Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉපදීම දුකක් ම යි , පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙබරවාරි 21 අද මගේ ජන්ම දිනය. ඉපදීම දුකක් ම යි. එය දුක්ඛ ආර්ය සත්‍යටයි අයිති. උපදින්නේ භවය නිසා. එනම් විපාක පිණිස කර්ම සකස් වීම නිසයි. ජීවිතය යනු සසරපුරා රැස්කල කුසලාඅකුසල කර්ම විපාක ගෙවමින්, අළුත් කර්ම රැස්කරමින් යන ගමනක්. ඉපදීමෙන් මිදීම ම යි. දුකෙන් මිදෙන මඟ.

"මේක මගේ කරැමෙ කරැමෙ. පෙර කරැමෙ" කිය කියා කර්මයට වහලෙක් වෙන්න එපා. ඔබ මේ ගෙවන්න අමාරුම කාලයක් වෙන්න පුළුවන්. කිසිවක් සදාකාලික නැහැ. එයත් අනිත්‍ය යි. ධර්මානුකූලව සැලසුම්සහගතව දුක ජයගන්න. පින බලවත් කරල අකුසල් වලට අභියෝග කරන්න.

මම කලේ මෙහෙමයි. මේ කතාව ඔබට වැදගත් වේවි.

ජීවිතයේ අමාරු කාල කාටත් තියනවා.

යහපත් දේවල් කරොත් යහපත් ප්‍රථිපල ලැබෙනවා ම යි...

මගේ ජීවිතයේ ඉතා අමාරු කාල මම පහුකරල තියනවා. ඒ අසීරු කාලවල මම කර්මයට අභියෝග කරමින් පින්දහම් කලා අද ඒ පිං වල දිට්ඨධම්ම වේදනීය විපාක මම ලබනවා..

මට අවුරුදු ගනනාවක් දණහිස් අමාරුවක් තිබුණා. කාලයක් මම දණහිස් වලට බෙහෙත් බැන්ද. ධර්ම දේශනා තුන හතරක් දවසකට කරල එද්දී එනකල් වාහනයේ දණහිස් රිදෙනවා. රෑට නිදාගන්න ගියහම හරිම අමාරුයි. සසර මගේ අකුසලයක් කියල මම හිතුවා. ඒ කර්මයට මම අභියෝග කලේ ආබාධිත අයට රෝදපුටු අත්වාරු පරිත්‍යාග කරල. මම අද වෙනකොට රෝදපුටු පන්දහසකට වඩා ආබාදිත අයට පරිත්‍යාග කරල තියනවා. කිහිලිකරු, අත්වාරු බෙදපු ප්‍රමාන දහස්ගනක්..

අවංක අදහසින් පිං කරන්න කාලයක් යද්දි පිංකරන්න ක්‍රමය පිනෙන් ම සකස්වෙලා පාර හැදෙනවා.

මම කුසල් බලවත් කරල ඒ අකුසලය ජයගත්තා. දැන් මට ඒ අපහසුතා නැහැ.

අවුරුදු දහයක් විතර මම බණ කිව්වෙ හරිම අමාරුවෙන් මට පෙනහලු වල දිගු හුස්ම ගැනීමේ අපහසුවක් තිබුණා. ඒ ඇදුම රෝගය වගේ ලක්ෂණ. බණට යන්න කලින් නෙබියුලයිස් කරනවා. ඉන්හේලර් දෙකතුනක් තියාගෙන බණ කිව්වෙ. බණ කියද්දී හුස්ම රදවගන්න අමාරුයි නවත්තගන්න බැරි කැස්සක් එනවා. සමහර දවස්වලට පැයක් බණ කියල ඉවරවෙද්දී පපුව හිරිවැටිල. ඉස්සර මම මාස තුන හතරකට සැරයක් රෝහල් ගතවෙනවා හුස්ම ගැනීමේ අපහසුව නිසා. අමාරුවෙන් හුස්ම පාලනය කරමින් බණ කියල බණ ඉවරවෙලා සිහිනැතිව වැටිලත් තියනව.

ඒ කර්මයට මම අභියෝග කලේ "සීල සුව අරණ" හදල. ගිලන් භික්ෂූන්ට අද මම නොමිලේ ප්‍රථිකාර කරන අංගසම්පූර්ණ රෝහලක් බදු මධ්‍යස්ථානයක් ඉතාදුක් මහන්සි වෙලා ගොඩනැගුව. අද නේවාසිකව 35 නමක් විතර ගිලන් භික්ෂූන් ප්‍රථිකාර ලබනව. ගිලන්රථයක් , හතලිස් දෙනෙකුගෙන් පමණ රෝහල් කාර්ය මණ්ඩලයක් මගේ යටතේ සේවය කරනවා. ආයුර්වේද පංචකර්ම ප්‍රථිකාර ක්‍රම බටහිර ප්‍රථිකාර දෙකම සිදුකරනව. ඊට අමතරව මම රෝහල් රැසකට වෛද්‍ය උපකරණ රෝහල් ඇදන් බෙහෙත් වාර්ෂිකව පරිත්‍යාග කරනවා. බෙහෙත් ගන්න හැකියාවක් නැති දහසකට වඩා පිරිසකට බෙහෙත් ගන්න උපකාර කරල තියනව.

නිරෝගී භික්ෂූන් අතර අගතැන්පත් බක්කුල මහරහතන්වහන්සේ නාමයෙන් දෙව් මිනිස් ලෝකයාට අඩි 130 උස චෛත්‍යයක් මම ඉදිකරගෙන යනව. ඒ කර්මයත් මම ජයගත්තා දැන් මට බණකියද්දි ඒ අපහසුතා බොහොමයක් ම අඩුයි. දිට්ඨධම්මවේදනීය පිනම තමයි.

නමුත් හැම රෝගයක් ම පිනෙන් සුවපත් කරන බැහැ. සුදුසු වෛද්‍ය ප්‍රථිකාර ලබාගත යුතුයි. හැබැයි කොච්චර වෛද්‍ය ප්‍රථිකාර කරත් සුවනොවෙන රෝග තිබෙනව. ගිරිමානන්ද සූත්‍රයේ සදහන් වෙන්නෙ කර්මජ රෝග කියල ඒ රෝග රහතන්වහන්සේලාට පවා පිරිනිවන් පානකම් බලවත් වෙලා තියනවා. නමුත් පින බලවත් කරල ඒ රෝග යටපත් කරගන්න පුළුවන්.

සමහර අයගේ අකුසල කර්ම විපාක බලවත් නම් කොච්චර බෙහෙත් බීවත් ලෙඩ හොදවෙන්නෙ නැහැ. හොඳ වෙද්‍යවරු වෙලාවට මුණගැසීමත් පිනක වෙස් වලාගත් ආශිර්වාදයක්.

මම පැවිදි ජීවිතයේ හරියට දුක් විදල මේ ගමන ආපු කෙනෙක්. හිටපු සේනාසන වලින් මාව එලියට දැමීම. ඉන්න ආයතනයක් නැතිව සිවුරු පාත්තර අරගෙන ආරණ්‍ය ගානෙ ඇවිද්ද. පංසල් වලින් ආරණ්‍ය වලින් මාව බාරගත්තේ නැහැ. කුලියට පුංචිගෙයක් අරගෙන තනියම බණකියමින් අවුරුදු තුනහතරක් ටික ටික ආයෙ උස්සහයෙන් නැගිට්ට. දානයක් නැතිව දවසම බඩගින්නේ හිටපු දවස් අනන්තයි. මට ඉන්න අතරේ මට කියල ආයතනයක් හදාගන්නෙ නැතිව ඒ අමාරුම කාලෙ බණ කියද්දී ලැබුණු දහම් පරිශ්කාර මුදල් වලින් අසරණ පවුලකට ගෙයක් හදල පූජා කලා. ඒ ඔවුන් හිටපු ලෑලිගෙදර ගිනිඅරගෙන ඉන්නතැනක් නැතිව සොහොනක හිටපු පවුලකටයි. අදවෙද්දි මම අසරණ පවුල් වලට ගෙවල් විසිදෙකක් විතර හදල පරිත්‍යාග කරල තියනවා. ඒ පිං වල දිටඨධම්මවේදනීය විපාක අද මට ලැබෙනවා.

මම කරපු පිංකම් වලින් 10% වත් ලෝකයා දන්නෙ නැහැ. මිනිසුන් අසරන වෙලා අඩාගෙන එද්දී ඒ අයට උදව් කරල පින්තූර ගන්න මම කැමති නැහැ. නමුත් අපි කරන පිංකම් ගැන මිනිසුන් දැනගත යුතුයි. ඒව නොදන්නා නිසයි සමහරු "හාමුදුරුවෝ මොනවද ලැබෙන දේවල් වලට කරන්නේ. පංසල් වල කරන්නේ ගොඩගහන එකයි" කියල භික්ෂූන්ට නින්දා කරන්නේ. නමුත් ලොකු පිංකම් සංවිධානය කරපු අවස්ථා වල අපේ ආයතන වල දරුවන් සහ colombo television එකේ දරුවන් ගත්තු පිංතූර වීඩියෝ කීපයක් විතරයි ඔබ දකින්නේ. මිනීපෙට්ටිය වත් ගන්න බැරිව අසරණ වෙච්ච පවුල් වල මලගෙවල් විතරක් සියයකට වඩා මම කරල දීල තියනව. ඒ එකකවත් පිංතූර මගේ ලගවත් නැහැ.

දානය යනු නිවන් දකිනතෙක් සසර ගමනට පුණ්‍ය නිධානයක් කියල නිධිකණ්ඩ සූත්‍රයේ සදහන්. ඒ නිධානය මම තැම්පත් කලා. ඉදිරියේත් පුළුවන් තාක් කරනවා.

නිවන් දකිනකම් සිව්පසයෙන් නම් මට ආයෙ අඩුවක් නම් වෙන්නෙ නැහැ කියල ලොක විශ්වාසයක් තියනවා.

අද මාධ්‍යවල බණකියන ගොඩක් ප්‍රසිද්ධ තරැණ ස්වාමීන්වහන්සේලාට දක්ෂතා මතුකරගෙන ඉදිරියට යන්න මම උදව්කරල තියනවා. ඉගනගන්න පාසල් දරැවන් දසදහස් ගනනකට මම උදව්කරල තියනවා. Colombo Tv මෙත් සදහම් විකාශය තුළින් ගොඩක් දක්ෂ ධර්ම දේශකයන් වහන්සේලාට ඉදිරියට යන්න මම අවස්ථාව හදල දීල තියනවා. දක්ෂයන්ට ඊරිසියා කරල කුහකකම් කරල ඉදිරියට යන්න බැහැ.

අපි අතදීල උඩට ගත්ත අයම කාලයක දි අපට විරුද්ධ වේවි, අපට බනීවි, කලගුණ අමතක වේවි. ඒත් ඔබ ඔවුන් ට උදව් කරන්න. ප්‍රථිඋපකාර බලාගෙන කාටවත් උදව් කරන්න එපා. නිස්සරන අභ්‍යාසයෙන් උපකාර කරන්න. ඒ විපාක තමන් කරා එනවා. අද මා තුල දහම් දැණුමක් තියනවනම් , ධර්ම දේශනා කිරීමේ කුසලතාවයක් තියනව නම් ඒ මම වපුරපු අස්වැන්න.

හැබැයි මීට අවුරුදු පහලොවකට විතර කලින් මගේ ධර්ම දේශනා ටිකක් වෙනස්. අධර්ම මතවාදයන් සමග තර්ක විතර්ක කරා ධර්ම කාරණා මුල්කරගෙන වාද විවාද විවේචන කරා. දැන් දැන් ධර්මය තුළ පරිනක වෙද්දී මෝරද්දි කෙනෙක් තැම්පත් වෙනවා. අද නරක කෙනා හෙට හොද වෙන්න පුළුවන්. දවසින් දවස මිනිසුන් ඉගෙන ගන්නව. අද්දැකීම් ලබනව. වෙනස් වෙනවා. නිවැරදි වෙනවා. ඕනෑ ම නරක කෙනෙකුගේ පුංචිම හරි හොදක් දකින පුරුදු වෙන්න. ආඝාතපටිවිනය සූත්‍රය හොඳින් පුරුදු කරන්න.

නමුත් දැන් මම කවදාවත් බණකියද්දි අනුන් විවේචනය කරන්නෙ නැහැ. කාවවත් පහත් කරන්නෙ නැහැ. කිසිවෙකු අපහසුවට ලක්වෙන විදිහට මාධ්‍ය තුළින් කෙනෙක් ව විවේචනය කරන්නේ නැහැ. මගේ බණක් නිසා කිසිවෙකුගේ සිතක් නොරිදේවා කියන අදහසින් ම යි මම බණ කියන්නේ.

බලය ධනය ප්‍රසිද්ධිය ලැබෙන්න ලැබෙන්න ඔබ නිහතමානී වෙන්න. අද වෙද්දී මම ලොවපුරා රටවල් 40 කට පමණ වැඩම කරමින් ධර්මය දේශනා කරල තියනවා. බණ කියල මම ලබන නිරාමිස සතුට වචනයෙන් ලියන්න බැහැ.

මම ජීවිත පරිත්‍යාගයෙන් ධර්මය තුළ කටයුතු කරනවා. ඒ උතුම් ධර්මය තුළින් මාව රැකෙනවා.

ඔය කිව්වෙ මම කර්මවිපාක වලට පිනෙන් අභියෝග කල ටිකක් විතරයි. පින බලවත් වෙද්දී අකුසල් යටපත් වෙලා යනවා.

කරැමෙ. කරැමෙ කිය කියා ඉන්නෙ නැතිව. හැදෙන කෙනෙකුට මේ ටික හොදටම ඇති. වැටිච්ච තැනින් නැගිටින්න. කර්මයට අභියෝග කරන්න. ගොඩක් අය අද අපේ බණ ඇහුවට අපි කල කැපකිරීම්. අපි ජීවිතයේ විදි දුක් ගැහැට දශමයක්වත් දන්නෙ නැහැ.

ජීවිතයේ මට හමුවූ යහපත් අයහපත්, හිතවත් අහිතවත්, මාහට හතුරුකම් කල නොකල, මගේ ගමනට උපකාර කල නොකළ සියලු දෙනා මේ උතුම් ධර්මය ම දකීවා.. ධර්මය ම අවබෝධ කරත්වා....

මෙත් සිතින්

පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි

[QUOTE="asliyanage, post: 27395559, member: 8764"] පෙබරවාරි 21 අද මගේ ජන්ම දිනය. ඉපදීම දුකක් ම යි. එය දුක්ඛ ආර්ය සත්‍යටයි අයිති. උපදින්නේ භවය නිසා. එනම් විපාක පිණිස කර්ම සකස් වීම නිසයි. ජීවිතය යනු සසරපුරා රැස්කල කුසලාඅකුසල කර්ම විපාක ගෙවමින්, අළුත් කර්ම රැස්කරමින් යන ගමනක්. ඉපදීමෙන් මිදීම ම යි. දුකෙන් මිදෙන මඟ. "මේක මගේ කරැමෙ කරැමෙ. පෙර කරැමෙ" කිය කියා කර්මයට වහලෙක් වෙන්න එපා. ඔබ මේ ගෙවන්න අමාරුම කාලයක් වෙන්න පුළුවන්. කිසිවක් සදාකාලික නැහැ. එයත් අනිත්‍ය යි. ධර්මානුකූලව සැලසුම්සහගතව දුක ජයගන්න. පින බලවත් කරල අකුසල් වලට අභියෝග කරන්න. මම කලේ මෙහෙමයි. මේ කතාව ඔබට වැදගත් වේවි. ජීවිතයේ අමාරු කාල කාටත් තියනවා. යහපත් දේවල් කරොත් යහපත් ප්‍රථිපල ලැබෙනවා ම යි... මගේ ජීවිතයේ ඉතා අමාරු කාල මම පහුකරල තියනවා. ඒ අසීරු කාලවල මම කර්මයට අභියෝග කරමින් පින්දහම් කලා අද ඒ පිං වල දිට්ඨධම්ම වේදනීය විපාක මම ලබනවා.. මට අවුරුදු ගනනාවක් දණහිස් අමාරුවක් තිබුණා. කාලයක් මම දණහිස් වලට බෙහෙත් බැන්ද. ධර්ම දේශනා තුන හතරක් දවසකට කරල එද්දී එනකල් වාහනයේ දණහිස් රිදෙනවා. රෑට නිදාගන්න ගියහම හරිම අමාරුයි. සසර මගේ අකුසලයක් කියල මම හිතුවා. ඒ කර්මයට මම අභියෝග කලේ ආබාධිත අයට රෝදපුටු අත්වාරු පරිත්‍යාග කරල. මම අද වෙනකොට රෝදපුටු පන්දහසකට වඩා ආබාදිත අයට පරිත්‍යාග කරල තියනවා. කිහිලිකරු, අත්වාරු බෙදපු ප්‍රමාන දහස්ගනක්.. අවංක අදහසින් පිං කරන්න කාලයක් යද්දි පිංකරන්න ක්‍රමය පිනෙන් ම සකස්වෙලා පාර හැදෙනවා. මම කුසල් බලවත් කරල ඒ අකුසලය ජයගත්තා. දැන් මට ඒ අපහසුතා නැහැ. අවුරුදු දහයක් විතර මම බණ කිව්වෙ හරිම අමාරුවෙන් මට පෙනහලු වල දිගු හුස්ම ගැනීමේ අපහසුවක් තිබුණා. ඒ ඇදුම රෝගය වගේ ලක්ෂණ. බණට යන්න කලින් නෙබියුලයිස් කරනවා. ඉන්හේලර් දෙකතුනක් තියාගෙන බණ කිව්වෙ. බණ කියද්දී හුස්ම රදවගන්න අමාරුයි නවත්තගන්න බැරි කැස්සක් එනවා. සමහර දවස්වලට පැයක් බණ කියල ඉවරවෙද්දී පපුව හිරිවැටිල. ඉස්සර මම මාස තුන හතරකට සැරයක් රෝහල් ගතවෙනවා හුස්ම ගැනීමේ අපහසුව නිසා. අමාරුවෙන් හුස්ම පාලනය කරමින් බණ කියල බණ ඉවරවෙලා සිහිනැතිව වැටිලත් තියනව. ඒ කර්මයට මම අභියෝග කලේ "සීල සුව අරණ" හදල. ගිලන් භික්ෂූන්ට අද මම නොමිලේ ප්‍රථිකාර කරන අංගසම්පූර්ණ රෝහලක් බදු මධ්‍යස්ථානයක් ඉතාදුක් මහන්සි වෙලා ගොඩනැගුව. අද නේවාසිකව 35 නමක් විතර ගිලන් භික්ෂූන් ප්‍රථිකාර ලබනව. ගිලන්රථයක් , හතලිස් දෙනෙකුගෙන් පමණ රෝහල් කාර්ය මණ්ඩලයක් මගේ යටතේ සේවය කරනවා. ආයුර්වේද පංචකර්ම ප්‍රථිකාර ක්‍රම බටහිර ප්‍රථිකාර දෙකම සිදුකරනව. ඊට අමතරව මම රෝහල් රැසකට වෛද්‍ය උපකරණ රෝහල් ඇදන් බෙහෙත් වාර්ෂිකව පරිත්‍යාග කරනවා. බෙහෙත් ගන්න හැකියාවක් නැති දහසකට වඩා පිරිසකට බෙහෙත් ගන්න උපකාර කරල තියනව. නිරෝගී භික්ෂූන් අතර අගතැන්පත් බක්කුල මහරහතන්වහන්සේ නාමයෙන් දෙව් මිනිස් ලෝකයාට අඩි 130 උස චෛත්‍යයක් මම ඉදිකරගෙන යනව. ඒ කර්මයත් මම ජයගත්තා දැන් මට බණකියද්දි ඒ අපහසුතා බොහොමයක් ම අඩුයි. දිට්ඨධම්මවේදනීය පිනම තමයි. නමුත් හැම රෝගයක් ම පිනෙන් සුවපත් කරන බැහැ. සුදුසු වෛද්‍ය ප්‍රථිකාර ලබාගත යුතුයි. හැබැයි කොච්චර වෛද්‍ය ප්‍රථිකාර කරත් සුවනොවෙන රෝග තිබෙනව. ගිරිමානන්ද සූත්‍රයේ සදහන් වෙන්නෙ කර්මජ රෝග කියල ඒ රෝග රහතන්වහන්සේලාට පවා පිරිනිවන් පානකම් බලවත් වෙලා තියනවා. නමුත් පින බලවත් කරල ඒ රෝග යටපත් කරගන්න පුළුවන්. සමහර අයගේ අකුසල කර්ම විපාක බලවත් නම් කොච්චර බෙහෙත් බීවත් ලෙඩ හොදවෙන්නෙ නැහැ. හොඳ වෙද්‍යවරු වෙලාවට මුණගැසීමත් පිනක වෙස් වලාගත් ආශිර්වාදයක්. මම පැවිදි ජීවිතයේ හරියට දුක් විදල මේ ගමන ආපු කෙනෙක්. හිටපු සේනාසන වලින් මාව එලියට දැමීම. ඉන්න ආයතනයක් නැතිව සිවුරු පාත්තර අරගෙන ආරණ්‍ය ගානෙ ඇවිද්ද. පංසල් වලින් ආරණ්‍ය වලින් මාව බාරගත්තේ නැහැ. කුලියට පුංචිගෙයක් අරගෙන තනියම බණකියමින් අවුරුදු තුනහතරක් ටික ටික ආයෙ උස්සහයෙන් නැගිට්ට. දානයක් නැතිව දවසම බඩගින්නේ හිටපු දවස් අනන්තයි. මට ඉන්න අතරේ මට කියල ආයතනයක් හදාගන්නෙ නැතිව ඒ අමාරුම කාලෙ බණ කියද්දී ලැබුණු දහම් පරිශ්කාර මුදල් වලින් අසරණ පවුලකට ගෙයක් හදල පූජා කලා. ඒ ඔවුන් හිටපු ලෑලිගෙදර ගිනිඅරගෙන ඉන්නතැනක් නැතිව සොහොනක හිටපු පවුලකටයි. අදවෙද්දි මම අසරණ පවුල් වලට ගෙවල් විසිදෙකක් විතර හදල පරිත්‍යාග කරල තියනවා. ඒ පිං වල දිටඨධම්මවේදනීය විපාක අද මට ලැබෙනවා. මම කරපු පිංකම් වලින් 10% වත් ලෝකයා දන්නෙ නැහැ. මිනිසුන් අසරන වෙලා අඩාගෙන එද්දී ඒ අයට උදව් කරල පින්තූර ගන්න මම කැමති නැහැ. නමුත් අපි කරන පිංකම් ගැන මිනිසුන් දැනගත යුතුයි. ඒව නොදන්නා නිසයි සමහරු "හාමුදුරුවෝ මොනවද ලැබෙන දේවල් වලට කරන්නේ. පංසල් වල කරන්නේ ගොඩගහන එකයි" කියල භික්ෂූන්ට නින්දා කරන්නේ. නමුත් ලොකු පිංකම් සංවිධානය කරපු අවස්ථා වල අපේ ආයතන වල දරුවන් සහ colombo television එකේ දරුවන් ගත්තු පිංතූර වීඩියෝ කීපයක් විතරයි ඔබ දකින්නේ. මිනීපෙට්ටිය වත් ගන්න බැරිව අසරණ වෙච්ච පවුල් වල මලගෙවල් විතරක් සියයකට වඩා මම කරල දීල තියනව. ඒ එකකවත් පිංතූර මගේ ලගවත් නැහැ. දානය යනු නිවන් දකිනතෙක් සසර ගමනට පුණ්‍ය නිධානයක් කියල නිධිකණ්ඩ සූත්‍රයේ සදහන්. ඒ නිධානය මම තැම්පත් කලා. ඉදිරියේත් පුළුවන් තාක් කරනවා. නිවන් දකිනකම් සිව්පසයෙන් නම් මට ආයෙ අඩුවක් නම් වෙන්නෙ නැහැ කියල ලොක විශ්වාසයක් තියනවා. අද මාධ්‍යවල බණකියන ගොඩක් ප්‍රසිද්ධ තරැණ ස්වාමීන්වහන්සේලාට දක්ෂතා මතුකරගෙන ඉදිරියට යන්න මම උදව්කරල තියනවා. ඉගනගන්න පාසල් දරැවන් දසදහස් ගනනකට මම උදව්කරල තියනවා. Colombo Tv මෙත් සදහම් විකාශය තුළින් ගොඩක් දක්ෂ ධර්ම දේශකයන් වහන්සේලාට ඉදිරියට යන්න මම අවස්ථාව හදල දීල තියනවා. දක්ෂයන්ට ඊරිසියා කරල කුහකකම් කරල ඉදිරියට යන්න බැහැ. අපි අතදීල උඩට ගත්ත අයම කාලයක දි අපට විරුද්ධ වේවි, අපට බනීවි, කලගුණ අමතක වේවි. ඒත් ඔබ ඔවුන් ට උදව් කරන්න. ප්‍රථිඋපකාර බලාගෙන කාටවත් උදව් කරන්න එපා. නිස්සරන අභ්‍යාසයෙන් උපකාර කරන්න. ඒ විපාක තමන් කරා එනවා. අද මා තුල දහම් දැණුමක් තියනවනම් , ධර්ම දේශනා කිරීමේ කුසලතාවයක් තියනව නම් ඒ මම වපුරපු අස්වැන්න. හැබැයි මීට අවුරුදු පහලොවකට විතර කලින් මගේ ධර්ම දේශනා ටිකක් වෙනස්. අධර්ම මතවාදයන් සමග තර්ක විතර්ක කරා ධර්ම කාරණා මුල්කරගෙන වාද විවාද විවේචන කරා. දැන් දැන් ධර්මය තුළ පරිනක වෙද්දී මෝරද්දි කෙනෙක් තැම්පත් වෙනවා. අද නරක කෙනා හෙට හොද වෙන්න පුළුවන්. දවසින් දවස මිනිසුන් ඉගෙන ගන්නව. අද්දැකීම් ලබනව. වෙනස් වෙනවා. නිවැරදි වෙනවා. ඕනෑ ම නරක කෙනෙකුගේ පුංචිම හරි හොදක් දකින පුරුදු වෙන්න. ආඝාතපටිවිනය සූත්‍රය හොඳින් පුරුදු කරන්න. නමුත් දැන් මම කවදාවත් බණකියද්දි අනුන් විවේචනය කරන්නෙ නැහැ. කාවවත් පහත් කරන්නෙ නැහැ. කිසිවෙකු අපහසුවට ලක්වෙන විදිහට මාධ්‍ය තුළින් කෙනෙක් ව විවේචනය කරන්නේ නැහැ. මගේ බණක් නිසා කිසිවෙකුගේ සිතක් නොරිදේවා කියන අදහසින් ම යි මම බණ කියන්නේ. බලය ධනය ප්‍රසිද්ධිය ලැබෙන්න ලැබෙන්න ඔබ නිහතමානී වෙන්න. අද වෙද්දී මම ලොවපුරා රටවල් 40 කට පමණ වැඩම කරමින් ධර්මය දේශනා කරල තියනවා. බණ කියල මම ලබන නිරාමිස සතුට වචනයෙන් ලියන්න බැහැ. මම ජීවිත පරිත්‍යාගයෙන් ධර්මය තුළ කටයුතු කරනවා. ඒ උතුම් ධර්මය තුළින් මාව රැකෙනවා. ඔය කිව්වෙ මම කර්මවිපාක වලට පිනෙන් අභියෝග කල ටිකක් විතරයි. පින බලවත් වෙද්දී අකුසල් යටපත් වෙලා යනවා. කරැමෙ. කරැමෙ කිය කියා ඉන්නෙ නැතිව. හැදෙන කෙනෙකුට මේ ටික හොදටම ඇති. වැටිච්ච තැනින් නැගිටින්න. කර්මයට අභියෝග කරන්න. ගොඩක් අය අද අපේ බණ ඇහුවට අපි කල කැපකිරීම්. අපි ජීවිතයේ විදි දුක් ගැහැට දශමයක්වත් දන්නෙ නැහැ. ජීවිතයේ මට හමුවූ යහපත් අයහපත්, හිතවත් අහිතවත්, මාහට හතුරුකම් කල නොකල, මගේ ගමනට උපකාර කල නොකළ සියලු දෙනා මේ උතුම් ධර්මය ම දකීවා.. ධර්මය ම අවබෝධ කරත්වා.... මෙත් සිතින් පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom