ඉන්ධන හිඟය හේතුවෙන් ගුවන් තොටුපල කටයුතුවලටත් බාධා✈️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. මගී ප්‍රවාහන සේවා දැඩි තර්ජනයකට ලක්ව ඇත්තේ ඩිසල් නොමැතිවීම හේතුවෙන්. ඒ හේතුවෙන් පෞද්ගලික බස් සියයට 90 කට ආසන්න ප්‍රමාණයක් මේවනවිටත් ධාවනය වන්නේ නැහැ. එවන් පසුබිමක ජනතාව සිය ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගත්තේ දුම්රියෙන් සහ ලංගම බස්රථ වලින්.

    පවතින තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපළ කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි පැවසුවේ ගුවන් තොටුපළ පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සේවකයින් පමණක් මේවනවිට සේවයට කැඳවීම සිදුවන බවයි.

    මෙරට සතු ගුවන් යානා ඉන්ධන සංචිතය ද සීග්‍රයෙන් පහළ ගොස් ඇතැයි නෙත් නිවුස් ඉකුත් දා අනාවරණ කළා. ඒ අනුව ජාත්‍යන්තර ගුවන් සේවාවලට ශ්‍රී ලංකාව දන්වා ඇත්තේ පැමිණීමට සහ පිටත්ව යාමට අවශ්‍ය ඉන්ධන රැගෙන එන ලෙසයි.

    පෞද්ගලික බස් කර්මාන්තය ද මේවනවිට දැඩි අර්බුදයක පසුවනවා. ඉන්ධන නොමැති වුවද, ගාස්තු වැඩිකර ඇතත් පෞද්ගලික බස් ධාවනය සීමා වී තිබෙනවා. පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබාදීමට ගෙන ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නෙත් නිවුස් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ ප්‍රමාණවත් ඩීසල් තොග මේවනවතෙක් ලැබී නොමැති බවයි.

    රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාව යතුරුපැදි භාවිතයට වැඩි වශයෙන් නැඹුරු වී ඇති නමුත් ඒවායේ මිල ගණන් ද මේවනවිට ඉහළ ගොස් තිබෙනවා. පාපැදි මිල ගණන් රුපියල් 35,000 ද ඉක්මවා ගොස් ඇති බවයි පාපැදි ව්‍යාපාරිකයින් පවසන්නේ.

    http://www.nethnews.lk/article/96581