ‘අනිල් කපූර්’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ලද මුළු මුදල තමා තානාපතිවරයකු හා භාරකරුවකු ලෙස ක්‍රියා කරන ඉහත පදනමටම පරිත්‍යාග කළේ තවත් දහස් ගණනක් වූ ජමාල් හා මලික්ලාගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින්. කොටින්ම එතෙක් කලක් නාගරීකරණය හා අධික ජනාකීර්ණත්වය විසින් මවා පෑ මිථ්‍යාවක් ලෙස අවඥාවෙන් බැහැර කෙරුණු හය හතර නොතේරෙන දරුවන් අබ්බගාතයන් කිරීමේ යාචක මාෆියාව පිළිබඳ සංවිධානගත විමර්ශනයක් දියත් කිරීමට එකල ඉන්දීය අගමැති මන්මෝහන් සිංව පොලඹවනු ලැබුවේද ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ චිත්‍රපටය ජාත්‍යන්තර තලයේ හිමිකර ගත් කීර්තිය හා පිළිගැනීමයි. මුඩුක්කු ජීවිත උරුමය කර ගනිමින් ඉපිද, මැරවර තාඩන පීඩනයන්ට හා ප්රචණ්ඩත්වයේ ගොදුරක්ව අවසානයේදී අන්ධභාවයට හෝ ආබාධිත තත්ත්වයට පත්ව අකාලයේ මිලින වන තුන්ලක්ෂයක් වූ ඉන්දීය යාචක දරුවන්ගේ දුඃඛිත ඉරණමට හඬක් ලබාදුන් ‘ස්ලම්ඩෝග් මිලියනෙයාර්’ චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරයක් ඔවුන් වෙනුවෙන් වෙන් කිරීමට තරම් එහි නිෂ්පාදකයින් කාරුණිකවී තිබිණි. එය යථාර්ථය හා නිර්මාණාත්මක සත්‍යය එකට මුණගැස්වූ, චිත්‍රපටයේ සාර්ථකත්වය තීරණය කෙරෙන සිනමාරූපික අත්දැකීමක් විය. ඒ තම දෛවය කෙතරම් තාත්වික ලෙස සල තිරය මත සිත්තම් කර තිබෙන්නේද කියා හරියටම තීරණය කළ හැක්කේ මෙම යාචක දරුවන්ටම පමණක්වූ නිසාය. එය නැරඹූ යාචක දරුවන්ගේ ඒකමතික ප්‍රතිචාරය නියෝජනය කරමින් එක් දරුවකු බ්‍රිතාන්‍යයේ ටෙලිග්රාෆ් පුවත්පතට පවසා තිබුණේ මෙවැන්නකි. “අපේ ජිවිතත් සලීම්, ජමාල් හා ලතිකාගේ වගේමයි. ගොඩක් වෙලාවට ඊටත් වඩා නරකයි. දවස පුරාම හිඟා කාලා අතට ලැබෙන සොච්චමෙන් යාන්තම් බඩ පුරවා ගන්නවා. එච්චරයි අපේ ජීවිතේ”[/SIZE] [SIZE="7"][COLOR="Red"]මටත් රේප්++ ටිකක් දෙන්න [/COLOR][/SIZE] ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom