ඉල ඇදෙන විහිළු

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major

    ඉල ඇදෙන විහිළු

    වසන්ත සමරසිංහ ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයින් තිදෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට අධිකරණ නියෝගයක්

    ඉහත සිදුවීම සම්බන්ධයෙන්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර උද්ධෘත ගොනු කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා ජූලි 25 කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළා ය.

    අධිකරණයේ ගොනු කර ඇති බී වාර්තාවට අනුව අමාත්‍ය වසන්ත සමරසිංහ කොළඹ වංචා විමර්ශන කාර්යංශයට කට උත්තරයක් ලබා දෙමින් 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 3 වන දින නැෂනල් වර්කර්ස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපති ලෙසට තමන් පත්වූ බව පවසා සිටිය ද, කම්කරු දෙපාර්තමේන්තුව ලබා දී ඇති වාර්තාවේ සඳහන් කර ඇත්තේ, 2017 වර්ෂයේ සභාපති වශයෙන් සිටි මයුරා ධර්මවර්ධන ඇතුළු නිලධාරී මණ්ඩලය ම 2024 වර්ෂය දක්වාත් සිටින බවට සඳහන් කර ඇති බවට අධිකරණයේදී අනාවරණය වී තිබිණි.
    පෙබරවාරි 21 වන දා අධිකරණයේදී අනාවරණය වූයේ, නැෂනල් වර්කර්ස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපති ලෙස හා උපසභාපති ලෙස පෙනී සිටිමින් හේරත් මුදියන්සේලාගේ වසන්ත සමරසිංහ හා රන්කොත්ගෙදර සිරිල් ආනන්දසිරි යන පුද්ගලයින්ගේ අත්සනින් යුක්තව අදාළ දේපළ 2020 වර්ෂයේ පෙබරවාරි මස 10 වන දින අංක 166 සහ 206, 207 දරන බදු ඔප්පු මගින් බදු දීමට කටයුතු කර ඇති බව පෙනී යන බව ය.

    අදාළ නඩුව ගොනු කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී අධිකරණය විසින් මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් පැහැදිලිව නියෝග කර තිබුණද එම නියෝග ක්‍රියාත්මක නොකොට අධිකරණය නොමග යවමින් නීතිපති උපදෙස් උවමනා බව පොලිසිය පවසා සිටින බවත්, නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් ආයතනයේ නීත්‍යානුකූල නිලධාරීන් සිටියදී මෙම දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම බදු දීමේ හැකියාවක් වසන්ත සමරසිංහ යන අයට නොමැති බවත්, මහේස්ත්‍රාත්වරිය හට මේ වන විට ස්ථාන මාරුවක් ලබා දී ඇත්තේ මෙම නඩුව නිසා යැයි තමන් විශ්වාස කරන බවත්, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ පවසා සිටියේ ය.

    https://www.bbc.com/sinhala/articles/cddy4jqm961o