Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දු-ඇමෙරිකා ආක්‍රමණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දු-ඇමෙරිකා ආක්‍රමණය

ශ්‍රී ලංකාවේ පය තැබීමේ ඇමෙරිකානු සහ ඉන්දියානු මෙහෙයුම

අමෙරිකානු නාවික හමුදාව යටතේ පාලනය වන දිගුදුර විශේෂ මෙහෙයුම් සඳහා යොදාගන්නා සුපිරි මැරීන් භටයින් රැගත් ''නිව් ඕර්ලියන්'' යුද නෞකාව පසුගියදා කොළඹ වරායට පැමිණියේය. එම අවස්ථාවේදී පැවැත්වූ පිළිගැනීමේ උත්සවයේදී අදහස් පළකළ ඇමෙරිකානු තානාපති අතුල් කේaෂාප් විශේෂ ප්‍රකාශයක් කළේය. ඔහු එහිදී කියා සිටියේ ශ්‍රි ලංකාවේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියට ඇමෙරිකාව කොටස්කරුවෙකු ලෙස දායක වන බවය. ඊට අමතරව ශ්‍රී ලංකාවේ හමුදාවේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහාද තම රට කොටස්කරුවෙකු වන බව ඔහු ප්‍රකාශ කළේය. එම නෞකාවේ කාර්යමණ්ඩලය දින 3 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ හමුදාවට ''යහපත් පුරුදු'' හඳුන්වාදීම සඳහා අදහස් හුවමාරුකරගන්නා බවද සඳහන් විය.

එම නෞකාව ඇමෙරිකාව සතු ප්‍රධාන පෙළේ යුද යාත්‍රාවක් වන අතර එහි අංගසම්පූර්ණ යුද ආම්පන්න සහිතව මෙහෙයුම් සඳහා යොදාගන්නා සුපිරි ''මැරින් භටයින්'' 700 ක් රැදවිය හැක. ලෝකය පුරා මහත් ආන්දෝලනයකට ලක්වූ බින්ලාඩන් මරා දැමීමේ විශේෂ මෙහෙයුම දියත් කළේද එම භටයින් විසිනි. එහිදි ඔවුන් පකිස්ථානයට ගුවනින් සහ ගොඩබිමින් කඩා වැදුනේ පකිස්ථාන රජයේ අවසරය නොමැතිවය. එම භටයින් මැරීන් යන නමින් හැඳින්වුවද ඔවුන් නාවික, ගුවන් සහ ගොඩබිම් යන තුන් ආකාරයේම විශේෂ මෙහෙයුම් සඳහා යොදාගන්නා සුපිරි කොමන්ඩෝ භට කණ්ඩායමකි. මීට මාස කිහිපයකට පෙර ජාත්‍යන්තර මාධ්‍යවල සහ ආරක්ෂක තොරතුරු වාර්තා කරන වෙබ් අඩවිවල පළවූ වාර්තා අනුව එම මැරීන් බටයින් සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ මුහුද ආශ්‍රිතව අක්කර 06 ක නාවික කඳවුරු සංකීර්ණ ඉදිකෙරේ. එම කඳවුරු තුළ නේවාසිකාගාර, ආයුද ගබඩා සහ ගුවනින් සහ මුහුදින් කරනු ලබන ගොඩබැසීම් වලට පහසුකම් පවතින බව වාර්තා විය. එහෙත් ශ්‍රී ලංකා රජය හෝ ඇමෙරිකානු තානාපති අංශ එම වාර්තා ප්රතික්ෂෙප කළේ නැත.

මැරින් භටයින් රැගත් නෞකාව ගැන හෝ ඇමෙරිකානු හමුදාව ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ ප්‍රතිසංස්කරණ සඳහා මැදිහත්වීම ගැන හෝ ඇමෙරිකානු භටයින් සඳහා කොළඹ නගරයේ කඳවුරු සංකීර්ණයක් ඉදිකිරීම පිළිබඳව ඉන්දියාවද එක වචනයකින් හෝ විරෝධය පළකොට නැත. චීන රජයට අයත් සබ්මැරීනයක් හෝ යුද නෞකාවක් ශ්‍රී ලංකාවේ මුහුදු කලාපයට ඇතුල්වූ විගස ඉන්දියාව ප්‍රතිචාර දක්වන්නේ ඊට වෙනස් ආකාරයකටය. මේ වන විට ඉතා සූක්ෂමව දියත් වී ඇති ශ්‍රී ලංකාවේ පය තබාගැනීමේ මෙහෙයුම ඇමෙරිකානු සහ ඉන්දියානු ඒකාබද්ධ ව්‍යාපෘතියක් බවට කිසිදු සැකයක් නැත.

ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ, විශේෂයෙන්ම වාමාංශික පක්ෂ විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාව ආශ්රිත ඇමෙරිකානු මැදිහත්වීම්වලට ඉන්දියාව විරුද්ධ බවය. නමුත් සීතල යුද්ධය අවසන්වීමෙන් පසුව එනම් 90 දශකයේ සිට ඉන්දු - ඇමෙරිකානු සබඳතා සහ ශ්‍රී ලංකාවට අදාලව එම රටවල් දෙක විසින් පවත්වාගෙන යන ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම වෙනස් විය. නමුත් අප රටේ දේශපාලන පක්ෂ විසින් එම වෙනස සහ එය ශ්‍රී ලංකාවේ අනාගත ඉරණමට කෙසේ බලපාන්නේද යන බරපතළ දේශපාලන අභියෝගය පිළිබඳව ගැඹුරු සංවාදයක් ඇති කරන්නේ නැත. ඔවුන් තවමත් ඉතා බොළඳ ආකාරයට ශ්‍රී ලංකාව බෙදා වෙන්කිරීමට ඇමෙරිකාව ක්‍රියාකරන්නේ ඒ මගින් ඉන්දියාව බෙදා වෙන්කොට දුර්වල කිරීමට යයි තර්ක ගොඩ නගති. එම පටු දේශපාලන විග්රහ නිසා ශ්‍රී ලංකාවට එරෙහිව දියත්වන ඉන්දු - ඇමෙරිකානු ඒකාබද්ධ මෙහෙයුම පිළිබඳ සැබෑ සංවාදය යටපත් වේ. 2013 වසරේ සිට එම රටවල් දෙකේ ඔත්තුසේවා විසින් දියත්කළ මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ මෙහෙයුම එදා ආණ්ඩුව විසින් අවතක්සේරු කළේද එම ජාත්‍යන්තර උපාය මාර්ගික දේශපාලන මෙහෙයුම නිවැරදිව කියවා ගැනීමට අසමත්වීම නිසාය.

ශ්‍රී ලංකාවේ සහ බුරුමයේ දේශපාලන සහ හමුදාමය ප්‍රතිසංස්කරණ සඳහා ඇමෙරිකාව සක්‍රියව මැදිහත්විය යුතු බවට ඇමෙරිකානු ආරක්ෂක උපදේශකයකු වන ඇඩ්මිරල් ඩෙනිස් බිලේයාර් පවසන්නේ මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසුවය. මහින්ද රාජපක්ෂ පරාජය කළ මැතිවරණය සමස්ථ ලෝකයටම වැදගත් බව පවසමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ ගමනාගමන මර්මස්ථානයක් බවය. එම මර්මස්ථානයට චීනය පය තබාගැනීම ඔවුන් කිසිසේත්ම ඉවසන්නේ නැත. මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරායේ ණය හිලව්වට චීන සමාගම්වලට ඒවායේ ප්‍රාග්ධන අයිතිය ලබාදීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ යෝජනාව චීන රජය විසින් පළමු වටයේදී ප්‍රතික්ෂේප කොට ඇත. එය එක්තරා ආකාරයක තාවකාලික මවා පෑමක් ලෙසද විග්රහ කෙරේ.

කෙසේ වෙතත් හම්බන්තොට සහ කොළඹ වරාය නගරය ආශ්‍රීත චීන මැදිහත්වීම ඉන්දියාවට සහ ඇමෙරිකාවට බරපතළ ප්රශ්නයකි. එය වඩාත් උග්‍ර වන්නේ බටහිර පකිස්ථානයේ ගොවඩාර් වරාය ආශ්‍රිතව චීනය විසින් ආරම්භකොට ඇති සංවර්ධන ව්‍යාපෘතිවල බරපතලකම නිසාය. ඇමෙරිකානු ඩොලර් බිලියන 50 කට අධික එම ආයෝජනය මගින් එම වරාය නගරයේ සිට කි.මි. 1500 ක මහා මාර්ගයක්, ගෑස් නලයක් සහ තෙල් නලයක් චීන දේශසීමාව දක්වා ඉදිකෙරේ. පකිස්ථාන චීන සබදතා විසින් ඉන්දියාව මත ඇතිකරන බලපෑම විසින් ශ්‍රී ලංකාව ආශ්රිත ඉන්දු - අමෙරිකානු මැදිහත්වීම තවදුරටත් ත්‍රීව කරන බව ඉතා පැහැදිළිව පෙනේ. එම තත්ත්වය තුළ ඉන්දියාව සහ ඇමෙරිකාව විසින් ඒකාබද්ධ මෙහෙයුම් තිප්පොලක් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ගොඩනගන බවට ජාත්‍යන්තර ආරක්ෂක විශ්ලේෂකයෝ සැක පළකරති. දැනටමත් ත්‍රිකුණාමලය වරායේ පිවිසුම පාලනය කිරීමේදී ඉතා වැදගත්වන සාම්පූර් ප්‍රදේශයට බලාගාරයක් මුවාවෙන් ඉන්දියාව පය තබා ඇත. එම ප්‍රදේශයේ පැවැති නාවික කඳවුරක්ද මේ වන විට ඉවත්කොට ඇත. ඊට අමතරව ත්‍රිකුණාමලය වරායේ ''බන්කරින් ව්‍යාපාරය'' හෙවත් නැව්වලට තෙල් ලබාදීමේ වාණිජ මෙහෙයුම ඉන්දියානු අයි.ඕ.සී. සමාගම විසින් තම අතට ගෙන ඇත. ඒ අතර වරාය ආශ්රිත තෙල් ටැංකි සංකීර්ණයද ප්රතිසංස්කණය කිරීමේ මුවාවෙන් දිර්ඝ කාලීන වානිජ ගිවිසුමක් යටතේ අත්පත්කර ගැනීමට ඉන්දියාව ක්‍රියාකරමින් සිටියි. එසේම ත්‍රිකුණමලය වරාය ආශ්‍රිතව ඉන්දියානු කර්මාන්ත පුරයක් හෙවත් ඉන්දියාවට වෙන්වූ ආයෝජන කලාපයක්ද වෙන්කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව එක`ග වී ඇත.

මෑතකදී ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව වරාය නගරයක් බිහිකිරීම සඳහා ඊට අදාල සක්‍යතා අධ්‍යන සිදු කිරීම සහ ආයෝජකයින්ගේ උනන්දුව විමසීම ආදී කටයුතු සඳහා සිංගප්පුරු සමාගමකට රහසිගතව කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බව වාර්තාවිය. එය රහසිගතව හෝ එළිපිට හෝ කුමන ආකාරයට කළද ඉන්දියාව සහ ඇමෙරිකාව ඒකාබද්ධව ත්‍රිකුණාමල වරායට පය තබන්නේ දැවැන්ත වානිජ ව්‍යාපෘති ජාලයක් හරහා බවට නම් කිසිදු සැකයක් නැත. වානිජ මැදිහත්වීම තුළ යුද්ධමය උවමනා ඉටුකරගැනීමේ කිසිදු බාධාවක් නැත. Rජු හමුදාමය පෙනී සිටීමකට වඩා වානිජ ව්යDපෘතියක ආවරණය යටතේ හමුදාව ක්‍රියාත්මක වීම දේශපාලන වශයෙන් දිර්ඝකාලීනව වාසිදායක වේ. යම් අවස්ථාවක වානිජ ව්‍යාපාරවලට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් සහගත උපක්‍රමයක් මගින් හමුදාව Rජුව මැදිහත්වීමද සාධාරණිකරණය කෙරේ.

මේ වනවිට ඉන්දියාව විසින් ත්‍රිකුණාමල වරාය කලාපය මුල්කරගෙන කරනු ලබන මැදිහත්වීම් සිදුවන්නේ ඇමෙරිකානු ආශිර්වාදය සහ මගපෙන්වීම යටතේ බවද පැහැදිලිව පෙනේ. ඉන්දියාවේ ධනුෂ්කොඩි වල සිට ත්‍රිකුණාමලයට මහා මාර්ගයක් සහ රේල් පාරක් හැදීම සඳහා අවශ්‍ය ඊනියා හනුමාන් පාලම් ව්‍යාපෘතියට ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් බිලියන 5ක් වෙන්කරන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව නිල වශයෙන් එම ව්‍යාපෘතිය අනුමත කිරීමටත් පෙරය. පසුගියදා ඉන්දුනිසියාවේදී ඊට අදාලව මුට්ටියක් දමා බැලීමට කබිර් හෂීම් ඇමැතිවරයා යොදාගන්නේ මහජන විරෝධතා පිළිබඳ අවබෝධයක් රජයන් දෙකටම තිබෙන බැවිනි. කෙසේවෙතත් දැනටමත් සැලසුම්කොට ඇති කි.මි. 125 දිග රේල් පාර ත්‍රිකුණාමලයේ සිට තලේමන්නාරමට ලගාවන්නේ මැදවච්චිය හරහාය. එවිට ඔවුන්ගේ දිර්ඝ කාලීන සැලසුම අනුව උතුරු නැගෙනහිර බෙදාවෙන්කිරීමෙන් පසුව එම රේල්පාර රටවල් දෙකක් මැදින් ගමන් කරන ජාත්‍යන්තර මාර්ගයක් බවට පත්වේ.

ඉන්දියාවේ දිර්ඝකාලීන උපාය මාර්ගික සැලසුම අනුව උතුරු නැගෙනහිර පළාත් බෙදා වෙන්කළ පසුව බොහෝ වාමාංශික පක්ෂ තර්ක කරන ආකාරයට බෙදුම්වාදී ව්‍යාපාරය තමිල්නාඩුවට පැතිරි තමිල්නාඩුව ඉන්දියාවෙන් වෙන් වන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ ආරක්ෂක ගිවිසුමක් සහ ආර්ථික ගිවිසුමක් මගින් බෙදී වෙන්වුණු ඊළාම් රාජ්‍යය දේශපාලන වශයෙන් අර්ධ කොලනියක් ලෙස පමණක් නොව පාලමක් මගින් භූගෝලීය වශයෙන්ද තමිල්නාඩුව සම`ග එක්වීමය. එම ක්‍රියාවලියට ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව පැලපදියම් වීමට නියමිත ඇමෙරිකානු හමුදාවේ ආශිර්වාදය නොමදව ලැබෙනු ඇත. යම් අවස්ථාවක ත්‍රිකුණාමලය වරායේ සිට ඉන්දියාවට භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියකට 'හඳුනානොගත් ත්රස්තවාදීන්'' පහරදුන් විටක එම ජාත්‍යන්තර මාර්ගය ආරක්ෂා කිරීම සඳහා ඉන්දියානු හමුqදාව කැදවිය හැක. එවිට මැදවච්චිය ආශ්‍රිතව ශ්‍රී ලංකාව තුළ ද ඉන්දියානු හමුදාව රැදවිමේ ''සාධාරණ - ඉඩක්'' ඉන්දියාවට ලැබේ.

අනාගතයේදී ශ්‍රී ලංකාව ආශ්‍රිතව සිදුකිරීමට නියමිත ඉන්දු-ඇමෙරිකානු ඒකාබද්ධ මෙහෙයුමට පහසුකම් සැලසීම සඳහා ඉන්දියාව සහ ඇමෙරිකාව අතර ප්‍රධාන ආරක්ෂක ගිවිසුම් 3ක් අත්සන්කොට ඇත. පළමුවැන්න එල්.එස්.ඒ. ගිවිසුම හෙවත් ක්රමෝපායීක සහායක ගිවිසුමයි. ඒ මගින් රටවල් දෙකේ හමුදා පහසුකම් වලට අවතීර්ණ වීමේ කොන්දේසි සපිරේ. ඒ මගින් ඒකාබද්ධ මෙහෙයුම්වලට පමණක් නොව අදාළ කඳවුරු වල අරමුණු සහ ක්‍රියාකාරී පරාසයන් අනෝන්‍ය අවබෝධයෙන් පුළුල් කිරීමේ ඉඩ ද ලැබේ. දෙවන ගිවිසුම සී.අයි.එස්.එම්.ඕ. ගිවිසුම හෙවත් සන්නිවේදන සහ තොරතුරු ආරක්ෂක අවබෝධතා ගිවිසුමයි. ඒ මගින් රටවල් දෙකේ ආරක්ෂක කටයුතු වලට අදාලව පොදු සන්නිවේදන වේදිකාවක සකස් වේ. තුන්වන ගිවිසුම බී.ආර්.සී. ගිවිසුම හෙවත් තොරතුරු හුවමාරු සහයෝගිතා ගිවිසුමයි. ඒ මගින් සැටලයිට් හරහා ලබාගන්නා තොරතුරු සහ අනෙකුත් ආරක්ෂක තොරතුරු හුවමාරු කරගැනීමට ඉඩ සලසයි. ශ්‍රී ලංකාව ගූගල් ලුන් බැලූන් ව්‍යාපෘතිය හෙවත් ශ්‍රී ලාංකික ජනතාවගේ හිසට උඩින් සිට තොරතුරු එක්රැස් කිරීමට ඉඩ සැලසින ව්‍යාපෘතිය සඳහා ජෝර්- සෝරෝස් නැමති ජාත්‍යන්තර මූල්‍ය ජාවාරම්කාරයා සම`ග ගිවිසුමකට එළඹීමේ ක්‍රියාවද ඒ සම`ග බැදී ඇත.

මෙම සියලු ක්‍රියාකාරකම් ඇමෙරිකාව සහ ඉන්දියාව අපේක්ෂා කරන ආකාරයට ඉදිරියට ගෙනයාම සඳහා ශ්‍රී ලංකා රාජ්‍යයේ ව්යqහය බෙදුම්වාදය ශක්තිමත් කෙරෙන ආකාරයට දුර්වල කරන අතර ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා දුර්වල සහ දුර්මුඛ කොට ඒවා ඇමෙරිකානු ගැති හමුදා බවට පත්කළ යුතුය. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියට සහ හමුදා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ඇමෙරිකාව මැදිහත්වන බවට ඇමෙරිකානු තානාපතිවරයා ඒකපාර්ශවීයව ප්‍රකාශයක් කරන්නේ තමා ඉදිරියේ පවතින ඒ අභියෝගය ජයගන්නා බව සහතික කිරීම සඳහාය. නපුංසක භූමිකාවක් ඉටුකරන අප රටේ විදේශ අමාත්‍යාංශය ඉන්දු - ඇමෙරිකානු අභියෝගය ජය ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් සලසන බවට කිසිදු සැකයක් නැත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

[QUOTE="Dr.Amdan, post: 20576441, member: 549909"] [b]ඉන්දු-ඇමෙරිකා ආක්‍රමණය[/b] [CENTER][SIZE="5"][B][COLOR="Red"]ශ්‍රී ලංකාවේ පය තැබීමේ ඇමෙරිකානු සහ ඉන්දියානු මෙහෙයුම[/COLOR][/B][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Blue"]අමෙරිකානු නාවික හමුදාව යටතේ පාලනය වන දිගුදුර විශේෂ මෙහෙයුම් සඳහා යොදාගන්නා සුපිරි මැරීන් භටයින් රැගත් ''නිව් ඕර්ලියන්'' යුද නෞකාව පසුගියදා කොළඹ වරායට පැමිණියේය. එම අවස්ථාවේදී පැවැත්වූ පිළිගැනීමේ උත්සවයේදී අදහස් පළකළ ඇමෙරිකානු තානාපති අතුල් කේaෂාප් විශේෂ ප්‍රකාශයක් කළේය. ඔහු එහිදී කියා සිටියේ ශ්‍රි ලංකාවේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියට ඇමෙරිකාව කොටස්කරුවෙකු ලෙස දායක වන බවය. ඊට අමතරව ශ්‍රී ලංකාවේ හමුදාවේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහාද තම රට කොටස්කරුවෙකු වන බව ඔහු ප්‍රකාශ කළේය. එම නෞකාවේ කාර්යමණ්ඩලය දින 3 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ හමුදාවට ''යහපත් පුරුදු'' හඳුන්වාදීම සඳහා අදහස් හුවමාරුකරගන්නා බවද සඳහන් විය. එම නෞකාව ඇමෙරිකාව සතු ප්‍රධාන පෙළේ යුද යාත්‍රාවක් වන අතර එහි අංගසම්පූර්ණ යුද ආම්පන්න සහිතව මෙහෙයුම් සඳහා යොදාගන්නා සුපිරි ''මැරින් භටයින්'' 700 ක් රැදවිය හැක. ලෝකය පුරා මහත් ආන්දෝලනයකට ලක්වූ බින්ලාඩන් මරා දැමීමේ විශේෂ මෙහෙයුම දියත් කළේද එම භටයින් විසිනි. එහිදි ඔවුන් පකිස්ථානයට ගුවනින් සහ ගොඩබිමින් කඩා වැදුනේ පකිස්ථාන රජයේ අවසරය නොමැතිවය. එම භටයින් මැරීන් යන නමින් හැඳින්වුවද ඔවුන් නාවික, ගුවන් සහ ගොඩබිම් යන තුන් ආකාරයේම විශේෂ මෙහෙයුම් සඳහා යොදාගන්නා සුපිරි කොමන්ඩෝ භට කණ්ඩායමකි. මීට මාස කිහිපයකට පෙර ජාත්‍යන්තර මාධ්‍යවල සහ ආරක්ෂක තොරතුරු වාර්තා කරන වෙබ් අඩවිවල පළවූ වාර්තා අනුව එම මැරීන් බටයින් සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ මුහුද ආශ්‍රිතව අක්කර 06 ක නාවික කඳවුරු සංකීර්ණ ඉදිකෙරේ. එම කඳවුරු තුළ නේවාසිකාගාර, ආයුද ගබඩා සහ ගුවනින් සහ මුහුදින් කරනු ලබන ගොඩබැසීම් වලට පහසුකම් පවතින බව වාර්තා විය. එහෙත් ශ්‍රී ලංකා රජය හෝ ඇමෙරිකානු තානාපති අංශ එම වාර්තා ප්රතික්ෂෙප කළේ නැත. මැරින් භටයින් රැගත් නෞකාව ගැන හෝ ඇමෙරිකානු හමුදාව ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ ප්‍රතිසංස්කරණ සඳහා මැදිහත්වීම ගැන හෝ ඇමෙරිකානු භටයින් සඳහා කොළඹ නගරයේ කඳවුරු සංකීර්ණයක් ඉදිකිරීම පිළිබඳව ඉන්දියාවද එක වචනයකින් හෝ විරෝධය පළකොට නැත. චීන රජයට අයත් සබ්මැරීනයක් හෝ යුද නෞකාවක් ශ්‍රී ලංකාවේ මුහුදු කලාපයට ඇතුල්වූ විගස ඉන්දියාව ප්‍රතිචාර දක්වන්නේ ඊට වෙනස් ආකාරයකටය. මේ වන විට ඉතා සූක්ෂමව දියත් වී ඇති ශ්‍රී ලංකාවේ පය තබාගැනීමේ මෙහෙයුම ඇමෙරිකානු සහ ඉන්දියානු ඒකාබද්ධ ව්‍යාපෘතියක් බවට කිසිදු සැකයක් නැත. ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ, විශේෂයෙන්ම වාමාංශික පක්ෂ විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාව ආශ්රිත ඇමෙරිකානු මැදිහත්වීම්වලට ඉන්දියාව විරුද්ධ බවය. නමුත් සීතල යුද්ධය අවසන්වීමෙන් පසුව එනම් 90 දශකයේ සිට ඉන්දු - ඇමෙරිකානු සබඳතා සහ ශ්‍රී ලංකාවට අදාලව එම රටවල් දෙක විසින් පවත්වාගෙන යන ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම වෙනස් විය. නමුත් අප රටේ දේශපාලන පක්ෂ විසින් එම වෙනස සහ එය ශ්‍රී ලංකාවේ අනාගත ඉරණමට කෙසේ බලපාන්නේද යන බරපතළ දේශපාලන අභියෝගය පිළිබඳව ගැඹුරු සංවාදයක් ඇති කරන්නේ නැත. ඔවුන් තවමත් ඉතා බොළඳ ආකාරයට ශ්‍රී ලංකාව බෙදා වෙන්කිරීමට ඇමෙරිකාව ක්‍රියාකරන්නේ ඒ මගින් ඉන්දියාව බෙදා වෙන්කොට දුර්වල කිරීමට යයි තර්ක ගොඩ නගති. එම පටු දේශපාලන විග්රහ නිසා ශ්‍රී ලංකාවට එරෙහිව දියත්වන ඉන්දු - ඇමෙරිකානු ඒකාබද්ධ මෙහෙයුම පිළිබඳ සැබෑ සංවාදය යටපත් වේ. 2013 වසරේ සිට එම රටවල් දෙකේ ඔත්තුසේවා විසින් දියත්කළ මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ මෙහෙයුම එදා ආණ්ඩුව විසින් අවතක්සේරු කළේද එම ජාත්‍යන්තර උපාය මාර්ගික දේශපාලන මෙහෙයුම නිවැරදිව කියවා ගැනීමට අසමත්වීම නිසාය. ශ්‍රී ලංකාවේ සහ බුරුමයේ දේශපාලන සහ හමුදාමය ප්‍රතිසංස්කරණ සඳහා ඇමෙරිකාව සක්‍රියව මැදිහත්විය යුතු බවට ඇමෙරිකානු ආරක්ෂක උපදේශකයකු වන ඇඩ්මිරල් ඩෙනිස් බිලේයාර් පවසන්නේ මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසුවය. මහින්ද රාජපක්ෂ පරාජය කළ මැතිවරණය සමස්ථ ලෝකයටම වැදගත් බව පවසමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ ගමනාගමන මර්මස්ථානයක් බවය. එම මර්මස්ථානයට චීනය පය තබාගැනීම ඔවුන් කිසිසේත්ම ඉවසන්නේ නැත. මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරායේ ණය හිලව්වට චීන සමාගම්වලට ඒවායේ ප්‍රාග්ධන අයිතිය ලබාදීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ යෝජනාව චීන රජය විසින් පළමු වටයේදී ප්‍රතික්ෂේප කොට ඇත. එය එක්තරා ආකාරයක තාවකාලික මවා පෑමක් ලෙසද විග්රහ කෙරේ. කෙසේ වෙතත් හම්බන්තොට සහ කොළඹ වරාය නගරය ආශ්‍රීත චීන මැදිහත්වීම ඉන්දියාවට සහ ඇමෙරිකාවට බරපතළ ප්රශ්නයකි. එය වඩාත් උග්‍ර වන්නේ බටහිර පකිස්ථානයේ ගොවඩාර් වරාය ආශ්‍රිතව චීනය විසින් ආරම්භකොට ඇති සංවර්ධන ව්‍යාපෘතිවල බරපතලකම නිසාය. ඇමෙරිකානු ඩොලර් බිලියන 50 කට අධික එම ආයෝජනය මගින් එම වරාය නගරයේ සිට කි.මි. 1500 ක මහා මාර්ගයක්, ගෑස් නලයක් සහ තෙල් නලයක් චීන දේශසීමාව දක්වා ඉදිකෙරේ. පකිස්ථාන චීන සබදතා විසින් ඉන්දියාව මත ඇතිකරන බලපෑම විසින් ශ්‍රී ලංකාව ආශ්රිත ඉන්දු - අමෙරිකානු මැදිහත්වීම තවදුරටත් ත්‍රීව කරන බව ඉතා පැහැදිළිව පෙනේ. එම තත්ත්වය තුළ ඉන්දියාව සහ ඇමෙරිකාව විසින් ඒකාබද්ධ මෙහෙයුම් තිප්පොලක් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ගොඩනගන බවට ජාත්‍යන්තර ආරක්ෂක විශ්ලේෂකයෝ සැක පළකරති. දැනටමත් ත්‍රිකුණාමලය වරායේ පිවිසුම පාලනය කිරීමේදී ඉතා වැදගත්වන සාම්පූර් ප්‍රදේශයට බලාගාරයක් මුවාවෙන් ඉන්දියාව පය තබා ඇත. එම ප්‍රදේශයේ පැවැති නාවික කඳවුරක්ද මේ වන විට ඉවත්කොට ඇත. ඊට අමතරව ත්‍රිකුණාමලය වරායේ ''බන්කරින් ව්‍යාපාරය'' හෙවත් නැව්වලට තෙල් ලබාදීමේ වාණිජ මෙහෙයුම ඉන්දියානු අයි.ඕ.සී. සමාගම විසින් තම අතට ගෙන ඇත. ඒ අතර වරාය ආශ්රිත තෙල් ටැංකි සංකීර්ණයද ප්රතිසංස්කණය කිරීමේ මුවාවෙන් දිර්ඝ කාලීන වානිජ ගිවිසුමක් යටතේ අත්පත්කර ගැනීමට ඉන්දියාව ක්‍රියාකරමින් සිටියි. එසේම ත්‍රිකුණමලය වරාය ආශ්‍රිතව ඉන්දියානු කර්මාන්ත පුරයක් හෙවත් ඉන්දියාවට වෙන්වූ ආයෝජන කලාපයක්ද වෙන්කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව එක`ග වී ඇත. මෑතකදී ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව වරාය නගරයක් බිහිකිරීම සඳහා ඊට අදාල සක්‍යතා අධ්‍යන සිදු කිරීම සහ ආයෝජකයින්ගේ උනන්දුව විමසීම ආදී කටයුතු සඳහා සිංගප්පුරු සමාගමකට රහසිගතව කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බව වාර්තාවිය. එය රහසිගතව හෝ එළිපිට හෝ කුමන ආකාරයට කළද ඉන්දියාව සහ ඇමෙරිකාව ඒකාබද්ධව ත්‍රිකුණාමල වරායට පය තබන්නේ දැවැන්ත වානිජ ව්‍යාපෘති ජාලයක් හරහා බවට නම් කිසිදු සැකයක් නැත. වානිජ මැදිහත්වීම තුළ යුද්ධමය උවමනා ඉටුකරගැනීමේ කිසිදු බාධාවක් නැත. Rජු හමුදාමය පෙනී සිටීමකට වඩා වානිජ ව්යDපෘතියක ආවරණය යටතේ හමුදාව ක්‍රියාත්මක වීම දේශපාලන වශයෙන් දිර්ඝකාලීනව වාසිදායක වේ. යම් අවස්ථාවක වානිජ ව්‍යාපාරවලට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් සහගත උපක්‍රමයක් මගින් හමුදාව Rජුව මැදිහත්වීමද සාධාරණිකරණය කෙරේ. මේ වනවිට ඉන්දියාව විසින් ත්‍රිකුණාමල වරාය කලාපය මුල්කරගෙන කරනු ලබන මැදිහත්වීම් සිදුවන්නේ ඇමෙරිකානු ආශිර්වාදය සහ මගපෙන්වීම යටතේ බවද පැහැදිලිව පෙනේ. ඉන්දියාවේ ධනුෂ්කොඩි වල සිට ත්‍රිකුණාමලයට මහා මාර්ගයක් සහ රේල් පාරක් හැදීම සඳහා අවශ්‍ය ඊනියා හනුමාන් පාලම් ව්‍යාපෘතියට ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් බිලියන 5ක් වෙන්කරන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව නිල වශයෙන් එම ව්‍යාපෘතිය අනුමත කිරීමටත් පෙරය. පසුගියදා ඉන්දුනිසියාවේදී ඊට අදාලව මුට්ටියක් දමා බැලීමට කබිර් හෂීම් ඇමැතිවරයා යොදාගන්නේ මහජන විරෝධතා පිළිබඳ අවබෝධයක් රජයන් දෙකටම තිබෙන බැවිනි. කෙසේවෙතත් දැනටමත් සැලසුම්කොට ඇති කි.මි. 125 දිග රේල් පාර ත්‍රිකුණාමලයේ සිට තලේමන්නාරමට ලගාවන්නේ මැදවච්චිය හරහාය. එවිට ඔවුන්ගේ දිර්ඝ කාලීන සැලසුම අනුව උතුරු නැගෙනහිර බෙදාවෙන්කිරීමෙන් පසුව එම රේල්පාර රටවල් දෙකක් මැදින් ගමන් කරන ජාත්‍යන්තර මාර්ගයක් බවට පත්වේ. ඉන්දියාවේ දිර්ඝකාලීන උපාය මාර්ගික සැලසුම අනුව උතුරු නැගෙනහිර පළාත් බෙදා වෙන්කළ පසුව බොහෝ වාමාංශික පක්ෂ තර්ක කරන ආකාරයට බෙදුම්වාදී ව්‍යාපාරය තමිල්නාඩුවට පැතිරි තමිල්නාඩුව ඉන්දියාවෙන් වෙන් වන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ ආරක්ෂක ගිවිසුමක් සහ ආර්ථික ගිවිසුමක් මගින් බෙදී වෙන්වුණු ඊළාම් රාජ්‍යය දේශපාලන වශයෙන් අර්ධ කොලනියක් ලෙස පමණක් නොව පාලමක් මගින් භූගෝලීය වශයෙන්ද තමිල්නාඩුව සම`ග එක්වීමය. එම ක්‍රියාවලියට ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව පැලපදියම් වීමට නියමිත ඇමෙරිකානු හමුදාවේ ආශිර්වාදය නොමදව ලැබෙනු ඇත. යම් අවස්ථාවක ත්‍රිකුණාමලය වරායේ සිට ඉන්දියාවට භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියකට 'හඳුනානොගත් ත්රස්තවාදීන්'' පහරදුන් විටක එම ජාත්‍යන්තර මාර්ගය ආරක්ෂා කිරීම සඳහා ඉන්දියානු හමුqදාව කැදවිය හැක. එවිට මැදවච්චිය ආශ්‍රිතව ශ්‍රී ලංකාව තුළ ද ඉන්දියානු හමුදාව රැදවිමේ ''සාධාරණ - ඉඩක්'' ඉන්දියාවට ලැබේ. අනාගතයේදී ශ්‍රී ලංකාව ආශ්‍රිතව සිදුකිරීමට නියමිත ඉන්දු-ඇමෙරිකානු ඒකාබද්ධ මෙහෙයුමට පහසුකම් සැලසීම සඳහා ඉන්දියාව සහ ඇමෙරිකාව අතර ප්‍රධාන ආරක්ෂක ගිවිසුම් 3ක් අත්සන්කොට ඇත. පළමුවැන්න එල්.එස්.ඒ. ගිවිසුම හෙවත් ක්රමෝපායීක සහායක ගිවිසුමයි. ඒ මගින් රටවල් දෙකේ හමුදා පහසුකම් වලට අවතීර්ණ වීමේ කොන්දේසි සපිරේ. ඒ මගින් ඒකාබද්ධ මෙහෙයුම්වලට පමණක් නොව අදාළ කඳවුරු වල අරමුණු සහ ක්‍රියාකාරී පරාසයන් අනෝන්‍ය අවබෝධයෙන් පුළුල් කිරීමේ ඉඩ ද ලැබේ. දෙවන ගිවිසුම සී.අයි.එස්.එම්.ඕ. ගිවිසුම හෙවත් සන්නිවේදන සහ තොරතුරු ආරක්ෂක අවබෝධතා ගිවිසුමයි. ඒ මගින් රටවල් දෙකේ ආරක්ෂක කටයුතු වලට අදාලව පොදු සන්නිවේදන වේදිකාවක සකස් වේ. තුන්වන ගිවිසුම බී.ආර්.සී. ගිවිසුම හෙවත් තොරතුරු හුවමාරු සහයෝගිතා ගිවිසුමයි. ඒ මගින් සැටලයිට් හරහා ලබාගන්නා තොරතුරු සහ අනෙකුත් ආරක්ෂක තොරතුරු හුවමාරු කරගැනීමට ඉඩ සලසයි. ශ්‍රී ලංකාව ගූගල් ලුන් බැලූන් ව්‍යාපෘතිය හෙවත් ශ්‍රී ලාංකික ජනතාවගේ හිසට උඩින් සිට තොරතුරු එක්රැස් කිරීමට ඉඩ සැලසින ව්‍යාපෘතිය සඳහා ජෝර්- සෝරෝස් නැමති ජාත්‍යන්තර මූල්‍ය ජාවාරම්කාරයා සම`ග ගිවිසුමකට එළඹීමේ ක්‍රියාවද ඒ සම`ග බැදී ඇත. මෙම සියලු ක්‍රියාකාරකම් ඇමෙරිකාව සහ ඉන්දියාව අපේක්ෂා කරන ආකාරයට ඉදිරියට ගෙනයාම සඳහා ශ්‍රී ලංකා රාජ්‍යයේ ව්යqහය බෙදුම්වාදය ශක්තිමත් කෙරෙන ආකාරයට දුර්වල කරන අතර ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා දුර්වල සහ දුර්මුඛ කොට ඒවා ඇමෙරිකානු ගැති හමුදා බවට පත්කළ යුතුය. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියට සහ හමුදා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ඇමෙරිකාව මැදිහත්වන බවට ඇමෙරිකානු තානාපතිවරයා ඒකපාර්ශවීයව ප්‍රකාශයක් කරන්නේ තමා ඉදිරියේ පවතින ඒ අභියෝගය ජයගන්නා බව සහතික කිරීම සඳහාය. නපුංසක භූමිකාවක් ඉටුකරන අප රටේ විදේශ අමාත්‍යාංශය ඉන්දු - ඇමෙරිකානු අභියෝගය ජය ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් සලසන බවට කිසිදු සැකයක් නැත. [/COLOR][/SIZE] වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom