Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉවත් කළ යුත්තේ රනිල් ද මා ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉවත් කළ යුත්තේ රනිල් ද මා ද

ඉවත් කළ යුත්තේ රනිල් ද මා ද

රනිල් ඉවත් කරමු ව්‍යවස්ථාව පරාද කරමු යන තේමාවෙන් ඊයේ (7 වැනි දා) සම්මන්ත්‍රණයක් පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ දේශප්‍රේමි භික්ෂු පෙරමුණ, රුහැණු රට භික්ෂු පෙරමුණ හා චින්තන පර්ෂදය මගින්. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ එහි මුලසුන හෙබවූ අතර පූජ්‍ය ඕමාරේ කස්සප අනුනායක හිමිපාණන් වහන්සේත් සරත් වීරසේකර මහතාත් මාත් දේශන පැවැත්වූවා. සම්මන්ත්‍රණයට හැත්තෑපස් දෙනකු පමණ සහභාගි වුණා. ජනමාධ්‍යවලින් හිරු හා සිරස විද්‍යුත් මාධ්‍යයත් ලංකාදීප පුවත්පතත් පමණක් වාර්තා කිරීම සඳහා පැමිණ සිටියා. මා කතාවක් පැවැත්තුවේ නැත්නම් වෙනත් ජනමාධ්‍යයත් එන්න තිබුණා.

අප සංවිධාන තුන මේ පළමු වරට යම් කිසි කාර්යයක් කළා නො වෙයි. අප අනූවේ දශකයේ මුල සිට එකට කටයුතු කර තිබෙනවා. බොහෝ දෙනා නොදන්නවාට චන්ද්‍රිකාගේ පැකේජයට විරුද්ධව 1996 දී පමණ කළුතර සිට කතරගමට පා ගමනක් සංවිධානය කරනු ලැබුවේ අප සංවිධාන තුන විසිනුයි. ඉන් පසු කැලණියේ සිට කතරගමට රිය පෙරහැරක් හා එයට සමගාමීව කිරින්දට බෝට්ටු ගමනක් ද සංවිධානය කළා. අප විසින් දිවයිනේ විවිධ පළාත්වල පවත්වන ලද සම්මන්ත්රණ සංඛ්‍යාව විශාලයි. 1998 දී අප ඊනියා නිදහසට පනස් වසරක් පිරෙද්දී වේල්ස් කුමරු නමින් හැඳින්වෙන චාල්ස් වින්ඩ්සර්ගේ ප්‍රධානත්වයෙන් චන්ද්‍රිකා නිදහස සමරද්දී අප වෙල්ලස්සට ගොස් වෙල්ලස්සේ කුමරු සැමරුවා. ඒ සඳහා සුමේධ වීරවර්ධනගෙන් අනගි සහායක් ලැබුණා. අපේ සියළු කටයුතුවල දී විශේෂඥ වෛද්‍ය කමලදාස මහතා අපට ආධාර කළා. අපට වෙල්ලස්සේ කුමරු වෙනුවෙන් ස්මාරකයක් තැනීමට අවශ්‍යතාවක් තිබූ නමුත් ආර්ථික හේතු මත එය කරගැනීමට නොහැකි වූවා.

මා කර ඇති දේ ගැන කීම වැඩකට ඇති දෙයක් නො වෙයි. ඒ කිසිවක් වැඩකට ඇති දේ නොවන බව පැහැදිලියි. සරත් වීරසේකර මහතාට සවන් දීමට ඊයේ පැවති රැස්වීමට ඕස්ත්‍රේලියාවේ සිඩ්නි නුවරින් ද පැමිණ සිටියා. නාලක හාමුදුරුවන්ට සවන් දීමට රත්නපුරෙන් පැමිණ සිටියා. මට සවන් දීමට දහදෙනකු පමණ පැමිණ සිටියා. මගේ කතාවට බොහෝ දෙනා කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ බව ඔවුන් දැක් වූ ප්‍රතිචාරවලින් පෙනී ගියා. කතාව අවසානයේ දී ඇල්මැරුණු අත්පොළසන් හඬක් ඇසුනා. මා සරත් වීරසේකර මහතා ගැන කී දේට පමණක් උණුසුම් ප්‍රතිචාරයක් ලැබුණා.

ඊයේ පැමිණ සිටි පිරිසෙන් අති විශාල පිරිස ඒකාබද්ධ විපක්ෂයට හිතවත් අය. මා කිසිම දේශපාලන පක්ෂයකට අයත් නැහැ. 1980 නව සමසමාජ පක්ෂයෙන් අස් වූ පසු මට දේශපාලන පක්ෂයක් නැහැ. අද පවතින තත්වයට මෛත්‍රිපාල මෙන් ම ඒකාබද්ධ විපක්ෂය ද මහින්ද ද වග කිව යුතු බව මගේ අදහසයි. ඒ බව මා රැස්වීමේ දී කිව්වා. එයට ඔවුන් කැමති වූයේ නැහැ. වෙනදා රැස්වීමකින් පසු කිහිප දෙනකු මට කතා කර යන නමුත් ඊයේ එය සිදු වූයේ නැහැ.

රැස්වීමට මුහුණු පොතේ අයගෙන් දහදෙනකුට වඩා සහභාගි වූයේ නැහැ. මුහුණු පොතේ අයගෙන් වැඩි දෙනකු කාලය කැප කර ප්‍රායෝගික ව යමක් කරන්න කැමති නැහැ. ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පෙනෙන්නේ බොහෝ දෙනාට ලිපි අවබෝධ නොවන බවයි. සිංහල බෞද්ධයනට දිනා ගැනීමට ඇති දේ ලිපිය කිසිවකුටවත් අවබෝධ නොවූ තරම්. අප බුදුන් වහන්සේ සරණ යන්නේ ඇයි කියන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් එහි තිබූ නමුත් එය තේරුම් ගත් අයකු නැහැ. අද (ජූනි අටවැනි දා) බෝධි හිමියන් දි අයිලන්ඩ් පුවත්පතට ලියා ඇති ලිපියකත් මේ සරණ යෑම ගැන සඳහන් කරනවා. එහෙත් එහි ද අප සරණ යන්නේ කුමක් සඳහා ද යන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් නැහැ. මා මගේ ලිපියෙහි බුදුන් වහන්සේ හා ඇතැම් ශාස්තෘන්වරුන් හා සමාජවාදී දේශපාලකයන් අතර ඇති වෙනස ගැන කිව්වා. බුදුන් වහන්සේ ඊනියා පීඩිතයන්ට ඊනියා විමුක්තියක් උදා කිරීමට කටයුතු කර නැහැ.

රැස්වීමට පැමිණි එක් පඬි පෝතකයකු මගේ ලිපිවල මූලාශ්‍ර නැති කම ගැන කීව්වා. මට ඒ භාවිතය හුරු නැහැ. මට මුලාශ්‍ර මගින් මා කියන දේ ඔප්පු කිරීමට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය සංගත කතා කීමයි. ඒ කතා නොපිළිගන්නේ නම් මට එයට කරන්න දෙයක් නැහැ. මා කිසිවකුට කතා පිළිගැනීමට කියා කියන්නේ නැහැ. තවත් අයකු කිව්වේ මගේ ලිපි දිග වැඩි බවයි. මේ ලිපියක් විනාඩි තුනකින් පමණ කියවන්න පුළුවන්. මුහුණු පොතේ අයට අවශ්‍ය තත්පර තිහකින් කියවන්න පුළුවන් කෙටි සටහන්. මට එවැනි සටහන් ලිවීමට තරම් දක්ෂ කමක් නැහැ.

මගෙන් ඉගෙන ගත් ශිෂ්‍ය සංඛ්‍යාව දහස් ගණනක්. ඉන් ජාතික මතවාදයක ඇති සංඛ්‍යාව දෙතුන් සියයක්. එහෙත් ඒ එක් අයකුවත් මගෙන් කිසිවක් ඉගෙන ගත් බව ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. විද්‍යාවේ දර්ශනය උගත් එක් ශිෂ්‍යයකු චීන අවශ්‍යතාවට විකාර තර්ක ඉදිරිපත් කරමින් යක්ෂ ජනතාව ඉතිහාසයෙන් අතුගා දැමීමට කටයුතු කරන ශිෂ්‍යයකු හඳුන්වා දී තිබුණේ කූන් ෆෙයරාබන්ඩ් වැනි දාර්ශනිකයන්ගේ මට්ටමේ අයකු ලෙසයි. මගෙන් ඉගෙන ගත් සියලු දෙනා ම පාහේ ඒ මට්ටමේ අය. මා නම් විද්‍යාවේ දර්ශනය හදාරා නැහැ. මා ඒ ගැන දන්නා දෙයක් නැහැ. දෙවියන් වැනි අදෘශ්‍යමාන ප්‍රාණීන් ගැන කරුණු ඉදිරිපත් කරන, ඒ වෙනුවෙන් පෙනී සිටින තවත් අයකුත් යක්ෂයන් අමතක කරනවා. මේ කිසිවකු මා කළ කිසි දෙයක් ගැන කියන්නේ නැහැ. ඒ මා කිසිවක් කර නැති නිසා වෙන්න පුළුවන්. ඒ අතර සමහරු නාථයාට යවන ලිපි බව කියමින් නාථ දෙවියන්ට අවමන් කරමින් මට විද්‍යුත් ලිපි එවනවා. මගේ ශිෂ්‍යයන් ගැන මා ආඩම්බර වෙනවා. ඔවුන් සියලු දෙනා ම මට වඩා දක්ෂ මට වඩා ඉදිරියෙන් සිටින ජාතිකවාදී සමාජවාදීන්. ඔවුන්ට අනුව මා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන නිදහස් අධ්‍යාපනයට විරුද්ධව සයිටම් වෙනුවෙන් වැඩ කරන මිථ්යාදෘශ්ටිකයෙක්.

මගේ ශිෂ්‍යයන් එක් අයකු දෙදෙනකු හැරෙන්න අනෙක් අය මගේ නමින් මුහුණු පොතේ පළවන ලිපිවලට කැමති (ලයික්) නැහැ. ඔවුන් කැමති බව ලකුණු නොකරන අතර ඒ ලිපි බෙදා හදා ගන්නේ (ෂෙයා) නැහැ. එසේ කිරීමෙන් ඔවුන්ගේ ගෞරවයට හානියක් වන්නේ යැයි ඔවුන් සිතනවා ඇති. මා දිගට ම තව ටික කලක් ලියනවා. ඒ කාටවත් උගන්වන්න නොවෙයි. මට ඉගෙන ගන්නයි. මට ඉගෙනීමට තවත් බොහෝ දේ තියෙනව. තවමත් පිළිතුරු නැති ප්‍රශ්න එමටයි. එහෙත් ඒ ඉගෙනීමෙන් මා තව තවත් නිවනෙන් ඈත් වෙන බව මට වැටහෙනවා.

මගේ ලෝකය ගැන මෑතක දී පැවැත් වූ සම්මන්ත්‍රණයට පැමිණි අයගෙන් හයෙන් එකක්වත් ඊයේ පැමිණියේ නැහැ. ඔවුන් මගේ ලෝකය සම්මන්ත්‍රණයට පැමිණියේ මහින්ද රාජපක්ෂ එහි පැමිණි නිසයි. රාජපක්ෂලා විවේචනය කරනවාට බොහෝ අය කැමති නැහැ. මින් මතු අප රැස්වීමක් පැවැත්වුවහොත් එයට ඊයේ පැමිණි සංඛ්‍යාවෙන් හයෙන් එකක්වත් එන එකක් නැහැ. ඔවුන් දැන් කියනවා ඇත්තේ කළ යුත්තේ රනිල් අගමැතිකමින් ඉවත් කිරීම නොව ජාතික ව්‍යාපාරයෙන් මා ඉවත් කිරීම බවයි.

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ජූනි 08

[QUOTE="WhiteWalker, post: 21778697, member: 548558"] [b]ඉවත් කළ යුත්තේ රනිල් ද මා ද[/b] [SIZE="4"]ඉවත් කළ යුත්තේ රනිල් ද මා ද රනිල් ඉවත් කරමු ව්‍යවස්ථාව පරාද කරමු යන තේමාවෙන් ඊයේ (7 වැනි දා) සම්මන්ත්‍රණයක් පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ දේශප්‍රේමි භික්ෂු පෙරමුණ, රුහැණු රට භික්ෂු පෙරමුණ හා චින්තන පර්ෂදය මගින්. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ එහි මුලසුන හෙබවූ අතර පූජ්‍ය ඕමාරේ කස්සප අනුනායක හිමිපාණන් වහන්සේත් සරත් වීරසේකර මහතාත් මාත් දේශන පැවැත්වූවා. සම්මන්ත්‍රණයට හැත්තෑපස් දෙනකු පමණ සහභාගි වුණා. ජනමාධ්‍යවලින් හිරු හා සිරස විද්‍යුත් මාධ්‍යයත් ලංකාදීප පුවත්පතත් පමණක් වාර්තා කිරීම සඳහා පැමිණ සිටියා. මා කතාවක් පැවැත්තුවේ නැත්නම් වෙනත් ජනමාධ්‍යයත් එන්න තිබුණා. අප සංවිධාන තුන මේ පළමු වරට යම් කිසි කාර්යයක් කළා නො වෙයි. අප අනූවේ දශකයේ මුල සිට එකට කටයුතු කර තිබෙනවා. බොහෝ දෙනා නොදන්නවාට චන්ද්‍රිකාගේ පැකේජයට විරුද්ධව 1996 දී පමණ කළුතර සිට කතරගමට පා ගමනක් සංවිධානය කරනු ලැබුවේ අප සංවිධාන තුන විසිනුයි. ඉන් පසු කැලණියේ සිට කතරගමට රිය පෙරහැරක් හා එයට සමගාමීව කිරින්දට බෝට්ටු ගමනක් ද සංවිධානය කළා. අප විසින් දිවයිනේ විවිධ පළාත්වල පවත්වන ලද සම්මන්ත්රණ සංඛ්‍යාව විශාලයි. 1998 දී අප ඊනියා නිදහසට පනස් වසරක් පිරෙද්දී වේල්ස් කුමරු නමින් හැඳින්වෙන චාල්ස් වින්ඩ්සර්ගේ ප්‍රධානත්වයෙන් චන්ද්‍රිකා නිදහස සමරද්දී අප වෙල්ලස්සට ගොස් වෙල්ලස්සේ කුමරු සැමරුවා. ඒ සඳහා සුමේධ වීරවර්ධනගෙන් අනගි සහායක් ලැබුණා. අපේ සියළු කටයුතුවල දී විශේෂඥ වෛද්‍ය කමලදාස මහතා අපට ආධාර කළා. අපට වෙල්ලස්සේ කුමරු වෙනුවෙන් ස්මාරකයක් තැනීමට අවශ්‍යතාවක් තිබූ නමුත් ආර්ථික හේතු මත එය කරගැනීමට නොහැකි වූවා. [COLOR="Red"]මා කර ඇති දේ ගැන කීම වැඩකට ඇති දෙයක් නො වෙයි. ඒ කිසිවක් වැඩකට ඇති දේ නොවන බව පැහැදිලියි.[/COLOR] සරත් වීරසේකර මහතාට සවන් දීමට ඊයේ පැවති රැස්වීමට ඕස්ත්‍රේලියාවේ සිඩ්නි නුවරින් ද පැමිණ සිටියා. නාලක හාමුදුරුවන්ට සවන් දීමට රත්නපුරෙන් පැමිණ සිටියා. මට සවන් දීමට දහදෙනකු පමණ පැමිණ සිටියා. මගේ කතාවට බොහෝ දෙනා කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ බව ඔවුන් දැක් වූ ප්‍රතිචාරවලින් පෙනී ගියා. කතාව අවසානයේ දී ඇල්මැරුණු අත්පොළසන් හඬක් ඇසුනා. මා සරත් වීරසේකර මහතා ගැන කී දේට පමණක් උණුසුම් ප්‍රතිචාරයක් ලැබුණා. ඊයේ පැමිණ සිටි පිරිසෙන් අති විශාල පිරිස ඒකාබද්ධ විපක්ෂයට හිතවත් අය. [COLOR="red"]මා කිසිම දේශපාලන පක්ෂයකට අයත් නැහැ. 1980 නව සමසමාජ පක්ෂයෙන් අස් වූ පසු මට දේශපාලන පක්ෂයක් නැහැ. අද පවතින තත්වයට මෛත්‍රිපාල මෙන් ම ඒකාබද්ධ විපක්ෂය ද මහින්ද ද වග කිව යුතු බව මගේ අදහසයි. ඒ බව මා රැස්වීමේ දී කිව්වා. එයට ඔවුන් කැමති වූයේ නැහැ. වෙනදා රැස්වීමකින් පසු කිහිප දෙනකු මට කතා කර යන නමුත් ඊයේ එය සිදු වූයේ නැහැ.[/COLOR] රැස්වීමට මුහුණු පොතේ අයගෙන් දහදෙනකුට වඩා සහභාගි වූයේ නැහැ. මුහුණු පොතේ අයගෙන් වැඩි දෙනකු කාලය කැප කර ප්‍රායෝගික ව යමක් කරන්න කැමති නැහැ. ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පෙනෙන්නේ බොහෝ දෙනාට ලිපි අවබෝධ නොවන බවයි. සිංහල බෞද්ධයනට දිනා ගැනීමට ඇති දේ ලිපිය කිසිවකුටවත් අවබෝධ නොවූ තරම්. අප බුදුන් වහන්සේ සරණ යන්නේ ඇයි කියන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් එහි තිබූ නමුත් එය තේරුම් ගත් අයකු නැහැ. අද (ජූනි අටවැනි දා) බෝධි හිමියන් දි අයිලන්ඩ් පුවත්පතට ලියා ඇති ලිපියකත් මේ සරණ යෑම ගැන සඳහන් කරනවා. එහෙත් එහි ද අප සරණ යන්නේ කුමක් සඳහා ද යන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් නැහැ. [COLOR="red"]මා මගේ ලිපියෙහි බුදුන් වහන්සේ හා ඇතැම් ශාස්තෘන්වරුන් හා සමාජවාදී දේශපාලකයන් අතර ඇති වෙනස ගැන කිව්වා. බුදුන් වහන්සේ ඊනියා පීඩිතයන්ට ඊනියා විමුක්තියක් උදා කිරීමට කටයුතු කර නැහැ. [/COLOR] [COLOR="red"]රැස්වීමට පැමිණි එක් පඬි පෝතකයකු මගේ ලිපිවල මූලාශ්‍ර නැති කම ගැන කීව්වා. මට ඒ භාවිතය හුරු නැහැ. මට මුලාශ්‍ර මගින් මා කියන දේ ඔප්පු කිරීමට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය සංගත කතා කීමයි. ඒ කතා නොපිළිගන්නේ නම් මට එයට කරන්න දෙයක් නැහැ. මා කිසිවකුට කතා පිළිගැනීමට කියා කියන්නේ නැහැ.[/COLOR] තවත් අයකු කිව්වේ මගේ ලිපි දිග වැඩි බවයි. මේ ලිපියක් විනාඩි තුනකින් පමණ කියවන්න පුළුවන්. මුහුණු පොතේ අයට අවශ්‍ය තත්පර තිහකින් කියවන්න පුළුවන් කෙටි සටහන්. මට එවැනි සටහන් ලිවීමට තරම් දක්ෂ කමක් නැහැ. මගෙන් ඉගෙන ගත් ශිෂ්‍ය සංඛ්‍යාව දහස් ගණනක්. ඉන් ජාතික මතවාදයක ඇති සංඛ්‍යාව දෙතුන් සියයක්. එහෙත් ඒ එක් අයකුවත් මගෙන් කිසිවක් ඉගෙන ගත් බව ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. විද්‍යාවේ දර්ශනය උගත් එක් ශිෂ්‍යයකු චීන අවශ්‍යතාවට විකාර තර්ක ඉදිරිපත් කරමින් යක්ෂ ජනතාව ඉතිහාසයෙන් අතුගා දැමීමට කටයුතු කරන ශිෂ්‍යයකු හඳුන්වා දී තිබුණේ කූන් ෆෙයරාබන්ඩ් වැනි දාර්ශනිකයන්ගේ මට්ටමේ අයකු ලෙසයි. මගෙන් ඉගෙන ගත් සියලු දෙනා ම පාහේ ඒ මට්ටමේ අය. මා නම් විද්‍යාවේ දර්ශනය හදාරා නැහැ. මා ඒ ගැන දන්නා දෙයක් නැහැ. දෙවියන් වැනි අදෘශ්‍යමාන ප්‍රාණීන් ගැන කරුණු ඉදිරිපත් කරන, ඒ වෙනුවෙන් පෙනී සිටින තවත් අයකුත් යක්ෂයන් අමතක කරනවා. මේ කිසිවකු මා කළ කිසි දෙයක් ගැන කියන්නේ නැහැ. ඒ මා කිසිවක් කර නැති නිසා වෙන්න පුළුවන්. ඒ අතර [COLOR="red"]සමහරු නාථයාට යවන ලිපි බව කියමින් නාථ දෙවියන්ට අවමන් කරමින් මට විද්‍යුත් ලිපි එවනවා. මගේ ශිෂ්‍යයන් ගැන මා ආඩම්බර වෙනවා. ඔවුන් සියලු දෙනා ම මට වඩා දක්ෂ මට වඩා ඉදිරියෙන් සිටින ජාතිකවාදී සමාජවාදීන්. ඔවුන්ට අනුව මා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන නිදහස් අධ්‍යාපනයට විරුද්ධව සයිටම් වෙනුවෙන් වැඩ කරන මිථ්යාදෘශ්ටිකයෙක්.[/COLOR] [COLOR="red"]මගේ ශිෂ්‍යයන් එක් අයකු දෙදෙනකු හැරෙන්න අනෙක් අය මගේ නමින් මුහුණු පොතේ පළවන ලිපිවලට කැමති (ලයික්) නැහැ. ඔවුන් කැමති බව ලකුණු නොකරන අතර ඒ ලිපි බෙදා හදා ගන්නේ (ෂෙයා) නැහැ. එසේ කිරීමෙන් ඔවුන්ගේ ගෞරවයට හානියක් වන්නේ යැයි ඔවුන් සිතනවා ඇති. මා දිගට ම තව ටික කලක් ලියනවා. ඒ කාටවත් උගන්වන්න නොවෙයි. මට ඉගෙන ගන්නයි. මට ඉගෙනීමට තවත් බොහෝ දේ තියෙනව. තවමත් පිළිතුරු නැති ප්‍රශ්න එමටයි. එහෙත් ඒ ඉගෙනීමෙන් මා තව තවත් නිවනෙන් ඈත් වෙන බව මට වැටහෙනවා.[/COLOR] මගේ ලෝකය ගැන මෑතක දී පැවැත් වූ සම්මන්ත්‍රණයට පැමිණි අයගෙන් හයෙන් එකක්වත් ඊයේ පැමිණියේ නැහැ. [COLOR="red"]ඔවුන් මගේ ලෝකය සම්මන්ත්‍රණයට පැමිණියේ මහින්ද රාජපක්ෂ එහි පැමිණි නිසයි. රාජපක්ෂලා විවේචනය කරනවාට බොහෝ අය කැමති නැහැ. මින් මතු අප රැස්වීමක් පැවැත්වුවහොත් එයට ඊයේ පැමිණි සංඛ්‍යාවෙන් හයෙන් එකක්වත් එන එකක් නැහැ. ඔවුන් දැන් කියනවා ඇත්තේ කළ යුත්තේ රනිල් අගමැතිකමින් ඉවත් කිරීම නොව ජාතික ව්‍යාපාරයෙන් මා ඉවත් කිරීම බවයි.[/COLOR] මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය. [url]http://www1.kalaya.org[/url] නලින් ද සිල්වා 2017 ජූනි 08[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom