Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉස්ලාමයේ ඉතිහාසය - 1 (ඉස්ලාමයේ උපතට පෙර)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]81317[/ATTACH]

ක්‍රි.ව. 6 වන සියවසේ මැද පෙරදිග පැවතුනේ තරමක සංකීර්න දේශපාලන - ආගමික - සංස්කෘතික තත්වයක්.

දේශපාලන සහ ආර්ථික තත්වය

කලාපයේ බලවතුන් දෙදෙනා වුනේ බයිසන්ටයින් අධිරාජ්‍යය සහ පර්සියානු අධිරාජ්‍යය.

වර්තමාන තුර්කිය, සිරියාව, ලෙබනනය, ඊශ්‍රායලය, පලස්තීනය සහ ජෝර්දානය අයත් ප්‍රදේශ අයත් වුනේ බයිසන්ටයින් අධිරාජ්‍යයට. මැද පෙරදිග ප්‍රධාන වෙළඳ නගර වුනු දමස්කස්, පැල්මයිරා, පෙත්රා වැනි නගර මේ ප්‍රදේශයට අයත් වුනා.

වර්තමාන ඉරාකය සහ ඉරානයට අයත් ප්‍රදේශ පර්සියානු අධිරාජ්‍යයට අයත් වුනා. මේ වන විට පර්සියාවේ බලය අත්කරගෙන හිටියේ සැසනිඩ් වාංශිකයන්.

බයිසන්ටයින් සහ පර්සියානු අධිරාජ්‍යයන් එකිනෙකා සමඟ නිරන්තරයෙන් යුධ වැදුනු අතර, ඒ නිසාම දෙරටේම බලය පිරිහෙමින් පැවතුනා.

මේ අධිරාජ්‍යයන් දෙකට අයත් ප්‍රදේශ වල පර්සියන්, අරාබි, යුදෙව්, අරාමියන්, ඇසිරියන් වැනි විවිධ ජනවර්ග වාසය කළා. ඔවුන් මූලික වශයෙන් විශාල නගර වටා ගොඩ නැගුනු වෙළඳ සහ කෘෂිකාර්මික ආර්ථිකයක් පවත්වාගෙන ගියා.

බයිසන්ටයින් සහ පර්සියානු අධිරාජ්‍යයන් තමාගේ බල ප්‍රදේශ වල දේශසීමාවේ පදිංචිව උන් අරාබි ගෝත්‍ර සමඟ මිතුරු ගිවිසුම් ඇති කරගෙන හිටියා. මේ අරාබි ගෝත්‍රයන් තමාගේ මිතුරු අධිරාජ්‍යයන් ගේ දේශසීමා මුරකරුවන් වශයෙන් කටයුතු කළා.

අරාබි අර්ධද්වීපයේ දකුණු කෙළවර හෙවත්, වර්තමාන යෙමනයේ තිබුනේ විශාල වෙළඳ නගර සහිත නාගරික ආර්ථිකයක්. ඉන්දියාවේ සිට මුහුදු මගින් එන වෙළඳ නැව් ගොඩබසින විශාල වරාය නගර යෙමනයේ පැවතුනා. යෙමනයේ වැසියන් බහුතරය අරාබි ජාතියකයන් වුනු අතර, පලස්තීනය රෝමයට යටත් වුනු පසු පළා ආ යුදෙව්වන් විශාල පිරිසක් යෙමනයේ පදිංචි වී හිටියා.

ඊට උතුරින් වූ ප්‍රදේශය ප්‍රධාන වශයෙන් වාසභූමි වුනේ අරාබි ජාතිකයන්ට. අරාබි අර්ධද්වීපයේ මුළුමනින්ම වගේ විවිධ අරාබි ගෝත්‍ර වාසය කළා. ඔවුන් මූලික වශයෙන් සංචාරක දිවි පෙවතක් ගත කළ එඬේරුන්. මේ සංචාරක දිවි පෙවතක් ගෙවූ අරාබි ජාතිකයන් හැඳින්වුනේ "බෙදුවියන්"නමින්.

අතරින් පතර පිහිටි ක්ෂේම භූමි වල සුළු වශයෙන් ගොවිතැන් සිදු කෙරුනා. රතු මුහුදට සමාන්තරව දකුණේ තිබූ වරායන් සහ උතුරේ තිබූ විශාල වෙළඳ නගර යා කරන වෙළඳ මාර්ග වැටී තිබුනා. මේ වෙළඳ මාර්ගය ඔස්සේ කුඩා නගර ගොඩ නගාගත් වෙළඳ ප්‍රජාවන් ජීවත් වුනා. ඔවුන් තමාගේ වෙළඳාම සිදු කළේ ඔටු තවලම් මගින්.

යෙමනයේ සිට උතුරට සංක්‍රමනය වූ යුදෙව්වන් අරාබි අර්ධ ද්වීපයේ බටහිර වෙරළ ආශ්‍රිතව කෘෂිකාර්මික ජනාවාස පිහිටුවාගෙන හිටියා.

ආගමික තත්වය

බයිසන්ටයින් අධිරාජ්‍යයට අයත් ප්‍රදේශ වල ජීවත් වුනු අරාමියන් සහ ඇසිරියන් ජාතිකයන් ගේ ආගම වුනේ ක්‍රිස්තියානිය. ඊට අමතරව සමහර අරාබි ගෝත්‍ර ක්රිස්තියානියන වැළඳගෙන හිටියා. ඔවුන් ප්‍රධාන වශයෙන් පෙරදිග ඕතඩොක්ස් ක්‍රිස්තියානි නිකායට අයත් වුනත්, නෙස්තෝරියන් ඇතුළු වෙනත් ක්‍රිස්තියානි නිකායන් ගණනාවකුත් ඒ එක්කම පැවතුනා. ක්‍රිස්තියානිය වැළඳගත් අරාබි ගෝත්‍ර අතර බැනු ගසාන් ගෝත්‍රය ප්‍රධානයි.

වර්තමාන යෙමනයේ ප්‍රධාන වශයෙන් වාසය කළේ ක්‍රිස්තියානිය වැළඳ ගත් අරාබි ජාතිකයන්. ඔවුන් ක්‍රිස්තියානි කරණය වුනේ අසල්වැසි ඉතියෝපියාවේ තිබූ අක්සුම් රාජධාණියේ බලපෑමෙන්. ඔවුන් අයත් වුනේ ඉතියෝපියානු ඕතඩොක්ස් නිකායට.

පර්සියානු අධිරාජ්‍යයේ ප්‍රධාන ආගම වුනේ සොරෝස්ත්රියන් ආගම. පර්සියානු ජාතිකයන් සම්පූර්නයෙන්ම පාහේ සොරෝස්ත්‍රියානු ආගමට අයත් වුනා.

යුදෙව්වන් ප්‍රධාන වශයෙන් වාසය කලේ පලස්තීනය අවට සහ යෙමනයේ. රෝම අධිරාජ්‍යය විසින් පලස්තීනය යටත් කරගත් පසු පළාගිය යුදෙව්වන් විශාල පිරිසක් යෙමනයේ පදිංචි වෙලා හිටියා. මේ අයගෙන් සමහරු නැවත උතුරට සංක්‍රමනය වෙලා රතු මුහුදු වෙරළබඩ කෘෂිකාර්මික ජනාවාස පිහිටුවාගෙන හිටියා. අවුරුදු සිය ගණනක් අරාබීන් අතරේ ජීවත් වුනු මේ යුදෙව්වන් අරාබි සංස්කෘයේ බොහෝ ලක්ෂන අවශෝෂනය කරගෙන හිටියා. ඔවුන් ගේ නම් පවා අරාබි ඌරුවට සැකසුනු ඒවා. ඔවුන් කතා කලේ අරාබි බස.

අරාබි ජාතිකයන්ගේ බහුතරයකගේ ආගම වුනේ දේව වන්දනාව. ඔවුන් විවිධ දෙවිවරු ඇදහූ අතර, මේ දෙවිවරුන් ගේ පිළිම වලට පුද පූජා පැවැත්වූවා. දේව වන්දනාව පැවැත්වුනු නගර අතරින් පෙත්රා නගරය ප්රමුඛ තැනක් ගත්තා.

විවිධ ගෝත්‍රයන් විවිධ දෙවිවරු විශාල ප්‍රමානයක් ඇදහුවා. සමහර දෙවිවරු එක ගෝත්‍රයකට විශේෂ වුනු අතර, සමහර දෙවිවරු ගෝත්‍ර ගණනාවක් විසින් ඇදහුවා. මේ දෙවිවරු අතරින් "හුබල්", "දුෂාරා", "මනාත්", "අල් උස්සා" සහ "අල් ලාත්" ප්‍රධානයි.

මේ දෙවි වරුන් ගේ ප්‍රතිමා සහ ඔවුන් සංකේතවත් කිරීමට යොදා ගත් වෙනත් භෞතික වස්තූන් තැන්පත් කළ ගොඩනැගිලි සමහර නගර වල පිහිටලා තිබුනා. මේ ගොඩනැගිලි අරාබි දේව වන්දනා කරුවන් විසින් පූජනීයත්වයෙන් සලකනු ලැබුවා. සමහර නගර වලට වාර්ෂික වන්දනා ගමන් පැවැත්වුනා. යෙමනයේ මආරිබ් නගරයට, උතුරු අරාබියේ පෙත්රා නගරයට සහ බටහිර අරාබියේ මක්කා නගරයට සිදු කළ වාර්ෂික වන්දනා ගමන් මේ අතරින් ප්‍රධානයි.

ඉස්ලාමයට පෙර අරාබි සංස්කෘතිය

අරාබි ජාතිකයන් ගේ සමාජ සංවිධානය සකස් වෙලා තිබුනේ ගෝත්‍ර මත. ගෝත්‍රයක් සමන්විත වුනේ එක පොදු පූර්වජයෙක් සහ ඔහුගේ පුතුන් ගෙන් පැවත එන පිරිසකගෙන්. ගෝත්‍රය හැඳින් වුනේ පොදු පූර්වජයාගේ නමින්. උදාහරණයකට "තමීම් ඉබ්න් මුර්" නම් පුද්ගලයෙක් සහ ඔහුගේ පුතුන් ගෙන් පැවත එන අයගෙන් සමන්විත ගෝත්‍රය හැඳින්වුනේ "බැනු තමීම්" කියලා. "බැනු තමීම්" කියන එකේ තේරුම "තමීම් ගේ පුතුන්" කියන එක.

ගෝත්‍ර ඇතුලේ තිබුනු අනු ඒකක හැඳින්වුනේ "වංශ" කියලා. වංශයක් සමන්විත වුනෙත් පොදු පූර්වජයෙක් සහ ඔහුගේ පුතුන් ගෙන් පැවත එන පිරිසකගෙන්. මේ අය ගෝත්‍රය ඇතුලේ යම්කිසි ස්වාධීනත්වයකින් කටයුතු කරන්න පටන් ගත්තම ඔවුන් වෙනම වංශයක් විදිහට හැඳින්වුනා. යම් කිසි අවස්ථාවක ඔවුන් ගෝත්‍රයෙන් වෙන් වෙලා වෙනම ඒකකයක් විදිහට කටයුතු කරන්න පටන් ගත්තොත්, ඔවුන් වෙනම ගෝත්‍රයක් විදිහට සැලකුනා. උදාහරණයකට "බැනු කුරෙයිෂ්" ගෝත්‍රය ඇතුලේ හිටපු "බැනු උමයියා" වංශය ගන්න පුළුවන්. එය සමන්විත වුනේ "උමයියා ඉබ්න් අබ්ද් ෂැම්ස්" සහ ඔහුගේ පුතුන් ගෙන් පැවත එන අයගෙන්.

මේ විදිහේ අරාබි ගෝත්‍ර විශාල ප්‍රමානයක් මැදපෙරදිග පුරාම විසිරිලා හිටියා.

අරාබි ජාතියන් අතර පැවතුනු ප්‍රස්ථාව පිරුළක් වුනේ "මගේ සොහොයුරන් මට එරෙහිව. මම සහ මගේ සොහොයුරන් මගේ ඥාති සොහොයුරන්ට එරෙහිව. මම, මගේ සොහොයුරන් සහ මගේ ඥාතු සොහොයුරන් ලෝකයට එරෙහිව". මේ කියමනෙන් තහවුරු වෙන්නේ අරාබි ජාතියා තුල පවුලට ඇතු බැඳීම. ඇත්තෙන්ම මුළු අරාබි සමාජ සංවිධානයම රඳා පැවතුනේ පවුල සහ ඊට ඇති බැඳීම වටා. අනෙක් සියළු දෙයට වඩා ඔවුන්ට එය වැදගත් වුනා. තමාගේ ඥාතියෙක් මරා දැමූ කෙනෙක් ගෙන් පළි ගැනීමට ඇති අයිතිය ඔවුන් තදින් විශ්වාස කළා. මේ විශ්වාසය නිසා දශක ගනන් ඈතට ඇදී යන පවුල් ආරවුල් ඔවුන් අතර තිබුනා.

උතුරු සහ දකුණු අරාබියේ ප්‍රධාන වෙළඳ මාර්ග ආශ්‍රිතව වාසය කළ අරාබීන් විශාල නගර පදනම් කරගෙන ජීවත් වුනා. ඔවුන් රජවරු සහ රජවරුන් ගේ ආණ්ඩුකාරයන් විසින් පාලනය කෙරුනු නගර සහ ප්‍රාන්ත සහිත දේශපාලන සංවිධාන ඇති කරගෙන හිටියා.

නමුත් උතුරට සහ දකුණට මැදින් පිහිටි ප්‍රදේශයේ වාසය කළ අරාබීන් ගත කළේ ඊට වඩා බෙහෙවින් ස්වාධීන ජීවිතයක්. ඔවුන් ගේ එකම දේශපාලන සංවිධානය වුනේ ගෝත්‍රය. බොහෝ ගෝත්‍ර සංචාරක එඬේරුන් විදිහට ජීවත් වුනා. ඒ අය හැඳින්වුනේ "බෙදුවියන්" කියලා. සමහර ගෝත්‍ර ඔටු තවලම් වලින් වෙළඳාම් කලා. ඒ අය කුඩා නගර වල ජීවත් වුනා. බෙදුවියන් වරු සමහර වෙලාවට මේ ඔටු තවලම් සහ නගර කොල්ල කෑවා. මේ ගෝත්‍ර ගෝත්‍ර ප්‍රධානියෙක් හෝ ප්‍රධානීන් කීප දෙනෙක් ගෙන් සමන්විත වුනු නායකත්ව මණ්ඩලයක් යටතේ පාලනය වුනා. ඔවුන් එකිනෙකාගෙන් සම්පූර්ණයෙන්ම දේශපාලනිකව ස්වාධීනව ජීවත් වුනා.

ඔවුන් ගතකළේ රණකාමී ජීවිතයක්. අරාබි ජාතියන් කෙනෙකුගේ අගය කළ කරුණු තුනක් තිබුනා. ඒ රණකාමීත්වය, ත්‍යාගශීලීත්වය සහ කවීත්වය. කවියන් අරාබි සමාජයේ ඉතා වැදගත් තැනක් ඉසිලුවා. ලේඛණ කලාවට වැඩි තැනක් නොලැබුනු අරාබි සංස්කෘතියේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම වගේ සටහන් කෙරුනේ කවියන් සහ කතා කරුවන් විසින් වාචික ඉතිහාසයක් විදිහට. මේ අය අරාබීන් ගේ ඉතිහාසය සහ එදිනෙදා ජීවිතය තමාගේ කවි සහ කතා වල සටහන් කරලා තිබ්බා.

Posted by සසර සැරිසරන පාදඩයා

Part 2 https://elakiri.com/threads/ඉස්ලාමයේ-ඉතිහාසය-1-ඉස්ලාමයේ-උපතට-පෙර-2.1940954/

Next One https://elakiri.com/threads/ඉස්ලාමයේ-ඉතිහාසය-2-මුහම්මද්-තුමා-ගේ-උපත-සහ-තරුණ-කාලය.1940965/

[QUOTE="xcorat, post: 25441633, member: 555034"] [ATTACH type="full" alt="1591282963297.png"]81317[/ATTACH] ක්‍රි.ව. 6 වන සියවසේ මැද පෙරදිග පැවතුනේ තරමක සංකීර්න දේශපාලන - ආගමික - සංස්කෘතික තත්වයක්. [SIZE=5][B]දේශපාලන සහ ආර්ථික තත්වය[/B][/SIZE] [URL='https://1.bp.blogspot.com/-o_Vboax2Hz4/Xj8CaQdpS3I/AAAAAAAAFdk/jtdOH65YO80oUC15gu4WNxRX9Aa8Rdw_gCLcBGAsYHQ/s1600/dae4fbd405299b167261b1978b052038.jpg'][IMG]https://1.bp.blogspot.com/-o_Vboax2Hz4/Xj8CaQdpS3I/AAAAAAAAFdk/jtdOH65YO80oUC15gu4WNxRX9Aa8Rdw_gCLcBGAsYHQ/s640/dae4fbd405299b167261b1978b052038.jpg[/IMG][/URL] කලාපයේ බලවතුන් දෙදෙනා වුනේ බයිසන්ටයින් අධිරාජ්‍යය සහ පර්සියානු අධිරාජ්‍යය. වර්තමාන තුර්කිය, සිරියාව, ලෙබනනය, ඊශ්‍රායලය, පලස්තීනය සහ ජෝර්දානය අයත් ප්‍රදේශ අයත් වුනේ බයිසන්ටයින් අධිරාජ්‍යයට. මැද පෙරදිග ප්‍රධාන වෙළඳ නගර වුනු දමස්කස්, පැල්මයිරා, පෙත්රා වැනි නගර මේ ප්‍රදේශයට අයත් වුනා. වර්තමාන ඉරාකය සහ ඉරානයට අයත් ප්‍රදේශ පර්සියානු අධිරාජ්‍යයට අයත් වුනා. මේ වන විට පර්සියාවේ බලය අත්කරගෙන හිටියේ සැසනිඩ් වාංශිකයන්. බයිසන්ටයින් සහ පර්සියානු අධිරාජ්‍යයන් එකිනෙකා සමඟ නිරන්තරයෙන් යුධ වැදුනු අතර, ඒ නිසාම දෙරටේම බලය පිරිහෙමින් පැවතුනා. මේ අධිරාජ්‍යයන් දෙකට අයත් ප්‍රදේශ වල පර්සියන්, අරාබි, යුදෙව්, අරාමියන්, ඇසිරියන් වැනි විවිධ ජනවර්ග වාසය කළා. ඔවුන් මූලික වශයෙන් විශාල නගර වටා ගොඩ නැගුනු වෙළඳ සහ කෘෂිකාර්මික ආර්ථිකයක් පවත්වාගෙන ගියා. බයිසන්ටයින් සහ පර්සියානු අධිරාජ්‍යයන් තමාගේ බල ප්‍රදේශ වල දේශසීමාවේ පදිංචිව උන් අරාබි ගෝත්‍ර සමඟ මිතුරු ගිවිසුම් ඇති කරගෙන හිටියා. මේ අරාබි ගෝත්‍රයන් තමාගේ මිතුරු අධිරාජ්‍යයන් ගේ දේශසීමා මුරකරුවන් වශයෙන් කටයුතු කළා. අරාබි අර්ධද්වීපයේ දකුණු කෙළවර හෙවත්, වර්තමාන යෙමනයේ තිබුනේ විශාල වෙළඳ නගර සහිත නාගරික ආර්ථිකයක්. ඉන්දියාවේ සිට මුහුදු මගින් එන වෙළඳ නැව් ගොඩබසින විශාල වරාය නගර යෙමනයේ පැවතුනා. යෙමනයේ වැසියන් බහුතරය අරාබි ජාතියකයන් වුනු අතර, පලස්තීනය රෝමයට යටත් වුනු පසු පළා ආ යුදෙව්වන් විශාල පිරිසක් යෙමනයේ පදිංචි වී හිටියා. ඊට උතුරින් වූ ප්‍රදේශය ප්‍රධාන වශයෙන් වාසභූමි වුනේ අරාබි ජාතිකයන්ට. අරාබි අර්ධද්වීපයේ මුළුමනින්ම වගේ විවිධ අරාබි ගෝත්‍ර වාසය කළා. ඔවුන් මූලික වශයෙන් සංචාරක දිවි පෙවතක් ගත කළ එඬේරුන්. මේ සංචාරක දිවි පෙවතක් ගෙවූ අරාබි ජාතිකයන් හැඳින්වුනේ "බෙදුවියන්"නමින්. අතරින් පතර පිහිටි ක්ෂේම භූමි වල සුළු වශයෙන් ගොවිතැන් සිදු කෙරුනා. රතු මුහුදට සමාන්තරව දකුණේ තිබූ වරායන් සහ උතුරේ තිබූ විශාල වෙළඳ නගර යා කරන වෙළඳ මාර්ග වැටී තිබුනා. මේ වෙළඳ මාර්ගය ඔස්සේ කුඩා නගර ගොඩ නගාගත් වෙළඳ ප්‍රජාවන් ජීවත් වුනා. ඔවුන් තමාගේ වෙළඳාම සිදු කළේ ඔටු තවලම් මගින්. යෙමනයේ සිට උතුරට සංක්‍රමනය වූ යුදෙව්වන් අරාබි අර්ධ ද්වීපයේ බටහිර වෙරළ ආශ්‍රිතව කෘෂිකාර්මික ජනාවාස පිහිටුවාගෙන හිටියා. [SIZE=5][B]ආගමික තත්වය[/B][/SIZE] බයිසන්ටයින් අධිරාජ්‍යයට අයත් ප්‍රදේශ වල ජීවත් වුනු අරාමියන් සහ ඇසිරියන් ජාතිකයන් ගේ ආගම වුනේ ක්‍රිස්තියානිය. ඊට අමතරව සමහර අරාබි ගෝත්‍ර ක්රිස්තියානියන වැළඳගෙන හිටියා. ඔවුන් ප්‍රධාන වශයෙන් පෙරදිග ඕතඩොක්ස් ක්‍රිස්තියානි නිකායට අයත් වුනත්, නෙස්තෝරියන් ඇතුළු වෙනත් ක්‍රිස්තියානි නිකායන් ගණනාවකුත් ඒ එක්කම පැවතුනා. ක්‍රිස්තියානිය වැළඳගත් අරාබි ගෝත්‍ර අතර බැනු ගසාන් ගෝත්‍රය ප්‍රධානයි. වර්තමාන යෙමනයේ ප්‍රධාන වශයෙන් වාසය කළේ ක්‍රිස්තියානිය වැළඳ ගත් අරාබි ජාතිකයන්. ඔවුන් ක්‍රිස්තියානි කරණය වුනේ අසල්වැසි ඉතියෝපියාවේ තිබූ අක්සුම් රාජධාණියේ බලපෑමෙන්. ඔවුන් අයත් වුනේ ඉතියෝපියානු ඕතඩොක්ස් නිකායට. පර්සියානු අධිරාජ්‍යයේ ප්‍රධාන ආගම වුනේ සොරෝස්ත්රියන් ආගම. පර්සියානු ජාතිකයන් සම්පූර්නයෙන්ම පාහේ සොරෝස්ත්‍රියානු ආගමට අයත් වුනා. යුදෙව්වන් ප්‍රධාන වශයෙන් වාසය කලේ පලස්තීනය අවට සහ යෙමනයේ. රෝම අධිරාජ්‍යය විසින් පලස්තීනය යටත් කරගත් පසු පළාගිය යුදෙව්වන් විශාල පිරිසක් යෙමනයේ පදිංචි වෙලා හිටියා. මේ අයගෙන් සමහරු නැවත උතුරට සංක්‍රමනය වෙලා රතු මුහුදු වෙරළබඩ කෘෂිකාර්මික ජනාවාස පිහිටුවාගෙන හිටියා. අවුරුදු සිය ගණනක් අරාබීන් අතරේ ජීවත් වුනු මේ යුදෙව්වන් අරාබි සංස්කෘයේ බොහෝ ලක්ෂන අවශෝෂනය කරගෙන හිටියා. ඔවුන් ගේ නම් පවා අරාබි ඌරුවට සැකසුනු ඒවා. ඔවුන් කතා කලේ අරාබි බස. අරාබි ජාතිකයන්ගේ බහුතරයකගේ ආගම වුනේ දේව වන්දනාව. ඔවුන් විවිධ දෙවිවරු ඇදහූ අතර, මේ දෙවිවරුන් ගේ පිළිම වලට පුද පූජා පැවැත්වූවා. දේව වන්දනාව පැවැත්වුනු නගර අතරින් පෙත්රා නගරය ප්රමුඛ තැනක් ගත්තා. විවිධ ගෝත්‍රයන් විවිධ දෙවිවරු විශාල ප්‍රමානයක් ඇදහුවා. සමහර දෙවිවරු එක ගෝත්‍රයකට විශේෂ වුනු අතර, සමහර දෙවිවරු ගෝත්‍ර ගණනාවක් විසින් ඇදහුවා. මේ දෙවිවරු අතරින් "හුබල්", "දුෂාරා", "මනාත්", "අල් උස්සා" සහ "අල් ලාත්" ප්‍රධානයි. මේ දෙවි වරුන් ගේ ප්‍රතිමා සහ ඔවුන් සංකේතවත් කිරීමට යොදා ගත් වෙනත් භෞතික වස්තූන් තැන්පත් කළ ගොඩනැගිලි සමහර නගර වල පිහිටලා තිබුනා. මේ ගොඩනැගිලි අරාබි දේව වන්දනා කරුවන් විසින් පූජනීයත්වයෙන් සලකනු ලැබුවා. සමහර නගර වලට වාර්ෂික වන්දනා ගමන් පැවැත්වුනා. යෙමනයේ මආරිබ් නගරයට, උතුරු අරාබියේ පෙත්රා නගරයට සහ බටහිර අරාබියේ මක්කා නගරයට සිදු කළ වාර්ෂික වන්දනා ගමන් මේ අතරින් ප්‍රධානයි. [SIZE=5][B]ඉස්ලාමයට පෙර අරාබි සංස්කෘතිය[/B][/SIZE] අරාබි ජාතිකයන් ගේ සමාජ සංවිධානය සකස් වෙලා තිබුනේ ගෝත්‍ර මත. ගෝත්‍රයක් සමන්විත වුනේ එක පොදු පූර්වජයෙක් සහ ඔහුගේ පුතුන් ගෙන් පැවත එන පිරිසකගෙන්. ගෝත්‍රය හැඳින් වුනේ පොදු පූර්වජයාගේ නමින්. උදාහරණයකට "තමීම් ඉබ්න් මුර්" නම් පුද්ගලයෙක් සහ ඔහුගේ පුතුන් ගෙන් පැවත එන අයගෙන් සමන්විත ගෝත්‍රය හැඳින්වුනේ "බැනු තමීම්" කියලා. "බැනු තමීම්" කියන එකේ තේරුම "තමීම් ගේ පුතුන්" කියන එක. ගෝත්‍ර ඇතුලේ තිබුනු අනු ඒකක හැඳින්වුනේ "වංශ" කියලා. වංශයක් සමන්විත වුනෙත් පොදු පූර්වජයෙක් සහ ඔහුගේ පුතුන් ගෙන් පැවත එන පිරිසකගෙන්. මේ අය ගෝත්‍රය ඇතුලේ යම්කිසි ස්වාධීනත්වයකින් කටයුතු කරන්න පටන් ගත්තම ඔවුන් වෙනම වංශයක් විදිහට හැඳින්වුනා. යම් කිසි අවස්ථාවක ඔවුන් ගෝත්‍රයෙන් වෙන් වෙලා වෙනම ඒකකයක් විදිහට කටයුතු කරන්න පටන් ගත්තොත්, ඔවුන් වෙනම ගෝත්‍රයක් විදිහට සැලකුනා. උදාහරණයකට "බැනු කුරෙයිෂ්" ගෝත්‍රය ඇතුලේ හිටපු "බැනු උමයියා" වංශය ගන්න පුළුවන්. එය සමන්විත වුනේ "උමයියා ඉබ්න් අබ්ද් ෂැම්ස්" සහ ඔහුගේ පුතුන් ගෙන් පැවත එන අයගෙන්. මේ විදිහේ අරාබි ගෝත්‍ර විශාල ප්‍රමානයක් මැදපෙරදිග පුරාම විසිරිලා හිටියා. [URL='https://1.bp.blogspot.com/-Eadpfo_EPgo/Xj9UttIJ2sI/AAAAAAAAFd0/fN92DsrQgL88pPLuvDujIrsX17IKyAWlgCLcBGAsYHQ/s1600/map-of-arabia-600-ad.svg_.png'][IMG]https://1.bp.blogspot.com/-Eadpfo_EPgo/Xj9UttIJ2sI/AAAAAAAAFd0/fN92DsrQgL88pPLuvDujIrsX17IKyAWlgCLcBGAsYHQ/s640/map-of-arabia-600-ad.svg_.png[/IMG][/URL] අරාබි ජාතියන් අතර පැවතුනු ප්‍රස්ථාව පිරුළක් වුනේ "මගේ සොහොයුරන් මට එරෙහිව. මම සහ මගේ සොහොයුරන් මගේ ඥාති සොහොයුරන්ට එරෙහිව. මම, මගේ සොහොයුරන් සහ මගේ ඥාතු සොහොයුරන් ලෝකයට එරෙහිව". මේ කියමනෙන් තහවුරු වෙන්නේ අරාබි ජාතියා තුල පවුලට ඇතු බැඳීම. ඇත්තෙන්ම මුළු අරාබි සමාජ සංවිධානයම රඳා පැවතුනේ පවුල සහ ඊට ඇති බැඳීම වටා. අනෙක් සියළු දෙයට වඩා ඔවුන්ට එය වැදගත් වුනා. තමාගේ ඥාතියෙක් මරා දැමූ කෙනෙක් ගෙන් පළි ගැනීමට ඇති අයිතිය ඔවුන් තදින් විශ්වාස කළා. මේ විශ්වාසය නිසා දශක ගනන් ඈතට ඇදී යන පවුල් ආරවුල් ඔවුන් අතර තිබුනා. උතුරු සහ දකුණු අරාබියේ ප්‍රධාන වෙළඳ මාර්ග ආශ්‍රිතව වාසය කළ අරාබීන් විශාල නගර පදනම් කරගෙන ජීවත් වුනා. ඔවුන් රජවරු සහ රජවරුන් ගේ ආණ්ඩුකාරයන් විසින් පාලනය කෙරුනු නගර සහ ප්‍රාන්ත සහිත දේශපාලන සංවිධාන ඇති කරගෙන හිටියා. නමුත් උතුරට සහ දකුණට මැදින් පිහිටි ප්‍රදේශයේ වාසය කළ අරාබීන් ගත කළේ ඊට වඩා බෙහෙවින් ස්වාධීන ජීවිතයක්. ඔවුන් ගේ එකම දේශපාලන සංවිධානය වුනේ ගෝත්‍රය. බොහෝ ගෝත්‍ර සංචාරක එඬේරුන් විදිහට ජීවත් වුනා. ඒ අය හැඳින්වුනේ "බෙදුවියන්" කියලා. සමහර ගෝත්‍ර ඔටු තවලම් වලින් වෙළඳාම් කලා. ඒ අය කුඩා නගර වල ජීවත් වුනා. බෙදුවියන් වරු සමහර වෙලාවට මේ ඔටු තවලම් සහ නගර කොල්ල කෑවා. මේ ගෝත්‍ර ගෝත්‍ර ප්‍රධානියෙක් හෝ ප්‍රධානීන් කීප දෙනෙක් ගෙන් සමන්විත වුනු නායකත්ව මණ්ඩලයක් යටතේ පාලනය වුනා. ඔවුන් එකිනෙකාගෙන් සම්පූර්ණයෙන්ම දේශපාලනිකව ස්වාධීනව ජීවත් වුනා. ඔවුන් ගතකළේ රණකාමී ජීවිතයක්. අරාබි ජාතියන් කෙනෙකුගේ අගය කළ කරුණු තුනක් තිබුනා. ඒ රණකාමීත්වය, ත්‍යාගශීලීත්වය සහ කවීත්වය. කවියන් අරාබි සමාජයේ ඉතා වැදගත් තැනක් ඉසිලුවා. ලේඛණ කලාවට වැඩි තැනක් නොලැබුනු අරාබි සංස්කෘතියේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම වගේ සටහන් කෙරුනේ කවියන් සහ කතා කරුවන් විසින් වාචික ඉතිහාසයක් විදිහට. මේ අය අරාබීන් ගේ ඉතිහාසය සහ එදිනෙදා ජීවිතය තමාගේ කවි සහ කතා වල සටහන් කරලා තිබ්බා. [U] Posted by [URL='https://www.blogger.com/profile/09450148532900127105']සසර සැරිසරන පාදඩයා[/URL] Part 2 [URL='https://elakiri.com/threads/%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A-%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA-1-%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A-%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB-2.1940954/']https://elakiri.com/threads/ඉස්ලාමයේ-ඉතිහාසය-1-ඉස්ලාමයේ-උපතට-පෙර-2.1940954/[/URL] Next One [URL]https://elakiri.com/threads/%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A-%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA-2-%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AF%E0%B7%8A-%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9A-%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD-%E0%B7%83%E0%B7%84-%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA.1940965/[/URL][/U] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom