Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දීය වෘත්තිකයන් මෙහි එන්නේ නෑ: රනිල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියානු භීතිකාව

වික්ටර් අයිවන්

මිනිසුන් අතර ලොකු භීතියක් ඇති කොට ඒ ඇතිවන්නට යන ව්‍යසනයෙන් මිනිසුන් ගලවා ගැනීමේ හැකියාව තමන්ට ඇති බව පෙන්නුම් කිරීම නායකයකුට අනුගාමිකයන් දිනාගැනීම සඳහා යොදාගත හැකි පහසු මාර්ගයක් ලෙස සැලකිය හැකිය. මාගේ ගැටවර කාලයේදී මමද විජේවීරගේ දේශපාලන අනුගාමිකයෙක් වීමි. 1970ට පෙර ඔහු අප වැනි අයට භීතිකා දෙකක් මවා පෑවේය. එකක් ඇමරිකන් භීතිකාවය. අනෙක ඉන්දියානු භීතිකාවය. මේ රටවල් දෙකම ඔහු චිත්‍රවත් කළේ ලංකාව ග්‍රහණයට ගැනීමට දත් විලිස්සාගෙන සිටින බිහිසුණු රකුසන් දෙදෙනකු ලෙසය. 1970ට පෙර ඔහු මෙම රකුසන් දෙදෙනා අතුරින් ප්රමුඛ රකුසා ලෙස සලකන ලද්දේ ඇමරිකාවය. ඔහු දෙවැනි කැරැුල්ලේදී ප්‍රමුඛයා ලෙස ගත්තේ ඉන්දියාවය.

රෝහණ විජේවීර

ඔහු 1970ට පෙර අපට අවධාරණයෙන්ම කියා සිටියේ බලයේ සිටින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1970දී මැතිවරණයක් නොපවත්වන බවය. ඇමරිකන් වුවමනාව මත හමුදා ආණ්ඩුවක් ඇති කිරීමට අවශ්‍ය සියලූ සැලසුම් සකස් කොට තිබෙන බවය. ඔහු ඒ සඳහා නිදර්ශනය කොට ගත්තේ ඉන්දුනීසියාවය. සුකර්ණෝගේ ආණ්ඩුව හමුදා කුමන්ත්‍රණයක් මගින් පෙරලා දමා බිහිවූ සුහර්තෝගේ හමුදා ආණ්ඩුව ඇති කළ මහා ජීවිත විනාශය පෙන්වාදී ලංකාවේද ඒ හා සමාන තත්ත්වයක් ඇතිවන්නට නියමිත බවද කියා සිටියේය. හමුදා ආණ්ඩුවක් ඇති කිරීම සඳහා වන මහා සූදානමක් ඇති බව පෙන්නුම් කිරීම සඳහා ඔහු බෙන්තොට බීච් හෝටලයද නිදර්ශනයක් කොට ගත්තේය.

ඒ කාලයේ අද මෙන් ලොකු විදේශ සංචාරක හෝටල් නොතිබුණේය. බෙන්තොට බීච් හෝටලය ඉදිකෙරෙමින් තිබුුණේ ඒ කාලයේදීය. විජේවීර අපට කීවේ එය සංචාරක හෝටලයක් නොවන බවත් ඇමරිකන් බලකොටුවක් බවත්ය. ඔහු වැඩිදුරටත් කීවේ සංචාරක හෝටලයකට ඒ සා විශාල ගල් තාප්පයක් අවශ්‍ය නොවන බවත් එය සංචාරක හෝටලයක් මුවාවෙන් ඉදිකෙරෙමින් තිබෙන ඇමරිකන් බලකොටුවක් වන බවත්ය. ඔහු එම හෝටලයට දෙන ලද අර්ථකථනය සේ ම ඇමරිකානු වුවමනාව මත හමුදා ආණ්ඩුවක් ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවට ඔහු කරන ලද විවරණයට ඔහුගේ අනුගාමිකයන් බවට පත්ව සිටි අප සියලූදෙනා තරයේ විශ්වාස කළා පමණක් නොව ඒ සියලූදෙනා එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් ඇතිවන්නට යන හමුදා ආණ්ඩුවක් පිළිබඳව ඇති කරගත් බිය මුල් කරගත් සාමූහික උමතුවකින් ක්‍රියාකරන පිරිසක් බවටද පත්වූයේයැ’යි කිව හැකිය.

ඉන්දියානු විරෝධය

ඔහු දෙවැනි කැරැල්ලේදී ප්‍රධාන හතුරා ලෙස කරළියට ගත්තේ ඇමරිකාව නොව ඉන්දියාවය. පළමු කැරැුල්ල කාලයේදී ද ඔහුට ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ පන්තියක් තිබුණි. එය ඉන්දියාව හා චීනය අතර දේශසීමා යුද්ධයක් පැවති කාලයේදී චීනය විසින් පළකරන ලද ලිපි දෙකක එන කරුණු පදනම් කොටගෙන සකස් කරන ලද විග්‍රහයක් විය. දෙවැනි කැරැුල්ලේදී මා ඔහුගේ දේශපාලන අනුගාමිකයකු නොවීම නිසා ඔහු විසින් කරමින් තිබුණු බිහිසුණු අත්හදා බැලීම පිටස්තර විචාරකයකු ලෙස බලාසිටීමේ හැකියාව මට ලැබුණි. වඩමාරච්චි අරගලය, පරිප්පු ආක්‍රමණය හා යෝජිත ඉන්දු ලංකා ගිවිසුම ආශ්රයෙන් රටේ ඇතිව තිබූ උද්වේගකර වටාපිටාව ප්‍රයෝජනයට ගනිමින් ඔහු සිය දෙවැනි කැරැුල්ල කරළියට ගත්තේ ඉන්දියානු ආක්‍රමණයට එරෙහිව පීතෘ භූමියේ නිදහස වෙනුවෙන් කරන දේශපේ‍්‍රමී යුද්ධයක් යන තේමාව යටතේය. ඒ කාලයේදී ඉන්දියානු භාණ්ඩ විකිණීම හා මිලදී ගැනීම පවා මරණ දඬුවම ලැබිය යුතු වරදක් බව ප්‍රකාශ කර තිබුණි.

පසුකලකදී යශෝධා ව්‍යාපාරයේ අධිපති යසසිරි කස්තුරිආරච්චිගෙන් ඒ කාලයේදී දේවල් සිදුවූ නියම ස්වරූපය පෙන්නුම් කරන අපූරු කතාවක් මට අසන්නට ලැබුණි. ඒ බිහිසුණු කාලයේදී ඔහුද ආරක්ෂාව සඳහා ජවිපෙ අනුගාමිකයකු බවට පත්ව සිටියේය. ඔහු ජවිපෙ නායකයන්ට වැදගත් වන්නට ඇත්තේ ඔහුට අගමැති ඞී.බී. විජේතුංගට තිබුණු සමීප සම්බන්ධය නිසා විය යුතුය. ඔහුගේ කොළඹ නිවස ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීම් පවත්වන ස්ථානයක් බවට පත්ව තිබුණි. විජේවීර එහි පැමිණි කිසියම් දිනකදී යශෝධාට තිබෙන ප්‍රශ්න මොනවාදැයි ඔහුගෙන් අසන ලදුව ඔහු විජේවීරට කියා තිබෙන්නේ දේශීය ව්‍යාපාරිකයන්ගේ සීනි වෙළෙඳාමට ලංකාවේ ඉන්දියානු වෙළෙඳුන්ගෙන් ලොකු තර්ජනයක් තිබෙන බවය. ඉන් දින කිහිපයකට පසුව පිටකොටුවේදී ඉන්දියානු සීනි ආනයනය කරන ප්‍රධාන පෙළේ වෙළෙන්දෙකුට වෙඩි තබා මරා දමන ලද බවත් එතැන් සිට ලංකාවේ ලොකුම සීනි ආනයනකරු බවට පත්වීමේ හැකියාව තමන්ට ලැබුණු බවත් ඔහු මට කීවේය.

එම විශේෂ අවස්ථාවේදී ඉන්දියානු හමුදා ලංකාවට නොඑන්නට සිංහල දකුණේ විජේවීරගේ කැරැුල්ල සේ ම උතුරේ ප්රභාකරන්ගේ කැරැුල්ලද ජයග්‍රාහී වන්නට ඉඩ තිබුණි. ඒ අවස්ථාවේදී ඒ කැරලි දෙකම ජයගන්නට නොහැකි වූයේ ඉන්දියානු හමුදාව නිසාය. ලංකාවට ආ ඉන්දියානු හමුදා කවදාවත් ආපසු නොයනු ඇති බවට ඒ කාලයේ ප්‍රකාශ වූ කතාද සනාථ වූයේ නැත. අවසානයේ ඉන්දියානු විරෝධය අවසන් වූයේ විජේවීරගේ ජීවිතය පමණක් නොව රටට වැදගත් කාර්යභාරයක් ඉටුකිරීමේ හැකියාව තිබූ විශාල තරුණ පිරිසකගේද ජීවිත විනාශ කරමිනි.

ආර්ථිකය විවෘත කිරීම

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ආර්ථිකය විවෘත කළ අවස්ථාවේදීද ඒ නිසා දේශීය ව්‍යවසායකයන් නැත්තටම නැතිවී යනු ඇතැ’යි කියන බොරු මතයක් එදා රටේ ගොඩනැගී තිබුණි. ඒ අවස්ථාවේදී මා කල්පනා කළේද ඊට සමාන ආකාරයටය. එහෙත් ඒ නිසා සිදුවූයේ දේශීය ව්‍යවසායකයන් නැත්තටම නැතිවීම නොව එම ව්‍යවසායකයන් පවත්වා ගෙන ගිය ව්‍යාපාර නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස නවීකරණය වී තිබුණු තත්ත්වයට වඩා ප්‍රබල තත්ත්වයක් හිමිකර ගැනීමය. ඒ නිසා සමහර නිෂ්පාදනවල බිඳවැටීමක් ඇතිවූ බව සැබෑය. අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය ඒ සඳහා දැක්විය හැකි නිදසුනකි. එම කර්මාන්තයෙන් වැඩි වශයෙන් ජීවත් වූයේ ග්‍රාමීය ප්‍රදේශවල අවවරප්රසාදිත හා පීඩිත කුලවල ජනයාය. එහෙත් ඒ වෙනුවට එම ජනයාට වඩා විශාල පිරිසකට රැුකියා ලැබෙන, වඩා හොඳ ආදායම් ලැබෙන නවීන හා ප්‍රමාණයෙන් අතිවිශාල ඇඟලූම් කර්මාන්තයක් හිමිවිය. ඉන්පසු අත්යන්ත්‍ර පේෂකර්මාන්තයද නවීන වී එය ධනවතුන්ට පමණක් පරිහරණය කළ හැකි මිල අධික ඇඳුම් විශේෂයක් බවට පත්විය.

අනෙකුත් කර්මාන්ත අංශවලද ඇතිවූයේ ප්රගතියකි. ඒ කාලයේ පාවහන් නිෂ්පාදනයේදී ප්‍රමුඛත්වය හිමිකරගෙන සිටියේ බාටා සමාගමය. එහෙත් ආර්ථිකය විවෘත කිරීමෙන් පසු බාටා සමාගම යටපත් කොට ගෙන නැගී සිටීමට ඞීඑස්අයි වැනි දේශීය කර්මාන්තවලට හැකිවිය. මූලික කාර්මික නිෂ්පාදන කිහිපයකට සීමාවී තිබුණු ජිනසේන සමාගම ජෙට් ගුවන් යානාවලට ටයර් සපයන ප්‍රධාන සැපයුම්කරුවකු බවට පත්විය. අයිස්ක්‍රීම් කර්මාන්තය, පැණි බීම කර්මාන්තය, බිස්කට් කර්මාන්තය, චොක්ලට් කර්මාන්තය වැනි කර්මාන්තයන් අන්තර් ජාතික වශයෙන් එම පිළිගැනීමට හේතුවන තත්ත්වයකට වර්ධනය විය. අවසාන විග්රහයේදී ආර්ථිකය විවෘත කිරීම නිසා එකතැන පල්වෙන තත්ත්වයක තිබූ ආර්ථිකයේ වේගවත් ප්රසාරණයක් ඇතිවිය. ජන ජීවිතයේද විශාල දියුණුවක් ඇති කිරීමට හේතුවිය.

ඉන්දියානු වෙළෙඳපොළ

දිවයිනක් ලෙස ලංකාව පිහිටා තිබෙන්නේ ජනගහනයේ විශාලත් වයෙන් චීනයට පමණක් දෙවැනි වන රට ලෙස සැලකිය හැකි ඉන්දියාවේ කට ළඟය. ඉන්දියාව ළඟම හා ලංකාවට සිටින එකම අසල්වැසියාය. දකුණෙන්, බටහිරින් හෝ නැගෙනහිරින් අපට ළඟ වෙනත් අසල්වැසි රටවල් නැත. ලංකාව දකුණු ඉන්දියාවෙන් වෙන්ව තිබෙන්නේද සැතපුම් 22ක් පමණ වන පටු මුහුදු තීරයකිනි. ඉන්දියානු සාගරයේ පිහිටා තිබෙන දිවයිනක් ලෙස ලංකාවට ලැබෙන ඊළඟ වැදගත්කම වනුයේ මධ්‍යධරණී ලෝකය හා නැගෙනහිර ආසියාව යා කරන මුහුදු මාර්ගයක වැදගත් සන්ධිස්ථානයක පිහිටා තිබීමය.

ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළට ආවේණික පුංචිකම නිසාම ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ සඳහා පමණක් භාණ්ඩ නිපදවීමට කිසිදු ලොකු ආයෝජකයකු ලංකාවට එන්නේ නැත. ලොකු ආයෝජකයන් ලංකාවට එනවා නම් එනු ඇත්තේ ලංකාවේ වෙළෙඳපොළට අතිරේකව ප්‍රධාන කොට ඉන්දියානු වෙළෙඳපොළට භාණ්ඩ නිපදවා පහසුකම් ඇතිව එහි යැවීමේ හැකියාව ඇත්නම් පමණය. ඉන්දියාව සමග සහයෝගයෙන් වැඩ කිරීම අවශ්‍යවන්නේ ඒ සඳහා ශක්තිමත් පදනමක් ගොඩනගා ගැනීම සඳහාය. ලංකාවේ වෙළෙඳපොළට අතිරේකව ඉන්දියානු වෙළෙඳපොළ ඉලක්ක කොටගෙන විදේශීය ආයෝජකයන් ලංකාවේ කර්මාන්ත ආරම්භ කරන්නේ නම් ඉන් ලංකාවට ලැබෙන ලාභය සුළුපටු නැත. එහෙත් එවැනි ආයෝජකයන් ලංකාවට එනවා නම් එනු ඇත්තේ ලංකාවේ නිපදවන භාණ්ඩවලට විශේෂ සහන ඇතිව ඉන්දියානු වෙළෙඳපොළට යැවීමේ හැකියාව ඇත්නම් පමණය. අපට එවැනි නිදහස් අවකාශයක් ලැබෙනු ඇත්තේ අපේ වෙළෙඳපොළ සඳහා වන එම නිදහස් අවකාශය අප ඉන්දියාවටද ලබාදෙන්නේ නම් පමණය. මෙවැනි ක්‍රමයක් තුළ සමහර අංශවලින් අපට පාඩු සිදුවිය හැකි අතර තවත් සමහර අංශවලින් ලාභ සිදුවිය හැකිය. වැදගත් කොට සැලකිය යුත්තේ අවසාන විග්රහයේදී අපට ලැබෙන්නේ පාඩුවක්ද ලාභයක්ද යන කාරණයයි. එහිදී අපට ඉන්දියානු වෙළෙඳපොළ සැබෑ ලෙසම නිදහස්වන්නේ නම් අපට විවෘත වන වෙළෙඳපොළේ ප්‍රමාණය අතිවිශාලය. ඔවුන්ට විවෘත වන වෙළෙඳපොළේ ප්‍රමාණය ඉන්දියාවේ ප්‍රාන්තයක වෙළෙඳපොළ තරම් කුඩාය.

ඉන්දියාව හා චීනය

ඉන්දියාව කලාපීය බලවතා වනවාට අතිරේකව මහා බලවතකුගේ තත්ත්වය කරා වේගයෙන් ගමන් කරමින් තිබෙන රටක් ලෙස සැලකිය හැකිය. ඉන්දියාව හා චීනය අතර තරගයේදී මේ වනවිට ඉදිරියෙන් සිටින්නේ චීනය වුවත් ඉදිරියට ඒමට වැඩි අනාගත අවකාශයක් තිබෙන්නේ ඉන්දියාවටය.

චීනය සමග ගත් විට ඉන්දියාව තිබෙන දේශපාලන පදනම ඉතාමත් ශක්තිමත්ය. චීනයේ තිබෙන්නේ ඒකාධිපති ක්රමයකි. ඉන්දියාවේ තිබෙන්නේ ප්රජාතන්ත්රවාදී ක්රමයකි. ලෝකයේ සියලූ ප්රජාතන්ත්රවාදී රටවල් එකට ගත්තද ඒ සියලූ රටවල ජනගහනයට වඩා ඉන්දියාවේ ජනගහනය විශාලය. ඒ අර්ථයෙන් ලෝකයේ ලොකුම ප්රජාතන්ත්රවාදී රට බවට පත්ව තිබෙනුයේද ඉන්දියාවය.

චීනයේ මධ්‍යම පන්තියේ ඇතිවෙමින් තිබෙන වර්ධනය තුළ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් දිනාගැනීම සඳහා කෙරෙන අරගල ඉක්මනින් චීනයේ ඇතිවිය හැකිය. ඒ අරගල නිසා තාවකාලික වශයෙන් හෝ චීනයේ දේශපාලන ස්ථාවරභාවයේ කඩා වැටීමක් ඇතිවිය හැකිය. එහෙත් ඉන්දියාවට එවැනි අභියෝගයක් නැතිව ඉදිරියට යෑමේ හැකියාව පවතී. ඉන්දියාවට තිබෙන ඊළඟ වාසිය වනුයේ ඊළඟ දශක දෙකේදී චීනය මහලූ මිනිසුන්ගේ රටක් වන විට ඉන්දියාව තරුණයන්ගේ රටක් බවට පත්වීමය. චීනයට නැති ඉන්දියාවට ඇති තවත් වාසිදායක සාධකයක් වනුයේ අපනයන ආදායම හෝ ආනයන වියදම ආර්ථිකය කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කළ හැකි තත්ත්වයක නොතිබීමය. තාමත් ඉන්දියාව ප්‍රධාන කොට නිපදවන්නේ අපනයනය සඳහා නොව ඉන්දියානු වෙළෙඳපොළ සඳහාය. ලෝක ආර්ථිකයේ ඇති කරන අර්බුදයක් ඉන්දියාවට ඇති කරන බලපෑම චීනයට ඇති කරන බලපෑමට වඩා අඩුය.

මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී ලංකාව දැඩි ඉන්දියානු විරෝධී හා බටහිර විරෝධී ප්රතිපත්තියක්ද දැඩි චීන ගැති ප්රතිපත්තියක්ද අනුගමනය කරමින් තිබෙන අවස්ථාවකදී එම ප්‍රතිපත්තියේ ඇති මනෝරාජික හා විනාශකාරී ස්වරූප ගැන මම අවස්ථා දෙකකදී දීර්ඝ ලිපි දෙකක් ලියා ඇත්තෙමි. මහින්දගේ එම ප්‍රතිපත්තිය කෙරෙහි බලපෑ න්‍යායවාදීන් කිහිපදෙනෙක් සිටියෝය. ඒ සියලූදෙනාගේ කල්පනාව වී තිබුණේ චීනය ආර්ථික ශක්තියෙන් ඇමරිකාව අබිබවා ගිය තත්ත්වයක් අත්පත් කරගනිමින් සිටින තත්ත්වය තුළ මහා බලවතා වීමේ හැකියාව තිබෙන්නේ චීනයට නිසා චීනය සමග සිටින තාක් කල් ලංකාව ඇමරිකාවට බටහිර බලවතුන්ට හා ඉන්දියාවට බියවිය යුතු නැති බවය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇමරිකාව හා බටහිර බලවතුන් සමග රණ්ඩු කරන තැනකට ගියේ ඒ චින්තනයේ ප්‍රතිඵලයක් වශයෙනි.

රටක ආර්ථිකයේ තරම මහා බලවතා තීන්දු කරන එකම සාධකය ලෙස සැලකිය නොහැකිය. මහා බලවතා සමග කිට්ටු සහයෝගයකින් ක්‍රියාකරන අනෙකුත් රාජ්‍යයන්ගේ ආර්ථික බලවත්කමේ තරමද ඒ කෙරෙහි බලපායි. ඊට අතිරේකව මහා බලවතාට යුද්ධමය හා තාක්ෂණික අර්ථයෙන් තිබෙන ශක්තියේ තරමද ඒ කෙරෙහි බලපායි. ඒ සියල්ල ගත් කල චීනය සිටියේ ඉක්මනින් ඇමරිකාව පරාජය කළ හැකි තැනක නොව ඊට වඩා හුඟාක් පසුපසිනි. බටහිර කඳවුරට තිබෙන ශක්තියේ ලොකු පිරිහීමක් ඇතිවූ අවස්ථාවකදී පවා ඊළඟ මහා බලවතා තීරණය වනු ඇත්තේ එම බටහිර කඳවුර ඔවුන් පිළිගන්නා ඊළඟ බලවතා කවුද යන පදනම මතය. එහිදී විකල්ප බලවතුන් ලෙස ඉස්මතු වී සිටින්නේ චීනය හා ඉන්දියාව නම් බටහිර කඳවුරේ සහයෝගය ලැබෙනු ඇත්තේ චීනයට නොව ඉන්දියාවටය. හේතුව චීනය මෙන් නොව ඉන්දියාව පිළිගන්නා වටිනාකම් බටහිර වටිනාකම් නිසාය. ඒ අර්ථයෙන්ද එම තරගයේදී ඉදිරියෙන් ඉන්නේ චීනය නොව ඉන්දියාවය.

ඉන්දියාව හා ලංකාව

ශ්‍රී ලංකාවට වැඩිම ඥාතිත්වයක් තිබෙන රට ලෙස සැලකිය හැක්කේ ඉන්දියාවය. ලංකාවේ සිංහල හා දෙමළ මුල් ජනයාගේ මුල් නිජබිම වූයේ ඉන්දියාවය. බුද්ධාගම හා හින්දු යන ආගම් දෙකම ලංකාවට ලැබුණේද ඉන්දියාවෙනි. සිංහල හා දෙමළ භාෂා ලංකාවට ලැබුණේද ඉන්දියාවෙනි. ලංකාවේ සිංහල හා දෙමළ ජනයාගේ සංස්කෘතියේ මූලිකාංග ලැබුණේද ඉන්දියාවෙනි. රටවල් ආක්‍රමණය කිරීම හා රටවල්වලට කඩා වැදී වස්තුව කොල්ලකෑම නම්බුකාර දෙයක් ලෙස මුළු ලෝකයම සලකන යුගයකදී දකුණු ඉන්දියානු සමාජ කණ්ඩායම් හා දකුණු ඉන්දියාවේ සමහර රාජ්‍යයන් ලංකාව ආක්‍රමණය කොට කෙටිකාලීන වශයෙන් බලය ලබාගත් අවස්ථා සේ ම වස්තුව කොල්ලකෑමේ අවස්ථාද තිබෙන්නේය. ලංකාවද බලවත් තත්ත්වයක් හිමිකරගත් අවස්ථා කිහිපයකදී දකුණු ඉන්දියාවේ සමහර රාජ්‍යයක් ආක්‍රමණය කර තිබෙන අතර එම රාජ්‍යයන්ගේ වස්තුව කොල්ලකාගත් අවස්ථාද තිබෙන්නේය. එහෙත් මේ ආකාරයෙන් සිදුවූ ගැටුම් නිසා මේ දෙරට අතර තිබුණු ආධ්‍යාත්මික සම්බන්ධයේ මුළුමනින් බිඳවැටීමක් ඇතිවූයේ නැත.

එළාරට එරෙහිව දුටුගැමුණු කරන ලද යුද්ධයේදී දුටුගැමුණුගේ දස මහා යෝධයන්ගෙන් කෙනෙකු වූ ථේරපුත්තාභය යුද්ධයේ ජයග්රහණයෙන් පසු මහණවීම සඳහා තෝරාගත්තේ චෝල රටය. ලංකාවේ බෞද්ධ සාහිත්‍යයෙහි ඉතා වැදගත් හා ප්රමුඛ අංගයක් ලෙස සැලකිය හැකි අටුවා සාහිත්‍යයත් ගොඩනැංවීමට දායක වූ අටුචාවාර්යවරුන්ගෙන් වැඩිදෙනෙක් දකුණු ඉන්දියානු හිමිවරු වූහ. ලංකාව ඉන්දියාවේ කට ළඟ තිබෙන රටක් වී තිබියදී හා ඉන්දියානු සමාජ දේශපාලන හා සංස්කෘතික මහා ප්‍රවාහය තුළ ජීවත්වූ දිවයිනක්ව තිබියදී ලංකාව මුළුමනින් යටත් කරගනු ලැබූ රටක් බවට හෝ ඉන්දියානු මහා සමාජ-දේශපාලන සංස්කෘතික ප්‍රවාහය විසින් මුළුමනින් ගිලගනු ලැබූ රටක් බවට පත්වූයේ නැත. ලංකාව සිය අනන්‍යතාව ආරක්ෂා කරගැනීමට සමත් විය. ඒ හැකියාව ලංකාවට තිබුණේය. අතීතයේ එසේ වූයේ නැතිනම් වර්තමානයේ එසේවීමට ඉඩක් ඇත්තේම නැති තරම්ය.

එක්ව නැඟී සිටීම

අපට මේ රටේ පිහිටීම වෙනස් කළ නොහැකිය. ඉන්දියාව අපට සිටින ළඟම අසල්වැසියා වනවා සේ ම අපට සිටින එකම ළඟ අසල්වැසියාද වේ. අප ඉන්දියාව ඉදිරියේ දණින් වැටී ජීවත් වන රටක් බවට පත්විය යුතු නැත. එසේම ඉන්දියාවේ සතුරකු විය යුතුද නැත. ලංකාවේ යහපතට හේතුවනු ඇත්තේ ඉන්දියාව සමග අවබෝධයෙන් හා සහයෝගයෙන් ක්‍රියාකරන ප්රතිපත්තියකි. ඉන්දියාවට මහා බලවතකු ලෙස නැගී සිටීමට ලැබී තිබෙන ඓතිහාසික අවස්ථාවෙන් අපද ප්‍රයෝජනය ගත යුතුය. එය අපටද නැගී සිටීමට ලැබී තිබෙන ඓතිහාසික අවස්ථාවක් ලෙස සලකා ඉන් නිසි ප්‍රයෝජන ගත යුතුය.

ඉන්දියාව හා චීනය වෙළෙඳපොළ අර්ථයෙන් ගත්විට ලෝකයේ තිබෙන ලොකුම වෙළෙඳපොළ දෙක ලෙස සැලකිය හැකිය. මේ රටවල් දෙක වේගවත් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කර තිබෙන රටවල් දෙකක් බවට පත්ව තිබෙනවා සේ ම මධ්‍යම පන්තියේ වේගවත් ප්රසාරණයක් පෙන්නුම් කරන රටවල් දෙකක් ලෙසද සැලකිය හැකිය. භාණ්ඩ නිෂ්පාදනයේදී ඉතා දුර බැහැර රටවල් පවා මේ රටවල් දෙකට ප්රමුඛ වැදගත්කමක් ලබාදී තිබෙන විට ඉන්දියාවේ කට ළඟ තිබෙන රටක් වශයෙන් ලංකාවේ ඉන්දියාවේ තිබෙන එම ඉඩප්රස්ථා සැලකිල්ලට නොගන්නේ නම් එය අවාසනාවන්ත තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. අපට ඉන්දියානු වෙළෙඳපොළට අවශ්‍ය කරන භාණ්ඩ නිපදවීමට අවශ්‍ය කරන කර්මාන්ත ආරම්භ කිරීමට ප්‍රාග්ධන ශක්තියක් නැතිනම් ඒ සඳහා ශක්තිය ඇති ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගැනීමට අප උත්සාහ කළ යුතුය. ඒ හැකියාව අපට ලබාගත හැකිවනු ඇත්තේ ඉන්දියාව සමග නිදහස් වෙළෙඳාමක් පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන පුළුල් අවකාශය හිමිකර ගැනීමට අප සමත්වේ නම් පමණය.

වාණිජ මධ්‍යස්ථාන සිහිනය

මීට පෙරද සඳහන් කර තිබෙන පරිදි ලංකාව ඉන්දියාව කට ළඟ පිහිටි දිවයිනක් වනවා පමණක් නොව මධ්‍යධරණීය ලෝකය හා නැගෙනහිර ආසියාව සම්බන්ධ කරන ප්‍රධාන මුහුදු මාර්ගයක සංධිස්ථානයක පිහිටි දිවයිනක්ද වෙයි. ඒ මගින් වාණිජ අර්ථයෙන් ලංකාවට තිබෙන වටිනාකම අතිවිශාලය. ඒ අර්ථයෙන් ලංකාව මෙම කලාපයේ වැදගත් වාණිජ මධ්‍යස්ථානයක් බවට පත්කිරීම අළලා අගමැතිවරයා දකිමින් තිබෙන සිහිනය අවශ්‍ය නම් සැබෑ කරගත හැකි සිහිනයක් ලෙස සැලකිය හැකිය. එහෙත් අවාසනාවන්ත දේ අගමැතිවරයා තමන් දකින එම සිහිනය ජනතාවට හොඳින් පැහැදිලි කරදීමට සමත් නොවී තිබීමය. ECTA යන කෙටි නාමයෙන් හැඳින්වෙන ඉන්දියාව හා ලංකාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගය සඳහා වන ගිවිසුමක් තවමත් සකස් කරගෙන නැතත් ඒ සඳහා පළවී තිබෙන අදහස් වෛද්‍යවරුන්, ඉංජිනේරු වන් හා වෙනත් වෘත්තිකයන් අතර බියජනක හැඟීමක් ඇති කිරීමට හේතුවී තිබේ නම් එය අස්වාභාවික දෙයක් ලෙස සැලකිය නොහැකිය. ඔවුන් අතර එවැනි බියක් ඇතිවී තිබේ නම් එය නැති කළ යුතුව තිබෙන්නේ ඔවුන් තුළ හරි අවබෝධයක් ඇති කිරීමෙනි. ඒ සඳහා වන සිහිනයට ඔවුන්ටද එකතු කරගැනීමෙනි.

ගෝලීයකරණය

ඇතිවී තිබෙන ගෝලීයකරණය හා තවදුරටත් එම ක්‍රියාවලිය තුළ ඇතිවෙන්නට නියමිත වෙනස්කම් හොඳින් සැලකිල්ලට ගත් ප්‍රවේශයක් ලංකාවට නැතිකමද රටේ පසුගාමී ආකල්ප කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භයේ සිට වර්තමානය දක්වා ඇතිවී තිබෙන මහා විපර්යාසයක් හා ඒවාහි වේගය පිළිබඳව ඉතා වැදගත් පොත් කිහිපයක් ලියා තිබෙන එල්වින් ටොෆ්ලර්ට අනුව මනුෂ්‍ය වර්ගයාගේ අවුරුදු 50,000ක් තරම් වන ඉතිහාසයෙන් අවුරුදු 40,000ක් තරම් කාලයක් ගතකර ඇත්තේ ගල්ගුහාවලය. ඉතිරි අවුරුදු 10000න් අවුරුදු 9800ක්ම ගෙවා ඇත්තේ ගොවිතැන් කරමින් හා සතුන් ඇති කරමින් කෘෂිකාර්මිකයන් වශයෙනි. ඉන්පසු 18 වන සියවසේ සිදුවන කාර්මික විප්ලවයේ සිට එහිම අතුරු ඵලයක් වශයෙන් දැන් සිදුවෙමින් පවතින සුපිරි තාක්ෂණික විප්ලවය සඳහා ගෙවී ඇති කාලය අවුරුදු 200ක් පමණය. පළමු විප්ලවය ඇතිවන්නට අවුරුදු 40,000ක් ගියේය. දෙවැනි විප්ලවය ඇතිවන්නට අවුරුදු 9800ක් ගතවිය. තුන්වැනි විප්ලවයේ කාලය තවමත් ගතවී ඇත්තේ අවුරුදු 200ක් පමණය.

මුලදී වෙනස්කම් ඇතිවූයේ ඉතාමත් හෙමින් හෙමින්ය. පළමුවෙන් ලොකු වෙනසක් ඇතිවීමට අවුරුදු 40,000ක් හෙවත් ජීවිත කාල 645ක් ගතවිය. ඊළඟට ලොකු වෙනසක් ඇතිවීමට අවුරුදු 9800ක් හෙවත් ජීවිත කාල 158ක් ගතවිය. වර්තමානයේ අප භුක්ති විඳින සියලූ නවීන දේවල් සොයාගෙන ඇත්තේ අවුරුදු 200ක් හෙවත් ජීවිත කාල 3ක් තරම් වන කෙටි කාලපරාසයක් තුළය.

ගෝලීයකරණය රටවල් අතර තිබුණු දුරස්ථභාවය නැති කර තිබෙන අතර දේශසීමාවලට, දේශී යත්වයට, ජාතික ස්වාධිපත්‍යයට, දේශීය නීතියට හා දේශීය වෙළෙඳපොළට තිබූ වැදගත්කම හීන කර තිබෙන්නේය. දේශීය වශයෙන් උපදින මිනිසුන්ගෙන් විශාල පිරිසක් රැකියා සඳහා සේ ම ස්ථිර පදිංචිය සඳහාද විදේශ ගතවීම නූතන ලෝකයට ආවේණික වැදගත්ම ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. මීට වසර 50කට පෙර රැකියා සඳහා හෝ ස්ථිර පදිංචිය සඳහා හෝ ලංකාවෙන් පිටස්තර විදේශ රටවල සිටි පිරිස 10000කටත් වඩා අඩුවිය හැකිය. එහෙත් වර්තමානයේ එය රටේ ශ්‍රම බලකායෙන් සියයට 15ක් 20ක් තරම් විශාලය. මෙම ප්‍රවණතාව තවදුරටත් වර්ධනය වනු නොවැළැක්විය හැකිය.

වෙනස්වීමේ වැදගත්කම

ගොඩනැගෙමින් තිබෙන මෙම නවලෝක වටාපිටාව තුළ අප අපේ රටේ දරුවන්ට අධ්‍යාපනය වශයෙන් ලබාදිය යුත්තේ ලෝකයේ ඕනෑම රටකට වලංගු පිළිගැනීමට හේතුවන අධ්‍යාපනයකි. ඔවුන්ට ගුණධර්ම වශයෙන් පුහුණු කළයුත්තේ මේ රටට වැදගත් වටිනාකම් නොව ලෝකයට වැදගත් වන වටිනාකම්ය. දේශීය භාෂා උගන්වන අතර ලෝක භාෂාවන්ටද ලොකු වැදගත්කමක් ලබාදිය යුතුය. මිනිසුන් පුහුණු කළ යුත්තේද දේශීය රැකියා වෙළෙඳපොළ අරමුණු කරගෙන නොව ලෝක රැුකියා වෙළෙඳපොළ අරමුණු කරගෙනය. උප්පැන්න, අධ්‍යාපන හෝ පුහුණු සහතික නිකුත් කළයුත්තේ ලෝකයේ වෙනත් ඕනෑම රටක පාවිච්චි කළ හැකි ආකාරයටය.

අපේ ශ්‍රම බලකායෙන් විශාල පංගුවක් විදේශ රටවල රැකියාවලට යන විට එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙහි ඇතිවන පුරප්පාඩු පිරවෙනු ඇත්තේ විදේශිකයන්ගෙනි. එම යථාර්ථය කල් තියා තේරුම් ගැනීමට සමත් විය යුතුය. දැනටම උතුරු මැද පළාතේ ගොයම් කපන හා කුඹුරු වපුරන කාලවලට දකුණු ඉන්දියාවෙන් උතුරුමැද පළාතට ශ්‍රමිකයෝ එති. හේතුව ඒ කාලවලට එහි ලොකු ශ්‍රම හිඟයක් තිබෙන නිසාය. ඉතා ඉක්මනින් මේසන් වැඩවලට හා වඩුවැඩවලටද ශිල්පීන් පිටරටවලින් ගෙන්වා ගැනීමට ලංකාවට සිදුවිය හැකිය. එම වැදගත් වෘත්තීන්ට නිසි ගෞරවය ලබාදීමට ලංකාව අසමත්වීම තුළ තරුණ තරුණියන් එම රැුකියාවලට යොමුවීමෙන් වැළකී සිටින තත්ත්වයක් ඇතිවෙමින් පවතී.

ලංකාවේ තරුණ ජනයාගේ අපේක්ෂා තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් තොරතුරකින් මෙම ලිපිය අවසන් කිරීම සුදුසුය. එම තොරතුරු ලබාගෙන ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලය ජර්මන් පදනමත් සමග හවුලේ කරන ලද තරුණ සමීක්ෂණයකිනි. ඊට අනුව ජනවාර්ගික භේදයකින් තොරව රටේ තරුණ පරපුරෙන් සියයට 47ක් ලංකාවේ නොව විදේශ රටවල රැුකියා කිරීමට අපේක්ෂා කරයි. ඊටත් වඩා වැදගත් දේ වනුයේ ලංකාවේ දෙමළ තරුණයන්ගෙන් සියයට 46.7ක්ද, මුස්ලිම් තරුණයන්ගෙන් සියයට 50ක්ද සිංහල තරුණයන්ගෙන් සියයට 24ක්ද අවස්ථාවක් ලැබේ නම් මුළුමනින් රට අතහැර ස්ථිර පදිංචිය සඳහා විදේශ රටක් තෝරාගැනීමට කැමැත්තෙන් සිටීමය. Youth and Social Transformation යන මාතෘකාව යටතේ මෙම සමීක්ෂණ වාර්තාව පළකර තිබෙන්නේ 2014 වසරේදීය.

- http://ravaya.lk/?p=12278

[QUOTE="monson, post: 19781289, member: 30005"] [B][SIZE="5"]ඉන්දියානු භීතිකාව[/SIZE][/B] [SIZE="4"]වික්ටර් අයිවන් මිනිසුන් අතර ලොකු භීතියක් ඇති කොට ඒ ඇතිවන්නට යන ව්‍යසනයෙන් මිනිසුන් ගලවා ගැනීමේ හැකියාව තමන්ට ඇති බව පෙන්නුම් කිරීම නායකයකුට අනුගාමිකයන් දිනාගැනීම සඳහා යොදාගත හැකි පහසු මාර්ගයක් ලෙස සැලකිය හැකිය. මාගේ ගැටවර කාලයේදී මමද විජේවීරගේ දේශපාලන අනුගාමිකයෙක් වීමි. 1970ට පෙර ඔහු අප වැනි අයට භීතිකා දෙකක් මවා පෑවේය. එකක් ඇමරිකන් භීතිකාවය. අනෙක ඉන්දියානු භීතිකාවය. මේ රටවල් දෙකම ඔහු චිත්‍රවත් කළේ ලංකාව ග්‍රහණයට ගැනීමට දත් විලිස්සාගෙන සිටින බිහිසුණු රකුසන් දෙදෙනකු ලෙසය. 1970ට පෙර ඔහු මෙම රකුසන් දෙදෙනා අතුරින් ප්රමුඛ රකුසා ලෙස සලකන ලද්දේ ඇමරිකාවය. ඔහු දෙවැනි කැරැුල්ලේදී ප්‍රමුඛයා ලෙස ගත්තේ ඉන්දියාවය. [B]රෝහණ විජේවීර[/B] ඔහු 1970ට පෙර අපට අවධාරණයෙන්ම කියා සිටියේ බලයේ සිටින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1970දී මැතිවරණයක් නොපවත්වන බවය. ඇමරිකන් වුවමනාව මත හමුදා ආණ්ඩුවක් ඇති කිරීමට අවශ්‍ය සියලූ සැලසුම් සකස් කොට තිබෙන බවය. ඔහු ඒ සඳහා නිදර්ශනය කොට ගත්තේ ඉන්දුනීසියාවය. සුකර්ණෝගේ ආණ්ඩුව හමුදා කුමන්ත්‍රණයක් මගින් පෙරලා දමා බිහිවූ සුහර්තෝගේ හමුදා ආණ්ඩුව ඇති කළ මහා ජීවිත විනාශය පෙන්වාදී ලංකාවේද ඒ හා සමාන තත්ත්වයක් ඇතිවන්නට නියමිත බවද කියා සිටියේය. හමුදා ආණ්ඩුවක් ඇති කිරීම සඳහා වන මහා සූදානමක් ඇති බව පෙන්නුම් කිරීම සඳහා ඔහු බෙන්තොට බීච් හෝටලයද නිදර්ශනයක් කොට ගත්තේය. ඒ කාලයේ අද මෙන් ලොකු විදේශ සංචාරක හෝටල් නොතිබුණේය. බෙන්තොට බීච් හෝටලය ඉදිකෙරෙමින් තිබුුණේ ඒ කාලයේදීය. විජේවීර අපට කීවේ එය සංචාරක හෝටලයක් නොවන බවත් ඇමරිකන් බලකොටුවක් බවත්ය. ඔහු වැඩිදුරටත් කීවේ සංචාරක හෝටලයකට ඒ සා විශාල ගල් තාප්පයක් අවශ්‍ය නොවන බවත් එය සංචාරක හෝටලයක් මුවාවෙන් ඉදිකෙරෙමින් තිබෙන ඇමරිකන් බලකොටුවක් වන බවත්ය. ඔහු එම හෝටලයට දෙන ලද අර්ථකථනය සේ ම ඇමරිකානු වුවමනාව මත හමුදා ආණ්ඩුවක් ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවට ඔහු කරන ලද විවරණයට ඔහුගේ අනුගාමිකයන් බවට පත්ව සිටි අප සියලූදෙනා තරයේ විශ්වාස කළා පමණක් නොව ඒ සියලූදෙනා එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් ඇතිවන්නට යන හමුදා ආණ්ඩුවක් පිළිබඳව ඇති කරගත් බිය මුල් කරගත් සාමූහික උමතුවකින් ක්‍රියාකරන පිරිසක් බවටද පත්වූයේයැ’යි කිව හැකිය. [B]ඉන්දියානු විරෝධය[/B] ඔහු දෙවැනි කැරැල්ලේදී ප්‍රධාන හතුරා ලෙස කරළියට ගත්තේ ඇමරිකාව නොව ඉන්දියාවය. පළමු කැරැුල්ල කාලයේදී ද ඔහුට ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ පන්තියක් තිබුණි. එය ඉන්දියාව හා චීනය අතර දේශසීමා යුද්ධයක් පැවති කාලයේදී චීනය විසින් පළකරන ලද ලිපි දෙකක එන කරුණු පදනම් කොටගෙන සකස් කරන ලද විග්‍රහයක් විය. දෙවැනි කැරැුල්ලේදී මා ඔහුගේ දේශපාලන අනුගාමිකයකු නොවීම නිසා ඔහු විසින් කරමින් තිබුණු බිහිසුණු අත්හදා බැලීම පිටස්තර විචාරකයකු ලෙස බලාසිටීමේ හැකියාව මට ලැබුණි. වඩමාරච්චි අරගලය, පරිප්පු ආක්‍රමණය හා යෝජිත ඉන්දු ලංකා ගිවිසුම ආශ්රයෙන් රටේ ඇතිව තිබූ උද්වේගකර වටාපිටාව ප්‍රයෝජනයට ගනිමින් ඔහු සිය දෙවැනි කැරැුල්ල කරළියට ගත්තේ ඉන්දියානු ආක්‍රමණයට එරෙහිව පීතෘ භූමියේ නිදහස වෙනුවෙන් කරන දේශපේ‍්‍රමී යුද්ධයක් යන තේමාව යටතේය. ඒ කාලයේදී ඉන්දියානු භාණ්ඩ විකිණීම හා මිලදී ගැනීම පවා මරණ දඬුවම ලැබිය යුතු වරදක් බව ප්‍රකාශ කර තිබුණි. පසුකලකදී යශෝධා ව්‍යාපාරයේ අධිපති යසසිරි කස්තුරිආරච්චිගෙන් ඒ කාලයේදී දේවල් සිදුවූ නියම ස්වරූපය පෙන්නුම් කරන අපූරු කතාවක් මට අසන්නට ලැබුණි. ඒ බිහිසුණු කාලයේදී ඔහුද ආරක්ෂාව සඳහා ජවිපෙ අනුගාමිකයකු බවට පත්ව සිටියේය. ඔහු ජවිපෙ නායකයන්ට වැදගත් වන්නට ඇත්තේ ඔහුට අගමැති ඞී.බී. විජේතුංගට තිබුණු සමීප සම්බන්ධය නිසා විය යුතුය. ඔහුගේ කොළඹ නිවස ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීම් පවත්වන ස්ථානයක් බවට පත්ව තිබුණි. විජේවීර එහි පැමිණි කිසියම් දිනකදී යශෝධාට තිබෙන ප්‍රශ්න මොනවාදැයි ඔහුගෙන් අසන ලදුව ඔහු විජේවීරට කියා තිබෙන්නේ දේශීය ව්‍යාපාරිකයන්ගේ සීනි වෙළෙඳාමට ලංකාවේ ඉන්දියානු වෙළෙඳුන්ගෙන් ලොකු තර්ජනයක් තිබෙන බවය. ඉන් දින කිහිපයකට පසුව පිටකොටුවේදී ඉන්දියානු සීනි ආනයනය කරන ප්‍රධාන පෙළේ වෙළෙන්දෙකුට වෙඩි තබා මරා දමන ලද බවත් එතැන් සිට ලංකාවේ ලොකුම සීනි ආනයනකරු බවට පත්වීමේ හැකියාව තමන්ට ලැබුණු බවත් ඔහු මට කීවේය. එම විශේෂ අවස්ථාවේදී ඉන්දියානු හමුදා ලංකාවට නොඑන්නට සිංහල දකුණේ විජේවීරගේ කැරැුල්ල සේ ම උතුරේ ප්රභාකරන්ගේ කැරැුල්ලද ජයග්‍රාහී වන්නට ඉඩ තිබුණි. ඒ අවස්ථාවේදී ඒ කැරලි දෙකම ජයගන්නට නොහැකි වූයේ ඉන්දියානු හමුදාව නිසාය. ලංකාවට ආ ඉන්දියානු හමුදා කවදාවත් ආපසු නොයනු ඇති බවට ඒ කාලයේ ප්‍රකාශ වූ කතාද සනාථ වූයේ නැත. අවසානයේ ඉන්දියානු විරෝධය අවසන් වූයේ විජේවීරගේ ජීවිතය පමණක් නොව රටට වැදගත් කාර්යභාරයක් ඉටුකිරීමේ හැකියාව තිබූ විශාල තරුණ පිරිසකගේද ජීවිත විනාශ කරමිනි. [B]ආර්ථිකය විවෘත කිරීම[/B] ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ආර්ථිකය විවෘත කළ අවස්ථාවේදීද ඒ නිසා දේශීය ව්‍යවසායකයන් නැත්තටම නැතිවී යනු ඇතැ’යි කියන බොරු මතයක් එදා රටේ ගොඩනැගී තිබුණි. ඒ අවස්ථාවේදී මා කල්පනා කළේද ඊට සමාන ආකාරයටය. එහෙත් ඒ නිසා සිදුවූයේ දේශීය ව්‍යවසායකයන් නැත්තටම නැතිවීම නොව එම ව්‍යවසායකයන් පවත්වා ගෙන ගිය ව්‍යාපාර නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස නවීකරණය වී තිබුණු තත්ත්වයට වඩා ප්‍රබල තත්ත්වයක් හිමිකර ගැනීමය. ඒ නිසා සමහර නිෂ්පාදනවල බිඳවැටීමක් ඇතිවූ බව සැබෑය. අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය ඒ සඳහා දැක්විය හැකි නිදසුනකි. එම කර්මාන්තයෙන් වැඩි වශයෙන් ජීවත් වූයේ ග්‍රාමීය ප්‍රදේශවල අවවරප්රසාදිත හා පීඩිත කුලවල ජනයාය. එහෙත් ඒ වෙනුවට එම ජනයාට වඩා විශාල පිරිසකට රැුකියා ලැබෙන, වඩා හොඳ ආදායම් ලැබෙන නවීන හා ප්‍රමාණයෙන් අතිවිශාල ඇඟලූම් කර්මාන්තයක් හිමිවිය. ඉන්පසු අත්යන්ත්‍ර පේෂකර්මාන්තයද නවීන වී එය ධනවතුන්ට පමණක් පරිහරණය කළ හැකි මිල අධික ඇඳුම් විශේෂයක් බවට පත්විය. අනෙකුත් කර්මාන්ත අංශවලද ඇතිවූයේ ප්රගතියකි. ඒ කාලයේ පාවහන් නිෂ්පාදනයේදී ප්‍රමුඛත්වය හිමිකරගෙන සිටියේ බාටා සමාගමය. එහෙත් ආර්ථිකය විවෘත කිරීමෙන් පසු බාටා සමාගම යටපත් කොට ගෙන නැගී සිටීමට ඞීඑස්අයි වැනි දේශීය කර්මාන්තවලට හැකිවිය. මූලික කාර්මික නිෂ්පාදන කිහිපයකට සීමාවී තිබුණු ජිනසේන සමාගම ජෙට් ගුවන් යානාවලට ටයර් සපයන ප්‍රධාන සැපයුම්කරුවකු බවට පත්විය. අයිස්ක්‍රීම් කර්මාන්තය, පැණි බීම කර්මාන්තය, බිස්කට් කර්මාන්තය, චොක්ලට් කර්මාන්තය වැනි කර්මාන්තයන් අන්තර් ජාතික වශයෙන් එම පිළිගැනීමට හේතුවන තත්ත්වයකට වර්ධනය විය. අවසාන විග්රහයේදී ආර්ථිකය විවෘත කිරීම නිසා එකතැන පල්වෙන තත්ත්වයක තිබූ ආර්ථිකයේ වේගවත් ප්රසාරණයක් ඇතිවිය. ජන ජීවිතයේද විශාල දියුණුවක් ඇති කිරීමට හේතුවිය. [B]ඉන්දියානු වෙළෙඳපොළ[/B] දිවයිනක් ලෙස ලංකාව පිහිටා තිබෙන්නේ ජනගහනයේ විශාලත් වයෙන් චීනයට පමණක් දෙවැනි වන රට ලෙස සැලකිය හැකි ඉන්දියාවේ කට ළඟය. ඉන්දියාව ළඟම හා ලංකාවට සිටින එකම අසල්වැසියාය. දකුණෙන්, බටහිරින් හෝ නැගෙනහිරින් අපට ළඟ වෙනත් අසල්වැසි රටවල් නැත. ලංකාව දකුණු ඉන්දියාවෙන් වෙන්ව තිබෙන්නේද සැතපුම් 22ක් පමණ වන පටු මුහුදු තීරයකිනි. ඉන්දියානු සාගරයේ පිහිටා තිබෙන දිවයිනක් ලෙස ලංකාවට ලැබෙන ඊළඟ වැදගත්කම වනුයේ මධ්‍යධරණී ලෝකය හා නැගෙනහිර ආසියාව යා කරන මුහුදු මාර්ගයක වැදගත් සන්ධිස්ථානයක පිහිටා තිබීමය. ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළට ආවේණික පුංචිකම නිසාම ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ සඳහා පමණක් භාණ්ඩ නිපදවීමට කිසිදු ලොකු ආයෝජකයකු ලංකාවට එන්නේ නැත. ලොකු ආයෝජකයන් ලංකාවට එනවා නම් එනු ඇත්තේ ලංකාවේ වෙළෙඳපොළට අතිරේකව ප්‍රධාන කොට ඉන්දියානු වෙළෙඳපොළට භාණ්ඩ නිපදවා පහසුකම් ඇතිව එහි යැවීමේ හැකියාව ඇත්නම් පමණය. ඉන්දියාව සමග සහයෝගයෙන් වැඩ කිරීම අවශ්‍යවන්නේ ඒ සඳහා ශක්තිමත් පදනමක් ගොඩනගා ගැනීම සඳහාය. ලංකාවේ වෙළෙඳපොළට අතිරේකව ඉන්දියානු වෙළෙඳපොළ ඉලක්ක කොටගෙන විදේශීය ආයෝජකයන් ලංකාවේ කර්මාන්ත ආරම්භ කරන්නේ නම් ඉන් ලංකාවට ලැබෙන ලාභය සුළුපටු නැත. එහෙත් එවැනි ආයෝජකයන් ලංකාවට එනවා නම් එනු ඇත්තේ ලංකාවේ නිපදවන භාණ්ඩවලට විශේෂ සහන ඇතිව ඉන්දියානු වෙළෙඳපොළට යැවීමේ හැකියාව ඇත්නම් පමණය. අපට එවැනි නිදහස් අවකාශයක් ලැබෙනු ඇත්තේ අපේ වෙළෙඳපොළ සඳහා වන එම නිදහස් අවකාශය අප ඉන්දියාවටද ලබාදෙන්නේ නම් පමණය. මෙවැනි ක්‍රමයක් තුළ සමහර අංශවලින් අපට පාඩු සිදුවිය හැකි අතර තවත් සමහර අංශවලින් ලාභ සිදුවිය හැකිය. වැදගත් කොට සැලකිය යුත්තේ අවසාන විග්රහයේදී අපට ලැබෙන්නේ පාඩුවක්ද ලාභයක්ද යන කාරණයයි. එහිදී අපට ඉන්දියානු වෙළෙඳපොළ සැබෑ ලෙසම නිදහස්වන්නේ නම් අපට විවෘත වන වෙළෙඳපොළේ ප්‍රමාණය අතිවිශාලය. ඔවුන්ට විවෘත වන වෙළෙඳපොළේ ප්‍රමාණය ඉන්දියාවේ ප්‍රාන්තයක වෙළෙඳපොළ තරම් කුඩාය. [B]ඉන්දියාව හා චීනය[/B] ඉන්දියාව කලාපීය බලවතා වනවාට අතිරේකව මහා බලවතකුගේ තත්ත්වය කරා වේගයෙන් ගමන් කරමින් තිබෙන රටක් ලෙස සැලකිය හැකිය. ඉන්දියාව හා චීනය අතර තරගයේදී මේ වනවිට ඉදිරියෙන් සිටින්නේ චීනය වුවත් ඉදිරියට ඒමට වැඩි අනාගත අවකාශයක් තිබෙන්නේ ඉන්දියාවටය. චීනය සමග ගත් විට ඉන්දියාව තිබෙන දේශපාලන පදනම ඉතාමත් ශක්තිමත්ය. චීනයේ තිබෙන්නේ ඒකාධිපති ක්රමයකි. ඉන්දියාවේ තිබෙන්නේ ප්රජාතන්ත්රවාදී ක්රමයකි. ලෝකයේ සියලූ ප්රජාතන්ත්රවාදී රටවල් එකට ගත්තද ඒ සියලූ රටවල ජනගහනයට වඩා ඉන්දියාවේ ජනගහනය විශාලය. ඒ අර්ථයෙන් ලෝකයේ ලොකුම ප්රජාතන්ත්රවාදී රට බවට පත්ව තිබෙනුයේද ඉන්දියාවය. චීනයේ මධ්‍යම පන්තියේ ඇතිවෙමින් තිබෙන වර්ධනය තුළ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් දිනාගැනීම සඳහා කෙරෙන අරගල ඉක්මනින් චීනයේ ඇතිවිය හැකිය. ඒ අරගල නිසා තාවකාලික වශයෙන් හෝ චීනයේ දේශපාලන ස්ථාවරභාවයේ කඩා වැටීමක් ඇතිවිය හැකිය. එහෙත් ඉන්දියාවට එවැනි අභියෝගයක් නැතිව ඉදිරියට යෑමේ හැකියාව පවතී. ඉන්දියාවට තිබෙන ඊළඟ වාසිය වනුයේ ඊළඟ දශක දෙකේදී චීනය මහලූ මිනිසුන්ගේ රටක් වන විට ඉන්දියාව තරුණයන්ගේ රටක් බවට පත්වීමය. චීනයට නැති ඉන්දියාවට ඇති තවත් වාසිදායක සාධකයක් වනුයේ අපනයන ආදායම හෝ ආනයන වියදම ආර්ථිකය කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කළ හැකි තත්ත්වයක නොතිබීමය. තාමත් ඉන්දියාව ප්‍රධාන කොට නිපදවන්නේ අපනයනය සඳහා නොව ඉන්දියානු වෙළෙඳපොළ සඳහාය. ලෝක ආර්ථිකයේ ඇති කරන අර්බුදයක් ඉන්දියාවට ඇති කරන බලපෑම චීනයට ඇති කරන බලපෑමට වඩා අඩුය. මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී ලංකාව දැඩි ඉන්දියානු විරෝධී හා බටහිර විරෝධී ප්රතිපත්තියක්ද දැඩි චීන ගැති ප්රතිපත්තියක්ද අනුගමනය කරමින් තිබෙන අවස්ථාවකදී එම ප්‍රතිපත්තියේ ඇති මනෝරාජික හා විනාශකාරී ස්වරූප ගැන මම අවස්ථා දෙකකදී දීර්ඝ ලිපි දෙකක් ලියා ඇත්තෙමි. මහින්දගේ එම ප්‍රතිපත්තිය කෙරෙහි බලපෑ න්‍යායවාදීන් කිහිපදෙනෙක් සිටියෝය. ඒ සියලූදෙනාගේ කල්පනාව වී තිබුණේ චීනය ආර්ථික ශක්තියෙන් ඇමරිකාව අබිබවා ගිය තත්ත්වයක් අත්පත් කරගනිමින් සිටින තත්ත්වය තුළ මහා බලවතා වීමේ හැකියාව තිබෙන්නේ චීනයට නිසා චීනය සමග සිටින තාක් කල් ලංකාව ඇමරිකාවට බටහිර බලවතුන්ට හා ඉන්දියාවට බියවිය යුතු නැති බවය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇමරිකාව හා බටහිර බලවතුන් සමග රණ්ඩු කරන තැනකට ගියේ ඒ චින්තනයේ ප්‍රතිඵලයක් වශයෙනි. රටක ආර්ථිකයේ තරම මහා බලවතා තීන්දු කරන එකම සාධකය ලෙස සැලකිය නොහැකිය. මහා බලවතා සමග කිට්ටු සහයෝගයකින් ක්‍රියාකරන අනෙකුත් රාජ්‍යයන්ගේ ආර්ථික බලවත්කමේ තරමද ඒ කෙරෙහි බලපායි. ඊට අතිරේකව මහා බලවතාට යුද්ධමය හා තාක්ෂණික අර්ථයෙන් තිබෙන ශක්තියේ තරමද ඒ කෙරෙහි බලපායි. ඒ සියල්ල ගත් කල චීනය සිටියේ ඉක්මනින් ඇමරිකාව පරාජය කළ හැකි තැනක නොව ඊට වඩා හුඟාක් පසුපසිනි. බටහිර කඳවුරට තිබෙන ශක්තියේ ලොකු පිරිහීමක් ඇතිවූ අවස්ථාවකදී පවා ඊළඟ මහා බලවතා තීරණය වනු ඇත්තේ එම බටහිර කඳවුර ඔවුන් පිළිගන්නා ඊළඟ බලවතා කවුද යන පදනම මතය. එහිදී විකල්ප බලවතුන් ලෙස ඉස්මතු වී සිටින්නේ චීනය හා ඉන්දියාව නම් බටහිර කඳවුරේ සහයෝගය ලැබෙනු ඇත්තේ චීනයට නොව ඉන්දියාවටය. හේතුව චීනය මෙන් නොව ඉන්දියාව පිළිගන්නා වටිනාකම් බටහිර වටිනාකම් නිසාය. ඒ අර්ථයෙන්ද එම තරගයේදී ඉදිරියෙන් ඉන්නේ චීනය නොව ඉන්දියාවය. [B] ඉන්දියාව හා ලංකාව[/B] ශ්‍රී ලංකාවට වැඩිම ඥාතිත්වයක් තිබෙන රට ලෙස සැලකිය හැක්කේ ඉන්දියාවය. ලංකාවේ සිංහල හා දෙමළ මුල් ජනයාගේ මුල් නිජබිම වූයේ ඉන්දියාවය. බුද්ධාගම හා හින්දු යන ආගම් දෙකම ලංකාවට ලැබුණේද ඉන්දියාවෙනි. සිංහල හා දෙමළ භාෂා ලංකාවට ලැබුණේද ඉන්දියාවෙනි. ලංකාවේ සිංහල හා දෙමළ ජනයාගේ සංස්කෘතියේ මූලිකාංග ලැබුණේද ඉන්දියාවෙනි. රටවල් ආක්‍රමණය කිරීම හා රටවල්වලට කඩා වැදී වස්තුව කොල්ලකෑම නම්බුකාර දෙයක් ලෙස මුළු ලෝකයම සලකන යුගයකදී දකුණු ඉන්දියානු සමාජ කණ්ඩායම් හා දකුණු ඉන්දියාවේ සමහර රාජ්‍යයන් ලංකාව ආක්‍රමණය කොට කෙටිකාලීන වශයෙන් බලය ලබාගත් අවස්ථා සේ ම වස්තුව කොල්ලකෑමේ අවස්ථාද තිබෙන්නේය. ලංකාවද බලවත් තත්ත්වයක් හිමිකරගත් අවස්ථා කිහිපයකදී දකුණු ඉන්දියාවේ සමහර රාජ්‍යයක් ආක්‍රමණය කර තිබෙන අතර එම රාජ්‍යයන්ගේ වස්තුව කොල්ලකාගත් අවස්ථාද තිබෙන්නේය. එහෙත් මේ ආකාරයෙන් සිදුවූ ගැටුම් නිසා මේ දෙරට අතර තිබුණු ආධ්‍යාත්මික සම්බන්ධයේ මුළුමනින් බිඳවැටීමක් ඇතිවූයේ නැත. එළාරට එරෙහිව දුටුගැමුණු කරන ලද යුද්ධයේදී දුටුගැමුණුගේ දස මහා යෝධයන්ගෙන් කෙනෙකු වූ ථේරපුත්තාභය යුද්ධයේ ජයග්රහණයෙන් පසු මහණවීම සඳහා තෝරාගත්තේ චෝල රටය. ලංකාවේ බෞද්ධ සාහිත්‍යයෙහි ඉතා වැදගත් හා ප්රමුඛ අංගයක් ලෙස සැලකිය හැකි අටුවා සාහිත්‍යයත් ගොඩනැංවීමට දායක වූ අටුචාවාර්යවරුන්ගෙන් වැඩිදෙනෙක් දකුණු ඉන්දියානු හිමිවරු වූහ. ලංකාව ඉන්දියාවේ කට ළඟ තිබෙන රටක් වී තිබියදී හා ඉන්දියානු සමාජ දේශපාලන හා සංස්කෘතික මහා ප්‍රවාහය තුළ ජීවත්වූ දිවයිනක්ව තිබියදී ලංකාව මුළුමනින් යටත් කරගනු ලැබූ රටක් බවට හෝ ඉන්දියානු මහා සමාජ-දේශපාලන සංස්කෘතික ප්‍රවාහය විසින් මුළුමනින් ගිලගනු ලැබූ රටක් බවට පත්වූයේ නැත. ලංකාව සිය අනන්‍යතාව ආරක්ෂා කරගැනීමට සමත් විය. ඒ හැකියාව ලංකාවට තිබුණේය. අතීතයේ එසේ වූයේ නැතිනම් වර්තමානයේ එසේවීමට ඉඩක් ඇත්තේම නැති තරම්ය. [B]එක්ව නැඟී සිටීම[/B] අපට මේ රටේ පිහිටීම වෙනස් කළ නොහැකිය. ඉන්දියාව අපට සිටින ළඟම අසල්වැසියා වනවා සේ ම අපට සිටින එකම ළඟ අසල්වැසියාද වේ. අප ඉන්දියාව ඉදිරියේ දණින් වැටී ජීවත් වන රටක් බවට පත්විය යුතු නැත. එසේම ඉන්දියාවේ සතුරකු විය යුතුද නැත. ලංකාවේ යහපතට හේතුවනු ඇත්තේ ඉන්දියාව සමග අවබෝධයෙන් හා සහයෝගයෙන් ක්‍රියාකරන ප්රතිපත්තියකි. ඉන්දියාවට මහා බලවතකු ලෙස නැගී සිටීමට ලැබී තිබෙන ඓතිහාසික අවස්ථාවෙන් අපද ප්‍රයෝජනය ගත යුතුය. එය අපටද නැගී සිටීමට ලැබී තිබෙන ඓතිහාසික අවස්ථාවක් ලෙස සලකා ඉන් නිසි ප්‍රයෝජන ගත යුතුය. ඉන්දියාව හා චීනය වෙළෙඳපොළ අර්ථයෙන් ගත්විට ලෝකයේ තිබෙන ලොකුම වෙළෙඳපොළ දෙක ලෙස සැලකිය හැකිය. මේ රටවල් දෙක වේගවත් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කර තිබෙන රටවල් දෙකක් බවට පත්ව තිබෙනවා සේ ම මධ්‍යම පන්තියේ වේගවත් ප්රසාරණයක් පෙන්නුම් කරන රටවල් දෙකක් ලෙසද සැලකිය හැකිය. භාණ්ඩ නිෂ්පාදනයේදී ඉතා දුර බැහැර රටවල් පවා මේ රටවල් දෙකට ප්රමුඛ වැදගත්කමක් ලබාදී තිබෙන විට ඉන්දියාවේ කට ළඟ තිබෙන රටක් වශයෙන් ලංකාවේ ඉන්දියාවේ තිබෙන එම ඉඩප්රස්ථා සැලකිල්ලට නොගන්නේ නම් එය අවාසනාවන්ත තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. අපට ඉන්දියානු වෙළෙඳපොළට අවශ්‍ය කරන භාණ්ඩ නිපදවීමට අවශ්‍ය කරන කර්මාන්ත ආරම්භ කිරීමට ප්‍රාග්ධන ශක්තියක් නැතිනම් ඒ සඳහා ශක්තිය ඇති ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගැනීමට අප උත්සාහ කළ යුතුය. ඒ හැකියාව අපට ලබාගත හැකිවනු ඇත්තේ ඉන්දියාව සමග නිදහස් වෙළෙඳාමක් පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන පුළුල් අවකාශය හිමිකර ගැනීමට අප සමත්වේ නම් පමණය. [B]වාණිජ මධ්‍යස්ථාන සිහිනය[/B] මීට පෙරද සඳහන් කර තිබෙන පරිදි ලංකාව ඉන්දියාව කට ළඟ පිහිටි දිවයිනක් වනවා පමණක් නොව මධ්‍යධරණීය ලෝකය හා නැගෙනහිර ආසියාව සම්බන්ධ කරන ප්‍රධාන මුහුදු මාර්ගයක සංධිස්ථානයක පිහිටි දිවයිනක්ද වෙයි. ඒ මගින් වාණිජ අර්ථයෙන් ලංකාවට තිබෙන වටිනාකම අතිවිශාලය. ඒ අර්ථයෙන් ලංකාව මෙම කලාපයේ වැදගත් වාණිජ මධ්‍යස්ථානයක් බවට පත්කිරීම අළලා අගමැතිවරයා දකිමින් තිබෙන සිහිනය අවශ්‍ය නම් සැබෑ කරගත හැකි සිහිනයක් ලෙස සැලකිය හැකිය. එහෙත් අවාසනාවන්ත දේ අගමැතිවරයා තමන් දකින එම සිහිනය ජනතාවට හොඳින් පැහැදිලි කරදීමට සමත් නොවී තිබීමය. ECTA යන කෙටි නාමයෙන් හැඳින්වෙන ඉන්දියාව හා ලංකාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගය සඳහා වන ගිවිසුමක් තවමත් සකස් කරගෙන නැතත් ඒ සඳහා පළවී තිබෙන අදහස් වෛද්‍යවරුන්, ඉංජිනේරු වන් හා වෙනත් වෘත්තිකයන් අතර බියජනක හැඟීමක් ඇති කිරීමට හේතුවී තිබේ නම් එය අස්වාභාවික දෙයක් ලෙස සැලකිය නොහැකිය. ඔවුන් අතර එවැනි බියක් ඇතිවී තිබේ නම් එය නැති කළ යුතුව තිබෙන්නේ ඔවුන් තුළ හරි අවබෝධයක් ඇති කිරීමෙනි. ඒ සඳහා වන සිහිනයට ඔවුන්ටද එකතු කරගැනීමෙනි. [B]ගෝලීයකරණය[/B] ඇතිවී තිබෙන ගෝලීයකරණය හා තවදුරටත් එම ක්‍රියාවලිය තුළ ඇතිවෙන්නට නියමිත වෙනස්කම් හොඳින් සැලකිල්ලට ගත් ප්‍රවේශයක් ලංකාවට නැතිකමද රටේ පසුගාමී ආකල්ප කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භයේ සිට වර්තමානය දක්වා ඇතිවී තිබෙන මහා විපර්යාසයක් හා ඒවාහි වේගය පිළිබඳව ඉතා වැදගත් පොත් කිහිපයක් ලියා තිබෙන එල්වින් ටොෆ්ලර්ට අනුව මනුෂ්‍ය වර්ගයාගේ අවුරුදු 50,000ක් තරම් වන ඉතිහාසයෙන් අවුරුදු 40,000ක් තරම් කාලයක් ගතකර ඇත්තේ ගල්ගුහාවලය. ඉතිරි අවුරුදු 10000න් අවුරුදු 9800ක්ම ගෙවා ඇත්තේ ගොවිතැන් කරමින් හා සතුන් ඇති කරමින් කෘෂිකාර්මිකයන් වශයෙනි. ඉන්පසු 18 වන සියවසේ සිදුවන කාර්මික විප්ලවයේ සිට එහිම අතුරු ඵලයක් වශයෙන් දැන් සිදුවෙමින් පවතින සුපිරි තාක්ෂණික විප්ලවය සඳහා ගෙවී ඇති කාලය අවුරුදු 200ක් පමණය. පළමු විප්ලවය ඇතිවන්නට අවුරුදු 40,000ක් ගියේය. දෙවැනි විප්ලවය ඇතිවන්නට අවුරුදු 9800ක් ගතවිය. තුන්වැනි විප්ලවයේ කාලය තවමත් ගතවී ඇත්තේ අවුරුදු 200ක් පමණය. මුලදී වෙනස්කම් ඇතිවූයේ ඉතාමත් හෙමින් හෙමින්ය. පළමුවෙන් ලොකු වෙනසක් ඇතිවීමට අවුරුදු 40,000ක් හෙවත් ජීවිත කාල 645ක් ගතවිය. ඊළඟට ලොකු වෙනසක් ඇතිවීමට අවුරුදු 9800ක් හෙවත් ජීවිත කාල 158ක් ගතවිය. වර්තමානයේ අප භුක්ති විඳින සියලූ නවීන දේවල් සොයාගෙන ඇත්තේ අවුරුදු 200ක් හෙවත් ජීවිත කාල 3ක් තරම් වන කෙටි කාලපරාසයක් තුළය. ගෝලීයකරණය රටවල් අතර තිබුණු දුරස්ථභාවය නැති කර තිබෙන අතර දේශසීමාවලට, දේශී යත්වයට, ජාතික ස්වාධිපත්‍යයට, දේශීය නීතියට හා දේශීය වෙළෙඳපොළට තිබූ වැදගත්කම හීන කර තිබෙන්නේය. දේශීය වශයෙන් උපදින මිනිසුන්ගෙන් විශාල පිරිසක් රැකියා සඳහා සේ ම ස්ථිර පදිංචිය සඳහාද විදේශ ගතවීම නූතන ලෝකයට ආවේණික වැදගත්ම ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. මීට වසර 50කට පෙර රැකියා සඳහා හෝ ස්ථිර පදිංචිය සඳහා හෝ ලංකාවෙන් පිටස්තර විදේශ රටවල සිටි පිරිස 10000කටත් වඩා අඩුවිය හැකිය. එහෙත් වර්තමානයේ එය රටේ ශ්‍රම බලකායෙන් සියයට 15ක් 20ක් තරම් විශාලය. මෙම ප්‍රවණතාව තවදුරටත් වර්ධනය වනු නොවැළැක්විය හැකිය. [B]වෙනස්වීමේ වැදගත්කම[/B] ගොඩනැගෙමින් තිබෙන මෙම නවලෝක වටාපිටාව තුළ අප අපේ රටේ දරුවන්ට අධ්‍යාපනය වශයෙන් ලබාදිය යුත්තේ ලෝකයේ ඕනෑම රටකට වලංගු පිළිගැනීමට හේතුවන අධ්‍යාපනයකි. ඔවුන්ට ගුණධර්ම වශයෙන් පුහුණු කළයුත්තේ මේ රටට වැදගත් වටිනාකම් නොව ලෝකයට වැදගත් වන වටිනාකම්ය. දේශීය භාෂා උගන්වන අතර ලෝක භාෂාවන්ටද ලොකු වැදගත්කමක් ලබාදිය යුතුය. මිනිසුන් පුහුණු කළ යුත්තේද දේශීය රැකියා වෙළෙඳපොළ අරමුණු කරගෙන නොව ලෝක රැුකියා වෙළෙඳපොළ අරමුණු කරගෙනය. උප්පැන්න, අධ්‍යාපන හෝ පුහුණු සහතික නිකුත් කළයුත්තේ ලෝකයේ වෙනත් ඕනෑම රටක පාවිච්චි කළ හැකි ආකාරයටය. අපේ ශ්‍රම බලකායෙන් විශාල පංගුවක් විදේශ රටවල රැකියාවලට යන විට එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙහි ඇතිවන පුරප්පාඩු පිරවෙනු ඇත්තේ විදේශිකයන්ගෙනි. එම යථාර්ථය කල් තියා තේරුම් ගැනීමට සමත් විය යුතුය. දැනටම උතුරු මැද පළාතේ ගොයම් කපන හා කුඹුරු වපුරන කාලවලට දකුණු ඉන්දියාවෙන් උතුරුමැද පළාතට ශ්‍රමිකයෝ එති. හේතුව ඒ කාලවලට එහි ලොකු ශ්‍රම හිඟයක් තිබෙන නිසාය. ඉතා ඉක්මනින් මේසන් වැඩවලට හා වඩුවැඩවලටද ශිල්පීන් පිටරටවලින් ගෙන්වා ගැනීමට ලංකාවට සිදුවිය හැකිය. එම වැදගත් වෘත්තීන්ට නිසි ගෞරවය ලබාදීමට ලංකාව අසමත්වීම තුළ තරුණ තරුණියන් එම රැුකියාවලට යොමුවීමෙන් වැළකී සිටින තත්ත්වයක් ඇතිවෙමින් පවතී. ලංකාවේ තරුණ ජනයාගේ අපේක්ෂා තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් තොරතුරකින් මෙම ලිපිය අවසන් කිරීම සුදුසුය. එම තොරතුරු ලබාගෙන ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලය ජර්මන් පදනමත් සමග හවුලේ කරන ලද තරුණ සමීක්ෂණයකිනි. ඊට අනුව ජනවාර්ගික භේදයකින් තොරව රටේ තරුණ පරපුරෙන් සියයට 47ක් ලංකාවේ නොව විදේශ රටවල රැුකියා කිරීමට අපේක්ෂා කරයි. ඊටත් වඩා වැදගත් දේ වනුයේ ලංකාවේ දෙමළ තරුණයන්ගෙන් සියයට 46.7ක්ද, මුස්ලිම් තරුණයන්ගෙන් සියයට 50ක්ද සිංහල තරුණයන්ගෙන් සියයට 24ක්ද අවස්ථාවක් ලැබේ නම් මුළුමනින් රට අතහැර ස්ථිර පදිංචිය සඳහා විදේශ රටක් තෝරාගැනීමට කැමැත්තෙන් සිටීමය. Youth and Social Transformation යන මාතෘකාව යටතේ මෙම සමීක්ෂණ වාර්තාව පළකර තිබෙන්නේ 2014 වසරේදීය.[/SIZE] - [url]http://ravaya.lk/?p=12278[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom